Sunday, 20 March 2016

අමරදේව ගේ චූටි රුපියල් දෙක හෙවත් දෙකේ කොලේට වැටුණු අමරදේව - Time value of money


චූටි කිව්වාට චූටිමත් නැත.

ඒ කුමක් නිසා ද යත්, මේ මා ලියන්නට යන කතාව දැන් හරියටම හතළිස් වසරක් පැරණි එකක් නිසාය.

මා දින දෙකකට පෙර ලියා පළ කළ රුපියල් දෙකේ කතාව ලිපියේ සඳහන් කළාක් මෙන් ඒ කාලයේ රුපියල් දෙකේ නෝට්ටුවක් යනු අද රුපියල් දෙදාහක නෝට්ටුවක් තරමට බලසම්පන්න එකක් විය.

"ටයිම් වැලිවු ඔෆ් මනි" නමැති සංකල්පය දන්නාවුන්ට අවශ්‍ය නම් ඉහත උපකල්පනය මත පදනම්ව දශක හතරක් තුළ මුදලේ අගයේ ඇතිවූ වෙනස සඳහා ඒකීය දර්ශකයක් ගණනය කර ගත හැකිය.

මා විස්තර කරන්නට යන මේ සිදුවීමේ කාල නීර්ණය අපහසුවකින් තොරව ඔබටත් මටත් කළ හැක්කේ එය මාතෘකාවේ නම සඳහන් අමරදේව ගායකයා ගේ එකල සංගීත ක්‍ෂේත්‍රයේ හොඳම සුසංයෝගී සගයා වූ මහගම සේකර ගේ මළගම හා සම්බන්ධ හෙයිනි.

සිංහල කවියේ අවිවාදාත්මක පතාක යෝධයා වූ මහගම සේකර, සුවහසක් රසික ජනතාව ගේ සිත් සතන් කම්පනය කරමින්, කපා හෙළුෑ රඹ කඳක් මෙන් ඇද වැටුණේ 1976 ජනවාරියේ ය.

ඔහු ගේ අවසාන කටයුතු සිදුකර ඒ සොහොන් කොතේ දුක් ගීයක් ලියන්නට හිත මිතුරු, රසික ජනතාව රදාවාන ග්‍රාමයට රැස්වුණි.

අද පරිසර විද්‍යාඥයෙකු ලෙස විදෙස් රටක සේවය කරන මගේ එක් මිතුරෙකු, පහසුව සඳහා මා ඔහුව කේමචන්ද්‍ර කියා හඳුන්වමි, එදා කුඩා දරුවෙකු ලෙස අවමංගල්‍ය උත්සවයට සහභාගී වි තිබුණේ, මූලිකවම ඒ ඔහුගේ ද ගම් ප්‍රදේශය වූ නිසාය.

නමුත් තම වැඩිමහල් සොහොයුරා ද සමග කේමචන්ද්‍ර මහගම සේකර ගේ අවමංගල්‍ය උත්සවය දිනයේ එහි ගොස් ඇත්තේ, "අද ඔතැනට අමරදේව නම් අනිවාර්යෙන් ම එනවා!" යැයි ඔවුන් ගේ නිවසේ කතා බහ වූ හෙයිනි.

ගුවන් විදුලියෙන් ගීත අසා තිබුණද, කෙදිනක හෝ දැක නැති තම ප්‍රියතම ගායකයා දැක ගැනීමට පොඩි පහේ උණක් මේ දෙසොහොයුරන්ට ඇති වී ඇත.

වෙලෙන් ගොඩවී, තවත් සැතපුමක් පමණ පයින් ගොස් මළ ගෙදරට ගොඩ වැදුණු ළමුන් දෙදෙනා, ආචාර සමාචාර නිමා කර නිවසේ මිදුලට වී බලමින් සිට ඇත්තේ අමරදේව සිටී ද කියායි.

රූපවාහිනී නොතිබුණු ඒ කාලයේ කලාතුරකින් පුවත්පතක පළ වූ කළු-සුදු ඡායාරූපයක් දැක තිබුණු පමණින් අමරදේව එහි සිටීද, සිටීනම් ඒ කවුද යනුවෙන් සොයා ගන්නට මේ දෙදෙනාට හැකි වී නොමැත.

