Monday 16 February 2015

පාන් කෑමේ දුසිරිතෙන් ගැලවෙමු! - Limit your carb intake!


කොටින්ම කියනවා නම් දැන් නම් පාන් නො කාපාන් ය!

දැන් මෙන්න දිගින්ම කීම හෙවත් වැඩි විස්තර.

කුඩා කාලයේ සිටම මම පාන් කෑමට ප්‍රිය කළෙමි. ඒ බොහෝ විට උදෑසනට ය. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමෙන් අනතුරුව ටික දිනක් දුක් විඳ පසුව කටට හුරු පුරුදු රසය දෙන පාන් වර්ගයක්සොයා ගත්තෙමි. ඒ කාලයේ මා කැමති ඒ පාන් වර්ගය නිකරුණේ තාංගීක වෙනු දැක සිතට දුකක් ඇතිවුණු කතන්දරයක් ද ඔබට කියා ඇත.

ලංකාවේ දී මා කෑවේ එක්කෝ පාන් පෙත්තකි, නැතිනම් දෙකකි. පෙත්තක් කෑවේ පාන් ගෙඩිය දෙකට කෑපූ විටය. දෙකක් කෑවේ පාන් ගෙඩිය හතරට කැපූ විටය.

ඕස්ට්‍රේලියාවේ දී මා කන පාන් ආණ්ඩුවෙන්ම පෙති කපා පොලිතීන් බෑගයක අසුරා ඇති නිසා අමුතුවෙන් පෙති කැපීමක් අවශ්‍ය නොවේ. ග්‍රෑම් 750 පාන් ගෙඩියක පෙති 16 ක් ඇත. කොන් දෙකේ ඇති තුනී පෙති ද සැළකුවහොත් දහ අටකි.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පසු මා බොහෝ දිනවල උදෑසන ආහාරය සඳහා කෑවේ පාන් පෙති හතරකි. ඒ මාගරින් සහ ජෑම් තවරාය. මීට අමතරව දිවා ආහාරයට ද සැන්ඩ්විච් කන්නට ද පුරුදු වුණෙමි. එනම්, සතියේ දිනවල මගේ කුස තුළට තවත් පාන් පෙති හතරක් පිවිසෙයි.

හවස කාර්යාලයේ වැඩ රාජකාරී නිමවා නිවසට පැමිණි පසු, කුසගින්නක් දැනුනහොත් තේ කෝප්පයක් සමග තවත් පාන් පෙත්තක් දෙකක් රස විඳීමට ද මම සමහර දිනක පෙළඹුනෙමි.

මෙසේ වසර ගණනාවක් ගත විය.

දිනක් ලේ පරීක්‍ෂාවක් කර, එහි තොරතුරු ගැන වෛද්‍යවරයා සමග කතා කිරීමේදී වැටහුණේ එන පොට හොඳ නැති බවයි. ඇත්තටම කියනවා නම් දැනටම හොඳ නැති බවයි.

හිත හිතා ඉන්නට කාලයක් නැත. වහාම ක්‍රියාත්මක විය යුතු බව මට වැටහිණි.

මා කළේ මෙයයි.

උදෑසනට කෑ පාන් ප්‍රමාණය පෙති හතරේ සිට ශූන්‍යය දක්වා අඩු කළෙමි. දිවා ආහාරයේ පාන් ප්‍රමාණය ද කුඩා පෙති දෙකකට අඩු කළෙමි. එයට සමාන්තරව කාලයක් තිස්සේ රසවිඳි කටට රහ කෙසේ වෙතත් පෝෂණ ගුණයෙන් අඩු සම්මත සුදු පැහැති පාන් වෙනුවට, තිරිඟු පිටි නිවුඩ්ඩ ද අඩංගු පිටිවලින් තනන දුඹුරු පැහැති පාන්වලට මාරු වුණෙමි.

රාත්‍රී ආහාරයේ බත් පිඟානේ බත් ප්‍රමාණය අඩකින් අඩු කර ඒ හිඩැස එළවලුවලින් පිරවූයෙමි.

