Saturday, 4 April 2015

සිංහල කලාකරුවන් පිරිසක් නලාකරුවන් වීම නිසා අපට ඇතිවෙන වාසි! - Artistes and Artists Vs Henchmen


පවතින රජයට, වත්මන් ජනාධිපතිට සහ ඔවුන් බලට පත් කිරීම සඳහා ඡන්දය දුන් අයට ගහලා හෝ මහින්ද රාජපක්‍ෂ යළි බලයට ආ යුතු බවට "මාස්ටර් සර්" ට "වියෝ ගී" ගයන නීලා වික්‍රමසිංහ නම් නළාකාරිය ගේ ප්‍රකාශයක් අද සයිබර් අවකාශයේ හෝ හෝ ගා හිට් වෙමින් පවතී.

මේ කතාව පසුගිය ජනවාරි නමවෙනි දා හෝ ආසන්න දවසක මැදමූලන ගම්-බයියෙකු ගේ කටෙන් මුලින් ම ඇසුණු වෙලේ එහි අප බොහෝ දෙනෙකුට පුදුමයක් නො තිබුණි.

නමුත්, නීලා වික්‍රමසිංහ වැනි අයෙකු ගේ "රන් ටිකිරි සිනා" නැගුණු මුවින් මෙවැනි පඩත්තල වදන් වැලක් පිටවීම අබුද්දස්ස යුගයක පෙර නිමිත්තක් දෝ හෝ සිතට කම්පා ගෙන දෙන්නකි.

මේ කතාව සහ මෙවැනි තවත් කතන්දර රාශියක් නිසා මේ දිනවල සයිබර් අවකාශයේ වැදගත් මාතෘකා කිහිපයක් ම සහෘදයින් අතර සාකච්ඡාවට බදුන් වෙමින් ඇති බව පෙනේ.

ඉන් එකක් නම්, "කලාකරුවෙකු ගේ නිර්මාණයක්, ඔහු ගේ හෝ ඇය ගේ දේශපාලනය අමතක කර, අපට රස විඳිය හැකි ද?" යන්නයි.

ඒ ප්‍රශ්නයට එළැඹෙන්ට කලින් මට ඇති අතුරු ප්‍රශ්නයක් නම් ගායකයෙකු හෝ ගායිකාවක යනු කලාකරුවෙක් ද යන්නයි.

මා නම් කලාකරුවෙකු ලෙස අර්ථ දක්වන්නේ තම හැකියාවකින් යම් කිසි නිර්මාණයක් බිහිකරන පුද්ගලයෙකි. මේ නිර්වචනයට අනුව මට නම් වෙනකෙක් ලියූ පදවැලක්, වෙනකෙකු ගේ තනුවකට සහ සංගීතයට තවත් පිරිසක් විසින් කරනු ලබන සංගීත භාණ්ඩ වාදනයක් පසුබිම් කරගෙන ගායනා කරන අයෙකු කලාකරුවෙකු ලෙස පෙනෙන්නේ නැත.

එක් ගායකයෙකු ගේ හෝ ගායිකාවක ගේ ගීතයක් තවත් අයෙකුට ගායනා කළ හැකි වන්නේ ඒ නිසා ය. උදාහරණයක් ලෙස, නෙවිල් ප්‍රනාන්දු ගැයූ මාස්ටර් සර් ගීතය නීලා වික්‍රමසිංහ ගයන්නීය. ඇය කලාකරුවෙකු ද? භාතිය සහ සන්තූෂ් නම් නළාකාර බාන සහ පිරිසක් ද එම ගීය ම ගයති. ඔවුන් එහි දී කලාකරුවන් ද?

මට නම් ඒ ගීතයේ කලාකරුවන් නම් සංගීතය නිර්මාණය කළ නිමල් මෙන්ඩිස් ය. සිංහල පදවැල ලියූ කරුණාරත්න අබේසේකර ය.

ඒ කතාව එතැන තබා මගේ මුල් ප්‍රශ්නයට යොමුවෙන්නේ නම්, නැවතත් මට නම් යමෙකු ගේ දේශපාලනය අමතක කර ඔවුන් විසින් නිමවන කලාකෘතියක් හෝ ගයන ගීතයක් රස විඳිය නොහැක. දේශපාලනය නොබැස හෝ ඒ ගැන කතාබහ නොකර, තමන්ගේ නිර්මාණකරණය කරන අය සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්නයක් පැන නො නගී.

මෙය කියවන සමහරු මා හා එකඟ වෙනු ඇත. මා හා එකඟ නොවන්නන් මෙය මගේ රසිකත්වයේ අඩුවක් ලෙස දකින්නට ද ඉඩ ඇත.

