නෙළුම් යාය උත්සවයට සහභාගී වෙන්නට මා තීරණය කළේ ඉතා හදිසියේ ය. ඒ තීරණයේ ආරම්භය වූයේ මා වෙනුවෙන් කිසිවෙකු මේ උත්සවයට සහභාගී කරන්නට හැකි දැයි ප්‍රධාන සංවිධායක විසින් එවන ලද පණිවිඩයකි. මට යම් කිසි ඉඟියක් එයින් ලැබුණි.
මුලින් ම මා සිතුවේ මා වෙනුවෙන් මගේ මව මේ උත්සවයට සහභාගී කරවන්නයි. මට යම් සම්මානයක් ලැබේනම් එය ඇය අතින් ලබා ගන්නට ඉඩ ලැබීම මගේ මවට ඉතා සතුටුදායක අවස්ථාවක් වෙනු ඇතැයි මම සිතුවෙමි.
මම ඒ බව ප්‍රධාන සංවිධායකට දන්වා යැවූයෙමි.
නමුත් පසුදින වෙන විට මට සිතුණේ, මේ සඳහා මම ම, මගේ මවත් සමග සහභාගී විය යුතු බවයි. ඒ මක් නිසාද යත්, මෙවැනි අවස්ථා ලේසියෙන් උදා නොවෙන ආකාරයේ ඒවා නිසාත්, පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ නිසාත්, එ නිසා ම, හෙටට වඩා අද හොඳ නිසාත් ය.
අප්‍රියෙල් මැද දෙසතියේ පාසල් නිවාඩු කාලය මැද පෙර සැලසුම් කළ චාරිකාවක් සඳහා රැකියා ස්ථානයෙන් දැනටමත් නිවාඩු රැගෙන ඇති නිසාත්, මා මේ දිනවල මගේ රාජකාරියට අමතරව කාර්යලායේ තවත් කටයුතු කිහිපයක් ම කළමනාකරණය කරන නිසාත්, දවස් පහක් නිවාඩු යොදා ගැනීම සඳහා දින ගණනාවක් ම උදේ රැයින් සේවයට ගොස් රාත්‍රිය උදාවෙනතුරු එහි රැඳී සිටිමින් සෑහෙන කට්ටක් කෑමටද සිදුවිය.
- කෙසේ හෝ නියමිත වේලාවට දිනකට වඩා කලියෙන් ලංකාවට ළඟාවීමි.
- මවත් සොහොයුරන් දෙදෙනාත් සමග උත්සවයට සහභාගී වීමි.
- අදාළ සම්මානය ලබා ගත්තෙමි.
- හදිසියේ ලැබුණු කැඳවීමක් නිසා, හිඩැස් පුරවන්නෙකු ලෙස සභාව ඇමතීමට ද සිදුවිය.
- ඒ සමගම, සහෘද බ්ලොග්කරුවන් කිහිප දෙනෙකු සමග සතුටු සාමීචියේ යෙදීමට ද හැකිවිය.
- සියල්ල සතුටෙන් කෙළවර විය!
මා බ්ලොග් ලියන්නේ ඇයි ද, බ්ලොග් සටහන්වල මා දකින වටිනාකම කුමක්ද යන කරුණු මා මීට පෙර ලිපි දෙකකින් සාකච්ඡා කළෙමි. මේ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කළෝ ද, එහි බර ඇද්දෝ ද, බ්ලොග් ලියන්නෝ ම ය. තමන් ගේ බ්ලොග්කරනය පසෙක තබා අනුන් වෙනුවෙන් වෙහෙසුණු ඔවුන් සැමට අපේ ප්‍රණාමය හිමිවිය යුතුය.
සයිබරයේ නොව පොළොව මතුපිට කළ යුූතු දේ සයිබරය හරහා සංවිධානය කරන්නේ කෙලෙසද යන්න ගැන මේ සංවිධායකයින් ලද අත්දැකීම් අන් අය හා සමග බෙදා ගත යුතු යැයි අජිත් පැරකුම් ජයසිංහ යෝජනා කර තිබුණි. ටෙලි කොන්ෆරන්ස්, ස්කයිපි ගෘප් කෝල්ස් වැනි දේ තව දුරටත් අරුම දේ නොවෙතත්, ඒ ගැන ලිවීම වැදගත් වෙනු ඇත.
