Monday, 14 December 2015

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන වචනයක් - Poetry is not for everyone!


"දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ!" සින්දුව කියමින් සිටින මේ කාලයේ බ්ලොග් ලිපි ලියන්නට නොසිතුවෙමි.

කොහොමටත්, මේ ගිනි රස්නය මැද බ්ලොග් තියා මේ ලෝකේ කිසිම දෙයක් හෝ කරන්නට නො සිතේ!

ඒත්, මා සිනුවර සිට ලංකාව පැමිණ පැය දොළහක් ඇතුළත සහභාගී වෙන්නට ලැබුණු යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවය ගැන නොකියාම බැරි කරුණු කිහිපයක් සටහන් කළ යුතු යැයි සිතුණි.

ත්‍රිරෝද රථයකින් බෝකුන්දර හන්දියට ගොස්, එතැනින් 120 බසයකට ගොඩවුණු මා ඉන් බස ගත්තේ "ජෝන් ද සිල්වා රඟහල" අසල නොව "පුරහල" අසලදී ය. පයින් ඇවිදගෙන මහවැලි කේන්ද්‍ර ශාලාවට ළඟා වී පොත් මිලට ගෙන දොරෙන් එබී බැලූ කළ දුටුවේ ලාම්පු පත්තු කිරීමේ දර්ශනයයි.

අනෙත් දොරෙන් ඇතුළු වී පසු පස ආසනයක හිඳ ගත්තෙමි. උත්සවය අවසාන වෙනතුරුම හිඳ සාවධානව සිට, ඉන් පසු තේ කෝප්පයක් ද බී, රෝල්ස් දෙකකට පමණ ද වග කියා, කීප දෙනෙකු සමග ඉතා කෙටි කතා බස්වල ද නිරත වී කැපී ගියෙමි.

මගේ නිරීක්‍ෂණ ඉතා කෙටියෙන් මෙසේ ය.

හාමුදුරුනමක් වෙනම වාඩිකර තිබුණේ ඇයි ද කියා මට නොවැටහිණි. ඒ මූලාසනය විය නොහැක. මූලාසනය යනු සභාව මෙහෙයවන්නායි. ඒ කටයුත්ත කළේ ඉවාන් පවුලූෂා බ්ලොග්කරුවා ය. හාමුදූරුවරුන්ට ගිහියන් සමග සම අසුන්වල වාඩිවිය නොහැකිය කියාවත් සිතුනාවත් ද?

හෂිත අබේවර්ධන ගේ කතාව ඉතා හරබර එකකි. කොටින්ම ශාලාවෙන් පිටවෙන්නට පෙර මම එහි හඬ පටයක් සඳහා ද යශෝධා සම්මානී ගේ "අයියා"ගෙන් ඉල්ලීමක් ද කළෙමි. හෂිත අබේවර්ධන ගේ කතාවේ තිබූ එකම ප්‍රශ්නය වූයේ එය පමණට වඩා දිග වැඩි වීමයි.

එයට හේතු ලෙස මා දකින්නේ තම ලේඛනවලදී ඉතා සංක්‍ෂිප්ත ලෙස, ඵලදායී ලෙස වචන භාවිතාකරන හෂිත අබේවර්ධන තම කතාව දළ සටහන් සහ මතකය මත පමණක් පදනම්ව කිරීමයි. එනිසා, ඔහු ගේ දේශනය පැයකටත් වඩා ඇදී ගියේය.

හෂිත අබේවර්ධන වැනි තඩි ලූලන් හිඟ සිනුවර දී පැවැත්වෙන සිංහල පොත් එළිදැක්වීමේ උත්සව කිහිපයක දී ම මේ ආකාරයේ කතා පැවැත්වීමට මට සිදුවී ඇත. ඒ සැම විටකම මා කරන්නේ මගේ මුළු කතාවම පාහේ යතුරු ලියනය කර, මුද්‍රිත පිටපත් රැගෙන යාමයි. එවිට මගේ කතාව නියමිත කාලය තුළදී අවසාන කිරීමට මට හැකිවේ.

එසේ වුවද, මා ඒ හැම විටකම පාහේ මුලින් ම සඳහන් කරන දෙයක් ඇත. එනම්, මා ගී තැටි එළිදැක්වීමේ උත්සවයන් හි දී නොව, පොත් එළිදැක්වීමේ උත්සවයන් හි දී කතා කිරීමට ඉතා කැමති බවයි. එයට හේතුව ලෙස මා කියන්නේ ගී තැටි එළිදැක්වීමේ උත්සවයන්ට සහභාගී වෙන්නන් මෙන් නොව, මෙවැනි පොත් එළිදැක්වීමේ උත්සවවලට සහභාගී වෙන්නන් මෙහි එන්නේ දේශනවලට සවන්දීමට සිදුවෙන බව හොඳින් දැනගෙන බව වීමයි.

