Wednesday 8 February 2017

හොමෝෆෝබික් දොස්තරලා! - Homophobic doctors


මිනිසා ඇතුළුව ලොව වසන අනෙකුත් සත්ව ප්‍රභේද සියල්ලේ ම පාහේ ශරීර නිර්මාණය වී ඇත්තේ තම වර්ගයා ගේ ඉදිරි පැවැත්ම සඳහා ම බව පිළිගත් සත්‍යයකි.

උදාහරණයක් ලෙස, කාන්තාවක ගේ තොල් පෙති පරිණාමනය වී ඇත්තේ හුදෙක් මුව වසා ආරක්‍ෂා ගැනීමට නොවේ. එය කාන්තා ලිංගෙන්ද්‍රියේ සංකේතයකි. එසේ ම කාන්තාවක ගේ පියයුරු යුගල නිර්මාණය වී ඇත්තේ දරුවෙකුට කිරි දීම සඳහා නොවේ. එය ද, ලිංගික එක්වීම සඳහා උත්තේජනය සැපයීම පිණිස, පශ්චාත් ප්‍රදේශයේ හැඩරුවට වාත්තු කෙරුණු අවයවයකි.

ඒ කරුණු මැනවින් විස්තර කර තිබුණේ, අප කුඩා කළ කියවූ ඩෙස්මන් මොරිස් ගේ නේකඩ් ඒප් සහ හියුමන් ඩ්සූ ග්‍රන්ථ ද්වයේ බන්දුසීල පරිවර්තන වූ නිරුවත් වානරයා සහ මනුසත් උයන යන ග්‍රන්ථයන් හි ය.

වැඩි දුරටත් මේ ගැන සලකා බලන කළ, මිනිස් ජීවිතයේ සෑම කාර්යයක් ම කෙරෙන්නේ ලිංගික ක්‍රියාවලිය, ප්‍රජනනය සහ ඉදිරි පරපුර බෝ කිරීම සඳහා ය. කොටින් ම, අප හොඳින් ඉගෙන ගත යුත්තේ ද, වඩා හොඳ ජීවන තත්වයක් ලබා ගෙන, වඩා හොඳ සහකරුවෙකු ආකර්ෂණය කොට ගෙන, වඩාත් හොඳින් ලිංගික ක්‍රියාවලියේ යෙදී, තත්වයෙන් වඩා උසස් ඉදිරි පරම්පරාවක් බිහි කිරීම සඳහා බව කිව හැක.

මෙහි දී අදාළ වෙන එක් අනිවාර්ය කොන්දේසියක් තිබේ.

එනම්, පරපුර බෝ කිරීම සඳහා ලිංගික ක්‍රියාවලිය සිදුවිය යුත්තේ විරුද්ධ ලිංගිකයින් අතර ය. එනම් ගැහැනියක සහ මිනිසෙකු අතර ය.

එය ස්වභාව ධර්මයේ පොදු අවශ්‍යතාවයි.

නමුත්, අප වසන ලෝකය එසේ ගැහැනුන්ට සමග ලිංගිකව එක්වීම ප්‍රිය කරන පිරිමින්ගෙන් සහ පිරිමින් සමග ලිංගිකව එක්වීම ප්‍රියකරන ගැහැනුන්ගෙන් පමණක් මුළුමනින් ම සමන්විත වූ එකක් නොවේ.

පිරිමින් ප්‍රිය නොකරන නමුත් ගැහැනුන් ප්‍ර්‍රිය කරන ගැහැනුන් ද, ගැහැනුන් ප්‍රිය නොකරන නමුත් පිරිමින් ප්‍රිය කරන පිරිමි ද, මේ ලෝකයේ ස්වාභාවිකව ම බිහි වී සිටිති. එසේම වෙනත් ආකරවල මිශ්‍ර කොටස් ද සිටිති.

එම පිරිස් සමකාමී නැතහොත් හොමෝසෙක්ෂුවල් ලෙස හැඳින්වෙන බව අපි දනිමු.

සමකාමීත්වය ස්වභාව ධර්මයේ විකෘතියකට වඩා, ස්වභාව ධර්මයේ ම කොටසක් ලෙස හඳුන්වා දීමට මම කැමැත්තෙමි.

මැවුම්කාර මිථ්‍යා දෙයියෙකු ගේ නොපෙනෙන හෙවණැල්ලට මුවා වී පුරාතන යුරෝපයේ තම ඒකාධිපති බලය පතුරුවාගෙන සිටි කතෝලික පල්ලිය ද, ඒ ආකාරයේ ම ඒබ්‍රහාමික දෙවියෙකු අදහන ඉස්ලාම් ඇතුළු අන් බොහෝ ආගම් කල්ලි ද, දෙවියන් විසින් පිරිමියා ද, ගැහැනිය ද වෙන වෙන ම නිර්මාණය කර මිනිස් වර්ගයා බෝ කිරීමේ කර්තව්‍යය භාර දුන් බව විශ්වාස කරමින්, එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් වන සමකාමීත්වයට එකහෙළා විරුද්ධ වූහ. අද ද ඒ බොහෝ පිරිස් සමකාමීත්වයට විරුද්ධ වෙති.

එසේ ආගමික හෝ වෙනත් හේතු මත සමකාමීත්වයට විරුද්ධ වූ ආකල්ප දරණ පිරිස් මෙන් ම, සමකාමීත්වය පිළිබඳව පිළිකුලක් හෝ බියක් ඇති පිරිස් ද, හෝමෝෆෝබියා
ලෙසින් හැඳින්වෙන මානසික ව්‍යාධියකින් පෙළෙන අය ලෙස සැලකේ.

විවිධ සංස්කෘතිකමය හේතු නිසා, අප බොහෝ දෙනෙකු අතර මෙකී හෝමෝෆෝබියාව විවිධ මට්ටමෙන්, අඩු වැඩි වශයෙන්, පවතින බව කිව හැක. නමුත්, නිවැරදි අධ්‍යාපනය මගින් ඒ මානසික ව්‍යාධියෙන් ගැලවිය හැකි බව මම දනිමි.

හොමෝෆෝබියාවෙන් පෙළෙන්නෙකුට වුව ද, තමන් සමකාමීත්වයට විරුද්ධ වීමෙන් ඇත්තටම කරන්නේ වෙනත් මානවයෙකු ගේ මානව හිමිකමකට විරුද්ධ වීම බව වටහා ගැනීමට හැකියාවක් තිබිය යුතුය. එසේ නොමැති අය සත්ව කොට්ඨාශයක් ලෙස වඩාත් සමානවන්නේ අමනුෂ්‍යයින්ට බව මගේ අදහසයි.

හෝමෝෆෝබියාවෙන් පෙළෙන ඇතමුන්, සමකාමී හෙවත් හෝමෝසෙක්ෂුවල් පිරිසේ අයිතිවාසිකම් ගැන කතා කරන සමකාමී නොවන අය සමග කතා බහේ දී යොදා ගන්න එක් විසුළු තර්කයක් ඇත.

