Monday 27 October 2014

ඉතිං අපට පාන් ද? - Off we go...!



මගේ ප්‍රිය බිරිඳ හා මා විවාහ වූයේ මැයි මස විසි අටවැනිදාවක ය.

"ඉතිං මට පාන් ද?" කියා ඔබට සිතුණා ද?

විවාහ වී හරියටම වසර බැගින් ගෙවෙන දිනය, එනම් මැයි මස විසි අටවැනිදාව, මා ප්‍රිය බිරිඳගේත්, මගේත් "විවාහ සංවත්සර" දිනයයි. ඉංගිලිසියෙන් මෙය "වෙඩින් ඇනිවර්සරි"යයි. අපි මෙයට "වෙඩින් ඩේ" හෙවත් "විවාහ දිනය" යැයි නොකියමු.

මා උපන්නේ ඔක්තෝබර් මස විසි හත්වෙනිදාවක ය.

එසේ නම්, අද මගේ "උපත සංවත්සර දිනය" යි. එය ඉංගිලිසියෙන් කියූ විට "බර්ත් ඇනිවර්සරි ඩේ" වේ.

නමුත් සාමාන්‍යයෙන් කවුරුත් කියන්නාක් සේ "උපන් දිනය" යැයි නොකියා ඒ වෙනුවට "උපත සංවත්සර දිනය" යැයි කියූ විට දැනෙන්නේ අමුත්තකි.

ඇතමෙක් මේ "උපත සංවත්සර දිනය" යෙදුමට උපහාසයෙන් සිනාවෙන්නට ද ඉඩ ඇත.

ඉතිං මට පාන් ද?

මගේ උපත සංවත්සර දිනයට පෙර දින, එනම් ඊයේ, රාත්‍රියේ ම මා එළැඹෙන නව වසර සඳහා එක්තරා අදිටනක් කළෙමි. ඒ අදිටන මුදුන්පත් කරවාගන්නට අවශ්‍ය ප්‍රධාන පියවර තබන්නට මට තව වසරක් ඉඩ ඇත.

ඒ සමගම, අද දිනය සමරන්නටද කුමක් හෝ අලුත් දෙයක් කරන්නට ඕනෑ යැයි සිතුවිල්ලක් මට ඇති විය. කෙළින්ම මගේ සිත යොමු වුණේ ජාල සටහනක් එනම් බ්ලොගයක් අරඹන්නටයි.

අද ඇරඹෙන මේ රසිකොලොජි බ්ලොගය ඒ සිතුවිල්ලේ ප්‍රතිඵලයයි!

කෙසේ වෙතත් බ්ලොග් යනු මට අලුත් දෙයක් නම් නොවේ. මා මුලින්ම බ්ලොගයක් ඇරඹුවේ 2005 වසරේ අප්‍රියෙල් මාසයේ දී ය. ඒ ගී පදමාලා අච්චුවෙන් මා ලියූ කවි පළකරන්නට සැදූ පෙම් ගී බ්ලොග් අඩවියයි.

යුනිකෝඩ් සිංහල භාවිතයේ නොතිබුණු ඒ යුගයේ පැවති තාක්‍ෂණ සීමා ඇතුළත සිටිමින් මා කළේ, මුලින් මා දන්නා පරිදි කපුටා අකුරෙන් කවි යතුරු ලියනය කොට, ඊළඟට ඒවා ජේපෙග් ආකාරයේ රූප බවට පෙරළා, අනතුරුව පිකාසා සේවය ඔස්සේ ඒ රූප බ්ලොගර් අඩවියට උඩුගත කරවා පළකිරීමයි.

ඒ මුල් අවදියෙන් පසු යාවත්කාලීන නොවුනද, පොඩි වෙනස්කම් කීපයක් සමග මගේ ඒ පෙම් ගී බ්ලොගය දස වසරකට පමණ පසුවද නිරුපද්‍රිතව තවමත් ඒ ආකාරයෙන් ම පවතී!

දැන් රසිකොලොජි බ්ලොගය ගැන කතා කරමු.

මුලින්ම රසිකොලොජි යන නම ගැන කිව යුතුය. මෙය බයොලොජි, සූලොජි, මීටියරොලොජි, ජියලොජි ආකාරයේ යෙදුමකි. රසිකලොජිය තුළින් ඒ නම ඇත්තා ගැන අධ්‍යයනක් කරන්නට හැකි වේ යැයි සිතමි.

රසිකොලොජි බ්ලොගය හරහා මා අන්තර්ජාලයට මුදා හරින්නට අදහස් කරන්නේ කුමන ආකාරයේ දේ දැයි ඊළඟට සඳහන් කළ යුතුය.

මේ බ්ලොගයේ අන්තර්ගතය මගේ අතීත අත්දැකීම් ගැන ලියවුණු විත්ති කතා විය හැක.
මා කියවා ඇති පොත පත පිළිබඳ මගේ අදහස් විය හැක.
මා වසන ප්‍රදේශය පිළිබඳ නොයෙකුත් විස්තර විය හැක.
ඉඳහිට හෝ කවියක් ලියවුනොත් එය ද රසිකලොජියේ පලවෙන්නට ඉඩ ඇත.
කොටින්ම මගේ සිතට එන ඕනෑම මට වැදගත් යැයි සිතෙන දෙයක් රසිකලොජියේ පළවෙනු ඇත.

