Tuesday 13 September 2016

බලූ-මිනිසා සහ මිනිස්-බල්ලා - I cannot believe I did this


මේ කතාව කියවන ඔබ එය එක්වරම විශ්වාස නොකරන්නට ඉඩ ඇත. මගෙන් ප්‍රශ්න රැසක් අසන්නට ඉඩ ඇත. ඒ අවසානයේ වුව ද, ඔබේ සිතේ ඇති කුකුස මුළුමනින් ම නැති කරන්නට මට හැකි නොවන්නට ද ඉඩ ඇත.

එසේ වුවොත් එය සමාව දිය හැකි කරුණකි. ඒ කුමක් නිසා ද යත්, වෙනෙකෙකු තමන් ගැන මට මේ කතාව අද කීවොත්, මා ද එය විශ්වාස කරන්නට පෙර ඒ ගැන ප්‍රශ්න කරන්නට බොහෝ දුරට ඉඩ ඇති නිසා ය.

මේ සිදුවීම මා ප්‍රාථමික පාසලේ පළමුවෙනි ශ්‍රේණියේ ඉගෙන ගත් කාලයේ සිදු වූ මා හා සම්බන්ධ එකකි. එනම්, මට ම අයිති මගේ ම අත්දැකීමකි. මේ කතාව පිළිබඳව මට මෙන්ම ඔබට ද අවිශ්වාසය ඇති කරන එකම කාරණය නම්, එකල මා වයස අවුරුදු හයකට අඩු කුඩා ළමයෙකු වීමයි.

අපේ පන්තිය භාර ගුරුවරිය වූයේ ප්‍රඥාවතී ටීචර් ය. ඇගේ රුව මගේ සිහියේ රැඳී ඇත්තේ සුදු මිශ්‍ර ඔසරියකින් සැරසුණු, අඩකට වඩා සුදු පැහැගත් හිසකින් යුතු විශ්‍රාම වයසේ කාන්තාවක ලෙසයි. එයට හේතුව ප්‍රඥාවතී ටීචර්ව මා මෙයින් වසර පහළොවකට පමණ පසුව ද දැක තිබීම විය හැක. මේ කාලයේ ඇය වයස අවුරුදු හතළිහකට වැඩි නොවන්නට ඇතැයි වෙනත් කරුණු මත අනුමාන කරමි.

අමුතු කරුණාවන්ත කමක් අපට පෙන්වූ බවක් මගේ මතකයේ නැති වුවද, ප්‍රඥාවතී ටීචර් නපුරු ගුරුවරියක ලෙස මම වර්ග නො කරමි. එසේ වෙතත්, ඇගේ පන්තියේ උගත් සිසුන් වූ අප නම්, ඒ වසරේ ජනවාරියේ දී පාසල් අධ්‍යාපනය ඇරඹූ, එනම් වයස යාන්තම් අවුරුදු පහ පිරුණු, ඕනෑම අයෙකුගේ සිත මොළොක් කරවන සුරතල් ළමුන් පිරිසක් යැයි සිතීමට මම කැමැත්තෙමි. පළමුවෙනි ශ්‍රේණියේ ළමුන්ට නපුරුකම් කරන ගුරුවරියක කිසිදා සිටී යැයි මට නොසිතේ.

එසේ නමුත්, ප්‍රඥාවතී ටීචර් එක්තරා දිනයක, එක්තරා සුවිශේෂී අවස්ථාවක, අපේ පන්තියේ එක්තරා ගැහැණු ළමයෙකුට තර්ජනාත්මක විලාසයෙන් කියූ එක්තරා නපුරු කතාවක් නිසා මගේ හිත තදින් තිගැස්සුණි.

ඒ ගැන මගේ විරෝධය ඇයට පෙන්වීමට මට අවශ්‍ය වී ය.

නමුත් අවුරුදු පහමාරක දරුවෙකු එවැන්නක් කෙසේ නම් කරන්නද?

සම වයසේ අයෙකුට හෝ බාලයෙකුට හෝ නම් ටොක්කක් අනින්නට හෝ කොනිත්තන්නට හෝ පහරක් ගහන්නට හෝ අඩු වශයෙන් බනින්නට හෝ හැකිය.
නමුත් වැඩිහිටියෙකුට?

ඔබේ පන්තිය භාර ගුරුවරිය ට?

මා මුහුණ දුන් තත්වය ඔබට තවත් විස්තර කළ යුතු නැති යැයි සිතමි.

ඉතින් මා එදා කළේ මෙයයි.

අප එකල පාසලේ දී භාවිතා කළේ ගල්ලෑලි සහ ගල්කුරයි. පැන්සල සහ අභ්‍යාස පොත් භාවිතයට අපට අවසර ලැබුණේ තුන්වෙනි ශ්‍රේණියේ දී ය.

මම ගල්ලෑල්ලේ එක පැත්තක ගල්කූරෙන් චිත්‍රයක් ඇන්දෙමි. ඒ බලූ හිසක් සහිත මිනිසෙකි. ඒ චිත්‍රයේ අද මගේ ප්‍රතිනිර්මාණය මෙසේ ය.



ගල්ලෑල්ලේ අනිත් පැත්තේ මම වෙනත් චිත්‍රයක් ඇන්දෙමි. ඒ මිනිස් හිසක් සහිත බල්ලෙකි. ඒ දෙවෙනි චිත්‍රයේ මගේ අද ප්‍රතිනිර්මාණය මෙසේ ය.



පන්තියේ ඉදිරිපසට ගොස් ඒ චිත්‍ර දෙක ප්‍රඥාවතී ටීචර් ට පෙන්වූයෙමි. ඇය තරමක හෝ විස්මයට පත් වෙන්නට ඇත. නමුත්, ඇය කිසිදු ප්‍රශ්නයක් නො නගා ගල්ලෑල්ලේ ඇඳි සිතුවම් දෙකට විශාල හරි ලකුණු දෙකකින් සංග්‍රහ කළා ය.

මා ඒ චිත්‍ර යුගල නිර්මාණය කර ඇයට පෙන්වන්නේ, පෙර කී ඇගේ අනිසි වදන් පෙළ ගැන මගේ ඇති විරෝධය දැක්වීම බව ඇය කිසිසේත් ම දැන නො ගන්නට ඇත. මම ද, ඒ ගැන කිසිත් නො කියා ආපසු පැමිණ පන්තියේ දෙවෙනි පේළියේ මගේ පුටුවේ වාඩි වුණෙමි.

මගේ චිත්‍ර යුගල, අඩුතරමින් මට ඉදිරියේ අසුනේ සිටි රාජිකා පොද්දල්ගොඩට හෝ අසල සිටි ආනන්ද ජයතිලකට හෝ පෙන්වූවාදයි මට මතක නැත.