එය නම්, ඔය හොමෝසෙක්ෂුවල් වැඩේ බරපතලකම ඔහේට තේරෙයි ඔහේ ගේ පුතෙකු හරි දුවක හරි හෝමෝසෙක්ෂුවල් වුණොත්! යන්නයි.

ලංකාවේ දේශපාලන පක්‍ෂ පිළිබඳව සැලකුව හොත්, පසුගාමී, මනාප ලෝලී පක්‍ෂ කෙසේ වෙතත්, පෙරටුගාමී චින්තනයක් ඇති පක්‍ෂ සමකාමීත්වය පිළිබඳ මානව හිතවාදී අදහසක් දරනු ඇතැයි මම අපේක්‍ෂා කළෙමි. ඒ අනුව, අතීතයේ දී මානව හිමිකම් කඩමින්, ගල්කටස්, ටී-56, ජාතිවාදී දේශපාලනයක නිරත වුව ද, ජනතා විමුක්ති පෙරමුණ අංශු මාත්‍රයක හෝ පෙරටුගාමී චින්තනක් ඇති පක්‍ෂයක් යැයි මම සිතුවෙමි.

එසේ වුව ද, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු සහ අධ්‍යාපන සුදුසුකම් අනුව දොස්තරෙකු ද වන නලින්ද ජයතිස්ස නමැත්තෙකු, තම විමුක්ති නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙද්දී කළ සමකාමී අයිතිවාසිකම් පිළිබඳ හොමෝෆෝබික් ප්‍රකාශයක් අසා මගේ ඒ අදහස නිවරද නොවන බව වැටහී ගියේ ය.

නලින්ද ජයතිස්ස නමැත්තා ගේ ප්‍රකාශය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හයිරාකියේ ඊට ඉහළින් සිටින නායකයින්ගෙන් සද්ද බද්දයක් නොනැගීම ඒ තත්වය තහවුරු කරන්නට හේතු විය.

මේ ලිපිය ලියන්නට මූලික හේතු වූ උත්ප්‍රාසාත්මක සිදුවීම මෙසේ ය.

ෆේස්බුක් සහ බ්ලොගින් වැනි සයිබර් කටයුතු නිසා මා හඳුනා ගත් එක්තරා චරිතයක් සමග මම දිනක් සයිබරයේ චැනලයක් හරහා අදහස් හුවමාරු කර ගනිමින් සිටියෙමි.
මේ පුද්ගලයා ඉගෙනීමෙන් සහ වෘත්තියෙන් වෛද්‍ය ක්‍ෂේත්‍රයේ අයෙකි. එසේ ම, මා අනුමාන කරන පරිදි ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව යම් කිසි ආකාරයක සහයෝගයක් දක්වන්නෙකි.

කුමක් දෝ සංගීත වැඩ සටහනක් ගැන කතාබහක දී පෙර කී නලින්ද ජයතිස්ස නම් ජේවීපීකාරයා ගේ නම ඇදී ආවේ ය.

"නලින්ද ජයතිස්ස කියන්නේ අර හොමෝෆෝබියාවෙන් පෙළෙන ජේවීපීකාරයා නොවේද"" යැයි අසමින් මම සයිබර් මිතුරාට පහත ලිපියට ද පාදක වී ඇති නලින්ද ජයතිස්ස ඩේලි නිව්ස් පුවත්පත හා කර තිබුණු සම්මුඛ සාකච්ඡාව පිළිබඳව සඳහන් කළෙමි.

අපේ කතාබහේ ඊළඟ දෙබස් කොයි ආකාරයේ වූයේ දැයි අනුමාන කළ හැකි ද?

මේ වෛද්‍ය උපාධිධාරී, ජේවීපී සපෝටර් සයිබර් මිතුරා ද මගෙන් විමසූයේ මා මුලින් සඳහන් කළ විසුළු තර්කයයි.

"හිතට එකඟව පිළිතුරක් දෙන්න රසික. ඔබේ පුතා තවත් කොල්ලෙකු සමග සම්බන්ධයක් ඇති කර ගත්තොත් ඔබට මොනවාද හිතෙන්නේ?" ඔහු මගෙන් විමසීය.

"මං හැම විටම කතා කරන්නේ හිතට එකඟව තමයි. හිතේ එකක් තියාගෙන වෙන එකක් කීම හෝ කිරීම මා කරන්නේ නෑ."

"මගේ දරුවන් වැඩිවිය පත් වූ පසු ඔවුන් ගේ ලිංගික චර්යාවන් කෙරෙහි කිසිම බලපෑමක් කරන්නට මගේ කිසිම අදහසක් නෑ."

"අනික ඔය ප්‍රශ්නයම පසුගාමී එකක් නේද? ඒ කියන්නේ පිටට එකක් කියා තමන්ට සම්බන්ධව වෙනත් ක්‍ර්‍රියා කලාපයක් අනුගමනය කරන්නේදැයි මා නම් කිසිවෙකුගෙන් අහන්නේ නෑ!"

මම ඔහුට එලෙස කීවෙමි.

ඔහු සමකාමීත්වය ගැන සිතන්නේ -එය ක්‍රියාවෙන් ම හුරු වූවක් මිස ජීව විද්‍යාත්මකව පිහිටි චර්යාවක් කියා නොවන බව- මිතුරා මා සමග පැවසීය.

"ඔහේත් නලින්ද ගේ ඩිග්‍රියම ද කළේ?" මම ඇසුවෙමි!

"ඔව්" යැයි පිළිතුරු ලැබුණි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
කෙටුම්පත් කර තිබුණු මේ ලිපිය අවසන් කර ඉක්මනින් පළ කරන්නට තුඩු දුන්නේ සමකාමීත්වය සහ හෝමෝෆෝබියාව සම්බන්ධව රුවන් ජයතුංග ගේ බ්ලොගයේ පළ වූ පහත සාකච්ඡාවයි.
http://transyl2014.blogspot.com/2017/02/blog-post_74.html


(image:http://www.sunshinecoastdaily.com.au/news/embarrassing-bodies-doco-tests-shocking-gay-cures-/2203464/)

60 comments:

  1. මෙව්වට වැඩියෙන්ම විරුද්ධ හොරෙන් ඒ දේම කරන අයමයි..

    ReplyDelete
    Replies
    1. මොන පදනමකින් ද එහෙම නිගමනයකට ආවේ?

      දේශකයා වැරදි අනුමාන කිරීම් මත නිදසුන් නැතුව කළ ප්‍රකාශයක් බවයි පේන්නේ!

      සමකාමියෙකු, සමකාමීත්වයට බියවී හෝමෝෆෝබික් වේ යැයි මා නම් සිතන්නේ නෑ.

      Delete
    2. @ දේශකයා-

      රුවන් ජයතුංග (ට්‍රාන්ස්සිල්වේනියා blog) මෙසේ පවසා තිබේ. පහත ඇති ඔහුගේ කඟෙන්ටුව බලන්න-

      "සමරිසියන් කෙරෙහි දක්වන බිය සහ එදිරිවාදී බව හෝමෝෆෝබියාව (Homophobia) ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයෙකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක් අනුගත කල හැකි බව විද්වතුන් පවසති "

      ඒ කියන්නේ ඒක හෝමෝෆෝබියාවක් නොව, තමන් කැමති නමුත් තමන්ට ලබා ගත නොහැකි දෙයක් භුක්ති විඳින් අන් අය කෙරෙහි ඇති ඊර්ශ්‍යාවක් විය යුතුයි.

