Monday 16 November 2015

ප්‍රංශ කොඩිය දැමීම නිසා හෙළිවන අපේ සමහර අයියලා ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවත - Nakedness exposed


මීට වසර තුනකට පමණ පෙර බාලචන්ද්‍රන් නම් ළමයා ගේ මරණයට පෙර සහ පසු ඡායාරූප මාධ්‍ය මගින් දැක ගන්නට ලැබුණු පසු අපේ සමහරුන් ගේ අමානුෂික ජුගුප්සාජනක නිරුවත හෙළිදරව් වූ හැටි ඔබට මතක ඇතැයි සිතමි.

බාලචන්ද්‍රන් යනු සතුරෙකු ගේ දරුවෙකු නිසා, ඔහු මරා දැමීම සාධාරණීකරණය කරන්නට සමහරු වඳ පීදුණු කෙසෙල් ගස්වලින් එන කෙසෙල් මොටයි පවා කපා දමා විනාශ කළ යුතුයි ආදී විවිධ න්‍යායයන් ගෙන හැර දැක්වූහ. ඒ ප්‍රකාශවලින් හෙළි වූයේ උන් ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවතයි.

දෙසතියකට පමණ පෙර, ළාබාල තරුණියන්ට බැටන් පහර දෙන පොලිස්කාරයින් ගේ ඡායාරූප ගැන ද, එවැනි ම අමානුෂික කතා, එනම්, අහවල්, අහවල් හේතු නිසා උන්ට එලෙස ගැහැව්වාට කමක් නැත යනුවෙන්, සමහරු ලියා තිබෙනු දක්නට ලැබුණි.

එයින් හෙළි වූයේ ද ඔවුන් ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවතයි.

පෙරේදා ප්‍රංශයේ දී සිදු වූ මිනිස් ඝාතනයෙන් පසු ඒ ගැන විවිධාකාරයෙන් ශෝකවන්නන්, ප්‍රංශ ධජයේ වර්ණ ෆේස්බුක් ජාලයේ තම පුද්ගල ඡායාරූපයට යොදාගන්නන් අපට දැකිය හැකිවිය.

මෙය දකින අප අතරම වෙසෙන මනපහතයින් පිරිසක් පවසා ඇති කරුණු කිහිපයක් මෙසේය.
ප්‍රංශයේ මියගිය උන් වෙනුවෙන් දුක් වෙන්නේ ඇයි?
උං කොළඹ අහවල් බෝම්බය පිපිරුණු විට දුක් වුණා ද?
ප්‍රංශයේ ඛේදවාචකය වෙනුවෙන් ප්‍රංශ ධජයේ වර්ණ ආදේශ කර ගන්නේ ඇයි?
ලංකාවේ මිනිසුන් ඝාතනය වුණු විටදී උන් ලංකා කොඩියේ වර්ණ තමන් ගේ ෆේස්බුක් ඡායාරූපයට යොදා ගත්තා ද?
ප්‍රංශයේ මිනිස් ඝාතනය ගැන තමන්ට දුකක් නැතිනම් ඕනෑ චොකා බයිලාවකට නටමින් හිටියාට අවුලක් නැත. නමුත්, එසේ නොකර සිදුකරනු ලබන මෙවැනි ද්වේෂ සහගත කථාවලින් පෙනෙන්නේ ද මේ පුද්ගලයින් ගේ අමානුෂිකත්වයේ ජුගුප්සාජනක නිරුවත බව පැහැදිලිය.

ඒ නොමිනිසුන්ට අතමරව තවත් කොටසක් මෙසේ ද පවසති.
ප්‍රංශ රජය ලෝකයේ කලබල ඇතිකරවන, යුද්ධවලට සහය දෙන රටකි. එනිසා, ප්‍රංශ ජාතිකයින් මෙලෙස මිය යාමේ ද ප්‍රශ්නයක් නැත!
මෙන්න මේ ආකාරයේ ප්‍රකාශකරන පිරිස නම්, මතවාදීව සිටින්නේ අයිසිස් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් ගේ පිළේ බවට කිසි සැකයක් නැත. ඒ මක් නිසාද යත්, ත්‍රස්තවාදීන් සිටින්නේ ද, රටක රජයක් කරන ක්‍රියාවන්ට, ඒ රටේ සියලුම වැසියන් වගකිව යුතුය, තම ජීවිතවලින් වන්දි ගෙවිය යුතුය යන පදනමේ ය.

ෆේස්බුක් වැනි සමාජ ජාලයන් ගේ කෙතරම් ප්‍රයෝජන තිබුණද, ඒ හරහා මෙවැනි අමානුෂික ප්‍රකාශ දකින්නට ලැබීම නම් දරුණු අභාග්‍යයකි. නමුත්, අනිත් අතට සලකා බලන කල, අප අතර සිටින නොමිනිසුන්, ඔවුන්ගේ මේ ආකාරයේ ප්‍රකාශ හරහා හෙළිදරව් වීම නම් ඉතා වැදගත් කරුණකි.

-රසිකොලොජිස්ට්

(image: from Mike Baird's Facebook page)

57 comments:

  1. //ඒ මක් නිසාද යත්, ත්‍රස්තවාදීන් සිටින්නේ ද, රටක රජයක් කරන ක්‍රියාවන්ට, ඒ රටේ සියලුම වැසියන් වගකිව යුතුය, තම ජීවිතවලින් වන්දි ගෙවිය යුතුය යන පදනමේ ය.// රසික, ඔබ ඇණේ හරි තැනට ගසා තිබේ ... මෙම කාලකන්නි න්‍යාය නිසා තුන්වන ලෝක යුද්ධයක් එන්න සලකුණු ද තිබේ .

    ReplyDelete
    Replies
    1. රජය හරි නැතිනම් රජය ගෙදර යවන්නට ජනතාවට හැකිය. යම් රජයක් එක් ධුර කාලයකදී ත්‍රස්තවාදීන් තනයි නම් ජනතාවට කල හැකි යමක් නැත. යම් රටක් අවුරුදු 15 - 20 තිස්සේ ත්‍රස්තවාදීන් හදනවා නම් එයින් ගම්‍ය වෙන්නේ රටේ ජනතාව එය අනුමත කරන බවයි.

