Wednesday 22 March 2017

කව්ද ඇත්ත කියන්නේ - නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පාදක කොට පැවැත්වුණු ස්වාධීන රූපවාහිනී වැඩ සටහන නරඹමු - ITN Television Program on Sinhala bogging


ඊයේ, 2017 මාර්තු 21 බදාදා ස්වාධීන රූපවාහිනී සේවාවේ සජීවිව පැවැත්වුණු සිංහල බ්ලොග්කරනය පිළිබඳ වැඩසටහනේ පිටපතක් මේ වන විට ඒ නාලිකාවේ වෙබ් අඩවිය හරහා නැරඹිය හැක.

http://tv.itn.lk/2017/03/21/kawuda-eththa-kiyanne-2017-03-21/

අපට යූටියුබ් හරහා ද ඒ වැඩ සටහන කොටස් වශයෙන් නැරඹිය හැකිය.

මුල් කොටස:



දෙවෙනි කොටස:



තුන්වෙනි කොටස:



මගේ මූලික නිරීක්‍ෂණය නම් සාකච්ඡාවට සහභාගී වූ සියලු දෙනාම ද, විශේෂයෙන් ම වැඩසටහන මෙහෙය වූ රූපවාහිනී මාධ්‍යකරුවා ද හොඳින් තම කාර්යය ඉටු කළ බවයි. ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යයක මේ ආකාරයෙන් බ්ලොග් ගැන සාකච්ඡා වීම ඉතා වැදගත් බව මගේ අදහස යි.

ස්තුතියි.

මෙවර නෙළුම් යාය සම්මාන සඳහා නිර්දේශ වූ සියලුම සහෘද බ්ලොග්කරුවන්ට මගේ සුබ පැතුම්!

-රසිකොලොජිස්ට්

ප/ලි
අදාල වෙනත් ලිපි කිහිපයක්:
  1. මා බ්ලොග් ලියන්නේ ඇයි? - My car, my petrol
  2. සියපත සුවඳමය - Bloggers blog blogs.....!!!
  3. නෙළුම් යාය සම්මාන ප්‍රදාන උත්සවය පිළිබඳ මගේ සටහන - My highlights of the awards ceremony
  4. "නෙළුම් යාය" බ්ලොග් සම්මාන උළෙල සහ බයි වෛරය - Nelum Yaya Blog awards ceremony 2017

127 comments:

  1. කෝදාගොඩ නෝන නං අලව ගෙන ආව දේවල් නේද කියල තියෙන්නෙ. බ්ලොග් ලියනව තියා කියවන කෙනෙකුත් නොවෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඇය බ්ලොග් ලියන්නියක් කියා කියවුනේ නෑ නේද?

      ඇය ඇත්තටම නියෝජනය කරන්නේ ලංකා-නිව්ස්-වෙබ් නම් ඉන්ටර්නෙට් මාධ්‍ය අඩවිය නේද? ඇය එහි පරිපාලන නිලධාරියක විය යුතුයි! නෙළුම් යාය කියන්නේ ලංකා-නිව්ස්-වෙබ්හි එක සඟරාමය කොටසක් නේ.

      Delete
    2. කෝදාගොඩ මේ ඉවෙන්ට් එකේ ඉවෙන්ට් මැනේජර්. එච්චරයි. ලංකා නිව්ස් වෙබ් වෙනුවෙන්. මේ රෝල් එක කලින් කලේ හිමාෂි කරුණාරත්න. දැනට හිමාශි LNW එකට සම්භන්ද නෑ. අනික හිමාෂි කලේ වියදම් කළමනාකරණය කරන එක විතරයි. අනුරදා ඊට අමතරවමුළු ඉවෙන්ට් එකම මැනේජ් කරනවා. කිසිම බ්ලොග් කරුවෙක් මෙදා සැරේ ඒකට සහයෝගය දෙන්නේ නෑ කලින් වතාවල වගේ. එකාතකින් ඇය බාරගෙන තියෙන්නේ ලොකු අභියෝගයක්. මමයි ඇයව යෝජනා කරේ ඔය වැඩසටහනට. ඈ ඇත්තටම බ්ලොග් ගැන දන්නේ නෑ. නමුත් බ්ලොග් සම්මාන සංවිධාන කටයුතු ගැන කතා කළා නම් ඇගේ මැදිහත්වීම අවශ්‍ය වෙනවා.

      Delete
    3. මෙහෙමයි හෙන්රි,

      මෙතන තියෙන්නෙ අදීනත්වය හා කඩේ යාම ගැන ප්‍රශනයක්.

      දේශපාලුවන්ව ගේන්නෙ;

      01. එක්කෝ ලකුණු දාගෙන අනාගත බඩ වඩාගන්න ආයෝජනයක් විදිහට.
      02. නැත්නම් උං ගැන මහ ලොකුවට හිතාගෙන ඉන්නෙ. ඒක තමයි දීන කම.

      දේශපාලුවො කියන්නෙ ජනතාවම පත් කොට ජනතා මුදලින්ම පඩි ගෙවන සේවකයො බව ජනතාව අමතක කිරීම දීනකමක් නොවෙයිනං වෙන මොකක්ද?

      Delete
    4. බැල්ලියන් සමඟ නිදන රසිකලා පැරාලා මැක්කියන් සමඟ අවදි වනු ඇත.

      Delete
    5. @ Anonymous 22 March 2017 at 21:11

      ස්වීට් ඩ්‍රීම්ස් මෙයා!

      Delete
    6. කිසියම් සංවිධානයක් හෝ කණ්ඩායමක් ඉදිරිපත් කෙරෙන උළෙලක් පිළිබඳ රූපවාහිනී හෝ මාධ්‍ය සාකච්ඡාවලට එකී විෂයයට අදාළ නොවන හුදු ප්‍රසංග කළමනාකරුවෙක් සහභාගි වෙනවා ඔය දැක්කමයි.

      Delete
  2. එතකොට අරූ කියල තුබුනෙ රූපවාහිනී චොරයක් කියල.
    අනේ මන්දන්නෙ නෑ ඕයි.

    ReplyDelete
    Replies
    1. මට නම් හිතා ගන්නට බැරිවුණා අරූ මේ වැඩසටහන නරඹා කලකිරුණේ ඇයි කියා.

      මෙහි සිටින බ්ලොග්කරුවන් තිදෙනාම අවංකව තම අදහස් ප්‍රකාශ කළා. නිලධාරිණියක යැයි මා සිතන අනුරාධාධා කෝදාගොඩ පවා තමන් ගේ භූමිකාව ඉටු කළා. එතැන දී කියවුනේ නැත්තේ ලංකා-නිව්ස්-වෙබ් යන නමයි.

      ලංඩනයේ සිටිනා අරුණ පෙරේරාට, ලංකා-නිව්ස්-වෙබ් සහ ඔවුන් ගේ දේශපාලන අරමුණු ගැන එක්කෝ ඇති දේශපාලනමය විරෝධතාවය නිසා හෝ අප නොදන්නා කරුණක් නිසා හෝ කලකිරීමක් ඇතිවෙන්න ඇති!

      Delete
    2. තොට සම්මාන දෙනව නම් ඉතින් තොට ඕනැ ගූ ගොඩක් රසයි ගුණයි සුවඳයි. උඹේ ඔය දුර්වලතාවය දන්න නිසාම තමයි ඕක කරන එවුන් උඹට සම්මානයක් දීලා උබෙන් වඳිභට්ට කම් කර ගන්නෙ.

      Delete
    3. //ලංඩනයේ සිටිනා අරුණ පෙරේරාට, ලංකා-නිව්ස්-වෙබ් සහ ඔවුන් ගේ දේශපාලන අරමුණු ගැන එක්කෝ ඇති දේශපාලනමය විරෝධතාවය නිසා හෝ අප නොදන්නා කරුණක් නිසා හෝ කලකිරීමක් ඇතිවෙන්න ඇති!//

      බබ්බුත් දැක්කා මේ වගෙ බබ්බු නොදැක්කා!

      Delete
    4. //මට නම් හිතා ගන්නට බැරිවුණා අරූ මේ වැඩසටහන නරඹා කලකිරුණේ ඇයි කියා// මටනම් හිතා ගන්න බැරි අරූ අයියා මේ U turn එක කොහොම ගැහුවද කියල.. ලංකා නිව්ස් වෙබ් එකට 'දෙල්කඳ හංදිය' විශේෂාංගය ලියපු තැන ඉඳල සයිබර් අවකාශයේ නිදහස් මත පළකරන්නන් සමඟ බද්ධ වෛරයෙන් ඉන්න සයිබරයේ 'සුපිරියෝරිටි' එක තියාගන්න අසාර්ථක උත්සාහයක යෙදෙන කුජිත දේශපාලන බලු ගැත්තන් සෙට් එකක් එක්ක එක පතේ වළඳන තැනට එනකං.. සමහරවිට කලින්ම අවුල් වෙලාද දන්නේ නෑ. අපරාදේ.

      Delete
    5. කල්යාන,

      //සයිබර් අවකාශයේ නිදහස් මත පළකරන්නන්//

      කවුද බන් මේ? අපි වගේ බ්ලොග් නොලියන නිකම්ම නිකම් කියවන ඇනෝලා නේද? මොකද අපිට මේකේ ස්වාමි-සේවක සබඳතා, වරප්‍රසාද, වරදාන, යාලුමිත්‍රකම් කාසි වාසි මුකුත් නැති නිසා.

