Thursday 2 April 2015

පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ආපහු දේශපාලනයට ආවොත් හොඳය - Come back, baby, come back!


හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ හෙවත් මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට එන බව අනුමාන කළ හැක.

ඔහු ඒ බව කෙලින්ම කියා නැති නමුත්, විමලසේන ඇතුළු හෙන්ච්මන් ලා කරන ගෝෂාව නිසාත්, එනවාදැයි අසන විට නැතියැයි කෙලින් නොකියන නිසාත්, ඔහු යළි නොඑනවා යැයි සිතීමට වඩා, එනවා යැයි සිතීම වඩා ප්‍රායෝගික බව පෙනේ.

මගේ අවංක අදහස නම් පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නැවත දේශපාලනයට පැමිණියහොත් වඩාත් හොඳ බවයි.

එයට හේතු කිහිපයකි.

ඔහු බලයේ සිටි කාලයට හෝ ජනාධිපති ඡන්දය පැවැත්වුණු කාලයට හෝ වඩා හොඳින්, පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නිසා, අද වන විට මට මා දන්නා හඳුණන අය අතරින් ජාතිවාදීන් යනු කවුරුන්දැයි වෙන්කර හඳුණා ගැනීමට හැකි වී තිබේ. ඡන්දය පැරදුණු දිනට පසු ඒ ආසන්න කාලයේ දී, දුකෙන් තැවෙන රාජපක්‍ෂවාදීන් කෙරෙහි මගේ සිත තුල ඇති වූයේ සැබෑ දුකකි. සන්තාපයකි. ඒ ඔවුන් ඒ දිනවල නැගූ හද කකියවන විලාපය නිසා ය.

අද වන විට ඒ විලාපය, එකම ජාතිවාදී උඩු බිරුමක් බවට පත් වී තිබේ. මිතුරන් ද, මිතුරන් නොවන අය ද අතරින් ජාතිවාදීන් කවුරුන්දැයි මට හඳුනා ගැනීමට ඉතා පහසු වී ඇත්තේ ඒ උඩු බිරුම නිසා ය.

මීට කලකට පෙර මා ලැබූ අත්දැකුමක් ගැන සිහි කරනවා නම්, කුරිරු මිනී මැරුමක ඡායාරූපයක් දුටු විට, ඒ ගැන කම්පාවන්නෝ ද, නිහඬව සිටින්නෝ ද එක සේ සිටිති. ඒ නිහඬව සිටින්නන්ගෙන් බහුතරයක් එසේ ඉන්නේ විස්සෝපයෙන් තුෂ්නිම්භූත වී හෝ මුව ගොළු වී හෝ නොවේ. ඔවුන් නිහඬව සිටින්නේ ඒ අදාල මරණය නිහඬව අනුමත කරමිනි.

මේ අතර තව පිරිසක් කරන්නේ මිනී මැරුම සනාථ කෙරෙන ඡායාරූප ගත් කැමරාවේ වර්ගය හෝ නාභිදුර හෝ වැනි තාක්‍ෂණික කරුණු මතු කිරීමයි.

පශ්චාත් ජනාධිපති ඡන්ද වාතාවරණය තුල ද එළෙස නිහඬව සිටින්නන් ද, කැමරාවේ පිරිවිතර සොයන්නන් ද එමට ය.

රාජපක්‍ෂ නැවත ඡන්දයකට ඉදිරිපත් වුවහොත්, දැනට හඳුණාගෙන ඇති ජාතිවාදීන් පිරිසට අමතරව තවත් කීප දෙනෙක් හෙළිදරව් වෙන්නට ඉඩ ඇති බව පෙනේ.

මා පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ නැවත කරලියට කෙලින්ම එනවා නම් අවංකවම ඒ ගැන කැමති වෙන්නේ මූලිකව ම අන්න ඒ ආත්මාර්ථකාමී හේතුව නිසා ය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජ්‍යොතිෂය තවමත් විශ්වාස කරන අයට මෙන්න සිතන්නට පොඩි නිමිත්තක්.