      Delete
    2. දොස්තර මහතතයා හරියට හරි. දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් නානසාර කියලා ත්‍රස්තවාදියෙක් හදාගෙන ආවා. ජනතාව ඒකට අකමැති වුණු නිසා රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවලා ඒක නතර කළා. ඒ වගේ ජනතාවට පුළුවන් ආණ්ඩු ගෙදර යවලා ත්‍රස්තවාදීන් හැදෙන එක නතර කරන්න. දැන් අද නානසාර හොයා ගන්නත් නැහැනෙ. ජනවාරි 8 වැනිදා ජනතාව නානසාර කියන ත්‍රස්තවාදියා හැදීම අනුමත කළා නම් හෙම මේ වෙනකොට කී දෙනෙක් මැරිලද?

      Delete
    3. අන්න හරි ඔය තේරුනේ. නානසාර තමයි ලංකාවේ හිටපු ලොකුම ත්‍රස්තවාදියා.

      Delete
    4. නානසාර විතරයි ලංකාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් බිහි කරපු එකම ත්‍රස්තවාදියා. ඒ හන්දා අදාළ නිදසුනට ලොකු වුණත් පොඩි වුණත් ඉන්නේ එයා විතරයි.

      Delete
    5. ලංකාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් තැනූ ත්‍රස්තවාදීන් බොහෝය. නානසාර යනු හුදෙක් අංකුර ත්‍රස්ත ව්‍යාපාරයක පෙරගමන්කරුවෙක් නැත්නම් වෙන්න ටෙරෙක්.

      ලක් රජයේ නිර්මාණ - කේ එල් ධර්මසිරි/ හලාවත පොඩි සිල්වා ප්‍රමුඛ ප්‍රා කල්ලිය (1988/89), කොළ කොටි, කහ බළල්ලු, ස්‍රා ආදී රාජ්‍ය අනුග්‍රහය ලද සන්නද්ධ මැර කල්ලි, සොත්ති උපාලි, ගෝනවල සුනිල් (මොවුන්ට එකල පොලිස් නිලධාරීන් පවා සැලූට් ගැසූහ ). පසුව බැද්දගානේ සංජීව, ගෝඨාගේ හමුදා ත්‍රස්තවාදීන් (පාට් ටයිම්)

      ඉන්දීය රාජ්‍ය අනුග්‍රහයෙන් - EPRLF, TELO, TNT, PLOTE, LTTE, EPDP පසුව සියල්ල පරයා LTTE ඉස්මතු වූහ. EPDP ලාවට (ලංකා රාජ්‍ය අනුග්‍රහයෙන්) ටෙරා පාට් ගෙන ගියහ. JR ප්‍රබල ලෙස ඇමරිකානු ගැති වීම නැවැත්වීමටත්, ත්‍රිකුණාමල වරයේ ඇමරිකානු කඳවුරක් පිහිටු වීම වැලැක්වීමටත් සඳහා ඉන්දියාව LTTE බිහි කලේය. ප්‍රභාකරන් ප්‍රමුඛ ප්‍රධාන පෙලේ LTTE නායකයක් සියල්ල ඉන්දීය RAW ඔත්තු සේවයේ පුහුණුව ලැබුවන්ය. අවසානයේ තමා වැදූ ත්‍රස්තවාදීන් අතින්ම විනාශ වන්නට ඒ රටවලට සිදු විය. රජිව ගාන්ධි එසේ LTTEය අතින් විනාශ විය. ගෝඨා නානසාර අතින් විනාශ විය.

      මේ ලොවට ත්‍රස්තවාදය ජනිත කෙලේම රාජ්‍ය අනුග්‍රහයෙන්ය. 80 දශකයේදී ඇමරිකාව රුසියාවට එරෙහිව ඇෆ්ඝනිස්ථානයේ මුජහිදීන්වරු පෝශණය කලේය. පසුකෙලෙක ඇමරිකාවේ පරම සතුරා වූ ඔසාමා බින් ලාඩන් රුසියාවට එරෙහිව නිපදවූ ඇමරිකාවේම ඉහළ පෙලේ ත්‍රස්තවාදී නිශ්පාදිතයකි. කොටින්ම ඔසාම ඇමරිකානු CIA ආයතනයේ පුහුණුව ලැබූවෙකි. වර්තමාන ISIS ත්‍රස්තයන්ද රුසියානු ජනාධිපති පුටින් පැවසූ පරිදි ඇමරිකානු බළල් අතකි. ඔසාමා ඇමරිකාවට දරුණු ලෙස ප්‍රහාර එල්ල කලේය. අද ISIS පාලනයකින් තොරව මුර්ගයන් ලෙස අහිංසක මිනිසුන් විනාශ කරමින් සිටී. ප්‍රංශයත් එදා LTTEය රැකීමේ ව්‍යාපාරවල නිරත විය. ඔවුන් පෝශණය කල ත්‍රස්තවාදයම ඔවුන්ට අද වින කරමින් සිටී.

      Delete
    6. ඕකට තමා කියන්නේ you reap what you sow කියලා. තමා වපුරන දෙය තමාට නැවත ලැබේ කියලා. උඹේ කතාව 100%. නිවැරදියි. ඔය එංගලන්ත, ප්‍රංශ රජයන් ඇතුළු NGOකාරයො තමා මෙහෙ ප්‍රභාකරන් ප්‍රමුඛ LTTE එක පෝශණය කරේ. උන්ට ඔය යුරෝපයේ නවාතැන් පහසුකම් දුන්නේ. අද ඔය යුරෝපීයන්ටම, එදා කරපු අපත වැඩ පාර වළල්ලක් වෙලා. අපරාදේ, කොයි රටේ උනත් අන්තිමට මැරෙන්නෙ අහිංසක මිනිස්සු. ඒකයි දුක !

      Delete
    7. කිසිම රටක අහින්සක මිනිසුන්ට මෙවන් කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා නොවිය යුතුයි. නමුත් අප්‍රේ රටේ අහින්සකයින් මරනකොට උන් ත්‍රස්තවාදීන් නොව 'නිදහස් අරගලකරුවො' freedom fighters කියමින් උන්ගේ කුරිරු ක්‍රියා අනුමත කරමින් උන්ගේ සහචරයොන්ට 'අසයිලම්' දෙමින් කිරි පෙවූ යුරෝපිකයන්ට ත්‍රස්තවාදයේ කුරිරු අත්දැකීම් වලට මුහුන දෙන්න වීම දයිවයේ සරදමක් වැනියි. ත්‍රස්තවාදය ලොවින් අතුගෑ යුතු බව ලොවම පිලි ගනිත්වා.