ජැක්සන් ඇන්තනි ගේ රඟපෑම්වලින් මට අද අවංකව ම රස විඳිය හැක්කේ "වැලන්ටයින් උතුමාණනි, මා ඔබේ බලු කුක්කා පැබ්ලෝ" නමැති ගීතමය ජවනිකාව පමණි. අන් සියල්ල මට ඔක්කාරය ගෙන දෙයි.



මෙයින් ඇතැම් විට වාසි ද සිදුවේ.

උදාහරණයක් ලෙස මීට වසරක එකහමාරකට පමණ පෙර සිඩ්නි නගරයේ ප්‍රදර්ශනය කළ "කුස-පබා" හෝ "සිරි පැරකුම්" හෝ එවැනි චිත්‍රපට මම මේ හේතුව නිසාම නැරඹීමට නොගියෙමි. එයින් මට ඉරිදා හවස් වරුවක කාලය ඉතුරුවීමට අමතරව, ඩොලර් විස්සක් ටිකට් පත් ගාස්තුවත්, ඩොලර් පහක පමණ පෙට්‍රල් වියදමත්, පැය තුනකට වඩා එක විනාඩියක් හෝ රවුස් හිල් සංඛීර්ණයේ වාහනය ගාල් කරන්නට සිදුවී නම් ගෙවන්නට සිදුවෙන ඩොලර් පහක ගාස්තුවත් ඉතුරු විය.

මේ දිනවල ලැබෙමින් ඇති "ආරංචි"වලට අනුව සමහර විට ජූලි මාසයේ දී පමණ මීටත් වඩා මුදලක් නාස්ති නොවී ඉතුරු කරගෙන පින් අතේ වැඩකට යොදන්නට මට හැකිවෙනු ඇත!

නරක නෑ නේද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
ජනාධිපති ඡන්දයේ දී මහින්ද රාජපක්‍ෂට සහයෝගය දැක්වූ කලාකරුවන් කියා ගන්නා පිරිස ඡායාරූප සහිතව පහත දිගුවෙන් බලා ගත හැකිය.
http://www.sinhayanews.com/news/artists-join-hands-support-president-mahinda-election

මේ සියළු දෙනා නීලා වික්‍රමසිංහ පෙර කී ප්‍රකාශය කළ රැස්වීමට සහභාගී වූයේ නැති යැයි සිතමි. එසේම ඔවුන් සියළු දෙනා ඇය ගේ ඉහත "ගහලා බලය ගැනීම"ට කළ යෝජනාව අනුමත කරනවා යැයි ද නො සිතමි!

(image: http://123soleil.deviantart.com/art/CBNS-Henchmen-332600709)

37 comments:

  1. කකා බලාගෙන කට වරද්ද්ගන්න එපා දෙයියො කෝප වෙයි.
    "කතරගම දෙවියන්ගෙන් පණිවුඩයක්.. – කුඩා පවුලක කෙනෙක් අගමැති වෙනවා.. මහින්ද රාජපක්‍ෂ ඊටත් ඉහල තනතුරකට යනවා.."
    https://lankacnews.com/sinhala/main-news/130334/

    ReplyDelete
    Replies
    1. කුඩා පවුලක කෙනෙක් ය කියන්නේ රනිල්. පවුලේ සාමාජිකයින් දෙන්නයි, රනිල් සහ මෛත්‍රී වික්‍රමසිංහ.

      මහින්දට ඉහල තනතුරක් ලැබෙනවා නම් මානව හිමිකම් කොමිසමේ සභාපතිකම වගේ එකක් වෙන්න ඕනෑ!

      Delete
  2. තමන්ට උපතින් ලැබුන මිහිරි කටහඩ නිසා ඔවුන් ගීයක් ගයනව. ඒක අහන මිනිස්සු ඒක රසවිදල ඒ ගීය ගයන කෙනාට අද්භූත තත්වයක් පවරනවා . මනසට බෑ ගීය සහ ගයන කෙනා වෙන් කර ගන්න. ගීය නිසා මනසට සතුටක් ලැබුනම ඒක ගායකයටත් තදාත්මීකරනය වෙනවා.ලෝකෙ පුරාම ගායකයො නළුවො මත්තෙ මිනිස්සු මැරෙන්නෙ ඒකයි.