"ඉතිං මට පාන් ද?" කියා තවදුරටත් ඔබට සිතෙනවා ද?

ඔබට එසේ නොසිතේ නම් හෙට සිට රසිකොලොජිය කියවන්නට නිතිපතා මෙහි එන්න.

අවාසනාවට මෙන් ඔබට "ඉතිං මට පාන් ද?" කියා තවදුරටත් සිතේ නම්, ඒත්, නිතිපතා මෙහි විත් රසිකොලොජිය කියවන්න.

ස්තුතියි.

-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)

ප/ලි
රසිකලොජි නමින් මුලින් තැබූ බ්ලොගයේ නම රසිකොලොජි වශයෙන් පසුව වෙනස් කළෙමි.

(image: http://farul.org/new-blog-by-rbya/)

142 comments:

  1. සුබ උපන් දිනයක්!!!

    ඒ වගේම සුබ ගමනක්...:D

    ReplyDelete
    Replies
    1. ඔං රසික මහත්තයෝ මාත් පැරාගේ කොමෙන්ට් කපන මළ ඉලව්වෙන් අහක් වෙලා , අඩුම කුඩුම ටිකත් ඇන්න මෙහේ වාසෙට ආව. යංකෝ එහෙනං .....

      ඔය ප්‍රොෆයිල් පොටෝඑක දැක්කම මතත් උනා රසික උන්නැහේගේ අහ ඉන්න ඇරෝගන්ට් තම්බිච්චියෙක්ට වෙච්ච මේ අලකලංචියත්. බලමුකෝ මුනුත් රේස් කාඩ් එක ලජ්ජා නැතුව අහිංසක පොලිස්කාරයෙක්ට වින කටින්න , ඒ මිනිහගේ රස්සාව නැතිකරන්න පාවිච්චි කරපු හැටි. දාමුද චියර් පාරක් ශේම් ශේම් රේසිස්ට් තම්බිච්චි කියල ?? අහිංසක සිංහල මිනිස්සුන්ට එහෙම කිව්වට මුස්ලිම් මිනිස්සුන්ට ජාතිවාදේ ඇවිස්සෙයි කියල එහෙම කියන්න බයයි වගේ ද ??

      Delete
    2. මහරජ, මේ දහම් දිවයිනෙහි අහිංසක සිංහල මිනිසුන් හා ඇරොගන්ට් තම්බියන් තම්බිච්චියන් හැර තවත් අය වෙද්ද?

      Delete
    3. පැරාගෙ හිට් කවුන්ටරේ ඩෝං ගාල බහියි

      Delete
    4. mama danna porak ඇරොගන්ට් තම්බියන්gen guti kaalaa malaa

      Delete
    5. පැරා ලඟදි උඩ පැන්න හිට් විසිපන් ලක්ෂෙ පහුකරා කියල. ඇනෝ අපි නැත්තං එව්වා එහෙම වෙන්නේ කොහොමද ? අපිට පුක හැරෙව්වයින් පස්සේ අපිත් පැරාට පුක හරෝල ඉන්නේ. මයෙ බල්ලා වත් යන් නෑ ඒ පැත්තේ

      Delete
    6. මහසොහොන් පිල්ලිය

      ඇයි ඔච්චර තම්බිත් එක්ක අවුල් ? ඔබතුමා වර්ගවාදියෙක් නේද ?

      Delete
  2. සුභ උපන්දිනක් වේවා!!!

    හොඳයි හොඳයි, පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා යන අලුත් ඉස්කෝලෙ වෙන්නැති මේ...

    ReplyDelete
    Replies
    1. mama danna porak පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා sathutata malaa

      Delete
  3. Replies
    1. mama danna porak පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා sathutata malaa

      Delete
  4. අතීතය ගුරුවරයෙක් ලු. රසික මහත්තයට හොඳ ගුරුවරයෙක් ඉන්නවා. ඒක නිසා බයවෙන්න දෙයක් නෑ. අපෙනුත් සුබ පැතුම්!

    ප‍/ලි-
    ගුරුතුමාගේ ගෙදරට යන පාරත් පැත්තකින් දැම්මොත් මොකද?

    ReplyDelete
  5. පිස්සු හැදෙයි මැක්කෝ මැරෙයි කිව්වලු..

    එළකිරි ළොක්කා එළකිරි. කියන්න වදන් නෑ.. හැපි බෝත් ඩේ එකක් වේවා..

    වෙල් කම් බැක් කිව්වා..

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට බ්ලොගේට එන්න පාර පෙන්නුවට

      Delete
    2. තැනක් යූ බොස්...

      Delete
    3. ස්තූතියි! මාතලං

      Delete
    4. බ්ලොගේට එන්න පාර පෙන්නුවට තැනක් යූ බොස්...

      Delete
    5. mama danna porak pissu hedilaa mekko gahalaa
      malaa

      Delete
    6. Mathalan, ano wahala uththara nathiwa. Oya ge hits wadi wune anola nisa. Mamath den e paththe yanne Naha. Balamuko hits bahina Kota,horenma ano open karala thiyewi. Wiruddha matha uhulaganna Bari Mathalan laata mona blogda?