      Delete
  2. මේ ක්‍රමය හැදුවෙ ලඟකදී වෙන්න ඇති..................

    ReplyDelete
  3. එනමුත් මෙවන් දෙවලින් පලක් නැති බවත්,ඉදිරිය මෙයට වඩා භායනක හෙයින්,මෙයට වඩා කල්පනා කලයුතු බව හැගේ...........

    ReplyDelete
  4. රශික කියන දෙයට 100% ක් එකඟයි.
    හැබැයි ඉතින් ඇෆ්ගනිස්තානයෙ, පකිස්තානයෙ දිනපතාම වාගේ මියයන අති අහිංසක දුගී ජනයා ගැන බටහිර රටවල සාමාන්‍ය ජනයා කෙසේ වෙතත් නායකයින් නම් නිහඬව සිටීම කේදනීයයි.

    ReplyDelete
    Replies
    1. බටහිර රටවල නායකයින් තමන්ගෙ රටින් පිටත ජනතාව ගැන කරදර විය යුත්තේ ඇයි?

      Delete
    2. අන්න හරි. ඒකම තමයි මමත් කියන්නේ.

      Delete
    3. මිනිස්සු මෙතනදි කනගාටුවුනෙ,පැරිසිය හැම ජාතියකම මිනිස්සු,සාමකාමීව ජීවත්වුන නගරයක් නිසයි.මේ දේ අප්‍රිකාවෙ රටක වුනානම් ඒක සාමාන්ය දෙයක්.

      Delete
  5. ප්‍රංශය කවදත් සිටියේ ත්‍රස්තවාදීන් නිදහස් සටන් කරුවන් යන මතයේ. මට මතකයි එවකට 2008 හෝ 2009 ඊළාම් යුද්ධය ඉතා දරුණුවට පවතින අවස්ථාවක, ප්‍රංශ විදේශ ඇමති ඇතුළු යුරෝපීය නියෝජිතයන් පිරිසක් ලංකාවට පැමිණ යුද්ධය නවතන ලෙස දැඩි බලපෑම් කළා. එවකට ඊළාම් ත්‍රස්තන්ට දැඩි රැකවරණයක් සැපයූවේ ප්‍රංශය. මැද පෙරදිග මුස්ලිම් සරණාගතයන් බොහෝ දෙනෙක්ට දේශපාලන රැකවරණය දෙන්නෙ ප්‍රංශය ප්‍රමුඛ යුරෝපයෙ සමහර රටවල්. ලිබියා ගඩාෆි බලයෙන් පහ කරන්න මුල් වුණේ ප්‍රංශය. සිරියාව අස්ථාවර කරන්න, ඉරාකයෙ සදාම් විනාශ කරන්න ප්‍රංශය උපරිම සහයෝගය දුන්න. ගඩාෆිලා, සදාම්ලා කොච්චර ඒකාධිපතියො වුණත් මුස්ලිම් මාලධර්මවාදී ත්‍රස්තවාදියො නෙවෙයි. ප්‍රංශය, ඇමරිකාව ඇතුළු බටහිර සිදු කළ මේ විනාශය නිසා මැද පෙරදිග අස්ථාවර වෙලා, ISIS කියන ත්‍රස්තවාදියො බලවත් වුණා. රටක් ජාත්‍යන්තරයෙ මොන දේශපාලන තීරණ ගත්තත් මුලින්ම හිතන්න ඕනෙ තමන්ගෙ රටේ ජනතාව ගැන. මොකද ඒ රටේ ජනතාව තමයි ඒ රජයන් පත් කරල තියෙන්නෙ. ඊළඟට තමන්ගෙ තීරණවලින් ලෝකෙට වෙන හානිය. දැන් ප්‍රංශෙ මදපෙරදිගට ප්‍රජාතන්ත්‍රවාදෙ දෙන්න ඒකාධිපතියො එලෙව්වට අන්තිමට ISIS ත්‍රස්තවාදීන් ප්‍රංශය ඇතුළු බටහිර විනාශ කරනවා. ප්‍රංශ මාධ්‍ය කියන ආකාරයට ප්‍රංශයේ තක්‌කඩි දේශපාලනඥයන් ත්‍රස්‌තවාදීන්ව සාදරයෙන් පිළිගත්තා. අන්තිමට ඒකට වන්දි ගෙවන්නෙ ප්‍රංශෙ සිවිල් ජනතාව. මේ ගැන ලංකාවෙ බය්යන්ට පොඩි කික් එකක් තියෙනවා, මොකද ප්‍රංශෙ ඊළාම් හිතවාදී නිසා. කොහොම වුණත් ප්‍රංශෙ මේ සිදුවීමෙන් දේශපාලන පාඩමක් ඉගෙන ගෙන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. //ගඩාෆිලා, සදාම්ලා කොච්චර ඒකාධිපතියො වුණත් මුස්ලිම් මාලධර්මවාදී ත්‍රස්තවාදියො නෙවෙයි.//

      යම් තාක් දුරකට එකඟයි.හැබැයි ඒ වගේම තමයි ඔය මුලධර්මවාදී ත්‍රස්තවාදීන් බිහි උනෙත් ඒ පාලකයන්ගේ අනුවණ ඒකාධිපති ක්‍රියා කලාපයන් නිසායි.ප්‍රජාතන්ත්‍රවාදී රටකට සාපේක්ෂව ඒකාධිපතින් රජකරන රටවල් වල තමයි ඔය සිවිල් ගැටුම් වැඩි.
      කුණු තියෙන තැන් වලට මැස්සෝ වහන්නේ නිකම්මයි.

      Delete
    2. රසික,

      ඔබට මතකද ශ්‍රී ලංකාවේ යුද්දය අවසාන යුගයේ " Bernard Kouchner? මෙහි පැමිණ සාකච්චාමය විසදුමකට යායුතුබව කිව්වා.
      ඇයි ඔබ නොකියන්නේ "ISIS" සටන්කාමීන් සමග ප්‍රංශය සාකච්චා කලයුතු බව.