ගල්ලෑල්ලක ගල්කූරකින් ඇඳි අකුරු හෝ සිතුවම් හෝ පසුව අත්විඳින අනිවාර්ය ඉරණම, මගේ ඒ විරෝධතා සිතුවම් යුගලයට ද එදින පාසල නිමා වෙන්නට පෙර හිමි විය. ඒ නිර්මාණ දශක හතරකටත් වඩා වැඩි කාලයක් දිගටම මෙලෙස ඇඳී තිබුණේ මගේ හිතේ පමණි.

මේ කතාව වෙනකෙකු කියනවා මා ඇසුවොත් මට එය විශ්වාස කරන්නට අසීරු වන්නේ, මා කලින් ඉඟි කළ පරිදි, මේ විරෝධය දැක්වූයේ වයස අවුරුදු පහක නොමේරූ ළමයෙකු වීම නිසා ය. මා ඒ කරන්නේ විරෝධය පෑමක් බව, ප්‍රඥාවතී ටීචර් දැන නොගන්නට ඇත්තේ ද එ නිසා ය.

ඇය මින් වසර කිහිපයකට පෙර වයස්ගතව මිය ගියේ මගේ විරෝධය පිළිබඳව කිසිදු අදහසක් නොමැතිව බව හැඟෙන විට නම් මට අද ඇති වෙන්නේ තරමක දුකකි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රකාශනයක් වන "සන්නස" මාසික සඟරාවේ 2016 මැයි කලාපයේ පළ වූ ලිපියකි.
http://sannasa.sinhalajukebox.org/2016/May/2016May2_page06.pdf

(http://www.skepticmoney.com/calvin-and-hobbes-on-religion/)

86 comments:

  1. මොකක්ද ටීච අර ලමයට කිවුවෙ...

    ReplyDelete
    Replies
    1. ටීචර් කිව්වලු මෙන්න මෙහෙම;

      "හනේ අනිච්චං මේ ළමය උපතින්ම අංග විකල විරූපී ළමයෙක් බව පෙණුනත් මූ මන්දබුද්ධිකයෙක් කියල දැනගත්තෙ අදයි. පවු දෙයියනේ මෙහෙමත් කරුමක්කාරයෙක්"

      Delete
    2. @ Anonymous 13 September 2016 at 11:36

      එය වෙනම ලිවිය යුතු කතාවකි. කලින් මා ලියා ඇත. සමහර විට ඔබ කියවා ඇති?

      Delete
    3. Anonymous 13 September 2016 at 20:23

      අබාධිත අයට මෙලෙස නිග්‍රහ වෙන ආකාරයේ දේ කියන අය අමනුස්සයින් ය.

      Delete
    4. //අබාධිත අයට මෙලෙස නිග්‍රහ වෙන ආකාරයේ දේ කියන අය අමනුස්සයින් ය.//

      ලංකාවේ සමහර නපුරු ගුරුවරු ළඟ ඉතින් මනුස්සකම් බොහොම හිඟයි. ඒ වගේම බොරුවට සාන්තුවරු වගේ සිල් රෙදි පොරවන් මානුශිකයි ජාතිවාදී නෑ කිය කිය බොරු ලේබල් තමන්ම ගහගෙන බක තපස් රකින ඊර්ෂ්‍යාකාර දෙබිඩි පල් හොර අවලම්මුත් ඉන්නව නෙව. උන් නම් ඊටත් වඩා පහත් මන පහතයින් නේද?

      Delete
    5. //සමහර විට ඔබ කියවා ඇති?//
      Link pls Rasika

      Delete
  2. රසික මම තරහ නෑ.
    - මීට මාතලන්

    ReplyDelete
    Replies
    1. අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
      අනත වෙහෙස ලදුවත් නො ම වෙති දුහද
      දිගත පතළ සුවදැති සොඳ සඳුන් කඳ
      සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ

      Delete
    2. ත ම න් හට නොසමයන් වන කලට සම
      මු වි න් නො බැණ ඉවසනු සුදන ගරු කම
      නො මි න් කුමුදු විකසිත වනු දැක දැකම
      වි ළි න් මෙත් තඹුරු මුකුළිත වේ ය හැම

      Delete
    3. අලගියවැන්න මුකවැටිට සෑහෙන්න වැඩ තියෙනවා නේද?

      ඒ චරිතය තිබුණා ජයලත් මනෝරත්න ගේ සුදු රෙදි හොරු නාට්‍යයේත්!

      Delete
    4. අපිට අද කාලෙට ගැලපෙන අලුත් නාට්ටියක් කරන්න පුලුවන් මෙහෙම

      "පිරුවට ඇඳි දෙබිඩ්ඩෝ"

      නම හොඳයි නේද?

      Delete
  3. මේ වගේ ඉතා තඩ්දින් හිතේ රැඳුනු ඉතා කුඩා ළමා වියේ මතකයන් අපි කවුරුත් සතුව තියෙනවා. රසික කියලා තියෙනවා වගේම ඒවායේ ස්වරූපය පසුව වෙනත් බලපෑම් මත වෙනස් වෙනවා. අර ටීචර් ගේ පෙනුම වයස්ගත වුනා වගේ.

    ඒ වගේම ඒ ටීචර් මේ සිදුවීම ගැන සත්‍යය එනම් රසික තුල වූ කෝපය හා විරෝධය පෑම නොදැනම මිය ගියේ නම් රසික ඒ ගැන සතුටු විය යුතුය. මන්ද ඒ සිදුවීම වූ අවස්ථාවේම විරෝධය පල කෙරුනි නම් ඇතැම් විට එයින් අනෙකෙකුට යහපතක් වීමට ඉඩක් තිබුනි.
    ඇතැම් විට රසික නම්වූ කොලුගැටයා ටීචර්ගේ වෛරයට පාත්‍ර වීමටද ඉඩක් නොතිබුනේ නොවෙයි.

    කෙසේ වෙතත් ඇය එය නොදැනම මිය ගියේනම් එය ඇගේ ලෝකයට පරිභාහිර වූවකි. ඇය නොදන්නා දේ ඇගේ ලෝකය නොවෙයි.
    ඉතින් ඈ රසික නම් වූ කොලු ගැටයා ගැන කිසි දිනෙක වෛරයකින් හෝ අප්‍රසාදයකින් නොසිටින්නට ඇති. එසේම අදාල සිදුවීම එයට මුහුණ දුන් දැරිය ගේ මතකයේ කොනකවත් අද වනවිට නැතිව ඇති. මිනිස් ස්වභාවය ඒක නේද රසික.

    ReplyDelete
    Replies
    1. මේ ආකාරයේ විරෝධයක් පෑමට මගේ හිතේ ඇතිවුණු කෝපයට හේතුව මා වෙනත් දිනයක ලියන්නම්.

      රසික නම් කොලු ගැටයා නොව රසික නම් කොලු පැටියා විය යුතුයි. මේ වයස අවුරුදු පහමාරේ කතාවකි.

