කවි, කෙටිකතා හෝ වෙනත් ආකාරයක නිර්මාණකරණයේ යෙදෙන බොහෝ දෙනෙකු ගේ මූලික අවශ්‍යතාවක් වනුයේ ඒ නිර්මාණ අන් අය සමග බෙදා ගැනීමයි. ඒසේත් නැතිනම්, තමන් ලියූ දේ අනුන් කියවා රස විඳිනු දැකීමයි.
ඒ නිර්මාණයක් ගැන ප්‍රතිචාරයක් අසන්නට ලැබීම නම් මෙලොවේ නොමැති ආකාරයේ දිව්‍යලෝක සැපතකි.
කොටින්ම, තුන්වෙනි ශ්‍රේණියේ දී මා මුහුදු වෙරළ නමින් කුඩා කවියක් ලියූ සැනින් ම මට සිතුණේ එය මිහිර පත්තරයට තැපැල් කරන්නටයි. අම්මා, තාත්තා, වෙනත් ඥාතියෙකු, හේමවතී ටීචර් හෝ පන්තියේ සිසුවෙකු ඒ කවිය කියවන්නට පෙර එය දුටුවේ ලේක් හවුසියේ සේවය කළ පත්තරකාරයෙකි. ඒ කවිය මිහිර පත්‍රයේ පළවී තිබෙනු දැකීම මට ගෙන දුන්නේ ඉමහත් සතුටකි.
පසු කලෙක, වයස දාසයයි මාසයේ දී, ගනේමුල්ල-මරදාන කෝච්චි ගමන් අතරතුර පහළ වුණු කවි සිතුවිලි අකුරු වී යොවුන් ජනතා නම් සඟරාමය සතිපතා පුවත් පතට විටින් විට යොමු විය. කුඩා කළ මා ලියූ මුල් කවියම මිහිර පත්තරේ පළවීම ලොතරැයි දිනුමක් ඇදීමක් තරමේ අති දුර්ලභ සිදුවීමක් බව මට වැටහුණේ "යොවුන් ජනතා" සඟරාවට යොමු කළ කවි නිසාය.
තුන් වසරක පමණ කාලයක් තිස්සේ මා ලියූ කවි සිය ගණන අතුරින් තෝරා ගත් විසි පහක් පමණ විටින් විට යොවුන් ජනතාවට යොමු කළ ද, එහි පල වුණේ පහක් හෝ හයක් පමණි.
මේ ආකාරයට තම නිර්මාණ සිතු ආකාරයට පළ කරවා ගැනීමට නොහැකිවීම, මට පමණක්, එදා පමණක් සිදුවූ දෙයක් හෝ සිදුවෙන්නක් හෝ නොවේ. සීමිත සම්පතක් වන පුවත්පත් පිටුවක වපසරිය භාවිතා කළ යුත්තේ උපරිම ඵලදායීතාවයෙන් නිසා, එය එලෙස ඒ ආකාරයට සිදුවීම බලාපොරොත්තු විය යුත්තකි.
නමුත්, තම නිර්මාණ අන් අයට පෙන්වීමට නිර්මාණකරුවන් තුළ ඇති අවශ්‍යතාවය එලෙසම ය.
එසේම, සඟරාවක උප කතුවරයෙකුගේ තේරීම්වලින් සෑහීමකට පත්වීම නොව, රසිකයින් වශයෙන්, තමන් කැමති වීමට ඉඩ ඇති සියලු නිර්මාණ දැක ඇගයීමට පාඨකයින්ට ඇති අවශ්‍යතාවය ද එලෙසම ය.
මේ අවශ්‍යතා ද්වය එකිනෙක ගැටී එකිනෙක සංතර්පණය කෙරෙන අවකාශය බ්ලොග් ලොව යැයි මම සිතමි.
බ්ලොග් අවකාශයේ දී, රචකයින් වශයෙන් අපට, යම් යම් මූලික සීමාවන්ට යටත්ව, අප රිසි දෙයක්, අප රිසි පරිදි ලියා ප්‍රකාශයට පත් කළ හැක.
එසේම, බ්ලොග් අවකාශයේ දී, පාඨකයින් වශයෙන් අපට, අප කැමති දෙයක්, කැමති පමණින් කියවා රස විඳිය හැක.
රචකයින් ගේ ලේඛන කෞශල්‍යය පාඨකයින් ගේ රසිකත්වය හා ගලපන්නට අතරමැදි සඟරා සංස්කාරකවරුන් අවශ්‍ය නැත.
ප්‍රකාශන මාධ්‍යයක් ලෙස බ්ලොග් අවකාශයේ ඇති වැදගත්කම එය බවට වෙනත් තර්ක අවශ්‍ය නොවේ.
බ්ලොග් අවකාශය යනු රිසි පරිදි නෙළුම් පිපෙන, රිසි පරිදි නෙළුම් නෙලා ගැනීමට හැකි, නෙළුම් යායක් ලෙස පෙනේ නම් ඒ ඒ නිසා ය.