      France to deploy largest warship in mission against IS
      http://www.bbc.com/news/world-europe-34738177

      ඉහත යුද නැව ප්‍රංසය යවන්නේ මිට දින ගණනකට පෙරයි

      Delete
  6. බූවල්ලා අඩු විහිදවන බව නොපෙනන එකම මෝඩ කමකි..

    ReplyDelete
  7. කෙ‍ාඩි දැමීමට මෙන්ම නොදැමීමටද හේතු ඇති- ඒක තම තමන්ගේ කැමැත්ත - ෆේස්බුක් ආයතනය මේ සඳහා වෙනම ශෝක විමක් කොඩි දැමීම හරහා නිර්මාණය කිරීම ගැන ජෙනරල් කොමෙන්ට් එකක් දැම්මට මම හිතන්නේ අවුලක් නෑ - ඉන් එහාට ගොස් සිද්ධිය අමතක කර කෙ‍ාඩි දැමීම ගැන බුකියේ වාද විවාද කරගැනීම නිශ්ඵලයි

    අනිත් දේ මේ දේවල් ගැන වදවන්නේ බුකියේ තරුණ පරම්පරාවත් නෙවේ - බොහෝ දුරට අවුරුදු 30න් ඉහළ මැදි වයසේ පසුවන අය - බුකියේ ක්‍රියාකාරීම කොටසත් ඔවුන් නිසා දැන් බුකිය වයසට ගොස් ඇති බවටත් මෙය සාධකයක්

    ReplyDelete
  8. ප්‍රංශයේ අපරාධයට ශෝක වීම සීමාව ඉක්මවලා රෝමාන්තික වීම ගැන අවුලක් තියෙනවා තමයි... ඒ අපේ ජාතිවාදියොන්ගෙ ගොන් ප්‍රවේශයෙන් එන අවුලක් නෙවෙයි...............................
    අනන්‍යතාවයන් රැකගන්නය කියල යුදවදින මිනිස්සු නිසා අහිංසක මිනිස්සු දහස් ගණන් මැරෙනවා..
    ප්‍රොෆියිල් පික්චර් එකකට එහා ගිහින් ඒ ගැන කම්පා වෙන ලෝකයක් හැදෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. //ප්‍රොෆියිල් පික්චර් එකකට එහා ගිහින් ඒ ගැන කම්පා වෙන ලෝකයක් හැදෙන්න ඕන//
      ++++++++++++++++++++++

      Delete
  9. පැරිස්,කොළඹ මේ ඕනෑම තැනක යුධ ගැටුම් නිසා නිකරුනේ මිය යන්නේ බොහෝවිට නිරායුධ අහිංසක ජනතාව.
    සමාජ මාධ්‍ය ඔස්සේ මේ සිදුවීම් සම්බන්ධයෙන් ඇතිවෙන කතිකාවන් තුලින් ඒ ඒ මිනිස්සු හිතන විදිය හඳුනා ගන්න පුළුවන් කියන එක නම් ඇතැම් විට ඇත්තක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  10. චිත්තාහරී අබේනායක ශෙයා කර තිබූ සුභාග හේරත්ගේ අදහසක්,

    "ලංකාවෙ යුද්ධයට කොඩි දැම්මෙ නෑ කියන අයට,
    1971 දී අපි අපි හා සටන් කලෙමු
    අපි අපි හා සටන් කරන විට කා වෙනුවෙන් කොඩි දාන්නද?

    1983දී අපි අපිව මැරුවෙමු.
    අපි අපිව මරණ විට කා වෙනුවෙන් කොඩි දාන්නද?

    1987-89 අපි අපි හා සටන් කලෙමු.
    අපි අපි හා සටන් කරන විට, අපි අපිවම තිරිසනුන් සේ මරාගන්නා විට කා වෙනුවෙන් කොඩි දාන්නද?

    1976-2009 දක්වා අපි අපි හා සටන් කලෙමු. අපි අපි හා සටන් කරන විට අපි අපිවම තිරිසනුන් සේ මරාගන්නා විට කා වෙනුවෙන් කොඩි දාන්නද?

    අපි තව අවුරුදු 100 කට ඇතිවෙන්න සුදු කොඩි උස්සපු ජාතියක්, අපිට වෙන උස්සන්න කොඩියක් නෑ.

    ReplyDelete
    Replies
    1. පැරීසියට ගහපු සහ ඊට සම්බන්ධ ත්‍රස්තවාදීන් ගෙන් කිහිප දෙනෙක් ම ප්‍රංශ පුරවැසියන් බව මේ වන විට පෙනී ගොස් තිබෙනවා. එම නිසා "අපි - අපි" කතාව අපිට විතරක් අදාළ එකක් නොවෙයි.

      Delete
  11. ෆේස්බුක් ගුගල් වගේ සමාගම් බටහිර රටවල දේශපාලනය එක්ක සම්බන්ධයි කියනකොට ‘ලිං මැඩියෝ‘ කිියන්නේ ඔන්න කුමණ්ත්‍රණ කතා කියනවා කියලා කිචි කවාගෙන හිනා වෙන එක. ඊනියා ‘අරාබි වසන්තය‘ කියන රෙජීම් චේන්ජ් වැඩේට ෆේස්බුක් එක සෑහෙන දායකත්වයක් දැක්වුවා. ඒක පැත්තකින් තියමු. දැං මේ ප්‍රංශ කොඩි සීන් එක ෆේස්බුක් කාරයාට හදිසියේම මතක් උනේ මොකද? මීට කලින් අයිසිස් එක ගහලාම රුසියන් ගුවන්යානයක් වැටිලා මිනිස්සු දෙසිය ගාණක් මළා (ඇමරිකාව තමයි කිව්වේ අයිසිස් වෙන්ඩ ඇති කියලා. හොරාගෙ අම්මනේ දන්නේ හොදටම හොරා ගැන). එතකොට රුසියන් කොඩි දාන්ඩ ෆැසිලිටි එකක් තිබ්බද? තිබ්බේ නැත්තං ඒ ඇයි? මේකෙ තියෙන දේශපාලනය මොකක්ද? මෙතන තියෙන්නේ ඊළග සිරියා ආක්‍රමණයට සහ රෙජ්ම් චේන්ජ් එකට බටහිර රටවල පමණක් නොව මුළු ලෝකයේම ජනමතය හදන එක මිසක් වෙන මොකක්ද? කොඩි දාන එක ගැන වාද කරනවා කියන ලිං මැඩි පඩියන්ට කොඩිය පිටිපස්සේ තියෙන දේශපාලනය පේන්නේ නැත්තේ ඇයි? එහෙම නැත්තං දැක දැක නොදැක්කා වගේ ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. අපිට තියෙන්නේ හීන මානයක් ලෝක අනිත් රටවල් අතරේ අපි හිගය රටක් කොන් වෙචිච රටක් කියල
      පෙබරවාරි 4 වෙනිදා ගුගල් Homepage එකේ දාපු සීංහය දැමිමෙ Google,lk වලට විතරයි ඒ ගැන සතුටු වෙලා කී දෙනකේ සතුටු කදුලු හෙලුවද එතකොට හැගීමක් ආව අපි ගැනත් ලෝකේ බලනව කියල ඒත කොට බටහිර කොමිපැනි හොදයි

      Delete
  12. French letters වලිනුත් කොඩිදාන්න පුලුවන් නේද ?

