Wednesday 10 February 2016

මා මළ පසු මෙන්න මෙහෙම කරන්න, හොඳේ? - What to do when I die (if you are still around!)


මගේ සීයා, එනම් පියා ගේ පියා, කලකට පෙර මිය ගියේය. ඔහු ගේ සිරුර දැවූ සොහොනේ අළු සහිත මුට්ටිය රුගෙන කුලී කාර් එකකින් කැලණි ගඟ අසබඩ දන්නා හඳුනන ස්ථානයකට රැගෙන ගිය මගේ පියා ඒ අළු මුට්ටිය හිල් කර ගඟේ පා කර යැවීය.

ඔහු ඒ ගමනට මා ද මගේ සොහොයුරෙකු ද එක් කර ගත්තේය. ඒ අප මෝටර් රථයකින් රැගෙන ගොස් සතුටු කිරීමට ම නොවෙන බව පසුව මට වැටහිණි.

එය මට වැටහුණේ මීට වසර පහකට කලිනි. ඒ මගේ පියා මිය ගිය පසුය.

පියා ගේ භෂ්මාවශේෂ රැගෙන මාත් මගේ මල්ලීත්, මල්ලී ගේ පුතාලා දෙදෙනා ද සමග ඔහු ගේ වාහනයෙන් කැලණිය පන්සල අසලට ගියෙමු. පාරුවෙන් ගඟ මැදට ගිය අපි ඒ අළු බඳුන හිල් කර දියේ පා කර හැරියෙමු.

මොහොතකින් තාත්තා ගේ භෂ්මාවශේෂ සහිත මුට්ටිය දියේ ගිලී නොපෙනී ගියේය.

දිනෙක මට ද, මගේ මල්ලීට ද අයත් වෙනු ඇත්තේ ඒ ඉරණමයි.

සොහොන් නැත. සැමරුම් නැත.

"මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි!" යැයි මහගම සේකර ලියා අමරදේව ගැයුවේ ය.

මගේ අදහස නම් සොහොන් කොත් යනු අනවශ්‍ය දෙයක් බවයි. මේ ලෝකයේ ඉපදී මිය යන සියලු දෙනා වෙනුවෙන් සොහොන් කොත් බැන්ඳොත් ලෝකය විනාශ වී යනු ඇත. ඉතුරුවෙනු ඇත්තේ සොහොන් කොත් පමණි.

ඒත් සොහොන් කොත්වල ලියන්නට යැයි පැවසෙන දුක් ගී?

දුක් ගීවල නම් යම් වැදගත්කමක් ඇත. ඒ මිය ගිය පුද්ගලයින්ට නොව, ඔවුන් වෙනුවෙන් දුක් ගී ලියන ජීවත්වන්නන්ට ය.

නමුත්, ඒ ආකාරයට දුක් ගී ලිවීමට සොහොන් කොතක් බැඳීම ම අවශ්‍ය නොවේ!

කෙදිනක හෝ මා මළ පසු මා වෙනුවෙන් දුක් ගී ලියන්නට සිතැති අයගේ ප්‍රයෝජනය පිණිස, සයිබර් දුක් ගී පිටුවක් අරඹන්නට මා සිතුවේ ඒ නිසාය.

එය මේ රසිකොලොජි බ්ලොගයේ ම පිටුවකි. දැනට ම එය සකසා අනාගතයේ දිනයක් සහ වේලාවක් යොදා පළවීමට සලසා ඇත්තෙමි.

දිනෙන් දින ඒ නියමිත දවස කල් දැමීමට අදහස් කරන නිසා, එය ඔබට පෙනෙනු ඇත්තේ යම් දිනක මා මිය ගොස්, එසේ දිනය වෙනස් කිරීමට මට නොහැකි වූ විටය.

කොහොමද මගෙ ටිකිරි මොළේ?

යම් හෙයකින් මගේ මරණයට පෙර මට අකර්මණ්‍ය වී කල් ගත කරන්නට සිදුවුණුහොතින් ඒ පිටුව පළවීමේ අනතුරක් ඇත. එසේම, වෙනත් හේතු නිසා, මට මගේ බ්ලොගර් ගිණුමට පිවීසිමට නොහැකි වුවහොතින් ද එය එසේ සිදුවිය හැකි බව මම දනිමි. නමුත්, ඒ සියල්ල පිළිගත හැකි මට්ටමේ අන්තරායන් ය.

එහෙනම්:

මා මළ පසු සයිබරයේ දුක් ගීයක් ලියනු මැනවි
දන්නා යුනිකෝඩයකින් දුක් ගීයක් ලියනු මැනවි


-රසිකලොජිස්ට්

ප/ලි:
මෙය ද කිව යුතුය!