උදෑසනට පාන් කා පාන් ගේ සිට පාන් නොකාපාන් දක්වා ජීවිතය වෙනස් කරගත් පසු දැන් මගේ උදෑසන ආහාරය වී ඇත්තේ කෙසෙල් ගෙඩියක් සහ වෙනත් පළතුරු, යෝගට් සහ කිරි වේ. මේවා කෙලින්ම ගිල දැමිය හැකි වුවද මා කරන්නේ බ්ලෙන්ඩරයක දමා අඹරා මිශ්‍රකර ස්මූතියක් හෙවත් මෘදු පානයක් සාදා පානය කිරීමයි.

මෙන්න අද උදෑසන මගේ ආහාර විස්තරය සහ එය සාදා ගත් ආකාරය.

ආහාර ද්‍රව්‍ය:
කෙසෙල් ගෙඩියක්
පළතුරු (නිවසේ ඇති ඕනෑම පලතුරක්)
මූස්ලි (Muesli) නම් ධාන්‍ය මිශ්‍රණය
කිරි ස්වල්පයක් (වතුර ද යොදා ගත් හැක)
යෝගට් (අවශ්‍යම නැත)


අවශ්‍ය වෙනත් දේ:
බ්ලෙන්ඩරයක් හෝ එවැනි වෙතන් උපකරණයක්
සාදන ක්‍රමය:
පලතුරු කැබලි කර එය බ්ලෙන්ඩරයේ භාජනය තුලට දමා අවශ්‍ය පරිදි කිරි/වතුර සහ යෝගට් එකතු කර හොඳින් යන්ත්‍රානුසාරයෙන් දියරයක් බවට පත්වෙන තුරු මිශ්‍රකර ගන්න.

මා මේ සඳහා පාවිච්චි කරන උපකරණයේ අදාල භාජනයම මිශ්‍රණය පානය කිරීම සඳහාද යොදා ගත හැක.

කලින් මා කීවාක් මෙන් දැන් ඉතින් උදේට නම් පාන් නො කාපාන් ය.

දවල් කෑම ගැන පසු දිනක ලියමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙය මගේ පෞද්ගලික අත්දැකීමක විස්තරයක් මිස සෞඛ්‍යමය අවවාදයක් නොවේ.

(image: http://www.melaniehawksley.com/?tag=low-carb)

58 comments:

  1. වයිද්‍ය උපදේශය නම් කිරි සහ පලතුරු එකට අනුභව කිරීම ගැස්ට්‍රික් ඇතිවීමට හේතු පාදක බවයි..

    ReplyDelete
    Replies
    1. බොරු කතාවක් ... මුලාශ්‍රයක් සඳහන් කරන පුලුවන්ද ???

      ගැස්ට්‍රික් ඇතිවීමට හේතු
      Helicobacter pylori බැක්ටීරියා ආසාදනය
      Pernicious anemia තත්වය
      Bile ආමාශය වෙත නැවත ඒමේ තත්වය
      ඇස්ප්‍රින් වැනි බෙහෙත් ද්‍රවය , වේදනා නාශක නිතර භාවිතය


      ලංකාවේ ගැස්ට්‍රික් ඇතිවීමට හේතු
      අධි සාන්ද්‍රනයෙන් රසකාරක අඩංගු ආහාර ගැනීම
      හිස්බඩ මත්පැන් පානය
      කසල තේ පානය
      අපවිත්‍ර ආහාර හරහා Helicobacter pylori බැක්ටීරියාව සැලකිය යුතු ලෙස ශරීර ගත වීම

      Delete
    2. සරත්,
      දොස්තර නං කිව්වේ පෙති බොන්න කියලායි. මායි පාන්, බත් අඩු කරලා පළතුරු සහ එළවළු වැඩිය කන්න පටන් ගත්තේ.
      කිරි සහ යෝගට්වලින් නම් ගැස්ට්‍රිටයිටිස් හැදෙන්න බෑ. ඒවා හැදෙන්නේ ආම්ලික/ඇසිඩ් ගතිය නිසානේ. කිරි බාෂ්මිකයි.
      හැබැයි කෙසෙල් සහ කිරි සංයෝගය වගේම යෝගට් සහ පළතුරු සංයෝගද අගුණ බව ආයුර්වේදයේ පැවසෙන බව නම් කියවා තියෙනවා.
      කෙසේ වෙතත් කිරි සහ යෝගට් අත්‍යවශ්‍ය නෑ. මගේ බිරිඳ බොන්නේ වතඔර සමග මිශ්‍ර කරළායි. මාත් එසේ කරන්න ඕනෑ. මහසොහොන් කියා තියෙනවා වගේ පලතුරු යුෂත් හොඳයි වගේ. මොකද දියර ජාතියක් නැතුව මේ ජාති මිශ්‍ර වෙන්නේ නෑ!

