Monday 11 May 2015

ලක් එකේ හිලක් - I am trapped in an eternal vicious circle


මේ සටහන ලියවෙන්නේ සම්මුඛ පරීක්‍ෂණයක දී මගෙන් අසනු ලැබූ ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන් මගේ සිතට ආ අදහසක් ඔබ සමග බෙදා ගැනීමේ අරමුණ ඇතුවයි.

අපේ ආයතනයේ ම අලුතින් ඇරඹෙන ව්‍යාපෘතියක එක් කළමනාකාර තනතුරක් සඳහා මා ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය අනුව මේ සම්මුඛ පරීක්‍ෂණයට මට කැඳවීමක් ලැබී තිබුණි. (ඕස්ට්‍රේලියාවේ රජයේ රැකියාවලට සහ පුද්ගලික අංශයේ රැකියාවලට අයැදුම් පත්‍ර යැවීම සුවීශේෂීව සාකච්ඡා කළ යුතු විෂයයක් නිසා ඒ ක්‍රියාවලිය ගැන විස්තර කීම පසුවට තබමි).

මේ ව්‍යාපෘතිය රජයේ කොටසක් වන අපේ ආයතනයට සහ ඊටත් වැඩියෙන් රජයේ පාලන වැඩ පිළිවෙළට ඉතා වැදගත් වේ යැයි සැලකෙන එකකි. එනිසා අප ආයතනයෙන් මෙන්ම අපේ ක්‍ෂේත්‍රයේ වෙනත් විවිධ ආයතනවලින් ද පිරිස් එකතු කර ගොඩනැගීම ඇරඹී තිබුණු මේ ව්‍යාපෘති කණ්ඩායමේ සංයුතිය නිසි පරිදි සකසා ගැනීම ගැන සමස්ත ව්‍යාපෘතිය භාරව කටයුතු කරන කළමනාකාරිනිය සෑහෙන උනන්දුවක් දක්වන බව සම්මුඛ පරීක්‍ෂණයෙන් ටික දිනකට පසුව ඇය මට පැවසූ කරුණුවලින් හොඳින් වැටහිණි.

සම්මුඛ පරීක්‍ෂණයේ දී අයැදුම්කරුවන්ගෙන් අසනු ලැබූ ප්‍රශ්න සැකසී තිබුණේ ඒ අවශ්‍යතාවය අනුව ය. එනම්, අයැදුම්කරුවන්ව වාචිකව පරීක්‍ෂා කෙරුණේ, අදාළ විෂය ක්‍ෂේත්‍රය ගැන නොව, ව්‍යාපෘති කළමනාකරණය සහ කණ්ඩායමක් ලෙස සේවය කිරීම ගැන ය.

එදා සම්මුඛ පරීක්‍ෂණයේ දී මගෙන් අසන ලද එක් ප්‍රශ්නයක් වූයේ මගේ වෘත්තීය ජීවිතයේ දී මා මගේ කළමනාකරුවෙකු සමග ඇතිවුණු ගැටුම්කාරී තත්වයක් විස්තර කර, එය විසඳා ගැනීම පිණිස මගේ පාර්ශවයෙන් මා ගත් ක්‍රියාමාර්ගය ද විස්තර කරන ලෙසයි.

මට යොමුවුණු අනිත් ප්‍රශ්නය වූයේ, මා යම් ව්‍යාපෘතියක කටයුතු කරන අතරතුර දී එහි දිශානතිය සහ අරමුුනුු විශාල වශයෙන් වෙනසකට භාජනය වී, ව්‍යාපෘතියේ විවිධ සැතපුම් කණු කරා ළඟා විය යුතු දිනයන් වඩාත් කෙටි වී, අර්බුදකාරී තත්වයක් ළඟා වූ අවස්ථාවක් විස්තර කර, එතැන දී මා කටයුතු කළ ආකාරය ද විස්තර කරන ලෙසයි.