    මෙතන බුද්ධිමය කටයුත්ත ගීය ලියපු කෙනා සහ තනු නිර්මාණය කලකෙනයි කරන්නෙ. ඒත් ඒ අය අනසට වැඩක් නෑ. මනස ගීය භුක්ති විදින්නෙ ගායකය ගයන කොටයි.රඟපෑමත් මෙහෙමමයි. අධ්‍යක්ශනය ,වේශ නිරූපනය , ආලෝකකරනය ඒවමොකවත් වැඩක් නෑ. නළුව මත්තෙයි මිනිස්සු මැරෙන්නෙ.

    අර කියපු අය වුනත් ශ්‍රේෂ්ට ඔවුන්ගෙ ක්ශේත්‍රවල විතරයි. හැබැයි මම අර කලින් කියපු තතව්ය නිසා නළුවො ගායකයො ලෝකෙ තියන හැම විශයක් ගැනම අපට උපදෙස් දෙනව. මාධ්‍ය සාකච්ඡාවලදි නිළියො වෛද්‍ය උපදෙස් පවා දෙනව. හැබැයි දැන්නම් නිළියො බඩු කියල මතයකුත් සමාජගත වෙලා.

    ඔය නළුවො ගායකයො උන්ට වහවැටුන අහිංසක කෙල්ලො අපචාරයට ලක් කරනව. ඇහුවම කියන්නෙ උන්ට හොදනම් අපට මොකෝ කියල. ඔය බෑන්ඩ් වල ඉන්න එවුන්ගෙන්නම් කෙල්ලන්ගෙ බඩුවලට නිවනක් ඇත්තෙම නෑලු.

    එක නළුවෙක් බාලවයස්කාරියක් දූෂනය කළ වෙලාවෙ අනෙක් ගායකයො නළු නිළියො කිව්ව එයා එක්ක බුදියන්න ඕන තරම් කෙල්ලො සූදානමින් ඉන්නෙ , මේකත් එහෙම සාමාන්‍ය දෙයක් කියල.ඔන්න මුන්ගෙ මානසිකත්වය.

    ඔවුන් යම් ප්‍රගතිශීලී ගීයක් ගැයුව කියල උනුත් ප්‍රගතිශීලී කියල රැවටෙන්න ඕන නෑ. උන් කලේ උන්ගෙ කටහඩ නිසා උන් කරන බඩ රස්සාව එච්චරයි.

    ReplyDelete
    Replies
    1. නලාකරුවන් අමතක කරමු.
      ඒ එක්කම සැබෑ කාලකරුවන් සමග වුනත් අපේ ඇති කොන්ත්‍රාත්තුවේ සීමා ඇති බව මතක තබා ගත යුතුයි!

      Delete
  3. නීලා අක්කාගේ පළමු සැමියා ඉන්නේ ඔබගේ රටේ.ඇය මොන වගේ නලාකාරියක්ද කියලා ඔහුගේන් දැන ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. මට රටවල් දෙකක් ඇත.
      නමුත් ප්‍රියානන්ද විජේසුන්දර ඉන්නේ මා දන්නා තරමින් නව සීලන්තයේ මිස ලංකාවේ හෝ ඕස්ටේ‍ර්ලියාවේ හෝ නොවේ!

      Delete
    2. දෙවැනි සැමියා ටී.එම්.ජයරත්නද

      Delete
  4. //ඉන් එකක් නම්, "කලාකරුවෙකු ගේ නිර්මාණයක්, ඔහු ගේ හෝ ඇය ගේ දේශපාලනය අමතක කර, අපට රස විඳිය හැකි ද?" යන්නයි.//
    ඔව් මේක තරමක අමාරු ප්‍රශ්නයක් තමා රසික. එහෙම රසවිඳින්න මට නම් බැහැ. මෙතැනදී මා ප්‍රතිගාමී කියන පැත්තේ දෙකොට්ටාශයක් ඉන්නවා කියා උපකල්පනය කරනවා. ජැක්සන් වගේ කෙලින්ම වෙළෙන්දෝ හා ඔය සනත් නන්දසිරි වගේ යුඑන්පී කාරයන් (ලංකාවේ නම් දැන් මේ හැම කාරයන්ම ප්‍රතිගාමියි කියුවහැකි).