මගේ පියා මිය ගිය විට නම් ඔහු ගේ කිසිදු මිතුරෙකු ඔහු වෙනුවෙන් දුක් ගී ලියුවේ නැත. කොටින්ම ඔහු ගේ කිසිදු මිතුරෙකු ඔහු ගේ අවමංගල්‍යයට ද සහභාගී නොවූහ.

ඒ රණ්ඩු, වලි, හිත් අමනාපකම් නිසා නම් නොවේ.

මගේ පියා මිය යන විට ඔහු ගේ මිතුරන් සියලු දෙනාම මිය ගොස් ය!

81 comments:

  1. රසිකට ඹහොම හිතුනට කමක් නෑ, බුදුන්ට,ජේසුන්ට හෝ මුහම්මද්ට එසේ නොසිතුන එක නම් අපේ වාසනාවක්. මම සිතුවේ හිල් මුට්ටි සහ අළු ගැනයි.

    ReplyDelete
    Replies
    1. යහපතක් වෙන්නත් පුළුවනි, පුංචි පුංචි මාළු පැටව්න්ට හිල් මුට්ටි වලින් ආරක්සාවක් ලැබෙන නිසා මෝය අවට මත්ස්‍ය ගහණය වැඩිවේවි. ලස්සන ලස්සන මුට්ට් පොඩ්ඩවල් වලට හොඳ ඉල්ලුමක් ලැබිල කුඹල් කර්මාන්ත දියුණු වේවි, වෙලි වෙලි ඉන්න ඔරු කාරයන්ට ලස්සනට සරසපු ඔරු දාලා ආදායම සරු කරගන්න ලැබේවි, මරණාධාර සමිතියට ඹරුවකුත් ගනී, අම්මෝ; කාට හරි රිදී මුට්ටියක අළු දාන්න හිතුනොත් ...

      Delete
    2. //බුදුන්ට,ජේසුන්ට හෝ මුහම්මද්ට එසේ නොසිතුන එක නම් අපේ වාසනාවක්// තේරුනේ නෑනෙ.

      Delete
    3. හරී, එහෙම උනානං ඒක ආගමික චාරිත්‍රයක් වෙනව. එහෙම උනොත් හැම එකාම ඒ දේ කරන්න පටංගන්නව. අන්තිමට ගඟ මුට්ටි වලින් වැහෙන එක තමයි වෙන්නෙ.

      Delete
    4. බුදු සාදුට හිතුනාලු නේද, ඇට ටික පොඩි පොඩි කෑලිවලට කැඩෙන්නය කියා, ඒකනේ හැම තැනම සර්වඥ දාතු තියෙන්නේ.

      Delete
  2. මතක් කරලා ඒකෙ කමෙන්ට් මොඩරේශන් අයින් කරන්න. :) නැත්නම් වලෙන් නැගිටලා එනකම් ඉන්න වෙනවා. ආහ්හ්... අළු උනාම එහෙම නැගිටින්නත් බෑනෙ..

    ReplyDelete
    Replies
    1. හැක්... හැක්...

      Delete
    2. මොඩරේෂන් දාලා තියෙන්නේ පරණ ලිපිවලටයි. ඒ ස්පෑම් වලක්වන්න.

      ෆීනීක්ස් කුරුල්ලා ගැන අහලා නැද්ද?

      Delete
  3. ඔය අළු පා කරන එක ඉන්දියන් චාරිත්‍රයක් නේද, ගංගා ගඟේ අළු පා කරන සිද්ධි ෆිල්ම් වලින් දැකල තියෙනවා...
    රසික සහ රසිකගේ පියා ඒ වැඩේ කලාට ළමයින්ටවත් කියල දෙන්න ඔය වතුර අපිරිසිදු කරන මෝඩ වැඩේ කරන්න එපා කියලා...

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ චාරිත්‍රය කෙලින්ම මීනියම පා කිරීම නේද? අය 1988/89 කාලේ ලංකාවේත් ඒ ක්‍රමය අනුගමනය කළ නේ!

      අළු දැමීමෙන් ගඟ අපිරිසිදු වෙනවාය කියන ඔබේ කතාව නිවැරදියි විය හැකියි. නමුත් අළුවල කිසිදු විෂබීජයක් නෑ.

      මං කියන්නම් මල්පාත්තියකට දාන්න කියලා!