      Delete
  4. අනේ අම්මප අපි නොහිත කරන දේවල් දරුවන්ගෙ හිතේ කොයිතරම් කාලයක් රැඳෙනවද..මේ රස්සාව ගැන බයත් හිතෙනව රසික.මොකද හැම වෙලාවෙම දෙයක් කියන්ඩ කරන්ඩ කලින් 1000ක් සැරයකි හිතන්ඩ බෑ නොවැ

    ReplyDelete
    Replies
    1. ඩබ්.කේ.

      ඔබ ගුරුවරියක් නම් මීට වඩා සීරියස් ලෙස මේ දෙස බැලිය යුතුයි. ඔබගේ අත්දැකීම් සිහිපත් කොට ඒ ඇසුරින් සිතා බලන්න. මෙම සිදුවීම කිසිසේත්ම විස්වාස කළ නොහැකි අස්වාභාවික මනස්ගාත කතන්දරයක්. සුරංගනා කතා ගොතන්නෙකුගේ කතාවක් බඳුයි. ළමුන්ගේ මනස අවු. 50 පැනපු වැඩිහිටියන් මෙන් අතිපණ්ඩිත ලෙස ක්‍රියා නොකරන බව ඔබට වැටහෙනු ඇති.

      බොරුව අතේ මාට්ටු වුණොත් වැඩේ ශේප් කරගන්න මෙහෙම කපටි කමකුත් කරල තියෙනව;
      // මේ කතාව කියවන ඔබ එය එක්වරම විශ්වාස නොකරන්නට ඉඩ ඇත. මගෙන් ප්‍රශ්න රැසක් අසන්නට ඉඩ ඇත. ඒ අවසානයේ වුව ද, ඔබේ සිතේ ඇති කුකුස මුළුමනින් ම නැති කරන්නට මට හැකි නොවන්නට ද ඉඩ ඇත. එසේ වුවොත් එය සමාව දිය හැකි කරුණකි. ඒ කුමක් නිසා ද යත්, වෙනෙකෙකු තමන් ගැන මට මේ කතාව අද කීවොත්, මා ද එය විශ්වාස කරන්නට පෙර ඒ ගැන ප්‍රශ්න කරන්නට බොහෝ දුරට ඉඩ ඇති නිසා ය.//

      මෙතන තිබෙන්නේ වෙන ගේම් එකක්, හීන් නූලෙන් මඩ ගැසීමක් සඳහා එතරම් නොවිකිණෙන සඟරාවකට ලියූ ගොතපු බොරු කතාවක් ඉතාම සටකපට ලෙස යොදා තිබෙනවා. ඔබ කලබල නොවී බය නැතුව පෙර පරිදි ඉගැන්වීම් කටයුතු කරගෙන යන්න. ළංකාවේ ඉස්කෝල 10,000කට වැඩි ගානක ඉන්න ගුරුවරු ඔය කිසි ගේමක් නැතුව උගන්නන්නෙ? මුකුත් වෙන්නෙ නැහැ. ළමයි ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙන්නට රුසියෝ.

      Delete
    2. ඩබ්.කේ-
      මා පසුව දිනයක ලියන්නම්, මට ගුරුවරිය පිළිබඳව කේන්තියක් ඇති වීමට හේතුව. ඒක වයස අවුරුදු පහමාරක ළමයෙකුට තරමක භීතියක් ගෙන දෙන කතාවක්.

      නමුත් හැමෝටම මේ මතකය නෑ.

      උදාහරණයක් ලෙස මගේ හෝඩියේ පන්තියේ සිත්තරාවිය [http://rasikalogy.blogspot.com/2016/04/written-in-heart.html] මට සතියකට ඉහත මුණ ගැසුණා වසර හතලිකට පමණ පසු. ඇයට මේ මතකය නෑ!

      Delete
    3. Anonymous 13 September 2016 at 21:08

      ස්තුතියි.

      ඇත්තටම මට මේ කතාව වැනි දෙයක් තනිකරම නිර්මාණය කරන්න පුළුවනි නම්, මා ඉතාමත් සතුටු වෙනවා. එවැන්නක් කිරීමට සෑහෙන්න හොඳ නිර්මාණ ශක්තියක් තිබිය යුතුයි!

      Delete
    4. /*... එතරම් නොවිකිණෙන සඟරාවකට ලියූ....*/

      සභාවේ සිනා!

      අනේ ඇනෝ දන්නේ නැති දේ ගැන කතා නොකට ඉන්න පීස්! සන්නස කියන්නේ මෙල්බර්න් නුවර ප්‍රකාශවෙන සඟරාවක්.

      Delete
    5. අපෝ ඔහොම අතේ පැලවෙන අමු කෙබර ගොතන්න මොන නිර්මාණශීලීත්වයක්ද මෙයා, ඕන එකම දේ කිසිම ප්‍රතිපත්තියක්වත් විළිලැජ්ජාවක්වත් නැතුව ඔහේ බොරු ලියාගෙන යෑම පමණයි. එහෙමනම් ඉස්සර අපේ ගම්වල හිටපු බේගල් මුත්තලාට නොබෙල් සාහිත්තිය සම්මාන දෙන්න වටිනව නැතෙයි?

      Delete
  5. රසික,
    "බලු-මිනිසා සහ මිනිස්-බල්ලා" කියන යෙදුම භාවිතා කරන්නෙ යටි අදහසකින්වත්ද?

    ReplyDelete
    Replies
    1. කුලුණු ගුණින් යුතු උතුමන් සිත මහරු
      දුදන බසින් නොයෙදෙයි කරනට නපුරු
      නව රුවනින් පිරි මහ සමුදුර ගැඹුරු
      තණ සුළකින් උණු කළ හැකි වෙති කවුරු

      Delete
    2. ඒ මේ කතාවේ අන්තර්ගතය විසින් දෙනු ලැබූ නමකි. මගේ සඟරා ලිපියට දැම්මේ ඒ නමයි!

      http://sannasa.sinhalajukebox.org/2016/May/2016May2_page06.pdf

      Delete
  6. ටීචර් වචනයක් වත් නොඅහා හරි දාපු එක තමයි දෙවෙනි පුදුමය.

    ReplyDelete
    Replies
    1. මේක තනිකර අතේ පැලවෙන බොරු ලියල පත නයෙක් ඇරපු එකක් කියල තේරෙන්නෙ නැද්ද? ඉස්කෝලෙක එක වසර ළමයෙක්ට ඔහොම බක පණ්ඩිත අදහස් මළාට පහල වෙන්නෙ නැහැ. අනෙක 1 වසරෙ ළමයෙක්ට කවදාවත් ඔහොම චිත්‍රයක් ඇඳගන්න බැහැ. මිනිස් රූප අඳින්නෙ ඔලුවට බෝලයකුයි ඇඟට ඉරි කෑලි ටිකකුයි දාල. ඔහොම නිර්මාණශීලී ආට් එකක් එදා කළානම් අනිව අද ළෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්.