      Delete
    3. @මසොපි
      හිස්බඩ මත්පැන් කියන්නේ උදේ පාන්දර තේ වෙනුවට බොනවා කියන එක නොවෙයි, හවස් වරුවේ බඩගිනි වෙලාවක රෑට කන්න කලින් බොනවා කයින එක නේද?

      Delete
    4. සරත්, මහසෝන් නිවැරදියි. කිරි හා පලතුරු එකවර කෑම අගුණයි හෝ ගැස්ට්‍රික් ඇතිකරනවා කියලා මාත් දන්නා තරමට සොයාගෙන නැහැ (සමහරුනට මේ දෙකම ආසාත්මික තත්ත්ව ඈති කිරීම වෙනම දෙයක්).

      හැබැයි රසික යෝගර්ට් වැටෙන්නේ ආම්ලික ආහාරයක් හැටියට. යෝගර්ට් නම් ඇත්තටම ආම්ලිකයි. හැබැයි, ආහාරයක් ආම්ලික හෝ භාෂ්මික වන්නේ එහි පී ඒච් අගයෙන්ම නොවේ. බොහෝ "ආම්ලික" පළතුරු හා බොහෝ එළවලු සැලකෙන්නේ භාෂ්මික ආහාර හැටියට. මොකද පරිවුර්තිය ක්‍රියා වලින් පසුව ශරීරයේ ඉතිරි වන්නේ භාෂ්මික ඵලයන්.

      Delete
    5. ඇති තරම් මුලාශ්‍ර එක්ක කියන්ට පුළුවන් අර හෙලිකොබැක්ටර් පයිලෝරි (Helicobacter pylori) කතාව ඇත්ත කියලා. ඒවා ආමාශයේ බිත්තිය බොහොම ඇතුලට ගමන් කරන හින්දා ආසාදනය අයින් කරන එකත් අමාරු වැඩක්.
      ගැස්ට්‍රයිටිස් වලින් ආමාශයේ පිළිකා එහෙමත් බොහොම ලේසියෙන් ඇති වෙන්ට පුළුවන්. පරිස්සමින්.

      Delete
    6. කිරි සමග පලතුරු ආහාරයට ගැනීම ඉන්දියානු යෝගීන් විසින් වසර දහස් ගණනක් පුරා කරගෙන එන දෙයකි . දැනටත් ඉන්දියානු ආශ්‍රම වල ඉන්න සමහර යෝගීන්ගේ එකම ආහාරය වෙන්නේ එයයි . එය කය නොවෙහෙසන ශරීර වලට ඉතාමත් සුදුසුයි කියල තමයි කියන්නේ . Dairy along with fruit have been described as the epitome of the sattvic or yogic diet.

      Delete
    7. මේක ගත්තේ වෙළඳ අඩෙවියකින් වුවත්, එහි තියෙන්නේ බොරුවක් නොවේ. Milk is the natural food of the mammalian young, each species producing milk peculiarly and precisely adapted to the various needs of its own young. It is the rule that, the young take the milk alone and not in combinations with other foods. Milo Hastings once objected that calves will take milk and, a few minutes later, eat grass. But, we are not to forget that the calf has a few more stomachs than we and can do this without difficulty.

      Milk acts as a gastric insulator. Its cream inhibits the outpouring of gastric juice for some time after the meal is eaten. Milk does not digest in the stomach, but in the duodenum, hence, in the presence of milk the stomach does not respond with its secretion. This prevents the digestion of other foods introduced along with the milk. Perhaps milk could be taken with starch, if it was pure starch, but no starch food is pure starch. The use of acid fruits with milk does not cause any trouble, and apparently does not conflict with its digestion.//

      Delete
    8. රයිගම
      කිරි භාෂ්මිකයැයි මා සිතුවේ ඇසිඩ් බීපු අයට කිරි පොවන නිසයි. ඉතිං කිරි භාෂ්මික නම් යෝගට් එසේ නොවේ යැයි කෙසේ හිතන්නද?

