Saturday 4 June 2016

මන්දාකිණි සැපේ ආරම්භය! - Kyklos Galaktikos


පාවිච්චි කළ හැකි සරල වදන් (සරල මිස සරළ නොවේ!) තිබියදී මහාප්‍රාණ වචන පාචිච්චි කිරීමට කැමැත්තෝ ද මෙලොව, එනම්, ක්‍ෂීර පඨය නම් චක්‍රවාටයේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ පෘථිවිය නම් ග්‍රහ ලෝකයේ, ද සිටිති.

මේ නුදුරු දිනයක දී තමා ගේ ලිපියකට ලද එවැනි මහාප්‍රාණ වචනවලින් පිරී ඉතිරී ගිය ප්‍රතිචාරක් දුටු W3Lanka හි අජිත් පැරකුම් ජයසිංහ නම් වෘත්තීය බ්ලොග්කරු එයින් කෙතරම් අමන්දානන්දයට පත් වී ද යත්, ඒ කමෙන්ටුව නැවත බ්ලොග් ලිපියක් ලෙසින් පළ කළේ ය. එය කියවූ පාඨකයින් නම් අමන්දානන්දයට හෝ ආහ්ලාදයට හෝ පත් වූ බවක් පෙනෙන්නට නොතිබුණි. ඒ වෙනුවට දක්නට ලැබුණේ ඔවුන් වික්ෂිප්තභාවයට පත් වූ සෙයකි.

සරල වදන් වෙනුවට අනවශ්‍ය මහාප්‍රාණ වචන භාවිතය සඳහා එක් උදාහරණයක් නම් අප ජීවත්වෙන පෘථිවිය සහිත සෞර ග්‍රහ මණ්ඩලය අයත් වෙන්නා වූ, මිල්කි වේ නම් ගැලැක්සිය සඳහා භාවිතා වෙන සිංහල වචනයයි. මිල්කි වේ යන ඉංග්ලිෂ් වචනය සඳහා සරලව කිරි පාර යැයි නොකියා අපේ උන්නැහේ ලා ක්‍ෂීරපඨය නමක් වාත්තු කරගෙන ඇත.

කිරි පාර යනු මිනිසා දැන හඳුනාගත් මුල්ම ගැලැක්සිය හෙවත් තාරකා මණ්ඩලයට හෙවත් මන්දාකිණියට භාවිතා වෙන නමයි.

පුරාණ ග්‍රීක මිථ්‍යා කතාවකට අනුව සියුස් මහ දෙවියා තමන්ට දාව සාමාන්‍ය ගැහැනියගේ කුසයෙන් උපත ලද හර්කියුලීස් නම් පුත්‍රයාව, හේරා නම් දෙවඟන නිදා සිටින අතරතුරේ දී ඇගෙන් කිරි බොන්නට සලස්වමින් ඇය අසලින් තබා ඇත. නින්දෙන් අවදි වූ හේරා දෙවඟන, වෙනත් දරුවෙකු තමන්ගෙන් කිරි බොනු දැක, හර්කියුලීස් ළදරුවා ඉවත් කරද්දී ඇගේ පියයුරෙන් විසිරී ආකාශය පුරා පැතිර ගිය කිරි පහර හෙවත් මිල්කි වේ නම් අප දන්නා ගැලැක්සිය බවට පත් වී ඇත.

කිරි පාර හෝ කිරි රවුම යන දෙන ග්‍රීක ගැලැක්සියාස් යන වචනයෙන් ගැලක්සි යන අප දන්නා ඉංග්ලිෂ් වචනය ඇති වී තිබේ.

පසු කලෙක අපේ සෞර ග්‍රහ මණ්ඩලය අයත් වෙන ගැලැක්සියට ඔබ්බෙන් වෙනත් ගැලක්සි ද ඇති බව සොයා ගත් පසු, අපේ ගැලක්සියට මිල්කි වේ යැයි ද, පොදුවේ හැම තාරකා මණ්ඩලයක් සඳහා ගැලක්සි යන නම ද භාවිතා කිරීම ඇරඹී ඇත.

තරු පාර වෙනුවට ක්‍ෂිර පඨය කීමේ මහාප්‍රාණ භාවිතය එතැනින් අවසන් නොවේ.

ගැලක්සි යන වචනය සඳහා තාරකා මණ්ඩලය හෝ මන්දාකිණිය යන වදන් භාවිතා කළ හැකි වුව ද, සමහරු මේ සඳහා චක්‍රාවාටය යන තරමක මහප්‍රාණ ගතියක් ඇති වචනය ද භාවිතා කරති. ඒ සමගම සෞර ග්‍රහ මණ්ඩලය, පෘථිවිය යන වචන ද මහාප්‍රාණ ම වේ. සෞර යන්නට හිරු කියා ද, පෘථිවිය යන්නට පොළොව කියා ද අපුරුවට කීමට හැකි ය.

