Wednesday 11 March 2015

කැටපත්පවුරක මතකය - Mirror mirror on the wall?


මේ කෙටි ලිපිය, සීගීරියේ කැටපත් පවුරේ නමක් කුරුටු ගෑ යුවතියකට පැනවුණු දෙවසරක සිර දඬුවම ගැන මේ දිනවල පවතින කතා බහට සම්බන්ධයක් නැත.

කෙසේ නමුත් ඒ ගැන මගේ අදහස කියනවා නම්, මා සිතන්නේ මෙහි දී මස් රාත්තලම කපා ගැනීමට වඩා කළ යුතුව ඇත්තේ මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා ප්‍රායෝගික වැඩ පිළිවෙලක් සහ සීගිරිය නැරඹීමේ දී කළ නොකළ යුතු දේ ගැන ද කියවෙන අධ්‍යාපන වැඩසටහනක් සැකසීම බවයි.

සීගිරිය යනු ගාළු කොටුව මෙන් නොමිළයේ නැරඹීය හැකි ස්ථානයක් නොවේ. සීගිරියට පිවිසීමට මුදල් ගෙවා ටිකට්පත් ගන්නා විට, ඒ අදාල අධ්‍යාපනය ලබා දිය හැකිය.

මා මේ ලියන්නේ වෙනත් කරුණක් ගැනයි.

අප දන්නා පරිදි, කැටපත්පවුර යනු පුරාණ සිංහල කවියන් තම නිර්මාණ අන් අය සමග බෙදා ගත් එක් මාධ්‍යයකි. එනිසා, මේ නම වෙනත් එවැනි නිර්මාණ පවුරු සඳහා ද යොදා ගත හැකි එකකි. විශේෂයෙන්, ලංකාවේ පාසල්වල, විශ්ව විද්‍යාලවල සිසුන් තම නිර්මාණ එළි දැක්වූ බිත්ති පුවත්පත්වලට කැටපත්පවුර යන නම නිතරම යොදා ගන්නට ඇතැයි සිතමි.

අද අප පොදුවේ සයිබර් අවකාශය ලෙස හඳුන්වන අන්තර්ජාල වෙබ් මාධ්‍යයේ කවි ලියවී හුවමාරු වෙන්නට පටන් ගෙන දැන් දශකයකටත් වඩා කල් ගත වී ඇත. තරංග ජයසේන හෙවත් කූඹියා සහ තවත් අයගේ මහන්සියෙන් ඇරඹුණු බූන්දි වෙබ් අඩවිය වත්මනෙහි මේ ගැන දැක්විය හැකි ප්‍රශස්තම උදාහරණයයි.


බූන්දි වෙබ් අඩවිය නිමවෙන්නට පෙර, බූන්දිය යනු ඊ-මේල්වලින් හුවමාරු වූ සඟරාමය ලියවිල්ලක් විය. එහි කලාප පනහකට වඩා නිමවී සංසරණය වූ බව මගේ මතකයයි. ඒ වසර 2007 සැප්තැම්බරයේ දී ය. ඊටත් පෙර තරංග ජයසේන "කව්-සිත්" නමින් ද වෙබ් අඩවියක් නිමවා තිබුණි.

මගේ පෙම් ගී අඩවිය ඇරඹුනේ ඊට පෙර වසර 2005 අප්‍රියෙල් මාසයේ දී ය.


රන්සිරිමාල් ප්‍රනාන්දු ගේ සිරිමල් උයන වෙබ් අඩවිය මා කියවූයේ ඊටත් පෙර ය.


ඒ කෙසේ වෙතත්, වෙබ් ලෝකයට සිංහල කවිය මුලින්ම ගෙන ගියේ කැටපත්පවුර නම් වෙබ් අඩවිය හරහා යැයි මම සිතමි. ඕස්ටේ‍ර්ලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ලේඛකයෙකු වෙන ජගත් ජේ එදිරිසිංහ විසින් සිංහල කවිය අන්තර්ජාලයට එක් කරමින් කැටපත්පවුර අඩවිය ඇරඹුවේ වසර 2002 මාර්තුවේ දී බව පෙනේ.