එනිසා කතාව දිග වැඩි යැයි, නීරස යැයි ඤාව්, ඤාව් ගෑමේ තේරුමක් නැත!

නීරස සේ හැඟීමට හේතුව නම් පුද්ගලික රසඥතාවයේ වෙනස්කම් ය.

නමුත් මෙහි දී උත්සවය සංවිධානය කරන්නන් අතින් සිදුවෙන වැරද්දක් ද තිබේ. එය නම්, දේශන පැවැත්වීමට කරන ආරාධනය සමග එම දේශනය මිනිත්තු (ඔව් මිනිත්තු!) කීයක් විය යුතු දැයි අදාළ දේශකයාට නොපැවසීමයි.

මා සිතන ආකාරයට මෙවැනි උත්සවයන් හි දී පැවැත්වෙන ප්‍රධාන දේශනය මිනිත්තු තිහකට සීමා විය යුතුය!

මා ආරාධිත දේශකයා ගේ නොව සභාවේ පොතේ ගුරා ගේ රාජකාරිය කළ එක් සිනුවර පොත් එළිදැක්වීමක දී, ප්‍රධාන දේශකයා තම කතාව මිනිත්තු හතළිහක් කළේය. කිසිදු මූලාශ්‍ර සටහනක් නොබලා තම මතකයෙන් කරුණු ගෙන හැර දක්වමින් කළ ඒ කතාව ඉතා අගනා එකක් විය. නමුත්, සභාාවේ සමහරුන්ට එය දිගු වැඩි වී ඇති බව පෙනුණත් ඒ ගැන දේශකයාට ඉඟි කරන්නට මා නොගියෙමි.

මගේ අදහස, කතාවක් පමණට වඩා දිගු වීමේ වරද දේශකයා ගේ නොව සංවිධායකයින් ගේ බවයි.

හෂිත අබේවර්ධන ගේ දේශනය දිග වැඩි යැයි කියන අය වසර 2010 ජනවාරියේ දී බූන්දිය විසින් සංවිධානය කළ ජගත් ජේ එදිරිසිංහ ගේ පොත් එළිදැක්වීමේ උත්සවයේ දී කේකේ සමන්කුමාර විසින් කළ කතාව අසා නැති බව නිසැකවම කිව හැක!

මේ ආකාරයේ සෑම උත්සවයට මෙන් ම යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ කවි පොත එළිදැක්වීමේ උත්සවයට සහභාගී වූ අති බහුතර පිරිස අඩු වැඩි දුරකින් ඇයව දන්නා හඳුනන අයයි. ඉන් වැඩි දෙනෙකු බ්ලොග් මිතුරන් ය. වත්පොතේ කවි කියවන අයය. විශ්ව විද්‍යාලයේ, සේවා ස්ථානයේ හිතවතුන්ය. නෑ හිත මිතුරන් ද කිහිප දෙනෙකි. මේ පොත නිසාම ඇයව හඳුනාගෙන, එහි පැමිණ සිටියේ කිහිප දෙනෙකු පමණක් බව කිව හැක.

ඒ පිරිස අතරින් අවංකවම කවියට කැමැත්ත ඇති, කවිය වෙනුවෙන් කැප කිරීමක් කරන්නට හැකි අය සුළුතරයක් ම වේ. එය සත්‍යයයි. "පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ!" යනුවෙන් කියවෙන්නේ ද ඒ කරුණයි. එහි ඇති වරදක් නැත.

ඊට අමතරව උත්සවය ගැන මට කිව යුත්තේ, මා සහභාගී වී ඇති විශාලතම පිරිසක් සහභාගී වූ පොතක් එළිදැක්වීමේ උත්සවය මෙය බවයි. ගුවන් සමාගම්වල අකලංචි මැද්දේ, වැඩිපුර දවසක් වාර්ෂික නිවාඩු වැය කර මා පැමිණි ගමන ගැන මට එ නිසා ඇත්තේ දැඩි සතුටකි.