      Delete
    7. අපෝ ඔයා වගේ ගඳ බ්ලොග් කාරයෝ නොයෙන එකමයි හොඳ. හිට්ස් නම් වෙනදටත් වඩා වැඩියි. ඒකයි මටත් පුදුම. ඉතින් ප්‍රොෆයින් එකෙන් එන්නකෝ පනේ. කොල්ලෙක් වගේ. කොන්ද පන තියෙන එකෙක් වගේ. එහෙම කොන්දක් නැත්නම් අඩු ගානේ පොලිපිත්තක් හරි බැඳගෙන..

      Delete
  6. onna ayeth ambalamaya set wenawa ehenam. Okkotama subapathum kska...nehe rasika mahathmayaa

    ReplyDelete
    Replies
    1. mama danna porak ambalamaka setwelaa wediwelaa malaa

      Delete
  7. ME ARA KALAKATA ISSARA , CHOO, PADA, JEE, JOKKU GENA NITHARA LIYAPU PORA NEDA?

    ReplyDelete
    Replies
    1. මැරිල ඉපදුනත් නිදහසක් නෑ වගේ! කොහොම උනත් සන්තෝසයි අංකල් ආයෙ දැක්කට!

      Delete
    2. කර්මය භවයෙන් භවයට ගමන් කරයි පින්වත.

      Delete
    3. mama danna porak choo thada karagena idalaa padayk hirawela malaa

      Delete
    4. කැපිටල් ඇනෝ කියන්නේ සංසාරික මිතුරෙක්

      Delete
    5. Ano, oyata Ewa Honda nathnam ansathu dinapotha paththe yanna. Ganu ge than gana, bus eke jak gahana hati, AMILA sewala PERA PERA liyanawa. Dan baduwakuth hoyanawalu, gihin e sata ara ganna. Kakatay apitay wada nodee.

      Delete
  8. සුබ උපන් දිනයක් වේවා
    සුබ (ද දන්නේ නෑ) හිර සංවත්සරයක් වේවා.
    සුබ නව ඇරඹුමක් වේවා.

    ReplyDelete
    Replies
    1. mama danna porak TPB eke pagaa gahalaa malaa

      Delete
  9. happy b'day chief...!! its me Tikka

    ReplyDelete
  10. Whatever I see FIT, is FIT for me to SEE.!!!

    ReplyDelete
  11. නැවත ආගමනයට සුභ පැතුම්...
    සුභ උපන්දිනක් වේවා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
  12. ඉතින් අපට පාන්ද?

    ReplyDelete
  13. සාහිත්‍ය කෘතියක් එකම විදියට රස විඳින දෙදෙනෙක් සොයාගත නොහැකියි. එවැනි ක්ෂේත්‍රයකට ත්‍යාගයක් ලැබිය යුතු ද යන්න විවාද කළ හැකියි. සාහිත්‍යයටත්, සිනමාවටත්, සංගීතයටත් සම්මාන ලැබෙන ලෝකයක අපි ජීවත් වෙමු. ඒ අය ඒ අයට සම්මාන හා තෑගි දී ගත්තාට අපි ඒ නිර්මාණ අගය කළ යුතු යැයි නීතියක් හෝ සම්ප්‍රදායක් කොතැනකවත් නැත.

    හොලිවුඩ් ඔස්කාර් සම්මාන ලැබුණු චිත්‍රපටි අගය කළ යුතු යැයි නීතියක් හෝ සම්ප්‍රදායක් කොතැනකවත් නැත.

    නොබෙල් සාම, ආර්ථික විද්‍යා, සාහිත්‍ය තෑගි නිසා අපි ඒ ලැබුණ අයව හෝ ඒ අදහස් හෝ ඒ නිර්මාණ අගය කළ යුතු යැයි නීතියක් හෝ සම්ප්‍රදායක් කොතැනකවත් නැත.

    ReplyDelete
    Replies
    1. එවන් නීතියක් කොතැනකවත් නැති බව ඇත්ත මුත් එවන් සම්ප්‍රදායයන් තනා ඒවා අනුගමනය කරන්නන් හා අනුගමනය කරපියව් යනුවෙන් උගන්වන ගුරුකුලයන් (කොහේ නැතත්) ලංකාවේ ඇත.

      එය එසේ වුවත්, සම්මාන, තෑගි ගත්තා හෝ නොගත්තා, තම නැණ පමණට යහපත් යැයි හැඟෙන යමක් අගය කිරීමේ වරදක්ද නැත. මන්ද ඔබ කියන ලෙසම "සාහිත්‍ය කෘතියක් එකම විදියට රස විඳින දෙදෙනෙක් සොයාගත නොහැකියි".

      Delete
    2. එකායි.

      Delete
  14. කතන්දර කියන්නද, රසිකලොජි කියන්නද, රසික කියන්නද, What ever it is, Happy Birthday To You And Welcome Back! මට එදාම හිතුනා ඒ විරාමය පහේ පංතියෙන් හයේ පංතියට යන තාවකාලික විරාමයක් වෙන්නම ඕනි කියලා.

    ReplyDelete
  15. ලොරියක් උවමනා කර තිබේ.