    ReplyDelete
  13. My definition of hypocrisy - When the cretins who didn't utter a word when the LTTE hacked to death innocent Sinhala children in Gonagala, when the LTTE smashed the heads of innocent Muslim children in Palliyagodella, when the LTTE hacked to death 10 year old novice Buddhist monks in Aranthalawa, make a big noise about the death of the son of the butcher who ordered the Gonagala, Aranthalawa and Palliyagodella attacks. It makes me ashamed to be born in the same country as such people.

    ReplyDelete
    Replies
    1. Count me as well. All because of hatred born from inferior cast . Alas!

      Delete
    2. Anonymous16 November 2015 at 19:13,

      Your definition of hypocrisy depends on where you stand. You too see only part of the picture - the one suits you. You do not see Karuna killing 600 Police officers or Sri Lankan army bombing hospitals in North. Because you see only things that benefits your stance.

      Therefore, my definition of hypocrisy: YOU! Yes YOU! Anonymous16 November 2015 at 19:13!

      Delete
    3. Anonymous17 November 2015 at 20:37

      You don't understand what hypocrisy is at least. Comparing killing of adults with that of children. Cretinism on display

      Delete
  14. බටහිර රටවල් බොහොමයක් තරස්තවාදීන්ට උදවු කරනවා සංවිදාන හදා ගන්න උදවු කරනවා වෙන ටටවල කලබල ඇතිකරලා යුද්ද ඇති කරලා ඒ රටවල් දියුණු වෙන එක නවත්තනවා ... යුරෝපයේ නැතිව වෙන රටක ඕක උනානම් ඔචර දැනෙනවද උන්ට .... මම මේ ප්‍රහාරය හොදයි කියනවා නෙවි .... තරස්තවාදීන්ට උඩගෙඩි දෙන යට මේකෙන් යමක් තේරෙයි මේ ප්‍රහාරය නිසා .... පොරෝෆයිල් පික් එක මාරු කරන එක නැටි එක ඒ අයගේ තේරීම.....

    ReplyDelete
  15. Rushan Kodikara

    ප‍්‍රංශයට එල්ලවූ ප‍්‍රහාරය හෙළා දැකිය යුතුය. ලොව කොතැනක හෝ මිනිසෙකු අයුක්තියට, අසාධාරණයට ලක්වේ නම් එයට විරුද්ධව ක‍්‍රියා කිරීමට සාධාරණ අයිතියක් අපට ඇත. නමුත් මේ සිදුවීම් ඉන් එහාගිය කාරණයකි.
    ප‍්‍රංශ රජය පසුගිය කාලය පුරාවට මුස්ලිම් ජනයාගේ සංස්කෘතියට හා චර්යාවන්ට පටහැනි අධිකරණ තීන්දු කිහිපයක් නිකුත් කලේය. ප‍්‍රංශයේ ජීවත්වන මුසල්මානුවන්ට එරෙහිව වර්ගවාදය පැතිරවීය. අරාබිකරයේ රාජ්‍යයන්ට එරෙහි සටනට පහසුකම් සැපයීය. අරාබියේදී මෙන්ම ප‍්‍රංශයේදීද එහි ප‍්‍රතිඵලයන් අත්විඳින්නට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවටය. පළමු ලෝක යුද්ධය ඇතිවුණේ රජපවුල ඝාතනය කිරීම නිසායැයි ප‍්‍රාංශුවන් තවමත් සිතනවානම් කිවයුත්තේ එය ආසන්න සිදුවීම පමණක් බවයි. සිදුවීම් වියුක්තව ගෙන ප‍්‍රශ්න විග‍්‍රහ කරගන්නට දතකන විචාරකයන් තවත් වේනම් මේ ඔවුන්ටත් අදාළය.
    මේ පූර්විකාව කියන්නට සිදුවන්නේ වත්පොත් ගිණුමේ චායාරූපය (Facebook Profile Picture) ප‍්‍රංශ කොඩියට හැරවීම නිසාය. කොටි බෝම්බ ගහනකොට ලංකා කොඩිය වත්පොතට එක්නොවුනේ ඇයිදැයි අසන්නන් බොහෝය. ඇත්ත කාරණය නම් එකල්හි මෙන්ම මෙකල්හිද වත්පොත් චායාරූපය සිංහ කොඩියෙන් සරසාගත්තවුන් බොහෝමයක් එ් සරසා ගන්නේ උතුරේද දකුණේද යුද්ධය නිසා මියයන අහිංසක ජනයා ගැන කම්පාවෙන් නොව උතුරේ අල්ලාගන්නා වර්ග කිලෝමීටර් ගණනද, ‘දේශපේ‍්‍රමී සිංහල රණවිරුවන්’ විසින් ඝාතනය කෙරුණු එල්ටීටීඊ සාමාජිකයන් ගණනේ ඉලක්කමෙන්ද ඔදවැඩුණු මානසිකත්වයෙන් බවයි. ‘මරාදැමුණවුන්’ වෙනුවෙන් කම්පාවීම හැර ‘මරාදමනවුන්’ වෙනුවෙන් ඔදවැටීම මිනිසුන් ලෙස අපේ යුතුකම නොවේයැයි අප විශ්වාස කරමු.
    තවත් කාරණයකි. අප කම්පාවන්නේ මරාදැමුණු ප‍්‍රාංශුවන් ගැන පමණක් නොවේ. මරාදැමුණු උතුරේ ජනයා ගැන පමණක් නොවේ. මරාදැමුණු දකුණේ ජනයා ගැන පමණක් නොවේ. අභ්‍යවකාශය පවා තරණය කරන තාක්ෂණය සහිත ලෝකයක කුසගින්න නිසා ඊයේ ‘මරාදැමුණු’ විසිදහසකට අධික ලෝවැසියන් වෙනුවෙන්ද අප කම්පා වෙමු. අද දින ‘මරාදැමෙන’ තවත් විසිදහසකට අධික ලෝවැසියන් වෙනුවෙන්ද අප කම්පා වෙමු. හෙට දින ‘මරාදැමෙන්නට’ නියමිත විසිදහසකට අධික ලෝවැසියන් වෙනුවෙන්ද අපට කම්පා වෙන්නට නියමිතව ඇත.
    වත්පොත් ඡුායාරූපය මාරුකල සැණෙන් මිනිසුන් ලෙස අපේ වගකීම හමාර වන්නේ නැත. කම්පාවෙන් එහාට ගොස් මෙවන් වූ ලෝකය වෙනස් කරන්නට අපට වගකීමක් ඇත. එ් සුවිසල් සමාජ ක‍්‍රියාකාරීත්වයකි. එවැන්නක් නොමැතිව කම්පාවීම පමණක් වගකීම ලෙස සිතනවුන්ට කම්පාවන්නට ‘සාරා සංඛේය කල්ප ලක්ෂයක්’ මදිවනු ඇත.