      Delete
    2. අපේ මිනිස්සු හොඳ වතුර තියෙන කාණුවක් අයිනෙන් යන ගමන් කෙළ පාරක් ගහන්න හිතුනොත් ගහන්නෙත් අර වතුර පාරට...
      එහෙව් මිනිස්සු ඔය අළු වැඩෙත් පටන් ගත්තොත් සැළකිය යුතු හානියක් පරිසරයට විය හැකියි...
      ඉන්දියාවේ නියම චාරිත්‍රය අළු දැමීම, නමුත් දර වලට වියදම් කිරීමේ අපහසුව නිසා දුප්පත් ඉන්දියානුවන් බාගෙට පුච්චපු මිණී ගඟට දානවා, බැරිම මිනිස්සු නිකම්ම දානවා...
      88/89 අපේ අය කලේ ඉන්දියන් ක්‍රමය මෙහේට හඳුන්වන්න උත්සාහ කිරීමක්, නමුත් වැඩිය සාර්ථක උනේ නැහැ. ජනතාව හෝ පාලකයෝ හෝ ඒක දිගටම ක්‍රියාත්මක කලේ නැහැ...

      ඇත්තටම මිනියක් පිච්චුවොත් අළු වලට මොකද කරන්න ඕනේ කියන ගැටළුවට මටනම් හිතෙන හොඳම විසඳුම ඒ අළු ටික අරගෙන එන්නේ නැතුව ඉන්න එක කියලා...
      ඒවා එකතු උනාම ආදාහනාගාරයේ ඉන්න මිනිස්සු ඒවා පොහොරක් විදිහට ගහකට හෝ පලෙකට දායි නේද. ඒකෙන් තමන්ගේ කෙනෙක්ගේ අළු ටිකක් හරි මල් ගහකට විසිකර දැමීමේ චිත්ත වේදනාව තමන්ට නැති වෙනවා...

      මැරුණට පස්සේ කරන්න තියෙන වඩා හොඳ ක්‍රමය කියල මම හිතන්නේ භූමදාන කරන එක, හැබැයි සමරු සටහන් නැතුව, මුස්ලිම් මිනිස්සු වගේ පෙට්ටි නැතුව වල දාන්න පුළුවන්නම් තවත් හොඳයි...
      අදාහනයේදී පොළවට පොහොරක් වෙන්න තියෙන ශරීරයක් පිච්චීමෙන් විශාල පොහොර ප්‍රමාණයක් කුඩා පොහොරක් බවට පත් කිරීමට ශක්තිය සැළකිය යුතු ප්‍රමාණයක් වැය කරන්න සිද්ධ වෙනවා වගේම ඉන් පිටවෙන දුම නිසා වායු දුෂණයක්ද සිද්ධ වෙනවා...

      Delete
    3. මැරුණාම වලලන එකේ තියෙන භයානක කම තමයි, බැරිවෙලා හරි වල ඇතුලේදී පණ ආවොත්, හුස්ම ගන්න විදියක් නැතුව මැරෙන්න වෙන එක!
      පිච්චුවාම ඒ ප්‍රශ්නය නෑ!

      Delete
  4. මගෙ යාලුවෙක් උගෙ තාත්තගෙ අලු පා කරන්න ගඟේ ගිහින් ගිලිල මලා

    ReplyDelete
    Replies
    1. miniya hambunada?

      Delete
    2. මිනිය හොයන්න ගිය එකත් ගිලිල මලා ලු.

      Delete
    3. Ane pawu. Jeewitha nam keeyakda? Ane anichchan sansaare !!!

      Delete
    4. ඔබේ මිතුරාට සිදුවුණු ආකාරයේ විපතක් ඔබට හෝ ඔබේ පුතාට සිදු නොවේවා යැයි පතමි!

      Delete
  5. අළු පා කරන වැඩේ නම් මාත් අනුමත කරන්නේ නෑ.. වැලක් කපලා වල දැම්මම ඉවරයි.. අළු හෝ නිකම්ම මෘත ශරිරය..
    අර බ්ලොග් වැඩේ නම් නියමයි. ඒත් රසිකගේ තාත්තගේ යාලුවොන්ට වගේ අපිටත් ඒක බලාගන්න ඉන්න වෙයිද දන්නේ නෑ.. :/

    ReplyDelete
    Replies
    1. සිරුර වලලන්න නම් දෙන්න බෑ. හදිසියේ වල ඇතුලෙදී පණ ආවොත්?
      ;-)

      මං කියන්නම් අළු ටික මල්පාත්තියකට දාන්න කියලා!

      Delete
    2. අළු තැන්පත් කරන්න පුළුවන් හොඳ තැනක් තියෙනවා... http://www.stupa.org.au/
      බලන්න..

      Delete
  6. මලාට පස්සෙ ලිව්වොත් රසිකට කියවන්න බැරි වෙනවා... කවි ලිව්ව කාලයක් මතක නෑ.... ඒක නිසා අදම වචනෙන් ලියන්නම්..

    රසිකව මම දැන ගත්තෙ කතන්දර බ්ලොග් එකෙන්.. ඊමේල් දෙකක් තුනක් විතරයි හුවමාරු උනේ...