    මෙච්චර කල් අත් ට්‍රැක්ටරයකින් කරගෙන ගිය මගේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ලොරියක් මිළට ගන්නට සොයමි. ටයර් හොඳ විය යුතුය. ඇන්ජිම නිතර කැඩෙන සුළු නොවි යුතුය. තත්වය හොඳ නම් සෙකන්ඩ් හෑන්ඩ් එකෙක් වුව සලකා බැලේ. රසිකලොජිස්ට් බාරේ ලු.දැ. A0001 බාරේ විමසන්න.

    ReplyDelete
    Replies
    1. දෙය්යනේ කියල පැරාට නිදහසේ ඉන්න පුලුවන් ඔය ගමන!

      Delete
    2. දැන් බ්ලොග් අවරට යන බව පෙනේ.ශාස්ත්‍රීය සංවාද යන විට ඒවා අලකරන කාලකන්නින් හා බ්ලොග් පොලීසි බ්ලොග් ලෝකයේ ඇත.කලකට පෙර හොරුද සිටි බව අසන්නට ලැබුණි.

      කකාගේ බ්ලොග් එක ට වුනේ එහි ඇනෝ කොමෙන්ට් වැහි වැහැල තිබුනි.ඒවායින් බාගයක් දමන්නේ කතන්දරමය.ඔහු අනෙක් අයට අපහාස කරයි.පසුව ඔහු ඊනියා වැදගත් වෙසකින් යළි ඇවිත් කොමෙන්ට් දමයි.එසේම ඔහුගේ බ්ලොගයේ සුප්‍රකට බ්ලොග් පොලීසියේ අයත් කොමෙන්ට් දමයි.

      සයිලන්ට් සහන් බ්ලොග් පොලීසියට අසු විය.සහන් ගැන මටද සැකයක් ඇතිවුනි.එහෙත් ඔහුගේ බ්ලොග් එකේ යම් ශාස්ත්‍රීය දේවල් තිබුනි.එහෙම බැලුවොත් මෙතන කවුරු කොහොම අයද දන්නේ කවුද

      බොහෝ බ්ලොග්කරුවන් බ්ලොග් නවත්වන්නේත් ඇනෝ වලට හුරුවන්නේත් බ්ලොග් ත්‍රස්තවාදය නිසාය.

      අවුරුදු උත්සව වැනි දේ කළැත් ජානගතව ඇති සක්කිලිකමක් බ්ලොග් කරුවන් බහුතරයක ඇත.

      එසේම සිංහල බ්ලොග්වල වැඩිපුර යන්නේ පුරාජේරුය.

      විචාරකගේ බ්ලොග් එකත් ලිංගික නිදහස මායාවද සත්‍යැද කියන බ්ලොග් එකත් හැරුන විට වෙන කිසිම බ්ලොග් එකක් කිසි කමකට නැත.

      දේශපාලන රුචිකත්වය නිසා මාතලන්ගෙ බ්ලොග් එකත් පැරකුම්ගෙ බ්ලොග් එකත් කියවන්නට පුරුදුවී සිටින අපටද ප්‍රොෆයිල් වලින් එන්න බැරි බ්ලොග් ලෝකයේ සිටින රස්තියාදුකාරයන් නිසාය.

      බ්ලොග් වැහෙන තැනට වැඩ සළසන්නේ මේ රස්තියාදුකාරයන්ය.

      Delete
    3. කකා මේ බොග හැදුවෙම අපට ලොරිය පාක් කරන්න තැනක් නොතිබුණු නිසා තමයි.

      Delete
  16. මගේ අම්මේ... හරියට නිකම් කාන්තාරේ යද්දී ඔටුවෙක් හම්බුනා වගේ! :D මොනවා කියන්නද ඉතිං! ඔහොම යන් ඔහොම යන්!

    ReplyDelete
    Replies
    1. // කාන්තාරේ යද්දී ඔටුවෙක් හම්බුනා වගේ!//
      ++++++++++++++

      Delete
    2. එතකොට කකා ඔටුව?

      Delete
  17. උණුසුම් සුබ පැතුම් ඔබට, මං හිතුවා වගේම අලුත් නමකින් අලුත් බ්ලොග් එකක්,, සුබම සුබ උපන් දිනයක්,,, අදින් ඇරඹෙන අලුත් අවුරුද්දේ සතුට සැනසුම,සුවය ඔයා ළගම රැදෙන්න කියලා සුබ පතනවා,,, අපේ සෙට් එකම අද ඉදන් ආයෙම කකාගේ බ්ලොග් එක කියවන්න එනෝ,,,, ඇනොලත් එක්ක :D

    ReplyDelete
    Replies
    1. ඔව් නේ......අනී ........හෙහ්...හෙහ්.....

      Delete
    2. badu king wagE talk kalaata blog liyana Onema jangiyak komment karanakam balaagena inne.
      katin ;;kana porak wagE matanam pEnne

      Delete
    3. Ane kaka, kiyana thanaka ta wandinnam! Me Kenji kiyana eka nam mekata wadda ganna epa.kunuharupay, uu Badu gahapuway..... , anith profile comment walata, Uththa kiyala banina eway, iwarak Naha. Appriyay.