      Delete
    9. මසොපි
      යොගීන් ආහාරයට ගන්නා නිසා ම නේද යෝගට් යන නම හැදුනේත්?
      හැබැයි, යෝගී ලා ගේ ධ්‍යාන බිදෙනවා ඇති බඩ බුරුල්වීම නිසා!

      Delete
    10. @කසිප්පු කුමාර
      ස්තුතියි. කෂියා බීවමත් ගැස්ට්‍රිටයිටිස් හැදෙනවා වගේ?

      Delete
    11. රසික, මා ඔබේ බ්ලොගයේ කොමෙන්ටු දානවා වැඩි වගේ.

      ඔබේ කිරි කතාව හරි (Fresh milk has a pH of 6.7 and is therefore slightly acidic).

      නමුත් කිරි, යෝගර්ට් වෙන්නේ බැක්ටීරියා මගින් ලැක්ටික් අම්ලය නිපදවීම මගින්. අපේ මුදවපු කිරි හැදෙන්නෙත් මේ වගේ. යෝගර්ට් ආම්ලික වන්නේ එහෙමයි.
      To turn milk into yogurt, these bacteria ferment the milk, turning the lactose sugars in the milk into lactic acid. The lactic acid is what causes the milk, as it ferments, to thicken and taste tart. Because the bacteria have partially broken down the milk already, it is thought to make yogurt easier for us to digest. Additionally, eating yogurt can help replenish the necessary populations of bacteria in your gastrointestinal tract (stomach and intestines) after they have been lost from, for example, taking antibiotics or having an upset stomach.

      Delete
    12. තරහා වෙන්න එපා තවත් ලින්කුවක් මේ. ආහාර කියන්නේ මා කැමති හා ටිකක් කියවා තියන මාතෘකාවක්.

      කලින් මා ලියුවා වගේ ආහාරයේ පිඑච් අගයම නොවේ, ආහාරයක භාෂ්මික හෝ ආම්ලික හෝ නියුට්‍රල්ද කියා තීරණය වන්නේ.

      Delete
  2. ද්විත්ව පුරවැසි ආහාර වට්ටෝරුවක්.. හැක්.. අපේ වීරවංස ගොයියා පාං කනවට ඔය තරං විරුද්ධ උනේ මොකද කියල දැන්වත් තේරුං ගන්නවනං හොදයි.. සත්‍යය පසුවටයි එළියට එන්නේ.. නැද්ද මං අහන්නේ

    ReplyDelete
    Replies
    1. එයා මේක ඩිස්නිලන්තෙන් ඉගෙන ගත්තා නම් වෙන්න බෑ. එහේ සීනි සහ පාන් පුරෝලා!

      පාන් නොකන්න, බල මාළු කන්න කියලා නේද කියන්නේ?

      Delete
    2. http://disneyparks.disney.go.com/blog/2013/10/disney-villains-take-over-the-disneyland-resort-during-halloween-time/

      Delete
    3. ඒ කියන්නේ විමලසේන එහේ ගිහින් තියෙන්නේත් නොවැම්බරයේ?

      මං ගියේත් නොවැම්බරයකම තමයි, ඒත් ඔය කියන චරිත නං බේතකටවත් දැක්කේ නෑ!

      Delete
  3. හුටා .. ඕක මගෙත් පාතරාසේ නේ.
    යෝගට් වෙනුවට අයිස්ක්‍රීම් හැන්දක් දානවා.
    වතුර /කිරි වෙනුවට ඔරිජිනල් ජුස් ටිකක්
    පලතුරු වෙනස් වර්ග වලින් ගන්නවා දිනපතා :)

    ReplyDelete
    Replies
    1. අයිස් ක්‍රීම් කාපු කාලේ නම් ගියා! කෙසෙල්වල, පළතුරු වල ඇති පදම් සීනි තියෙනවානේ.