    මට ඕස්ට්‍රෙලියාවට එන්න වීසා ලැබුනා කියුව ගමන් මගෙන් නම්බර් එක ඉල්ලගෙන කතා කරා... එදා ඉඳන් අද වෙනකන් රසික මට කරපු උදව් ගනන් කරලා ඉවර කරන්න බෑ.... ජීවිතේට අඳුරන්නෙ නැති, කිසිම වාසියක් නැති මම වගේ මනුස්සයෙක්ට තමන්ගෙ වටිනා කාලෙ වැය කරගෙන උදව් කරපු රසික මට නම් නියම මහාත්මයෙක්...
    ඊට අමතරෙන් රසිකගෙ ජීවන දර්ශනය මගේ ජීවිතේ හැඩ ගස්සවා ගන්න උපකාර උනා...
    රසික මම දැකලා තියෙන අපූරු මිනිසුන්ගෙන් කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. මේ කවුද කියා හිතා ගන්න බ්ලොග් එකේ ට්‍රැෆික් බලන්න වුනා.

      ඒ ඔබට කළ උදව් කියා හිතන්න එපා. මගේ මිතුරෙකු මට කළ උපකාරයක් ඉදිරියට ගෙවීමයි. ඔබ කළ යුත්තේ කවදා හෝ දවසක වෙනත් අයෙකුට හෝ කීප දෙනෙකුට එය ගෙවීමයි. මා කළාක් මෙන් වැඩිය නොහඳුනන අයට හැකි පමණින් උදව් කළ විට එහි වටිනාකම වැඩියි!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මේ වැනිම අදහසකින් තමයි මමත් මේ රටට අලුතින් පැමිණෙන අය සමග ගණුදෙනු කරන්නේ..

      Delete
  7. රසික සිංහල බ්ලොග් ලොවේ පුරෝගාමියෙක් - මම ප්‍රිය කරන බ්ලොග් අතළොස්ස අතරින් එකක් මෙය - එසෛ් වුවත් රසික මිය ගිය දිනක කවියක් නම් පළකරන්න බැරිවෙයි - මොකද කවීත්වය දශමයක්වත් පිහිටා නැති නිසා - එවැනි දිනක රසිකට සුවබර නින්දක් ප්‍රාර්ථනා කරනවා ( අර වික්ටර් අයිවන් වගේ) - එසේ වුවත් ඒ දිනය තව බොහෝ කාලයකින් ( ඒ කියන්නේ තව අවුරුදු 30කින් විතර) උදාවේවා යැයි ද ඒ සමඟ ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. මගේ නම් අදහස තව පනහක් විතර ඉන්නයි!

      නරකද මා වෙනුවෙන්වත් කවියෙකු වුණොතා?

      Delete
  8. වැදගත්ම දේ මාසයක කාලය තුන මරණය යනු කුමක්ද යන්න, ඒ ගැන කතා කිරීමටත් බිය බොහෝ දෙනෙකුට දැනෙන්ට සැලැස්විමයි.. ඒක පැහැදිලිවම මම දැක්කා.. පැරාත් පොඩි සප් එකක් දුන්නා. නමුත් රසික මරණය ඉදිරියටම ගියා.. ඒක ගැන සන්තෝසයි.. හැම මිනිස්සු පහකගෙන් හතරක්ම තමන් කවදා හෝ මැරෙන බවක් හෝ ඊට සුදානම් විය යුතු බවක් හෝ පිළිගන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. උඹ ඉන්නෙ හතරෙද එකේද?

      Delete
    2. ඕකා මැරිලා ගොඩක් කල්...

      Delete
    3. ඇත්තටම මේ වසර ඇරඹිලා තියෙන්නේ මරණයකින් තමයි!

      Delete
  9. rASIKAGE BLOG BALA MAMADA YAMA YAM DEWAL IGENA GATTHA .. OHUTA AMA MAHA NIWAN SAPA LABEWA KIYA PATHANAWA..

    ReplyDelete
    Replies
    1. ලියන දාක අප්ඩේට් එන්නත් එක්ක ඕං මං ගිහින් පලා තියල ආවා.

      Delete
    2. දැන්මම නිවන් සුව?

      Delete
    3. රන්සකු -මේකේ දුක් ගීයක ගතියක් නෑනේ!

      මෙහෙම ලියන්න

      ඉගෙන ගත්තා
      මාත් කිසිවක්
      බ්ලොගය කියවා රසිකගේ
      මැරුණු දිනයක
      ඔහුට හිමිවේ
      අමා සැප නිර්වානයේ

      Delete
  10. අපේ තාත්තගෙ අ‍‍ළු මුට්ටිය සොහොනෙම වළ දැම්ම. කොත් හැදුවෙනං නෑ.
    රසිකගෙ ඔය පිටුව ඕපන් වෙන දවසට අපි හිටියොත් ගීයක් කොහොම වෙතත් සමරු සටහනක් හරි තියන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. අද රන්සකුවා රිංගුවා නේද?? හැක්

      Delete
    2. වාක්‍යයක් ලියලා කැලි හතරකට කඩලා පොඩ්ඩක් ඇදලා පැදලා කියන්න!

