Thursday, 31 December 2015

eFacMemories : My Four Years at Peradeniya - නිවාඩු පාඩුව....!


මා නිචාඩුවේ ලංකාවට ආවේ ප්‍රාධන කොටම කාරණා දෙකක් මුල් කොට ගෙනය.

ඉන් එකක්, මගේ පියා වෙනුවෙන් කළ දානමය පින්කමකට සහභාගී වීමයි.

අනෙක, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අපේ කණ්ඩායමේ පස් වාර්ෂික සාදයට සහභාගී විමටයි.

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" කවි පොතේ එළිදැක්වීම සහ නිරාශ ගුණසේකර ගේ "මැරීලින් මොන්රෝ මම සහ ඔබ" කවි පොතේ එළිදැක්වීම යනු මේ ගමනනේ දී දඩයම් කරගත් තලගොයින් දෙදෙනෙකි!

නිවාඩු කාලයේ තවත් වැඩක් කළෙමි.

මේ ඒ ගැන අති සංක්‍ෂිප්ත විස්තරයයි.

eFacMemories - My Four Years at Peradeniya
ISBN: 978-955-54783-1-1
(Author publication, December 2015)

පිට කවරය.



නව වසරේ නැවත හමුවෙමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
බදු බර අඩු වී යන්නයි
බැංකු ගිනුම් තරවෙන්නයි
හිතේ සතුට උතුරන්නයි
ලබන වසර සරුවෙන්නයි!