ජගත් ජේ එදිරිසිංහ මේ කාලයේ දීම අන්තර්ජාලයට මග යනුවෙන් සිංහලෙන් ග්‍රන්ථයක් ද සම්පාදනය කළ මැවිසුරුවෙකි. ඔහු, දයාවංශ ජයකොඩි සමාගමෙන් ප්‍රකාශිත ගිම්හාන සුළඟ, අසුර අඩවිය, තාරකා විජිතය සහ පිණි යන නවකතාවල ද, ගොඩගේ සමාගමෙන් ප්‍රකාශිත ඉස්කෝලේ කාලේ නම් නවකතාවේ ද රචකයා ය.

කැටපත්පවුර වෙබ් අඩවියට මෙතැනින් යන්න: http://ketapathpawra.com/

-රසිකොලොජිස්ට්

ප/ලි:
සමහර විට මෙහි සඳහන් සිරිමල් උයන අඩවිය නිමවෙන්නට ඇත්තේ කැටපත්පවුර අඩවියට කලින් විය හැකි බව මේ ලිපිය ලිවීමෙන් අනතුරුව සැක ඇති විය. ඒ ගැන ස්ථිරවම සොයමින් සිටිමි.

ප/ප/ලි:
සිරිමල් උයන වෙබ් අඩවිය අරඹා ඇත්තේ වසර 2000 දෙසැම්බරයේ දී බව රන්සිරිමාල් ප්‍රනාන්දු කවියාගෙන් මේ දැන් අසන්නට ලැබුණි. කවියෙක් යැයි කීවාට මා දන්නා තරමින් ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සහ කැනඩාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ උගත් විද්‍යාඥයෙකි.

සිරිමල් උයන වෙබ් අඩවිය මෙතැනින් යන්න: http://www.ransirimal.com/

(image: http://sigiripintura.itgo.com/Katapathpawra.htm)

26 comments:

  1. කැටපත් පවුර ඇල්ලීම පවා තහනම් කියා දෙමළෙන් ලියා තිබියදී, නොදැන කල වරදක් බව කියන්න බැහැ...
    කැටපත් පවුරේ බලි කුරුටු ඇඳලා පහුගිය කාලේ අහුවෙච්ච හතර දෙනාම දමිළ. ඒ හැමෝටම දෙමළ අකුරුවත් කියවන්න බැහැ කියන එක මම පිළිගන්නේ නැහැ.

    කැටපත් පවුර වීදුරු වලින් ආවරණය කිරීම තමයි හොඳම විසඳුම. වීදුරුව සහ පවුර අතර සුළං ගලා යාමට ප්‍රමාණවත් ඉඩක් තැබිය යුතුයි. එමෙන්ම පහත මට්ටමෙන් විදුලි බල්බ කිහිපයක් යෙදීමෙන් රත්වන වාතය ඉහළට යවා ජල වාෂ්ප රැඳීම වළක්වා ගැනීමද කල හැක.
    එයින් පවුරේ ඇති දෑ බැලීමට සුදුසු ආලෝකයක්ද ලැබෙනු ඇත.

    ටොම් සෝයර් පොතේ ඉන්න "ඉන්ජන් ජෝන්" මතක් වෙනවා මේ වගේ සිද්ධි වලදී. (නම වැරදිනම් නිවැරදි කරන්න, මට මතක ඒ වගේ)
    ඌ කොච්චර මැරයෙක්, මිනිමරුවෙක් උනත් ඌව පෝරකෙන් බේරගන්න ගමේ ගෑණු සෙට් වෙන්න හදනවා නේද.
    දැන් ලංකාවට වෙලා තියෙන්නෙත් ඒක.
    වරදකට උසාවියෙන් දඬුවම් දෙන එකට අපේ මිනිස්සු අභියෝග කරනවා "ඉල්ලීම්" වශයෙන් හරි.
    ඒක වැරදියි.