      Delete
  11. මැරුණයින් පස්සේ 'මම' කියන කෙනා අර ඉතුරු වෙලා තියෙන ශරීරයේ නැහැ. අර රසික සීලිම හරියෙ ඉඳන් ශරීරය දිහා බලාගෙන හිටිය කියන එකෙන් පේන්නේ එයා ශරීරයෙන් නික්මෙලා. ඊට පස්සේ යාළුවෝ, දරුවෝ එහෙම බදාගෙන අඬන්නේ 'මම' කියන කෙනා අයින් වෙච්ච ශරීරයක්. ඒක හරියට යමෙක් ගියයින් පස්සේ එයාගේ ඇඳුමක් අරගෙන අර පුද්ගලය කියල හිතාගෙන ආඬා වැටෙනව වගේ. මගේ මිත්‍ර වෛද්‍යවරයෙක් මේ ලඟදී බ්‍රිස්බේන් වලදී අකාලයේ මියගියා. ඔහුගේ කැමැත්ත වුණේ ඉස්පිරිතාලෙන් ශරීරය රිලීස් කරපු ගමන් බිරිඳ සහ දරුවන් දෙදෙනාට පමණක් ශරීරය පෙන්නලා කෙලින්ම ක්‍රෙමටෝරියම් එකට ගෙනිහින් පුච්චන්න. එක යාළුවෙක් හැර අනික් අයට කිව්වෙත් ඊට පස්සේ. පරණ ශරීර කූඩුවකට හොඳ ඇඳුම් අන්දලා වටින පෙට්ටි වල දාලා, ෆියුනරල් හෝම්ස් වල තියාගෙන, මිනිස්සුන්ට පෙන්න පෙන්න ඉන්නෙ නැතුව ශරීරයට එහෙම කරන්න කියලා අන්තිම කැමැත්තක් ලියන්න. දාලා යන අයට ඉතුරු වන්නේ සොඳුරු හෝ එච්ච්චරම සොදුරු නැති මතකය.

    ReplyDelete
    Replies
    1. agree 110%. මමත් කැමති මේ විදිහටයි. අපේ පන්සලේ හාමුදුරුවෝ කියන්නෙත් "Funerals are for the living" කියල. හරියටම හරි.

      Delete
    2. අපේ සීය සහ ආච්චිගේ කැමැත්ත තිබුනෙ මරණය සිදුවෙලා පැය හයක් ඇතුලත වලදමන්න කියල, සීයගෙ කැමැත්ත ලේසියෙන් ඉටුකලත් රෑ 9.00 මිය ගිය ආච්චිගෙ කැමැත්ත ඉටුකරන්න පැය 12 ක් විතර ගියා.
      එදා තමයි මම හිතාගත්තෙ ජීවත් වෙලා ඉන්න එවුන් මගේ අවසාන කටයුතු උන්ට පහසු විදිහට කරගත්තාවෙ කියල ඒ ගැන පූර්ව ප්‍රකාශ නොකර ඉන්න .

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඉයන් බ්‍රිස්බේන් ද ඉන්නේ? බ්‍රිස්බේන් වලදි මිය ගිය යාළුවා ලංකාවේ කෙනෙක්ද?

      Delete
    5. මගේ අත්දැකීම අනුව හිතවතෙකු මියගොස් අපට ඒ අවසාන කටයුතුවලට සහභාගී වෙන්නට නොලැබුණොත් හිතට දැනෙන දුක වැඩි වෙනවා.

      ඉතිං මළාට පස්සේ ඇයි ඒ වගේ වෙන කෙනෙකු ගේ දුක වැඩි කරන්නේ?

      Delete
    6. තිසර, මම ඉන්නේ ලංකාවේ. බ්‍රිස්බේන් කියන්නේ ඔස්ට්‍රේලියාවේ මගේ ප්‍රියතම ප්‍රදේශය. දේශගුණයට අමතරව ඒකට හේතුව වෙනරටක නගරයක සිටි ශ්‍රී ලාංකික හිතවතුන් එහි පදිංචි වී සිටීම. මෙම මියගිය දොස්තර වරයා ශ්‍රී ලාංකිකයෙක්.ඔහුගේ බිරියත් වෛද්‍යවරියක්. සිටියේ Runcorn වල.

      Delete
    7. සමහර වෙලාවට හදිසියේ හිතවතෙක් මැරුණොත් ඒක අදහාගන්න බැහැ වගේ හිතෙන්න ගන්නවා. එයා මැරුණා - එයා ඉවරයි කියන එක accept කරන්න ටිකක් හරි ලේසි වෙනවා මිනිය දැක්කම, ඒ චාරිත්‍ර කරන කොට.