      Delete
  2. මගෙ අක්කගෙ දුව ලෙස්බියන්. ඈත පලාතක ටීචර් කෙනෙක්.
    ඉස්කෝලෙම ගුරු නිවාසයෙ තවත් ඒ එක්කෙනෙක් එක්ක පදින්චිය.
    (දෙන්න ප්ලෑන් කරල එකම ඉස්කෝලෙට මාරුව හදාගෙන තියෙන්නෙ).
    දෙන්නම ඉස්කෝලෙ හොඳම සහ ජනප්‍රියම ටීචර්ල දෙන්න.
    ගෙවල්වලින් ඒකිව මරාගෙන කන්න හදනව කසාද බැඳපිය කියල.
    ඒ මදිවට අර යාලුවටත් බොරු ආරංචි පතුරවල ඒකිව පන්නගන්න හදනව.
    මම විතරයි සපෝට්.
    දැන් මම වැරදිද, පවුලේ හැමෝම හරිද?

    ReplyDelete
    Replies
    1. @ Anonymous 8 February 2017 at 17:52

      මචං උඹ හරි. උඹ සපෝට් එකට යන වෙලාවක මටත් කියපං. මාත් එනවා.

      Delete
    2. @ Anonymous 8 February 2017 at 17:52

      අද ලංකාවේ සමාජයේ ඇති තත්වය නිසා සමකාමීන්ට ඔබ වැනි නිසි අවබෝධය ඇති අය ගේ සහයෝහය අවශ්‍ය වෙනවා. මගේ ප්‍රනාමය!

      Delete
    3. @ Anonymous 8 February 2017 at 22:11

      ඔබ පිරිමියෙකු බව ඒ කමෙන්ටුවෙන් කිව හැක. පිරිමියෙකු හොමෝෆෝබියා ගති ලක්‍ෂණ පෙන්වන්නේ කාන්තා සමකාමීන් පිළිබඳව නොව පැහැදිළිවම පිරිමි සමකාමීන් පිළිබඳව ය.

      Delete
    4. "පිරිමියෙකු හොමෝෆෝබියා ගති ලක්‍ෂණ පෙන්වන්නේ කාන්තා සමකාමීන් පිළිබඳව නොව පැහැදිළිවම පිරිමි සමකාමීන් පිළිබඳව ය."
      ඉන්ග්‍රීසියෙන් කියනවනම් පුකේ අරියි කියල බයයි.
      'පුක' යනු කුහරුපයක් නොවේ

      Delete
  3. ඔබ කියන අර වෛද්‍යවරයා ඇසූ ප්‍රශ්නයට මෙහෙම කතාවක් කියන්න තියනවා. මමත් ඔය අදහසේ ඉන්නේ. ඒ කියන්නේ සම ලිංගිකත්වය කියන්නේ ස්වභාවික දෙයක්ය ඕකට වැඩිය කෑ ගහන්නේ නැතුව ඒ අයට කරගන්න දීල හිටියම ඉවරයි කියල. නමුත් මගේ බිරිඳ ගේ ජර්මන් යහළුවෙක් වරක් අපේ නිවසට ආව. ඔහු ජර්මනියේ ගුවන් විදුලි නිවේදකයෙක්. සමකාමියෙක්. ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙවෙනි වර ඔහු ලන්ඩන් එද්දී ආවේ ඔහුගේ පාට්නර් එක්ක. අපේ නිවසේ දිව ආහාරය වෙලේ ඔවුන් කිස් කලා. දැන් ඕක මට අපුල වුණා. ඉතින් රසික අපි කොච්චර ඕකට කැමතියි අනම් මනම් කිව්වත් ගැහැණු දෙදෙනෙකු (ලෙස්බියන්) කිස් කරද්දී එන ලිංගික හැඟීමට වඩා මේක අපුලයි. මේක වැරදියි කියා මා දනනවා. නමුත් අපි හදුනා විධිහ එහෙම නිසා වෙන්න ඇති.
    ඉතින් මම මගේ බිරිඳට කිව්වා යාලුවට කියන්න මෙහෙ අවට කමක් නැහැ . මගේ කිසි අවුලක් නැහැ. හැබැයි මෙතැන් කිස් කරන්නයි අත් පටලන් ඉන්නයි යන්න එපා කියල.
    මිනිහ කියල තිබ්බ මම හෝමෝෆොබික් කියල. දැන් එන්නේ නැහැ. කතා කරන්නෙත් නැහැ.
    අපි කොච්ච්චර කිව්වත් තමන්ට කෙලින්ම බලපාන කොට අපට හැසිරෙනන් වෙනෙන් එහෙම. ඕක තමා ප්‍රශ්නය.

    ReplyDelete
    Replies
    1. //ගැහැණු දෙදෙනෙකු (ලෙස්බියන්) කිස් කරද්දී එන ලිංගික හැඟීමට වඩා මේක අපුලයි.//

      It is not fair but true.

      Lesbian porn is watched mostly by hetero men. Hetero men find lesbians erotic but not male gays.

      Delete
    2. අජිත් ඔබ මතුකල කරුන ඉතාම වැදගත්!මමත් සමරිසි යන්ට විරුද්ධ නැහැ.ඒත් ඔවුන්ගේ කායික සම්බන්ධ කම් මටත් අපුලයි.ඒක සාදරන නැති බව ඇත්ත.සමහර විට "ශීමේල්" ල පවා බිහිවෙන්න ඇත්තේ පිරිමි දෙදෙනෙක් ගේ ක්‍රියාකාරකමකට වඩා අඩුගානේ එක් අයෙකුගේ පෙනුම හෝ කාන්තා වීම ඉහත සමරිසි අපුල අඩුකරන නිසා වන්න ඇති.

      Delete
    3. තොපිට පිරිමි දෙන්නෙක් ගහ ගන්නවා, මරා ගන්නවා, වෙඩි තියා ගන්නවා, අඬු කඩා ගන්නවා ඔක්කෝම බලා ඉන්න පුලුවන් කිස් කරන එක විතරයි නේද බලා ඉන්න බැරි? අමු ගොන් බයියෝ තමා තොපි.

      Delete
    4. මම දැනට අවුරුදු ගණනක් එංගලන්තයේ ජිවත් වෙන සම ලිංගික ලෙස ජිවත් වන මිතුරන් ඇති කෙනෙක්. අපේ ඔෆිස් එකෙත් සිටිනවා. එම සම ලිංගික මිතුරන් ඒ බවක් පෙන්වන්නේ නැහැ. නමුත් ඔවුන් එළිපිට ෆ්‍රෙන්ච් කිස් කරන්න යන්නේ නැහැ. ගැහැණු දෙදෙනෙක් එළිපිට එවැන්නක් කලත් ප්‍රශ්නයක් ඇතිවේවි.

      Delete
    5. මෙතැන් මම වැරදි බව මම පිලි ගන්නවා. මම අවංකව කිවේ මට ඇතිවන හැඟීම ගැන.