තම නීත්‍යානුකූල සේවා කාලය නිම වෙන්නට තව වසර දෙකක් ම තිබිය දී පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ හදිසි ජනාධිපති ඡන්දයක් ජනවාරි අටවෙනි දින පැවැත්වූයේ ඇයි ද කියා දන්නවා නොවේද?

ඒ, පසුගිය දෙසැම්බර් මාසය සහ ජනවාරි මාසයේ අටවෙනිදා දක්වා කාලය ජ්‍යෝතිශ්‍යානුකූලව පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ගේ ජීවිතයේ උච්ඡතම අවස්ථාව නිසා ය.

ඡන්දයක් දිනනවා නම්, ජ්‍යෝතිෂ්‍යයට අනුව, දිනන්න තිබුණේ ඒ කාලයේ දී ය.

එතැනින් ඔබ්බට ඇත්තේ පල්ලම් බැසීමේ කාලයයි!

(image: http://evil.gua-le-ni.com/)

38 comments:

  1. ඉස්සරහට අර කියන්න වගේ ජාතිවාදියෝ ටික එක පැත්තකත් දියුණු මිනිස්සු එක පැත්තකත් ඉන්නවා නම් ඒක රටේ ලොකුම ජයක්..

    ReplyDelete
    Replies
    1. සරත් සමඟ එකඟයි, දියුණු මිනිස්සුන්ට ජාතිවාදියෝ වෙන්න බෑ, ඒත් ගොඩක් අය විශ්වාස කරන්නේ තමුන් තමයි දියුණු මිනිස්සු කියලනේ (මාත් එහෙමයි හිතන්නේ).

      Delete
    2. එකෙම්ම මගෙත් බලාපොරොත්තුවක්

      Delete
    3. දියුණු මිනිස්සු ඕස්ට්‍රේලියා ගියානේ. දැන් මෙහේ ඉන්නේ ඇබෝරිජින්ස්ලා වගේ කට්ටියක්නේ. ඒකනේ කේස් එක. ඕස්ට්‍රේලියා ගිය කට්ටිය අපිට කෝචොක් නොදා ඉන්නවානම් හොඳයි. ඕස්ට්‍රේලියා සුද්දෝ අබෝරිජින් ළමයින්ට ඉස්සර කොරල තියන ඒවා පුලුවන්න්නම් ලියපල්ලකෝ ඉන්ගිරිසියෙන්ම.

      Delete
  2. අප්පච්චි මලා... මේ දවස්වල කට්ටිය එකතු වෙලා අවමගුල් උත්සවය සංවිධානය කරනවා.. ඒකෙන් පස්සෙ තමයි භූමදාන කටයුතු....

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ පිල්ලිය (zombie) යවනවද?

      ඒක කිව්වහමයි මතක්වුනේ දේශපාලනයේ හඳහන්, ගස්, ගල්, පූජා, වසී බෝල, තෙල්, කෝවිල් විහාර දේවාල ආදිය තිබුනට තාම් පිල්ලි යැවීම වගේ සයන්ස් ෆික්ශන් කුම් හොරර් වගේ ෆන් දෙවල් නෑ වගේ නේද?
      වාසුදේව (මිනිහට කොහොමත් හොඳ හොරර් ලූක් එක දැන් තියනව ) කල්ලිය ඒ අඩුව පුරවනව වගේ නේ.

      A ගොම්මන් Production .! A යටිගිරියේ ඩිනේශ් direction .......
      "Wimalastein's Monster" .... Coming soon to a stage near you !

      Delete
    2. //A ගොම්මන් Production .! A යටිගිරියේ ඩිනේශ් direction .......
      "Wimalastein's Monster" .... Coming soon to a stage near you !//

      පට්ට හලෝ! මහින්දගෙ අලුත් කැම්පේන් එකට පාවිච්චි කරන්න නියමයි මේක.