මට නම් ගැලක්සි යන්න ඇසෙන විට දැන් සිහියට එන්නේ මන්දාකිණිය හෝ තාරකා මණ්ඩලය හෝ චක්‍රවාටය හෝ නොව සැම්සුන් නමැති කොරියානු සමාගම විසින් ලොවට හඳුන්වා දුන් එනමින් ක්‍ෂීර පඨය නම් චක්‍රවාටයේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය නම් ග්‍රහ ලෝකය පුරා අලෙවි කෙරෙන ජංගම දුරකතනයයි.

මගේ කළමනාකරුවා ගේ බ්ලැක්බෙරි දුරකථනයට සමාන පහසුකම් ඇති එකක් ලෙස හඳුනා ගෙන මා මිලට ගත් නොකියා E-63 දුරකථනය ලංකාවේ ඥාතියෙකු ට පාවිච්චි කරන්නට දී ආපසු පැමිණි පසු 2012 ඔක්තෝම්බරයේ දී මා මිලට ගත්තේ ඒ සැම්සුන් ගැලැක්සියකි.
එය මා, මගේ උපන්දිනයට, මට ම, දුන් ත්‍යාගයක් විය.

-රසිකොලොජිස්ට්

ඒ ගැලැක්සි දුරකථනය මෙතෙක් මා ලබා ඇති වටිනා ම ත්‍යාගය නොවේ. ඊට දෙවසරකට පසු, මා මට ම, ඊටත් වඩා වටිනා උපන් දින ත්‍යාගයක් දුනිමි.

(image: https://en.wikipedia.org/wiki/Galaxy)

20 comments:

  1. මැක්කාගේ කතාව මතක්වුනා !

    ReplyDelete
    Replies
    1. නෑ මේක නැට්ටෙන් බල්ලා වැනීමක්

      Delete
  2. මේකේ තියෙන මහප්‍රාණ ඔක්කොම අයින් කරලා සරල බසින් ලියුවොත් මොකක් ලියවෙයිද? :)

    ReplyDelete
  3. රශික මට කරුනාකරල කියනවද ඔයිට පස්සි ෆෝන් කීයක් ගත්තද කියල.
    මේ පැත්තෙ නෑවිත් ඉන්ට.

    ReplyDelete
  4. ක්ශීරපඨය නෙමෙයි ක්ෂීරපථය නේද?
    මොනව කිව්වත් විශය හදාරන්නෙ ඉංගිලිසියෙන් නිසා ලොකු ගැටළුවක් නම් නෑ මම හිතන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ක්ෂීරපථය තමයි නිවැරදි අක්‍ෂර වින්‍යාසය. ස්තුතියි. නිවැරදි කරන්නම්.

      හැබැයි, තවත් වැඩි මහාප්‍රාණ දාලා "ඛ්ෂීරඵඨය" කියාත් ලියන්න පුළුවනි!
      ;-)

      Delete
  5. මට නම් ගැලක්සි යන්න ඇසෙන විට දැන් සිහියට එන්නේ Anger Management ෆිල්ම් එකේ එන චරිතයකි

    ReplyDelete
    Replies
    1. මං ඒ මූවි එක නරඹලා නෑ. කොහෙමටත් මං ඇඩම් සැන්ඩ්ලර්ට වැඩියම කැමති නෑ! ජැක් නිකල්සනුත් එච්චරම මගේ ප්‍රිය ජනක නලුවෙක් නොවෙයි.

      Delete
    2. අර සුදු කුකුළා ලියන බර්ටි රණවීරගේ එයාගෙ පුතාට දාලා තියන නමත් ගැලැක්සි.

      Delete
  6. මට නම් චොකලට් එකක් තමයි මතක් වුනේ

    ReplyDelete
    Replies
    1. දැනුයි මං දන්නේ එහෙම චොකලට් වර්ගයක් තියෙනවා ය කියා. මං හිතන්නේ සිඩ්නිවල විකුණන්න නෑ!

      Delete
  7. ගැලැක්සි චොක්ලට් එකයි මිල්කි වේ චොක්ලට් එක තමයි මතක් වුනේ.

    ReplyDelete
    Replies
    1. මිල්කි වේ චොකලට් නම් දැක තිබේ. නමුත්, මං වයිට් චොකලට්වලට කැමැත්තක් ණැති නිසා රසය ගැන මතකයක් නැත. මගේ ප්‍රියතම මාර්ස් සහ ස්නිකර්ස් ය.

      Delete
    2. මිල්කිවේ බ්‍රව්න් චොක් රසික. ඔහෙ කොහොමද මන්දා.

      Delete
  8. I no intestin about astology. Your galaxi sorys inestin

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.