උත්සවයේ ප්‍රචාරය පිළිබඳව මා කළ එක් නිරීක්‍ෂණයක් නම්. මෙය සයිබර් මාධ්‍යයක් පිළිබඳව වූ වැඩපිළිවෙළක් වූ නිසාදෝ, සියලු ප්‍රචාර සයිබරයටම සීමා වී තිබුණු බවයි. කිසිදු පුවත්පතක හෝ වෙනත් අධිපති මාධ්‍යයක නෙළුම් යාය උත්සවය පිළිබඳව පෙර ප්‍රවෘත්තියක් නොතිබුණි. සමහරවිට එය සංවිධායකයින් නොසිතූ කරුණක් විය හැක.
කෙසේ වෙතත්, ඉරිදා දවසේ සෑම නාලිකාවකම පාහේ කරු ජයසූරිය ගේ කතාව සහ සම්මාන උළෙල ගැන තරමක විස්තරයක් ප්‍රචාරය වූ බව පෙනුණි!
බ්ලොග් යනු කවර නම් දෙයක්ද යන්න මහ ජනතාව අතරට තව දුරටත් ගෙන යාමට මෙවැනි ප්‍රචාර අත්‍යාවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත.
මෙවැනි සාහිත්‍ය උත්සවයක අනිවාර්යෙන් ම තිබිය යුතු අංගයක් වෙන විද්වත් දේශනය මෙහිදී පැවත්වුණේ සාකච්ඡාවක් ලෙසයි. එහිදී ආරාධිත සම්පත් දායකයින් දෙදෙනා වූ නාලක ගුණවර්ධන සහ අජිත් පැරකුම් ජයසිංහ දෙදෙනා, සභාවේ නිවේදක කටයුතු මෙහෙය වූ ප්‍රදීප් අනුරාධ යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් මනා අදහස් රැසක් ඉදිරිපත් කළහ. එහිදී විශේෂයෙන් නාලක විසින් පවසන්නට යෙදුණු අදහසක් කිහිපයක්ම මගේ පෞද්ගලික අදහස් සමග සමපාත විය.
එහිදී සිදුවූ එකම වරද ලෙස මා දකින්නේ ප්‍රගීත් විසින් නාලක සහ අජිත් ඇමතීමට මහතා යන ආමන්ත්‍රණය යොදා ගැනීමයි. එය නාලක පැවසූ අධිපතිවාදය සහ සමාජ සංස්කෘතිමය සීමාවන් වැනි කරුණුවලට එවෙලේම සැපයුණු අගනා උදාහරණයක් ලෙස පෙනුණි.
මට ඒ සම්බන්ධයෙන් එවෙලේ ම අදහසක් පළ කළ යුතු බව සිතුනත්, ඒ සඳහා ප්‍රගීත් ගේ අවධානය යොමු කරවා ගැනීමට මට අත ඉහළට එසවීම තුළින් පමණක් ඉඩ නොලැබුණි.
මට කියන්නට අවශ්‍ය වූයේ එකම සාකච්ඡාවට සහභාගී වෙන අයගෙන් එකෙකු අන් දෙදෙනාට මහතා යැයි ඇමතීම වෘත්තීමය නොවන හැසිරීමක් බවයි. මේ වෙන විට ප්‍රගීත් අනුරාධ එය දනී.
ඒ කතාවම තව දුරටත් සනාථ වෙන ආකාරයේ කතාවක් මට එදින රාත්‍රීයේ දී අසන්නට ලැබුණි.
මා සමග කතා කළ එක් සහෘද බ්ලොග්කරුවෙකු පැවසුවේ, "රසික එක්ක, පැරා එක්ක හෙම කතා කරන්නට අවශ්‍යතාවය තිබුණු අය ගොඩක් හිටියා, ඒත් ඒ සමහරු ළඟට ආවේ නෑ බයට වගේ!" කියායි.
උත්සවයේ දී මා ලද සතුටෙන් අඩක්ම ඒ කතාව අසා වාෂ්ප වී ගියේය. ඒ වදන්වලින් සහෘද බ්ලොග්කරුවා අදහස් කළේ යම් සබකෝලයක් හෝ ලජ්ජාවක් හෝ නම් කමක් නැත. ඔහු ගේ වචනවලින් කියවුණේ එක්තරා ආකාරයක භයපක්‍ෂපාතකමක් ගැනයි.
වයසෙන් පරම්පරා දෙකකට අයත් වුණද, සමාන තලයක සමාන කර්ව්‍යයක නිරතවෙන අපි සැම සමානයෝ වෙමුය යන්න මගේ අදහසයි. ඒ කියූ ආකාරයේ තත්වයක් ඇතියැයි මා සිහිනෙකින් හෝ නොසිතුවෙමි.