ආපසු නිවසට යම්දෝ, නොයම්දෝ යැයි සිතමින් සිටිනා මොහොතේ වාසනාවකට මෙන් ඔවුන්ට වටිනා රාජකාරියක් පැවරී ඇත. එය නම්, මල් වඩම් රැගෙන අවමංගල පෙරහැරේ ගමන් කිරීමයි.

තමා මල් වඩමද රැගෙන පෙරහැරේ ගියේ දෙවන ස්ථානයේ බව කේමචන්ද්‍ර මොහොතකට පෙර මා සමග පැවසීය.

අවමගුල් පෙරහැර මහහගම සේකර නිවසේ සිට සැතපුම් දෙකක් පමණ ගෙවා රදාවාන හන්දියට ළඟාවන විට ඒ ස්ථානය එකම හිස් ගොඩක්ව පැවත ඇත. නමුත් කේමචන්ද්‍රත්, වැඩිමහල් සොයුරාත් මල්වඩම් රැගෙන යමින් සිටි නිසා, චිතකය අසලටම කරදරයකින් තොරව යාමටත්, අවමංගල්‍ය සභාවේ වැඩකටයුතු කෙරෙන අවස්ථාවේ, මහගම සේකර පවුලේ ඥාතීන් සිටි ස්ථානයට සහ ගුණකතන පැවැත්වුණු ස්ථානයට ඉතා නුදුරෙන් රැඳීමටත් ඔවුනට ඉඩ ලැබී ඇත.

තමන්ගේ ප්‍රියතම ගායකයා කවුදැයි කේමචන්ද්‍ර දැක ඇත්තේ ලැබුණු ආරාධනයට අනුව ගුණකතනය කිරීමට අමරදේව මයික්‍රෆෝනය අසලට ගිය විටයි.

ඒ මහා ගායකයා ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙකු බව දැක තරමක පුදුමයකටත් පත්වුණු බව කේමචන්ද්‍ර පවසයි.

අයියෙ, අන්න අමරදේව කියා තම සොහොයුරාට අමරදේව ගායකයාව පෙන්වද්දී කේමචන්ද්‍ර ගේ නෙත ගැටී ඇත්තේ, අමරදේව ගේ සුදු ජාතික ඇඳුමේ කමිස සාක්කුව තුළ ඇති බව ඉදිරිපසට හොඳින් දෘශ්‍යමාන වූ මුදල් නෝට්ටුවකි.

ඒ මුදල් ඇමති යූ බී වන්නිනායක ද, මහ බැංකුවේ අධිපති විලියම් තෙන්නකෝන් ද අත්සන් කළ ලංකාණ්ඩුව විසින් නිකුත් කරණ ලද, මහා පරාක්‍රමබාහු රජු ගස් ලබු කෑල්ලක් අනුභව කරන ප්‍රතිමාවේ ඡායාරූපයකින් සමන්විත වූ රුපියල් දෙකේ නෝට්ටුවකි.

මේ නෝට්ටුව අනිවාර්යෙන්ම සාක්කුව තුළ තියෙන්නට ඇත්තේ දෙකට නැමූ ආකාරයෙන් වුව ද, නෝට්ටුවේ අසමසම වර්ණය නිසා සාක්කුවේ ආවරණයට පිටතින් වුවද ඒ කුමක්දැයි එක් වරම හඳුනා ගැනීමට කේමචන්ද්‍ර සමත් වී තිබුණි.

මහගම සේකර අවසන් ගමන් ගියේය.
අමරදේව ගයන "මා මළ පසු සොහොන් කොතේ" ගීතය අති ජනප්‍රියත්වයට පත් විය.
මා අසා ඇති තරමින් ඔහුගේ සොහොනේ අමුතු ගීතයක් ලියවී නො තිබුණි.
සොහොන ද කාලයා ගේ ඇවෑමෙන් වල් වැදී ගියේය.

පසුගිය දිනක, රදාවාන ගමේ පාසලේ ළමයෙකුගෙන් "මහගම සේකර අඳුනනවාද?" කියා විමසූ විට "ඔය කියන්නේ අර කඩයක් කරන කෙනා නේද?" යැයි පිළිතුරු ලැබී ඇත.

ඒ කුමන විපර්යාස සිදුවුණත්, කේමචන්ද්‍ර ගේ සිතෙන් අර අමරදේවගේ සාක්කුවේ තිබුණු රුපියල් දෙකේ කොළයේ දර්ශනය සිතෙන් බැහැර නොවිණි.