    ReplyDelete
    Replies
    1. ඇය කෙරුවේ වරදක්.එක හරි ලොකු පුතා.
      නමුත් නිතිය මේ තරම් තදින් ඇයි අසරණයින් ඉදිරියේ පමණක් ක්‍රියාත්මක වෙන්නේ?කොයි තරම් මහා පරිමාණ නිධන් හොරු ඉන්නවාද තවමත් යහතින්.ඒ වගේ අය ඉස්සරහා නීතියත් අසරණයි.
      ඇයට දෙන්න තිබ්බේ ප්‍රජා සේවයේ යොදවනවා වගේ දඬුවමක්.
      මම ඇයට දීපු දඬුවම අභියෝගයට ලක්කරනවා නෙමේ,මේ සම්බන්ධ මගේ අදහස මේ කිව්වේ.

      Delete
    2. ඕනෙම රටක ලොකු මිනිස්සු ඉන්නේ ටිකයි, බහුතරයක් පොඩි මිනිස්සු.
      ලොකු එකාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියල පොඩි එකාටත් නිතිය ක්‍රියාත්මක කිරීම අත හැරියොත් මේ රට දැන් තියෙන මට්ටමිනුත් පහළට වැටෙනවා.

      නිධන් හොරකම් කිරීම පවා මේ සිදුකල අපරාධය තරම් බරපතල අපරාධයක් නොවේ...

      Delete
    3. කැටපත් පවුර වීදුරු දාන්න කියන එක පිස්සුවක්. වීදුරු ආවරනයක් නිකන් පොළව උඩ තියන්න බෑනෙ. ඒකට දිගට බිම හිල් කරන්න ඕන. ඉන් පස්සෙ හරස් උපකාරක ගන්න එක්කො ගලට, එක්කො පවුරට ආයි විදින්න ඕන. ඒව මහ විසාල හානි වෙන වැඩ. අනෙක් පැත්තෙන් යම් අධ්‍යනයකට කෙනෙක්ට පැහැදිලිව බලන්න බෑ. එකතුවෙන දූවිලි, කුණු පිහ දාන්න බෑ. ඔය වගේ තාක්ෂනික හේතු වලට අම්තරව, යමක් අවබෝධයෙන් ආරක්ෂාකරගැනීම නම් සින්ධාන්තය මිස බාධක මගින් ආරක්ෂ කිරීම කල් පවතින එකක් සහ සුදුසු එකක් වෙන්නෙ නෑ. ඒ හින්ද, අව්ශ්‍යනම් බෝඩ් වැඩි කරල, ටිකට් එකේ පිටුපස ලියල දැණුවත් කරනවා මිසා, අනවශ්‍ය වැටවල් ගසා ඇති සුන්දරත්වය නසන එක තනිකර පිස්සුවක්!

      Delete
    4. කැටපත්පවුර නොනැවතී ලියවෙන පවුරක් විය යුතුයි...!

      මෙය යුගයේ තාක්‍ෂණයට අනුව සයිබර්වෝල් එකක් කිරීම තමයි වඩා සුදුසු.

      නැරඹීමට යන අය පෑඩ් එකක, ස්ටයිලස් එකකින් ලියනවා. ඒවා සයිබර්වෝල් එකට එකතු වෙනවා.