      Delete
    3. ඉස්සර අපේ තාත්තගේ ගමේ හිටියා මළ ගෙවල් වල කවි කියන එකෙක්. හරියට ඔය දිනේස් වගේමයි.. ඌට මයික් ඕන නෑ.. අහල ගම් හතකට ඇහෙන්න බෙරිහන් දෙනවා.. තාත්තා කියන්නේ මිනීය නැගිටියිද කියලා බයයි කියලා... මට දැක්ක දවසේ ඉඳන් දිරවන්නේ නැති ඩයල් එකක්.. මෙළෝ රහක් නැති කබ්බ හොරෙක්...

      Delete
    4. //A ගොම්මන් Production .! A යටිගිරියේ ඩිනේශ් direction .......
      "Wimalastein's Monster" .... Coming soon to a stage near you !//

      පට්ට...මේව සිරාවෙයි කියල භය හිතෙන රටක අපි ඉන්නෙ හොඳේ

      Delete
  3. සාදාරණ , එමෙන්ම අන් අයට කරදරයක් නොවී තමන්ගේ ජීවිතය ගෙනයාමට නොදන්නා ආත්මාර්ථකාමී පුද්ගලයෝ කෙසේහෝ තාමගේ මඩිය තරකර ගැනීමට උපයෝගී කරගන්නා එක මාර්ගයක් තමා , ජාතිවාදය හෝ ආගම් වාදය , ජාතිවාදී , ආගම්වාදී පුද්ගලයින් පෙර කාලයේ රොඩී පුද්ගලයින්ගේ ගානට දමා සැලකිය යුතුයි .

    ReplyDelete
  4. //ජ්‍යොතිෂය තවමත් විශ්වාස කරන අයට මෙන්න සිතන්නට පොඩි නිමිත්තක්.//
    ජ්‍යොතිෂය විතරක් නෙවෙයි ඕනම මඟුලක් විශ්වාස අදහන ( අවිශ්වාස නොකරන) අයගේ පොදු ලක්ෂණයක් තමයි, සාත්තරය වැරදුනත් ගුරුන්නාන්සෙලා දෙන එක්ස්ප්ලෙනේෂන් හොඳින්ම ගිලලා, කිලි, අතපසුවීම් සහ දූෂඨයෝ හඳුනගෙන ඉස්සෙල්ලට වඩා භක්තිමත්ව කැපවීමෙන් කටයුතු කිරීම. එතන මොන ලොජික් එකකටවත් ඉඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ලොජික්වලට ඉඩ නෑ විතරක් නෙමෙයි. වාදයකදී අතාර්කිකබව හැමවිටම තාර්කිකබව පරදවනවා. අන්ධ විශ්වාසයට සීමා රීති බලනොපායි. .

      Delete
    2. ලබ්ධිය ඇති තැන බුද්ධියට ඉඩ නෑ

      Delete
  5. පර්සි මහේන්ද්‍ර යලි එනවානම් මාත් ඇත්තටම කැමතිය. මන්ද ඒ මරණය කර තබාගෙන ඇවිදින බාගෙට පණගිය අර විහිළු කාරයින් හතරදෙනාද ඒ සමඟම වල දා අවසානයක් කල හැකි බැවිණි.

    ReplyDelete
  6. එයාට දේශපාලනයට එන්න ඉන්ධන, වාහන, ආරක්ෂාව එහෙම මදිය කියන්නේ...

    ReplyDelete
  7. කවුරු මොනා කීවත් අපි නම් මහින්ද නැවත ජනාදිපති කිරීමේ ව්යාපෘතිය ඉදිරියටම ගෙන යෑමට කටයුතු කරන අතර ඒ බව ප්‍රසිද්දියේ කීමට නිර්බීත වෙමු...


    ඔවු ඔවු... මහින්ද හොරා තමා... අපිත් හොරු නිසා අපිට ගැලපෙන්නේ මහින්ද මහත්තයාය.

    ReplyDelete
    Replies
    1. "මහින්ද හොරා තමා... අපිත් හොරු නිසා අපිට ගැලපෙන්නේ මහින්ද මහත්තයා"

      ඕක තමයි ඇත්ත

      Delete
    2. මම නම් නොදියුනු, අහුවෙන්නෙ නැහැ කියා හිතෙන විට හොරකම් කරනා, ලාවට කොටුවක් පැනගෙන ඉන්නා හාදයෙක් මි.