අමරදේවගේ ගීතයක් අසන විට, ඔහුගේ රුව මුද්‍රිතව හෝ රූපවාහිනී තිරයක් තුළින් දකින විට කේමචන්ද්‍ර ගේ සිහියට මුලින්ම ආවේ ඒ රුපියල් දෙකේ කොළයේ කතාවයි.

දිගු කලකට පසු කේමචන්ද්‍ර තම ආචාර්ය උපාධිය සඳහා පැරබෝලීය ගස් කියුබාකාර කරමින් පර්යේෂණවල නිරත වෙමින් සිටි කාලයේ දී, අමරදේව ගේ විදේශ සංචාරයක් ඒ නගරයේ පැවැත්වුණි. ඒ ප්‍රසංගයකට පසු දිනයේ විශ්ව විද්‍යාල මිතුරන් සමග අමරදේව ඇතුළු පිරිස සඳහා තේ පැන් සංග්‍රහයක් සූදානම් කරන්නට කේමචන්ද්‍ර මූලිකව කටයුතු කළේය.

මෙහිදී එළැඹුණු ප්‍රශ්න ඇසීමේ වාරයේ දී ප්‍රශ්නයක් අසන මුවාවෙන් මේ දෙකේ කොලේ මතකය ද අමරදේව හා බෙදා ගැනීමට ඔහුට අවස්ථාව ලැබුණි.

පසුගිය වසරේ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ නැවතත් ජනාධිපති ලෙස පත් කරන්නට ඡන්දදායකයින්ගෙන් ඉල්ලමින් පුවත්පත්වල පළකර තිබුණු දැන්වීමක මුලටම සිටියේ අමරදේව ය.

ඒ දැන්වීම දුටු විට, අමරදේව ගේ වටිනාකම එදා රුපියල් දෙකක් නොව අද රුපියල් දාහක් පමණ බව මට වැටහිණි.

-රසිකොලොජිස්ට්

(http://mahagamasekera.blogspot.com.au/p/blog-page_9195.html)

37 comments:

  1. අපේ කොල්ලාට අවු 7 විතර කාලයේ පේරාදෙනිය විවි ආදි සිසුන් සංවිධානය කල සංගීත සාදයකදී අමරදේවට මල් මාලයක් දාන්න ලැබුනා. අපේ කොල්ලා අමරදේවට මල් මාලය දාන්න යනකොට මල් මාලය අමරදේවගේ වස්ත්‍රයේ අග පැටළුණා. අමරදේව ගෙල නවා පහත් වී මල් මාලය බෙල්ලට වැටුණු පසු කෙලින් වූවා. ඒ සමග ඊට සමාන්තරව අමරදේවගේ රෙද්ද ඉස්සෙනවා. හොඳ වෙලාවට අසල සිටි අයෙක් පැටළුම ලිහා දැම්මා නැත්නම් අමරදේවගේ අංගජාතය එලියේ.

    ReplyDelete
    Replies
    1. නෝනා මහත්තයා හරි ආසයි වගේ කොල්ලොන්ගේ අංගජාත බලන්න. කකාත් ආසයි.

      Delete
    2. මහින්දව තුන්වෙනි වරට ජනාධිපති කරන්න යැයි ජනතාවගෙන් ඉල්ලීම නිසා අමරදේවගේ නිරුවත හෙලිවුනා ද ?

      Delete
  2. අමරදේව දාහේ කොලේට වැටෙනවාට වඩා, කවුරු හරි දැන්වීමට දාන්නද කියල ඇහුවහම බෑ කියන්න බැරි කමට ඕනෙ දෙයක් කරගන්න දීල ඉන්න ඇති කියල මට හිතෙන්නේ අමරදේව ගැන ගොඩක්ලඟින් ඇසුරු කරපු කීප දෙනෙක් කියල තියන කතා නිසා.

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ ලයිස්තුවේ ඉන්නා අනිත් අය?

      මට නම් හිතෙන්නේ හොඳ සිහියෙන් ගත් තීරණයක්. අමරදේව දැන් මාස හයකට විතර කලින් ඔස්ටේ‍ර්ලියාවේ නගර කිහිපයක ප්‍රසංග පැවැත්තුවා!