      මෙන්න අවු. හයක ළමයෙක් ගේ චිත්‍රයක් මෙතනින් බලාගන්න.. නැත්නම් ඉස්කෝලෙක එක වසර පන්තියක ලමයි ඇඳපු චිත්‍ර ටිකක් බලන්න බොරුද මන් කියන්නෙ කියල.

      අනෙක ඔහොම හොයන්නෙ බලන්නෙ නැතිව ඔහේ හරි දාන ටීචර්ල හිටිය කියන එකත් වැල් බයිලයක්. එහෙමනම් ඉතින් ටීචර් නෝනෙටත් ඔය කියපු මන්දබුද්ධික ළමයට වගේම මොන්ගල් වෙන්න ඕනෙ.

      Delete
    2. ඇනෝ, ඩිස්ක්ලේමරයක් දාල තියෙන්නෙඒකයි

      මේ කතාව කියවන ඔබ එය එක්වරම විශ්වාස නොකරන්නට ඉඩ ඇත. මගෙන් ප්‍රශ්න රැසක් අසන්නට ඉඩ ඇත. ඒ අවසානයේ වුව ද, ඔබේ සිතේ ඇති කුකුස මුළුමනින් ම නැති කරන්නට මට හැකි නොවන්නට ද ඉඩ ඇත. 

      Delete
    3. ඔබ නිවැරදියි රාජ් මල්ලි. බොරුව අතේ මාට්ටු වුණොත් වැඩේ ශේප් කරගන්න මෙහෙම කපටි කමකුත් කරල තියෙනව;

      // මේ කතාව කියවන ඔබ එය එක්වරම විශ්වාස නොකරන්නට ඉඩ ඇත. මගෙන් ප්‍රශ්න රැසක් අසන්නට ඉඩ ඇත. ඒ අවසානයේ වුව ද, ඔබේ සිතේ ඇති කුකුස මුළුමනින් ම නැති කරන්නට මට හැකි නොවන්නට ද ඉඩ ඇත. එසේ වුවොත් එය සමාව දිය හැකි කරුණකි. ඒ කුමක් නිසා ද යත්, වෙනෙකෙකු තමන් ගැන මට මේ කතාව අද කීවොත්, මා ද එය විශ්වාස කරන්නට පෙර ඒ ගැන ප්‍රශ්න කරන්නට බොහෝ දුරට ඉඩ ඇති නිසා ය.//

      මෙතන තිබෙන්නේ වෙන ගේම් එකක්, තමුන්ගේ ජන්මාන්තර වෛරක්කාරයෙකුට හිත යට කැකෑරෙමින් පැසව පැසවා තිබෙන වෛරය පිට කර ගනුවස් හීන් නූලෙන් මඩ ගැසීමක් සඳහා එතරම් නොවිකිණෙන සඟරාවකට ලියූ ගොතපු බොරු කතාවක් ඉතාම සටකපට ලෙස යොදා තිබෙනවා.

      ඉතින් මෞර්ය රාජ්, දැන් වැඩ ඇරෙන වෙලාව නේද? ඕෆ්ලයින් ගිහින් ගෙදර යන්නෙ නැතෙයි? අද ඕටී ද මෙයා? ඩොලර් වලින් ඕටී ලැබෙනවද මන්දා.

      Delete
    4. @ කල්‍යාණ මිත්‍ර

      ටීචර් ඒ දිනවල නිතරම ගල්ලෑල්ල පිරෙන්න ලොකූ හරියක් දෙනවා. අතින් පයින් යනවායැ?

      Delete
    5. රාජ්

      මට එදා ගැන ඇත්තේ හොඳ මතකයක්. මේ සිදුවීමට අදාල අනිත් කතාව විශාල කම්පනයක් ඇති කළ එකක්. එය ඔබ සමහර විට කියවා ඇති.

      මට එදා මා ඇඳි චිත්‍රය අද අඳින්න බෑ. එනිසායි මා මෙලෙස ලිව්වේ.

      /* ඒ චිත්‍රයේ අද මගේ ප්‍රතිනිර්මාණය මෙසේ ය. */

      Delete
    6. @ Anonymous 13 September 2016 at 21:15

      ඔබ ගැන මට තරමක් දුකක් ඇතිවේ!

      Delete
    7. තරමක් දුක් වෙන්න එපා දුක් වෙනවනම් පපුව පැලෙන්න බොක්කෙන්ම දුක් වෙන්න, නැත්නම් දුක් නොවීම ඉන්න. මොකද රුසියාවට වඩා ඊර්ශ්‍යාව ලොකුයි නෙව.

      Delete
  7. බලු මිනිසා නම් හරි පිළිවෙලයි...

    ReplyDelete
    Replies
    1. /* මම ගල්ලෑල්ලේ එක පැත්තක ගල්කූරෙන් චිත්‍රයක් ඇන්දෙමි. ඒ බලූ හිසක් සහිත මිනිසෙකි. ඒ චිත්‍රයේ අද මගේ ප්‍රතිනිර්මාණය මෙසේ ය. */

      එදා ඇන්ද චිත්‍ර මෙච්චර හොඳ වෙන්න බෑ!

      Delete
  8. Rasika The Godfather of Sinhala blogs' second attack undercover- the rival is already flat out with the first :-D :-D - ano Rasika ha ha ha

    ReplyDelete
    Replies
    1. ඔබගේ තියෙන ප්‍රධාන දුර්වලතාවය තමයි සතුරාව අවතක්සේරු කිරීම. පොඩි උදාහරණයක් දෙන්නම්. 1993 ඔක්තෝබර් 3/ 4 දෙදින තුල සෝමාලියාවේ මොගෙඩීෂු අගනුවර සිදුවූ ප්‍රසිද්ධ Battle of Mogadishu සටන සිදුවන්නෙ කැරලිකාර සිවිල් හමුදා නායකයකු වුනු Mohamed Farrah Aidid ගේ ජේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුව පැහැරගෙන ඒමට යන මෙහෙයුමේදී. එම මෙහෙයුම සඳහා US Forces අහස් යානා 19ක් Humvees ඇතුළු වාහන 12 ක් හා සෙබළුන් 160ක් සහභාගී වුනා.

      එම මෙහෙයුම පැය භාගයෙන් කල යුතුව තිබුනත් කැරලිකාර හමුදාව RPG භාවිතා කර Black Hawk හෙලිකොප්ටර් දෙකක් බිම දමා තවත් තුනකට හානි කරනු ලබනවා. තුවාල කරුවක් කිහිප දෙනෙක් ඉවත්කරගැනීමට හැකි වුවත් කිහිප දෙනෙකුව කොටු වීම නිසා මෙම මෙහෙයුම පැය 18 කට වඩා දිග බේරාගැනීමේ මෙහෙයුමක් බවට පත්වෙනවා.