ඒ සමගම මගේ කනගාටුව දෙගුණ කරවමින් මට සිහිවුනේ, මා මීට කලින් සහභාගී වුණු මේ ආකාරයේ අවස්ථාවලදී, මා පුරුද්දක් ලෙසට මගේ බ්ලොගයේ නම රැගත් කාඩ් එකද බෙදමින් හැකි සැමදෙනා සමගම කතා බහ කළ නමුත්, අද මට එය එලෙස කළ නොහැකි වූ බවයි.
මට අතපසු වූ අනෙක් වැදගත් කාර්යය වූයේ සහෘද බ්ලොග්කරුවන් සමග ඡායාරූප ගැනීමයි. වාසනාවකට මෙන් නාලක ගුණවර්ධනට එය අමතක නොවිණි.
උත්සවයේ මා සම්මානය ලබා ගත් මොහොතේ දී මා කළ එක් වැදගත් කාර්යයක් වූයේ මගේ රසිකොලොජි කාඩ් එකේ පිටපතක් කතානායක කරු ජයසූරියට දීමයි. මා එය දෙන්නට යද්දී, ඔහු සිතුවේ ඒ මගේ බිස්නස් කාඩ් එකක් බවයි. "මා ළඟ සාක්කුව පුරෝලා කාඩ් තියෙනවා" යැයි කරු කීවද, මා ඉන් පසුබට නොවී "මේක මගේ බ්ලොග් එකේ කාඩ් එක" යැයි කියා එය කැමරාවලට පෙනෙන්නට හරවා එය බාර නොගෙන සිටීමට නොහැකි තත්වයක් උදා කර ජය ගත්තෙමි.
පහත දැක්වෙන්නේ මා පසුගිය වසරේ මුද්‍රණය කළ බිස්නස් කාඩ් දෙවර්ගයයි. කරු ජයසූරියට දුන්නේ මෙයින් එකකි.
පසුදින ඥාති නිවසක සිටියදී මට කිවිසුම් දෙකක් එක පිට ගිය විට, "කවුරු හරි අයියාව මතක් කරනවා!" යැයි මගේ නෑනන්ඩිය පැවසුවාය.
"මං ඊයේ කතානායකට මගේ රසිකොලොජියේ කාඩ් එකක් දුන්නා, පොර මගේ බ්ලොග් එක කියවනවා වෙන්න ඇති!" මම කීවෙමි.
මගේ කිවිසුමේ හඬ ඇසුණු නමුත් මගේ පිළිතුර නොඇසුණු මගේ මව එවිට පැවසූවේ "මටත් අද කිඹුහුම් දෙක තුනක් ම ගියා!" කියායි.
කරු ජයසූරිය මගේ බ්ලොගය කියවන බව මට එවෙලේ සක්සුදක් සේ පැහැදිලි විය!
-රසිකොලොජිස්ට්
ප/ලි:
උත්සවය රසවත් කළ ගීත කිහිපයද රස වින්නෙමි. නමුත් අප දුටු කොමඩිය සහ කෙටි නාටකය ගැණ වචනයක් ලිවිය යුතුමය.
කලින් අසා තිබුණු විහිළු තහළු කෑලි රැසක එකතුවක් වූ කොමඩියෙන් මගේ සිත් ගත් කොටස වූයේ 138 බසයේ කතාවයි. දිනකට පසුවද, හයිලෙවල් මාර්ගයේ යද්දී මට එය සිහිවී සිනා නැගුණි.
"ආණ්ඩුවේ රස්සාවක්" කෙටි නාටකය නම් අතිශය සාර්ධක එකක් විය. කතා තේමාව සහ දෙබස් මෙන්ම, අගනා රඟපෑමෙන් ද ඔප් නැංවුණු ඒ නිර්මාණය නාට්‍යයක තිබිය යුතු අන් සෑම ගුණයකින්ම ඉහළ ප්‍රමිතියක තිබුණු එකක් විය. ඒ තරුණ නිළිය ලොබියේ දී හමුවී ඇයට ප්‍රශංසා කිරීමට ඉඩ ලැබීමද භාග්‍යයක්ම විය.
(Photos: LankaENews & Manori Wijesekera)
මමත් හිතුවෙ රසික එයාගෙ විසිටින් කාඩ් එක කරු ජයසූරියට දුන්නා කියලයි.ඒත් ඉතිං එහෙමනං කරු ජයසුරියත් ඔහුගෙ කාඩ් එක රසිකට දිය යුතුයි නොවැ කියාත් මට හිතුණා.ඒ රසිකගේ බ්ලොග් කාඩ් එක කියල දැනගත්තෙ කමියා කාටද දීල තිබුණ පිලිතුරකිනුයි.
