Friday 27 November 2015

එහෙත් හරි වැස්ස, මෙහෙත් හරි වැස්ස


මැක්මාන්ස් පොයින්ට් හි දී ය

උද්‍යාන බංකුව මත
සන්ධ්‍යාව ගත කෙරුමට
නිද්‍රාව අමතක කර
වර්ෂාව සපැමිණ ඇත

විශ්‍රාමයෙන් අවදිව
සංවේගයෙන් හඬමින
පක්‍ෂීහු රැළ දස අත
උන්මාදයෙන් පියඹත

සන්තාපයෙන් තෙත්වුණ
සංකාව සපිරි හද තුළ
සන්තුෂ්ටිය ද ඇති බව
ක්ෂණයකට සිහියට එත!


-රසිකොලොජිස්ට්

21 comments:

  1. හිටපු ගමන් දෝරේ ගලා ගෙනත් යනවා නේද...? නිව්ස් වලට එහෙම පෙන්නන්නේ..

    ReplyDelete
  2. බංකුව මතට ඇවිත් වාඩි වෙලා ඉන්නවා නේද??

    ReplyDelete
    Replies
    1. ඔව්, වැරදිලා හරි වාඩි වුනොත් පස්සේ ඇලෙනවා!

      Delete
    2. ඇයි රෙද්දේ රෙවිලාද?

      Delete
  3. Rain rain go away..
    Come again another day..
    Little Rasika
    Wants to play.. :)

    ReplyDelete
  4. වතුරෙන් දුවන කාර් වැඩේ වත් හරි ගියානම් මේ අයවැයෙන් වැස්සේ වාහන වලින් යනවාටත් ගාස්තුවක් අයකරාවී
    මෙන්න හුලං කාර්
    http://mahakalu.blogspot.com/2015/11/truth-about-wind-powered-car.html

    ReplyDelete
    Replies
    1. ආ අපේ මකලාං මහත්තයා ගොඩ කාලෙකට පස්සෙ ඇවිත්. මොකද ඇමැතිතුමා එලෙව්වද හිටපු තැනින්?

      Delete
    2. මං දැනගත්තා. එතුමටත් කියලා ඉවසන්න පුළුවනෑ ඔය ලෙව කාපු ලෙවකෑම...

      Delete
  5. රංචාගොඩ ළමයාගේ මුණුබුරාගේ කයි කෑලි

    ReplyDelete
  6. නිද්‍රාගතව සිට වරින් වර නැගිට ඇඟමැලි කඩන රසිකගේ කවි හිත

    ReplyDelete
  7. අපෝ වැස්ස නම් මතක් කරන්න එපා.. මෙහෙට ඇති වෙන්න වැස්සා මේ ටිකේ..

    ReplyDelete
  8. වැස්සට ලියවෙන කවි.....එහෙමවත් ලියවෙන එක හොඳයි.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඔහෙත් වගේම මෙහෙත් හරි වැස්ස තමයි.

    ReplyDelete
  11. කවි සිත අවදි කල වැස්ස.

    ReplyDelete
  12. සැපෙන් දුක් විඳීමත්
    දුකෙන් සැප විඳීමද?

    ReplyDelete
  13. මොකෝ සහෝදරයා.... සාංකාව වගේද?

    ReplyDelete
  14. එතන බංකුව!!!
    වහින කොට නියම ඇති

    ReplyDelete
  15. එතන බංකුව!!!
    වහින කොට නියම ඇති

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.