    ReplyDelete
    Replies
    1. පැරීසිය කියන්නේ නිදහස් නගරයක් කියලා ඔයා හිතුවට, පැරීසියේ ඔය කියන නිදහස් තියෙන්නේ කාටද? මුස්ලිම් කාන්තාවක් මුහුණ වැසෙන සේ ඇඳුමක් (නිකාබ් / බුර්කා) ඇඳීමට කැමති නම් එසේ ඇඳීමට නිදහසක් පැරීසියේ තියෙනවා ද? ස්වකැමෙත්තෙන්ම බුර්කා / නිකාබ් ඇඳීමට කැමති කාන්තාවකට වුවත් එසේ ඇඳීමට නිදහසක් පැරීසියේ නැති බව ඔයා දන්නේ නැතිද? අන් සෑම තැනකම පාහේ, පැරීසියේ ත් නිදහස තියෙන්නේ බහුතරය කැමති වන පරිදි ජීවත් වීමට නේ ද?

      Delete
  16. රා ලොජී ...
    උඩ තියන පින්තුරේ, ඔපෙරා හවුස් එක ප්‍රංස පාටින් ලයිට් එලිය දැම්මහම පැරමටා වල ඉන්න ලේබ්බන්ගේ ,මොරෝක්කොන්ගේ යි ඔලුව කොලප්පන් වෙලා මොනවා හරි කරපු වෙලාවට තමයි ඔසියන්ට දැවිල්ල හැදෙන්නේ
    9/11 එකට රිඇක්ෂන් එකටනේ බාලි බෝම්ඹේ පිපි රෙව්වේත්

    ReplyDelete
    Replies
    1. Australia's first party representing Muslims intends to contest senate seats at the next federal election.
      Launching the party in Sydney, founder Diaa Mohamed told Fairfax he wanted a louder voice for Muslims.
      "There are a lot of parties out there to specifically oppose Islam and Muslims, yet Muslims don't have any official representation," he said.
      Australia has a number of anti-Islam parties, including one backed by Dutch MP Geert Wilders.
      bbc news

      Delete
    2. Australia has more Buddhists than Islamists, but never request for a seperate representation like Islamics. Representation? my ass.

      Delete
    3. Australia has more Buddhists than Islamist's,yes but always request for a separate representation in there temple that is reality, not like real Buddhism Representation? YOUR ass.

      Delete
    4. ඕස්ටේ‍ර්ලියානු 2011 සංගනණය අනුව ආගමික සංයුතියෙන් අදාල දත්ත මෙසේය.

      ක්‍රිස්තියානි (61.1%), නිර්ආගමික (22.3%), ක්‍රිස්තියානි නොවන (7.2%).

      ක්‍රිස්තියානි නොවන අය අතුරින් බුද්ධාගම (සමස්තයෙන් 2.5%), ඉස්ලාම් (2.2%), හින්දු (1.3%), යුදෙව් (0.5%).

      මේ අනුව ඉස්ලාම් ආගමිකයින්ට වඩා බෞද්ධාගමිකයින් පනස් දහසක් පමණ 2011 දී සිට ඇත.

      (source: http://www.abs.gov.au/ausstats/abs@.nsf/Lookup/2071.0main+features902012-2013)

      Delete
  17. අයිසිස් සාමාජිකයින්ගේ අඩු පාඩුවක් තියෙනවා නම් මෙහේ ඉන්න ථේරවාදි බෞද්ධ උපාසකයින් පිරිස ලේසියෙන්ම බඳව ගන්න පුළුවන්... මුණූ පොතෙන් එකයි ලෝකල් අයිසීස්ලා...

    ReplyDelete
  18. තව සෙට් එකක් සිංහ කොඩි උස්සනව. ප්‍රංශෙට ගහල තියෙද්දි අපේ එවුන් මරාගන්නව..

    ReplyDelete
  19. කොඩි දාපු අයගෙත් නිරුවත හෙළි වුණා. මං කියන්නෙ මේ මානසික නිරුවත.

    ReplyDelete
  20. මම නම් කොඩි දැම්මේ නෑ. කොඩි දැම්මයි කියල කිසි දෙයක් වෙන්නේ නෑ නේ..

    ReplyDelete
  21. මමත් ප්‍රොෆයිල් වෙනස් කරල් කොඩි දැම්මේ නැහැ. එක ප්‍රතිපත්තියක් හැටියට මම කරන්නේ නැති නිසා. නමුත් මේ මම මුණු පොතේ දමපු එක:
    To those who says we don't talk about Beirut bombing or anywhere else and only concentrate on Paris: If you have been to Paris you would know. It's a secular, freedom loving romantic beautiful city. This is an attack on our secularist freedom. Whatever your politics are, it will survive only in a secular place with freedom attach to it. Remember that. That's why most people identify themselves with Paris and Parisians.