      විශේෂයෙන් මතක තබාගන්න the rival විසින් ඉතා සූක්ක්ෂ්ම සහගත ලෙස අපි කොහොමවත් නොසිතන ආකාරයේ ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. මතකනේ පහුගිය යුද්ද කාලේ එල්ටීටීඊ සංවිධානය රටපුරාම විවිධ ආකාරයේ විශ්මය ජනක ප්‍රහාර එල්ලකරපු හැටි.

      Delete
    2. එල්ටීටීය කොළඹට බෝම්බ දාන්නත් ආවා නේද?

      Delete
    3. "Tactics without strategy is the noise before defeat."
      - Sun Tzu in The Art of War

      ඔය මම බොහොම ප්‍රියකරණ කෙනෙක් සහ පොතක්. ඕක කියෙව්වට වරදක් නෑ රසික.

      Delete
  9. කැල්වින් ඇන්ඩ් හොබ්ස් මගේ ප්‍රියතම ස්ට්‍රිප් කාටූන් එක.ඒවා කීපාරක් කියෙව්වත් වින්දනය අඩුවෙන්නේ නෑ
    අවසාන "ග්‍රේට් පත්තර කොමික්" එක විදිහට සලකන්නෙ. ඒත් බිල් වොටර්සන් 1995 ඒක නැවැත්තුවා ඔහුට ඕනෙ තැනට ඇවිල්ල ඉවරයි කියල.

    ReplyDelete
    Replies
    1. අකමැතිම කාටූන් එක මොකක්ද?
      මගේ නම් ගාර්ෆීල්ඩ්!

      Delete
    2. අයිලන්ඩ් එකේ පොඩි කෑලි කියවමින් ඉඳලා, පස්සේ, ඇමරිකන් සෙන්ටර් එකේ දී නිව්යෝක් ටයිම්ස් පත්තරේ වෙනම කාටූන් සප්ලිමන්ට් එකක් ම තියෙන බව දැක මං පුදුම වුණා මතකයි!

      Delete
    3. Garfield is my most favourite! You need to enter the world of a cat to enjoy it!

      Delete
    4. Bheem and all other indian cartoons are worst. Ugliest pictures and foolish stories

      Delete
    5. මම cat person හෝ dog person හෝ නොවේ. සතුන් නිවසේ ඇති කිරීම අප්‍රිය කරමි.

      http://www.sbs.com.au/topics/science/humans/article/2016/04/22/there-really-such-thing-cat-person

      Delete
  10. Replies
    1. එච්චර දේචල් දන්නවාද මේ හෝඩියේ පන්තියේ ළමයෙක්?

      Delete
    2. ඔබ හරි, මේ අකාරයෙන් මිනිස්-සත්ත්ව මිශ්‍ර රූප ඇඳීමට නම් අනිවාර්යයෙන්ම මේ කියන සිසුවා ඊජිප්තු ශිශ්ටාචාරය ගැන මැනවින් දන්නා ස්පින්ක්ස්, ඇනුබිස් වැනි රූප හොඳින් හුරුපුරුදු අයෙක් වීම නිසැකයි. සාමාන්‍යයෙන් බලාසිට ඇඳීම විනා මෙබඳු මෙබඳු කල්පිත නිර්මාන කරන්නේ වයසින් බොහෝ මෝරා ඇති ළමුන් විනා මෙතරම් කුඩා චිත්‍ර කලාවේ මූලිකාංග වත් නොදන්නා යන්තම් බලිරූප අඳින කුඩා දරුවෙක් නොවෙයි.

      Delete
    3. ප්‍රා ජේ ගේ සහ ඇනෝ ගේ ප්‍රතිචාර නිසා මට වෙනම ලිපියකට සිතුවිල්ලක් ආවා. එනිසා වැඩි විස්තර මෙහි නොලියමි.

      Delete
  11. ඔන්න ඕකට තමය් ලොක්ක කියන්නේ කබ්බෝ form කරනවා කියල. අම්මප බලමුකෝ දෙන මේකට මොන කබ්බ අවි අමෝරාගෙන එයද කියලා! ඔන්න මහ-තලන් මහතයෝ තොප්පිය as usual දා ගන්නවා හෙම නෙවෙය් හරිද

    ReplyDelete
    Replies
    1. කුරිරු ගොර සපුන් ගේ දළ’ගෙහි විසය
      මදුරු මැසි කැලන් ගේ තුඬ’ගෙහි විසය
      රුදුරු නුහුසුවන් ගේ වල’ගෙහි විසය
      නපුරු දුදනන්ගේ සියල’ගෙහි ම විසය

      Delete
    2. මුකවෙටි ඇනෝ සෑහෙන්න කාර්ය බහුලයි!

      Delete
  12. නො මි න් ලොව සියලු දේ දක්නා ඇසට
    ත ම න් සැටි මඳක් වත් නොපෙනෙන ලෙසට
    අ නු න් දොස් දකිති අනුවණ දන කපට
    එ මෙ න් සිය නුගුණ නොදකිති නියම කොට

    ReplyDelete
  13. කරදර දුදන පිරිසිඳ දතුවද සතර
    ගොරතර සපුන් විලසින් කට මිණි ලකර
    නරවර සඳුන් තුර වලදමිනි හැමවර
    අම පරනට බියම මිස දෙති කවර වර

    ළොව වසන අති කුරිරැ මන පහත් අධම මිසදිටු අසත්පුරුෂයෝ කොතරම් ශාස්ත්‍ර උගෙන සිටියත්, කොතරම් දුර දේශ දීපංකරවල ගොස් සිටියත් කණ්ඨ මාණික්‍යයෙන් අලංකාර වූ ඉතා දරුණු විෂඝෝර සර්පයන් මෙන් හැමවිට රජ නමැති සඳුන් රුක වෙලාගෙන අහිංසකයන්ට බිය සහ අවැඩක්ම මිස කිසි කලෙක යහපතක් සලසත් ද? (නැත්තේමය)

    - අලගියවන්න මුකවෙටි විසින් රචිත, සුභාෂිතය

    ReplyDelete
    Replies
    1. ධර්ම දේශනාමය කටයුතු සදහා ඔබ සියලු දෙනාටත් අවශ්‍යනම් පහත සදහන් දුරකථන ඔස්සේ ඔබටත් දේශකයාණන් වහන්සේලා සමග සම්බන්ධ විය හැක.ධර්ම දානමය කුසලය ඇතුළු අනෙකුත් කුසලයන් වැඩි දියුණු කර ගැනීමට පමණක් මෙය අවස්ථාවක් කර ගන්න.