      //සයිබර් අවකාශයේ නිදහස් මත පළකරන්නන් සමඟ බද්ධ වෛරයෙන් ඉන්න සයිබරයේ 'සුපිරියෝරිටි' එක තියාගන්න අසාර්ථක උත්සාහයක යෙදෙන කුජිත දේශපාලන බලු ගැත්තන්//

      මේ කියන්නෙ ඇනෝ වහලා පොර ටෝක් දෙන බලයේ සිටින දේශපාලන පක්ෂයට හෝ පොදුවේ ආණ්ඩුවට කඩේ යන එවුන් නේ. ඉතින් මේක අදාල වෙන්නෙ "ඉයන්, මෑතක සිට මාතලන්, ඇතැම් කාලවල අජිත් පැරකුම්" වගේ කට්ටියට නේද? මට නම් තේරෙන්නෙ එහෙමයි. මරා හෝ ගෝඨා වගේ එකෙක් බලේට ආවොත් දැන් හෙන මානව හිතවාදී පාට් එක දාගෙන රඟන සාරසා මෝලාත් ඔයිට දෙවෙනි වෙන එකක් නැති බවට මෙන්න කැට. නොදකින් බන් මේ කාලකණ්ණි බ්ලොග් කාරයෝ නම්. හරිම අප්පිරියයි දැන් නම්. බ්ලොග් බැලිල්ල නවත්තන්න හිතිල තියෙන්නෙ, රෙද්ද.

      Delete
    6. //නොදකින් බන් මේ කාලකණ්ණි බ්ලොග් කාරයෝ නම්. හරිම අප්පිරියයි දැන් නම්. බ්ලොග් බැලිල්ල නවත්තන්න හිතිල තියෙන්නෙ, රෙද්ද.// ඔන්නෝක නවත්තල වැදගත් වැඩක් කර ගනින් බං.. නිකම් ලේ පුච්චා ගන්නේ නැතුව.. :))))

      Delete
    7. ඔය බ්ලොග් ලියන රසිකලාගෙ පැරාලාගෙ තියෙන දුර්වලතාවයක් තමයි මුන්ට සම්මානයක් කිවාම මාර ලොකු වීම. ඊට පස්සෙ ඕනැ ගූ ගොඩක් සුවඳයි. මේ දුර්වලතාවය දන්නා බස් අජිත්ද මොකද්ද කියනා එකා ඒක මනාව භාවිතා කරමින් මේ දෙපළ ලවා තමන්ගේ වන්දි භට්ටකම් අපූරුවට කර ගන්නවා. ලජ්ජාවක් නැති මුන් දෙන්නාත් රෙදි ලිහාගෙනම කඩේ යනවා.

      Delete
    8. ඒ ලිපි හතර, නෙළුම් යායාට කඩේ යෑමට ලියූු ලිපි.

      මෙන්න සැබෑ ආකාරයේ කඩේ යෑමක්-
      https://rasikalogy.blogspot.com/2017/03/my-shopping-cart-this-week.html


      Delete
  3. අරූ විතරයි බ්ලොග්කරුවෙක් හැටියට කොන්ද කෙළින් තියාගෙන ඇත්ත කිව්වෙ මේ පජාත බිස්නස් එක ගැන.

    ReplyDelete
    Replies
    1. එතකොට ඔබ?

      බ්ලොග්කරුවෙක් නොවෙයි ද?
      කොන්දක් නැද්ද?
      කොන්ද කෙළින් නැද්ද?
      කියන්නේ ඇත්ත නොවේද?
      කියන්නේ ම බොරුමද?

      Delete
    2. නෑ බං අපි බ්ලොග් ලියන්නෙ නෑ. කමෙන්ට් කරනවා විතරයි. කක්කුසියේ කක්කා කරන එක වෙනම දෙයක් කක්කුස්සි හදන එක වෙනම දෙයක්.

      Delete
  4. විවාදය අනුව සමස්තයක් ලෙස ගත්කල අජිත් පැරකුම් අත්දැකීම් බහුල පළපුරුදු ජ්‍යෙශ්ඨතම ලාංකික බ්ලොග්කරුවා ලෙස පෙනීසිටි අතර බ්ලොග්කලාව ගැන ඔහු මූලික වශයෙන් කී දේ අනුව බ්ලොග්කරණයේ තව ගොඩාක් ඉගෙන ගන්න තිබෙන අපරිණත අයෙක් බව මෙයින් ඉතාම හොඳින් පැහැදිලි විය. සමාජ මාද්‍ය තුළ නිසි අයුරින් ක්‍රියා කරන අයුරු නොදැන අවුරුදු 8 ක් බ්ලොග් ලියමින් සිටියත් ඔහු තවම බ්ලොග් කලාවට ළදරුවෙක් බව ඉන් මනව ගම්‍ය විය. (ඉන් අනතුරුව වෘත්තීය බ්ලොග්කරුවකු වූ ඔහු මුදල් නොගෙන ආත්ම තෘප්තියට බ්ලොග් ලියන බවට පට්ටපල් බොරු දෙසාබෑවත් ඔහුගේ මුල්කාලීන අත්දැකීම් ගැන කී දේ නම් ඉතා අගනා බව කුහක නොවී පැවසිය යුතුය.)

    නාලක හෙවත් කොලුගැට අංකල්ද සෝශල් මීඩියා ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ හොඳහැටි කරක් ගසා සෑහෙන පළපුරුදු අයෙක් බව පෙන්වූවත් ඔහු කී බොරු අතරින් ප්‍රධාන ඔහුගේ දෙමාපියන්ටත් පවුලේ අයටත් නිර්නාමිකයින් මඩ ගැසූ බවයි. නමුත් ඇත්තටම වුණේ ඔහුගේ "සමරිසිසංග්‍රහවාදීත්වය" දැඩි විවේචනයට ලක්වීම බව නොකීම ප්‍රෝඩාවකි.

    අජිත් ධර්මකීර්ති සුපුරුදු පරිදි ප්‍රෝඩාකාරී මුසාබස් දොඩමින් බ්ලොග් යනු "සමාජ සත්කාරයක්" සහ සී.එස්.ආර් ප්‍රවර්ධනය කිරීමට ගොස් කිචවිය. එමෙන්ම බ්ලොග් යන මාධ්‍ය ගැන කීමේදී ස්මාට්ෆෝන් අමතකවීමෙන් කලනසිරි හෝ වෙන අයෙක් බදුල්ලේ සිට දොඩන ගම්බයියෙක් මෙන් පෙනීසිට "ස්මාට්ෆෝන්" සිහි කළේය.

    නෙලුම් ෆවුන්ඩේශමේ ඇන්ටි කබල නම් බ්ලොග් ගැන අන්දෝ සංසාරේ දෙයක් නොදන්නා එන්ජීඕ බිස්නස් ප්‍රොවයිඩර් කෙනෙක් බව පැහැදිලි වුණා. සී.එස්.ආර් වලට අදාලව විවිධ සමාගම් වලින් ඇවිත් බ්ලොග්කරුවන්ගෙන් නෙලුම්යායෙන් අහනවාලු අපෙන් කාටද උදව් ඕනෑ කියා? දැන් පැරාගෙනුත් අහනවාද බන් සී.එස්.ආර්. ප්‍රොජෙක්ට්ස් වලට ඔපොචුනිටීස් ගැන? හරිම ලොල් සහගතයි බන් මේවානම්.

    ReplyDelete
    Replies
    1. නෑ මචං පැරා මැරුනෙ, මීට අවුරුදු ගාණකට කලින් රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කල බ්ලොග් සම්මාන උලෙලදී.....
      ඒකෙදි මුල්ම සම්මාන නිර්දේශ වලදි පැරා ට සම්මානයක් තිබ්බෙ නෑ...
      පස්සෙ මූ (පැරා) එකේ සංවිධායකයන්ට බ්ලොග් එකෙන් අම්මා මෝ නැතිවෙන්න නෙලුවා...
      සංවිධායකයෝත් කමින් කල්ර්ස් ආ නොට් ගුඩ් කෙල්ල ගෙට ගනින් කියලා සම්මාන උලෙලට දවස් දෙක තුනක් තියෙද්දී මූට සම්මානයක් දීල උත්සවයේ කථාවකුත් දුන්නා...
      මෙන්න බොලේ ඊලග දවසේ මූ පට්ට යූ ටර්න් එකක් ගහලා කිව්වේ නැද්ද ...රාජකීය විද්‍යාලයේ සම්මාන උත්සවය අතිසාර්ථකයි.....නියමෙටම සම්මාන ටික දුන්නා කියලා හිටං.....මං හිතන්නේ එදාතමයි පැරා තමන්ගේ කලිසම ඔළුවෙන් ගලවලා තමන්ගේ නග්නත්වයේ හංස ගීතය ගැයුවේ කියලා

      මචං කකා: ප්ලීස් මෙන්න මෙවාට ලින්ක් දාපන්....උඹටත් පොඩි හිතේ අමාරුවක් ඇති නේ.....මේ ටීවි ප්‍රොග්‍රැම් එකට උඹේ මූනත් තහඩුව ඔබා ගන්න බැරි උනාට....බැරි වෙලාවත් කකාටත් ආරාධනය කලා නම් මූ ටිකක්ට් එකකුත් අරං ලංකාවේ....

      Delete
  5. Thanks for the video.. I will see and report

    ReplyDelete
    Replies
    1. නාලක ගුණවර්ධන ඉතා හොදින් මුහුණු දුන්නා. ඒ වගේම හිතට කාවද්දින්න අදහස් ඉදිරිපත් කරනවා දැක්කා. ඒක සතුටක්.. හැබැයි නිවේදකයාට නං තරමක් පිස්සු..

      Delete
    2. මෙතැනින් නාලක තමයි ඉතාම හොඳ මාධ්‍යකරුවා. ඔහු තම අදහස අපට කියන්නට වචන භාවිතා කරන නිරවුල් පැහැදිලි ආකාරය ඉතා මනරම් බව කිව යුතුයි.

      එය දිගු කාලයක් තිස්සේ මාධ්‍ය භාවිතයෙන් වැඩි දියුණු කර ගත් කුසලතාවකි!

      Delete
    3. රසික අයියාගේ අදහසට එකඟයි. මමත් සම්පූර්ණ වැඩසටහනම බැලුවා. බ්ලොග් ගැන ප්‍රධාන ධාරාවෙ මාධ්‍යයක කතා කරන්න අවස්ථාව ලැබීමත් හොඳ දෙයක් කියලයි මට හිතෙන්නෙ.