විශ්ව විද්‍යාලයෙන් පිටවූ පසු මා විවිධ ක්‍ෂේත්‍රයන් හි විවිධ රාජකාරී ගණනාවක් ම කර ඇති වුවද, ඒ ඒ තැන්වල විවිධාකාරයේ කළමනාකරුවන් යටතේ සේවය කර ඇති වුව ද, මගේ කළමනාකරුවෙකු සමග ඇති වූ ගැටුම්කාරී තත්වයක් මට එක්වරම සිතා ගත නොහැකි විය. අවංකවම මා ඒ බව පැවසූ විට, සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි අයෙකු වෙනත් ආකාරයකින් නැවත ඒ ප්‍රශ්නය මට යොමු කළේය. ඒ සමගම මගේ ප්‍රථම රැකියාවේ දී ඇති වුණු ඉතා සුළු සිදුවීමක් මගේ සිහියට නැගිණි. එය විස්තරාත්මකව පවසා, යාන්තමින් ඒ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට මට හැකිවිය.

ඊළඟ ප්‍රශ්නය යොමු වූ අවස්ථාවේ නම්, ඒ විමසුනු ආකාරයේ අර්බුදකාරී තත්වයකට මා පත්වූ අවස්ථාවක් මට කිසි සේත්ම සිතා ගත නොහැකි වුණි. අවස්ථානෝචිතව ක්‍රියාකළ මා කළේ, මා එවැනි දරුණු තත්වයට මුහුණ දී නොමැති බවත්, එසේ මුහුණ දිමට සිදුවූවා නම්, මා අනුගමනය කරන්නේ මේ මේ ආකාරයේ ක්‍රියාවලියක් බවත් පවසමින්, ටෙක්ස්ට් බුක් ආකාරයේ උත්තරයක් දීමයි.

මෙහි දී සිහිපත් කළ යුතු තවත් කාරණයක් වන්නේ එදා මා ඒ සම්මුඛ පරීක්‍ෂණයට පෙනී සිටියේ මේ ආකාරයේ ප්‍රශ්න බලාපොරොත්තුවෙන් නොවේ. පෙර කී පරිදි, මේ ප්‍රශ්නාවලිය සියලුම අපේක්‍ෂකයින්ට යොමු කර ඇත්තේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවිය හැකි සර්වඅසුෂවාදී තත්වයන් ගැන සලකා බලා ය.

සම්මුඛ පරීක්‍ෂණයෙන් පසු ඒ ගැන කල්පනා කරද්දී මට වැටහී ගිය, අද මේ ලිපියට ලියවෙන්නට හේතු වූ කාරණාව මෙයයි.

අපි කරන රැකියාවලදී, අපේ කළමනාකරුවන් සමග ගැටුමක් ඇති නොවී කටයුතු කිරීමට ලැබීම ඉතා භාග්‍යයක් ලෙස අපි සලකමු. එසේම, අපේ කළමනාකාරීත්වය යටතේ සේවය කරන අයට සමග ද, ඒ ආකාරයේ ම, ඉතා හොඳ, ගැටුම්වලින් තොර සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට අපි හැකි සෑම උත්සායක් ම දරමු.

නමුත්, මේ සම්මුඛ පරීක්‍ෂණයේ දී මට වැටහුණේ, එය එලෙස නොවී, විවිධාකාරයේ ගැටුම් ඇති වුණේ නම්, ඒ ඒ තත්වයන් ඒ ඒ අවස්ථාවලදී අප්‍රසන්න ඒවා වීමට ඉඩ තිබුණද, වෘත්තිමය වශයෙන්, එවැනි අවස්ථාවලින් මට ලැබෙන්නට තිබුණු සුවිශේෂී පළපුරුද්ද මට අහිමි වී ගොස් ඇති බවයි.

