
මේ වීඩියෝවේ කිසිදු අලුත් කරුණක් හෝ නව සොයා ගැනීමක් හෝ අඩංගු නැති නමුත් මේවා "සිංහලබුඩ්ඩාගම" "අදහන" බොහෝ දෙනා නොදන්නා, අසා නොමැති කාරණා බවට සැකයක් නැත.
බුදුන් ලංකාවට පැමිණ නැති බව ඉතා පැහැදිලි කරුණකි. කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නැතුවා පමණක් නොව ඔහු විසූ උතුරු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන්නට අශ්වයින් පිට ආවත් මාස ගණනාවක් ගත වෙන නිසා ය.
සත්‍යය එසේ නමුත් පරම්පරා ගාණක් තිස්සේ අපි අසත්‍ය බව දැන දැනම බුද්ධ චරිතය සහ බුද්ධ ධර්මය වෙනස් කරමින් ගෙතුණු මිථ්‍යා කතා විශ්වාස කරමින් සිටිමු. ඒවා පාසල් විෂය මාලාවට ඇතුළත් කර ඇති අතර ඒ ටොම්පච හොඳින් ඉගෙන ගත් මා වැන්නන් ඒ කෙප්ප ම නැවත කොළවල ලියා විශිෂ්ට සාමාර්ථ ද ලබා ඇත.
තුන්වෙනි ශත වර්ෂයේදී පමණ එතෙක් පේගන් සහ බහුදේව ඇදහිලි කළ රෝමන් පාලකයින් විසින් කතෝලික ආගම නිපදවීමේ දී ජේසු චරිතය සහ ඔහු කළ කී දේවලට ජන්ම පාපය, නිර්මල පිළිසිඳ ගැනීම සහ උට්ඨානය වැනි ඇතුල් කර කළේ ද මේ ආකාරයේම විකෘති කිරීමකි.
මේ කරුණු නැවත ඉදිරිපත් කිරීම ගැන මේ භික්ෂුවට මගේ ප්‍රශංසාව හිමි වේ.
- රසික සූරියආරච්චි
පැහැදිලි කිරීම:
1. සිංහලබුඩ්ඩාගම යනු බුදු දහම නොවේ.
2. ඇදහීම යනු බෞද්ධ පිළිවෙතක් නොවේ.
(Video: Charana TV)