ඒ කෙසේ වෙතත්, දේශන තුන පිළිවෙලින් මිනිත්තු 30, 20 සහ 10 ට සීමා කර ඒ ඉතිරිකරගත් කාලය අපේ බහුතරයට සංග්‍රහ කරන අංග කිහිහපයකට සහ තේ වේලාව දිගු කරන්නට යොදා ගත්තා නම් වඩාත් යෝග්‍ය වෙන්නට ඉඩ තිබුණි!

පැමිණි පිරිසේ විශාලත්වය පිළිබිඹු කරන්නේ කවියට ඇති ඇල්ම යැයි වරදවා වටහා ගන්නට මම කිසිසේත්ම නො පෙළඹෙමි. එයින් ඇත්තටම හෙළිවන්නේ මිනිස් දියණියක ලෙස අපේ කිවිදිය කෙතරම් තවත් මිනිස් සිත් ස්පර්ශ කර ඇති ද යන්නයි.

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" ග්‍රන්ථය මා තවමත් මුළුමනින් ම කියවා නැතත්, ඇගේ රිද්මයානුකූල කවි ආරට මා ඉතා ප්‍රියකරන බව පැවසිය යුතුය!
රිද්මයක් නැති කවියක මට නම් කිසි අගයක් නැත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
"ඉතා කෙටි කලබල සිහින" ග්‍රන්ථය ගැන පසුව ලියන්නට අදහස් කරමි!

72 comments:

  1. මෙය කලකට පසු ඔබේ අතින් ලියැවුණු ඉතා හරබර ලිපියකි.මගේ සතුට පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. දෙසැම්බර මාසයේ මේ දක්වා මා ලියා පළ කළ ලිපි ගත අතුරින් මා කැමතිම ලිපිය මෙය නොවේ. ගල් ගැසීම පිළිබඳ ලියූ පහත ලිපියයි.
      http://rasikalogy.blogspot.com/2015/12/feeling-bad.html

      Delete
    2. නොවැම්බර් මාසයේ මේ දක්වා මා ලියා පළ කළ ලිපි ගත අතුරින් මා කැමතිම ලිපිය වධකයා ගේ් බිරිඳ කතාවයි.
      http://rasikalogy.blogspot.com/2015/11/james-bond-with-licence-to-kill.html

      Delete
    3. ඔක්තෝබර් මාසයේ මේ දක්වා මා ලියා පළ කළ ලිපි ගත අතුරින් මා කැමතිම ලිපිය සභාවෙන් අවසරයි - හතරේ පන්තියේ සබකෝලය කතාවයි.
      http://rasikalogy.blogspot.com/2015/10/stage-fright-aka-butterflies-in-tummy.html

      Delete
    4. හැලපේ,
      ඔබේ කැමැත්ත දැනවීම පිළිබඳව ස්තුතියි.
      ග්‍රොඩ්ෆී ගේ කතාව අවසාන නම් මගේ හිතේ සැහෙන දුකක් ඇති කළා!

      Delete
    5. අර ගල් ගැසීමේ කතාව මට මිස් වෙලා . ඒක මේ කාලෙට ගැලපෙන කතාවක්.

      Delete
  2. සර්පයා කතා කරන්ඩ ගියාම ඇනකොන්ඩා වගේ.. :) (2010 කතාව ගැන)

    මටත් එන්න ලොකු ඕනේ කමක් තිබුනා.. එත් නොවලක්වියහැකි වෙනත් වැඩක් නිසා මග ඇරුනා.. ය.ස.ප්‍රේ. ගේ ඊළඟ පොත දොරට වැඩුමට වත් එන්න බලන්නොනේ..

    ReplyDelete
  3. හා රසික අයිය නිවාඩු ඇවිත් වගේ. බස්සිගෙ පොත තවම දැක්කෙවත් නෑ. කොහොමහරි කියවන්නෝනෙ.

    ReplyDelete
  4. "ඉතා කෙටි කලබල සිහින" එළි දැක්වීමට යන්න බැරි උනා.කලබල නොවී කරගන්න ඕනේ වැඩක් වෙනුවෙන් එදා හවස් වරුව වෙන් කරන්න සිද්ධ වුනා.

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේ සහ "අනෙකුත්" වැඩවලට මගේ සුභ පැතුම්!