ඒ විලසින් ම, මා මේ දක්වා සේවය කර ඇති විවිධ ව්‍යාපෘතිවලදී බරපතල අර්බුදකාරී තත්වයන් ඇති නොවීම මා සැලකූවේ භාග්‍යයක් ලෙසයි. නමුත්,ඇත්තටම සිදුවී ඇත්තේ එවැනි දරුණු තත්වයක දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන ප්‍රායෝගික අත්දැකීම් මට නොලැබී යාම පමණකි!

මෙය විකෘතියකි. විෂමාකාරයකි. වාසනාව අවාසනාවක් වීමකි.

එසේත් නැතිනම්, අප කුඩා කාලයේ පැවසූ පරිදි ලක් එකේ හිලකි!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඒ තාවකාලික රැකියාව මට නොලැබුණි. (තාවකාලික කියා කීවේ තිත්ත මිදි නිසා නොව ව්‍යාපෘතියක් යනු නිශ්චිත කාලයකට පසු අවසාන වෙන ක්‍රියාවලියක් නිසාය).

නමුත්, ඒ නිසාම, මට පෙර කී ආකාරයේ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට තිබූ එක් මාර්ගයක් ද වැසී ගියේ ය.

එතැන් සිට මා තවදුරටත්, මගේ කළමනාකරු සමග ගැටුම් නැති, අර්බුදකාරී තත්වයන් සිහිනයකින් හෝ උදා නොවන, මේ වාසනාවන්ත සේවයේ ම නිරතව සිටිමි.

(http://remote-coach.com/the-vicious-circle/)

29 comments:

  1. දැන් ඔහොම හිතුනාට ප්‍රශ්න ආවමත් එපා වෙනවා. ගැටුම් ආපුදාට ඔය සුවිශේෂී අත්දැකීම් මතක් වෙන්නෙත් නැහැ.

    ReplyDelete
  2. අපි නම් ඉතින් හැමදාම කොකු...

    ReplyDelete
  3. හොද ලිපියක් ගොඩක් දේවල් තියනවා හිතන්ඩ.
    සිංහල බ්ලොග්ගල!!

    ReplyDelete
  4. ගැටුම් ඇති නොවීම රසිකට අනුව ලක් එකක්. නමුත් ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. ගැටුම් ඇතිවනවාද නැද්ද කියන එකට බලපාන්නෙ මම හිතන විදියට, ක්ෂේත්‍රය, උඩ-යට ඉන්න අයට තියන බලතල, ආදී කාරණා. එතනදි මිනිස්සුන්ට වැඩිය බලපාන්නෙ ඔයවගේ කාරණා. සරත් ලංකාප්‍රිය ලියපු "මිනිස්සු එක්ක" සටහන් කියෙව්ව නං මම කියන කතාව තේරෙයි.

    ReplyDelete
  5. ඔය ඉන්ටවිව් විවිධාකාරයි රසික සහෝදරයා.. එකපාරක් මගේ යාලුවෙක් ගිය ඉන්ටවිව් එකක අන්තිමට තේරුණ දෙන්නගෙන් අන්තිමට තෝරාගන්න සාධකය විදියට අහල තිබ්බේ "musical instrument" එකක් ප්ලේ කරන්න පුළුවන්ද කියල. ඉංජිනේරු අංශයේ රැකියාවකට. වෙලාවට අරූට ගිටාර් ගහන්න පුළුවන්. ඌව ගත්ත. පස්සෙ වැඩට ගියාම දැනගෙන තියෙන්නෙ. ඕව ගනන්ගන්නෙපා අප්ප...

    ReplyDelete
  6. ඔබ වැනි පුතකු ලොවට බිහි කිරීම ගැන ....ඔබ දෙමාපිය යුවලට නේක වරක් තුති පුදමු........,
    චූ බර වෙලා කානු වල චූ කරද්දී......කෘමින් & තව දේවල් වනසපු අපි කොයි තරම් පාප උන්ද....