ReplyDeleteකරු ජයසූරිය මට සම්මානය දුන්නා. මා මහුට රසිකොලොජි කාඩ් එකක් දුන්නා.
Deleteපින්තුර පසුව එකතු කර ඇත.
කරුට දුන්නට වැඩිය හොඳයි ඒ බ්ලොග් කාඩ් එක කළුතර බෝධියෙ පිං කැටේට දැම්ම නම්.
Deleteඅනේ ඉතින් රසිකලා වගේ දැන උගත් මිනිස්සුත් මේ දේශපාලන පුබ්බරුවන්ට වචනයක් දෙකක් කතා කරන්න ලැබුණා කියලා සන්තෝස වෙන හැටි. දුකයි.
හහ් හා ! දවසේ කියමන මචන්,
Deleteඅඩුගානෙ පිංකැටේට දැම්ම නම් අන්තිමට පින්කැටේ සල්ලි එකතු කරන කොලුව හරි බ්ලොග් කියවන්න පුරුදු වෙයි.
රසික වගේ උගත් පිටරටක වැදගත් විදිහට රස්සාවක් කරන මිනිහෙක් කිසිම කමකට නැති කාලකණ්ණි දේසපාලකයන්ගෙ අතින් දීපු යකඩ කෑල්ලක් ගැන මෙච්චර දඟලන එකනම් ඉතාම හාස්‍ය ජනකයි රසික.
ඇනෝලා දෙන්නා ගේ පහ සඳහ් ප්‍රකාශ පදනම් විරහිතයි. ඒ නිගමනයන්ට ඔබ එැළඹුනේ මගේ ලිපියේ කොතැන කියවාද?
Delete1 දේශපාලන පුබ්බරුවන්ට වචනයක් දෙකක් කතා කරන්න ලැබුණා කියලා සන්තෝස වෙන හැටි
2. දේසපාලකයන්ගෙ අතින් දීපු යකඩ කෑල්ලක් ගැන මෙච්චර දඟලන එක
?
වේලාසනින් යන්න උන හින්ද යන ගමන් කකා එක්ක වචනයක් කතා කරගෙන යන්න විතරයි මටත් පුළුවන් උනෙ ...
ReplyDeleteපැරාගෙ ඇනෝ කතාව අහගෙන ඉද්දි මට ආපු හිනාව තද කරගෙන හිටිය මිසක් ඒකෙ කියවිච්ච අනිත් විස්තර ඒ කනිං අහල මේ කනිං පිට වෙන්නැති.. ඒව මතක නෑ... හි හි...
ඔය විසිටිං කාඩ් කතාව තැන් තැන් වල දකිනකොටම මට හිතුන කකා පරණ බ්ලොග් එකට වගේම අලුත් එකටත් කාඩ් එකක් ගහල ඇති කියල... ටී ෂර්‌ට් එකක් ගහන්න තාම කල් වැඩියි නේ.... හි හි
This comment has been removed by the author.
ReplyDeleteරසිකලොජිස්ට් වැනි බ්ලොග් ලෝකයේ ප්‍රවීණයෙකු හමුවන්න ලැබීමත් සතුටක්. තෑගි දුන්න පොතටත් බොහොම පිං.
ReplyDeleteඔබට සුභ්පැතුම්.!
ReplyDeleteහමුවෙන්න බොහොම ආසාවෙන් හිටියත් සහභාගී වෙන්න බැරි උන නිසා අවස්ථාව ගිලිහී ගියා.කකා වගේම රසිකොලොජිස් බ්ලොගයත් ආකර්ශ්නීයව රචනා කරන ඔබ අළුත් බ්ලොග් කරුවන් හට ආදර්ශ සපයන බ්ලොගර් කෙනෙක් බව කියන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා.
ජයවේවා..!!
(වැඩසටහනේ වීඩියෝ එක බලන්න පුළුවන් ලිංක් එකක් දන්න කෙනෙක් ලබාදෙනවද කරුණාකරලා.)
එදා සජීවීව විකාශය කර ඇත. මගේ බිරිඳ සහ දරුවනා එය නරඹා ඇත. ගියවර මෙන් වීඩියෝව යූටියුබ්ගත කරනු ඇතැයි සිතමි.