      Delete
    6. පොඩි කාලේ ඉදන් සමරිසි දේ ගැන ලොකු අවබෝධයක් නැති,ඒක වරදක් විදිහට දකින සමාජෙක හැදිච්ච අපි එහෙම හිතුවට වැරැද්දක් නැහැ අජිත්!!!

      Delete
    7. @ අජිත්,

      ඔබ ලියා ඇති දේ වැදගත්. මගේ ලිපියේ මා මෙසේ කිව්වා.

      "විවිධ සංස්කෘතිකමය හේතු නිසා, අප බොහෝ දෙනෙකු අතර මෙකී හෝමෝෆෝබියාව විවිධ මට්ටමෙන්, අඩු වැඩි වශයෙන්, පවතින බව කිව හැක. නමුත්, නිවැරදි අධ්‍යාපනය මගින් ඒ මානසික ව්‍යාධියෙන් ගැලවිය හැකි බව මම දනිමි."

      පින්ච් පොයින් බ්ලොග්කරුවාත් ඔබ ලියා ඇති දේ ම ලියා තිබුණා!

      මේක හරියට ප්‍රංශයේ ගොළුබෙල්ලන් කනවාය, වියට්නාමයේ පළගැටියන් කනවාය, තවත් රටක බලු මස් කනවාය කියා ඇසෙන විට අපට ඇතිවන හැඟීම වගේ එකක්.

      කාලයත් සමග නැතිවී යාවි!

      Delete
    8. පින්ච් පොයින්ට් බ්ලොග්කරුවා (JP) දැක් වූ මුලික අදහස මෙසේ ය.

      " මටද තරමකට හෝමෝෆෝබියා ව ඇතැයි මට දැන් සිතේ . මෙය සමාජයේ සැලකිය යුතු පිරිසකට අඩු වැඩි වශයෙන් ඇති බවද දනිමි . සමලිංගිකත්වය මානසික ආබාධයක්දැයි හරියටම මා නොදන්නාමුත් , හෝමෝෆෝබියාව නම් මානසික ව්‍යාධියක් බව දනිමි."

      වැඩි විස්තර සඳහා:
      http://economatta.blogspot.com/2017/01/blog-post_28.html?showComment=1485652837770#c2478227756601780766

      Delete
    9. මා දන්නා සමලිංගික පිරිමි යුවලක් සති දෙකකට කලින් මා සහභාගී වූ සාදයක මා ළඟම අසුන් ගෙන සිටියා. ඔවුන් කිස් කළේ නම් නෑ, නමුත් කිස් කළත් මට අවුලක් දැනේ යැයි මා සිතන්නේ නෑ.

      කොහොමටත් ෆෝබියා යනු මානසික ලෙඩ නේ. හෝමෝෆෝබියාව සුව කර ගත හැකි එකක්.

      Delete
    10. අවංකව කතා කළොත් මාත් අජිත් එක්ක එකඟයි. සමලිංගිකයන්ට මා විරුද්ධ නැතත් අජිත් කියූ අපුල මටත් දැනිල තියෙනව. ගොඩක් අය ප්‍රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්න අය ඒක තමන්ගෙ පවුල් සංස්ථාව ඇතුළට ආවම සැලෙනව.

      Delete
    11. අජිත් සහ හෙන්රි කියනව වගේ තත්වයක් තියෙන්න පුළුවනි. ඒකේ වරදක් නෑ. මං කලින් කීවා වගේ වෙනත් මිනිසුන් කන බොන දේවල් ගැන ඇහුණාමත් සමහරවිට අපට අප්පිරියා හිතෙනවා නේ.

      නමුත් මට තේරෙන්නේ නෑත්තේ හෙන්රි කියා ඇති මේ කතාවයි.

      "ගොඩක් අය ප්‍රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්න අය ඒක තමන්ගෙ පවුල් සංස්ථාව ඇතුළට ආවම සැලෙනව."

      ප්‍රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්නා ගොඩක් අය ඉන්න බවට හෝ එවැනි ගොඩක් අයගේ පවුල් සංස්ථාව ඇතුළට සමලිංගිකත්වය ආ බවට හෝ එවැනි ගොඩක් අය එවිට සැලුන බවට !හා් මට නම් උදාහරණ දෙන්න නෑ.

      මං හිතන්නේ එක්කෝ මේක අතිශයෝක්තියක්. නැතිනම් හෙන්රි ගේ උපකල්පනයක්.

      Delete
    12. කෝ දැන් මෙතැන තිබුණු අරුණ ගේ කමෙන්ටුව?
      බ්ලොගර්ට පිස්සු හැදිලා ද?

      ---------------------------------------
      Aruna Perera 10:32 (1 hour ago) to me

      Aruna Perera has left a new comment on your post "හොමෝෆෝබික් දොස්තරලා! - Homophobic doctors":

      සිගරට් එකක් ගහන්න එලියට බැස්ස වෙලාවේ සෙට් වුනා. මගේ ප්‍රශ්නෙට උත්තරේ....හු කෙයාර්ස් වට් අදර්ස් ඩු....
      ------------------------------------

      Delete
    13. හෙන්රි කියපු කතාවට තව දෙයක් එකතු කරන්න කැමතියි. මා දන්නා දෙමළ ගැහැණු ළමයෙකුට වුනු දෙයක්. දෙමාපියන් නිතර ශ්‍රී ලලංකාවේ සිදුවුණු වර්ගවාදී අකටයුතුකම් ගැන ජාතිවාදය ගැන විවේචනය කරපු අය . ලංකාවට විරුද්ධව පෙළපාලි ගිය අය .ප්‍රගතිශීලි අදහස් තියන අය. ඒකෙ ප්‍රශනයක් නැහැ කියමු. දුවත් ඒවාට සහභාගිවුන කෙනෙක්. දුව යහළු වුනා කළු කොල්ලෙක් එක්ක. (කොල්ල අප්‍රිකානු දෙමාපියන්ට දාව මෙහෙ ඉපදුනු කෙනෙක්). අර අම්මයි තාත්තයි ඒකට විරුද්ධ වුණා විතරක් නෙමයි අම්ම කියල තියනවා යාපනේ ඉන්න ඇන්ටි ගාවට යවනව කියල. කෙල්ල අහල තියනවා "එතකොට උඹලට මාව සිංහල සොල්දාදුවෙක් ගෙන් රේප් වුනාට කමක් නැහැ. කොටි සංවිධානෙන් පැහැර ගත්තට කමක් නැහැ. කල්ලෙක් එක්ක යන්නේ නැතිව නේද?" (ඔය රේප් කතාව මෙහෙ දෙමල අය අතර තියන එකක් හොඳද)- කෙල්ලයි කල්ලයි දෙන්නම මට ඔය කතාව කියන කාලේ ගෙවල් වලින් ඈත් වෙලා හිටියේ.- ජාතිවාදයට විරුද්ධයි, හැබැයි කල්ලෝ එක්ක යන්න බැහැ.

      Delete
    14. අජිත් ගේ කතාව ඉතා අපූරු එකක්! සිංහල වුනත්, එක රටේ නේ කියා හිතෙන්න ඇති!