    ReplyDelete
  7. ඔය ගැටුම් ඇතිකරගැනීම ගැනනම් ඔය කියනවට වඩා පුළුල්ව බලන්න වෙනවා මේ ලංකාවේදීනම්.විශේෂයෙන් රාජ්‍ය අංශයේ රැකියාවකනම්.රාජ්‍ය අංශයේ ඉහළ පුටුවක සිටින බලයේ සිටින ආණ්ඩුවට හිතැති කළමණාකරුවකු සමග ගැටුමක් ඇතිවුවහොත් මේ ලංකාවේදිනම් වහ කෑවා වගේ තමයි.

    ReplyDelete
  8. අප්පච්චියේ ගස්ලබ්බා හොඳම වාසනාවන්තයෙක්... වැඩේ ගොඩ දාන්න,දන්න හරි විදිහට කොරන්න,තමුන් යටතෙ ඉන්න උන්ගෙ අයිතිවාසිකම් අරන් දෙන්න,මෙකී නොකී එකී දේවල් වලට කොකු පෝලිමේ.වැඩේ හරියට උනොත් එවෙලෙට අව්ලක් නෑ.ඒත් පස්සෙ ලොක්කා ගේම ගහනවා.මොකද උගෙ වචනෙට උඩින් ගිය නිසා.
    දැං කාලෙ 'හරි සර්' න්‍යායත් වැඩක් නෑ..
    'හරි සර්.. එහෙමම තමයි වෙන්න ඕනෙ සර්.. සර් හරි සර්..'
    කිව්වොත් නම් ශේප් උනහැකි.විප්‍රවාසෙ උගත් බොසාලා නිසා මෙහෙම වාසනාවක් ඔබතුමාට නොලැබෙන්න ඇති.

    ReplyDelete
  9. http://raj1st.blogspot.com/2011/10/5000.html

    මෙන්න මගෙනුත් පරන ඉන්ටවීව් කතාවක්...

    ReplyDelete
  10. its a very common question which is frequently asked at interviews in private firms in LK, So tell me about a difficult situation that you faced recently and how you have over come that, How was it possible to convince ur management.etc. the question about managing the change could have been answered with the help of a change control panel, any big project at the inception a scope is agreed, and any subsequent changes that stakeholders may request has to be approved by a change control board which considers the time lines that get affected by the changes.try to find the PMBOK

    ReplyDelete
  11. ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශාඛාවේ රැකියාවක් සඳහා මා අයදුම් කළා. උවමනාවටත් වඩා මට සුදුසුකම් තිබුණා. නමුත් සම්මුඛ පරීක්ෂණයෙදී ඇහුවේ යාපනයේ ජනතාවගේ සංස්කෘතිය ගැන. මොනවා කියන්නද? දන්නේ නැහැ කිව්වා. රස්සාවත් එතැනින්ම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. විචාරක ඔබ උතුරේ කලක් සේවය කල පුද්ගලයකු වශයෙන් මේ පිළිබඳව ලජ්ජා විය යුතුය. අපට උතුර ආගන්තුක වුවත් එහි ද්‍රවිඩ හින්දු සංස්කෘතිය ආගන්තුක නොවේ. අවම වශයෙන් අප සතු සාමාන්‍ය දැනුම යොදාගෙන උතුරේ සකසුරුවම් වගා සංස්කෘතිය, ගවයාට ඇති විශේෂත්වය, තල් ගසින් පෝෂිත ජීවන රටාව, ආඬියා ලිං ගැන මෙන්ම දීපවාලී, නවරාත්‍රී ආදී උත්සව පිළිබඳව කතාකරන්නට තිබුනි. මාගේ අවවාදය නම් ඔබ දැන්වත් උතුරේ සංස්කෘතිය ගැන හදාරා අපගේම රටේ තවත් පුරවැසියන් කොටසක් ලෙස ඔවුන්ගේ සංස්කෘතියට ගරු කිරීමට ඉගෙන ගන්න. අහිංසක දමිළ ලාංකික පුරවැසියන් කුරිරු ලෙස ඝාතනය කල ජනඝාතක හමුදාවක කොටස්කාරයකු ලෙස ඔබ කල පවු ඉන් සමා නොවේ. නමුත් අවම වශයෙන් තමා වැරදි කළ බව හෝ ඔබලාට පසක් වන්නට එය ඉවහල් වනු ඇත.