      Delete
  12. නුඹ මල පසු දුක් ගීයක් ලියන්නම්
    යුනිකොර්ඩ් නැතත් සින්ග්ලිශ් වලින් හරි කොටන්නම්
    ගඟට නොදා අලුටික වල දමන්නම්
    නුබේ නමින් ගඟ විනාස නොකරන්නම්
    ..............
    කව් රුහරි ඉතුරුටික ලියනවද ......

    ReplyDelete
  13. දැන්වීමයි!!!

    හැකර් වරෙයක් අවශය කර ඇත..

    ඇබොරිජින් ගෝත්‍රිකයන් හට අයිතිව තිබු විශාල රටක ප්‍රධාන නගරයක ස්ථාපනය (??) කර ඇති ලැප්ටොප් යන්ත්‍රයක් ජේල් බ්‍රෙුක් කොට එහි සිස්ටම් දිනය පැය 12 ක් ඉදිරියට ගැනීමටත් කිසිවෙකු හෝ එය වෙනස් කිරීමට උත්සාහ දැරුවහොත් එම ක්‍රියාවන් ව්‍යවර්ත කළ හැකි මෘදුකාංගයක් හෝ වයරස් එකක් නිපදවිය හැකි හැක්ර් වරයෙකු සදහා මරණෙන් මතු කමෙන්ට් ලබා දෙනු ලැබේ.

    දැන්ම අමතන්න..

    ReplyDelete
    Replies
    1. නිතරම කමෙන්ටුවල හැක්, හැක් කියා ලියන එකෙක් ඉන්නවා. ඔහුට නම් හැකර්වරයෙකු වෙන්න සුදුසුකම ඇති?

      Delete
  14. ඔබේ ලිපි තුලින් හඳුනාගත් ලෙස ඔබ අපූරු මිනිසෙක්.ඔබට දිගාසිරි පතමි

    ReplyDelete
    Replies
    1. තව පනහක් හිටියාම ඇති, ස්තුතියි!
      ;-)

      Delete
  15. රසික හරිශ්චන්ද්‍ර සූරියාරච්චි නම්වූ සොඳුරුතම මනුශ්‍යයා අකල්හි මොලොවින් සමුගෙන ඔහුට උරුම ලෝකය සොයා ගියේ ළබැඳියනට කම්පනයක් මෙන්ම වේදනාවක් ද උරුම කර දෙමිනි. බිරියට, දරු දෙදෙනාට, ඥාතීන්ට මෙන්ම හිතවතුන්ට ද ප්‍රශ්න වැලක් ඉතිරි කරමිනි. එහෙත් ඒ සියල්ලටම එකම වගඋත්තරකරුවා රසික පමණක් ද? අන්ත දූශිත රාජපක්ශ කල්ලියත් එම කල්ලියේ පාදඩ වහල් බයියනුත් ඇතිකොට තවමත් මේ රටේ පවතින ජඩ දේශපාලන සංස්කෘතියත්, දිනෙන් දින වියැකෙමින් යන මනුෂ්‍යත්වයත් ඔහුගේ අකල් මරණයට ප්‍රබල හේතු සාධකයන් නොවූයේද?

    රසිකගේ මරණයට සැබෑ හේතුව තරමටම මේ ප්‍රශ්නාවලියට පිළිතුරු සොයා ගැනීම ද අතිශය සංකීර්ණ, අවිනිශ්චිත කාරණාවකි.

    දයාබර මිතුර, මතුයම් දිනෙක මේ සංසාර ගිරි දුර්ගයේ කොතැනකදී හෝ යළි අප මුණගැසෙමු.

    සුමිහිරි, සුවඳැති මල් ඇයි මෙතරම්
    හනිකට පරවෙන්නේ...
    කිමද දෙවියනේ ඔබ
    මේ තරම් ඉක්මනින්
    ඔහුව අපගෙන්
    බොහෝ ඈතට
    ගෙන ගියේ......?

    හැම මොහොතක්ම
    අවසාන මොහොතයි
    ගෙවීගොස්
    අතීතයට එක්වෙනතුරු
    හැම දවසක්ම
    අවසාන දවසයි
    පසුදින හිරු දකින තුරු...!

    ජීවිතයේ අනියත බව අපට කියා දී අපෙන් සමුගත් සදාදරණීය මිතුර රසික ඔබට නිවන් සැප !!!

    ReplyDelete
    Replies
    1. මීට ඔබගේ බ්ලොග් මිතුරු ඉයන්

      Delete
    2. මේකේ තියෙන විදියට මං අකාලයේ මැරිලා නේ?
      දිවි නසාගෙනද මන්දා?