      මං නං හැමදා කෙසෙල් තමයි බේස් එක, නැති නම් ගතියක් නෑ.

      Delete
    2. //අයිස් ක්‍රීම් කාපු කාලේ නම් ගියා! කෙසෙල්වල, පළතුරු වල ඇති පදම් සීනි තියෙනවානේ.//
      ඇත්ත තමයි .. නමුත් මට සීනි ප්‍රශ්නයක් නෑ නේ ;)

      කෙසෙල් දැම්මේ නැත්නම් ටෙක්ස්චර් එක අවුල් යනවා. ඒක ඕනෑමයි. මන් කිව්වේ අනිත් පලතුරු වර්ග රොටේට් කරන එක ගැන . සමබර විදියට පෝෂ්‍ය ද්‍රව්‍ය සතිය පුරා ලැබෙන විදියට. ඇඟට ලොකු සැහැල්ලුවක් , නිරෝගී බවක් දැනෙනවා ඕක ගැහුවම .. අත්දුටුවයි ප්‍රත්යක්ෂයි නේද ;)

      Delete
    3. මේ ඩබලටම මහාපොදු සාධකයක් දැක්කමද කොහෙද මේ. මේක ජූස් එකක් ගහල සමරන්න වටිනව.

      Delete
    4. මේ ඩබලටම මහාපොදු සාධකයක් දැක්කමද කොහෙද
      +++++++++++++++++++++++++++++++++++

      Delete
    5. මහින්ද දිනනවායැයි දාපු Rs 50,000 ඔට්ටුව පැරදුණාට පස්සේ මසොපි ටිකක් එක විදිහක් නේද?

      Delete
    6. අයියෝ මසොපි.. රසිකව සේප් කරගෙන පනස්දාහ බේරගනිං..

      Delete
  4. මදි මදි..... බඩ පිරෙන්න මදි!

    ReplyDelete
    Replies
    1. බැලු බැල්මට පේන්නේ එහෙම තමයි, හැබැයි ප්‍රායෝගිකව තත්වය වෙනස්.

      තමන් නොබී තීරණවලට එන්න එපා. අර කවුද හිතන් හිටියලු මුද්දරප්පලම්වලින් හදන නිසා රතුපාර වයින් හරිම පැනි රහ ඇතියි කියලා!

      Delete
    2. ඕක පල්ප් එකක් වගේ හදල ගිලිනකොට හොඳට බඩ පිරෙනව ඇති.

      Delete
    3. මං හිතන්නේ ලොකු කෙසෙල් එකකඛඔයි, අඹේකුයි, යෝගට් කප් එකකුයි විතරක් කෑවත් බඩ පිරෙයි. මෙතන ඕට්ස් කියන ධාන්‍ය වර්ගයත් (muesli) තියෙනවානේ.

      Delete
  5. පාන් බාගයක් මිරිස් මාළු හොදියි පොල් සම්බෝලයි එක්ක කනවා වගේ කොහෙද?

    ReplyDelete
    Replies
    1. මෙයා කියනවා පාන් කාපාන් හරිම රසයි කියලා.

      http://helapakade.blogspot.com/2015/02/blog-post_15.html?showComment=1424056613042#c7774479808562073682

      මේ බ්ලොගේ කියනවා පාන් නොකාපාන් කියලා. අම්මපා මාව කරකවලා අතෑරියා වගේ.

      ම්හු... හරියන්නේ නෑ. සතියකට දෙපාරක් රෝස්පාන් කෑම නම් කොරන්නම වෙනවා.

      Delete
    2. සංයමයකින් යුතුව සමබරව කන එක වරදක් නෑ. අසංවරව පාන් කාලා තමයි වැඩේ මේ තත්වයට ආවේ.

      Delete
  6. කකාගේ බ්ලොග් එක මිනිස්සුන්ට අසුබයි කියලා හැලපයාගේ කලින් ලිපියට කොමෙන්ටුවක් දාලා පෙන්නලා දුන්නා.