      Delete
    4. අයියා, මල්ලී ආමන්ත්‍රණය "හයිරංකාර - බලු ගැත්තර" සංස්කෘතියක ලක්‍ෂණක් - Superiority and inferiority complexes
      http://kathandara.blogspot.com.au/2013/07/superiority-and-inferiority-complexes.html
      "ඔබට කණිෂ්ඨ අය ඔබේ නමෙන් නොව ඔබට අයියා කියා ඇමතිය යුතු යැයි ඔබට සිතෙන්නේ නම් එය හයිරංකාර මානසිකත්වයකි.
      ඔබට වඩා ජ්‍යෙෂ්ඨ අයෙකුට නමින් නොව අයියා යැයි අමතන්නට ඔබට සිතේ නම් එය බලු ගැත්තර මානසිකත්වයකි."
      රසික සුරියආරච්චි

      Delete
    5. @ රෙසිකා,

      ඔව්, පත්තර, රේඩියෝ, රූපවාහිනී සමග සංසන්දනය කළාම පොදුවේ වෙබ් මාධ්‍ය සහ ඒ සමගම බ්ලොග් කියන්නේ අත දරුවෙකු බව පැහැදිළියි.

      අපේ බ්ලොග්කරුවන් තිදෙනා මේ ක්‍ෂේත්‍රය ගැන ඉතා හොඳ විස්තරයක් මේ වැඩ සටහනේ දී ප්‍රකාශ කළ බව පෙනුනා.

      Delete
    6. රසිකලාට පැරාලාට ආ මෙන්න සම්මානයක් කියලා බලු බෙට්ටක් දුන්නත් උන් ඒ බලු බෙට්ට එක්ක ෆෝටෝ ගහලා ෆේස්බුක් එකෙත් දානවා.

      Delete
  6. බැලුවේ විනාඩි හතලිස් පහක් පමණයි. අති විශේෂ හොඳක් හෝ නරකක් නොදැක්කෙමි. මං බ්ලොග් ලියන්නෙක් නොවන නිසා එහෙමට ඉන්ටරෙස්ට් එකක් නොතිබුන නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. වැඩිම උනන්දුවෙන් ඒ වැඩ සටහන නරඹන්න ඇත්තේ ඇනෝනිමස් ලා විය යුතුයි!

      Delete
    2. ඔව් බං අපි කොහොමත ඔය බල්ලො **කන ඒවා බලන්න කැමැතියිනෙ.

      Delete
  7. වැඩසටහන සම්පුර්ණයෙන්ම බැලුවේ නැතත් මාධ්‍යකරුවා විමසු එක් ප්‍රශ්නයක් වෙච්චි බ්ලොග් ලියන්නකුගේ අනන්‍යතාව තහවුරු කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ගිහින් අජිත් අයියා අමාරුවේ වැටුණු බවක් නිරීක්ෂණය වුනා.

    ReplyDelete
    Replies
    1. අජිත් ඒ ප්‍රකාශ කළේ සත්‍යයයි.

      ඇනෝනිමස් හෝ ආරුඩ නමකින් ලියන අයෙකු අපට හොයා ගන්නට බෑ නේද?

      යමෙකු, ඒ මා තමයි කියා ඉදිරිපත් වුනොත්, ඒත් තහවුරු කර ගන්න විදියක් නෑ.

      ඒ සමගම, ඒ නිර්නාමිකයා අහවලා යැයි නිසැකවම කියන්නට ද අපට ක්‍රමයක් නෑ.

      අජිත් එ් සත්‍යය පිළිගැනීම, අමාරුවේ වැටීමක් ලෙස ඔබ එය දකින්නේ, අපේ සිත්වල තියෙන, අපි හැම දෙයකට ම පිළිතුරු දැන සිටිය යුතුයි, අපෙන් ප්‍රශ්න අසන අයෙකු ඉදිරිපත් කරන අදහසට අපට එකඟ වෙන්නට සිදුවීම වැනි අවස්ථා සිදු නොවිය යුතු, අප නොකළ යුතු දේ ය යන වැරදි මතය නිසා නේද?

      Delete
    2. ඉතිං ඉදිරිපත් වෙන කෙනාට පුලුවන්නේ බ්ලොග් එකේ සාක්ෂියක් දෙන්න.. ඔන්න දැං මම මෙයා කියන කියනවනං ඔයා අහගෙන ඉදල මට කියනවා හරි එහෙනං බ්ලොග් එකේ දැං මේක දාහං කියලා.. දාන්න පුලුවන් නං හරිනේ. හැක්

      Delete
    3. //ඇනෝනිමස් හෝ ආරුඩ නමකින් ලියන අයෙකු අපට හොයා ගන්නට බෑ නේද?යමෙකු, ඒ මා තමයි කියා ඉදිරිපත් වුනොත්, ඒත් තහවුරු කර ගන්න විදියක් නෑ.ඒ සමගම, ඒ නිර්නාමිකයා අහවලා යැයි නිසැකවම කියන්නට ද අපට ක්‍රමයක් නෑ.//

      ඔව්,එක සත්‍යක්.නමුත් සම්මාන උළෙලක් වැනි තැනක නියම පුද්ගලයාගේ නියෝජනයක් වෙනුවට වෙනත් අයෙක් ඒ නිර්නාමික පුද්ගලයා තමන් ලෙස පෙනි සිටියොත් එහි ගැටළුකාරි තත්වයක් ඇති වෙනවා නේද?

      හැබැයි එක බ්ලොග් අනන්‍ය ලකුණක් විදියට දකින්නත් පුළුවන්.

      Delete
    4. දේශකගේ සහා රසිකගේ අනෙක් කමෙන්ට් දෙක මා දුටුවේ දැනුයි.

      Delete
    5. @ දේශක යා

      මං හිතන්නේ වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නය මෙන්න මේ වගේ උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවනි.

      දැන් හිතන්න ආගංගොඩ බ්ලොගය හෝ සමනල විප්ලවය බ්ලොගය. ඒකට සම්මානයක් හිමි වෙනවා. මං ස්ටේජ් එකට නැගලා ඒක ගන්නවා. දැන් කවුද කොහොමද ඔප්පු කරන්නේ ඒ මං නොවෙයි කියලා?

      Delete
    6. මෙන්න තවත් උදාහරණයක්. මෙය නම් විහිළුවක් බව පේනවා නමුත්?

      http://www.w3lanka.com/2017/03/blog-post_19.html?showComment=1489895148953#c3694731947641810132

      !

      Delete
    7. තවත් යමක් මතක් වුනා.

      මං දැක්කා එක්තරා කූප්‍රකට ලෝක බොරුකාරයෙක් තැන් කිහිපයකකම කියා තිබුණා රසික සූරියආරච්චි ඇනෝනිමස් ආතල් නමැති බ්ලොගයක් කළ බව.

      එය දැක්කා නම්, ඇනෝනිමස් ආතල් බ්ලොගය කළ පුද්ගලයා හෝ කණ්ඩායම තාමත් හිනා වෙවී ඇති.

      නමුත්, ඔය කතාව පතුරවන පුද්ගලයාට ඒ බ්ලොගය මා කළ බව ඔප්පු කරන්න කිසිසේත් ම බෑ වගේ ම (මා නොකළ දෙයක සාක්‍ෂියක් නැති නිසා පමණක් නොවේ!), එය කළේ මා නොවේ ය කියා ඔප්පු කරන්න ඔබට හෝ මට හෝ විදියකුත් නෑ නේද?

      Delete
    8. රසික ඔබ දුන් ලින්ක් තුනේම ඇති ලිපි සහා කමෙන්ට් මා නැවතත් දළ වශයෙන් බලා ගත්තා.ඔබ කියන දේ සත්‍යක්.මා ඒ සමගින් එකඟ එනවා.නමුත් මෙහි උඩ කමෙන්ට් එක මා දැම්මේ ඒ ප්‍රශ්නයට අජිත් දුන් පිළිතුර ගැන මට දැනුනු හැටියටයි.

      ඒ වගේම මා කිසිදා නිර්නාමික කමෙන්ට් කරුවන්ගේ හෝ ආරුඩ නම් වලින් බ්ලොග් ලියන්නන්ගේ අනන්‍යතාව හොයාන්න උත්සහා කොට නැති බවද කිව යුතුයි.

      Delete
    9. //බ්ලොග් ලියන්නකුගේ අනන්‍යතාව තහවුරු කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය.....//
      මොන පිස්සු හුයන්නක්ද බං ඒ ප්‍රශ්නෙ? බ්ලොග් එකක් සම්මානයකට නම් වුනා නං එක්කෝ ඌ කියයි මම ඇවිල්ල සම්මානය ගන්නව, නැත්තං එන්නෙ නෑ කියල. බ්ලොග් එක කියන්නෙ ලියල ඉවර කරල විකුණපු පොතක් වගේ දෙයක් නං ඔය ප්‍රශ්නෙ වැලිඩ්. දැං මෙතන ඉන්න කවුරුත් මම දැකල නෑනෙ. මට සම්මානයක් ලැබෙනව නං බ්ලොග් එකෙන්ම මාව හඳුනාගන්න එක ඔයතරම් අමාරු දෙයක්ද?

      Delete
    10. ඔව්,එතන ඒ ප්‍රශ්නයේ වරදකුත් තියෙනවා.එහෙම වෙන්න හේතුව කියලා මම හිතන්නේ මාධ්‍යකරුවට බ්ලොග් එකක හැඩය ගැන ඇති අල්ප අවබෝධය කියලායි.

