Thursday 16 June 2016

සෝමවංශ අමරසිංහ කොයි වල යයි ද? - A million dollar question!


මීට වසර පන්සීයකට පමණ ඉහත කාලයක ලංකාවේ පාණදුර ප්‍රදේශයේ විසුවේ යැයි කියවෙන වීදාගම මෛත්‍රී හාමුුදුරුවන් දිනක් පන්සලෙන් නික්ම කොහේදෝ වැඩිල්ලක් වඩිනා විට පාර අසල වතුර පිරි පොකුණක මාළු බාන කොලුවෙකු දැක ඌ අමතා මෙසේ පැවසුවේ ලු.

"කොල්ල, මේ පෝ දිනයේ ඔයාකාරයට මාළු බාන්නේ තා කොයි වල යන්නද?"

මෛත්‍රී සාදු එහිදී වල කියා ඇත්තේ සක්වල, පරසක්වල යනාදී වදන්වල එන පරිදි ලෝකය යන අරුතෙනි.

මුඛරියෙකු වූ ඒ කොලුවා පිළිතුරු දී ඇත්තේ "හාමුදුරුවනේ, මේ වල මාළු නැතිනම් උඩහ වලට යනවා" ය කියා ය!

මේ කොලුවා වනාහී පසු කලෙක පැවිදිව තොටගමුවේ රාහුල නමින් චිරප්‍රසිද්ධ වූ සාහිත්‍යධරයා බව පැවසේ.

ඒ කතාව මගේ සිහියට නැගුණේ, ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ ගේ අභාවය ගැන දැන ගන්නට ලැබුණු මොහොතේ දී ය.

ජනතා විමුක්ති පෙරමුණට කලක් සම්බන්ධව හෝ අනුගාමිකයෙකුව හො හිතවතෙකු ලෙස හෝ සිටියේ යැයි මා සිතන මගේ මිතුරෙකු සෝමවංශ අමරසිංහ හඳුන්වා තිබුණේ "සහෝදරයා" ලෙස නොව "එතුමා" යනුවෙනි. මියගිය සෝමවංශ අමරසිංහට "නිවන් සැප ලැබේවා!" යැයි පතන අය ද, "සාමයේ සැතපේවා!" යැයි පැතන අය ද සිටිති. ඒ අතර, මේ අවස්ථාව ඔහු සහ ජනතා විමුක්ති පෙරමුණ සරදමට, විවේචනයට ලක් කරන්නට යොදා ගන්නා අය ද එමට ය.

මා මේ කිසිසේත් ම මැරුණු පුද්ගලයෙකුට අපහාසයක් කරනවා නොවේ. මා ලියන්නේ ඇත්තට ම මගේ සිතේ පැන නැගුණු අවංක සිතුවිල්ලකි.

සෝමවංශ අමරසිංහ කොයි වල යයි ද?

වසර 1986 දෙසැම්බරයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ මරා දැමීමේ සිට වසර 1989 අවසානය දක්වා ජනතා විමුක්ති පෙරමුණ හෝ දේශප්‍රේමී ශිෂ්‍ය සංගමය හෝ දේශප්‍රේමී ජනතා බලවේගය හෝ එවැනි වෙනත් සංවිධාන හරහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලයින් 6,000 ක් පමණ මරා දැමූ බව, එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක ද පිළිගෙන තිබුණි.

නන්දසිරි විජේවීර හෝ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් හෝ මධ්‍යම කමිටුවේ සාමාජිකයින් හෝ ගල්කටස් රැගෙන මේ මිනීමැරුම්වලට කෙළින් ම "ජේමිස් බණ්ඩලා" මෙන් සහභාගී වූවා යැයි කීමට නොහැකි නමුත්, ඒ අපරාධවලට කෙළින්ම හෝ අනියමාකාරයෙන් අණ දීමේ පොදු "බ්‍රිගේඩියර් එම්" ආකාරයේ වගකීමෙන් ගැලවීමට ඔවුන් කිසිවෙකුටවත් නොහැකිවේ.

නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබුණු එවකට පැවති ර. පේමදාස, රන්ජන් විජේරත්න ප්‍රමුඛ රජය විසින් ද අවනීතිය ම ක්‍රියාවට නගමින් දහස් ගණන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්, එසේ යැයි සැක කෙරුණු අය මෙන් ම, වෙනත් කෝන්තර බේරා ගැනීම පිණිස මරණ ලයිස්තුවලට ඇතුළත් කරනු ලැබූ අය ද දස දහස් ගණනක් මරා දැමුණු තත්වය තුළ, අවසානයේ ඇති වූ නඩු නැති, නීතිය නැති තත්වය නිසා සෝමවංශ අමරසිංහ වැනි ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයට නායකත්වය දුන් තව දුරටත් ජීවත්ව සිටි අයට නිරුපද්‍රිතව සිටීමට ඉඩ ලැබුණි. නමුත්, නොයෙකුත් ප්‍රවාද මිස කුමකින් කුමක්දැයි නිවැරදිව අප නොදන්නා මරණින් පසු ලෝකයේ දී, හෙවත් පර සක්වල දී, ඔවුන්ට කොයි ආකාරයේ තත්වයකට මුහුණ දෙන්නට සිදුවේ ද?

එනම්, ඇත්තටම, සෝමවංශ අමරසිංහ කොයි වල යයි ද?

මා විවිධාකාරයේ බණ, වැදි බණ සහ විහිළු-තහළු වැඩ සටහන්වලට සහභාගී වූ අවස්ථාවල දී, මගේ ඒ කනෙන් ඇතුළු වී මේ කනෙන් පිට නොවුණු කරුණුවලට අනුව සහ විශේෂයෙන් ම තුන්වෙනි ශ්‍රේණියේ සිට වසර හතක් පාසලේ උගත් බුද්ධාගම පාඩම්වල මතකයට අනුව, ජනතා විමුක්ති පෙරමුණේ අනෙකුත් හිටපු නායකයින් මෙන් සෝමවංශ අමරසිංහ දිට්ඨ ධම්ම වේදනීය පාප කර්ම කර නැති බව පැහැදිලි ය. එහෙත් ඔහු කළ කර්ම අහෝසි කර්ම යැයි වර්ගීකරණය කළ හැකි යැයි නො සිතමි.

සෝමවංශ අමරසිංහට, පර්ලි ගේට්ටුව අසලදී පිටරයියා මුණ ගැසුණු විට දී හෝ වෙනත් ආකාරයකට ඔහු ගේ මීළඟ නවාතැන පිළිබඳව නීර්ණය කෙරෙන අවස්ථාවේ දී කුමකින් කුමක් සිදුවේද කියා සිතීම ඇත්තටම අපට අප ගැන ද සිතීමට ඉඩ සලසන හොඳ දාර්ශනික ප්‍රශ්නයක් මට කිව හැකි ය.

සෝමවංශ අමරසිංහ කොයි වල යයි ද?

-රසිකොලොජිස්ට්

(image: http://www.debate.org/opinions/is-there-a-second-life-after-death)

31 comments:

  1. තම තමා රැස් කර ගත් වල වල් වලට යනු ඇත අප සැවොම නොදන්නා කෙදිනක හෝ....

    ReplyDelete
  2. වල දැම්මොත් ඒ වලට, ආදාහනය කොලොත් නම් යන්න වලක් නෑ.

    ReplyDelete
    Replies
    1. හැක්.. හැක්..
      පේනහැටියටනං වලකට නොයයි වගේ
      http://www.lankadeepa.lk/index.php/articles/427492

      Delete
    2. වළ දැම්මොත් ඒ වළට, ආදාහනය කොලොත් නම් යන්න වළක් නෑ.
      පට්ට කතාව.
      ("වල" නොවෙයි "වළ". "වල" කිවව්ම "වළ" තේරුම එන්නෙ නෑ. රසික තමයි වල ලියල තිබුණේ මුලින්ම)

      Delete
  3. කොමිනිස්ට්වාදය ආගමක් නම් විප්ලවයට එරෙහිවුවන් මරා දැමීම නිසා මොහු ස්වර්ගයට යනු ඇත. !