      Delete
  18. කකා.............................. කලින් කතන්දර බ්ලොගය ලියපු කාලේ අපි දෙගොල්ලෝ අතර ගණුදෙනු තිබුණේ අඩුවෙන් කියලා අපි දන්නවා.. නමුත් දැන් අපිට අලුත් ප්‍ර වේශයක් තියෙනවා.. අපි අලුතෙන් පටන් ගනිමු...

    මුලින් ම සුභ උපන්දිනයක්.. ඒ වගේ ම සුභ බ්ලොග් ගමනකට අපි තුන් හිතින් ම සුභ පතනවා....

    මීට කුගැගීප

    ReplyDelete
  19. අඩේ...

    අපි හිතුව වගේම කකා පහේ පන්තිය පාස් වෙලා ඊළඟ ගමන රජෙක් වගේ පටන් අරන් ඉන්නේ...

    දෙවැනි විභීෂණ ගේ උපරිම සුබ පැතුම්...

    බ්ලොග් ලෝකෙට අද බොහොම සන්තෝස දවසක් ...

    ඉස්සරහට දිගටම අපි මෙහෙ....

    ReplyDelete
  20. හැපී බිර්ත්ඩේ කිව්වා.. මමත් එන්නම් මේ පැත්තේ... අයෙත් රස කතා කියවන්න පුළුවන්...

    ReplyDelete
  21. රසිකලොජිය තුළින් ඒ නම ඇත්තා ගැන අධ්‍යයනක් කරන්නට මෙම උපන්දිනය අනුව අපි බටහිර Astrology යොදාගත්විට රසික Scorpio ලග්න හිමියෙකි. Scorpio ලග්න හිමියන ඉතා සේක්සියෝ ලෙස හඳුනයි. Man, Love, Sex, Friendship, Style The Scorpio Man

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. sex kiyana wachnetath wahalek wehcha ata paas porak wage matanam me katin ;;kannaa pEnne

      Delete
  22. Many happy returns.....!!!!!!
    Wish you all the best.....!!!!!!

    ReplyDelete
  23. සුබ උපන් දිනයක් කසු . ආපහු ආපු එක ඔච්චර දෙයක්ද අප්පේ.

    ReplyDelete
  24. වෙල්කම් බැක් කකා සුබම සුබ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. එකපාරටම එහෙම කියන එක හරි නෑ නේද පොලිස්කාරයගෙ පැත්තෙන් බලන්නෙ නැතුව?

      Delete
  25. කමෝන් කකා සුබ උපන්දිනයක් වගේම රසිකලොජියටත් සුබපැතුම්!!

    ReplyDelete
    Replies
    1. Ko thama kenji kiyana "simbaa" oyayita komment karalaa nane.oya bennawada?

      Delete
  26. Suba upan dinayak wewa.Aubowan-welcome-Willkommen "Rasikalogy"ihalinma santhosai,Oheta ona ekak liyanna,kiyawanna kattiya innawa,sanchara genath liyanna.JAYAWEWA!(Ranjan-Düsseldorf)

    ReplyDelete
  27. හැපිම හැපි බර්ත්ඩේ එකක් වේවා!

    ReplyDelete
  28. ජයවේවා...! සිංහල බ්ලොග්ලොව සක්විති ඉක්මයන්නට හැකිවේවා...!

    ReplyDelete
  29. හැපි බර්ත්ඩේ වේවා!!! :):)

    ReplyDelete
  30. උපන්දිනයට නම් ඊයෙම පැතුවාය.......
    මොන සෙද්දෙ නමකින් හරි නැවත ආව එකට ගොඩක් සතුටුය.......
    මට නම් ඔබ එදා අප අතර උන්නු ..... කකා ....... මය......
    ආයෙ නැවතිලි බැහැ හරිය........
    සුබ අනාගතයක්'''''''''''''!....................

    ReplyDelete
    Replies
    1. Muu methanatath renna awith............!

      Delete
  31. හප්පොච්චියේ, පබා දෙක පටන් ගන්නද යන්නෙ

    ReplyDelete
  32. සුභ උපන්දිනක් වේවා!
    අළුත් බ්ලොගට ජයවේවා!

    ReplyDelete
  33. අලුත් වැඩක් නිසා අලුත් සුබ පැතුමක්. අත්දැකීම් තුලින් ලබපු පන්නරට මේ බ්ලොග් එකටත් මුසු කරන්න ලැබේවි කියලා විශ්වාස කරනවා මිත්‍රයා.

    ReplyDelete
  34. ඔබේ ලියමන් කාලයක සිට අති මහත් රුචියෙන් කියෙව්වෙමි
    එකල මාගේ හැටිද මන්දා කිසිම දිනයක කමෙන්ට් නොකලෙමි
    නැවත දැක්මත් සතුට දනවයි දිරිය, ඉවසුම, ජය පතන්නෙමි
    ඊට කලියෙන් උපන් දිනයට දිගාසිරි යැයි සුබ පතන්නෙමි

    ReplyDelete
    Replies
    1. oyaa blog loketa aluth ekkenekada thawa tikakin kenji eyi oyaatacomment karanna. Balaagena minihata "Instant Discharge" kiyalaa ledak thiyenawaa

      Delete
  35. සුබ උපන් සංවත්සර දිනයක් වේවා Rasikalogist ,

    අලුත් බ්ලොගයට සුබ පැතුම්.... එහෙනං පට්ටාන් ගමු .