      මා දන්න කියනා බොහේ දෙනා ද මා වැනි උදවිය ය.

      හැබැයි සිංහල බොග් අවකාසේට ආවාට පස්සේ නම් මම බොහෝ දියුනු, හොරකමක් නොකරන සිහිනෙන් වත් පවු නොකරන හාදයො සහ හාදියෝ මෙහි ඉන්නා බව දැනගතිමි.

      එතුමන්ලා හා එතුමියන්ලාට මගේ අහවල් මෙවුවා එක!

      Delete
    3. උඹට ඕක නමින් ඇවිත් කියන්න පුලුවන් උනානම් තමා වටින්නෙ. සුඩෝනිමස් ඔහොම කිව්ව කියල පුද්ගලිකව අවුලක් නෑනෙ.

      Delete
  8. හපොයි සැර වැඩියි මේ බලාපොරොත්තුව.

    ReplyDelete
  9. මේක හරියට හීතල නැතිවෙයිද බලන්න ගෙට ගිනිතිව්ව වගේ.

    ReplyDelete
  10. ලෝකයේ එක එක කාලෙට එක එක විදිහේ ට්‍රෙන්ඩ් තියනවනේ, දැන් මහින්ද ගේ වගේ පාලනයන් ජන්දයෙන් පරදින කාලය ලෝකයේ කරුප්ෂන් ඉහළම පාලකයෙක් හිටිය නයිජීරියාවත් පැරදිලා. එහෙම පැරදෙන එක හොඳයි නැත්නම් මේ මේ හිටපු පාලකයන් ගේ අනියම් අතුරු හමුදා (බො බලේ වගේ ) ඒවා එයාලගේ පාලනයෙන් ගිලිහිලා අයි සිස්, බෝකෝහරාම් වගේ ලොකයටම විනාශකාරී ඒවා බවට පත්වෙනවා. අපේ වාසනාවට එතෙන්ට එන්න ඉස්සෙල්ලා මහින්ද විසිවුනා, මහින්ද ආයේ එන්න ආවොත් ඉන්දියාවේ රෝ එක අත්දෙක බැඳගෙන නිකන් ඉදීවිද?

    ReplyDelete
  11. ලක්ෂ කීයක්ද මන්දා මහින්දටත් ඡන්දේ දුන්නානේ... මෙත්‍රී නිදහස් පක්ශේ හයිජැක් කල එකෙන් උන්ව නියෝජනය කරන කෙනෙක් නැතිවුනානේ.. ඉතිං උන්ට යන කලක් තියෙන්න එපැයි...

    මම හිතන්නේ අපෝ මෙන්න මූ ආයේ එනවා කියනවට වැඩිය යහපාලන ෆ්‍රෙන්ඩ්ලි ඇවිල්ලා පුළුවන්නම් දිනලා පෙන්නපන් කියන එකයි...

    ReplyDelete
  12. අත කරකවන ජොබ් එක කරන ඔබාමාට වැඩක් තියෙන්ට එපැය . ඒනිසා මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට එන එක හොඳයි . එතකොට ඇමෙරිකාව අපිට ගොඩාක් ආධාර කරයි. මොකද මිනිහට වැඩ ඕන ලෝකෙට පෙන්වන්න.

    ReplyDelete
    Replies
    1. ආ ඔබාම යි මහින්ද යි දැන් ප්‍රෙඩා ල ද?

      Delete
  13. එයාගේ නමද ඒ අදමයි ඇහුවේ මං..