      Delete
  5. //ඒ පිරිස අතරින් අවංකවම කවියට කැමැත්ත ඇති, කවිය වෙනුවෙන් කැප කිරීමක් කරන්නට හැකි අය සුළුතරයක් ම වේ. එය සත්‍යයයි//
    //පැමිණි පිරිසේ විශාලත්වය පිළිබිඹු කරන්නේ කවියට ඇති ඇල්ම යැයි වරදවා වටහා ගන්නට මම කිසිසේත්ම නො පෙළඹෙමි. එයින් ඇත්තටම හෙළිවන්නේ මිනිස් දියණියක ලෙස අපේ කිවිදිය කෙතරම් තවත් මිනිස් සිත් ස්පර්ශ කර ඇති ද යන්නයි.//

    සම්පූර්ණ සත්‍යයයි, සත්‍යය හැර වෙන කිසිවක් නොවේ. (මා හොඳ උදාහරණයකි)

    දේශන ගැනද රසික සමග එකඟවෙමි. කොහෙත් ම නීරස නොවිනි. එහෙත් 50% න් කාලය අඩුවූයේනම් රස විඳිය හැකිව තිබුනි.

    කවි එලිදැක්වීම්වලට මීටපෙර නොගිය නිසයි අහන්නෙ... ඇයි පොතේ තිබුන කවි ඔයතරම් දේශකයො කියෙව්වෙ? recital එකක් වගේ.

    ඉවර වෙනකම් නොසිටීම නිසා ( හැබැයි අරගොල්ල තරම් ඉක්මනට මං ගියෙ නැතෝ ) රසිකව මුණ නොගැසීම ගැන කණගාටුයි

    ReplyDelete
    Replies
    1. ඒ පොතේ කවි විතරක් නොවෙයි වෙනත් පොත්වල කවිත් කීවා නේද?

      දිනක හමුවෙමු!

      Delete
  6. බොහොම ස්තූතියි රසික!

    වේදිකාව මත අසුන් පහක් පනවා තිබුනේ ස්වාමින් වහන්සේටත්, සුනිල් මාධව ප්‍රේමතිලක, හෂිත අබේවර්ධන, අනුරසිරි හෙට්ටිගේ සහ සෞම්‍ය සඳරුවන්ට අසුන් ගැනීමටයි. නමුත් එහි අසුන් ගත්තේ ස්වාමීන් වහන්සේ පමණයි. අසුන් පහ පහලට ගත්තානම් හොඳයැයි හිතුනත් එවිට පමා වැඩියි. අපේ වරද!

    දේශණවලට ලබාදුන් කාලය පිලිවෙලින් විනාඩි 45, 20, 20. හෂිත අයියාගේ කතාව පොඩ්ඩක් දිග්ගැස්සුනා. ඔරලෝසුවක් පේනමානයක නොවීමත් එක හේතුවක් වෙන්නට ඇති.

    අද උදේ හඬපටය ලැබුනා. එය සකසා ලැබෙන්නට සලස්වන්නම්. වීඩියෝවත් තියෙනවා නමුත් ඒකේ හෂිත අයියාගෙ කතාවෙ මැද විනාඩි කිහිපයක් අඩුයි.
    ඔබ ඒ ගැන උනන්දු වීම ගැන ගොඩක් සතුටුයි. (හෂිතගේ දැනුමෙන් වැඩක් ගන්නට හිතපු, හඬ පටය ඉල්ලා කරදර කරන කීපදෙනෙක්ම ඉන්නවා.)

    පොත ගැන ඔබේ අදහස් දැනගන්න ආසාවෙන් ඉන්නේ, රසික කියන්නේ ඇත්ත ඇති හැටියෙන් 'කනට ගැහැව්වා වගේ' කිය දාන්නට මැලි නොවන කෙනෙක් වීම නිසයි.

    ReplyDelete
    Replies
    1. ඔරලෝසුවක් නම් ඉදිරිපස බිත්තියේ තිබුණා! එය සෑම දේශකයෙකුටම පේන තැනකයි තිබුණේ!

      පොත ගැන ලිවීම කල් යනු ඇත.

      Delete
    2. බස්සි මගේ සුබ පැතුම්. රසිකොලොජිස්ට් ගේ ලිපිය දැක්කමයි කවිපොත එලිදැක්වීම ගැන දැන ගත්තේ. ස්තූතියි ඔබට.
      බස්සිගේ බ්ලොගේට එන්න ඕනේ සුබ පැතුම් එකතුකරන්න. දිගු ගමනකට සුබපැතුම් බස්සි

      Delete
  7. රසික මහතා ඉන්නේ බෝකුන්දර කොහේද? පුළුවන්කමක් තියෙනවා නම් කියන්න. මම ඔයාගේ නිහඬ පාඨකයෙක්.. හමුවෙන්න ලැබුණොත් සතුටක්

    ReplyDelete
    Replies
    1. මා ඉන්නේ මකුළුදූවේ!
      දිනක හමුවෙමු.