      Delete
  3. මහගමසේකරගේ සින්දු මහගමසේකරම කිව්වා නම් මහගමසේකර කියන්නේ කව්ද කියලා අද ඉන්න අයත් දැන ගනීවී... අනෙක් ගේය පද රචකයන්ටත් එච්චරම තමයි... කරුණාරත්න අබේසේකරලා, කේ ඩී කේලා තියා අද ඉන්න රත්න ශ්‍රීලට උනත් එච්චරයි....

    දේශපාලකයන්ට කඩේ යන එක කලාකාරයෙක්වත් මට නම් සත පහක් වටින්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. matho bahutharayak kala karayoo eka ekata nala pimbinawa neda ehema nokala ekek hitiya nam e Sunil hantha witharamaya.

      Delete
    2. හැබැයි කලාකරුවන් නලාකරුවන් වීම නිසා අපට ආර්ථික වාසි ලැබෙනවා. අමරදේව සහ ඔය ලයිස්තුවේ ඉන්නා කීප දෙනෙකුම පසුගිය දිනවල මෙහේ ඇවිත් ප්‍රසංග තිබ්බා.

      මගේ බල්ලාවවත් මං නං යැව්වේ නෑ!

      Delete
  4. කලාකරුවන් දේශාපාලනයකරණය වීම ගැන මගේ නම් කිසිම කැමැත්තක් නැහැ.. ඔවුන්ගේ කලාව රස විදීමේදී කලාවට යටින් පාටක් පක්ෂයක් මතකයට නැගෙනවානම් ඒ කලාව රසවින්දනයට භාදාවක්..

    ReplyDelete
    Replies
    1. අපිටත් දැන් එළකිරියේ පොල්වත්ත මාමා කිව්වම මතක් වෙන්නේ මරාගේ ගූ කන්නෙක්.

      Delete
    2. හැක්...කොතන නමුත් වැරදීමක් වී තිබේ..

      Delete
    3. /* කලාව රස විදීමේදී කලාවට යටින් පාටක් පක්ෂයක් මතකයට නැගෙනවානම් ඒ කලාව රසවින්දනයට භාදාවක් */

      මටත් ඇති ප්‍රශ්නය එයමයි!

      Delete
  5. පසුගිය කාලයේ සමහර කලා කරුවන්ට සහ ක්‍රීඩකයන්ට තිබුන දේශපාලන ක්‍රමයට අකමැත්තෙන් අනුගත වීමට සිදුවුණා. කලා කරුවන් කියන්නේ සමහර විට ස්ථීර රැකියාවක් නැති අය. බොහෝ සුළු දෙනෙක් බඩගින්නේ මළත් දේශපාලනයට අනුගත නොවී ඉන්න උත්සාහ කලත්, බොහෝ දෙනෙකුට එය කල නොහැකියි. මම කියන්නේ ජැක්සන් ඇන්තනී , නීලා වික්‍රමසිංහ වැනි මාස් පතා විශාල දීමනාවන් සහ වාහන ලබා ගත් අය ගැන නෙමෙයි. එම නිසා අමරදේවයන් වැන්නෙකු එම දේශපාලන දැන්වීම නිසා පහත් ලෙස සලකන්න එපා.

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ කතා කියා ඇති ආකාරයට "කලාව රස විදීමේදී කලාවට යටින් පාටක් පක්ෂයක් මතකයට නැගෙනවානම් ඒ කලාව රසවින්දනයට බාධාවකි"

      Delete
  6. අමරදේවගේ නාමයෙන් අමරදේවට සමාවදෙමු !

    ReplyDelete
    Replies
    1. හරියට ශිරන්ති අත් අඩංගුවට ගන්නේ නෑ වගේ...

      අමරදේවලගේ නිර්මාන වින්දම ඇති.. වන්දනාවේ යන්න ඕන නෑ... නියම කලාකාරයා ජනතාවගේ හදවතේ ඉන්නේ... ජෝතිපාලගේ මරණයට ආපු සෙනඟ විජයගෙ මරණයට ආපු සෙනඟ දැක්කා නේ..

      Delete
    2. එහෙම නම් ගැහැණියක නිසා නීලා වික්‍රමසිංහටත් මරලා හරි බලය ගන්න ඉඩ දෙමු!
      (ඒ ප්‍රකාශය සහිත වීඩියෝව හෝ ඕඩියෝව හෝ තවමත් සොයමි.)

      Delete
    3. අමරදේව මැරුණාමත් ජන ගඟක් ගලාවි!