    ඒ වෙලේ හැලපයා ඇහැව්වා එහෙම කියන්නේ මොකක් හරි රිසර්ච් එකක් කරලද කියලා. කොහොම හරි ඔය කකාගේ පරණ බ්ලොග් එක පටන් ගත්ත කාලේ යුද්ධයේ අවසාන් සමය බවට පත්වෙලා මිනිස්සු සැහෙන ප්‍රමානයක් මැරුණා, අතුරුදහන් උනා. ඊට පස්සේ කකා දැන් ලියනා බ්ලොග් එක පටන් ගත්තා විතරයි මීරියබැද්ද කියන ගමේ නායක් ගිහිල්ලා ළමා ළපටින් අතුලුම් මිනිසුන් සැහෙන ගණනක් මිය ගියා,අතුරුදහන්උනා.

    ඒ වගේම තමයි කකා දැන් බ්ලොග් එකේ ලිපියක් දාන හැම දවසකම වගේ මොකක් හරි දෙයක් වෙලා මිනිස්සු රාශියක් එක තැනකදී මිය යාමට කරුණු කාරනා යෙදෙනවා කියලා කලින් කොමෙටුවේදීත් පෙන්නලා දුන්නා. එකේදී අන්තිමට ඉල්ලුව ඉල්ලීම තමයි "කකා, මම ඉල්ලීම කරන්නේ බොහොම ආයාචනාත්මකව. කරුණාකර මෙම අසුභවාදී බ්ලොග් ලිවිම නවතන්න. අපිට ජිවත් වීමට ඉඩ දෙන්න. අපි කැමතියි අපේ දරු පැටව් සමග එක් දිනක් හෝ වැඩිපුර ජිවත් වෙන්න. ඒ මතකයන් උදුරා ගන්නේ ඇයි? " කියලා.

    කකාට මේක කිව්වම කකා නිකන් කෝචෝක් එකට වගේ එදා ඉදලා හැමදාම ලිපි පොස්ට් කරන්න පටන් ගත්තා. හැබැයි කකාගේ අවාසනාවන්ත බ්ලොග් ලිවිම දැන් කොච්චර දුරදිග ගිහින්ද කිව්වොත් මාපලගම වීරසිංහ සහෝදරයත් හදිසියේ මිය ගිහිං.... ඔහු හදිසියේ මිය ගියෙත් මම මේ කකාගේ බ්ලොග් අඩවියේ අවාසනාව ගැන සදහන් කිරීමට මොහොතක කලින්. මාපලගම සහෝදරයා කුඩා දැරියන් දෙදෙනෙකුගේ ආදරබර පියෙක්. කකාට බොහොම අයචනාත්මකව කිව්වා කරුණාකර මෙම අසුභවාදී බ්ලොග් ලිවිම නවතා අපිට ජිවත් වීමට ඉඩ දෙන්න. අපි කැමතියි අපේ දරු පැටව් සමග එක් දිනක් හෝ වැඩිපුර ජිවත් වෙන්න. ඒ මතකයන් උදුරා ගන්න එපා කියලා. ඒත් දැන් මාපලගම සහෝදරයාගේ මතකයන් උදුරාගෙන ඉවරයි. ඔහුගේ බිරිඳ,කුඩා දරුවන් දෙදෙනා තනිවෙලා... අවුරුදු 10 යෙදී වගේ පියා අහිමි වීම ඒ දැරියන්ට කොයිතරම් බලපෑමක්ද? කකා ආඩම්බර වෙනවා කකාගේ දුව ගැන. හැබැයි අද මාපලගම සහෝදරයා නැහැ ඔහුගේ දියණියන් ගැන ආඩම්බර වීමට. කරුණාකර කකා මේක කැත විහිළුවක් කියලා නං හිතන්න එපා. ටික දිනක් හෝ බ්ලොග් ලිවිම නවතා දමන්න..

    මාපලගම වීරසිංහ සහෝදරයාගේ හදිසි වෙන්වයාම ගැන අපේ මිතුරකු දැනුම් දුන් අයුරු පහලින් දාලා තියෙනවා.


    මේ තියෙන්නේ මදුරංග මිත්‍රයා ඒක දැනුම් දුන් අයුරු ජායාරුප සමග.