    ගොඩක් වාමාංශික යාලුවෝ අහන්න ගත්ත ඇයි ලෙබනනය බෝම්බ අඩිය කතා කරන්නේ නැත්තේ කියල. හේතුව මේකයි ප්‍රංශය ලංකාව ගැන හිතුව වැරදියි කියමු. වෙන තැන්වල නරකට හැසිරුණ කියමු. නමුත් පැරිසිය කියන්නේ නිදහස් , අන්තවාදී නොවන (secular) රොමැන්තික නගරයක්. ඒ නගරයට ආගමික අන්තවාදීන් පහර දීම හෙලා දැකිය යුතුයි. මොකද ෂරිය නීතියවත් දරදඬු ආගමක් වත් අපට අවශ්‍ය නැහැ. වාමාංශික යාළුවන්ට දේශපාලනය කරන්න පුළුවන් වෙන්නෙත් නිදහස් රටක මිසක් අත් කපන රටක නෙමෙයි. අනික අපේ මැදහත් මුස්ලිම් යහළුවන් උදෙසා අප එය කල යුතුයි. නැත්නම් දකුණේ (ලංකාවේ දකුණ නෙමේ. far -right ) අන්තවාදීන් ටාගට් කරන්නේ ඒ අයව.
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1568-nakedness-exposed

    ReplyDelete
    Replies
    1. පැරීසියෙ තියෙන නිදහස ඇයි අනිත් රටවල් වලටත් ලැබෙනවට පැරිසියේ නායකයො අකමැති, අප්‍රිකානු රටවල් හූරකෙන කාල පැරිසිය මිනිස්සු සැපට ජීවත් වෙනව සිරියාව,ලිබියාව,ඉරාකයේ සාමය දියුණුව නැති කරන්න ප්‍රංශය වගකිවයුතුයි | ප්‍රංශ ජනාතාව දැන්වත් තමන්ගේ පාලකයන් යහමගට ගන්න ඕන නැත්නම් වෙන්නේ තවත් මේ වගේ ජීවිත හානි වෙන එක

      Delete
    2. පැරිසියෝ නායකයොයි පැරිසියේ මිනිස්සුයි කියන්නේ දෙකක්. බෝම්බ පිපිරෙන ලෙබනනයේම තමා ලංකාවෙන් ඉන්දියාවෙන් යන සොහොයුරියන්ගේ ඇඟේ උණු වතුර හලන්නේ. එහෙම වුනය කියලවත් අප සතුටු වෙන්නේ නැහැ. අප්‍රිකානු රටවල් හූරගෙන කපු එක පරණ කතාවක්. අප්‍රිකාවට නිදහස ලැබිල හුඟක් කල්. දැන් ඒ ජනතාව හූරන් කන්නේ එයාලගේම නායකයොයි. //සිරියාව,ලිබියාව,ඉරාකයේ සාමය දියුණුව නැති කරන්න ප්‍රංශය වගකිවයුතුයි// මේ තර්කයෙන් ඔය බෝම්බය සාධාරණීකරණ කරන්නම් LTTE එක ඔවුන් බෝම්බ ගහල මිනිස්සු මැරුවේ 1956, 1957, 1977, 1983 දෙමල අයට කරපු දේවලට කියල කියන එකත් සාධාරණය වෙනවා නේද?

      Delete
    3. පැරීසිය කියන්නේ නිදහස් නගරයක් කියලා ඔයා හිතුවට, පැරීසියේ ඔය කියන නිදහස් තියෙන්නේ කාටද? මුස්ලිම් කාන්තාවක් මුහුණ වැසෙන සේ ඇඳුමක් (නිකාබ් / බුර්කා) ඇඳීමට කැමති නම් එසේ ඇඳීමට නිදහසක් පැරීසියේ තියෙනවා ද? ස්වකැමෙත්තෙන්ම බුර්කා / නිකාබ් ඇඳීමට කැමති කාන්තාවකට වුවත් එසේ ඇඳීමට නිදහසක් පැරීසියේ නැති බව ඔයා දන්නේ නැතිද? අන් සෑම තැනකම පාහේ, පැරීසියේ ත් නිදහස තියෙන්නේ බහුතරය කැමති වන පරිදි ජීවත් වීමට නේ ද?

      මේ කමෙන්ට් එක ඉහත වෙනත් තැනක පළවී ඇත්තේ වැරදීමකිනි. එය Rushan Kodikara ට සම්බන්ධ එකක් නොවේ. ඇඩ්මින් රයිට්ස් ඇති කෙනෙක් එය ඉවත් කරනවා නම් ස්තූතිවන්ත වෙමි.

      Delete
    4. මම මුස්ලිම් ගැහැණුන් මුහුණ වසාගෙන නිකාබ් ඇඳගෙන යනවාට විරුද්ධයි. මම එය තහනම් කල යුතුයි කියන මතයේ ඉන්නේ.
      1. වැඩිපුර ගැහැනුන් එය කරන්නේ ආගමික පුරුෂ බල කිරීම මත
      2. සමහර මුස්ලිම් පිරිමින්ට ට අනිත් ගැහැනුන් දිහා බලන්නත් ඇසුරු කරන්නත් ඔවුන්ට ග...න් .කියන්නත් මින් ඉඩක් ලැබී තමන්ගේ ගැහැනුන් දිහා බැලීමවත් අනිත් උන්ට නොදීමේ අමුතු ආත්මාර්ථකාමී බවක් එතන තිබෙනවා.
      3. මෙය කැමැත්තෙන් අඳින ගැහැණු අනිත් ගැහැනුන්ට විශේෂයෙන් සුදු ගැහැනුන්ට වේ....කියා පරිභව කරනවා මා දැක තිබෙනවා.
      ඒ නිසා මම එයට විරුද්ධයි.
      පැරිසියේ තිබෙන නිදහස - ආගමික අන්තවාදීන්ට අයත් එකක් නොවේ. තමන්ගේ දේශපාලනයක් කිරීමට , විනෝද වීමට, සිනමා, කලා නිර්මාණ වලට ඇති නිදහස ගැන මම කියන්නේ. මුස් ලිම් අය බහුතරයක් සිටින පැති වල බියර් එකක් අතේ තිබුනත් පහර දෙන තත්වයක් සමහර තැන වල තිබෙනවා. මම එයට විරුද්ධයි.
      හැබැයි මම බ්ලොග් ලිපියක් ලියනවෙක දෙයක් සම්බන්ධව. ප්‍රංශය ජාතිවාදියි එක පැත්තකින්. ඔවුන් රැකියා දෙන්නේ නැහැ ලෙහෙසියෙන් මුස්ලිම් වරුන්ට සහ වෙනත් සුළු ජාතීන්ට. (එංගලන්තයේ හෝ ඇමෙරිකාවේ නැති තත්වයක් ඒක ) හොඳ රස්සා දෙන්නේ නැහැ. මේ ඉස්ලාමික අන්තවාදයට්ස් මුස්ලිම් තරුණයන් බැඳෙන්නත් ඔවුන්ගෙන් පලි ගන්නත් එක හේතුවක් එතන තිබෙනවා.