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. කොයි වල යයි ද?
    ඔව්

    ReplyDelete
  6. //එහෙත් ඔහු කළ කර්ම අහෝසි කර්ම යැයි වර්ගීකරණය කළ හැකි යැයි නො සිතමි//
    අහෝසි කර්ම යැයි දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. naththe mokada oyi thiyenava, iskole giye nadda?

      Delete
    2. ඇනෝලට පිළිතුරු නොදේ....!

      Delete
  7. කොමියුනිස් ක්‍රමය ඉගෙන ගන්නා කාලයේ , ජවිපේ දේශපාලන මණ්ඩයලේ සිට.....කොමියුනිස්ට් ක්‍රමය නිවැරදිව වටහා ගත් පසු මිහිදු මා රජුන් හමුවේ ලිබරල්වාදයේ නිර්වාණය සාක්සාත් කොරගත් නිසා සිරි අයියා කොයි වලවත් යන්නේ නැත.....

    ඉතිහාසය පුරාම ජවිපේට මාක්ස්වාදයයි , ජාතිකවාදයයි පැටලුනා සේ රසිකට ද මේ කනෙන් ඇතුලු වී අනෙත් කනෙන් පිට වූ බුද්ධධර්මය හා ආනාගමකත්වයේ පිලිසල වයර් පැටලී ඇති බව රසික ගේ අතීත භාවිතය හා වර්තමාන ලිපිය කියවන විට හැගේ......

    සමහරවිට ගම්ලත් වැනි පිලිම වන්දනමාන කෙරෙන්කෙකු විසින් විප්ලවීය විභවය විකසිත කිරීම උදේසා කරන ලද උත්සහයක් ලෙස ද සැලකිය හැක

    ReplyDelete
  8. පාර වැරදීමට වඩා භයානක වන්නේ පාර වැරදුණු පුද්ගලයකු අනුන්ට පාර කීමයි.

    ReplyDelete
    Replies
    1. අර ගුණදාස කපුගේ ගේ (එයා ගේ නෙමෙයි හොඳේ) මං මුලාවූ සින්දුව කියන්නේ මේ වමේ අයටද කොහෙද...?

      Delete
    2. පාර නං ඉතිං වැරදිලා නැත්තේ කාටද අජිත්.....ළඟදිත් කට්ටිය වරද්ද ගත්තේ...හැක්...හැක්...

      Delete
  9. අපි ඒකයි ඔහේගෙන් පාර අහන්නෙ නැත්තේ

    ReplyDelete
    Replies
    1. ඒක කිව්වෙ මට නං, මං කාටවත් පාර කියන්නෙ නැති බව මතක් කළ යුතුයි. අප කළ යුත්තේ පාර සොයා ගන්නට පහසුකාරකත්වය සැපයීම පමණි.

      Delete
    2. මෙයාගෙන් පාර අහගෙන 89 යටියන්තොට ගිය කීප දෙනෙක් මම දන්නවා....

      Delete
  10. සෝමවංශ අමරසිංහ යන වල සහ රෝහණ විජේවීර ගිය වල අතර ලොකු වෙනසක් නැහැ, ඒත් ඔය දෙකටම වඩා අනුර කුමාර සහ විමල් වීරවංශ යන වලවල් සෑහෙන්න වෙනස්..

    ReplyDelete
    Replies
    1. ඒක මරු. කියල වැඩක් නෑ. එක එක වළවල්.