      Delete
    3. ඇනෝ තුමෙක් මගේ නම පාවිච්චි කල පලමු අවස්ථාව

      Delete
    4. හහ් හා ඒකටත් රාජපක්ශලයි බයියොයි අල්ලගෙන තියෙන්නෙ? හැම මගුලටම ඉතින් මරා අල්ලගන්නෙ ඉයන් තුමා තමා. හැබැයි මැරිලාත් බයියොන්ට අපහාස කරේනම් ඉතින් බයියො එක්ක ජම්මාන්තර වෛරක්කාරයෙක් වෙච්චි බයි-ඇලජික් රසික සූරිආච්චි මැතිතුමා තමයි. ලමාතන්ට නම් ඉතින් ඌ ලියන කියන මෙලෝ රහක් නැති පල්හෑලි වලට එහෙයි නොකියන පිට නොකහන ඕනෙම එකෙක් "පට්ට ගෝත්‍රික අමු ගොබ්බ බයියො".

      Delete
  16. අපි කවදා හරි මැරෙනවා.රසික එක දන්නවා.හැබැයි අපි ගොඩක් දෙනා එක අමතක කරලයි නේ ජිවත් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දේශකයා සොයා ගෙන ඇති විදියට සෑම පස් දෙකෙුගෙන්ම හතර දෙනෙකු එලෙස මැරෙන බව නොදන්නා අයයි!

      Delete
  17. භාෂි මධුභාෂිනී සින්දු කියනවා අහපු දවසේ හිටං මරනානුස්මෘතිය වඩන්න හිතීම මාර අයිරොනිකල්. සුපර් ස්ටාර් නොබලා ඉන්න

    ReplyDelete
    Replies
    1. වැරදියි. මේ වසර ඇරඹුනේම මිතුරෙකු ගේ මරණයක් ඝැන තැබූ සටහනකින්. භාෂී ආවේ පස්සේ. මං ගිය සතියේ වැඩසටහනත් ෆාස්ට් ෆෝවරර්ඩ් කරමින් බැලුවා!

      Delete
  18. සෑම මොහොතකම අපි මරණයට කිට්ටු වෙනවා

    ReplyDelete
  19. අරක මරණෙන් පස්සෙ පබිලිස් උනාට අපේ කොමෙන්ට් එක කියවන්න හම්බ වෙන්නේ නෑ නේ ඒ නිසා ඒක මෙතනෙ දාන්නම්..

    එහෙනම් සුබ ගමන් නැවත කොහේ හෝ හමුවෙමු...

    මම හිටියොත් මගේ බොගේ, ඔහේගේ පින්තුරෙත් එක්ක මෙන්න මෙහෙම තියෙයි

    Dear Rasika, RIP (Return If Possible)

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ දුක් ගීයක් ලියාවි කියලයි!

      Delete
    2. මේ ලොව යම් කිසිවකු, මේ බොලොග්ගෙ කියවූ බව
      එතකොට ඒ කොමෙන්ටුවෙන්, හීන් හඬින් මට කියාවි

      මා මල පසු නිසංසලේ, කොමෙන්ටුවක් දමනු මැනවි
      කොමෙන්ටුවක් දමනු මැනවි, ඇනෝනිමස් දමනු මැනවි

      නන්නාඳුනනා ඔබගේ, ඇනෝනිමස් කොමෙන්ටුවෙන්
      නෝන්ඩියක් දමනු මැනවි, කිච ටෝකක් දමනු මැනවි

      පුන් සඳ බඳු තට්ට ගෙඩිය, පිච්චි පුළුටු ගඳ එන කල
      ඔසී රටේ කැරකොප්පුවෙ, දොර වැහෙනා හඬ අතරින්
      එතකොට ඒ සරදම් හඬ යාන්තමින් මට ඇසේවි

      Delete
  20. රසිකගේ සීයලගේ ජිවිත කැළණි ගගත් එක්ක බද්දවෙලා තිබ්බ ඒවා. කැලනි ගගේ පිටාරෙන් හැදෙන බත බුලත කාලා. ගගේ රටාවත් එක්ක හැඩගැහුනු ජිවිත. ඉතින් කැලනි ගග ප්‍රාණසරියි.ගගෙන් පෝෂනය වෙලා අලුටිකත් ගගටම දෙනවා.ඒක ප්රායෝගිකයි.කාලෝචිතයි.

    රසිකට ඕක 100% ගැලපෙනවද මන්දා.
    ගැලපෙනවනම් ඉතින් පරම්පරාවේ අලුගිය තැන කියා තමයි ඉතින්.

    ආච්චිලගේ අලු ගගේ පාකලේ නැතිද?



    ReplyDelete
    Replies
    1. අපේ ගම කැලණියට ලඟම නෑ.
      ගමේ කුඹුරේ වේල්ල නම් කොහෙන් කොහෙන් හරි ගිහින් ගඟට වැටෙනවා ඇති.