      Delete
    11. රාජ් එක්ක එකඟයි. ඒ විදියට වෙන කෙනෙකුට සම්මානය ගන්න අවස්ථාවක් එන්නේ නෑ. එහෙම වරද්දල ගත්තත් ඒක තාවකාලිකයි. බ්ලොග් කියන්නේ සජීවී මාධ්‍යයක්.. අපි සම්මානය ලබා දෙන්න කලින් කිහිප ආකාරයකින් බ්ලොග් කරුවා එක්ක ගනුදෙනු කරනවා. ඔහුගේ අනන්‍යතාවය හෙළි කරන්නම බැරිනම් එක්කෝ ඔහු සම්මානය ප්‍රතික්ෂේප කරනවා. නැත්නම් වෙනත් කෙනෙකු ඒ වෙනුවෙන් යොදවනවා.

      සෑම බ්ලොග් කරුවෙකුම සැබෑ හෝ ව්‍යාජ අනන්‍යතාවයකින් යුක්තයි. අනෙක් බ්ලොග් කරුවන් ඉදිරියට එනකොට ඔහු ආ යුත්තේ ඒ අනන්‍යතාවයද සමඟයි. බොරු කාරයෙකුට ඒක කරන්න අමාරුයි. දිගින් දිගටම කරන්න කොහොමත් බෑ. අජිත් ට උත්තරේ තව පැහැදිලිව දෙන්න තිබුනා.

      Delete
    12. නිර්නාමිකව ලියන එවුන්ට ඔය සම්මාන මහා ලොකු දේවල් නෙවෙයි. නමින් ලියන රසිකලාට පැරාලාට තමයි ඕවා ලොකු. ඔවුන් ඒවා භවිතා කරනවා තමන්ගේ ආධිපත්‍යය පතුරවා ගන්න. ඉතින් ලෑලි කෑල්ලක් වුණත් මාර වටිනවා. අපට තමා ඒක ලෑලි කෑල්ලක් වෙන්නෙ.

      Delete
    13. රාජ්.......... උඹේ කතාවට එකගයි.... බ්ලොග් එක කියන්නෙත් පුද්ගලයෙක්... ඒ වෙනුවෙන් භෞතිකව වෙන කෙනෙක් පෙනී හිටින්න ආවාට ඒක බොරැවක් කියලා බ්ලොග් එකට කියන්න පුළුවන්.... ඒක තාමත් සක්‍රීය යි. ඔන්න නිර්ණාමික ව ලියපු ගීතයක් නං වෙන කෙනෙකුට ඉදිරිපත් වෙලා සම්මානය අරන් ඉන්න පුළුවන්... ඒත් බ්ලොග් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි.... ඒක එකපාර අහපු ගමන් උත්තර දීමේ දී කෙනෙක් හිර වෙන්න පුළුවනි. ඒත් ඒ ප්‍රශ්ණය මෝඩයි.......

      Delete
  8. රසික මල්ලි,
    පොඩි පව්ද්ගලික ප්‍රශ්නයක්.
    වෙන රටක පුරවැසිබව ලබාගෙන ලංකාවෙ පුරවැසිබව අත්හරිනවිට ලංකාවේ NRFC ඇතුලු ගිණුම් තිබේනම් සහ ඉඩම් තිබේනම් ඒවාට මොකද වෙන්නෙ?
    ඔබ සමහවිට ද්විත්ව පුරවැසි නම් මේ අත්දැකීම් නැතිව ඇති.
    දන්නා අයෙක් කරුණාකර පැහැදිලි කර දෙන්න

    ReplyDelete
    Replies
    1. අයියා, මල්ලී ආමන්ත්‍රණය "හයිරංකාර - බලු ගැත්තර" සංස්කෘතියක ලක්‍ෂණක් - Superiority and inferiority complexes
      http://kathandara.blogspot.com.au/2013/07/superiority-and-inferiority-complexes.html
      "ඔබට කණිෂ්ඨ අය ඔබේ නමෙන් නොව ඔබට අයියා කියා ඇමතිය යුතු යැයි ඔබට සිතෙන්නේ නම් එය හයිරංකාර මානසිකත්වයකි.
      ඔබට වඩා ජ්‍යෙෂ්ඨ අයෙකුට නමින් නොව අයියා යැයි අමතන්නට ඔබට සිතේ නම් එය බලු ගැත්තර මානසිකත්වයකි."
      රසික සුරියආරච්චි

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මේ ඇනෝ නම් හයියංකාර ඇනෝ කෙනෙකි... ඉඩම්හෙම තියෙනවා කිව්වෙ බලපිටිය පැත්තෙ වෙන්ඩ ඇති නේහ්......බෝට්ටුවෙන් වෙන්ටෑති රට පැන්නෙ නේද?

      ගොනෝ ඕක මෙතන අහන්නෙ වීසාඔෆිස් එකට කෝල් එකක් දීපන්....

      Delete
    4. good on you rasika

      Delete
    5. @ Anonymous 22 March 2017 at 15:51

      නිර්නාමික මිතුර,

      මා මෙහි නීතිමය තත්වය නම් දන්නේ නෑ. එක හේතුවක් මා ද්විත්ව පුරවැසියෙකු වීම.

      නමුත්, මට මෙහෙම හිතෙනවා. ඔබේ ගිනුම්වලින් මුදල් ආපසු ගැනීමේදී පාස්පෝට් එක ඉල්ලා සිටියොත් ලංකා පාස්පෝට් එකක් ඔබ සතුව නැති නිසා ප්‍රශ්නයක් ඇති වීමට ඉඩ තියෙනවා. එවිට විය හැකි නරකම දේ නම් පොලිය නැති වීමයි. ඒ පොලිය දෙන්නේ අනේවාසික ලාංකිකයින් පමණක් නම්. මුදල් නැති වෙන්නේ නම් නෑ, එහෙම කළොත් එය මඅකොල්ලයක්.

      ඉඩම් ගනුදෙනුවලදී ප්‍රශ්නයක් ඇති වේවි යැයි හිතන්න බෑ. නමුත්, ඔබේ විරුද්ධවාදියෙකු මේ ප්‍රශ්නය මතු කර එයින් වාසියක් ගන්න උත්සාහ කරන්නට ඉඩ තියෙනවා.

      Delete
    6. Thank you Rasika

      Delete
  9. සාකච්ඡාව පැයක් ඉතර බලල නිදිමත නිසා ගිහිං නිදාගත්තා. රසිකගේ නමත් කීප විටක්ම කියවෙනව ඇහුණා.

    ReplyDelete
    Replies
    1. තාම ජෙට් ලැග් ද හැලපේ?

      Delete
    2. රසිකගේ නම කීප පලක කියැවුණු නිසාම තමයි රසික මේ පැල් බැඳගෙන කඩේ යන්නේ බං හැලපයෝ.

      Delete
    3. @ Anonymous 22 March 2017 at 19:41
      ++++++++++++++++++

      Delete
    4. @ දේශක යා

      දේශක යා නං ඉතිං ඩොලර්වලට නේ වැඩ නේද? බුකියේ බැනර් පවා වෙනස් කරලා තියෙන්නේ!
      ;-)

      Delete
    5. මම අර අම්මන්ඩි එක පාරක් කතා කළාට පස්සෙ මේක පිස්සුවක් කියල තේරිලා නිදාගන්න ගියා.

      Delete
    6. අජිත් ධර්මගෙ පරණ කැච් එකක් වෙන්න ඇති කියල මට හිතුණෙ.

      Delete
  10. මොන ලබ්බටද මෙව්වට සම්මාන..කසන එව්වො ලියනව..අපි රාජ්‍ය හා පුද්ගලික දේපල අවබාවිතා කොරමින් කියෝනව කොමෙන්ට් කොටනව...

    ReplyDelete
    Replies
    1. ඔව් රසික මොකක් හරි කිවාම ඒක තමයි පරම සත්යය.

      වෙන මොකෙක් හරි එකෙක් කිව්වාම ඒ උගේ අදහස.

      බ්ලොග් ලෝකයේ ඉන්නේ තමන් ගැන කොයිතරම් මහන්තත්තයක් ඇති එවුන්ද මේ ප්‍රතිචාරයෙන්ම පෙනේ.

      Delete
    2. @ Anonymous 22 March 2017 at 19:40

      මා කියන්නේ මගේ අදහස් නේන්නම්?

      වෙනකෙකු ගේ අදහසක් ගැන කියනවා නම් එහි මූලාශ්‍ර දක්වනවා!

      මගේ අදහස පරම සත්‍යය බව මා කියා ඇත්තේ කොතැනද කියා කරුණාකර පෙන්වන්න!

      ?

      Delete
    3. රසික පුතේ මොකද මේ මල්ලෙ පොල් ප්‍රතිචාර?

      Delete
  11. සංවාදය මුල ඉඳල අගටම බැලුව. ටීටී ප්‍රෝග්‍රෑම් එකක් කියන්නෙ සමස්ත සමාජයටම කතාකරන වැඩසටහනක් නිසා කතාකලාටත් වැඩිය සරළව හැඳින්වීමක් කලයුතුව තිබුනා. අජිත් හෝ නාලක අතින් එවැනි යමක් කියවෙනව දැක්කෙ නෑ. විශේෂයෙන්ම බ්ලොග් අනෙක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් වෙනස් වන මූලිකම ලක්ෂණය වෙච්ච කමෙන්ට් කිරීම තුලින් ඇතිවන “සජීවීබව“ උලුප්පා දැක්වූවෙ නෑ. කමෙන්ට් ගැන කිව්වෙත් යන්තමින් සහ ප්‍රමාදව.