    මේ තියෙන්නේඅපෙන් වෙන්වූ මාපලගම වීරසිංහ ලබැදී මිතුරාගේ ෆේස්බුක් ගිණුම. මේකේ තියෙනවා ඔහුගේ ජායාරුප,පවුලේ ජායාරුප. මෙව්වා දකිද්දී දරාගන්න බැරි දුකක් එන්නේ. කකා කරුණාකර දැන් මේ බ්ලොග් ලිවිම නවතන්න ටික දවසකට හෝ...

    ReplyDelete
    Replies
    1. මැරෙන එවුන්ට මැරෙන්න කියපං බං. කෝටි දෙකකට වැඩිය ඉන්න එකේ දවසකට කවුරුහරි මැරෙන්නත් එපැයි!

      Delete
  7. මගෙ යාලුවෙක් පාන් කාල මලා

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් 3.50 ට පාන් ඉල්ලලා ගුටි කාල මලා

      Delete
  8. මම නම් ගියපු හැම රටේම හොඳම පාන් හොයා ගත්තා.. සොයන්නාට සම්බවේ කියනවා නේ..

    හොඳම පාන් කෑවේ ඊශ්‍රායලයේ.. එහේ ෂබාත් වලට පාන් කෑ යුතුමයි.. ඒ කියන්නේ සෙනසුරාද ෂබාත් පාන් එක බොහෝම රහයි.. පට්ට සොෆ්ට්.. එක එක ප්‍රමාණයෙනුත් තියෙනවා.. "හලා" කියලා කියන්නේ.. දෙයියන්ගේ පිහිටෙන් මම නම් මෙහේ කනවා වගේම රාත්තලක් කනවා කිසි අවුලක් නැතිව..

    පාන් රාත්තල නිකන් හුලං වගේ හරක් මස් බොරට හද්ලා ගත්තාම.. නැට්ට කොටත් අවුලක් නෑ.. ෆේම්ස් රෝස්පාන් සමඟ නැට්ට කොටා බොරට තියෙනවා.. නිට්ටඹුවේ.. පොල් අතු බත් කඩේ.. දෙවිවරු කන්න එන්නෙත් එතනට.. පොල් අතු බත් කඩේ සිනේචොර් ඩිෂ් එක තමයි ඒක..

    ReplyDelete
    Replies
    1. උඹේ රෙසිපිය අපි සමහර දවසට බොන්න ගන්නව. රෝස්පාන් හෝ ඩබල්රෝස් පාන් එක්ක නැට්ට කොටා බොරට. වැඩේ තියෙන්නෙ බීල පිරිමහන්න බෑ.

      Delete
    2. බත් කඩේ දැක ඇත. ගොස් නැත!

      Delete
  9. උදේ කෑම.

    මමනම් කාලයක් තිස්සෙ කරන්නෙ පහමාරට ගහනව වතුර බෝතලයක්. අටහමාරට පළතුරු යහමින් ( ඇපලක්, කෙසෙලක්, ඔරෙන්ජ් ගෙඩියක් ++ ) සමග තව මොනා හරි ( පාන්, කඩල, රොටි වැනි පිටි කෑම තමා ) හොඳට කනව බඩ පිරෙන්න.

    තේ සහ රසකැවිලි වලින් අමතර සීනි නොකා, පොඩි හරි ව්‍යායාම පාරක් දානවනම් ප්‍රියතම පානුයි මසුයි කෑමෙන් වලකින්න වෙන්නෙ නෑ කියන එකයි දසක 4 මගේ අත්දැකීම.

    ReplyDelete
    Replies
    1. පහමාරට නැගිටින්න නම් ඉතිං මට නිදාගන්න කලින් වතුර බෝතලයක් බොන්න වේවි!

      Delete
    2. ඔබේ ක්‍රමය නිවරුදියි. මං මේ කියන්නේ වැඩේ ජෝන් බාස්ට ගියාට පස්සේ කරන වැඩ ගනියි.

      Delete
  10. පොඩි කාලෙ පාන් කකා දුවල වැටිලා පාන් කෑල්ලක් හිරවෙල මැරෙන්ඩ ගිහින් බේරුනා . ඒත් පාන් කියන කෑම තවමත් එපා වෙලා නෑ .
    ජූස් එකට වඩා සැලඩ් එකක් විදිහට තමයි මටනම් රසවිදින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්මූති කියන්නේ ජූස්වලට වඩා ගණත්වය වැඩි දියරයක්.

