Wednesday 18 March 2015

කාර්තු අවසාන තරගය නැරඹීමට යමි! - Quarter final time in Sydney


"ෆයිනල් මැච්" එක යනු අවසාන තරගය යි. ඒ අනුව "සෙමි-ෆයිනල්" යනු අර්ධ අවසාන තරගය වේ. නමුත් මේ සඳහා සිංහලෙන් සාමාන්‍යයෙන් යෙදෙන්නේ අවසාන පූර්ව එනම් අන්තිමට-එකට-කලින්-එක කියා ය.

ඒ අනුව නම්, "ක්වාටර් ෆයිනල්" යනු අන්තිම-එකට-කලින්-එකට-කලින්-එක, අවසාන ද්වි පූර්ව විය යුතුයි. නමුත් භාවිත යෙදුම වන්නේ අර්ධ අවසාන පූර්ව යන්නයි.

ඒ මොනවා වුනත්, මේ සුලබ මාතෘකාවට දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍ර කරනු වස්, "ක්වාටර් ෆයිනල් මැච්" එකට කාර්තු අවසාන තරගය කීවාට මොන වරදක්ද කියා මට සිතුනි. ක්වාටර් කියන්නේ කාර්තුව බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉතින් අද කාර්තු අවසාන තරගය නැරඹීමට යාමට මම අර්ධ දින නිවාඩුවක් ගන්නෙමි. උදේ පාන්දර ම උතුරු සිඩ්නි නගරයේ පිහිටි කාර්යාලයට ගොස් හදිසි රාජකාරියක් තිබේ නම් ඒ පිළිබඳව කටයුතු කර, දිවා ආහාරයෙන් පසුව නගරයේ දකුණේ පිහිටි සිඩ්නි ක්‍රිකට් පිටිය වෙත යමි.

සතියේ දිනයක් නිසා, මෙවර මා තරගය නරඹන්නට යන්නේ කලින් දිනයේ මෙන් කණ්ඩායමක් සමග නොව තනිවම ය. මේ සඳහා, ප්‍රධාන ලකුණු පුවරුව අසලම, පිටියට යාබද කොටසක, පුටුවක් සඳහා ටිකට්පතක් වෙන් කර ගත්තෙමි.

තරගය ඇරඹෙන්නේ පස්වරු දෙක හමාරටය. එතැන් සිට රාත්‍රී දහය දක්වාම එහි රැදී සිටිමින් ඉතා තරගකාරී තරගයක් නැරඹීමට අවස්ථාව ලැබේ යැයි බලාපොරොත්තු වෙමි.

නමුත් ක්‍රිකට් යනු විශ්වාස කළ නොහැකි ක්‍රීඩාවකි.

අද තරගයේ වැඩි වාසිය ඇත්තේ දකුණු අප්‍රිකා පිළට බව ඕස්ට්‍රේලියාවේ බුකිකාරයින් ගේ අදහස බව පෙනේ. ඒ නිකම්ම නිකම් වැඩි වාසියක් නොව හතර ගුණයක වැඩි වාසියකි.

එනම්, දකුණු අප්‍රිකාවේ දිනුම වෙනුවෙන් තබන ඩොලරයක ඔට්ටුවක් සඳහා ඩොලරයක් සහ ශත හතලිස් පහක් ලැබෙන අතර ශ්‍රී ලංකාවේ දිනුම වෙනුවෙන් තබන ඩෙලරයක ඔට්ටුවක් සඳහා ඩොලර් දෙකයි ශත හැත්තෑ හයක් ගෙවීමට බුකිකාරයින් සූදානම් ය. මීට කලින් මා නැරඹීමට ගිය ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවෙ අතර තරගය සඳහා ද බුකිකාරයින් ලබා දුන්නේ ද මේ හා සමාන අගයන් බව මගේ මතකයයි.