    මාධ්‍යවේදියාගේ ප්‍රශ්න ඇසීමත් අපේ තුන් දෙනාගෙ පිළිතුරු දීමත් කියන දෙකේම තිබුන තවත් අඩුවක් තමයි බ්ලොග් ලියන්නන් කියන්නෙ සාමාන්‍ය නිදහස ඇති තරම් ඇති පිරිසක් බව මතුකර නොපෙන්වීම. උදාහරණයක් විදියට නිවේදකයා ඇසූ ප්‍රශ්නවලින් බහුතරයක්, “සම්මාන දෙන අයට පුළුවන් නේද බ්ලොග් කරුවෙකු ‘විශේෂයෙන්‘ උස්සල පෙන්නන්න“, “බ්ලොග් ලියන අයගෙ දේශපාලන මතය බ්ලොග් එකෙන් ප්‍රවර්ධනය වෙනව නේද?“, “බ්ලොග් ලියන අය ඒවා ලියන්නෙ වෙනත් බලාපොරොත්තු ඇතුව විය නොහැකිද?“ සහ නන්දන ගුණතිලක අහපු “බ්ලොග් කාරයො බ්ලොග් ලියාගෙන ඉන්න, සමාජ වැඩ දේශපාලකයන්ට දෙන්න“ කියන ප්‍රශ්න සියල්ලටම දෙන්න තිබුන සරළ උත්තරය “ඔව්, බ්ලොග්වල ඕන දෙයක් වෙන්න පුළුවන්, එයාලට ඕන වැඩක් සංවිධානාත්මකව හෝ තනිව කරන්න පුළුවන්, ඒක තමයි බ්ලොග්වල තියන නිදහස“ කියන සංගත උත්තරේ මුලින්ම ‘දැනෙන්න‘ දුන්න නං හොඳයි.(පැරාගෙන් මේක කියවුනේ අඩු අවධානයක් සහිතව)

    ඒ වගේම බ්ලොග් නොලියන බ්ලොග් ගැන දැනුමක් නැති අයෙකුට වැඩසටහන බැලීමට තරම් රසවත් අදහස් කිහිපයක් මතුවුනා නම් හොඳයි. (ඒකත් පැරාට කරන්න තිබුන මං හිතන්නෙ, අර ක්‍රෙඩිට් කාඩ් කතාව වගේ එකක් දෙකක් කියන්න බෝලෙ ඉස්සුනා නං සුපිරියි)

    ReplyDelete
    Replies
    1. රාජ් ගේ අදහස් වැදගත්.

      1.
      මාත් දෙතුන් සැරයක් සිඩ්නි සිංහල මාධ්‍යවල බ්ලොග් ගැන කතා කරලා ලියලා තියෙනවා. සජීවී සාකච්ඡාවක දී ප්‍රශ්න මත පිළිතුරු දෙන නිසා කරුණු මග හැරෙන්නට ඉඩ වැඩියි.


      2.
      නිදහස තමයි ප්‍රධාන කාරණය.

      මං මේ වෙන කොට වටහා ගෙන ඇති ආකාරයට මේ නෙළුම්යාය සම්මාන උත්සවයට විරුද්ධවෙන (බයි මානසිකත්වයෙන් තොර) අය ගේ ප්‍රධාන භීතිය තමයි ලංකානිව්ස්වෙබ් සහ එහි අයිතිකරුවන් විසින් සම්මාන සහ වෙනත් දේ මගින් අනියම් ලෙස බ්ලොග් පාලනය කරන්න සැළසුම් කරනවා ය යන්න.

      නමුත්, බොහෝ දුරට පරිපූර්ණ තරගකාරීත්වයක් ඇති බ්ලොග් වැනි වාතාවරනයක එසේ වීමට ඇති ඉඩකඩ ශූන්‍යයට ආසන්නයි!

      3.
      මේ වැඩසටහන Blogging 101 හෝ Blogging for dummies හෝ වගේ නොවුනත්, යම් දැනුමක් පොදුවේ සැමටම ලැබුණා කියන එකයි මගේ අදහස!

      Delete
  12. බ්ලොග් කියවීමට තවත් පිරිසක් යොමු කිරීමට තිබූ අවස්ථාව පැරා, නාලක සහ අර කාන්තාව මගහැරියේය. බ්ලොග් යනු අන්තර්ජාලය සම්බන්ධ දෙයක් නිසා ඒ ගැන කියන්නට ලැප්ටොප් එකක්වත් ගෙනගියේ අජිත් ධර්මකීර්ති පමණි. අනෙක් අයට ඇත්තටම බ්ලොග් ගැන කියන්නට උවමනාවක් තිබුනේ නැත. බ්ලොග් ලියන අය හැර වෙන යමෙක් මේක බැලුවාදැයි සැකය. අන්තිමට ස්මාට් ඩිවයිස් ගැන කෝල් එකක් දී කථාව හරිමග යැවීමට මං උත්සාහ කලේ එනිසාය. අපේ අටං අයියා යවා අර ඇන්ටි ගෙදර තිබ්බානං හොඳය. එයා කලේ බ්ලොග්කරුවන් එකතු වෙලා කළ සමාජ සත්කාර එක්කොම තමුන්ගෙ ගිණුමට දමා ගැනීමය. අපේ මහන්සිය, අනික් අයගේ සල්ලි අපරාදෙ කියලා හිතුනේය. අන්තිමට කියන්න තියෙන්නේ නන්දන ගුණතිලක කියූ එක වගෙම එකක්ය.

    "බ්ලොග් ප්‍රවර්ධනය කරනවා කියා කරපු බ්ලොග් ප්‍රවර්ධනයක් නැත. එව්වා කෙරුනේ බ්ලොග් කියවන , ලියන දෙගොල්ල අතිනි"

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්තය.ඒ කාන්තාව අදහස් ප්‍රකාශ කලේ ඉතා පටලැවිලි ආකාරයකටය. ඈට බ්ලොග් කරණය පිළිබඳව කිසිම අත්දැකීමක් නැති බවක් මට හිතුනේය.
      මොනවද අප්පා මේ කියවන්නේ
      නිවේදකයා: බලයේ ඉන්න ආණ්ඩුවකට බැයිද ඔබතුමියගේ පදනමට බලපෑමක් කරලා ඕනේ කෙනෙක් මතු කරලා ගන්න
      මහත්මිය:මේකයි....ඒ කියන්නේ එහෙම දේශපාලනයක් හා එහෙම ආණ්ඩුවක් සමග සම්බන්ද වෙලා එහෙම එහෙම විශේෂ සම්බන්දකමක් එහෙම නැහැ ඇත්තවශයෙන්ම.. බ්ලාහ් බ්ලාහ්..
      ඇයි සරලව "නෑ" කියන්න බැරි.
      මේවගේ වැඩසටහන් වලදී තම තමුන්ගේ පණ්ඩිතකම් පෙන්නන්න යනවට වඩා සරලව ඇත්ත කිව්වා නම් සුරංග කියනවා වගේ බ්ලොග් පාටකයෝ ප්‍රමාණය සැලකිය යුතු විදියට වැඩිවෙන්න තිබුනා

      Delete
    2. බැල්ලියන් සමඟ නිදන රසිකලා පැරාලා මැක්කියන් සමඟ අවදි වනු ඇත.

      Delete
    3. මම දැන් යූ බටෙන් බැලුවේ.....
      ශ්‍රංගගේ කතාවට මෙන්න 5ක්..... ශ්‍රන්ගයෝ කට ඇරපන්කෝ රුපියලක් කටට දාන්ඩ.....

      Delete
    4. බදුල්ලෙ රංජිත් , නනදන ගුණතිලකගෙ ප්‍රශ්නෙට දුන්න උත්තරෙන් පස්සෙ මට හිතුනෙ මෙයාල බ්ලොග් ලියන එක අත හැරල වෙන මොනා හරි කලානම් හරි කියල.
      එතනින්ම තේරුනේ නැද්ද මේ අවස්තාවෙන් ඔය ගොල්ලො බ්ලොග් ප්‍රවර්ධනය කරන එක කරන්න කියන එක.
      අර ආව ගෑල්ලමය පව් .එයා වෙනුවට ටැබ් එකක් වත් අරං බ්ලොග් ලියන එකෙක් ගියානම් හරි.

      Delete
    5. @ surangamlr

      රාජ්ට ලියූ අදහස් දෙකක් නැවතත්-

      1.
      සජීවී සාකච්ඡාවක දී ප්‍රශ්න මත පිළිතුරු දෙන නිසා කරුණු මග හැරෙන්නට ඉඩ වැඩියි.

      2.
      මේ වැඩසටහන Blogging 101 හෝ Blogging for dummies හෝ වගේ නොවුනත්, යම් දැනුමක් පොදුවේ සැමටම ලැබුණා කියන එකයි මගේ අදහස!

      3.
      සමාජ සත්කාර ගැන මගේ වැඩි අකැමැත්තක් හෝ කැමැත්තක් නෑ. ඒවා හිතේ සන්තෝසෙට කරන සිල්ලර වැඩ නේ. පුද්ගලිකව මං හැකි පමණ සහභාගී වෙනවා, එපමණයි.


      4.
      සුරංග බ්ලොග් ප්‍රවර්ධනය ගැන දක්වා ඇති අදහස ගැන කෙටියෙන් කියනවා නම්-

      ඒ සිව් දෙනාගෙන් ප්‍රායෝගිකව බ්ලොග් ප්‍රවර්ධනය කරන්නේ අජිත් ධර්මතිලක පමණයි. නාලක විශ්ලේෂකයෙක්. පැරා පුද්ගලික බ්ලොග්කරුවෙක්. රාධා සමාගම් නිලධාරිනියක්. ඔවුන් තමන් ගේ සීමාවල මෙතැන දී කටයුතු කළා මිස ඉන් ඔබ්බට ගියේ නෑ. වැඩි වායු කාලය ලැබුණේ හෝ ලබා ගත්තේ නාලක(ට) සහ පැරා(ට)යි.

      මේ සිංහල බ්ලොග් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍යයක කෙරුණු පළමු සාකච්ඡාව ලෙස සලකන්නට හැකි නිසා, ඊළඟ පියවරවලදී ඔය අඩුපාඩු මග හරවා ගත හැකි වෙයි.