      Delete
    5. මනෝජ්,
      උඹ කියන්නෙ විකාරයක්. මේක මම කිහිප තැනකම කිව්ව. වැරදිකරුවන්ට‍ දඬුවම් දීම "ලොකු වැරදිකරුවාගේ සිට පොඩි වැරදිකරුවා දක්වා" පෝලිම් ගස්සවල කරන්නපුළුවන් දෙයක් නෙවේ. ඒ වගේම ලොකු වැරදිකරුවන්ට දඬුවම් ලැබිල නෑ කියන එක පොඩි එවුන්ට වැරදි කරන්න දෙන ලයිසන් එකකුත් නෙවේ. ඒ නිසා ලොකු පොඩ් කවුරුත් වැරදි නොකර හිටියම හරි. පොඩි හෝ වැරැද්දක් තියනව නං ඒකට සුදුසු දඬුවම ලබාදීමට එරෙහි නොවියය යුතුයි. මම නං කෑගහන්නෙ ලොකු පොඩි සියළු වැරදිකරුවන්ට දඬුවම් දියව් කියල.
      (ලොකු පුතා එක්ක එකඟයි, ඒ වගේම තිස්ස අත්තනායකටත් ශෂී විරවංශට අදාලවත් මගේ මතයත් මේකම තමයි)

      Delete
    6. රසිකගේ අදහස නරක නැහැ, නමුත් ඊට අමතරව කැටපත් පවුරට හිතාමතා හානි කරන එක වලක්වා ගන්න ඕනේ.

      ඉන්දික,
      හානි නොවෙන විදිහට වීදුරු සවි කරන්න ක්‍රම නැත්තේ නැහැ.
      පොළවේ, ගලේ හෝ බිත්තියේ එක හිලක් හෝ විදින්නේ නැතුව සේවකයින්ට, විශේෂ අවසරයකින් අධ්‍යන කටයුතු සඳහා යන කෙනෙකුට ඇතුළට යන්න පුළුවන් විදිහට වීදුරු සවි කරන්න පුළුවන්.
      ඒකෙන් ඔබ කියපු ගැටළු සියල්ල විසඳෙනවා.

      Delete
    7. ලොකු පුතා, ඔබ කියන විදිහෙ වීදුරු ආවරණයක් ගැන මටත් පොඩි අදහසක් දෙන්නකොඅ, අඩු තරමෙ තියෙන තැනක් ගැනවත්. අපිත් ආසයි ෆීල්ඩ් එකේ අලුත් දේ, වෙනස් තාක්ෂනය ගැන දැනගන්න.

      Delete
    8. ඉන්දික,
      මේ ඔබගේ දැනුම හෝ වෙනත් දෙයක් උපහාසෙයකට ලක් කිරීමට හෝ අවතක්සේරුවකට ලක් කිරීමට මා අදහස් කලා යයි සිතන්න එපා.මා අදහස් කලේ අමතර හානියක් සිදුනොවන පරිදි එය සිදුකල හැකි බවයි.
      එය බොහෝ සරළය, ඔබ බලාපොරොත්තු වන තරම් තාක්ෂණයක් එහි නැත.
      පොළව මතසිටුවා තැබිය හැකි ආකාරයේ ස්ථායි (Self Stable) සැකසුමක් මගින් එවැන්නක් කිරීමට හැකි බව මාගේ අදහසයි.
      එයට අමතර ආධාරක වශයෙන් දැනටමත් කැටපත් පවුරට ඉහලින් පෙළට ඇති කොකු (Such as Mechanical Anchor) මගින් සම්බන්ධතාවයක් (Bracing) ඇතිකර එය තවත් සවි ගැන්විය හැකි වනු ඇත.
      කැටපත් පවුරේ සිට වීදුරු ආවරණයට ඇති දුර අවම වශයෙන් මිනිසෙකුට ඇතුළු වී පිරිසිදු කිරීමක්, හෝ අධ්‍යන කටයුත්තක් සිදුකිරීමට හැකිවන සේ තිබිය යුතු වේ.
      එයට ඇතුළුවීම සඳහා දොරක් සවි කිරීමට හැක. දැනටත් එහි ඇති සරළ බාධකය පවා ඇත්තේ එවැනි දුරකිනි.