ඒ නෙළුම් යායේ සුවඳ විඳ ගන්නට මම ද අද හවස කිරුලපනට එමි!
ඒ මා සහිත ගුවන් යානය ඊයේ නිසි වේලාවට ලංකාවට පැමිණියා නම් ය.
ජයවේවා!
-රසිකොලොජිස්ට්
ඒ කියන්නේ රසික දැන් ගුවනේ ???
ReplyDeleteඅනාගතයේ දවසක පළ වෙන්නට ලිපි සැකසිය හැකි බව ගැන දන්නේ නැද්ද?
Deletehttp://rasikalogy.blogspot.com/2016/02/what-to-do-when-i-die-if-you-are-still.html
එහෙමත් හිතුනා ඔය ..මා මල පසු ලිපියත් මම කියෙව්වා...
Delete26 වෙනිදාට
ReplyDeleteකොතැන හරි ,
කෙසේ හරි ,
කොහොම හරි ,
කවුරු හරි,
කාට හරි
"මන් පොර" වෙයි
ඉතින් අපට පාන්ද ?
Thanks my Brissie mate.
Deleteඔහේත් තොප්පිය දාගන්නැයි හදන්නේ!!!!!!!! කෙලියා පාන්ම තමයි !කන්න වෙන්නේ අපිට අද හවසට
Deleteඇනෝ අපේ ලාංකිකයින් හමුවන බොහෝ තැන්වල වෙන්නේ ඕකනේ බං ... විසිහයත් එකයි අනිත් දවසුත් එකයි.. තව එකෙක් ගේ දියුණුව, පොරත්වය දැකලා සාවධානව ඉන්න බැරි කුහක ජාතියක් නේ බන් අපි.. ???
ReplyDeleteඔය Anonymous 26 March 2016 at 12:07 වැනි අය ගැන සිංහල ප්‍රස්ථා පිරුළු රාශියක් තියෙනවා.
Delete1. කැලෑව මාරු කළත් කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑ
2. කුඩැල්ලා කොට්ටේ තියන්න බෑ
3. මෝඩකමට බේත් නෑ
මේ වගේ කවි පදත් තියෙනවා
1. අගුරු සුදුවෙන කලක් නම් නැත්
2. ඉඳ ඉඳ එක වෙහෙර
තට්ටේ කෙස් හිටෙව්වාට පැලවෙන්නේ නෑ එක අදාළ නැද්ද එතකොට
Deletemmmmm එතකොට කවුද මේ "මන් පොර" හවසට බලමු හවසට බලමු !!!!!!!!
Delete## සාවධානව ඉන්න බැරි කුහක ජාතියක් නේ බන් අපි.. ??? ## කොයි ඒ ...සිංහ ලේ ?
Deleteමමත් දැං ඉන්නෙ ගුවනේ.
ReplyDeleteඅපි දැක්කා ,... බදුල්ලෙන් පිටත් වෙලා තිබුනා... ස්රංග මට හම්බවෙන සම්මානෙත් ගණින් මයේ අප්පා....
Delete'හෙනං හමුවෙමු!
Deleteමමත් දැං ඉන්නෙ ගුවනේ.
ReplyDeleteඒක වෙන්නැති දෙක දෙක දාන්නෙ.
Deleteෂෙඩූල් කරල පබිලිස් වෙන්න හදන වැඩේ මට තාම හොයාගන්න බැරිවුණා කියන්නකො
ReplyDeleteපුහ්
ඔබ භාවිතා කරන්නේ blogger.com නම්, ඇයි අර දකුණු පස Post settings කොළමේ දෙවෙනියට තියෙන්නේ Schedule කියලා!
Deleteස්තුතියි මහේෂ් සහ රසික .. මමත් මේක දැනගෙන හිටියේ නැහැ... දැන් අපිටත් ගුවනේදී ලියන්න පුළුවන් එහෙනම්..
Deleteගුවනෙදි ලියන්නනං ඔය මලක් කාරිය පාවිච්චිකරන්න වෙයි. හැක්..
Deleteමෙහෙ මල් වවන්නේ hydroponic... රසිකලා ගෙදරත් ඇති පැලයක් දෙකක්...
Deleteබ්ලොග් කාරයෝ කියන්නේ යාටවත් යටත් නැති පිරිසක්... උන්ගේ අභිමානය කාටවත් බිඳින්න බෑ....
ReplyDeleteඑහෙනම් හම්බ වෙමු ගුරු ජී හැන්දෑවට....
මචං ඔය පුරන් වෙච්චි කුඹුරු වල, මඩ වලවල් වල ලැගලා ඉන්න මී හරකුත් ඒ වගේ ප්‍රෞඩ සත්තු ජාතියක්. උන්ගේ අභිමානයත් කාටවත් බිඳින්න බෑ.
DeleteAnonymous26 March 2016 at 21:50
DeleteWell said ! Superb response !
හඃ හා....... අද හවස සදානුස්මරණීය හවහක් වන හැඩයි..