බුකිකාරයින් බිස්නස් කරන්නේ පාඩු ලබන්නට නොවේ. ඔවුන් ඔය අගයන් තීරණය කර ඇත්තේ, ක්‍රීඩකයින් ගේ තත්වය, පිටිය, කාලගුණය, සංඛ්‍යා ලේඛන යනාදී සියළුම සාධක සළකා බලා ආයුගණක ක්‍රමවේදයන් අනුව ය.

ඒ කෙසේ වෙතත්, කවුරුත් කියන පරිදි, ක්‍රිකට් යනු විශ්වාස කළ නොහැකි ක්‍රීඩාවකි.

මගේ පක්‍ෂග්‍රාහී පුරෝකතනය නම්, ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ගැනීමට, බුකිකාරයින් ගේ නිගමනයට වඩා වැඩි, ඉහල සම්භාවිතාවක් ඇති බවයි!

ලංකාවේ විශ්වාස කෙරෙන විදියට නම්, ශ්‍රී ලංකා පිලේ තරග ජය සඳහා වැදගත්ම සාධකයක් වෙන්නේ ජනාධිපති තරගය නැරඹීමට යෑම හෝ නොයෑමයි.

අළුත් ජනාධිපති මෛත්‍රීපාල ක්‍රිකට් පිළට සුභ පතා ඇත්තේ ස්කයිප් මගින් බව දුටුවෙමි. එය අපේ ක්‍රීඩා ලෝලි ටොයියන් ගේ මෙන්ම, මොනවා කිව්වත්, ක්‍රීඩා ලෝලී බයියන් ගේ ද සතුටට කරුණක් බවට කිසිදු සැකයක් නැත!

ජයවේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
සිඩ්නි නගරය සඳහා වූ කාලගුණ අනාවැකිය මෙසේය.


ප/ප/ලි:
අළුත්ම අනාවැකිය සඳහා:
http://www.bom.gov.au/nsw/forecasts/sydney.shtml


(image: http://www.worldcup2015updates.com/)

35 comments:

  1. මේ කාලගුණ අනාවැකියේ තියෙනෙ "Shower or two" යනු කුමක්ද?

    ReplyDelete
    Replies
    1. පොදයක් දෙකක් වැටෙන්නට ඉඩ තිබේ යන්නයි.

      සම්පූර්ණ වැස්ස මිලි මීටර් එකකි. අනික වහින්ට ඇති සම්භාවිතාවය 60%කි.

      https://au.answers.yahoo.com/question/index?qid=20090419021016AAk0DN0

      Delete
    2. අළුත්ම අනාවැකිය මෙසේය.
      http://www.bom.gov.au/nsw/forecasts/sydney.shtml

      Forecast issued at 4:45 am EDT on Wednesday 18 March 2015.

      Forecast for the rest of Wednesday

      Summary
      Max 30
      Shower or two.
      Chance of any rain: 50%
      Rainfall amount: 0 to 2 mm

      Sydney area
      Partly cloudy. Medium (50%) chance of showers during the morning and afternoon. The chance of a thunderstorm, mainly afternoon. Winds northeast to northwesterly 20 to 30 km/h easing to 15 to 20 km/h in the evening.

      Fire Danger - Very High

      UV Alert from 9:50 am to 4:10 pm, UV Index predicted to reach 8 [Very High]

      Delete
  2. කොහොමහරි මැච් එක දිනවන්ට ඕනි අද නම් හොඳේ....:D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයා කිව නිසා මෙයා අප්‍රිකානුවො දිනෝනවලු

      Delete
    2. මැච් එක දිනුවා. හැබැයි අනිත් පිළ!

      Delete
  3. දකුණු අප්‍රිකාව අපිට ගොඩක් ෆයිනල්ස් කිට්ටුව මග හැරුණු කණ්ඩායමක්. ඔවුන් බොහොම තදින් අධ්‍යයනය කරලා එන්නෙ අනෙක් ටීම් එක ගැන. ඉතාම අවිනිශ්චිතයි.
    ගිහිං විතරක් මදි චියර් කරන්න ඕනි හරිද? අපි බලා ඉන්නෙ ටීවී එකේ. නොහිටියොත් ඔන්න ඊ ළඟ දවසෙ කනේ (නෙමෙයි ඇස්වල) ඇබ ගහගෙන එනවා හොඳයි.