      [img]http://tinypic.com/r/10s5gqt/8[/img]

      Tunneling Effect මගින් සිදුවිය හැකි හානි වළකින ලෙසින් එය සවි කිරීම සිදුකල යුතුව ඇත.

      ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාවක් මා හටද උදා වී ඇත.

      Delete
    9. ෆොටෝ පළ කිරීම සඳහා මාගේ වෙබ් බ්‍රව්සරය උදව් නොකරන හැඩයි.
      මෙම ලින්කයන්ගෙන් ගොස් එය බැලිය හැකිදැයි බලන්න.

      [IMG]http://i57.tinypic.com/10s5gqt.jpg[/IMG]

      http://i57.tinypic.com/10s5gqt.jpg

      Delete
  2. පරාන බයෙන් දිවි ගෙවපු නිසා හෝ නැත්නම් ශ්‍රී ලංකා නීතිය ගැන තැකීමක් නැති නිසා හෝ ඒත් නැත්නම් කොහෙන් හෝ සාධාරණ අසාධාරණ ඕනෑම අවස්ථාවකදී රැකවරණය ලැබෙන නිසා හෝ සාමාන්‍ය නීති රීති නොතකා හැරීමක් 'සුළු ජාතීන්' යයි කියාගන්නා පිරිසෙන් දැකිය හැකියි.නොදැනුවත් බවත් එක හේතුවක්.
    ජංජාලෙ සිංහලෙන් සැරිසරන අපට මේ සිංහල ජංජාල අතීතය ගැන කියල දෙන එකත් 'නොදැනුවත්කම' අඩු කරන්න හේතු වෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නීති කැඩීමට වඩා නොදැනුවත්කම තමයි.

      Delete
  3. දැං මේකෙන් ඇති වැඩේ මොකක්ද කියන්න කෝ..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. කැඩපත් පවුරෙන් බං.. අපි අයිසිස්ලට බැදුනා. මොසුල් හෙමත් විනාස කරා නෙහ්..

      Delete
    2. යුගයේ තාක්‍ෂණයට අනුව කැටපත්පවුර ඉදිරියට ගෙන යා යුත්තේ සයිබර්මිරර්වෝල් එකක් විදියටයි.

      නැරඹීමට යන අය පෑඩ් එකක, ස්ටයිලස් එකකින් ලියනවා. ඒවා සයිබර්වෝල් එකට එකතු වෙනවා.

      Delete
  4. ස්තුති
    ඔබේ පෙම් ගී අඩවිය දැක්කේ අද...

    ReplyDelete
  5. බ්ලොග් අවකාශයෙත් කැටපත් පවුරු දෙක තුනක් තිබුනා කියලා යන්තමට වගේ මතකයි මට..

    ReplyDelete
    Replies
    1. තියෙනවා. ඒවා මෑත කාලීන ඒවා.

      එකක් - කැටපත්පවුර අඩවියේම බ්ලොග් එක (මාර්තු 2009):
      http://ketapathpawra-blog.blogspot.com/

      අනිත් එක ලිපිනය කැටපත්පවුර වුනාට නම සිව්මංසල (2014 ජූනි):
      http://ketapathpawra.blogspot.com/

      මේ තව එකක්:
      https://ketapathpaura.wordpress.com/

      මේ තවත් එකක්:
      http://ketapathpavura.blogspot.com

      Delete
  6. මම සිරිමල් උයන , කැටපත් පවුර හෙම ඒ දවස් වල ගිය තැන්. රසිකගේ සින්දු අඩවියටත් ඇවිත් තියනවා දෙපාරක් විතර. කතන්දර කාරයා පස්සේ කලෙක ආවේ නේද? මේවා ඔක්කොම එකට සම්බන්ධයි කියල දැන ගන්න එකත් සතුටක්.
    මම හිතනවා කැටපත් පවුර රැක ගත යුතු තැනක්. දායාදයක්. ඒකෙ ලිව්වොත් දඬුවම් දෙන්න ඕනේ. වෙන ඕනෑම රටක වුනත් එහෙමයි. නමුත් දඬුවම සැර වැඩියි සාපේක්ෂව බැලුවහම. මොකද හොරු ගොඩක් ඉන්න නිසා නිදහසේ . එතන තමයි ප්‍රශ්නය.