ReplyDelete'බර පොරවල් ෆොරින් කකුල් එකට සෙට් වෙලා' ඉන්න තැන බලන්න එන්න නොහැකි වීම ගැන ඇත්තටම ලොකු කණගාටුවක් දැනෙනවා.. ඒත්..
ඔබලාට ජය පතනවා..! සුන්දර අත්දැකීමක් වේවා..!!
ජයවේවා..!!
හමුවන්න බලාපොරොත්තු නැතුවම නෙමේ.
ReplyDeleteණයට ඉල්ලාගත්තු නමකින් බ්ලොග් අවකාශයේ වටිනාකම බොහොම දැනෙන විදිහට ලියවුන රසික්ගේ වටිනා සටහනට sugv.wordpress ආචාරය
ReplyDeleteගුවන් යානය නිසි වෙලාවට ලංකාවටත් ඇවිත්, ඊයෙ හවස කිරුලපනටත් ඇවිත් සුවිශේෂ සම්මානයකින් පිදුම් ලැබූ රසික අයියා පරිස්සමින් ගෙදර යන්න ඇති කියල හිතනවා..
ReplyDeleteබ්ලොග්කරණය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගයීම සම්බන්ධවත්, බ්ලොග් වෙනුවෙන් ම නෙළුම් යාය ට පැමිණීම සම්බන්ධවත් සතුටුයි.. සුබ පැතුම්...
+++++++++++++++=
ReplyDelete--------------------------- =
Delete26 වෙනිදා සවස
ReplyDeleteනෑවිත් බැරි
නොහලත් බැරි
නොලියත් බැරි
නොකියත් බැරි
නොබලාත් බැරි
මන් පොර ද ?
නැ පොර මන්
ලෝකයේ පළමුවරට
නොදැක සිටි රැඟුමක්
රැඟූවනේ වේදිකාවේ
ගෞරවය පුදන කල
ඔන්න ඊළඟ පාර එනකොට ඔක්කොමලා තමන්ගේ විස්තර ඇතිව තුන්ඩු කැලි අරගෙන වරෙල්ලා මොකාට හරි ස්ටේජ් එක උඩදී ප්‍රධාන කොකාට දෙන්න
Deleteබස්සියො කටුසු ගෙන්බෝ පුසෝ බල්ලෝ වවුලෝ මන්කොල්ල කාරයෝ මිනි මරුවෝ ලබබෝ මදුරුවෝ ගැටයෝ මැට්ටෝ කුරු කොට්ටෝ ඔක්කොටම කියන්නේ මතක් ඇතිව තුන්ඩු ගෙනෙන් නැත්නම් සම්මාන සුම්මා
මාරම මාරයි ඔයි !!!!!!!
ප්‍රධාන කොකාට ත් කියාපන් සිලි සිලි බැග් එකක් අරන් එන්න කියලා මතක ඇතිව තුන්ඩු කැලි ගොඩ දාගෙන යන්න හැක්..හැක්
වෙලාවට ආවානේ...... රසිකඅයියා හමුවීමට ලැබීම සතුටක්.... ඔබ ලැබූ සම්මාන සදහාත් අපේ උණුසුම් සුභපැතුම්... ජයවේවා
ReplyDeleteමුන ගැහේවි කියලා හිතුවේ නැතත් අපිට මුන ගැහෙන්න කතා කරන්න අවස්ථාවක් ලැබුන එක ගැන සතුටුයි. සම්මානයට සුභ පැතුම්
ReplyDeleteගිය පාර බැරිවුණත් මේ පාර හමුවී කථා කරන්න ලැබීම ගැන ඉතා සතුටුයි.
ReplyDeleteආ අන්තිමට ප්ලේන් එක වෙලාවට ඇවිත් තිබ්බලු නේද? සුභ පැතුම් ඈ!
ReplyDeleteබොහෝ බ්ලොග් කරුවන් ලියන්නේ තමන්ගේ ඊගෝ එක පෝෂණය කිරීම සහ ස්වයං වින්දනයක යෙදීමටයි. එයට හිට් සහ කමෙන්ට් වැඩි වෙනවිට ඔවුන් සුරතාන්තයට පත් වේ. කතන්දරකාරයා ලෙස සිල්ලර ප්‍රලාප ලිව්වත් රසිකොලොජිස්ට් ලෙස පණ්ඩිත ප්‍රලාප ලිව්වත් ඔය දෙකෙන්ම කරන්නේ ඊගෝ එක පෝෂණය කිරීමය. එහෙම නැත්නම් අතින් ගෙවාගෙන දුර බැහැර සිට වැදගැම්මකට නැති උළෙලකට එයිද ?
ReplyDeleteස්තූතියි රසික. ඉතිහාසය නිර්මාණය වන්නේ යමක් කරන මිනිසුන්ගෙන් මිස නිකන් කොමෙන්ට් දමන උන්ගෙන් නොවේ.
ReplyDeleteහෑ.....
Delete