Deleteරසික එදා සහබාගී වීම වගේම මේ සටහනත් අගය කරමි
ReplyDeleteඅපිට වෙන්නේ හැමදාමත් සහභාගිවෙන්න ආසා කරන සජීවී උත්සව අකුරු වලින් කියවන්න විතරයි වගේ.. මේ වගේ උත්සවයක් සංවිධානය වෙද්දී අවුරුද්ද අගට දින දීල මාස හයකට විතර කලින් දින වකවානු යෝජනා වෙනවනම් නිවාඩු අරන් ලංකාවට එන්න වෙන අපි වගේ එවුන්ට සහභාගිවෙන්න ලොකු අවස්තාවක් හිමිවෙනවා..අවුරුද්දේ මුල් කාර්තුව කියන්නේ නිවාඩු ගන්න පුළුවන් කාලයක් නෙවෙයි.. ඒ ගැනත් අනාගතයේදී සාකච්චා වෙනවනම් හොඳ වෙයි නේද..
ReplyDeleteකාඩ් බෙදිල්ල ? අපුරු වැඩක් වෙලාවගේ ?
ReplyDeleteපුරෝගාමී බ්ලොග් කරුවාට කථා කරන්න ලැබීම ගැන සංතෝසයි
ReplyDeleteස්තූතියි රසික
ReplyDeleteහමුවෙලා කතා කරන්න ලැබීම ගැන හුඟක් සතුටුයි...
ReplyDeleteකාඩ්බෝඩ් පැත්තකින් තියමුකෝ.... රසිකයියාවත් හමුවෙලා වචන කිහිපයක් කතා කරන්න හැකි වීම ගැන සතුටුයි...... ජයවේවා....
ReplyDeleteරසිකට සුබ පැතුම් - මේ දිනවල කාර්ය බහුලතාව නිසා නොවේ නම් සහභාගි වීමට තිබුනා - කෙසේ වුවත් සටහන කියවූ පසු එලෙස නොහැකි වීම ගැන යම් කණගාටුවක් ඇති වුනා
ReplyDeleteරසික අයියට සුභ පැතුම්. හදුනා ගන්න ලැබීම ගැන සතුටුයි.
ReplyDeleteජය වේවා!!!
රසික අපේ බ්ලොග් ලෝකයේ අයිකන් එකක්. ඒක නිසා සහභාගී වීම සහ නොමසුරුව සම්මාන ලබා ගැනීම නෙලුම් යායට දීප්තියක්.. ජය වේවා..
ReplyDeleteඇත්තටම මේකට එන්න හිත හදාගත්ත එකට මෙන්න මගේ ආචාරය..
අර ලව්පූසාට චුප් පුසා කියල කිව්ව නං ඇහේවි.. හැක්
අච්චර රෑ එළි වෙනකං ඉදලත් මට පොතක් ඉල්ල ගන්න අමතක වුණා නෙ.. ඇත්තටම කරගත්ත එකම දෙය කිසිම දෙයක් නැති එක.
ReplyDeleteහැම කෙනාම එක්ක හිනා වෙවී කතා කර කර ඉන්න ලැබුණ එකම මට නං ඇති. එදා පාටියට නොගිය නං රසික එක්කත් කතා කරන්න අවස්ථාව නොලැබෙන්න තිබ්බ. මොකද ඒ වෙලාවෙ තමා හැම කෙනාම බුසී නොවුනෙ
ජයවේවා
සුබ පැතුම්..!!
ReplyDeleteආණ්ඩුවේ රස්සාවක් මාත් බැලුවා.. විශිෂ්ට නිර්මාණයක්..
ඇනෝලා එහෙම ඇවිලා හිටියෙ නැද්ද ඔය උත්සවේට?
ReplyDeleteඒ එක්කම අපේ මාරයා අයියා වැනි පුරෝගාමී බ්ලොග්කරුවන්ට ඔය උත්සවය සඳහා ආරාධනා නොකිරීම ගැන මගේ විරෝධය පළ කරනවා. ඇයි එයා ඔටුවෙක්ද?
ඇයි දන්නෙ නෑ චානුක වත්තේගම වගේ පුරෝගාමි බ්ලොග්කරුවෝ මේ උත්සවයේ හිටියේ නැත්තේ???????????????????????
Deleteඑගොල්ලන්ට මේවා // පඩ ෂෝ // ....ධර්මේ ඇන් ජි ඔ සල්ලිවලට රුකඩ නටවලා වගේ
Deleteඇනෝලා සෙට් එක ආවේ කැමරා එල්ලගෙනම
This comment has been removed by the author.