      මීටත් වඩා මේ කේස් එකට ගැලපෙන කතාවක් මේ ලිපිය ෆේස්බුක් හි දැමූ විට වසන්ත සපරමාදු ලියා තිබුණා.

      -----------------------------

      There was a documentary by Stephen Fry called 'Out There' about homosexuals in various countries. In India he talks to Harish, a 33-year-old gay man who lives with his parents and grandmother.

      Harish: "Gay men usually end up living with their families because in Indian culture you end up looking after your parents.”

      Fry: "Does that make it difficult for you to have a relationship because you can't bring a partner home, can you?”

      Harish: "Um … now I can. My grandmom is pretty conservative though. She was OK with me getting a partner home. But she wanted the partner to not be a Christian, to not be a Muslim, … to be a Brahmin.”

      Fry: "Right, so you are high caste?"

      Harish: "So, yeah. It's absolutely fine for her. It didn't really matter to her whether it was a boy or it was a girl."

      Delete
  4. ලංකාවේ ප්‍රදේශීයව ප්‍රසිද්ධ වගේම අතිශය අප්‍රසිද්ධ සමරිසි වුන් ඉන්නවනේ( ඔය කොල්ලො කාරයෝ,ලොල්ලෝ කියන්නෙ) ඉතින් අපි දන්න පහුල් කීයක් තියෙනව ද එහෙම එවුන් නොදැන බැදලා ජීවිතය අපායක් කරගත්තු
    ඒත් බොහොමයක් ගැහැණු සම්රිසි චරිත වල ප්‍රසිද්ධියක් නෑනෙ. එහෙම ලෙසබියන් කෙල්ලෙක් නොදැන බැන්දොත් පහුල් ජීවිතේ සැබෑ තෘප්තිය අහිමි වීම කොතරම් අමිහිරි ද(මන් දන්න කෙල්ලෙක් ඉන්නවා එහෙම අපේ ගමේ අන්තිමේ දුර පළාතක එකෙක්ට බන්දලා දුන්නා ගෙදරින්.100% ෂුවර් මෑන් දන් නෑ තාම ඒක)
    මහින්දටත් වඩා අමු බයියෙක් වෙච්චි මෛත්‍රීට ඕව කවද තේරෙයි ද?

    ReplyDelete
    Replies
    1. සමකාමය සහ කුමාරකාමය (බාලයන්ට ඇති ලිංගික ආශාව) එකිනෙක පටලා ගන්න එපා.

      ඔබ ද කියා ඇති පරිදි, මෛත්‍රී වැනි අය කොහොමටත් පසුගාමීන්. අමුතුවෙන් හොමෝෆෝබියා හැදෙන්න අවශ්‍ය නෑ!

      Delete
    2. ඒක දෙකක් ද සමකාමයට කැමති අය නෙවෙයි ද කුමාරකාමය කියන එකට කමැති වෙන්නෙ?

      Delete
  5. I have seen the same stupid argument when talking about sex workers. Narrow minded people always ask how would you feel if you sister or daughter becomes a sex worker. All I have to say is I would not like it. But at the same time I don't like them to be a sanitation worker or a day time laborer. That is because those are tough jobs, not paid well and faces lots of discrimination from the world. But that does not make it an invalid choice.

    ReplyDelete
    Replies
    1. ඒ ගොං තර්ක ගේන අය හිතන්නේ ඒ අය වගේ අපිත් අපේ වාසිය හෝ පාඩුව බලා ක්‍රියා කරනවා ය කියායි. අපේ දරුවෙකු සමකාමී වුනොත්, මට කණගාටුවක් ඇති වෙනවා නම් ඒ මගේ ජාන ඉදිරියට නොයෑම ගැන පමණයි.

      මා ඉන්නා රටේ නම් sanitation worker or a day time labourer වැනි රැකියා කියා අමුතු උස් පහත්කමක් සමාජයේ පේන්නට නෑ.

      Delete
  6. පෙරටුගාමීන් ගාව නම හැරුනු කොට වෙනත් මොන යම් හෝ පෙරටුගාමී දෙයක් තියේද? ඔන්න ඒකට විමුක්ති පෙරමුන නම් සෑහෙන ගානකට විමුක්තිය ලබා දුන්නා.

    ReplyDelete
    Replies
    1. මා පෙරටුගාමී කියා කීවේ පෙරටුගාමී යන වචනය තම සංවිධානයේ ඇති දේශපාලන කණ්ඩායම් පිළිබඳව සිතා නොවේ. පසුගාමී යන්නට විරුද්ධාර්ථය ලෙසයි!

      Delete
    2. /* ඔන්න ඒකට විමුක්ති පෙරමුන නම් සෑහෙන ගානකට විමුක්තිය ලබා දුන්නා. */

      මෙන්න මා ඒ ගැන ලියූ දෙය-

      "......අතීතයේ දී මානව හිමිකම් කඩමින්, ගල්කටස්, ටී-56, ජාතිවාදී දේශපාලනයක නිරත වුව ද, ජනතා විමුක්ති පෙරමුණ........"

      Delete
  7. 1) සමරිසියන් කෙරෙහි දක්වන බිය සහ එදිරිවාදී බව හෝමෝෆෝබියාව (Homophobia) ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයෙකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක් අනුගත කල හැකි බව විද්වතුන් පවසති

    2)
    හෝමෝෆෝබියාවෙන් පෙළෙන ඇතමුන්, සමකාමී හෙවත් හෝමෝසෙක්ෂුවල් පිරිසේ අයිතිවාසිකම් ගැන කතා කරන සමකාමී නොවන අය සමග කතා බහේ දී යොදා ගන්න එක් විසුළු තර්කයක් ඇත. එය නම්, ඔය හොමෝසෙක්ෂුවල් වැඩේ බරපතලකම ඔහේට තේරෙයි ඔහේ ගේ පුතෙකු හරි දුවක හරි හෝමෝසෙක්ෂුවල් වුණොත්! යන්නයි./////// ඔය තර්කය ගෙන එන්නෝ අධි ආත්මාර්ථකාමීන් වන අතර ඔවුනට අනෙකා කියන පුද්ගලයා වටහා ගැනීමේ නොහැකියාව ඇත

    ReplyDelete
    Replies
    1. රුවන්-
      ඔබ ලියා ඇති පළමු කරුණම තමයි එහෙනම් අර දේශකයා උඩින් ම ලියා ඇත්තේ. ඒ කියන්නේ ඒක හෝමෝෆෝබියාවක් නොව, ඊර්ශ්‍යාවක් වැනි දෙයක් විය යුතුයි.

      තමන් කැමති නමුත් තමන්ට ලබා ගත නොහැකි දෙයක් භුක්ති විඳින් අන් අය කෙරෙහි ඇති බව ඊර්ෂ්‍යාව!!!

      Delete
    2. /* ඔය තර්කය ගෙන එන්නෝ අධි ආත්මාර්ථකාමීන් වන අතර ඔවුනට අනෙකා කියන පුද්ගලයා වටහා ගැනීමේ නොහැකියාව ඇත */

      අනෙකා කියන පුද්ගලයාව වටහා නොගන්නා අයෙකු අනෙකෙකු ගේ අයිතිවාසිකම් කෙසේ පිළිගනී ද?