      Delete
    2. අප්පට සිරි රසික මහත්තයා අපේ ගෙවල් කිස්ටුව නෙව.. හැක්

      Delete
    3. "මකුළුදූව පාසල" මගේ වෙන්ඩ මිසිස් මුලික අධ්‍යාපනය ලැබූ පාසලයි !

      Delete
  8. nනාදුනන බොහෝදෙනෙක් එක්ක කතා කර අදුරගත්තත් ඔබ තුමාව මට මග හැරුනා නෙහ්..කුරුළු කවි දොරට වැදුම වගේම කිසිම අඩුවක් කියන්න බැරි තවත් හරබර දොරට වැඩුමක් තමයි මට නම් මේක..දේශනා අහන්නම අපු නිසා dදිග වැඩිවීම මට නම් දැනුනේ නෑ

    ReplyDelete
    Replies
    1. පසුව දිනයක හමුවෙන්න ලැබේවි.

      පොත් උත්සව සඳහා යා යුත්තේ කතා අහන්න බලාගෙන තමයි!

      Delete
  9. ///ඒ කෙසේ වෙතත්, දේශන තුන පිළිවෙලින් මිනිත්තු 30, 20 සහ 10 ට සීමා කර ඒ ඉතිරිකරගත් කාලය අපේ බහුතරයට සංග්‍රහ කරන අංග කිහිහපයකට සහ තේ වේලාව දිගු කරන්නට යොදා ගත්තා නම් වඩාත් යෝග්‍ය වෙන්නට ඉඩ තිබුණි!///

    මෙය ඉතා හොඳ කාල කලමනාකරයක් බව කිව යුතුය...
    මා පැමිණියේ 05:00 ට පමණ නිසා ලොකු කතාවන් ගැටළුවක් වුයේ නැතත්, මා පැමිණෙන විට කතා කරමින් සිටි දේශකයා එකම කරුණ පුන පුනා පැවසමින් කාලය කා දැමු බවක් මට හැඟුනි...

    සාම්ප්‍රදායික නොවන්නියක් ලෙස නිර්මාණ තුලින් පෙන්වූ තැනැත්තියක් එම උත්සවයේදී සාම්ප්‍රදායික වූ බවද මාගේ අවධානයට යොමු විය...
    උත්සවය හමාර වූ වහාම තේ පානයට නොසිට පැනගත් නිසා රසිකව මුණ ගැසීමට නොහැකි වීම ගැන කණගාටුය...

    ReplyDelete
    Replies
    1. මෙයට හේතුව කතාව කෙටුම්පත් නොකර සිතේ තියාගෙන වේදිකාවට ගොඩ වීමයි. දේශපාලන කතාවක් නම් කරන්න හැකි වේවි!

      නමුත් පාර්ලිමේන්තුවේ පවා බොහෝ දෙනෙකු කතා කරන්නේ පෙර සූදානමකින් පසුවයි!

      Delete
  10. හමුවීමට ලැබීම ගැන සන්තෝසයි!

    ReplyDelete
    Replies
    1. මෙහෙත් එසේමය. වැඩි වේලාවක් නොලැබීම ගැන කනගාටුයි!

      Delete
  11. උත්සවය ගැන පළල චිත්‍රයක් මැවිනි.විස්තර දැනගැනීමේ පිපාසයෙන් සිටි නිසා සහ අවස්ථා සංවිධානය පිළිබඳ උනන්දු නිසා වැදගත් වින.
    සහභාගීවීමට නොහැකිවීම ගැන යම් කණගාටුවක් දැනුනත් මෙය ආරම්භය පමණක්ම නිසා දෙවැනි පොතෙහි පටන් සහභාගී වන්නට සිතාගතිමි.
    ජයවේවා..!!

    ReplyDelete
  12. හොඳ විචාරයක් රසික.

    ReplyDelete
  13. //පැමිණි පිරිසේ විශාලත්වය පිළිබිඹු කරන්නේ කවියට ඇති ඇල්ම යැයි වරදවා වටහා ගන්නට මම කිසිසේත්ම නො පෙළඹෙමි. එයින් ඇත්තටම හෙළිවන්නේ මිනිස් දියණියක ලෙස අපේ කිවිදිය කෙතරම් තවත් මිනිස් සිත් ස්පර්ශ කර ඇති ද යන්නයි.// එකෙන්ම.. මාත් ඒ කුලකයේ...

    ReplyDelete
    Replies
    1. මා උපුටා දක්වා ඇති මේ කරුණ ද වැදගත්.