Deleteචානුකට ආරාධනා කෙරුවෙමු. ඔහු දැන් බ්ලොග් ලියන්නේ නැත. මාරයාට ඒමට කිසිම ප්‍රශ්නයක් නැත. ඔහු හොඳ බ්ලොග් කරුවෙකි. අපි පෞද්ගලිකව කිසිවෙකුට ආරාධනා කලේ නැත. මෙය විවෘත උත්සවයකි.
Delete"චානුකට ආරාධනා කෙරුවෙමු."
Delete"අපි පෞද්ගලිකව කිසිවෙකුට ආරාධනා කලේ නැත."
පොඩි පැහැදිලි කිරීමක්: චානුකට ආරාධනා කරන්නට කිවේ නාලක ගුණවර්ධන හා මාතලන්ය. නාලක හා අජිත් පැරකුම් සමග සංවාදයට බ්ලොග් ලියු අයෙකු වශයෙන් ඔහු සහභාගී වෙනවා නම් හොඳ බව ඔවුන් පැවසුහ. පෞද්ගලිකව කතා කලේ එදා වැඩ සටහනට සක්‍රියව දායක වෙන අයට පමණය. (දිලිනි, නාලක , අජිත්, නාට්ය් කණ්ඩායම වැනි .) ඒ නිසා චානුකට ආරාධනා කලේ මාතලන්ය. ඔහු කාර්ය බහුල හෝ වෙනයම් හේතුවක් නිසා නොඑන බව දන්වා තිබුණි.
Delete//ඔහු හොඳ බ්ලොග් කරුවෙකි. අපි පෞද්ගලිකව කිසිවෙකුට ආරාධනා කලේ නැත. මෙය විවෘත උත්සවයකි.// මෙහි තෙඋම අපි බ්ලොග් කරුවන්ට සහභාගී වන්නට යයි පෞද්ගලිකව ආරාධනා කලේ නැත. බ්ලොග් කරුවන් සඳහා වන විවෘත උත්සවයක් වශයෙන් සියල්ලටම විවෘත ආරාධනාවක් කර තිබිණි.
රසික හමු වී කතා කිරීමට ලැබීම ගැන බොහොම සතුටුයි. තෑගි දුන් පොත හැකි ඉක්මනින් කියවා ඒ ගැන මගේ අදහස් ලියා එවීමට කටයුතු කරන්නම්.
ReplyDeleteඔබ ලැබූ සම්මානයටත් සුබ පැතුම්!
ReplyDeleteසුබ පතුම් රසික !
ReplyDeleteසිංහල බ්ලොග්කරණයේ ප්‍රගමනයට දැක්වූ දායකත්වය වෙනුවෙන් සම්මානයකින් ඇගයීමට ලක් වූ රසිකට සුබ පැතුම් !
ReplyDeleteරසික ගැන දැනන් හිටියට නාලක කෙනෙක් ගැන දැනන් හිටියෙම නෑනේ...
මගේ උණුසුම් සුබ පැතුම්...!!!!
ReplyDeleteමීළඟ නෙලුම් යාය දේශපාලකයන්ගෙන් තොරව නම් කෙතරම් අපූරුද !
ReplyDelete////මගේ කිවිසුමේ හඬ ඇසුණු නමුත් මගේ පිළිතුර නොඇසුණු මගේ මව එවිට පැවසූවේ "මටත් අද කිඹුහුම් දෙක තුනක් ම ගියා!" කියායි.
ReplyDeleteකරු ජයසූරිය මගේ බ්ලොගය කියවන බව මට එවෙලේ සක්සුදක් සේ පැහැදිලි විය! ////
හිනා වෙලා බඩත් කොරවුනා.
මටත් පහුවදා හචිං ගියා මම හිතුවෙ එදා බීච් එකේ ඉද්දි මගෙ ඔලුවට පිණි බාල කියල , බැලුවහම කරූ මගෙ ඩබල් කමෙන්ට් කියවලනෙ ..
Deleteමව එවිට පැවසූවේ "මටත් අද කිඹුහුම් දෙක තුනක් ම ගියා ""නාකි කරු අම්මවත් මතක් කරලා එකාත් අවිචාරක ගහන ලානිල් පාට පෙත්ත අරගෙනද කොහෙද
DeleteDear Sir,
ReplyDeleteyou deserve..!!! once again congratulation....!!!!