      Delete
  8. ඇපොතිකරි සරත් විමලසූරිය වන මම

    අද පටන් ඒ නම වෙනුවට

    “කපෝතිකර අලවුන පැරකොට්ධර්මසූරිය නාගරාජේන්ද්‍ර” යන නාමය භාවිතාකරන බවට

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයටත් සකල ශ්‍රී ලංකාවාසීන්ටත් මෙයින් දැනුම්දෙමි.

    ReplyDelete
    Replies
    1. Thada wuna dokek. Dr. Sarath 4s7sw blog eke lankawe dokala expose kalata me kuhaka jeeween Dan watetama gahanawa minihata

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඒක ඔවුන්ගේ අයිතිය. තව කෙනෙකුට හානියක් නොවී, තමුන්ට කැමති ලෙස ජිවත් වීමට හැම කෙනෙකුටම අයිතියක් තියෙන්න ඕනේ.
    ඒකට කැමති වීම හෝ අකමැති වීම එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. උදාහරණක් විදියට මට දරුණුවටම Trypophobiaව තියෙනවා. ඉතින් මම හැමවෙලේම උත්සහ කරන්නේ එවැනි දර්ශන මග අරින්න. කොටින්ම fb එකේ ඒවගේ ඒවා share කරන අයත් මම ලිස්ට් එකෙන් අයින් කරනවා.ඒක ඉතින් මගේ කැමැත්ත. ඒත් මට හෝමෝ ෆෝබියාව නං නැහැ. තිබුනොත් ඒක මගේ ප්‍රශ්නයක්
    තමුන්ගේ ලිංගික රුචිය තමුන් තුල තියාගෙන ඒක ප්‍රදර්ශනය නොකර ඉන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ.හැබැයි ඒක ප්‍රදර්ශනය කරන්න ගියොත් ඒක රැල්ලක් වෙනවා.
    අන්න ඒ රැල්ලට මම කැමති නැහැ. මගේ පුතා ඉපදුනේ සමරිසි විදියට නං මට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඌ යාලුවෝ හින්දා අත් හදා බැලීම් වලට ගිහින් රැල්ලට එහෙම වෙනවා නං මං විරුද්දයි.
    ලංකාව බොහොම හොඳ රටක්. නමුත් මිනිස්සු හරිම ඉක්මනට රැල්ලට අහුවෙනවා. තමුන්ගේ ලිංගිකත්වය මොකද්ද කියල තේරුම් ගන්න තරම් අධ්‍යාපනයක් අපේ රටේ ළමයින්ට හම්බවෙන්නේ නැහැ. ඉතින් ළමයා විසින්ම යම්කිසි වයසකදී එය තේරුම් ගත යුතු වෙනවා. ඊට කලින් අත්හදා බැලීම් වලට ගිහින් ස්වාබාවික රුචිය වරදවා වටහාගෙන ඒවා ඉස්මතු වන විදියට හැසිරෙන එක සුදුසු නැහැ.
    සමරිසි , විසමරිසි හෝ ද්විරිසි ඕනෑම කෙනෙකුට අයිතීන් තියෙනවා. ඒවාට ගරු කරන්න ඕනෑ විසමරිසියන් විතරක් නෙවෙයි. සමරිසි , ද්විරිසි ඕනෑම කෙනෙක් අනෙකාට ගරු කරන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ කියන රැල්ලට අසුවීම?

      ලොකු මහත් වෙන කාලේ කෙල්ලෙකු දැක්කාම කුච් කුච් හෝතා හේ වෙන කොල්ලෙකු වෙනත් රැල්ලකට අහුවෙලා ගහගෙන යාවි ද?

      Delete
  11. රසික.....නලින්ද ජයතිස්සව හම්බවෙච්ච වෙලාවක මම ඕක ඇහුවා. මොකක්ද ඒ කරපු ප්‍රකාශය කියලා. එයා කියනවා ඒක වැරදියට රිපෝට් කරපු එකක් කියලා. ඒ පිලිබඳව නිවැරදි කිරීමක් පත්තරවල පොඩි අකුරෙන් දැම්මලු.

    මම දන්න ලෙස්බියන් ජෝඩු දෙකක් ඉන්නවා අපේ ගෙවල් ගාව. මම දන්න ගේ කපල් එකකුත් ඉන්නවා. උන් සාමන්‍ය විදිහට හැසිරෙනවා. අප්පිරියාවෙන් බැලුවොත් ගැනියෙකුයි, මිනිහෙකුයි තොලක් දාගෙන ඉන්න එකත් එහෙම පෙනෙයි. මේක අපේ දෘශ්ඨියේ ප්‍රශ්නයක්.

    වෙලාවක අහන්න ඕන ඔය සමරිසි ජෝඩුවකින්, ගැනියෙකුයි, මිනිහෙකුයි ඒ වැඩේම කරනවා දැක්කොත් උන්ට මොකද හිතෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඉතිං කෝ ඔය කියන නිවරද කිරීම කොහේද තියෙන්නේ?

      ඇයි නලින්ද ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා නැත්තේ?

      තාමත් බොහෝ දෙනා නලින්ද ඩේලි නිව්ස් එකට කියු “I am totally against Lesbian, Gay, Bisexual and Transsexual (LGBT) rights. This is not the need of the human being. We need a future generation.

      Scientific experiments reveal this kind of emotions come out due to stress. When people go through stressful periods or are in such environments, unnatural feelings come out.

      For example, we do not see this behaviour when they are living in the wild. However, if they are caged, we would see this behaviour. I believe in marriage between man and woman.

      Same sex marriage is unnatural. It is against the evolution of the human being.” ප්‍රකාශය උපුටා දක්වනවා.

      හොඳයි අපි පොරට ඊ-මේල් එකක් දාලා අහලා බලමු. සාකච්ඡාව කළ ඉෂාරා ජයවර්ධනගෙනුත් අහලා බලමු!

      Delete
    2. ගේ/ලෙස්බියන් කපල්වලට හෙට්‍රොෆෝබියා තියේද ඇසීම නම් අලුත් අදහසක්. මරු!

      Delete
    3. ......හොඳයි අපි පොරට ඊ-මේල් එකක් දාලා අහලා බලමු. සාකච්ඡාව කළ ඉෂාරා ජයවර්ධනගෙනුත් අහලා බලමු!//////////

      අන්න හොඳයි,

      ////ඇයි නලින්ද ඒ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා නැත්තේ?///////
      ඒක මාත් කල්පනා කරනවා රසික. අයර්ලන්ත කේස් එකත් ඒ වගේ දෙයක්. ඇත්ත කතාව වෙනස්. ඒත් ඒවා එහෙම කියන්න ඉඩ දීලා බලන් ඉන්නේ ඇයි කියන එක ගැටලුවක්.

      ////ගේ/ලෙස්බියන් කපල්වලට හෙට්‍රොෆෝබියා තියේද ඇසීම නම් අලුත් අදහසක්. මරු!////////
      මේ ගැන අහලා බලන්න ඕන අද හවසට. මට වීකෙන්ඩ්ස්වල හම්බ වෙනවා ඒ ලෙස්බියන් කපල් එක නම්.