    ReplyDelete
  4. 1.ජයවේවා
    2.මම හිතුවෙ රසික ක්‍රිකට් ලෝලියෙක් නෙවේ කියල.
    3.කාලගුණ වාර්තා සාමාන්‍යයෙන් මෙහේ වගේ නොවන නිසා වහින්න නං ඉඩ තියනව. ඉස්සෙල්ල බැට් කරන්න චාන්ස් එකක් ආවනං ගොඩ.
    4.මෙල්බර්න් යන්න චාන්ස් එකක් (ටිකට් එකක්) ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට්වලට අකමැත්තක් නෑ, කාලේ නාස්තියටයි අකමැති,
      මෙල්බර්න් නම් යන්න පුළුවන් වෙයි, තවත් අස්සයෙක් ඉන්නවා නේ රේස් එකේ. අර ඇඩොප්ට් කරපු එකා!

      Delete
  5. ටිකට් එක බුක් කරේ අනික් යකුන් තේරෙන්නත් කලින් නේ.. ජය වේවා... බුකි කාරයෝ මොනවා කිව්වත් අපි දිනනවා කියල හිතමු.. මොකද මේ ෆයර් ඩේන්ජර් හයි කියන්නේ..

    ReplyDelete
  6. හොඳයි හොඳයි කකාගෙ බලාපොරොත්තු ඉෂ්ට වේවා !

    ReplyDelete
    Replies
    1. පියුම් පරවිය
      සිතුම් බොඳවිය
      පැතුම් සුන්විය
      සුසුම් හිමිවිය!

      Delete
  7. රසිකගේ හාප් ඩේ එක අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. ඔව්, මුදලට, කාලයට වටිනාකමක් නෑ.
      එදා මැච් එක පැරදුනත් ලකුණු 700 ක් විතර ගහනවා දැක්කා, මෙදා එකතුව 267 යි!

      Delete
  8. කාලගුණ අනාවැකියත් ටක්කෙටම හරි.. බුකි කාරයොත් ටක්කෙටම හරි.. මොනවා උනත් ග්‍රවුන්ඩ් එකට ගිහින් අපේ එවුන් වෙනුවෙන් පෙනී හිටපු එකට ගෞරවය!

    ReplyDelete
    Replies
    1. කලින් ගෙදර එන්න ලැබුණ එක එක අතකට හොඳයි.

      Delete
  9. /සතියේ දිනයක් නිසා, මෙවර මා තරගය නරඹන්නට යන්නේ කලින් දිනයේ මෙන් කණ්ඩායමක් සමග නොව තනිවම ය. මේ සඳහා, ප්‍රධාන ලකුණු පුවරුව අසලම, පිටියට යාබද කොටසක, පුටුවක් සඳහා ටිකට්පතක් වෙන් කර ගත්තෙමි./

    ඉතින් අපට පාන්ද?

    ReplyDelete
    Replies
    1. මැතිව්ස්ලටනම් අද පාන් නෙවෙයි විස්කිරිඤ්ඤවත් නැතිවෙයි

      Delete
    2. අපොයි පන් විතරද ඔය ලැබුනේ පරිප්පු කල්දේරමක් එක්ක පීනලා කන්න. මහින්ද ගියා වගේමයි කාකා
      තනියම ගිය විට ලැබෙන දේත්

      ""ප්‍රධාන ලකුණු පුවරුව අසලම, පිටියට යාබද කොටසක, පුටුවක් සඳහා ටිකට්පතක් වෙන් කර ගත්තෙමි.""
      අයි අයි සැරයක් ෆොක්ස් ටි. වී චැනල් එකේ ඔය බෝල ඔළුවයි හතර්ස් කන්නාඩි දෙකයි ලෝකෙට පෙන්නලා ලංකාවේ පොදු ජනයට මන් හරි පොෂ් කියලා කොමෙන්ට් දාගන්නද

      Delete
    3. මගේ ලිපියේ ඒ කොටස ලියා ඇති ගරු ගාම්භීරත්වය නිසා ඇනෝලා දෙන්නෙක් ඇණ ගෙන ඇත!