    ReplyDelete
  36. එලනේ සුබ උපන්දිනයක් එහේනම්

    ReplyDelete
  37. ගණින්න දින ගණීන්න පැය අප අමතක කරපු .ඒකතුකරන්න අද සිට අලුත් මතකයන් .ෙම් පිටුෙව් ඉපදින
    සුභ උපන්දිනයක් ෙව්වා

    ReplyDelete
  38. සුභ උපන් දිනක් වේවා !!!!!! අලුත් ගමනට ජය වේවා !!!!1

    මල් මල් පිපිලා පරිසරය පුරා
    නව සුවඳක් විහිදෙනවා
    මල්ලිලා නංගිලා අයියල අක්කල
    තුටු සිතකින් පසු වෙනවා...
    එන්න එන්න දැන් සුභ පතන්න
    අප සැමදෙන එකතු වෙලා...
    සුභ උපන්දිනක් වේවා!
    ජිවිතයම සරු වේවා!
    දෙවියන් ඔබ රැක දේවා!
    සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!
    මිනි කැට වාගේ තරු වැල් අහසේ
    සඳ එළියෙන් පරදිනවා...
    මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ
    අපට සඳක් වෙනවා...
    ඔබ සිතන පතන රන් යුගය
    ඔබට අද අදම ලඟා වේවා!
    දුක විපත නොවී
    සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා!

    ගායනය - ජිප්සීස්

    ReplyDelete
  39. මමත් බොගක් පටන් ගන්නවා "ඇනෝලොජි" කියල.
    ඒකෙ කමෙන්ට් කරන්න පුලුවන් ඇනෝලට විතරමයි

    ReplyDelete
    Replies
    1. හි හි

      Delete
    2. හෙහ්.. හෙහ්හ්.. ඔයත් ආවද?+++++++++
      මම නාකි හමා කෙන්ජි

      Delete
  40. සුභ උපන් දිනයක් ම වේවා!!!!!!!! අධික වැඩ නිසා මගේ බ්ලොගය අතහැර දැමීමට සිදු වීම දුකක්. නමුත් නැවත එනවා. ඒ කෙදිනක දැයි තාම ස්ථිර නැහැ. ඔබ මගේත් ගුරුවරයෙක් ලෙස සලකමි. ඔබට ජය මිතුර!!!!!!!

    ReplyDelete
  41. කකා ආපහු බ්ලොග් ලියන එක හොඳයි. හැබැයි ඔය දාගෙන තියෙන ප්‍රොෆයිල් පික්චර් එක නම් දිරවන්නෙ නැති අය ඉන්නවා. මාලින්ද සෙනෙවිරත්න කියන ගූ පත්තරකාරයාට ඕක දැකලා උණ ගැණිලා දවස් හතක් උණ බැස්සෙ නැතිලු. අපේ මාරයා අයියත් ඕකට කැමැති වෙන එකක නෑ. එකට නම් කමක් නෑ කොහොමත් මාරයා අයියා කකාගෙ බ්ලොග් කියවන්නෙ නෑ කියල කියල තිබුණනෙ.

    ReplyDelete
    Replies
    1. mona redhdha liwwath lankaawe porawal kemathiyi thaman gena kathaawenawaa ahanna. chandrikata wunaa wagE wenne nethuwa meka patangaththe anik ewunta ho gaala hit wetenawa balaagena inna berikamata

      Delete
    2. mama danna ekek hit wediwela sathutata malaa.

      Delete
    3. මාලින්ද සෙනෙවිරත්න කියන්නේ කඩේ යන පොරක් නේද

      Delete
  42. ජින්ජි බරස් බරස් බරස්...
    ඕයේ...
    ඉතිං අපිට පාන්ද...///
    නෑ ගෝව....
    ඇයි යකූ......
    හෙක් හෙත්

    ReplyDelete
  43. "උපත සංවත්සර දිනය" සුබම සුබ සංවත්සරයක් වේවා කකා, ඔබ රසිකලොජියේ අපි වෙමු එහි රසිකයන්, රසිකලොජියේ රස බලන්න අපි එනවා, එහෙනම් අලුත් ආරම්බයත් එක්ක දිගු ගමනකටත් සුබම සුබ පැතුම්. ජය වේවා!!!

    ReplyDelete
  44. කකා ගෙ බ්ලොග් එක කාලෙක ඉඳල කියෙව්වා.ඒ වුනාට කොමෙන්ට් දැම්මේ නෑ.රසිකලොජි කියල හරි කකාගේ කතන්දර ආයේ කියවන්න ලැබීම සතුටුයි....අලුත් ආරම්බයට මගෙන් සුබ පැතුම්....

    ReplyDelete
  45. සුබ උපන්දින සංවත්සරයක් වේවා....!

    "රසිකලොජි" ලේසියෙන් මතක හිටින නමක්. නිතරම යන එන තැනක් වෙයි...!