    ReplyDelete
    Replies
    1. බහුතරය කියන්නේ දඬුවම සැර වැඩියි කියලායි. නමුත් මස් රාත්තලම ඉල්ලන අයත් ඉන්නවා.

      විදෙස් කටයුතු උප ඇමති හිටපු බ්ලොග්කාර අජිත් පෙරේයා පුරඬැසියෙක් ලෙස ජනාධිපතිට ලිපියක් යවා තියෙනවා යැයි චානුක වත්තේගම වත්පොතේ ලියා තිබුණා!

      Delete
  7. මේවගේ බුවාලට බුවීලට දඬුවමක් දීල හරි මේ ස්ථාන ආරක්ෂා කරගන්නව මිසක් වීදුරු ගැහිල්ල වගේ දේවල් ප්‍රායෝගික නෑ. ඒ වගේම රසික කියන "ටිකට් අරගෙන යනව නං......." කතන්දරෙත් තාර්කික නෑ. ටිකට් ගන්නෙ ඒ සඳහා ගෙවියයුතු මිලක් තියන නිසා. ටිකට් වල ගාස්තුව යටත් වෙන්නෙ "ආරක්ෂාව හා සපයන අනෙකුත් පහසුකම්" වගේ දේවල් වලට අදාලව විතරයි. හිතාමතා කරන දේවල් අදාල නෑ.

    දඬුවම ගැන කියනව නං ඒක නීති පොතේ තියන දෙයක් වෙන්න පුළුවන්. නමුත් අවුරුදු දෙකක් කියන එක නං සැර වැඩියි. මේ කාරණයේදී දඬුවමට විරුද්ධ වන්නන්ගේ අන්න ඒ තර්කයට නං එකඟයි.

    ReplyDelete
    Replies
    1. /* ටිකට් ගන්නෙ ඒ සඳහා ගෙවියයුතු මිලක් තියන නිසා.*/

      එහෙම නොවෙයි, ඒක අනිත් පැත්තටයි වැඩ කරන්නේ. ඒ කියන්නේ යම් සේවාවක් සැපයීමට පිරිවැයක් යනවා, ඒක පියවා ගන්න මුදලක් අය කරනවා. ඒ මුදලේ ලදු පත තමයි ටිකට් එක කියන්නේ!

      මා මෙතන අදහස් කළේ, ටිකට් නොගෙන බලන්න යන ගාලු කොටුව වගේ තැනකට වඩා මෙතැන ඇති වෙනසයි. ඒ කියන්නේ අපි ටිකට් කවුන්ටරයකට ගොස් ටිකට් රැගෙන, එතැනට සැවොම නොගියත්, ප්‍රධාන ඇතුල්වීමේ දොරටුව හරහා ටිකට්පත් පෙන්වා යා යුතු නිසා, අවශ්‍ය පරිදි නීති රීති කියා දීම එතැන දී අනිවාර්යෙන්ම කළ හැකි බවයි.

      සමහර කෙෘතුක හෝ වෙනත් දූවිලිවලට සංස්වේදී ස්ථාන බැලීමට යන විට විශේෂ ඇඳුමක් අඳින්න වෙනවා. ඒ කියන්නේ එතැනදී නරඹන්නන් ගැන යම් පාලනයක් තියෙනවා පරිපාලකයින්ට. වරදක් කළොත් වසර දෙකක සිර දඬුවමක් දෙන බව දන්නවාය කියා කියවා බලා අත්සන් කරන්න තිබුණා නම් ඔය වැඩේ වෙන්නේ නෑ.