      Delete
    4. සිගරට් එකක් ගහන්න එලියට බැස්ස වෙලාවේ සෙට් වුනා. මගේ ප්‍රශ්නෙට උත්තරේ....හු කෙයාර්ස් වට් අදර්ස් ඩු....

      Delete
  12. අවංකව කතා කළොත් මා විරුද්ධ නැතත් අපුල මටත් දැනිල තියෙනව. ගොඩක් අය ප්‍රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්න අය ඒක තමන්ගෙ පවුල් සංස්ථාව ඇතුළට ආවම සැලෙනව.

    ReplyDelete
    Replies
    1. මගෙත් අදහස මේකමයි .. ඒ ඒ අය කැමති කැමති ආකාරයට ඒ දේවල් කර ගත්තාට ප්‍රශ්නයක් නැති අතර සමලිංගිකත්වය වෙනුවෙන් පෙනිහිටින්න හෝ එය ප්‍රමෝට් කරන්න තරම් අදහසක් මා තුල නෑ. දොස්තර කෙනෙක් ලෙස සමලිංගික ආකර්ෂණ ඇති ගැහැණුන් සහ මිනිසුන් සිටින බව පිළිගන්නා අතර දැනටත් අපේ රැකියාව කරද්දී ඒ අයටත් අනෙක් අයට මෙන් සලකන්න පුරුදු වෙලයි ඉන්නේ .. ඒත් ගංජා, අරක්කු ,කසිප්පු වගේ දෙයක් පවුලට එනවාට අකමැතියි වගේම මෙවැනි දෙයක් පවුලේ හෝ පවුලේ නොවන හිතවතෙකුට වුනත් අපි සැලෙනවා, උදාහරණයක් ලෙස අප සිටින රටට ශිශ්‍යත්වයකට ආපු ලන්කාවේ වග කිවයුතු නිලයක් දැරූ අපි දාන්නා හඳුනන කෙනෙක් PR එක ගෙන මේ රටේ නැවතීම සඳහා සමලිංගික විවාහයකට ගියා. ඒ සිද්ධිය අපිට සෑහෙන කම්පනයක් ඇතිකළා කිව්වොත් නිවැරදියි

      Delete
    2. හෙන්රි කියනව වගේ "විරුද්ධ නැතත් අපුල" තත්වයක් තියෙන්න පුළුවනි. ඒකේ වරදක් නෑ. මං කලින් කීවා වගේ වෙනත් මිනිසුන් කන බොන දේවල් ගැන ඇහුණාමත් සමහර විට අපට අප්පිරියා හිතෙනවා නේ.

      නමුත් මට තේරෙන්නේ නෑත්තේ හෙන්රි කියා ඇති මේ කතාවයි.

      "ගොඩක් අය ප්‍රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්න අය ඒක තමන්ගෙ පවුල් සංස්ථාව ඇතුළට ආවම සැලෙනව."

      ප්‍රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්නා ගොඩක් අය ඉන්න බවට හෝ එවැනි ගොඩක් අයගේ පවුල් සංස්ථාව ඇතුළට සමලිංගිකත්වය ආ බවට හෝ එවැනි ගොඩක් අය එවිට සැලුන බවට හෝ මට නම් උදාහරණ දෙන්න නෑ.

      මං හිතන්නේ එක්කෝ මේක අතිශයෝක්තියක්. නැතිනම් හෙන්රි ගේ උපකල්පනයක්.

      Delete
    3. @ Anonymous 12 February 2017 at 23:09

      මෙය තරමක හොහෝෆෝබියාවක් තමයි. නමුත් දැන් පේන විදියට සුලබ තත්වයක්.

      අන් හෝමෝසෙක්ෂුවල් අයට ඇති මිනිස් අයිතිවාසිකම් අපේ පවුල්වල අයට නැද්ද? කියා හිතුවාම ප්‍රශ්නය පැහැදිලි වේවි.

      "අප සිටින රටට ශිශ්‍යත්වයකට ආපු ලන්කාවේ වග කිවයුතු නිලයක් දැරූ අපි දාන්නා හඳුනන කෙනෙක් ඵූ එක ගෙන මේ රටේ නැවතීම සඳහා සමලිංගික විවාහයකට ගියා. ඒ සිද්ධිය අපිට සෑහෙන කම්පනයක් ඇතිකළා කිව්වොත් නිවැරදියි"

      ඒ ප්‍රකාශයේ අපැහැදිලි කාරණය තමයි ඒ පුද්ගලයා සැබවින් ම සමකාමී ද, නැතිනම් වීසා මගඩියක් සඳහා බොරුවට සමකාමී වුණා ද යන්න. සමකාමී නොවන අයෙකුට සමාකාමියෙකු ලෙස ක්‍රියාකරන්නට හැකිදැයි මට සිතා ගන්නට බෑ.

      සමකාමී අය නම් සමකාමී නෙවාන අයුරෙන් හැසිරී විවාහ වෙනවා. සහකරුවන් ගෙ ජිවිත අඳුරු කර දානවා.

      Delete
  13. කකා උඩින් කියලා තියෙන්නේ පොර එකක් කියලා වෙන එකක් කරන්නේ නෑ කියලා . හැබැයි බ්ලොග් ලියද්දිත් පොර වැඩ කරන්නේ එහෙමමයි.. මාතලන් සහ සාරස ඇතුළු මිතුරු කැල සාක්ෂි

    ReplyDelete
    Replies
    1. පදනමක් නැති කතා අදහන්න එපා. මා කිසි දිනක බඩේ බිජු තියාගෙන කතා කරන අයෙකු නොවේ. මුණට එකක් සහ ක්‍රියාවෙන් වෙන එකක් කර නැත.

      Delete
  14. ////ප්‍රගතිශීලීබව පෙන්නන්න සමලිංගිකත්වය පිළිගන්නා ගොඩක් අය ඉන්න බවට හෝ එවැනි ගොඩක් අයගේ පවුල් සංස්ථාව ඇතුළට සමලිංගිකත්වය ආ බවට හෝ එවැනි ගොඩක් අය එවිට සැලුන බවට !හා් මට නම් උදාහරණ දෙන්න නෑ.////////
    රසික සහ හෙන් රි,,,

    මෙහෙම උදාහරණ දෙන්න නැහැ කියලම කියන්නත් බැහැ. මේක පොඩි පර්ස්න්ටේජ් එකක් වෙන්න ඇති. හැබැයි එහෙම වෙච්ච තැන් මම දන්නවා.

    මේ කමෙන්ට් එක මෙට්තනට දැම්මේ, ඒ අවශ්‍ය ත්‍රෙඩ් එක ඕපන් වෙන්නේ නැති නිසා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි ගේ ඒ හොඩක් කතාව සෑහෙන්න විවාදාත්මකයි. ඔන්න සුළු පිරිසක් කීවා නම් එකඟ වෙන්න තිබුණා. නමුත් සුළු පිරිසක් කී විට බහුතරය එසේ නොවෙන බව හැඟෙන නිසා, එය කීමටත් අවශ්‍ය නැති දෙයක්.