    ReplyDelete
  46. ආපු එක සතුටුයි,ෆොන් එකෙන් ලොකු දෙයක් කොටන්න බඑ

    ReplyDelete
  47. සුබ පැතුම් කකා,සොරි රසිකලොජි,උපන් දින සංවත්සරේට,විවාහ දින සංවත්සරේට වගේම අලුත් වැඩේටත්.

    ReplyDelete
  48. රසිකලොජි යට “රසිකයින්ගේ “ අඩුවක් නැත....

    සුබ පැතුම්....!!!!

    ReplyDelete
  49. සුබ උපන් සංවත්සර දිනයක් වේවා කකා!!!

    බ්ලොගටත් සුභ පැතුම්!!

    ReplyDelete
  50. රසික සූරිය ආරච්චි බ්ලොග් එකක් ලියන්න ගත්තු එක ගැන ඉතාම සතුටුයි.

    රසික වගෙම, අනෙකුත් ලේඛකක්යො කවියො උනත් යම් තරමකින් හරි බ්ලොග් අඩවියක් පවත්වගෙන යනවනං, ඒක මූණු පොතට වඩා ඒ යගෙ නිර්මාණ අදහස් එක්ක සෘජුව ගැටෙන්න බෙදාගන්න පහසුවෙයි!

    උණුසුම් සුභ පැතුම් රසිකගෙ සිංහල යුනිකෝඩ බ්ලොග් ආගමනයට!!

    ප/ලි,
    කතන්දරකාරයගෙ කතා සහ එතන පෑ නැටුම් මෙතනට ගේන්න හිතගෙන කතනදර ආයි ආව කියල සතුටුවෙන පොඩි උන්ට මතක් කරන්න කැමතියි , මේක කනිෂ්ඨ විද්‍යාලෙ සිසුවෙකුගෙ බ්ලොගක් මිස තව දුරටත් ප්‍රාථමික පන්තියෙ දරුවෙකුගෙ එකක් නෙමෙයි කියල.

    ReplyDelete
    Replies
    1. දැන් ඔයා ලොකු එකා කියලද හිතාගෙන ඉන්නෙ? ඔයාට අභීත දැක්කාම චූ යනවා නේද?

      Delete
    2. මම හිතන්නෙ නෑ මොනවා වුණත් කකා ඉන්දික වගේ කෙමෙන්ට් කපන තැනට තමන්ගෙ බ්ලොග් එකේ තමන්ම ඇනෝ කමෙන්ට් දාලා විරුද්ධ මත අල කරන තැනට යයි කියලා.

      Delete
  51. ඊයෙ උපන් ඇනුවසරියට සුභ පැතුවනෙ, දැන් ඉතින් රසිකලොජියට සුභ පැතුම්!!! ජය වේවා...

    ReplyDelete
  52. මටනම් මේ රසික සූරියාරච්චි හෙවත් “රසිකලොජි“ අර කතන්දර බ්ලොගය ලියපු කෙනාමයි කියල හිතුනෙම නෑ. ඇයි වදේ ලින්ක් දමලා නෑනෙ. පස්සෙයි මතක් වුනේ මේ අළුත් බ්ලොගයෙ පළවෙනි පෝස්ට් එක කියලා. ඊලඟ එකේ ඉඳලා ලින්ක් දමන්නෙ නැතෑ.....

    ReplyDelete
  53. උණුසුම් සුභපැතුම් රසික!!

    ReplyDelete
  54. සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  55. සුභ පැතුම රසික. පාං කියවෙන්නේ වත් නැතුව ඉන්න වෙලාවට, අපිට පාංද කියලා ඇහුවත් සනීපයි.

    ReplyDelete
  56. ‍තෝරගත්ත දිනේත් නරක නෑ.. බඳින එකත් බ්ලොගක් පටන් ගත්ත වගේ එකක්නෙ. වෙල්කම් බැක්..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++Well said Sarath!!!!!!!

      Delete
  57. ඒකනේ කියන්නේ. ලොකු අත්ත වගේ ඉන්න ඔහේ නැතුව කොහොමද? :D

    ReplyDelete
  58. මේක මහ පිස්සු වැඩක් අර කතන්දර බොගම ලියන්ඩ තබ්බනෙ

    ReplyDelete
  59. ඉතිං අපිට පාන් ද?

    ReplyDelete
  60. අලුත් ඉස්කෝලෙක අලුත් පංතියෙ ඉඳල ආයෙ උඩට යමු එහෙනං.

    ReplyDelete
  61. මොන නමින් ආවත් කතන්දරකාරයා කියන නමට තමයි මං කැමති....සුභ පැතුම්

    ReplyDelete
  62. ඇනෝලා කියලා වෙනම ජාතියක් නැහැ. ඔය ප්‍රොෆයිල් එව්වොම තම්යි ඇනෝ දාන්නෙ.

    A, B ගෙ බ්ලොග් එකේ ඇනෝ දානවා.
    B, A ගෙ බ්ලොග් එකේ ඇනෝ දානවා.
    A ඇනෝලට බනිනවා.
    B ත් A ට එකතු වෙලා ඇනෝලට බනිනවා.
    තමන්ගෙම බ්ලොග් එකේ ඇනෝ දා ගන්න C ත් ඇවිල්ලා ඇනෝලට බනිනවා.
    ඔව්වා ඔහොම තමයි.