      Delete
  13. රසිකලාට පැරාලාට ආ මෙන්න සම්මානයක් කියලා බලු බෙට්ටක් දුන්නත් උන් ඒ බලු බෙට්ට එක්ක ෆෝටෝ ගහලා ෆේස්බුක් එකෙත් දානවා.

    ReplyDelete
  14. වැඩ සටහන බලපු හුදී ජනතාව මට මෙහෙම කිව්වා,
    "උඹ කිව්ව හංදා බැලුව බං. අපිට නං එහෙමට යමක් තේරුංගන්න බැරිවුනා. පස්සෙ වෙලාවක හම්බුනාම අපිට කියා දියංකො."

    ReplyDelete
    Replies
    1. ඇයි සුරංග ඔය කියන හුදී ජනතාවට ඔබේ බ්ලොග් එක ගැන කියා නැද්ද? ඔවුන් එය කියවන්නේ නැති ද?

      Delete
    2. බ්ලොග් ගැන දන්නා අයට ආයෙත් ඒ ගැන කියන්නට දෙයක් නැහැනෙ. මං මෙතැනට ගත්තේ බ්ලොග් ගැන නොදන්නා කොටසයි. ඔවුන් මේ සාකච්ඡාව බලා ඒ ගැන යමක් දැනගත්තේ නැතිනම් එයින් තේරුම් යන්නෙ සාකච්ඡාව අසාර්ථක බවයි.

      Delete
    3. කකාට දැන් වයසටද මන්දා කොහෙද පොඩ්ඩක් ටියුබ් ලයිට් සමහර වෙලාවට.

      Delete
  15. බ්ලොග්කරුවන් මහපොලොවට බස්සවා ඔවුන් සංවිධානය කර ඒ තුලින් බ්ලොග් අවකාශයේ යම් කිසි බලයක් අත්පත් කර ගැනීමට නෙළුම්යායේයේ පොරවල් උත්සහ කරන බවක් පේනවා.....මේ බව ඔවුන්ගේ ඇතැම් සම්මාන වලින් ප්‍රදර්ශනය වෙනවා....තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට....බල්ලට මස් කට්ටත් පුසාට කරවල කෑල්ලත් දිය යුතු බව මේ අයහොදින් තේරුම් ගෙන තියෙනවා.....බ්ලොග් සංවිධානය විය යුත්තේ මහපොලොවේ නොව සයිබරයේය....අන්තර්ජාලයේ පුලුල් වීමත් සමග ප්‍රධාන දාරවේ මාධ්‍ය වලට වෙන බලපෑම සුලුප‍ටු නොවෙයි...අන්තර්ජාල පහසුකම් පුලුල්ව පැතිරී ඇති දියුණු රටවල අදවෙනකොට මුද්‍රිත දිනපතා පත්තර බංකොලොත් වී ගෙන යනවා...ලංකාවටත් ඒ තත්වය ලැබෙන කොට සයිබර් ගෝඩ් ෆාදර් ලා වීමට සිහින බලන අයගේ එක්පෙරිමන්ට් වලට ප්‍රවිණා යැයි කියා ගන්නා බ්ලොග් කරුවනුත් අහු වෙනකොට හාල්මැස්සො ගැන කවර කථාද......

    ReplyDelete
    Replies
    1. Mayya,

      Exactly , one smart crook is trying to be the early bird.

      God ... sorry sorry .. readers save the blog.

      Delete
    2. සම්පූර්ණයෙන්ම එකඟයි මයියාගේ කතාවට.

      Delete
    3. පසුගිය කාලයේ මයියාගේ කමෙන්ට් වලින් මම දැක්ක දෙයක් තමයි, මයියා නිතර වතුර කොරහේ කිඹුලන් දැකීම.

      Delete
    4. @ මයියා,

      නලින්ද සිල්වාත් බ්ලොග් එකක් ලියතත්, මා හිතන්නේ ඔහුත් හොඳින් දන්නවා මේ මාධ්‍යය තනිකරම බටහිර-යුදෙව් කුමන්ත්‍රණයක් බව!

      බ්ලොග් කියන්නේ නිදහස් මාධ්‍යක්. නමුත් බ්ලොග්කරුවන් මනුස්සයෝ නිසා ඔබ ඔය කියන ආකාරයේ "බ්ලොග්කරුවන් මහපොලොවට බස්සවා ඔවුන් සංවිධානය කර ඒ තුලින් බ්ලොග් අවකාශයේ යම් කිසි බලයක් අත්පත් කර ගැනීමේ" කුමන්තණයක් ඇතිනම් සමහරු ඊට අසුවෙන්නත් ඉඩ තියෙනවා.

      පසුගිය දිනවල බෝතල් පාටි දමා, මරා විසින් පත්තරකාරයින් බහුතරයක් අල්ලාගෙන තිබුණේ.

      නමුත් එක් එක් පුද්ගලයන්ට වඩා සමස්ත අවකාශය විශාල බව සලකන්න!

      ඔබ කියන "ඔවුන්ගේ ඇතැම් සම්මාන වලින් ප්‍රදර්ශනය වෙනවා" යන අදහස උදාහරණ සහිතව විස්තර කළොත් මිස පිළිගන්නට බෑ!

      Delete
    5. මරා බෝතල් පාටි දී පත්තරකාරයින් අල්ලා ගන්නවා වගේම අජිත් දර්මා "සම්මාන ලී කෑලි" දී බ්ලොග්කාරයින්ද අල්ලා ගන්නවා.

      දෙන්නාගේම ටැක්ටික්ස් සමානයි.

      Delete
    6. කොරහේ කිඹුලන් දැකිම හෝ බටහිර යුදෙව කුමන්ත්‍රණ වැනි දේ මගේ කමෙන්ට එකට කිසිම සම්භන්ධයක් ඇතැයි මා හිතන්නේ නෑ.....මතු කරන කාරණා මදක් වෙනස් කර ඒ ඇසුරින් ගොතාගත් වෙනත් කථාවකට මට උත්තර බැදිය නොහැකියි.....

      සමස්ථය විශාල නිසා තමයි ‍තෝරු මොරූ කීපයක් අල්ලා ගන්නේ......මෙය මා පැහැදිලි කලා මගේ බ්ලොග් සටහනක....අවුරුදු 2 ට කලින්
      නෙළුම් යායෙන් පීදුනු බ්ලොග් සංසදය හෙවත් රාජ පුරෝහිතයන්ගේ බ්ලොග් දන්සැල

      තමන්ගේ ගොඩට වැටෙයි යන අදහසින්, මොකක් හෝ සම්මානයක්, යාවත්කාලින් නොවන බ්ලොග් වලට පවා දී තිබුනා මතකයක් තියෙනවා......

      Delete
    7. මරා සාර්ථකව එය කළත්, අධීන පත්තරකාරයිනුත් සෑහෙන පිරිසක් හිටියා. සමහරු මැරම් කෑවා.

      අජිත් ධර්මතිලක ලී කැලි දී බ්ලොග්කරුවන් පිරිසක් නම්මා ගත්තත්, එක් එක් පුද්ගලයාට වඩා සමස්ත අවකාශය විශාලයි, ඒ හින්දාම නිදහස්!

      Delete
    8. ජනමාධ්‍ය අමත්‍යංශයෙන් නොමිලේ ලැබුණ ශාලාවක, අඩු පහසුකම් එක්ක, ස්වේච්ඡා නිවේදකයන් එක්ක, අඩු මුදලකින් නිම කරගත් බව පෙනෙන සම්මාන සහ සුළු මුදල් ත්‍යාග ලබා දෙමින් ඉතා දුප්පත් ආකාරයකින් තමයි මේක සම්මාන උළෙල පැවැත්වුණේ.

      ඔබ කියනකොට 'අනාගතයේ ඇතිවිය හැකි සයිබර් ප්‍රවණතා උපකල්පනය කරලා ඒ වෙනකොට සයිබර් ගෝඩ් ෆාදර් ලා වීමට සිහින බලන අයගේ එක්පෙරිමන්ට්' එකක් කියලා, කියන්න වෙන්නේ එහෙම නම් ඒක මහ හිඟන එක්ස්පෙරිමන්ට් එකක් කියලා තමයි. මේ වෙලාවේ ලංකාවේ පොළොව මත ක්‍රියාත්මක වෙන මතවාදයකට නම්මවා ගන්න ගන්න කිව්වා නම් හිතලා බලන්න තිබ්බා.

      අනික අනාගත සයිබර් ප්‍රවනතා ගැන කතාකරන කොට, ෆේස්බුක්, බ්ලොග්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය වල ස්වභාවය, එය භාවිතා කරන පුද්ගලයන්ගේ හැසිරීම අනුව තීරණය වෙන අවකාශයක් මිසක්, සාම්ප්‍රදායික මාධ්‍ය මෙන්, එහි සේවා සපයන්නන් තීරණය කරන ස්වභාවයක් යටතේ පාලනය නොවන්නක් බව තමයි මගේ නම් හැඟීම. තාක්ෂණ දියුණුවේ ප්‍රවණතා ගැන හිතන ඔබ ඊට සමගාමීව වෙනස් වන නිදහස් බව සොයන මිනිස් ආකල්ප ගැන කල්පනා කර නෑ.

      ඔබ කියන විදිහට ගූගල් සමාගම, ෆේස්බුක් සමාගම නොමිලේ සයිබර් අවකාශය ලබා දීලා තියෙන්නේ අනාගතයේ ඔවුන් විසින් දියත් කිරීමට නියමිත මහා පරිමාණ මිෂන් එකකට එක්ස්පෙරිමන්ට් එකක් විදිහට වෙන්න ඕනේ.

      Delete
    9. තිසරගේ දිර්ඝ පිලිතුරට ස්තූතියි. එහෙත් ඒ ගැන මට කිසිවක් කීමට ඇත්තේ නෑ. මන්ද එය මා මතු කර ඇති දේට අදාල නොවන නිසා...ඒ ගැන මට සමාවෙන්න.