      "පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ!"

      Delete
  14. යශෝධා සම්මානි ප්‍රේමරත්න අකාල වර්ණනාවට හසු නොවී නොරැවටී නොසැලී තමන්ගේ ලිවීම් පෙර විදියටම කරගෙන යෑමයි මේ වෙලාවේ වැදගත්ම දේ! ඒක මම පෞද්ගලිකව කිව්වා. මෙතැන කියන්නේ විචාරය කරන්නන් යශෝධා අක්කාට තමන්ගේ කවි ගැන නිවැරදි වැටහීම ලබා ගන්න උදව් කළ යුතු නිසා..

    රසික සූරියආරච්චිව බ්ලොග් ලෝකයෙන් පිට දකින්න ලොකු වුවමනාවක් තිබුණා. මේ පැමිණීම කලින් කියල තිබුණානම් කොහොම හරි රේඩාර් එකට අල්ලා ගන්නවා.. මේ ෆේස්බුක්, වට්ස්ඇප්, ස්කයිප් චැට් සහ බ්ලොග් සංවාද වලට වඩා මුණගැහිල කතා කිරීම වැදගත්..

    බ්ලොග් ලෝකේ ගත්තම මාතෙ අයිය, යශෝධ අක්ක, රසිකලොජිස්ට් කියන තුන්දෙනාව මුණගැහෙන්න වුවමනාවක් තියෙනව... ආයෙ මේ වගේ ගමනක් ආවොත් ෆේස්බුක් මැසේජ් එකක්වත් තියන්න අමතක කරන්න එපා කියල ඉල්ලනවා..

    ReplyDelete
  15. එකගයි...

    //පැමිණි පිරිසේ විශාලත්වය පිළිබිඹු කරන්නේ කවියට ඇති ඇල්ම යැයි වරදවා වටහා ගන්නට මම කිසිසේත්ම නො පෙළඹෙමි. එයින් ඇත්තටම හෙළිවන්නේ මිනිස් දියණියක ලෙස අපේ කිවිදිය කෙතරම් තවත් මිනිස් සිත් ස්පර්ශ කර ඇති ද යන්නයි.//

    ReplyDelete
  16. පිට කවරය නම් අප්ෂට්යැ..!!

    ReplyDelete
  17. සමහර කරුණු වලට එකඟ වන අතර, සමහර කරුණුවලට එකඟ නැත..

    මා(තලන්)ද පොතක් එලිදැවීමකදි දුටු දෙවන වැඩිම පිරිස මෙයයි..

    අනෙක් එකඟ වන කරුණ නම් බස්සි මිනිස් දියණියක යන්නයි..

    රසිකට අනුවම මෙතන උන් කවියට ආදරය කරන පිරිස ඉතා අල්පය. මා සිටි කාළය තුල නම් එම පිරිසට කවිය සල් වනයක් වූ අතර. කවියට පෙම් කරන්නන්ටද දේශණව ඇණයක්ම විය.

    මා සිත වඩාත් කුල්මත් කල කරුණ නම් සයිබරේ උන් ලියන්නේ කවිදැයි ප්‍රශ්ණ කල බුද්ධදාස ගලප්පත්තිද එතන සිටීමයි...

    ReplyDelete
    Replies
    1. වැරදි කතාවකි.. බුද්ධි සයිබර් කවියන්ට අද දුන් කෙනෙකි. නමුත් මෑතක සිට සයිබර් කවි ඔහු ගන්නේ පොතක් පල කළහොත් පමණි.. ඒ අනුව බස්සි බුද්ධිගේ විචාරයට මැතකදීම අසු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත. මා සිතනා කවිය එහි තිබේනං ඔහු බොහෝ විට ඒ කවියම අල්ලා ගන්නටද බැරි නැත..

      Delete
    2. එතකොට පත්තරේ තිබ්බේ බොරුවක්ද... ඔව් සමහර අය එහෙම කිව්වේ නෑ කියලා නඩුත් දානවනේ... ඒත් බුද්ධි නම් එහෙම නඩුවක් දාලා තියෙනවා කියලා මම අහලා නෑ...

      Delete
    3. සයිබර් කවිය නම් ප්‍රබේදයක් නැති බවයි එයින් ඔවුන් අදහස් කරන්නේ, එසේ නම් පුස්කොල කවි, ඇක්සයිස් පොත් කවි වැනි දේ ද තිබිය යුතුයි ලු!