    ReplyDelete
  63. සුභ උපන්දිනක්........ ඒත්... මේක මට තේරෙන්නේ නැ.....'ආගමනය' ........

    ReplyDelete
    Replies
    1. මීට කලින් රසික සූරිය ආරච්චි සිංහල ගද්‍ය බ්ලොග් එකක් ලියල තී නෑ නේද?

      Delete
  64. පුනරාගමනයට සුභ පැතුම්.....!

    ReplyDelete
  65. ඔබ වැරදිය. ඒ එක වරක් අපට පාන්ද? කියා ඇසු කෙනෙක් නැවත මේ බෝලොක්කයට එන තරම් පිස්සුවක් නැත..ඒ වගේම හැපී බර්ත්ඩේ බුදු සාදු කියූ ඔබ වැනි පවුකාරයෙක්ගේ බෝලොක්කයට ඒමට කිසිම උවමනාවක් නැත

    ReplyDelete
  66. කකා නැවත ඉස්කෝලේ යන්න පටන් ගත්ත එක ලොකු දෙයක්. කකා නැති අඩුවක් හොඳට තේරුනා. කුහකත්වයෙන් තොරව හිතනවා නම් ඒකයි ඇත්ත. කකා තුල තිබූ සියුම් උපහාසය අගය කරනවා!!!!!!!!

    ReplyDelete
  67. උණුසුම් සුභපැතුම් !

    ReplyDelete
  68. සුභ පැතුම්!
    සුභ පැතුම්!!
    සුභ පැතුම්!!

    ReplyDelete
  69. සුභ උපන් ඇනිවසරියක් වේවා ..ඇනෝ ආතල් ටිකක් සමග කතන්දර ටිකක් කියව ගන්න පුළුවන් ... මේ සැරේ ඔ/ලෙ වෙනකම් වත් ලියන්න ..

    ReplyDelete
  70. විකසිත සින්ඩියේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න.
    රසිකොලොජි බ්ලොග් අඩවිය විකසිත සින්ඩිය හා එක් කරන්නත් මේ සමගම ඇරයුම් කරමු.
    http://syndi.wikasitha.com
    ඔබටත් බ්ලොග් එකටත් ජයෙන් ජය.

    ඔත්තුව දුන් රාජ්ටත් මතලන්ටත් තුති.

    ReplyDelete
  71. ජය වෙවා :D ඉඩකඩ ලැබෙන් විදිහට් රසිකොලොජිත් කියවන්නම්. පරණ යාලුවෝ ටික නම් එහෙම් පිටින්ම ඇවිත් තියෙන්නේ ;)

    ReplyDelete
  72. සුභ උපන්දිනක් වේවා! නැවත දැකිම සතුටක් ! 

    ReplyDelete
  73. සිංහල බ්ලොග් ආංකල් වෙලා තියෙන මේ කාලෙ සුබ ලකුණක් ...

    ReplyDelete
  74. අලුත් ඇරඹුමට සුබපැතුම් කකා !

    ReplyDelete
  75. සුභ උපන්දිනයක් වේවා රසිකොලොජිස්ට්. මාතලන්ට ස්තුතියි.

    ReplyDelete
  76. රසිකලොජියට
    උපන්දිනේට
    විවාහ සන්වත්සරේට

    යන ත්‍රිලොජියටම
    සුභපැතුම්!

    ReplyDelete
  77. ඕ රොබින් හුඩ් මැරිලා නැහැ.
    නිල් පාට රොබින් කුරුල්ලාට වාසනාවන්!

    ReplyDelete
  78. වෙල්කම් බෑක් කියුවා. ඉතින් මට පාන්ද ?

    ReplyDelete
  79. Many happy returns KK (RS) !

    We are happy that you returned !!

    ReplyDelete
  80. මෙහි පැමිණි, සුභ පැතූ ඔබ සියලු දෙනාටම මගේ ආදර ස්තුතිය පිරිනමමි.

    ජයවේවා!

    ReplyDelete
  81. සෑර් ඕකට නේද ජන්ම සංවත්සරය කියන්නෙත්??

    ReplyDelete
  82. සුබ උපන්දිනක් වේවා...අලුත් වැඩේට සුබ පැතුම් :)

    ReplyDelete
  83. අලුත් බ්ලොග් අඩවියටත් ඔබේ උපන්දින සැමරුමටත් දෙකටම සුබ පැතුම් රසික

    ReplyDelete
  84. Keep up your work, We can learn many things from you.

    ReplyDelete
  85. තාම අවුරුද්දක් නෑ කියලා දැන් තමයි නෝටිස් කළේ. දෙසීයට සීයක්! සාර්ථක දින දෙසීයක්!! ඊළඟ සීයට තව දෙසීයක් ලියන්ඩ රසිකොලොජියට ආයු බෝ වේවා!

    ReplyDelete
  86. මා සංස්කරණය කරන "සිසිල" සිංහල ඊ-සඟරාවේ මුල් කලාපය 2021 සැප්තැම්බර් පළමුවෙනිදා නිකුත් වුණා.
    පිටපතක් ලබා ගැනීම සඳහා ඔබේ ඊ-මේල් ලිපිනය sisila.sangarawa@gmail.com වෙත එවන්න.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.