      Delete
  7. ඕනම පුද්ගලයෙකුට දේශපාලන අදහස් දරන්න,එය ප්‍රකාශ කරන්න නිදහසක් තියෙන්න ඕනෙ.ඔහු යම් කිසි ක්ශේත්‍රයක ප්‍රසිද්ධ ද නැද්ද යන කාරණේ එතෙන්ට අදාල කර ගන්න එක වැරදියි නේද?
    නිර්මාණ තුලින් සාධනීය හඬක් නඟමින් ඉඳලා පහුගිය කාලෙ වොයිස් කට් දේශපාලනේට එන්න හදපු ජයලත් මනෝරත්නයන් ගැන හිතේ කහටක් උපදින්න ගිහින් කල්පනා කරනකොටයි මේ කල්පනාව ඇති උනේ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මට ඕකම වුනා ඩබ්ලිව් ජයසිරි 2010 දී සරත් ෆොන්සේකාට කඩේ යනවා දකින කොට.

      මනෝරත්නලා කළේ ලක්‍ෂ්මන් විජේසේකරලා වගේ ස්වාධීන වැඩක් නේද?

      Delete
  8. දැන් එතකොට ඔය කළා කාරයෝ කියන උදවියට මොන නිදහස ද කියන එක නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඔවුන් ගේ දේශපාලනය ඔවුන් කර ගත්තාවේ!

      තම ජනප්‍ර්‍රියකම උපයෝගී කරගෙන ඔවුන් ගේ අවශ්‍යතා අපෙන් සපුරා ගන්න ඒම තමයි වරද.

      Delete
  9. ඔයවගේ සීන් එකක් මටත් මතකයි පත්තරයක තිබිල කියෙව්ව.
    පුවත්පත් ලිපි ලියන්නෙක් බලන්න කවුදෝ කෙනෙක් ඇවිල්ල ලෙමන් පෆ් එකක් අරගෙන. ලිවිල්ලෙ හැටියට හිතල තියෙන්නෙ ලේඛකය හයේ අටේ පොරක් කියල. නමුත් මෑන් ශරීර කූඩුවෙන් පොඩ්ඩෙක්. අර මනුස්සය ගැන ඇහුවම වෙනෙ කෙනෙක් අත දික්කරල පෙන්නල. රසිකය ඒ ලඟම හිටිය දැවැන්තයෙක් අතට ලෙමන්පෆ්එක දීල කතාව පටන් අරගෙන.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපිටත් දකුණේ රාජ් කිව්වම මතක් වෙන්නේ හයේ හතරේ පොරක්. ඒත් මේ ප්‍රොෆයිල් පින්තුරේ දැක්කම උදේට කක්කි යන්නේ නෑ. මොනාද ඔයි රාජ, ඩිංගක් ඇග හදාගන්නවකෝ. නෝනාටත් ලජ්ජා ඇති මේ නැට්ටා වගේ රාජ් ඉන්නකොට.

      Delete
    2. හොඳයිනෙ. ඔහේට ලූස් මෝෂන් තියනව නේද ටිකක් තදට? මගේ පින්තූරෙ රාමුකරල තියාගන්න.

      Delete
    3. එළ උත්තරේ රාජ්!

      ඇනෝගේ බඩයාමේ රෝගය ඉක්මනට සුව වේවා කියා පතමු.

      Delete
  10. වයස අවුරුදු 11 දී පමණ තමයි අමරදේව ප්‍රථමයෙන් සජීවීව දැක්කේ. ඒත් මළගෙදරකදී. මටත් ආපු සිතුවිල්ල තමයි "යකෝ මූ ද මේ මහලොකු අමරදේව කියන්නේ" වැනි දෙයක්. ශරීර ප්‍රමාණයෙන් අප දෙදෙනාම සිටියේ එක මට්ටමේ. පුද්ගල පෞරුෂය ගැන මුලින්ම අදහසක් හිතට වැදුනේ එදා කියල තමා දැන් මට කලපනා කරනකොට හිතෙන්නේ.

    පැවති දේශපාලනික සහ සාමාජීය වාතාවරණයත් සමග කාලානුරූපීව සිදුවුණ දෙයක් මිස අමරදේව මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් පළකර තිබුණු දැන්වීමක මුලටම සිටීම එක රැයකින් සිදුවුණ දෙයක් නෙමෙයි. මෙවැනි එක් සිදුවීමකින් පමණක් අමරදේව වැනි කලාකරුවෙක් මැනීම අසාධාරණ බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. තම ක්‍ෂේතයයේ ඉහළට යන්න යන්න වැරදි සඳහා ගෙවිය යුතු වන්දිය වැඩියි.