//මා සමග කතා කළ එක් සහෘද බ්ලොග්කරුවෙකු පැවසුවේ, "රසික එක්ක, පැරා එක්ක හෙම කතා කරන්නට අවශ්‍යතාවය තිබුණු අය ගොඩක් හිටියා, ඒත් ඒ සමහරු ළඟට ආවේ නෑ බයට වගේ!" කියායි. //
ReplyDeleteමටත් ඔය චකිතෙ තිබ්බ, ඒ වෙන දෙයක් හින්ද නෙමෙයි මම හිතාගෙන හිටියෙ රසික කියන්නෙ උද්දච්ච මිනිහෙක් කියල ( very sorry ). රසික මම කම්මල " කියද්දිම ආව වචන ටිකෙන්ම "මම හිතාගෙන හිටපු විදිහෙ අනික් පැත්ත කියල තේරුම් ගත්ත.
ලැබුණු සම්මානයට රසිකොලොජිස්ට්ට උණුසුම් සුභ පැතුම්. යද්දී ගිහින් එන්නම් කියල කියනවා ඇරෙන්න වෙන දෙයක් කතාබහ කරන්න වෙලාවක් ලැබුණේ නෑ. නැවත හමුවෙමු.
ReplyDeleteකරු ගෙදර ගිහින් හාමිනේට කියපු දේ:
ReplyDelete"නෝනෙ, අද මං ගියානෙ බ්ලොක් ගල් කපන වැඩ පොළක එවුන්ට තෑගි දෙන උස්සවේකට. ඔන්න තට්ටයෙක් ඇවිල්ල මට එපා කියද්දි කාඩ් එකක් සාක්කුවට දැම්මා. මං හිතන්නෙ උංගෙ හෙඩ් බාස්. කාගෙන්ද ඉල්ලගෙන පරණ කෝට් බෑයකුත් දාගෙන ඇවිත් තිබුණේ... ඔන්න ඔය කාඩ් එක විසි නොකර තියා ගත්තා නම්. අපටත් ඔය බ්ලොක් ගලක් හෙම ඕනැ වෙන දවසක පාවිච්චි කොරන්ට බැරියැ...!"
+++++++++++++++
Deleteහමුවන්නට කතා කරන්නට ලැබීම සතුටක්... බ්ලොග්කරණයට ජය වේවා..
ReplyDeleteරසික අයියාටත් මගේ සුභ පැතුම් පිරි නමමි.... ඇත එපිට සිටන් පහු වෙලා හරි නෙලුම් යාය පුදින හැටි .... ... මං නාවත් .... නෙලුම් යාය පෝස්ටු වලින් රස වින්දෙමි... එබැවින්, නොසිටියත් සිටියා සේය.
ReplyDeleteසුබ පැතුම්...!!!!
ReplyDeleteරසික, ඔබ මේ වෙනුවෙන්ම ආ බව දැනුයි දන්නෙ. මොන තරම් අගය කිරීමක්ද, වටිනාකමක් ලබා දීමක්ද ඒ මේ උළෙලට සහ ඔබලද දෙයට.
ReplyDeleteරසික, මගේ දීර්ඝ කාලීන සරසවි මිත්‍රයා, මෙය නුඹට හිමි විය යුතුම සම්මානයක්. බ්ලොග් රචනයට පිවිසෙන්නට මට උත්තේජනය සැපයූයේද ඔබයි. ඉන්දික උපශාන්තත් අපමණ සහයක් දැක්වූවා. දිනෙන් දින ප්‍රබල වන ජන මාධ්‍යක් වන බ්ලොග් කෙරුවාවෙහි දිගටම යෙදෙන්නට ඔබට ශක්තිය හා විවේකය පතමි.
ReplyDeleteරසික, මගේ දීර්ඝ කාලීන සරසවි මිත්‍රයා, මෙය නුඹට හිමි විය යුතුම සම්මානයක්. බ්ලොග් රචනයට පිවිසෙන්නට මට උත්තේජනය සැපයූයේද ඔබයි. ඉන්දික උපශාන්තත් අපමණ සහයක් දැක්වූවා. දිනෙන් දින ප්‍රබල වන ජන මාධ්‍යක් වන බ්ලොග් කෙරුවාවෙහි දිගටම යෙදෙන්නට ඔබට ශක්තිය හා විවේකය පතමි.
ReplyDeleteරසික විසින් දිනා ගන්නා ලද සම්මානයට මගේ සාතිෂය සුභ පැතුම් ! බ්ලොග් ලෝකයේ කිසිදා නොබිඳෙන පිලරය සහ මම මගේ බ්ලොග් ගුරුවරයෙකු ලෙස සලකන කතන්ද්‍රට මේ සම්මානය ලැබීම සුදුස්සාට සුදුසු තැන ලෑබීමක්.