      සීයාට අවුරුදු තුනකට කලින් මිය ගිය බාප්පා ගේ මරණය වෙලාවේත් ඔය චාරිත්‍රයම කෙරුණා.

      ආච්චි මලේ 1999 දී. එතකොට ගමේ ගෙදර නෑ. මං ලංකාවෙත් නෑ.

      Delete
  21. මැරුණට පස්සේ කවුරු මොන ගුණකතන කලත් වැඩක් තියන එකක්'යැ. මැරෙනකොටත් ඕවා කල්පනාකර කර මැරෙන්නවුනොත් ඒකත් වදයක්.ඒ නිසා උඹලා ඕනදෙයක් කරගනින් කියලා මැරෙන්න තියෙන්නේ නිදහසේ.

    ReplyDelete
    Replies
    1. ඒ අනුවම මැරුණු එකාට නොවෙයි නේ දුක. ඉන්න අයට. ඒ අයට තමයි දුක් ගී ලියන්න ඕනෑ වෙන්නේ. ඒකට ඉඩ ලබා දීම මැරෙන එකාගේ යුතුකම. නැතිනම් ඉන්න අයට දුක වැඩිවෙනවා!

      Delete
  22. ඉස්සර ටෙලිනාට්‍යයක් තිබුණා, මනුස්සයෙක්, තමන් මැරුණහම ගෙදර අය මොනවා කරයිද බලන්න බොරුවට මැරෙනවා. නම මතක නෑ... ජයලත් මනෝරත්න ප්‍රධාන චරිතය රඟපෑවා වගෙ මතක. "මං නැති දා" වගේ නමක්ද මංදා... රසිකගේ අර පෝස්ට් එකත් වැරදිලා පබිලිස් උණොත්, ඒ වගේම සීන් එකක් තමා...

    ReplyDelete
    Replies
    1. මේක ලිව්වේ කේබී හේරත් වගෙයි මතක. පස්සේ මැරුණු එකා රට හිටපු මල්ලී කියලා එනවා මළගමට.

      අන්තිම කොටස් ටික මට මිස් වුනා. ඒ කියන්නේ මේ නාට්‍යය පෙන්නුවේ 1995 මුල් කාලයේ!

      ලෝයර් යාලුවාට හිටියේ ආනන්ද වික්‍රමගේ

      Delete
    2. අන්තිමට පවුල මල්ලිත් එක්ක සෙට් වෙන්න ට්‍රයි කලා
      මල්ලිට එපා වුණා

      Delete
  23. සො හොන් වලනම් ගහන්න වෙන් නේ උන්න හැටියට මලා මදැයි කියලා තමා
    ඒත් සො හොන් නැති නිසා මුට්ටි යේ වත් ගහන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය අයගේ සොහොන් වැදගත් පරම්පරා දෙකක් යනකල් විතරයි. විශේෂ පුද්ගලයින්ගෙත් සොහොන් නම් වැදගත් නෑ. සැමරුම් පිළිම වගේ දේවල් නම් වැදගත්.

      Delete
  24. “Don’t feel bad for me, I want you to know, deep in the cell of my heart, I really want to go. There is another world, there is a better world”.

    ReplyDelete
  25. මාත් ඉක්මනට හදාගන්න ඔ්න ඔ්‍ය ජාතියෙ පිටුවක්...
    කස්ටියට දුක් ගී ලියන්න

    ReplyDelete
    Replies
    1. තරිඳුත් කලකට පෙරකවුද මන්දා ගහල දාවි කියලා බයේ හිටියාලු නේද ?

      Delete
  26. හෙමින් සීරුවේ කවි පද හතරක් අමුනලා තියා ගන්න ඕන එහෙනම්.

    ReplyDelete
  27. අපි දැන්ම එකක් ලිව්වොත් රසිකගේ බ්ලොග් එක නතර වෙන දවසට ඒක පබ්ලිෂ් වෙන්න හදා ගන්න බැරිද? මොකද රසිකට කලින් යන් සිද්ධ වුනොත් ලිය ගන්න බැරි වෙනවා. ඒ කලේ වෙනකොට එහා ලෝකේ ඉඳන් ලියන්න බැරි වෙයිද දන්නෑ

    ReplyDelete
  28. ඔබ මල දාක මේ එහි ලියනාඅ, මා ප්‍රේම් ගෙන් කොපි කරගත් කවියයි.

    වරෙකදි පියෙකි වරෙකදි ගුරුවරයෙක්‌ය

    වරෙකදි සෝයුරෙකි වරෙකදි මිතුරෙකිය

    ගුරු හරුකම් පිරූ දඹරන් බඳුනක්‌ය

    ඔබ මළ පුවත ඇත්තක්‌ වූ බොරුවක්‌ය

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.