      Delete
    2. /* මේ කමෙන්ට් එක මෙට්තනට දැම්මේ, ඒ අවශ්‍ය ත්‍රෙඩ් එක ඕපන් වෙන්නේ නැති නිසා. */

      අරූ

      පසු අරුණ එතැන කමෙන්ටුවක් දැම්මා නේද? මටත් එතැන කමෙන්ට කරන්න බැරුව තිබුණා.

      රී-ලෝඩ් කර බැලින්නම්, දැන් මට කමෙන්ට් කළ හැකියි. නමුත් ඔබේ කමෙන්ටුව (who cares what others do) එතැන නෑ.

      Delete
  15. I also think that there are homo people who are just adicted but not by genere

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ජාන වෙනස් වෙනවා? ඒවා වෙනස් වෙන ජාන!

      Delete
  16. යුරෝපීය රටක ඉන්දියානු රෙස්ටුරන්ට් එකක් කරන මගේ මිතුරෙක් එයාගේ රෙස්ටුරට් එකට සමරිසි අය ආවාම ( සමහර අය දැක්කම කියත හැකි සමරිසි කියලා ) ඒ අය ඉන්නකොට පොඩි ළමයි එක්ක එන ෆැමිලීස් වලට ටිකක් ඈත මේස ඔෆර් කරනවා. ඇහුවාම කිව්වෙ සමරිසි බහුතරය පොඩි අයට ආසා නෑ කියලා. ඒ නිසා සම රිසි අය අතර ගොඩක් වෙලාවට බැඳපු අයට සමච්චල් කරනවා. ඒකත් ෆෝබියාවක් තමයි.
    සමරිසි ගොල්ලන්ගේ චර්යාව එහෙම තිබේවා, බඳින්න ඕන නම් බැඳපුවාවේ හැබැයි අපි වගේ සෙක්ස් ෆ්‍රී නැති රටක මේවා වෙන්නේ ජානමය කරුනු නිසාම නෙවෙයි. කෙල්ලෙක් හොයාගන්න බැරි නිසා ගෙවල් ලඟ ඉන්න පොඩි මල්ලිට අතවර කරන එකා ටික කලකින් ඌ ලඟ ඉන්න සම ලිංගිකයා වඩවා ගන්නවා, සමහර සීරියස් ලෙස්බියන් කපල්ස් වල වුනත් මේ අවුල තියනවා. මා දන්න එක ලෙස්බියන් කපල් එකක කාන්තාවකගේ අම්මට තාත්තා ගොඩක් වෙනස් කම් කරලා තියනවා. ඒ නිසා පිරිමින්ව සමීපව ආශ්‍රය කරන්න ආසා නෑ, මේවා ජානමය කරුනුම නෙවෙයි. මෙහෙම අය අප අවට ඉන්නවා.
    ඒ නිසා මේවා විදින් බ්‍රැකට්ස් තියාගත්තා නම් හොඳයි. තමන්ගේ සෙක්ශුවල් ඔරියන්ටේශන් එක හරියට වටහා ගන්න පුළුවන් සමාජයක් අපට නෑ. ඉස්කෝලේ යන කාලේ කෙල්ලො කොල්ලො සෙග්‍රිගේට් වෙලා ඉන්න හැටියට සුළුතරය තමා කෙල්ලෙක් එක්ක කතා කරන්නෙවත්. සමහර කොල්ලො ඉන්නවා කැම්පස් එනකම්ම ගෑණු යාළුවො නැති. එහෙම කරන්න අවස්ථාවක් නෑ. අපි ගෑණු ළමයින්ට පිරිමි ළමයින්ට අඳුරගන්න අවස්ථාවක් දෙන්නෙම නෑ. එහෙම කෙනෙක් තමන් වරදවා සම ලින්ගිකයි කියලා හිතලා හෙන මොන්ගල් වීර කෙනෙක්ට ලව් කරන්න ගත්තොත් පව් නේ.

    ReplyDelete
  17. මම ගේ කෙනෙක්
    .මට හරි පාලුයි.කවදාවත් වෙන කෙනෙක් එක්ක ආදරයක් තිබිලා නෑ.තිබිලා තියෙන්නේ ම ඒකපාර්ශවික ආදර විතයි . දැන් නම් ආයෙ ආදරෙයක් ඇතිවෙන්නෙත් අඩුවෙන් . ආදරේ ඇති උනා ට වැඩක් නෑ වගේ එකක් හිතෙනවා.මම කැමති අය ට ඒක කියාගන්න බැහැ.එයාල මට කැමතිත් නෑ.(මට ගොඩක් වෙලා ව ට ආදරේ ඇති වෙන්නේ hetarosexual අයට ).කලින් නම් ආදරයක් ඇතිවෙන වෙලාවට ගේම් එකක් ගහනවා.අද නම් ඒකත් කරන්න උනේ නෑ ලයිට් නැති නිසා.

    අද පොඩ්ඩක් හිතුව වැඩි උනා. ඒක නිසා මම සමලින්ගික වෙන්න හේතු,ලයිෆ් පාට්නර් කෙක්නෙක් නැතුව ජිවත් වෙන එක,පාලුව යන්න කරන වැඩ වගේ ඒව හොය හොය හිටියේ, මැරෙන්න හොඳම ක්‍රම,මැරෙන්න වේදනාව අඩුම ක්‍රම, කාබන් මොනොක්සයිඩ් ගෙදර හදාගන්න ලේසි විදි....., . ගූගල් එකේ homophobic ගැන හොයනකොට තමයි මේක හම්බ උනේ . ඇත්තට ම පුදුමයි විසම ලින්ගික ව ආකර්ශනය වෙන අය සමලින්ගික දේවල් ගැන කතා කරන එක ..

    questions
    1.තව ඔයා මොකද හිතන්නේ සමලින්ගිකත් ව ය ගැන?.2 එහෙම කෙනෙක් ව හම්බ වෙලා තියෙ ද ?කතා කරල වත් තියෙ ද ? 3 මට දැනගන්න ඕනෙ සමලින්ගික ව ලින්ගික ඇසුරක් ලබන්න කතා කරොත් මොකද කියන්නේ?(දවසක් මම මගේ යාලුවෙක් එක්ක බීල දෙන්න ට හොදට ම වැඩි උනා. එදා තමා පලවෙනි වතා ව ට සෙක්ස් කරේ මම , අර යාලුව නිතර හම්බ වෙන්නෙ නැහැ, ඌ නම් තනිකර straight/hetarosexual ඒත් ඌ එදා උන දේ ගැන වෙන කාටවත් කිව්වේ නෑ මාරයි මම හිතුවේ කියාවි කියලා .ඌ කිව්වා බය වෙන්න එපා මම ඔයා ගැන කියන්නෙ නෑ කියලා )
    4 මේ පෝස්ට් එක ලියපු කෙනා උපතින් ම ගේ කෙනෙක් උනා නම් දැන් කොහොමද තනියම ජිවත් වෙන්නේ? කසාද බදින්නේ නෑ කියාලා නම් ශුවර්. බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගනී වි ද

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.