ReplyDeleteකරු මාමාට කාඩ් එක දෙන සීන් එක දැක මට හිනා ගියේ එය උවමනාවෙන්ම, කැපී පෙනෙන ලෙස එය සිදු කිරීම නිසා. මේ සම්බන්ධව ගල් මල් මුල් ප්‍රහාර බලා පොරොත්තුවෙන් එය සිදු කරා කියන එක ආපහු කියන්න දෙයක් නෑනේ. ඒත් එක්කම තව බ්ලොග් පෝස්ට් 10කට 15කට ඒකෙන්ම වස්තු බීජ සපයා ගැනීමක් තමයි දක්ෂ සහ කපටි බ්ලොග් ලියන්නෙකු ලෙස රසික සිදු කලේ.....
කැන්ගරු දේශයේ සිට සම්මාන උළෙල සඳහාම පැමිණීමෙන් ඔබ සංවිධායක වරුන්ට ඔබට ලැබුනු අගය කිරීමකට වඩා වැඩි අගය කිරීමක් ඔබ විසින් කර ඇති බව තමයි මම විශ්වාස කරන්නේ. තමන්ගේ මවගේ මළ ගෙදරට පවා ඕස්ට්‍රේලියාවේ සිට සහභාගී නොවූවෙක් මම පුද්ගලිකව දන්නවා. එහෙම මිනිසුන් අතර රසිකගේ කැප කිරීම අගය කල යුත්තක්.
බ්ලොග්රචකයෙකුට හෝ පාඨකයෙකුට ජිවිතයේ එක් වරක් පමණක් ලැබිය හැකි නෙලුම්යාය විශේෂ සම්මාන ගන්න කැන්ගරු දේශයේ සිට සම්මාන උළෙල සඳහාම පැමිණීම.........
Deleteසහ වේදිකාව උඩදී ප්‍රධාන අමුත්තාව ගොනාට අන්දාගෙන මන්ගොනා වීම
ලොවම දැකලා අහලා තියන පළමු වෙන්නා
හරකෙක් කොහිද මාලඟ
ලනුවනේ අල්ලන් ඉන්නේ
වාසියටත් පහසුවටත්
හදලා කියනවා
නැතිනම් ලියලා කියනවා
හදවතින්ම සුබ පතනවා..
ReplyDeleteසුභ පැතුම් රසික,
ReplyDeleteනියම කතාව !!
//මගේ කිවිසුමේ හඬ ඇසුණු නමුත් මගේ පිළිතුර නොඇසුණු මගේ මව එවිට පැවසූවේ "මටත් අද කිඹුහුම් දෙක තුනක් ම ගියා!" කියායි.
කරු ජයසූරිය මගේ බ්ලොගය කියවන බව මට එවෙලේ සක්සුදක් සේ පැහැදිලි විය! //
චානුක වත්තේගම මහත්මයාට සම්මානයක් ලැබුනේ නැද්ද රසික ??? හරිම පුදුමයි
ReplyDeleteරසික වගේ බ්ලොග් එක්ස්පර්ට් කෙනෙක් එක්ක වචනයක් දෙකක් කතා කරන්න ලැබීම බොහොම සන්තෝසයි.
ReplyDeleteඑක්ස්පර්ට් වුනත් ලොකුකම් මොකුත් නැතුව මා එක්ක කතා කිරීමත් ඒ වගේම ලොකු සතුටක්.
-----------
ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්...
සුභපැතුම් රසික...සහෝදරයා අනං මනං කියන්නෙ නෑ ආයෙ.. නාලකත් කිව්ව එකේ...හැක්... හමුවීම සතුටක් සිරාවට... ආයෙත් දවසක හමුවෙමු..
ReplyDeleteසුභපැතුම් රසික අයිය ....
ReplyDeleteසුබ පැතුම් රසික.
ReplyDeleteඒ වගේම ඔබ සම්මාන උලෙල වෙනුවෙන් කල කැප කිරීම අගය කරනව.
උණුසුම් සුභ පැතුම් රසික මහත්මයා...
ReplyDeleteනාලක ගුණවර්ධනට රසික සූරිඅච්චි සමග එකම වේදිකාවට නැගීමට සිදුවීම දයිවයේ සරදමක්ද? උත්සව මේස වලට වැල කුණු ගෙන්වා ගන්නේ නැති බව සංවිධායකයන් නොදැන සිටියාද ? ඔස්තරලේසියාවෙන් හින්ද වැල කුණක් වුනත් කමක් නැහැ කියල හිතන්න ඇති.
ReplyDeletehttp://nelumyaya.com/?p=5483
ReplyDeleteසටහනට ස්තූතියි රසික. හුඟක් පස්සෙයි දැක්කේ.