    සනත් කියන්නේ ගායකයෙක් විතරක් නොවේ සංගීතය මනාව ප්‍රගුණ කරපු සංගීතඥයෙක්. ඔහුගේ නිර්මාණ රසවිඳීමට මට ඔහුගේ දේශපාලනය බාදාවක් නැහැ. හැබැයි, ජැක්සන් වගේ මිනිසුන් මා ප්‍රතික්ෂේප කරනවා. මේ වැනි කපටි වෙළෙන්දන් සහභාගී වන නිර්මාණ, වැඩසටහන් හා ලිපි යනාදිය මා ප්‍රතික්ෂේප කරනවා. ඒවා බලන්නට වෙහෙසෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ මත හදිසියේ වෙනස් කරා ගන්නා මිනිසුන් ගැනත් මා විශ්වාස කරන්නේ නැහැ. එවැනි වෙනස් වීම් අකලංක වෙන්න විදිහක් නැහැ. ඒ නිසා එවැනි අයත් මා ප්‍රතික්ෂේප කරන කාණ්ඩයට අයත්. මෙය තවදුරටත් ඉදිරියට අරන් ගියොත්, ප්‍රතිගාමිත්වයට උඩගෙඩි දෙන, පහත් රසිකත්වයක් ප්‍රවර්ධනය කරන මාධ්‍ය ආයතනත් අප ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. සමහරවිට විකල්පයන් නැතුවත් ඇති. නමුත් අනාගතයේ හෝ විකල්පයන් උත්පාදනය වන්නේ, මෙවැනි දේ පසුපස නොගියොත් පමණයි.

    ReplyDelete
  5. මට නං ගීතයක්,නාට්‍යයක් රසවිදීමට විතරක් නෙමෙයි බ්ලොග් එකක තියෙන ලිපියක් කියවීමේදී උනත් ඒක ලියලා තියෙන දේශපාලනය බලපානවා.

    ඒක මගේ අඩුපාඩුවක් වෙන්න ඇති.කකාට බ්ලොග් කියවීමේදී,පුවත්පත් කියවීමේදී, ටීවී බැලීමේදී ඒ ඒ බ්ලොග් වල, පත්තර වල ,චැනල් වල දේශපාලනය ගැන හිතෙන්නේ නැද්ද?

    උදාහරණයක් විදියට මම සිංහල බ්ලොග් වල මරාට කඩේ ගියපු අයගේ බ්ලොග් කියවන්නේ නෑ. පත්තර වලින් මරාට කඩේ යන රිවිර,දිවයින,ටිරාන් හුලස්ගේ මව්-බිම වගේ පත්තර බලන්නේ නෑ, මරාට කඩේ යන දෙරණ, නෙත් එෆ්එම් වගේ එව්වා අහන්නේ,බලන්නේ නෑ. රනිල්ට මඩ ගහන සිරස බලන්නේ නෑ.

    ඒ වගේ තෝරාගැනීම මට තියෙනවා. අහන සින්දු,බලන නාට්‍යය උනත් එහෙමයි. ඒක මගේ වැරැද්දක්ද දන්නෑ. හැබැයි මට නං දේශපාලනයෙන් තොරව එව්වා රසවිදින්න බැහැ.

    ReplyDelete
  6. ගායක ගායිකාවන් කලාකරුවන් ලෙස හඳුන්වන්න බැරිනම් නළු නිලියනුත් එහෙම හඳුන්වන්න බෑ නේද? මොකද ඔවුන් කරන්නේත් කාගේ හරි පිටපතකට කවුරු හරි කියන විදියට කැමරාව ඉදිරියේ පෙනී සිටීමනේ. ඒ ටික අයින් කරාම ඔබේ ලිපියට මං බොහෝමත්ම එකඟයි. කලාකරුවන්ට දේශපාලනය කරන්න පුළුවන්නම් ප්‍රේක්ශක අපිට කරන්න බැරි මොකද? නොගැලපෙන උන්ගේ නිර්මාණ ප්‍රතික්ශේප කිරීමෙන් අපි අපේ දේශපාලනේ කරනවා.

    ReplyDelete
  7. මා දැක්ක හෙට පත්තරේක තියනව කලාකාරියක් කියල දේශපාලනඥයන්ටත් වඩා රටේ වගකීම තියෙන්නෙ එයාලට කියල. මේ අය ආසයි එක එක වියගස් වලට කර තියන්න. හාමුදුරුවරුත් එහෙමනෙ. ජාතියෙ මුරදේවතා කුල දේවතා කියකිය වියගහකට කරතියනව. මේ කතාව කියල තියෙන්නෙ ලේඛිකාවක්.ඔක්කොටම කලාකාර හංවඩුව වෙන්න ඇති තියෙන්නෙ. මම නම් කලින් මෙයාගෙ නමවත් අහල නෑ. මුන් මේ වියගහට කර තියන්නෙ හාන්ඩ ආසාවටනෙ.

    ReplyDelete
  8. කතන්දර
    රසිකොලොජිස්ට් ලෙස
    රූපාන්තරණය
    සැබෑ වෙනසක් බව පෙන්වන පෝස්ට් එකක්.

    ReplyDelete
  9. ඇඩොල්ෆ් හිට්ලර් කියන්නෙත් චිත්‍ර ඇඳපු කලාකාරයෙක් නේ....