      Delete
  12. අපෝ මට පේන්න බෑ ඔය behavioral interviews. STAR method එකෙන් උත්තර දෙන්න කියල තමා කියන්නේ. ඕවා ට ලකුණූ දෙන එකත් subjective නේ. විෂයානුබද්ධ ප්‍රශ්න ඊට ගොඩක් ලේසියි.
    මෙහෙ ජොබ්ස් වලට ඉල්ලුම්පත්‍ර දාන එකයි (අර මගුල් සිලෙක්ටිව් ක්‍රයිටීරියා වලට උත්තර ලිය ලිය) ඉන්ටර්විව් වලට මුණ දෙකයි වෙනමම ප්‍රොසෙස් එකක් නේ.

    ReplyDelete
  13. සමහර ඉන්ටවීව් වලදි අහන්නෙ පැනල් එකේ අයගෙ මානසික ෆැන්ටසි වල තියෙන ඒවා කියලා හිතෙනවා.

    ReplyDelete
  14. එක ඉන්ටවීව් එකකදී අපේක්‍ෂකයා ආර්ථික විද්‍යාව උපාධියක් කරලා තිබෙනවා කිව්වහම ඉන්ටවීව්ව් පැනල් එකේ කෙනෙක් ආර්ථික විද්‍යාවේ තියන කවියක් කියන්න කියනවා. මේක 1970 ගනන් වල පළ වූ උපහාසාත්මක නවකතාවක තිබ්බා.

    ReplyDelete
  15. ඉතින් අයිසෙ වයිෆ් (ගෙදර මැනේජර්) එක්ක වලි ගියාම එතනදි අනුගමනය කරන දේ කියන්න තිබුන නොවැ

    ReplyDelete
  16. [im]http://www.naseeb.com/ui/35/j87333dccac8b653d44623735b166f1b0355.jpg[/im]

    ReplyDelete
  17. ගැටුම්කාරී තත්වයක් ඇති නොවෙන්නේත් යම් ආකාරයක ගැටුම් කලමනාකරයක් අපි සතුව තියෙන නිසා වෙන්න පුළුවන් නේද ? මොකද සාමාන්‍යයෙන් පිරිසක් එකට වැඩ කරනකොට අදහස් 100% ගැලපෙන්නේ නෑනේ.

    ReplyDelete
  18. ලංකාවේ සමහර රාජ්‍ය ආයතනවල පසුගිය පාලන සමයේ කිසිම Interview එකක් නැතිව ඉහලම අත්තට ගිය ඉංජිනේරුවෝ ඉන්නවා රසික

    ReplyDelete
    Replies
    1. ලංකාව මොකද බන් මෙ ඔසී රටෙත් ඔහොම පිනා චාන්ස් රස්සාවල් කරන පොරවල් ඉන්නෙ? ලංකාව් නිදහස් අධ්‍යාපනෙන් උපාධි අරන් ඒක පෙන්නල ඔසීවල පින් පඩි ලැබෙන කූල් රස්සාවල් කරගෙන ඒ මදිවට ලංකාවෙ අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ඉන්න අපිට පොර ටෝක් දෙන්නෙ මෙහේ හරමයි මෙහෙමයි පට්ට සිරා සිස්ටම් තියෙන්නෙ කිය කිය.

      Delete
  19. කොක්කක් නැත්වත් බෑ. හැබැයි ලංකාවෙන් පිට ඕන කොක්කක්..

    ReplyDelete
  20. රසිකගේ මේ තොරතුරු දැක්වීම නම් අපූරුයි. මට හැමදාම හිතෙන්නේ ඔස්ට්‍රේලියාවට එන අයට හොඳ උපදෙස් ගොඩක් කියලා.