      Delete
  11. යකෝ උදේට කන්න විදින්න වෙන දුකක් නේද????

    ReplyDelete
    Replies
    1. ජීවිතේම කෝටා එක බාගෙකින් ඉවර වුණාම ඔහොම තමයි!

      Delete
  12. යකෝ අර දොස්තර කකාගෙ මානව අයිතිවාසිකම් වලට වැට බැඳලනෙ.

    ReplyDelete
    Replies
    1. නෑ, දොස්තර කිව්වේ පෙති බොන්නයි. මං තමයි ඩයට් සහ ව්‍යායාම තෝරා ගත්තේ!

      ඒ තමයි මගේ අයිතිවාසිකම පාවිච්චි කිරීම!

      Delete
  13. පළතුරු ජුස් වලට වඩා සැලඩ් වලට ආසයි.කටට සැර මිරිස් හොද්දක් එක්ක පරිප්පු තියේනම් අමරුවෙන් වුණත් රෝස් පාන් ගෙඩියක් කන්න ඇහැකි.

    ReplyDelete
    Replies
    1. ඊයේ ගත්තු රෝස් පාන් ගෙඩිවල සල්ලී
      තරහ නැතුව අදවත් මට දෙනවද මල්ලී?

      Delete
  14. අහවල් කරුමෙද මන්දා බත් නොකෑවොත් දවසම මස්තේ. ආසාවට පාන් කනවා සතියකට විතර දවසක්. එදාට ඉතින් සල්ලි පොලියට දුන්න වගේ වතුරම බීපන් බඩ කලගෙඩිය වෙනකල්. රෑට නං බත් නැත්තං නින්ද යන්නේ නෑ. පාන් කාලා නිදාගත්තම රෑ 1ත 2ත ඇහැරෙනවා බඩගින්නේ. ආයෙත් කුස්සියට රිංගල තියන දෙයක් කෑවම තමයි නින්ද යන්නෙ. අහවල් කරුමෙද මන්ද...

    ReplyDelete
  15. දැන් දවල්ට කමු...:P

    ReplyDelete
  16. සිරාවටම carbs අඩු කරන එක නම් බර අඩු කරන්න සෑහෙන්න දායකත්වයක් දෙනවා කියල මට අත්දැකීමෙන් තේරිලා තියෙන්නේ....
    යෝගර්ට් එක්ක toasted muesli නම් ගොඩක් රසයි නේද...හැබැයි යෝගර්ට් ගන්න කොට මම නම් ප්ලේන් යෝගර්ට් එක ගන්නේ..මොකද වැනිලා, ස්ට්‍රෝබෙරි අනම් මනම් එක්ක එද්දී සීනි ප්‍රතිශතය වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහේ නම් යෝගත් තියෙනවා වර්ග සිය ගාණක් සීනි නැති සහ මේද නැති ඒ වගේම එක එක අපිට හිතාගන්න බැරි ෆ්ලෙවර් වලින්

      Delete
  17. ඒකත් හැබැයි නරකම නෑ වගේ.. දවසක ට්‍රයි කරලා බලන්න ඕන..

    ReplyDelete
  18. මාත් දැන් නවත්තලා තියෙන්නේ,,, එළවලු පලතුරු වලින් ලැබෙන අඩු කැලරි සහ ස්වබාවික සීනි හැර අනෙක් පිටතින් සීනි ගන්න එකත් නවත්තගෙන යන්නේ හිත වගේම ඇගත් සැහැල්ලුයි ,,,නිරෝගියි ,, ස්තුති

    ReplyDelete
  19. අයියා මුස්ලි කියන්නේ මොවද ? ඒ වෙනුවට ලන්කා ව්‍ෙ බාවිතා කල හැක්කේ මොනවාද ?

    ReplyDelete
    Replies
    1. ඕට්ස් යන ධාන්‍ය වර්ගයට පලතුරු වගේ දේ එක්කර සැදූ ආහාරයක්. ආදේශක ගැන නම් නොදනිමි

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.