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකක්ද කියන්නේ පඬියා ?

      Delete
    2. එහෙම ප්‍රසිද්ධ කෙනෙක් කලාකරුවෙක්ය කියන එක කලාකරුවන්ට ආඩම්බරයක් නේද

      Delete
  10. , නෙවිල් ප්‍රනාන්දු ගැයූ මාස්ටර් සර් ගීතය නීලා වික්‍රමසිංහ ගයන්නීය.

    මිට වසර කීපයකට පෙර නිලා වික‍්‍රමසිංහ මාස්ටර් සර් ගීතය තමන් ගේම ගායනයක් කියා මහා ලොකු සද්දයක් දැම්මා රසිකට මතක් ඇති මම සිතමි. එවන් හෙරක් ඉතින් මෙවන් තක තීරු ගොන් කතාවක් කීම ගැන අරුමුයක් නම් මාහට නැත
    නුතන් තරුණතරුණියන්ට එය ඇගේම ගීතයක් උනාට , පොඩි වයසේ 70 දසකයේ කළු දිය දහර බලපු අපට
    මේ ගීය ගයද්දී ඇ කලාකාරියක් කියා පිලිගනිමට නම් බැරිය.මටනම් ඇ හෙරකි. නන්දා මාලනියත් පැරණි ගීත ගැයුවාට ඒවා මගේ කියන්න ගියේ නැත

    ReplyDelete
  11. හැබැයි "නව පරපුර" කියලා අලුත් සෙට් එකක් ඉන්නවා නේද? ඒගොල්ලොනම් මාරයි. යහපාලනයට මාර ආසයි. ප්‍රජාතන්ත්‍රය වෙනුවෙන් මැරෙයි. ඕනනම් අඬයි

    ReplyDelete
  12. මා නම් කලාකරුවෙකු ලෙස අර්ථ දක්වන්නේ තම හැකියාවකින් යම් කිසි නිර්මාණයක් බිහිකරන පුද්ගලයෙකි. මේ නිර්වචනයට අනුව මට නම් වෙනකෙක් ලියූ පදවැලක්, වෙනකෙකු ගේ තනුවකට සහ සංගීතයට තවත් පිරිසක් විසින් කරනු ලබන සංගීත භාණ්ඩ වාදනයක් පසුබිම් කරගෙන ගායනා කරන අයෙකු කලාකරුවෙකු ලෙස පෙනෙන්නේ නැත.//
    මේ නිර්වචනය ඉදිරිපත් කිරීම ගැන ඔබට ස්තුතියි. මෙය ඉතා සාධාරණ හැම ගැටලුවක්ම විසදන නිර්වචනයක්. ඒ අනුව ගායක ගායිකාවන් , නළු නිළියන් යනු කලාකරුවන් නොවෙයි. අපට නාස් ලනු දමා දක්කන්නට අයිතියක් ඔවුනට ඇතැයි කියන්න තවදුරටත් බැහැ. එම අයිතිය නිසා අප ණයකරුවන් ලෙස සිතා ඔවුන්ට විශේෂ වරප්‍රසාද සැප සම්පත් නීතියෙන් මුක්තිය ආදිය බලාපොරොත්තුවෙන්නත් බැහැ. සතුටුයි.
    හැබැයි ඒ නිර්වචනයට අනුව ලේඛක ලේඛිකාවන් තවදුරටත් කලාකරුවන් ලෙස සළකමු. උනුත් මොනව හරි අච්චුගහගෙන අපේ කරට නගීවි. කමක් නෑ.
    උන්ගෙන් එහෙමට පීඩා නෑ නේදෝ.

    සැබෑ කලාකරුවන් සමඟ අපේ කොන්ත්‍රාත්තුවේත් සීමා ඇතිබව උන්ට මතක් කරදීම නම් වශ්‍යයි.

    ReplyDelete
  13. ඔවුන් සුවිසල් පිළිම ලෙස අප අතර සැරිසරති
    ඔවුන්ව වන්දනා කිරීමටද අපව පොලඹවති
    මහා පුරුෂයන් ලෙස පෙනී සිටියත්
    ඔවුන් දේශපාලන අන්තේවාසිකයින් වෙති

    නිවාස, ඉඩකඩම්, රථවාහණ, තානාන්තර හමුවේදී
    ඔවුන් කුක්කන් ලෙස නගුට වනති
    අන්ධ මීයන් ලෙස රැලේ යති
    දේශපාලකයන් හමුවේ දණ නමති
    ඔවුන්ව පැදකුණු කරති
    තම ආත්මය ඔවුන්ට පාවා දෙති