      (1) Ven Galigamuwe Gnanadeepa Thero (පූජ්‍යපාද ගලිගමුවේ ඥාණදීප හිමි) 0773407300

      (2) Ven Kahagolle Somawansa Thero (පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ හිමි) 0718361466

      (3) Ven Doloswala Udithadeera Thero (පූජ්‍යපාද දොළොස්වල උදිතධීර හිමි) 0772340810

      (4) Ven Walpola Gothama Thero (පූජ්‍යපාද වල්පොල ගෝතම හිමි) 0717345345

      (5) Ven Agalakada Sirisumana Thero (පූජ්‍යපාද අගලකඩ සිරිසුමන හිමි) 0714298850

      (6) Ven Malimbada Pannasara Thero (පූජ්‍යපාද මාලිම්බඩ පඥාංසාර හිමි) 0777439369

      (7) Ven Pitigala Dhamma Vinitha Thero (පූජ්‍යපාද පිටිගල ධමමවිනිත හිමි) 0776034752

      (8) Ven Thiththagalle Anandasiri Thero (පූජ්‍යපාද තිත්තගල්ලේ ආනන්ද හිමි) 0776752816

      (9) Ven Radawadunne Gnanavimala Thero (පූජ්‍යපාද රදාවඩුන්නේ ඥාණවිමල හිමි) 0714427554

      (10) Ven Athkadure Sumanasara Thero (පූජ්‍යපාද ඇත්කදුරේ සුමනසාර හිමි) 0778444887

      (11) Ven Bokundara Kusaladhamma Thero (පූජ්‍යපාද බෝකුන්දර කුසලධම්ම හිමි) 0778444887

      (12) Ven Gampaha Mahanama Thero (පූජ්‍යපාද ගම්පහ මහානාම හිමි) 0772389135

      (13) Ven Ketawala Hemaloka Thero (පූජ්‍යපාද කැටවල හේමාලෝක හිමි) 0714222844

      (14) Ven Kolabisse dhammananda Thero (පූජ්‍යපාද කොලබිස්සේ ධම්මානන්ද හිමි) 0714222844

      (15) Ven Kukulpane Sudassi Thero (පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී හිමි) 0773761333

      (16) Ven Medagoda Abayathissa Thero (පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස හිමි) 0718666333

      (17) Ven Ududumbara Kashyapa Thero (පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප
      හිමි) 0772900095

      (18) Ven Lenawa Mangala Thero ( පූජ්‍යපාද ලේනව මංගල හිමි) 0772245881

      (19) Ven Mirahawatte Pannasiri Thero (පූජ්‍යපාද මිරහවත්තේ පංඥා සිරි හිමි ) 0714473666

      Delete
    2. Anonymous13 September 2016 at 21:02

      කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් ලැබෙන බව දැනගනුව වල් පරයාණනි. තොපේ ගොන් පාට්වලින් එය නැවතුව නොහේ. ගේම තව ඇරඹුණේ නැති බවද තා දත යුතුය.

      Delete
    3. මේවට වග කියන්න ඕනෑ අර යාය මේ යාය අර වසන්තය මේ වසන්තය කිය කියා බොරු සම්මාන උළෙලවල් තියෙන ගොන් නාම්බෝ තමයි. මේ මී හරක් තමන්ටයි තමන්ගෙ යාලුවො ටිකකටයි සම්මාන බෙදා ගන්න එකතු වෙලා අනුමත වෙන්න මොකක් හරි ප්‍රෝඩාවක් කරනවා. ඊට පස්සේ බ්ලොග්කාරයො තමන් මාර පොරවල් කියලා හිතාගෙන තැන රැක ගන්න මරා ගන්නවා. දැන්වත් මේ විහිලු නතරකරපල්ලා. බ්ලොග් ලියන එකෙක් ලියපුවාවේ. තොපි කරන මේ බූරු වැඩ නිසා වෙන්නෙ මුන් ටික සත්තු වත්තෙ සත්තු වගේ එක එකා මරා ගන්න එකයි.

      Delete
    4. Anonymous14 September 2016 at 00:14

      මචන් උඹත් පටන් ගනිං බොග සම්මාන උළෙලක්.
      ඒක ට පුළුවන් නමක් දාන්න ජපං ජබර යාය නැත්නම් වර්චස් යාය කියලා. (කොහොමත් ඉතින් බ්ලොග් සම්මාන උළෙළවල් කියන්නෙ කියන්නෙ අසූචි යායවල් තමයි.)

      උඹට ත් පුළුවනි ලංඩන් වල ඇල්බට් අංකල් වගේ සම්මාන දෙන්න / සම්මාන විකුණන්න, ලොකුම බොග ට, දිගම බොග ට, ගඳම බොග ට, චා ම බොගට, කුණුම කුණු බොගට ආදී වශයෙන්.

      හැබැයි බ්ලොග් වලට සම්මාන දුන්නත්, බොග වලට සම්මාන දුන්නත් - ඔය දෙකේ වෙනසක් නෑ - ලංඩං ඇල්බගේ නියම තුන පිළිපැදීම වැදගත්:

      ලංඩොං ඇල්බගේ පළමුවෙනි නියමය:
      භාණ්ඩාගාරික = විනිශ්චය මණ්ඩලය.
      සම්මාන ඕනෑ අය, සම්මාන උළෙලට අනුග්‍රහය දැක්විය යුතුය. රහස්‍යභාවය සුරැකේ. - වැඩි විස්තර සඳහා තුන්වන නියමය බලන්න.

      ලංඩොං ඇල්බගේ දෙවන නියමය:
      සම්මාන ලබන අය විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ කව්ද වගේ අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැති බවට වග බලා ගන්න. තමන්ව සම්මාන වලට තේරුවේ කව්ද, තමන් ට සම්මන දුන්නේ කුමන නිර්ණායක අනුවද, ආදිය අහන්නේ නැතිව දෙන දෙයක් අරං වෙන දෙයක් බලා ගෙන ඉන්න පොරවල් ටිකක් හොයා ගත්තාම සම්මාන උළෙල පැවත්වීම පහසුය. නැතිනම් සමහර එවුන් පණ්ඩිතයො වෙන්න එනවාය. සමහර එවුන් හිතන්නේ සම්මාන උළෙලට කීයක් හරි දුන්නාම, සම්මන උළලේ සියල්ල උන්ට ඕනෙ විදියට විදියට කෙරෙන්න ඕනේ කියා ය. ඒ නිසා සම්මාන උළලේ විනිශ්චය මණ්ඩලයේ හිටියේ කව්ද වගේ ප්‍රශ්නයක් ඇහුවාම අපි දන්නෑ ඕනෙ නම් සංවිධායකගෙන් අහල බලන්න වගේ ගොං උත්තර දෙන එවුන් ටිකක් සම්මාන මිල දී ගැනීම සඳහා සොයා ගැනීම ඇඟට ගුණය. තමන් ව සම්මාන වලට තේරුවේ හිට්ලර් වුනත් උන්ට කමක් නැත. තමන් ව සම්මාන වලට තේරුවේ නට්සිවාදී නිර්ණායක අනුව වුවත් උන් ට කමක් නැත. දෙන ඕනෑම සම්මානයක් උන් බාර ගන්නවා ය. (සොරි ඇත්තම කිව්වොත් මිල දී ගන්නවා ය.) විශේෂයෙන් ම රස්සාවට බ්ලොග් ලියන එවුන් ටිකක් මේ වැඩේට අල්ලාගත්තාම වැඩේ ලේසිය. මොකද උන්ට ඉන්ක්‍රිමන්ට් එකක්, ප්‍රමෝෂන් එකක්, ගන්න මේ සම්මාන ප්‍රයෝජනවත් ය. ඉතින් උන් තමන් වැඩ කරන තැනිනුත් කීයක් හරි අරං දෙන්න බලනවා ය. ඒ ඇර වෙන මුකුත් හොයන්න එන්නේ නැති ය. (ඇත්තටම නවකතා ලියන්න ඕනේ මෙන්න මේ වගේ තක්කඩි ගැන ය.)