      නමුත් මේ කකා වචනෙන් දෙකෙන් ලිස්සලා ඇරලා තියෙන කාරණෙන් නම් බරපතලයි. කකා කියන විදිහට සමස්ථය , ඉන්ඩිවිජුවල්ස් ලට වඩා ලොකු නිසා නෙලුම් යාය වගේ ඉන්ඩිවිජුවල්ස්ලා කරන දේ ප්‍රශ්ණ කරන්න ඔනේ නෑ වගේ අදහසක් එතැන තියෙනවා...ඒ කියන්නේ කකා තුලත් ඒ ගැන කිසියම් සැකයක් නැතුවා නොවෙයි...මානසික අල්ලස් වලට යටවුනු තමුන්ම ප්‍රචීණ යැයි කියා ගන්නා ඇතැම් බ්ලොග්කරුවන්ගේ මේ ආකල්ප මට නම් හරියන්නේ නෑ....නෙළුම් යාය හෝ වෙන කවුරු හරි වෙවා පොල් පැලේට හැරෙන බව තේරේනම් එය ප්‍රශ්ණ කල යුතුයි...තමුන්ට සම්මානයක් නෝලැබි යැමේ බිය විසින් ඒ වගේ ප්‍රශ්ණයක් යටපත් කර ගත් යුතු නෑ......‍ෆ්‍රී යොර් සෙල්ෆ් කකා.....

      Delete
  16. චුට්ටක් අැහුවා. නිදහස කියන වචනෙ අර්ථ දක්වා ගන්න බැරි එක නේද මූලික ගැටළුව....
    සේරම අහලා වැදගත්ය හිතෙන දෙයක් හිතට අාවොත් ලියන්නම්.

    ReplyDelete
  17. රසිකගේ පොස්ටුව බ්ලොග් සම්මාන උත්සවය වගෙම බ්ලොග් සම්බන්ධවත් දැනුවත් වෙන හොඳ සාකච්ඡාවකට මග පාදා තිබෙනවා. ප්‍රතිචාර දක්වන සහෘදයන්ගේ සෑම ප්‍රතිචාරයකින්ම ඊට හොඳ ප්‍රචාරයක් ලැබී තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      මේ සිංහල බ්ලොග් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍යයක කෙරුණු පළමු සාකච්ඡාව ලෙස සලකන්නට හැකියි. එය අපට ඉතා වැදගත් වෙන්නේ එනිසා යි!

      Delete
  18. ඉහත රාජ් කියලා තියන දේවල් බොහොමයක් සමග එකඟයි. එක සැරයක් නාලක නිර්නාමික බව ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කිව්වා. ඒ අදහස වැඩි දුර ගියේ නෑ - ගියා නම් හොඳයි. අනුරාධා කෝදාගොඩ ඇයට අදාල වපසරියට අනුව කතාකලා කියලා මට හිතෙන්නේ. නාලක තමයි හොඳටම අදහස් ඉදිරිපත් කලේ. අජිත්ගේ පිළිතුරු බොහොමයකම සීමා සහිත බවක් තිබුණා, ඔහු බොහෝ පිළිතුරු දුන්නේ එම ප්‍රශ්නය තමන්ගේ බ්ලොගයට අදාල වන ආකාරය අනුව කියලා හිතුණා. වැරද්දක් කියන්නත් බෑ. ප්‍රධානම අඩුපාඩුව විදිහට හිතුණේ මෙම සාකච්ඡාව බොහෝ කොටම බ්ලොග් ගැන දන්නා අය වෙනුවෙන් වගේ හැඟීම. බ්ලොග් වල ඇති ප්‍රශ්න, ඇත්තටම බ්ලොග් වලට නෙමෙයි ඕනෑම මාධ්‍යයකට, සංවිධාන වීමකට, සම්මාන උළෙලකට තියන ප්‍රශ්න බ්ලොග් ප්‍රශ්න විදිහට කතා කෙරුණා. බ්ලොග් වල කතා බහ කෙරෙන මාතෘකා වල වපසරිය ගැන වුණත් කතා වුණා අඩුයි. හැබැ‍යි ඕවරෝල් සාර්ථකයි.

    අතුරු ප්‍රශ්නයක් - පැරා මුදල් ගැන කතා කරනකොට ඩොලර් වලින්ම කතා කරන්නේ ඇයි? :)

    ReplyDelete
    Replies
    1. තිසර,

      මා කලින් ලියූ අදහස් කීපයක් නැවතත් සඳහන් කරන්නම්.

      1.
      මේ සිංහල බ්ලොග් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍යයක කෙරුණු පළමු සාකච්ඡාව ලෙස සලකන්නට හැකියි. එය අපට ඉතා වැදගත් වෙන්නේ එනිසා යි!

      1.
      සජීවී සාකච්ඡාවක දී ප්‍රශ්න මත පිළිතුරු දෙන නිසා කරුණු මග හැරෙන්නට ඉඩ වැඩියි.

      2.
      මේ වැඩසටහන ඹලඔගගඉනග 101 හෝ ඹලඔගගඉනග ෆඔර ඩඋමමඉඑස හෝ වගේ නොවුනත්, යම් දැනුමක් පොදුවේ සැමටම ලැබුණා කියන එකයි මගේත් අදහස!

      4.
      සාකච්ඡාවට සහභාගී වූ සිව් දෙනාගෙන් නාලක විශ්ලේෂකයෙක්. පැරා පුද්ගලික බ්ලොග්කරුවෙක්. රාධා සමාගම් නිලධාරිනියක්. ප්‍රායෝගිකව බ්ලොග් ප්‍රවර්ධනය කරන්නේ අජිත් ධර්මතිලක පමණයි. ඔවුන් තමන් ගේ සීමාවල මෙතැන දී කටයුතු කළා මිස ඉන් ඔබ්බට ගියේ නෑ. වැඩි වායු කාලය ලැබුණේ හෝ ලබා ගත්තේ නාලක(ට) සහ පැරා(ට)යි.

      අනාගතයේ පැවැත්වෙන මේ ආකාරයේ සාකච්ඡාවල දී මෙහි තිබුණු ඔය අඩුපාඩු මග හරවා ගත හැකි වෙයි.

      Delete
    2. පැරා බස් එකේ යනකොටත් කොන්දාට ගෙවන්නේ ඩොලර් ලු!

      Delete
    3. ඔව්, එකඟයි. විශේෂයෙන්ම අංක 1 කාරණයෙන් තමයි කතාබහ තීරණය වෙන්නේ.

      //මේ වැඩසටහන ඹලඔගගඉනග 101 හෝ ඹලඔගගඉනග ෆඔර ඩඋමමඉඑස හෝ වගේ නොවුනත්//

      ඔය කියපු වැඩසටහන් දෙක ගැන අපේ පුතා බහ තෝරපු කාලේ නිතර කතා කලා. :)

      Delete
    4. අහ්හ්.. දෙවෙනි අංක 1.

      Delete
    5. රසිකට කමෙන්ට් කිරීමේදී ඇති වූ අකරතැබ්බයක්....

      "එක දෙක වී, තුන නැති වී ඇත."

      Delete
  19. රසික, පැරා, මාතලන්, සරස, රාජ්, අරුණි, කොළඹ ගමයා ඇතුළු මෙකී නොකී සියළුම සිංහල බ්ලොග් රචකයන් අමු හිඟන රැළකි. ඒ ඔවුන් පිනට ලැබෙන සර්වර් අවකාශයේ මොනවා හෝ අපබ්‍රංශයක් කුරුටු ගා නොමිළේම පොරවල් වීමට උත්සාහ දරන්නන් නිසාය. උනුනුන් අතරේ "සම්මාන" නමැති ලී කැබෙලි කිහිපයක් බෙදා ගැනීම සඳහා වන මොවුන්ගේ බලු පොරය දකින මට සිහිවන්නේ නගරයේ හිඟන රැළකට කාසි කිහිපයක් විසි කළවිට ඒවා අහුලා ගැනීමට ඒ හිඟන්නන් පොරකන අන්දම ය.

    බ්ලොග් ලිවීම සඳහා සර්වර් අයිති සමාගම් මසකට ඩොලර් 50 ක වැනි මුදලක් අය කරන්නේ නම් මොවුන් එකෙක් හෝ බ්ලොග් නොලියනු ඇත.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++

      Best comment ever!

      Delete
    2. බලුපොරය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? දැන් මෙතන සම්මාන දෙන්නේ ලියපු දේවල් වලට නිසා ලිවීම සඳහා බලු පොරයක් තියනව කියලද කියන්නේ? තම තමන්ට කැමති දෙවල් ලිවීම බලු පොරයක් නොවෙන නිසා බලු පොරයක් නම් එකිනෙකා විවේචනය කරගනිමින් අරයට සම්මාන දෙන්න එපා, මට දෙන්න වගේ ලියපු අවස්ථා තියනවද?

      සම්මාන කියන්නේ යම් කිසි මාධ්‍යයක් පිළිබඳ පාඨක එහෙමත් නැත්නම් ප්‍රතිග්‍රාහක ප්‍රතිචාරයක් නිසා, ලියන අය ලියන්නේ සල්ලි වියදම් කරලාද, සල්ලි ලබාගෙනද, නොමිලේද කියන එකේ ඇති අදාලත්වය මොකද්ද?

      Delete
    3. @ Anonymous 23 March 2017 at 15:30

      තිසර අසා තියෙනවා සේ සම්මාන සඳහා එකිනෙකා අතර පොරයක් ඇති යැයි හෝ තිබුණා යැයි කිසිසේත් ම පෙනෙන්ට නෑ නේද?

      සම්මාන දෙන්නන් තමන්ගේ මතවාදයට අනුකූලව ලියන අයට සම්මාන දෙනවාය හෝ නොඑසේ නම්, සම්මාන දී එමගින් තමන් ගේ මතවාදයකට නම්මා ගන්නට හදනවාය වැනි තර්කයට ඊට වඩා වැදගත්කමක් තියෙනවා. ඒත්, ඒ සඳහාත් මේ දක්වා කිසිම උදාහරණයක් සොයා ගන්න නෑ!