    කලාව හා සංස්කෘතිය පෝෂණය කිරීම
    ජනතා කලාවක් ගොඩනැගීම පසෙක ලා
    අනවතරයෙන්ම වන්දිභට්ටයින් බවට පත් වෙති

    මොවුන් අතර වික්ටර් හාරාලා නැත
    බොබ් ඩිලන්ලා විසෝස්කිලා නැත​
    ඇත්තේ අත්තෙන් අත්තට පනින
    ඇක්‍ෂන් ජැක්සන්ලා හා දීන කලා මනප්පුලා පම​ණි

    දීනත්වයෙන් තොර
    ස්වාධීන කලාකරුවන් ගේ කාන්තාරයක් වූ මේ දේශයේ
    කලාකරුවන් ලෙස හඳුන්වන මේ බොල් පිළිම​
    ජීවත්වන කාලයේ රජයෙන් නොමිලේ ගෙවල්ද අයදිති
    එපමණක්ද නොවේ සබඳ
    මියගිය පසු ඔවුන් දෙපැයක්ද​ කලාභවනේ වැතිර සිටිති

    ReplyDelete
  14. මට මුලින්ම හිතුනේ කකා දඩ අලියෙකු බවයි. ඊට අස්සෙ ටික කියෝනකොට හිතුනේ කලාකරුවෙක්ව හරියට අඳුනගන්න බැරි නිසා බීරි අලියෙක්ට වඩා අන්ධ අලියෙක් බවයි.

    තව ටිකක් යටට කියෝගෙන යනකොට හිතුනේ අලියෙක්ටත් වඩා අලි බෙටි කන කුරුමිණියෙක් බවයි.

    ReplyDelete
  15. මම නං දකින විදියට ඔය නලා කාරයෝ සෙට් එක රටවල් හදන්න කතාකලාට, දේශපාලනේ ගැන පුදුම විදියට මත ඉදිරිපත් කලාට අතිබහුතරය ගොං ගස්. ඔය චැට් ඇන් අරක, මේක කියල එන වැඩසටහන් වලට එන උදවිය කතාකරනකොට එකිනෙකාගේ දැනුම ගැන හොඳට තේරෙනවා. මෙතන සමහරු මුක්කුව ගහල ගානක් හොයාගන්න බැරි වෙන නිසා අඬන උදවිය, සමහරු කඩේ ගිහිං ගෙයක්, පඩියක්, උපදේශක පට්ටමක් නැතිවෙලා නිසා ආයේ කඩේ යන්න දඟලනවා, තවත් සමහරු ඇමති වරුන්ගේ අහවල් එකේ රඟ සියලු වරප්‍රසාද සහිතව විඳින්න බැරි වීමේ දුකෙන් කඩේ යනවා, සමහරුන්ගේ බිස්නස් වලට වාසි ගන්න බැරි වෙන නිසා කඩේ යනවා.
    ඔය ගොඩ දෙනෙක්ගෙ ලොකු ටෝක් තිබ්බට පවුල් ජීවිතේ ඉඳන් ඔක්කොම කචල්. එහෙව් එවුං තමයි එන්නේ මිනිස්සුන්ට බන කියන්න. දන්න රෙද්දක් කරගෙන කීයක් හරි හම්බකරගෙන ඉන්නෙ නැතුව එනවා ආණ්ඩු පෙරලන්න. ඕකත් එක්තරා හීන මානයක් තමා. දන්න නැටුම නටාගෙන, සිංදුව කියාගෙන, ලියාගෙන, රඟපෑම කරගෙන ඉන්නකොට කීයක් හරි හම්බුනාව හිතනවා අපි හෙන ලොක්කෝ අපිට රට පාලනය කරන්නත් පුළුවන්, පාලනයට උපදෙස් දෙන්නත් පුළුවන් කියල. වැරදි වැරදි දහ දොළොස් වතාවක් ස්ක්‍රිප්ට් එක එවෙලෙට එවෙලෙට කටපාඩම් කාරන එකත් අමාරුවෙන් කරන උන් තමා මහා නළුවෝ. ඔන්න ඊට පස්සෙ මහා දේශ ප්‍රේමී දේශපාලනයට සම්බන්ධවෙන්න එනවා.ඕක මොන පැත්තෙන් කලත් එකයි. හාමුදුරුවෝ, නලා කාරයෝ දේශපාලනේට එනවට, දේශපාලනේට ඔපීනියන් දෙනවට මං නං විරුද්ධයි. ඇත්තටම ඊට හොඳයි කසිප්පු පෙරාපු එකෙක් දේශපාලනය කරනවා. අඩු තරමේ උන් දන්නවා පොලිසියෙන් බේරිලා බිස්නස් එක කරන්න.