      ලංඩොං ඇල්බගේ තුන්වන නියමය:
      සම්මාන ගන්න එවුන් තමන් මේ සම්මානය ගත්තේ සල්ලිවලට ය යන්න කීයට වත් - අඩු ගානෙ බීල ඉන්න වෙලාවකවත් - කියන්නේ නැත. මොකද උන් මුළු ලෝකෙටම පෙන්නන්නේ තමන් ට මේ සම්මානය ලැබුනේ තමන් ගේ දක්ෂතාවය නිසා කියා ය. ඉතින් සම්මන උළලේ සංවිධායකත් මුදල් ගනුදෙනු ගැන රහස රකිනවා නම්, සම්මාන උළලේ අත යට ගනු දෙනු කිසිවක් හෙළිදරව් වන්නේ නැත. ඒ නිසා මම සල්ලි ගත්තා කියලා කියනවා නම් පුළුවන් නම් ඔප්පුකරපල්ලා යනුවෙන් බය නැතිව පොර ටෝක් දිය යුතු ය. මොකද සල්ලි ගත් බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් එළියට එන්නේ නැත. සල්ලි දීපු උන් අපි සල්ලි දුන්නා කියා කියන්නේ නැත. සල්ලි ගත්ත එකා කියන්නේත් නැත. ඉතින් බය වන්නට දෙයක් නැත. බය නැතිවම ඊළඟ අවුරුද්දේත් සම්මාන උළලෙට දැන්ම ලෑස්ති විය හැක. සම්මාන උළලෙ ට පසුව නිවාඩු ගත කිරීමට යන රටවල හෝටල් දැන්ම බුක් කළාට කමක් නැත.

      ලංඩන් ඇල්බටාගේ නියම තුන පිළිපදින්න.

      Delete
    5. Kaalekata passe maathalawa daka gaththa, ko moo profile eken nemeyine Dan enne! Ano boothayek wela, oya uda inne 21:35 kiyala

      Delete
    6. Ammapa da machan. Bota sure da? Balagaththe handahanin wentA?

      Delete
    7. ස්තුතියි මුකවෙටි ඇනෝ සෑහෙන්න කාර්ය බහුලයි වගේ!

      Delete
  14. Dear all you tortured souls, HATRED IS NOT WON BY HATRED .It's a universal truth.Now the time is right to stop slinging mud at each other. May the PEACE prevail all over.

    ReplyDelete
  15. ඔබ දනන්වද රසික හැම පොඩි ළමයෙක්ම ළමා කාලයේ පසු කරනවා තමන්ට වෙන හෝ තමන් දකින තමන්ගේ සිතුම් පැතුම් වලට නොගැලපෙන සිදුවිම් වලදි ඒ ඒ සිදුවීමට අඳාල පාර්ශව වලට තම අප්‍රසාදය හෝ තමන්ගේ නොකැමැත්ත පෙන්වීමට ඒ පාර්ශවය අපහසුතාවයට පත් වෙන දේ අපහාස කිරිමට හැකි දේ කිරීම කියන මානසික අවශ්‍යතාවය.. නමුත් කෙමෙන් වැඩිහිටි වීමෙදී ශාරිරික වයසත් සමග මනස වර්ධනය වීමෙන් ඒ සෘනාත්මක ක්‍රම යොදා නොගෙන ධනාත්මතක ක්‍රම භාවිතයට හැඩ ගැහෙනව..

    නමුත් ඔය අතර ඉන්නවා රසික ශාරීරිකව වයසට ගියාට මනස ඒ හා සමගාමිව නොවැඩෙන අය..මනසේ වයස සමාජයත් සමඟ සාමකාමීව ගලප ගන්න නොහැකි අය.. එවැනි අය වැඩිහිටි වු පසුවත් යොද ගන්නේ අර ළමා කල යොද ගත් ක්‍රමයම තමයි තමන්ගේ අකමැත්ත හෝ විරෝධතාවය පෙන්වීමට..

    අපි හැමෝම රසික ඉපදුනාට පස්සේ අවුරුදු වලින් මනින වයසට අමතරව නොපෙනන මනස වර්ධනය වීමෙන් ගණින වයසකුත් හිමි අය.. එය මනින්න ලොකේ විශේෂිත ක්‍රම තියනවා. බහුරතයක් දෙමාපියන් දන්නේ අවුරුදු වලින් ගණින වයස පමණයි දරුවෙකුගේ.. මානසික වයස නොදැනීම ඒ දෙමාපියන්ගෙත් දරුවෙගත් පමණක් නොව මුලුමහත් ලෝකයේම අවාසනාවක්..

    I can't believe grown up (physical age) people being kids, while kids being grown up (mental age) people these days..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      ඔබේ මේ ලිවීමේ විලාශය සිත් ගන්නාසුලුයි. අපේ සංස්කෘතික හමුවෙන් පළ කරන සිංහල සඟරාවට හෝ මෙල්බර්න් හි පළ කෙරෙන සන්නස වැනි සඟරාවකට ලිපි ලියන්න පටන් ගන්නා ලෙස යෝජනා කරන්නට කැමතියි.

      මගේ මේ ලිපියත් සන්නස සඟරාවේ පළ වූ එකක්.

      Delete
    2. ස්තුතියි රසික යෝජනාවට.. පුතා ඉස්කොලේ යන්න ලබන අවුරුද්දේ.. ඊට පස්සේ මට වෙලාව මීට වඩා ලැබේවි කියලා හිතනවා ලියන්න.. මම මේ යෝජනාව මතක තියාගන්නම්. ඔබට හැකි නම් ඒ සඟරා සමඟ සම්බන්ධ වන විදි කිව්වොත් මට ලබන අවුරුද්දේ වෙලාව ලැබෙන විදිහට ලියන්න පුලුවන් වේවී..