      Delete
  11. //අමරසිංහ දිට්ඨ ධම්ම වේදනීය පාප කර්ම කර නැති බව පැහැදිලි ය. //
    මෙතැන කර නැති බව "පල නොදී ඇති බව පැහැදිළිය " කියල වෙනස් වෙන්ඩ ඕනේ නේද? මොකද මේ කරුමය කරන දෙයක් නොවේ ...

    ReplyDelete
    Replies
    1. හරකෝ, කරලනම් පල දෙන්න ඕනනේ.

      Delete
    2. චෙතනාහං භික‍්ක වෙ කම‍්මං වදාමි - බුදුන් වහන්සේ

      Delete
  12. යුද්දය විප්ලවය හෝ අරගලය, මේ කිසිවක් නිරපේක්ෂ වීරයින් නොතනත්. එකෙක්ගේ වීරයා අනෙකුගේ ද්‍රෝහියෙක් වන්නෙ ඔවුන් මේ කේදවාචකයන් වින්දනය කල ආකාරයන් වලට සාපෙක්ෂවය. එහෙත් අනන්ත වූ මතවාදයන් තුල තමාගේ මතය පමණක් නිවැරදියි සිතා විරුද්ද මත දරන්නන් මරා දමන්නේ මෝහයෙන් අන්දවූවන් විසිනි. අවසාන වින්ස්චයේදී හෝ ඊලඟ වාරයේදී වීරයන්/ද්‍රෝහියන් ගේ වල තීරණය කරනු ඇත්තේ ඔවුනගේ ක්‍රියාවන් කොතරම් දුරට නිරපෙක්ශයට බලපෑම් කලාද යන්න මත පිහිටා වනු ඇත. මන්ද කර්මය මනිනුයේ නිරපෙක්ශ මිනුම්දඬුවලින් බැවිනි.

    ReplyDelete
  13. රසික නම සඳහන් කොට නැති මිතුරා මාය. රසික ෆේස් බුක් එකේදීද මේ ගැන ප්‍රශ්න කළේය. මා යමෙකුට සැබැවින්ම ගරු කරන්නේ නම් "එතුමා" කියන්නට පැකිළෙන්නේ නැත. ඒ දේශපාලුවන්ට තුමා කියන අරුතෙන් නොවේ. පියතුමා කියද්දී දැනෙන ගෞරවයෙනි.
    සිරි අයියාට එවන් ගෞරවයක් මා වෙත ඇත.
    එයි වරදක් වේද ?

    ReplyDelete
    Replies
    1. හැක හැක...
      ඔයා කිව්වනම් අවුලක් නෑ මෙයා...
      ඔයාගෙ ඔටුකථා වල අර අම්මලත් එක්ක බුදියන පෝස්ට් එකේ වැල ෆොටෝ දැක්ක දවසෙ ඔයාගෙ අවුල තේරුනා....

      ඊට පස්සෙ පොලීසියට පගාව දීපු එකයි... ට්‍රැෆික් ඔෆෙන්ස් කරලා පැනලා ආපු එකයි දැක්කාම ඔයාගෙ හැදියාව තේරුනා...

      අන්තිමට අර රැග් සීන් එක ගැන කියෙව්වාම ඔයාගෙ පසුගාමී ආකල්ප ගැන තේරුනා....

      ඉතින් ඔයා වගේ කෙනෙක් සෝමවංශට එතුමා නොකියා කවුරු කියන්නද.....

      Delete
    2. heh heh, niyamayi saho, oluwatama deela thiyenawa pollen, moowa kohomath follow karanna oni, well done!!

      Delete
  14. මම නම් සුභ ගමන් කියල ලිව්ව නොකී කතා බුකියේ දාපු කොමෙන්ටුවකට. එතනින් එහාට කියන්න දෙයක් නැහැ. රසික හා අජිත් ගේ මත වලට එකඟයි. මන්ද සෝමවංශ මැරෙන්න දවසකට කලින් මම මේක ලිව්වා. නන්දන මාරසිංහ ගැන.
    https://kolambagamaya.blogspot.co.uk/2016/06/blog-post_14.html

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.