      Delete
    4. ඔව් ඉතින් එහෙම කියන්නේ අපි නෙමේනේ එයාලා... මාතලන්ට නම් ඔක්කෝම සින්දු, සින්දු... ෆිල්ම්, ෆිල්ම්.... නාට්ටී, නාට්ටි.... හැබයි කැමති ඒවා තියෙනවා අකමැති ඒවා තියෙනවා...

      Delete
    5. ඔවුනුත් කියන්නේ ඒකමයි.
      සේරම කවි කවි ය.
      ඒවා වර්ග කළ යුතු ලියවෙන මාධ්‍යය අනුව නොවේ කවියේ ලාක්‍ෂණික ගුණයන් මත ය.

      Delete
  18. ස්තූතියි,ඒ වගේම මුණගැසීමට ලැබීමත් තවත් සතුටක් රසික ... නැවත හමුවෙමු.

    ReplyDelete
  19. රසික ඔබව දැක්කා. කථා කරන්න නොලැබීම ගැන කණගාටුයි. සිටින තැනක් දිනයක් කිව්වොත් විනාඩි කිහිපයකට හමුවී යා හැකියි.

    ReplyDelete
    Replies
    1. හෙට හවසත් මහවැලි කේන්ද්‍රයට එනවා.
      check your eMal.

      Delete
  20. උත්සවය ගැන. මා නම් පැමිණියේ කථා ඇසීමට නොවේ. අදාල බ්ලොග්කාරිණියගේ දොරට වැඩුමට කල පොදු ආරාධනයට ගරු කිරීමක් වශයෙන් පමණයි මම ආවේ. සිටියේ පලමු දේශණයේ කොටසකට පමණයි. යමක් උරා ගැනීමට උත්සාහ කලා. නොහැකිවුණා. තව දුරටත් සිටීමට අපහසු සහ නොහැකි නිසා පිටවුණා. මූන ඉච්චාවට හෝ courtesy නිසා යමක් කිරීමට හෝ නොකිරීමට පෙලඹෙන කෙනෙක් නොවන නිසා ඒකේ ප්‍රශ්ණයක් මම නම් දකින්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. එතන උන්න ඔක්කෝටම එපා වෙලා උන්නේ.. ඇත්ත ඒකයි... මූලාසනේ නිදි කිරිවා.. බස්සි ඉතරක් ඇස් දෙක තවත් ළොකු කරගෙන අහගෙන උන්නා..

      කරන්න පුළුවන් හොඳම දේ තමයි මාතලනුත් කළේ...

      අපි ආවේ අගක් මුලක් නැති දේසනා අහන්න නෙමෙයි.. රසවත් සඳෑවකට.. ඒ යකා ඒක අල කලා...

      මෙතන ඇත්ත කතා නොකරන හැම එකාම, ඒ වෙලාවේ මේක කිව්වා...

      Delete
    2. රසය විවිධයි. විෂමාකාරයි.

      එය ද රසයකි...!!!

      Delete
  21. රසික අයියා මේ වගේ පෝස්ට් එකක් දාපු එක අගය කරනවා. මොකද දෙයක අඩුපාඩුවක් පේන්නේ ඒක කරපු බස්සිට වඩා ඒකට සහභාගි උන අයටනේ. බස්සිගේ ඊලග වැඩකදි මේවා මතකේ තියා ගනීවි කියලා හිතනවා.

    ReplyDelete
  22. බස්සිගේ පොත දොරට වැඩුම යන සංකල්පයට ගොඩාක් අර්ථයන් ඇති බැව් ඉහතින් පෙනේ...
    සමහර විට මා කලදේ, ඒ කියන්නේ මුලදිම එලියට ආපු එක පිලිගත්ත සදාචාරයට අනුව වැරදි ඇති...ඒත් මට කල හැකි උපරිමය කලායින් පසුවයි මා එතනින් පිට වුයේ...
    කහ සිවුර අන්දුන් කුන්දුන් බැල්මෙන් කේක් ගෙඩියක් බවට පත්වී සිටීමත්, මට තේරුම් ගැනීමට අපහසු නිසාම නීරස දේශණය නිසාත්, දේශකයා චූ කිරීමට පටන් ගත් නිසාත් ඇතිවූ කළකිරීමම ඇති මට එතනින් පිටවීමට..
    පොත කියව්වෙමි....කියවන විට බස්සිගේ බ්ලොග් පිටේ කියවද්දී දැනුනු තරමට නොදෑනුනේ ප්‍රසන්ටේෂන් වල මදි කමක් විය යුතුය...මුද්‍රණ කරුවන් මීට වඩා නිර්මානශිලී විය යුතුය..ඔවුන් බස්සිගේ කවි මරා දමා ඇති සැටියකි මට නම් දැනුනේ..ඒත් ඉතින් මා කව්ද..?
    පිට කවරය බස්සිට එච්චරම සපෝර්ට් එක දී නැත...
    සම්ප්‍රදායෙන් පිට පැන්න දේ ලියන බස්සිගේ දොරට වැඩුම සම්ප්‍රදායෙන් වෙලා ගත්තේ නැත්නම් රසික සේ තේ පැන් සංග්‍රහයට හිඳ රොල්ස් දෙකකුත් ගිල දා යාමට බොහෝ ඉඩ තිබුනි...ඒ කෙසේ වෙතත් මගේ වම් පැත්තේ වාඩි වී සිටි ගොබිලාට පුදුමාකාර තිබහක් ඇතිවී තිබුන බැව් දැනගත්තේ හවස හතරට තිබහ අරින තැන් වහලාය කියන එක තේරුම ගත් පසුවයි....