    ReplyDelete
  16. //වෙනකෙක් ලියූ පදවැලක්, වෙනකෙකු ගේ තනුවකට සහ සංගීතයට තවත් පිරිසක් විසින් කරනු ලබන සංගීත භාණ්ඩ වාදනයක් පසුබිම් කරගෙන ගායනා කරන අයෙකු කලාකරුවෙකු ලෙස පෙනෙන්නේ නැත.// ඒ කතාව නම් ඇත්ත. ජැක්සන් ඇන්තනි ගැන ඔබ ලියා ඇති අදහස මං දන්න වැඩිහිටියෙකුත් ඔය විදියටම කිවුවා,,, ඒ ජැක්සන් නෙමේ දැන් ඉන්නේ කියලා ,, ස්තුතී

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්නේ තට්ටේ ගාපු ජැක්සන් ඇන්තනි...

      http://reargate.blogspot.com/2010/10/blog-post.html

      Delete
  17. රඟපානවා යනු දෙබස් කියවනවාම නොවේ. එය ගායනයේදී තනුව, සංගීතය දුන් පසු ගැයීමට වඩා ශිල්පියාගේ දායකත්වය අවශ්‍ය දෙයකි. ගායනය යනු තනුවට කට හෙල්වීම හෝ පිච් එකට වචන දෙඩවීමම නොවේ.

    මේ නිසයි ගායනයේද එසේ තනුවට එහා ගොස් ගීයකට ජීවය දුන් ජෝතිපාල වැනවුන් කළාකරුවන් වන්නේත්, රංගනයේදී පිටපතට එහාට ගොස් රඟපාන ජෝ, අසෝක පීරිස් වැන්නන් කළාකරුවන් වන්නේත් සහ නිකම්ම ගී ගායනා කරනා සමිතා, චරිතා එඩ්වඩ් වැන්නවුන් ගායකයන් වන්නේත්, ඡන්න ලා ගයත්‍රීලා පූජාල නළුවන් වන්නේත්.

    කොහොම උනත් ශිලිපියාගෙ දේශපාලනය ඔහුගේ නිර්මාණ රස විඳීමට බාධාවක් යැයි නොසිතන කෙනෙක් මම.

    මට ජැක්සන්ගෙ ඉතිහාස කතා රසවිඳින්න බැරි ඒවගෙ තිය දුර්වල කළා අධ්‍යක්ෂනය නිසා සහ අනවශ්‍ය දෙබස් හින්ද මිසක, උගෙ දේශපාලනය නිසා නෙමෙයි.

    ඒ වගේම තමා සෝමෙ මාමගෙ චිත්‍රපටි උනත්.

    හැබැයි ඔය කළා කාරයෝ හෝ ශිල්පියෝ තමන්ගෙ රඟපෑමෙන් උපයාගත් කීර්තිය දේශපාලනයෙදි වෙන්දේසි කිරීම මම හෙලා දකිනව විතරක් නෙමෙයි, ඒ මෝඩ ගැටේඅට අහුවෙන බයි/ටොය්යන්ටත් අනුක්ම්පා කරනව.

    ReplyDelete
    Replies
    1. මගෙත් අදහස ඉන්දික අදහසට ටිකක් සමානයි. ගීතයේ පද රචනයේ තියන අර්ථය භාවාත්මක ප්‍රකාශනයක් වෙන්නේ ගායකයාගේ නිර්මාණශීලිත්වය උඩ කියලා තමයි මම විස්වාස කරන්නේ. ඔය සමහර අති සරල පද රචනා වුණත්, දිවුල්ගනේ වගෙ කෙනෙක් ගායනා කරද්දි ප්‍රබුද්ධ මට්ටමින් ජනප්‍රිය වෙන්නෙත්, අජිත් මුතුකුමාරණ වගේ කෙනෙක් ගායනා කරද්දි පීචං මට්ටමින් ජනප්‍රිය වෙන්නෙත් ඔය වෙනස නිසා.