    ReplyDelete
  14. "මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඔහු ජනාධිපති වග තවම දන්නේ නැති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එයා පැරදුනු වග තවම දන්නේ නැත. තමා අගමැති වරයෙක් බව හරියටම දන්නේ රනිල් වික්‍රමසිoහ මහතා පමණි."
    From FB

    ReplyDelete
  15. මමත් මහින්ද ආපහු එනවට කැමතියි. ඒත් ඔය සමහර පොළොවේ පය ගහපු නැති අය කියනවා වගේ ජාතිවාදියෝ සහ පොරවල් වෙන් කරලා අඳුනගන්න නෙවී. නවත්තපු පාරවල් ටික හදාගන්න. නවත්තපු පෝර්ට් සිටි එක හදාගන්න, කොටියා ආයේ එන එක වළක්වන්න, කොන්දක් තියෙන මිනිහෙක් රටේ නායකයා වෙලා ඉන්නවා දකින්න වගේ දේවල්.

    අනිත් එක මහින්ද තමයි සිංහල මිනිස්සු යන එන බස් වලට බෝම්බ තියපු ජාතිවාදියෝ ටික නැති කලේ. උතුරේ මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න මග පාදලා දුන්නේ. හුඟක් පොරවල් කැමති වුනේ යුද්දේ තියෙනවට. එතකොට හරි හරි ජාති බ්ලොග් වල ලියන්න තිබුණා නොවැ.

    ReplyDelete
    Replies
    1. මහින්ද එනවට කැමති මේ වගේ පුරන් වෙච්චි අප්පුවල තමා.

      Delete
    2. පුරන් අප්පුවෝ, යන්තං ඔය මන්තරේ ඇහෙන්නෙ නැතුව කල් පැනල තිබ්බ. දැන් එව්ව ඇහෙන්නෙ තැන තැන ටවුන් වල කාලෙන් කාලෙට ලෙමන්පෆ් බුවාලා පවත්වන පාංශුකූල දේශනා වල විතරයි. උඹල තවත් ඔව්ව කියවනවා. මල කරදරේ...

      Delete
    3. උඹලා කියන ඒවා ඇහෙන්නේ බ්ලොග් වල විතරයි. මිනිස්සු කියන කතා උඹලට ඇහෙන්නේ නැහැ.

      Delete
  16. ආවොත් හොඳය,මොකද නැවත නොඑන්නම ආයෙමත් යවත හැකි නිසා.

    ReplyDelete
  17. කොහොමත් විමල්ගේ සැට් ඒක මහින්ද ව හම ගහලාම ඉවර කරයි වගේ... ගියපාර පැරදුනාට ටිකක් අවුල් වගේනේ... මේ පාර නම් හිතේ හැටියට වැඩේ කරගනිවි................. කම් බේබි........... කම්

    ReplyDelete
  18. රසික,

    අපි බලන්න ඕනේ සිදුවුයේ මොකද්ද කියල ?

    පැරදුනු පසු පක්ෂයේ නායකත්වය ගෙඩිය පිටින් My3 දෙනවා එහෙම පවරා දෙන්නේ ඇයි ?
    ඔහු දන්නවා කරනලද දුෂණ බිලියන ගණනක් බව My3 සමග ගැටුනොත් මෙම වැරදිවලට දඩුවම් විදින්න සිදුවෙනවා.

    අනෙක් අතට My3 බලයට ආවත් මහින්දට විරුද්දව ක්‍රියාකරන්නේ නෑ
    මිට හේතු කීපයක් තියනවා

    01. සිංහල ජනමතය තමාට විරෝද බලවේගයක් කර නොගන්න
    02. ජනාදිපති බලතල තවදුරටත් තබාගැනීමට
    03. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමාට හිතවත් පිරිස වැඩිකරගැනීමට (My3 දන්නවා එක්සත් ජාතික පක්ෂය සහ රනිල් කෙසේ හෝ බලය ලබාගන්න උත්සාහයේදී එය තුලනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඔහුට අවශ්‍යයි )
    04. මතක තියාගන්න මොවුන් දෙසපලන්යයන් බවත් මහින්ද යනු දැනට ලෝකයේ සිටින දනවත්ම පුද්ගලයන් කීප දෙනෙක්ගෙන් කෙනෙක් ඔහුට ඕනෑම කෙනෙක් මිලදී ගතහැකියි. My3 මෝඩයෙක් නෙමෙයි ඔහු දන්නවා මෙය දැලිපිහියෙන් කිරිපැණි කනවා වගේ වැඩක් නොවන බව.
    05. අප සිංහල ජන මනස නිවැරදිව හනුනනවානම් මහින්ද කොපමණ අයතා වැඩ කලත් ඔහුට විරුද්දව නිතිය ක්‍රියාත්මක වන මුල් අවස්ථාවේදීම ජනතා අනුකම්පාව ඔහුට ලැබී නැවත වීරයෙක් වීමයි සිදුවන්නේ.