    ReplyDelete
  21. පරමාදර්ශී යැයි පෙන්නුම් කල ප්‍රධානියෙකුට බොහෝ ගෞරව කලෙමි. ඔහු ගත් එක්තරා වැරදි තීරණයක් හමුවේ , සද්භාවයෙන් වඩාත් නිවැරදි දේ කර උදාහරණයක් වශයෙන් පෙන්වූයෙමි. පරමාදර්ශියා තුල සිටි කුහකයා ඉස්මතු වුයේ ඉන් පසුවය. නමුත් සද්ගුණවත් පරමාදර්ශියා මා හට ඇති සියලු අවස්ථා එකින් එක මාගෙන් ඉවත් කරන බව ද , මාගේ වෘත්තීය සන්නාමය දිගින් දිගටම භක්ෂණය කරන බවද දැන ගැනීමට බොහෝ කාලයක් ගියේය. ඒ තේරුම් ගන්නා විට නිදහස් විය නොහැකි මට්ටමට මා කොටු වී හමාරය. එයිනුත් කලකට පසු පරමාදර්ශියාගේ පැතුම් සඵල කරමින් මට රැකියාව අහිමි විය. අවසානයේ පරමාදර්ශියාගේ හා අනෙකුත් ප්‍රධානීන්ගේ යහපත් දේ ගැන පමණක් සඳහන් කර, මා නොකී දේ කාලයා විසින් පැහැදිලි කරනු ඇති බව පවසා සමු ගතිමි.

    ReplyDelete
    Replies
    1. අනේ පවු. ඔයා ගැන මටනම් ඇත්තටම දුකයි ! ඔහොම තමයි මේ සංසාරෙ හැටි.

      Delete
  22. මම ඉස්සර හිතන් හිටියේ ඉන්ටර්විව් ෆේස් කරන එක තමා එපාම කරපු වැඩේ කියලා දැන් තමයි තේරෙන්නේ ඉන්ට්‍ර්විව් කරන එකයි අමාරු කියලා

    ReplyDelete
  23. ඔය පළමු පෙම හරියට වැඩ කරලා, ඒක එකම පෙම වුණහමත් ඔය වගේ තමයි. විරහ වේදනාවේ එක්ස්පීරියන්ස් එක නෑ... ඒ නිසා සමහර සිංදු, කතා එහෙම හිතට වදින්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. Machanla; Mama A/L walin passeth, BSc walin passeth giyapu hema interview ekakinma pass wuna. BSc walin passe mata siduwuna Jobs 4 kin ekak thoraganna, Etharam mama effective.
      But after 15 years and as a very high achieved Senior Grade manager, I had to leave the job and had to be away from working for some time. I started applying for new jobs again and for past 1 year, have faced many job interviews to no success and only to find interviewers are still some 8-10 years in the past.
      One guy at an interview board boasted that he was having two MBAs and asked from me the reason for not following an MBA. By that time I was dead sure that I was not getting the job. When I looked at my superiors, I am very confident that my KSA is more than enough to cover responsibilities up to 2 levels above me and I have no ambitions to go above that and want to hone my KSA further through further use, was my reply. (already at 46 and planning to retire at 50, I never will have opportunities to go higher)
      He went up a few steps in the air and sardonically asked from me what I learned by visiting . My reply was ' I met some big-shots only to learn how small they are'
      I am still looking for a job and very happy for not being selected for the job as I do not have to work under that swollen head.

      Delete
    2. ඔවු ඒක ඇත්ත. ඔයා ඒ අතින් නම් හරිම වාසනාවන්තයි. මම නම් කියන්නෙ ඔය අති පණ්ඩිත අපතයො යටතෙ ඉන්නවෙන රස්සාවක් හොයනවට වඩා එක්කො ෆ්‍රීලන්ස් බිස්නස් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට හරි තමන්ගෙම පුංචි ව්‍යාපාරයක් පටන් ගෙන ස්වාදීනව නැගීසිටීම තමයි හොඳම දේ.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.