Showing posts with label බුඩ්ඩාගම. Show all posts
Showing posts with label බුඩ්ඩාගම. Show all posts

Wednesday, 27 May 2026

නූතන ගඳකිලි පූජාව - New business venture introduced


ශ්‍රමණ වේශධාරීන් පිරිසක් සහ ඔවුනට රැවටුණු දායකයින් පිරිසක් පෙනී සිටින මෙම වීඩියෝව මුලින්ම දුටු වෙලේ මට එහි අන්තර්ගතය නිවැරදිව වැටහුණේ නැහැ.

මං හිතුවේ පන්සලක ආවාසයක කාමරයක් විවෘත කරන දර්ශනයක් කියලායි. පස්සේ තමයි තේරුනේ මිනිසුන් පිරිසක් කරන්නේ බුදුහාමුදුරුවන් වෙනුවෙන් කාමරයක් සාදා එය ගෘහ භාණ්ඩ ඇඳ ඇතිරිලි පුරවා සකස් වෙනවා කරන ආකාරය බව.

මේ කාමරයට යාබද නාන කාමරයක්ද තියෙන බව ඡායාරූපවලින් පෙනුනා.

මෙවැනි කෝලම් නාට්‍යයක් නම් මම මීට පෙර ජීවිතේටම දැකලා නැහැ.

හිමාල කඳුවැටියේ ජීවත් වෙනවා යැයි සැලකෙන යෙටී නම් හිම මිනිසාට පවා විශාල වෙනු ඇතැයි සිතිය හැකි මෙහි දැක්වෙන ආකාරයේ සෙරෙප්පු කුට්ටමක් නම් මං මීට පෙර දැකලා තියෙනවා කවුදෝ පෘථග්ජන මිනිසෙකු චෛත්‍යයකට පූජා කරනවා.

අප බුද්ධාගම පාඩමට ඉගෙන ගත් බුදු හාමුදුරුවන් ජීවත්වුනු ගඳ කිළිය යන නමත් මොවුන් වෙනස් කරලා සුගන්ධ කුටිය කියා.

මෙහි සිටින කහකඩ පොරවා ගත් කිහිපදෙනාට මම ශ්‍රමණ වේශධාරීන් යැයි කිව්වේ ඔවුන් ඇත්තටම ශ්‍රමණයින්දැයි මේ ක්‍රියාව නිසා හඳුනාගත නොහැකි නිසායි.

අහේතු කාලේන කජ්ජේන පුහුළං!

- රසික සූරියආරච්චි

Friday, 24 May 2024

බයියන් ෆෝම් වෙන වීඩියෝවක් - Come have a look!


මේ වීඩියෝවේ කිසිදු අලුත් කරුණක් හෝ නව සොයා ගැනීමක් හෝ අඩංගු නැති නමුත් මේවා "සිංහලබුඩ්ඩාගම" "අදහන" බොහෝ දෙනා නොදන්නා, අසා නොමැති කාරණා බවට සැකයක් නැත.

බුදුන් ලංකාවට පැමිණ නැති බව ඉතා පැහැදිලි කරුණකි. කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නැතුවා පමණක් නොව ඔහු විසූ උතුරු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන්නට අශ්වයින් පිට ආවත් මාස ගණනාවක් ගත වෙන නිසා ය.

සත්‍යය එසේ නමුත් පරම්පරා ගාණක් තිස්සේ අපි අසත්‍ය බව දැන දැනම බුද්ධ චරිතය සහ බුද්ධ ධර්මය වෙනස් කරමින් ගෙතුණු මිථ්‍යා කතා විශ්වාස කරමින් සිටිමු. ඒවා පාසල් විෂය මාලාවට ඇතුළත් කර ඇති අතර ඒ ටොම්පච හොඳින් ඉගෙන ගත් මා වැන්නන් ඒ කෙප්ප ම නැවත කොළවල ලියා විශිෂ්ට සාමාර්ථ ද ලබා ඇත.

තුන්වෙනි ශත වර්ෂයේදී පමණ එතෙක් පේගන් සහ බහුදේව ඇදහිලි කළ රෝමන් පාලකයින් විසින් කතෝලික ආගම නිපදවීමේ දී ජේසු චරිතය සහ ඔහු කළ කී දේවලට ජන්ම පාපය, නිර්මල පිළිසිඳ ගැනීම සහ උට්ඨානය වැනි ඇතුල් කර කළේ ද මේ ආකාරයේම විකෘති කිරීමකි.


මේ කරුණු නැවත ඉදිරිපත් කිරීම ගැන මේ භික්ෂුවට මගේ ප්‍රශංසාව හිමි වේ.

- රසික සූරියආරච්චි

පැහැදිලි කිරීම:

1. සිංහලබුඩ්ඩාගම යනු බුදු දහම නොවේ.

2. ඇදහීම යනු බෞද්ධ පිළිවෙතක් නොවේ.

(Video: Charana TV)