      Delete
    4. @ Anonymous 23 March 2017 at 15:30

      /* බ්ලොග් ලිවීම සඳහා සර්වර් අයිති සමාගම් මසකට ඩොලර් 50 ක වැනි මුදලක් අය කරන්නේ නම් මොවුන් එකෙක් හෝ බ්ලොග් නොලියනු ඇත. */

      මේ කතාවට ස්තුතියි.

      වෙනස් ආකාරයක බ්ළොගය ඇරඹීමට ගිය වසරේ ඔක්තෝබරයේ මුදල් ගෙවා මං ඩෝමේන් නමක් ලියා පදිංචි කළ බව කාලයකට පස්සේ නැවතත් සිහිවුනා!

      Delete
    5. //සම්මාන දී එමගින් තමන් ගේ මතවාදයකට නම්මා ගන්නට හදනවාය වැනි තර්කයට ඊට වඩා වැදගත්කමක් තියෙනවා. ඒත්, ඒ සඳහාත් මේ දක්වා කිසිම උදාහරණයක් සොයා ගන්න නෑ!///

      ඇයිඔයී කකා.......තමුසෙම ඒකට ජීවමාන උදාහරනයක්නේ.......

      Delete
    6. Anonymous23 March 2017 at 19:56

      +++++++++++++++++++++++++++

      ඇයිඔයී කකා.......තමුසෙම ඒකට ජීවමාන උදාහරනයක්නේ.......

      Delete
    7. Anonymous23 March 2017 at 15:30
      1.රසික, පැරා, මාතලන්, සරස, රාජ්, අරුණි, කොළඹ ගමයා ඇතුළු මෙකී නොකී සියළුම සිංහල බ්ලොග් රචකයන් අමු හිඟන රැළකි. ඒ ඔවුන් පිනට ලැබෙන සර්වර් අවකාශයේ මොනවා හෝ අපබ්‍රංශයක් කුරුටු ගා නොමිළේම පොරවල් වීමට උත්සාහ දරන්නන් නිසාය.

      අමුතුවෙන් පොරවල් වීමට අවශ්‍ය නැත.

      2. උනුනුන් අතරේ "සම්මාන" නමැති ලී කැබෙලි කිහිපයක් බෙදා ගැනීම සඳහා වන මොවුන්ගේ බලු පොරය දකින මට සිහිවන්නේ නගරයේ හිඟන රැළකට කාසි කිහිපයක් විසි කළවිට ඒවා අහුලා ගැනීමට ඒ හිඟන්නන් පොරකන අන්දම ය.

      සම්මාන හෝ මුදල ගෙන නැත. ගැනීමද වරදක් නැත.

      3.බ්ලොග් ලිවීම සඳහා සර්වර් අයිති සමාගම් මසකට ඩොලර් 50 ක වැනි මුදලක් අය කරන්නේ නම් මොවුන් එකෙක් හෝ බ්ලොග් නොලියනු ඇත.

      අතිං වියදම් කරගෙන තොපි වගේ *කයන්ට කමෙන්ට් බොක්ස් සාදා දීමට පුකේ අමාරුවක් නැත.

      Delete
  20. බ්ලොග්කරුවන් පෞද්ගලිකව එකිනෙකා දැන ඇඳින ගැනීම, කල්ලි ගැහීම, මුණ ගැහී සාද පැවැත්වීම වගේ දේවල් බ්ලොග් වල ඉදිරි ගමනට හානියක් කියලයි මගේ අදහස. අපි මේක එදා ඉඳන්ම දැක්කා. හැබැයි බිස්නස් කරන එව්වො එහෙමයි කියලා නෑ තමන්ගෙ බිස්නස් එක කොර ගත්තා. කොරනවා. කපටියො මුන්ට සහාය දෙනවා. මෝඩයෝ අහුවෙනවා. අරූ වගේ කලාතුරෙකික් කෙනෙක් රජා හෙලුවෙන් කියලා පෙන්නලා නිහඬ වෙනවා.

    ReplyDelete
  21. බ්ලොග්කරුවන් පෞද්ගලිකව එකිනෙකා දැන ඇඳින ගැනීම, කල්ලි ගැහීම, මුණ ගැහී සාද පැවැත්වීම වගේ දේවල් බ්ලොග් වල ඉදිරි ගමනට හානියක් කියලයි මගේ අදහස. අපි මේක එදා ඉඳන්ම දැක්කා. හැබැයි බිස්නස් කරන එව්වො එහෙමයි කියලා නෑ තමන්ගෙ බිස්නස් එක කොර ගත්තා. කොරනවා. කපටියො මුන්ට සහාය දෙනවා. මෝඩයෝ අහුවෙනවා. අරූ වගේ කලාතුරෙකික් කෙනෙක් රජා හෙලුවෙන් කියලා පෙන්නලා නිහඬ වෙනවා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අද තියන්නේ එදාට වඩා පිටුපසින්ද?

      Delete
    2. @ Anonymous 23 March 2017 at 16:23

      දැං කවුද ඔය කියන සිංහල බ්ලොග්වලින් බිස්නස් කරපු අය? මොනවා ද ඒ බිස්නස්?

      ඔබ කියන්නේ අර අභීත කළාය කියන මුදල් වංචා ගැන ද? නැතිනම් කේන්දර බැලීම ගැන ද?

      බිස්නස් එකක් සඳහා බ්ලොගයක් ලිවීමේ කිසි අවුලක් නෑ. කොපමණ සමාගම් සහ අනෙකුත් ආයතන පවා බ්ලොග් කරනවා ද?

      Delete
    3. ප්‍රමාණාත්මකව සලකතොත් එදාට වඩා ඉදිරියෙන්. ගුණාත්මකව සලකතොත් එදාට වඩා බොහෝ පසුපසින්. එදා නවකයකුට බ්ලොග් ලියන්න යම් උත්තේජයක් තිබුණා. අද එවැනි උත්තේජයක් නැහැ. ප්‍රවීණ යැයි කියා ගන්න කීප දෙනකු මහ නුග ගස් ලෙසින් පොඩි පැලෑටියකට වැඩෙන්න ඉඩ නොදෙමින් ඉන්නවා.

      Delete
    4. ඔන්න බබා උක්කුංනුත් ඇවිත්.

      Delete
    5. Anonymous 23 March 2017 at 17:45

      //ප්‍රමාණාත්මකව සලකතොත් එදාට වඩා ඉදිරියෙන්.//

      //ගුණාත්මකව සලකතොත් එදාට වඩා බොහෝ පසුපසින්. එදා නවකයකුට බ්ලොග් ලියන්න යම් උත්තේජයක් තිබුණා. අද එවැනි උත්තේජයක් නැහැ. ප්‍රවීණ යැයි කියා ගන්න කීප දෙනකු මහ නුග ගස් ලෙසින් පොඩි පැලෑටියකට වැඩෙන්න ඉඩ නොදෙමින් ඉන්නවා.//

      ඔබගේ නිගමනය, ඔබගේ පැහැදිලි කිරීම මගින්ම ප්‍රතික්ෂේප වෙනවා.

      Delete
    6. /ඔබගේ නිගමනය, ඔබගේ පැහැදිලි කිරීම මගින්ම ප්‍රතික්ෂේප වෙනවා. /

      මට නම් එහෙම පේන්නෙ නෑ. එහෙම වෙන්නෙ කොහොමද කියල පැහැදිළි කොළානම්...

      Delete
    7. බ්ලොග් ලියන්න උත්තේජනයක් නැති, ඉඳහිට අලුත් කෙනෙක් ආවත්, ඒ අයවත් ප්‍රවීණ කියාගන්නා කීප දෙනෙක් විසින් යටපත් කරන අවකාශයක බ්ලොග්, ප්‍රමාණාත්මක වැඩි වෙන්නේ කොහොමද? කියන විදිහට එදාටත් වඩා අඩු බ්ලොග් ප්‍රමාණයක්නෙ දැන් තියෙන්න ඕනේ

      Delete
    8. අනේ මහත්තයො ඔහේගෙත් මොළේ තරම හැබෑටම. අළුතින් ඒවා එකතු වෙන එක අඩු වුණාට පරණ ඒවා නැතිවෙලා යන්නෙත් නෑ නේද? ඉතින් ප්‍රමාණාත්මකව වර්ධනය වෙනවා.

      Delete
    9. //අනේ මහත්තයො ඔහේගෙත් මොළේ තරම හැබෑටම. අළුතින් ඒවා එකතු වෙන එක අඩු වුණාට පරණ ඒවා නැතිවෙලා යන්නෙත් නෑ නේද? ඉතින් ප්‍රමාණාත්මකව වර්ධනය වෙනවා.//

      අනේ බං උඹේ මොලේ කරම! පරණ බ්ලොග් නැතිවෙනව (සහ යාවත්කාලීන නොවීම තුල යටපත් වෙනව) දැකල නැද්ද?

      Delete
  22. කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කියන්න වාගෙ තමන්ට ලබා ගැනීමට සදාචාරාත්මක හිමිකමක් නැති "සම්මානයක්" අල්ලසට ලබා ගත්තු රසිකට ඒක දුන්නු උදවියට කඩේ යනවා මිසෙක වෙන දෙයක් කරන්න නිදහසක් නැති බව අපි දන්නවා.

    ReplyDelete
  23. වැඩසටහන අවසන් වෙනකල්ම නැරඹුවා.පැරා බ්ලොග් ලියන කාන්තාවන් ගැන කතා කරන්ට ගන්නකොටම නිවේදකයා විරාමයක් දුන්නා.ඒ කතාව එතනින්ම ඉවරයි.ඇයි අප්පෙ බ්ලොග් ලියන කාන්තාවෝ ගැනත් කතා කොලා නම් මක් වෙනවද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.