    අවසාන ලෙස හැමදාමත් මතක්කරන විදියට මට මැක්කා ගේ කතාව මතකයට එයි එනම්
    මහජනයා වන අපි දන්නවා දෙසපලන්යයන් බවට පත්වීමට වියදම් කිරීමට වෙන මුදල නිතියනුකුලව ඔවුන්ට ලබාගැනීමට නොහැකි බව
    අප සිදු කර ඇත්තේ එය නීතිවිරෝදී ලෙස ලබාගැනීමට සැලසීමයි.

    බොහෝ අය මගෙන් අහන ප්‍රශ්නය නිතිවිරෝදිව මොවුන් ලබන මුදල නිතියනුකුලව ලබාදීම කොතරම් සාදරණද යන්නයි.
    මොවුන් තේරුම් නොගන්න කරනව නම් නිතියනුකුලව ඉහල වැටුපක් ලබන ආත්ම ගරුත්වයක් ඇති කෙනෙක් මහා වංචා වලට පෙළබිම
    ඉතා අඩු බවයි .

    කලයුත්තේ දැඩි නීතිත් ඉහල වේතන යන දෙකම එකවර ක්‍රියාත්මක කිරීමයි.

    ReplyDelete
  19. පේන විදිහට නම් ආයෙම ඒවි වගේ.. ඒත් ඒ මහින්දාගමනය කොතනින් කොහොම වෙයිද කියන එකයි තාම හිතා ගන්න බැරි..

    ReplyDelete
  20. මහින්දගේ වරදක් නැත. ඔහු කළේ මේ රටේ ජනකොටසක් නියෝජනය කිරීමයි. ඔහු ඒ ජනතාවගේ නියෝජිතයායි.

    මුව රැළේ නායකයා මුවෙකි. වඳුරු රැළේ නායකයා වඳුරෙකි. හොර මුලේ නායකයා හොරෙකි.

    ReplyDelete
  21. මම මේ පාර බ්ලොග් සම්මාන උළෙලට ආවම දැන ගත්ත දෙයක්. අපේ මව් තුමී මෙතුමාට චන්දෙ දුන්න විතරක් නෙමේ බලන්න යන්න ලෑස්තිය. උන්ද වයසක නිසා මන් කිව්වා යන්න එපා කියල. හැබැයි මම නිකමට වගේ ඇහුවා වෙන කවුද යන්නේ , කවුද සල්ලි ගෙවන්නේ වගේ දෙයක්. එතකොට කිව්වා ගමේ යන කට්ටියයි සාර්ථක මේ ලි බඩු වෙලන්දෙක් තමා වැඩේ ෆන්ඩ් කරන්නේ කියල. මේ ගමම යුඇන්පී. මන් ඇහැව්වා ඇයි හත්තිලව්වේ මේ යුඇන්පී කාරයොත් යන්නේ මොකද කියල. "අනේ මොකද ඉතින් එතුමත් බලා ගෙන කිරි වෙහෙරත් වැඳ පුදා ගෙන එන්නේ. නිකම් යන්ඩත් ලැබෙනවනේ කියල." මම එපා කියපු නිසා අම්ම ගියේ නැහැ. මට ඊට පස්සේ මතක් වුනේ. අර ලෙනින් ගේ මිනිය තියෙන සමරු ගේ ඔස්කව් වල . අර රුසියානුවෝ හෙම පෝලිමේ බලන්න යන්නේ. අනේ මේ මනුස්සය තවම ජිවත් වෙලා ඉන්නවා නේද කියල. මෙයාලා දැම්මම "මරා " ගෙන නේද ? කියල හිතුන.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.