      Delete
    3. සන්නස සංස්කාරක ජගත් ජේ එදිරිසිංහ

      මෙන්න වෙබ් අඩවිය. ඒකේ මේ මාසේ සඟරාව කියවන්න පුලුවනි.
      http://www.sannasa.com/

      කලින් සඟරා කියවන තැන මගේ මේ ලිපිය මුලින් පළවුණු තැන ලිපිනයෙන් ගන්න. [sinhalajukebox]

      Delete
  16. රසික

    ඔබට වයිලි මිලර්ගේ Non Sequitur කාටුන වැටහෙනවාද ?

    ReplyDelete
    Replies
    1. මා Non Sequitur දැක ඇත්තේ ඉඳහිටයි. නිතර කියවන පත්තරේ පළ වෙන්නේ නෑ.

      මේ වර්ගයේ මා කැමති එකක් නම් ඉන්සැනිටි ස්ට්‍රීක් කියන තීරු කාටූනයයි.

      http://www.swamp.com.au/insanity_streak_cartoon.html

      ඒවා බොහෝ විට සරලයි!

      Delete
  17. පිස්සු බල්ලෝ උසි ගන්වන්න එපා රසික මහත්තයෝ. උන් බුරාගෙන පනිද්දී ඔබතුමාට ජොලි උනාට, අපිට හරි කන් කරච්චලේ.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි පිස්සු බල්ලන් උසි ගැන්විය නොහැකිය. දකින ඕන මගුලක් හපාකෑම පිස්සු බල්ලන්ගේ සිරිතයි. උසි ගැන්විය හැකි නිරෝගී සාමාන්‍ය බල්ලන්ය. බුරන බල්ලන් දැක පුකේ අමාරුව හැදෙන අමුම අමු ගොබ්බ මී හරක් රැලට සුදු පිරුවට ඔතාගෙන බොරු සිල් පෙන්වමින් සියලුම අමන ජඩ පහත් වැඩ කරන දුශ්ට දුර්ජන අමුම අමු කාලකන්නින්ගේ නපුංසක ක්‍රියා නොපෙනීම (පෙනුනත් අන්ධයින් මෙන් ගොන් පාට් දැමීම) අතිශය හාස්‍ය ජනකය.

      Delete
    2. මේ මොනවා ද කියන්නේ?

      Delete
  18. ටීචර්ට යමක් දැනෙන්න නම් චිත්‍රයට බලු මූණක් සහිතව කාන්තාවකගේ ශරීරයක් අදින්න තිබ්බනෙ.
    ළමයෙක් මොන ආකාරයකින් හරි මානසික පීඩනය පිට කරන්න හදන විට ලොකු හරියක් දෙන එක හොද දෙයක්.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මං ඒ දිනවල කාන්තාවක් අඳින විදිය ප්‍රගුණ කර සිටියේ නෑ විය යුතුයි!

      Delete
    2. "කාන්තාවක් අඳින විදිය" කියල අදහස් කොලේ අඳින පළඳින විදියද මයෙ පුතේ? එතකොට පුතා බවලත් උදවිය අඳින විදිය වගේම එව්ව ගලෝන විදිය පොරගුන කලේ කොයි කාලේද පුතේ?
      - මං මේ කිරිඅප්පු මු(_)ත්ත

      Delete
    3. ඔය කාලෙත් ජම්ප් එක නැත්නං ඔබේ තීරය පල්ලෙහයින් ටීචර්ලයි ඉසුර පෙනුනැයි මයෙ පුතේ ?
      - මං මේ ආයිත් කිරිඅප්පු මු(_)ත්ත

      Delete
    4. කිරි අප්පු මුත්තත් අහන කතා!

      Delete
  19. ඈ රසික ළමයො,

    අර උඩ දාල තියන හාමුදුරුවරුන්ගෙ නම් අතරෙ චුල්ලවට්ටි හාමුදුරුවො නැත්තෙ ඇයි? උන්නාන්සෙ පට්ටම් තකාවත් පඩි තකාවත් නෙමෙයි විනය තකාම වැඩකරණ කෙනෙක් හින්දද?

    මං උන්නාන්සෙ බණ තලන හැටි අහල තියන. ඒ බණ නං අපූරුයි. දවසක් බණට කිව්වෙ පුලහිංචි ජාතකය. කල්ල වඩන සිටුතුමාගෙ දුව පුලහිංචි සිටු කුමාරි පට්ටියෙ මුකදාන සිටුතුමාගෙ පුතා දියිය පග සිටු කුමාරය එක්ක හාද වෙලා ඉන්න එක ගැන කිපුණු සිටුවරු දෙන්නා අතර වට ඇල්ල ළඟ කැලේදී ඇතිවෙන්න ගිය මාරක සංග්‍රාමයක් පඟර දයියා නම් තාපස කෙනෙක් සංසිඳවූ විදිය තමයි ඒ බණේ කියවෙන්නෙ. අපූරු සංහිඳියා බණක්.

    ඇත්තටම සංහිඳියා බණේ අනුහසින් කැලෙන් නරි පිටවුනා විතරක් නෙමෙයි කැලේ හිරිවැටුන කියලයි හාමුදුරුවො කිව්වේ.

    ආනන්ද කොලීජිය වගේ නං දරාපු බවුද්ද ඉස්කෝලෙකට ගිය ඔය ළමය ඔය වගේ බණ කතා කියවන්නෙ නැද්ද?

    - මීට භණ්ඩුක උපාසක

    ReplyDelete
    Replies
    1. මං සිව් වසරක් ගිය ආනන්දේ නම් බණ තිබුණේ නැත. ඒ කාලය තුළ මා උගත් එකම ආගමට සම්බන්ධ දේ නම් එක් වරක් පන්සිල් ගත්තාම ඇතිය යන දේ පමණි!

      Delete
  20. මම තාම 8 වසරෙ නමුත් මට දැනටම 1 වසරෙ වෙච්ච සිද්ධි මතක නෑ. ඉතින් ඔබ මේක කොහොම කිව්වද කියලා හිතාගන්නත් බෑ. මට හොදට මතක 5 වසරෙදි උන සිද්ධියක් මම ලිව්වා. හොදද බලන්නකෝ.
    http://ranwanmakara.blogspot.com/2016/08/blog-post_29.html
    මොකක් උනත් කථාවනම් නියමයි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මම ඔබේ බ්ලොගයේ කතා කිහිපයක් බැලුවා මීට කලින්. එතැනට ආවේ අර උසස් පෙළ කරපු ළමුන් නිවැරදිව විශ්වවිද්‍යාල තෝරාගෙන නොමැතිව අමාරුවේ වැටී ඇති ලිපියක් තිබුණු බ්ලොගයේ ඔබ ම තැබූ මෙවැනි සටහනක් නිසායි.

      නැවත එන්නම්.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.