      Delete
    5. http://inthesetimes.com/article/18605/breaking-the-taboos-in-the-wake-of-paris-attacks-the-left-must-embrace-its
      //There should be no “deeper understanding” of the ISIS terrorists (in the sense of “their deplorable acts are nonetheless reactions to European brutal interventions”); they should be characterized as what they are: the Islamo-Fascist counterpart of the European anti-immigrant racists—the two are the two sides of the same coin. Let’s bring class struggle back—and the only way to do it is to insist on global solidarity of the exploited.//

      Delete
  22. කිසිම රටක ජීවිත හානි වෙන සිදුවීම්වලට බෞද්ධ අපි එකග නැ කොඩි දාන්න ඕන ප්‍රංශේ මැරුන අය වෙනුවෙන් නෙවේ ලෝක සාමය වෙනුවෙන් ලෝක සාමය වෙනුවෙන් දැක් කතා කරන්න කිසිම කෙනෙක් නැ ප්‍රංශ බෝමබ 22 සිරියාවට ගහනකොට කවුරුත් කතා කරන්නේ නැ

    ReplyDelete
    Replies
    1. අනේ පලයං බං යන්න. ගෝටා උතුරෙ ඉස්පිරිතාලවලට බෝම්බ අත අරිනකොට උඹ කොහේද හිටියෙ?

      Delete
    2. පැරීසියේ ඔය කියන මේ සිදුවීම්වල ට අතිදුෂ්ට දුර්ජන දුර්දාන්ත ලාංකේය මහ ජනතාවගේ ලේ බොන රාජපක්ෂ ඩ්‍රැකියුලා ඇතුළු කල්ලියත්, ඇවන්ගාඩ් සම්බන්ධයක් ඇතැයි රාවයක් යයි. අයි එස් ලාගේ පිටින් ගියත් ඇත්තටම නානසාර බඳු සැබෑ ත්‍රස්තවාදී අළුගෝසුවන් මෙයට අනිවාර්යයෙන්ම සම්බන්ධ බව නිසැකවම කිව හැකිය.

      Delete
  23. බාලචන්ද්‍රන් මිය යාමට පෙර හා පසු ඡායාරූප දිහා බලලා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෑතදී රූපවාහිනී සාකච්ඡාවකදි කිව්වේ, බාලචන්ද්‍රන් මිය යාමට පෙර ඉන්න බව පෙනුනු කඳවුර, හමුදා කඳවුරක් නෙමෙයි කොටි කඳවුරක් බව පෙනෙන බවයි. මිය යාමට පෙර හා පසු ඡායාරූප එකම කැමරාවකින් ගත්ත ඒවා නොවන බවත් පෙනෙනවා. එහෙම තිබිය දී බාලචන්ද්‍රන් රජයේ ආරක්ෂක හමුදා විසින් ඝාතනය කළ බව කිසියම් කෙනෙක් කියනවා නම්, එසේ කියන්නේ, කුමන පදනමකින් ද?

    ReplyDelete
  24. වැඩිපුරම තියෙන්නේ අන් මතයන් ඉවසීම, හරි විශ්ලේෂනය හා තේරුම් ගැනීමට ඇති නොහැකියාව.

    තමන්ට දුක හිතෙන නිසා හෝ ට්‍රෙන්ඩ් එකට හෝ ෆැශන් එකට හෝ ආසාවට හෝ සපොර්ට් එකට හෝ හෙලා දැකීමට හෝ අගය කිරීමට හෝ මොන මලදානයකට හෝ රටක කොඩියක් ෆේස්බුක් එකේ දාගැනීම දාන එකාගේ කැමැත්ත හා අයිතිය. වෙන කාටවත් ඒකට තරහ යන්නේ මොකටද?

    ReplyDelete
  25. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  26. ඇයි අවුල් ද? අපොයි නෑ නිකම් අපිට පාන් ,,,පාන්. වගේ

    ReplyDelete
  27. කෙනෙක් මේ සිද්දියට ප්‍රංශ කොඩිය දාල දුක ප්‍රකාශ කරන්න පුළුවන් .ප්‍රංශ කොඩියේ පාට දැමීමෙන් මියගිය අය වෙනුවෙන් හෝ ත්‍රස්තවාදය වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නෑ, මේවා තේරුමක් නැති බොළඳ දෙයක් කියල තව කෙනෙකුට හිතෙන්න පුළුවන්. එක නිසා එහෙම නොකළ කාටවත් දොස් කියන්න බෑ. දුක් වෙනවා කියන්නේ එක ලෝකයට පෙන්නන එක නෙවෙයි. අනෙක මෙහෙම චෝදනාවක් කරනවා නම් එක ප්‍රංශය ඇතුළු බටහිර රටවලටත් අදාලයි නේද? ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ, ලිබියාවේ, මේ වගේ මනුෂ්‍ය ඝාතන දිනපතා සිදුවෙනවා. බටහිර රටවල් ඒ වෙනුවෙන් ඔහොම දුක් වෙනවද? ප්‍රංශයේ සිදුවන මනුෂ්‍ය ඝාතනත් වැරදියි. සිරියාවේ, ලිබියාවේ ලංකාවේ සිදුවූවත් වැරදියි. ඒවා එකම ඇසකින් දකින්න බැරිනම් එක සේරටම වැඩ වැරදියි. මෙහෙම චෝදනාවක් කරනවා නම් එක ලංකාවේ අයට කලින් සුද්දන්ට කල යුතුයි.එහෙම නැතිව ප්‍රංශ කොඩිය දැම්මේ නෑ කියල විතරක් ඩෝං යන්නේ ඇයි කියල හිතාගන්න පුළුවන්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.