      දඬුවමක මූලික අරමුණ වරද කළ පසු වද දීම නොවේ, වරද කරන්නට පෙර එය වලක්වා ගැනීම විය යුතුයි. නීතිය නොදන්නා කම සමාවට කාරණයක් නොවන බව කීවාට, නීතිය කියා දී, වරද වලක්වා ගැනීම ගැන මීට වඩා වැඩ කොටසක් කළ යුතුයි.

      ඕස්ටේ‍ර්ලියාවේ මහා මාර්ගවල නියමිත වේගයට වඩා අධික වේගයෙන් යන අය අල්ලන්න කැමරා සවි කර තියෙනවා. ඒ හැඟ කැමරාවකටම කලින්ම ලොකු පුවරු සවිකර ඉදිරියේ කැමරාවක් ඇත කියා ඒ ගැන සඳහන් කර තියෙනවා.

      ඒ ඇයි කියා මට මුලින් තේරුණේ නෑ!

      Delete
  8. සින්නරාසා
    සීගිරියේ අද සිදුවෙන සිදුවීම මීටත් පෙර සිදු වී ඇත. මේ එවන් එක් කතාවකි.

    ReplyDelete
  9. රසික 'සිරිමල් උයන' ගැන අහපු දවස්වලම ඇවිත් ස්තුතියි කියන්න ලිව්වා. ඒත් ඒක වාෂ්ප වුනා පෝස්ට් වෙන්න කලින්.
    ඉතින් තුති. සීගිරිය තරමටම නැතත්, සිරිමල් උයන වගේ පුරා වස්තු ගැනත් ලියපු කියපු එක ගැන. ඒ වැඩේ කෙරුනේ සිංහල අකුරු වලින් වෙබ් සයිට් එකක් ලියන්න තිබුණු ආසාව නිසයි. මුල්ම එක කැන්ඩි ෆොන්ට් එකෙන්. ඉන් පස්සේ නෙට්ස්කේප් කාරයා ගේ එන්කෝඩින් එකක් දාලා අකුරු ඩවුන්ලෝඩ් නොකරම බලන්න සෙට් කලා. ඊටත් පස්සේ බිල් ගේ කොම්පැනියෙ වෙෆ්ට් එන්කෝඩින් එකකට සෙට්කලා. වැඩ වැඩි වෙද්දි අන්තිමට ග්‍රැපික් උනා.

    හිතා ඉන්නවා වෙලාවක් වුනොත් යුනිකෝඩ් කරන්න. මේ සේරටම යටින් ආසාව තිබුණේ සිංහල ලියවෙනවා දකින්නයි.

    සීගිරියෙ කැටපත් පවුරය කියන්නේ චිරාත් කාලයක් ඕක නැගපු අය කුරුටු ගාපු ගරා වැටුණු ආරක්ෂා බිත්ති කෑල්ලක් නේ ද?

    ඕක ආරක්ෂා කරන්න මෙච්චර වීදුරු බිත්ති හයිකරන්න දඟලන වෙලේ බොහොම සිම්පල් සිස්ටම් එකක් තියනවා.... තාප්පෙ පටන් ගන්න තැන කෙනෙක් ඉන්නවා... ලොකු පෙට්ටියක මාංචු කුට්ටම් තියාන. යන හැම එක්කෙනාගෙම අත් දෙක පස්සට කරලා දානවා මාංචු. තාප්පෙ බලලා එළියට එද්දි තමයි ගලවන්නෙ.
    වැඩි ආරක්ෂාව ඕන නං පත මැග්නට් එකක් හයිකරන්න පුළුවන් කොණ්ඩ කටු, හැට්ට කටු, අල්පෙනෙති කවකටු සේරම ඇදිලා එන්න. හැබැයි ඒකෙන් කටු කාරයින්ට ප්‍රශ්න වෙන්න පුලුවන්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.