      සාමාන්‍ය පුරවැසියෙක් කරන වරදකට දඩයක් වැදුනාට, ඒ වරදම ජනාධිපති, අගමැති, ඇමතියෙකු කළොත් තනතුරෙන් ඉල්ලා අස්වෙන්න වෙනවා.

      Delete
  11. ලියනගේ අමරකීර්ති, ගාමිණී වියන්ගොඩ සහ සරත් විජේසූරිය යන යහපාලන ඇම්බැට්ටයන් වැටිලා ඉන්නේ කීයේ කොලේටද කකා?

    ReplyDelete
    Replies
    1. ලියනගේ අමරකීර්ති කරන්නේ කුමන දේශපාලනයක් ද?

      අනිත් දෙදෙනා නම් ලේඛකයින් මෙන්ම සමාජ ක්‍රියාකාරීකයින් බව දන්නවා.

      Delete
    2. ම.රා. ට කඩේ යද්දී බලු වටින්නේ නෑ. නමුත් යහපාලනේට කඩේ යද්දී සමාජ ක්‍රියාකාරීන්.

      මාරයි නේ?

      Delete
    3. ජනතා අප්‍රසාදයට ලක්වෙන ආණ්ඩුවක් වෙනුවෙන් තම වාසි තකා පෙනී සිටිනවා නම්, ගාමිණී වියන්ගොඩ සහ සරත් විජේසූරිය යන ලේඛකයින් දෙදෙනාත් (මං නං ලේඛකයින්ව කලාකාරයින් ලෙස හඳුන්වන්නේ නෑ!) ඉතිං නලාකාරයින් වෙනවා තමයි.

      නමුත්, මා නම් ඔවුන් එසේ කරන බවත් දැක නෑ. ඔබ දන්නවානම් පෙන්වා දෙන්න!

      මා ඉන්නේ වෙනත් රටක බවත්, ලංකාවේ සිදුවෙන සියලුම දේ මා නොදන්නා බවත් කරුණාවෙන් සළකන්න.

      Delete
  12. අපව අතීතයට ගෙන ගිය රසිකගේ සටහනට ආචාරය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මගේ මිතුරා කියූ විදියට ඔහුට අමරදේව මුණ ගැසුණු දවසේ ඔය රුපියල් දෙකේ කතාව කියා ඔවුන් දෙදෙනාම ඉතා සතුටු වී තියෙනවා!

      Delete
  13. DK විසින් පහත ප්‍රතිචාරය ෆේස්බුක් හරහා එවා ඇත.
    =======================================

    දේශපාලන වශයෙන් මොන මොන හැගීම් දැනීම් තිබුනත් ඒවා එක එල්ලයේම පලකරන එක කාලෝචිත විය යුතුය.මම රසික ඔයාගේ ලිපිය හරි අසාවෙන් කියෙව්වා.

    අමරදේව පියාණන් ජාතියට අහිමිවීම දැනගත්තට පස්සේ මට මාවත් නැවතුනා වගේ දැනුන.ඔයාගේ ලිපියට අවසාන වැකිය නොතිබුන නම් මොන තරම් වටිනවද?

    මිල කල නොහැකි ලිපියට රුපියල් දෙකක වටිනාකමක් ලැබුණු බවයි ම නම් තේරුම් ගත්තේ

    ReplyDelete
    Replies
    1. Dear DK,

      ඔබේ අවංක ප්‍රතිචාරයට ඉතා ස්තුතියි. මං එය බ්ලොග් ලිපියේ දාන්නම්.

      මේ ලිපිය 2016 මාර්තු මැද ලියා පළ කළ එකක්.

      අනික එය සත්‍ය සිදුවීමක්.

      ඔබ මෙය කියවන කාලයවන විට, දැන් ඉතිං මරණය ගැන දුක් වෙන කාලේ නේ. එනිසායි, සත්‍ය කතාව ලියා, එයට මා එකතු කළ වැක්‍ය කිහිපයට ඔබ අකමැති වී ඇත්තේ.

      ඒ නැතිවුනත් කියවන අය තමන්ට කැමති දෙයක් තමයි හිතා ගන්නේ.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.