      මා අද තරගය සඳහා මිළදී ගත් ටිකට්ටුව, මෙම ක්‍රීඩාංගනයේ අඩුම මිළ සහිත ටිකට්ටුවයි. ඉහල තට්ටුවේ ස්ටෑන්ඩ් එකේ ටිකට්ටුවක් මා ගත් ටිකට්ටුවේ වටිනාකම මෙන් සිව් ගුණයකට කිට්ටුය.

      මට අවශ්‍ය වුනේ පපර බෑනාඩ් එක අසල සිට ඒ අත්දැකීම ලබා ගැනීමටයි. ඒ වෙනුවෙන් පැය දෙකක් පමණ අව්වේ කරවීමටත් විනාඩි පහක් පමණ වැස්සේ තෙමීමටත් සිදුවිය.

      Delete
  10. //එතැන් සිට රාත්‍රී දහය දක්වාම එහි රැදී සිටිමින් ඉතා තරගකාරී තරගයක් නැරඹීමට අවස්ථාව ලැබේ යැයි බලාපොරොත්තු වෙමි.//

    මගේ බලවත් කණගාටුව පිලිගන්න

    ReplyDelete
    Replies
    1. ගෙදර ආවිට මගේ බිරිඳ ඇගේ බවලත් කණගාටුව ප්‍රකාශ කළා!

      Delete
  11. අෆරාදේ ටිකට් එක . . . .

    ReplyDelete
  12. අවුලක් නැහැ හැමදාමත් දිනන්න බැහැ නොවැ.

    ReplyDelete
  13. අවසාන පූර්ව කියනකොට මටත් නිකං මොකක්ද වගේ දැනෙනව.
    සෙමි ෆයිනල් කියන එකට අර්ධ අවසාන කියන එක හරි මදි නිසා අවසාන පූර්ව කියනවනම්
    ක්වාටර් කියන තැනදි අර්ධ කෑල්ලක් දාගන්න එක වැරදියිම තමයි.

    ReplyDelete
  14. අයියෝ සල්ලි....(සහ අව්වේ කරවීම..)

    ReplyDelete
  15. පරදියි කියා සැකයක් තිබුනත් මේ වගේ පරදියි කියා හිතුවේ නැහැ. දැන් ඉතිං පශ්චාත් මරණ පරීක්‍ෂණ තියයි හැමතැනම. නමුත් අපේ ක්‍රිකට්..............අනේ මන්දා.

    ReplyDelete
  16. හරිම ඛණඝාඨුධායඛයි!!!

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඔයා ගියෙ නැත්තේ...:P

      Delete
  17. //ක්වාටර් කියන්නේ කාර්තුව බව අමුතුවෙන් කිව යුතු නැත// කියලා පඩි ටෝකක් දීලා තවත් පල්හෑල්ලක් ලියලා. යකෝ Quarter කියනවා. හතරෙන් කොටසට, කාලට, තුන්මාසයට, දිශාවට, රාත්තල් 28 ට, බුසල් 8 ට, සතුන්ගේ කකුල්/අත්පාවලට.
    උඹ ඇයි බං මෙච්චර සිංහල භාෂාව එක්ක වෛර? පොල් තෙල් කාර්තුවක් දෙන්න මුදලාලි. අද හවසට මං කන්නේ පාන් කාර්තුවයි..

    ඉතිං අපට පාන් ද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.