      මට මතකයි විජය ගැන රසික ලියපු පෝස්ට් එකකත් මේකෙ අනිත් පැත්ත ගැන කතා කරලා තිබ්බා. නිකම් නළුවෙක් වුණු විජය දේශපාලනයෙන් පස්සෙ සුපිරි නළුවෙක් වුණ හැටි. සමහර කලාකාරයන්ගේ දේශපාලනයට මම අකමැති වුණත්, ඔවුන්ගේ නිර්මාණ රස විඳීමට මට එය බාධාවක් නොවූ නිසා, මම හිතුවා දේශපාලනය, කලා නිර්මාණ රස විඳීමේදි අදාල කරගත යුතු නැහැ කියන එක. නමුත් තව දුරටත් හිතද්දි මට හිතෙන්නේ, සමහරුන්ගේ නිර්මාණ හැකියාව ඔවුන් දරන දේශපාලනය නිසා වත් යටපත් නොවන විශේෂ දෙයක් කියලා. ඒ වගේම ඒක ඔවුන්ගේ නිර්මාණ හැකියාව සහ දේශපාලනය දිහා සංසංදනාත්මකව බලලා ගන්න තීරණයක් කියලා.

      උදාහරණයක් විදිහට ගත්තොත්, රෝහණ වීරසිංහගේ දේශපාලන භාවිතය මට කොහෙත්ම දිරවන්නේ නැහැ. නමුත් මට සංගීත නිර්මාණයේදි රෝහණ කියන්නේ අති දක්ෂයෙක්. ඒත් සෝමරත්න දිසානායක කියන්නේ මට අනුව නම්, තමන්ගේ කලා හැකියාවෙන් දේශපාලන ගැති බව යටපත් කරන්න අසමත් වුණු කෙනෙක්. ඉතින් සෝමෙගෙ නිර්මාණ ගැන ඒ නිසා මට ඒ හැටි උනන්දුවක් නැහැ. ඒ වගේම ජැක්සන් කියන්නෙත් තමන්ගේ කලා පෞර්ෂය, දේශපාලන ගැතිකම නිසා විනාශ කරගත් කෙනෙක්. ඔහු කොච්චර දකෂයෙක් වුණත්, ඔහුගේ දේශපාලන ගැති බව ඒ සියල්ල ඉක්මවා ගිහින් ඉවරයි මේ වෙනකොට.

      Delete
  18. අපොයි බෙලී අඹ කිර්තියා ගැනනේ කියලා තියෙන්නේ... ඒකත් නියම සිසට්ම් එකක්,,, ස්තුති

    ReplyDelete
  19. නීලා වික්‍රමසිංහ ඉස්සර මගේ ප්‍රියතම ගායිකාව. දැන්නම් නම ඇහුනත් ඔක්කාරෙ වගේ..,!!

    ReplyDelete
  20. නීලා වික්‍රමසිංහ ඉස්සර මගේ ප්‍රියතම ගායිකාව. දැන්නම් නම ඇහුනත් ඔක්කාරෙ වගේ..,!!

    ReplyDelete
  21. කළාකරුවන්ගේ දේශපාලන අද උදහස් හා මගේ අදහස් අතර නොපෑහීම ඔවුන්ගේ නිර්මාණය රස විඳින්න බාධකයක් නෙවෙයි . ඒත් සාමාන්‍ය මිනිහෙක්වත් නොකරන අසංවේදී කතා කියමින් ආත්මාර්ථකාමී දේශපාලනයේ යෙදෙන කලාකරුවොනම් ඔවුන්ගේ නිර්මාණත් එක්කම එපා හිතෙනවා .

    ReplyDelete
  22. ඒ සටහනේ ඉදිරිපත් වුන කරුණු ගැන මගේ කුළුඳුල් බ්ලොග් එකේ පොඩි අදහස් දැක්වීමක් කලා. කැමති නම් කියවන්න පුලුවන්
    http://irunu-aththatu.blogspot.com/2015/04/blog-post_5.html

    ReplyDelete
  23. බොහෝ කලාකාරයෝ තමන්ගේ ජනප්‍රියත්වයෙන් දේශපාලනයට ප්‍රයෝජන ගන්න යනවයින් තමයි සවුත්තු වෙන්නේ..

    ReplyDelete
  24. කලාකරුවා දේශපාලනයෙන් ස්වායත්ත වුන තරමට හොඳයි. මම ලියපු සුන්දර නිහතමානි ගැන ලිපියකත් මේ කේස් එක ඇදුන.

    ReplyDelete
  25. මෙතන නීලා හැමනීලා,

    ReplyDelete
  26. රසික ඔබේ බ්ලොග් රෝලේ දාල තියෙන මම අලුතෙන් පටන් ගත්ත බ්ලොග් එකේ නම සහ බ්ලොග් ලිපිනය වෙනස් කලා. හැකිනම් පැරණි ලින්ක් එක ඉවත් කර අලුත් ලින්ක් එක ඇතුලත් කරන්න.

    ස්තූතියි.

    අලුත් ලින්ක් එක

    http://purudu-akaase.blogspot.com/

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.