    ReplyDelete
    Replies
    1. මටත් සෑහෙන්න තිබහක් තිබුණි.
      අතේ තිබුණු වතුර කුප්පිය ද, පොත් විකුණූ මේසය උඩ අමතක වුණු නිසා ශාලාවේ සිටියේ අති මහත් තිබහක් උහුළමිනි.

      Delete
  23. රසිකගේ කතාවට මාත් එකගයි. ඕනෑම දේශනයක තේ වෙලාව ටිකක් වැඩි කරන එක වැදගත්, ඒ වෙලාවේ තමයි ආපු අයත් එක්ක ටික වෙලාවක් සතුටු සාමිචියේ ඉන්න පුලුවන් වෙලාව.

    ReplyDelete
  24. රසික, ඔබ මේ පොත මිලදී ගත්තේද? නැතිනම් බස්සි විසින් එය ඔබට නොමිලේ ලබා දුන්නේද ?

    සිනුවර තතු පරිදි ඔබ පොත මිලදී ගැනීමට වඩා නොමිලේ ලබා ගැනීමට ලොල් බවයක් දක්වනු වේද ?

    ReplyDelete
    Replies
    1. Ano, could you please write using the "Hela Hawula" language? That sounds really impressive with that "ඇ" sound. I have seen one before & it was so sweet & so lovely ! Love it. :)

      Delete
    2. ඔබ පවුලේ සැමට....?

      Delete
  25. බස්සිගේ වැඩේට මක්කා වුනිදැයි බලමින් සිටින‘තුර රසිකගේ පෝස්ටුව දුටිමි.. සම්පුර්ණ චිත්‍රයම අත් වින්දෙමි.. විතවුට් බවුන්ඩරිස් හිතුවද පුැක්ටිකල් සියල්ලෝම අවසානය එකම රාමුවකට කොටු වීම නම් දුකකි. බස්සිගෙන් ඊට වඩා දෙයක් අවංකවම බලාපොරාත්තු වුනෙමි..මං හිතන්නේ වෙනසකට තිබුනේ අර බුක් මාර්ක් එක වෙන්ටැති.. හැක්.. ආවේ නැතිව බයිල ගහනවා කියා කීමට ඉඩ ඇති බැවින් වැඩි දුර කතා නොකියමි.. බස්සියේ උඹ තාම පටන් ගත්තා පමණි.. ඒක මතක තියාගනිං

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.
      විවිධාංග රැගත් පොත් එළිදැක්වීමේ උත්සව මා දැක තියෙනවා. ඒත් ඒ කවි පොත් නොවෙයි. කවි පොත්වලටත් එසේ කළ හැකියි.

      Delete
  26. දිග වැඩි කතාවක් ගැන දිග වැඩි බ්ලොග් සටහනක්. රසිකට ඇනෝ අපට වගේ දෙයක් කෙටියෙන් කියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හැකි කෙටියෙන් තමයි මේ ලීවේ!

      Delete
  27. ඉඳලා ඉඳලා වැදගත් පෝස්ටුවක් දාල තියෙන්නෙ. ලංකාවටම එන්න ඕනෙ මේ වගේ පෝස්ටු ලියන්න.

    ReplyDelete
    Replies
    1. මේ කොයි විචාරකද? හරි එක්කෙනාද? හොර එක්කෙනාද?

      Delete
  28. සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

    බොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
    නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
    ණයට නොදුන්නානම් අංක3ද
    තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද

    e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.