Thursday 29 September 2016

ඉංග්ලිෂ් ගුරුවරු - Flour Vs Flower


කණිෂ්ඨ විද්‍යාලයේ දී අපට ඉංග්ලිෂ් ඉගැන්වීම ඇරඹුණේ තුන්වෙනි ශ්‍රේණියේ දී ය. ඒ ගණිතය, සිංහල, සෞඛ්‍යය, පරිසරය, බුද්ධාගම සහ චිත්‍ර වැනි අන් සියලුම විෂයන් අපට ඉගැන්වූ අපේ පන්තිය භාර හේමාවතී ටීචර් නොව වෙනත් ගුරුවරයෙකු විසිනි. අවාසනාවටකට මෙන් ඔහු ගේ නම අද වන විට මගේ මතකයෙන් ගිලිහී ගොස් ඇත.

නමුත්, සී.ඒ.ටී. කැට්, බී.ඒ.ටී බැට් යනුවෙන් සරල ඉංග්ලිෂ් වචන ඔහුගෙන් ඉගෙන ගත් බව නම් මගේ මතකයේ රැඳී ඇත්තේ විශාල සටහන් පොතක අදාළ රූප ඇඳ, ඒ වචන ලොකු අකුරෙන් ලියන්නට ඔහු අපට නියම කළ බැවිනි.

මේ ගුරුවරයා පාසලට පැමිණියේ බයිසිකලයක් පදිමින් බව ද මගේ මතකයේ ඇත. බයිසිකලයේ නගින්නට පෙර ඔහු තම දිග කලිසමේ කකුල් ඇලිස් බෑන්ඩ් එකක් වැනි ක්ලිපයකින් ආවරණය කරන බව මා දැක ඇත. එසේ කළේ, කලිසම් වාටිය සයිකලයේ දම්වැල වැනි තැන්වල ගෑවී කිලිටි වීම වැළැක්වීම සඳහා යැයි සිතමි.

හතරවෙනි ශ්‍රේණියේ දී අපට ඉංග්ලිෂ් ඉගැන්වූයේ එදිරිසිංහ වැනි නමක් තිබූ ගුරුවරයෙකි. සිසුන් ඔහුට වංකනාසික තිස්ස කියා කී බවට තරමක මතකයක් මට ඇත.

වංකනාසික තිස්ස පාසලේ ගුරු නිවාසයේ පදිංචිව සිටි නිසා දෝ ඔහුට ඉංග්ලිෂ් ඉගැන්වීමට අමතරව, වතු වැඩ නම් විෂය ද භාර වී තිබුණි.

අප තුන්වෙනි ශ්‍රේණියේ දී සිටියදී දේශපාලන පත්වීමක් යැයි මා පසුව සිතූ පත්වීමක් ලැබ අලුතෙන් විදුහලට පත්ව ආ මුල් ගුරුවරයා වූ දයාරත්න, ඒ ගුරු නිවාසයට තම හිමිකම පෑ නිසා දෝ වංකනාසික තිස්සට පසු කලෙක ඒ ගුරු නිවාසයෙන් ඉවත් වී යන්නට සිදුවිය.

අප පහේ පන්තියේ සිටියදී එක් දිනක ඉංග්ලිෂ් පාඩම නිම වූ පසු පන්ති කාමරයට පැමිණි ඉංග්ලිෂ් හැර අන් සියලුම විෂයන් අපට ඉැගන්වූ අපේ පන්තිය භාර බමුණුසිංහ ගුරුවරිය, කළුලෑල්ලේ ලියා තිබුණු දෙයක් දැක, අල්ලපු පන්තියේ උගන්වමින් සිටි නිකුලස් නම් ගුරුවරයා කරා ගොස් යමක් පැවසූවා ය.

මගේ මතකයට අනුව ඔවුන් දෙදෙනා කතා වුණේ, එදා පාඩමේදී ඉංග්ලිෂ් ගුරුවරයා විසින් පිටි සඳහා ඉංග්ලිෂ් වචනය වන flour යන්න ලියා ඇත්තේ flower ලෙස බවයි.

මා ඒ බව දන්නේ ගුරුවරු දෙදෙනෙකු අතර පැවති සතර කන් මන්ත්‍රණයකට මා රහසේ ඇහුම් කන් දුන් නිසා නම් නොවේ. අපේ පන්තිය භාර බමුණුසිංහ ගුරුවරිය විසින් මා ඔවුන් වෙත කැඳවා, ඉහත වචනය පිළිබඳව මගෙන් විමසූ හෙයිනි.

මල වෙනුවට මළ කියා ලියන, තණ වෙනුවට තන කියා ලියන අප, flour වෙනුවට flower කියා ලිවීමේ ලොකු වරදක් මට නොපෙනුණි!

-රසිකොලොජිස්ට්

(image: http://www.craftsy.com/blog/2013/11/types-of-flour/)

40 comments:

  1. එහෙනං අපි තන මල වරද්දන එකේ අවුලකුත් නෑ.. හැක්..

    ReplyDelete
  2. මගෙ යාලුවෙක් අනුන්ගෙ තනයක් අල්ලන්න ගිහින් නොමැරී මලා කියහන්කො.

    ReplyDelete
    Replies
    1. තමන් ගේ එක අල්ලාගෙන හිටිය නම් තාමත් ජිවතුන් අතර!

      Delete
  3. මට හොඳින්ම මතක 8 පන්තියේදී ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුවරයායි, ඔහුගෙන් උගත්තේ එකම ඉංග්‍රීසි වචනයයි, අළුතෙන් ආ ගොඩක් තරුණ ගුරුවරයකු වූ ඔහු කටේ බුලත් විට පුරවගෙන චප චප ගැපු නිසා කිවූ මුකුත්ම තේරුනේ නෑ, පන්තිය ඉවරවෙන කොට ඉස්සරහ පේළි වල සිටි කෙල්ලන්ගේ සුදු ගවුම් වල පුංචි රතු පාට තිත් විසිරිලා තිබ්බා මතකයි. ඔහු මතක හිටින්න ඉගැන්වූ එකම වචනය ලැබෝරටරි කියන එක ඔහු අන්තිමට පන්තියට ආ දා කළු ලෑල්ලේ ලොකුවට සිංහලෙන් ලියලා ගියා, ඊට පෙර දවසේ ඔහු අපට හෝම් වර්ක් එකක් දීලාලු, කවුදෑ දන්නේ අපි එක් එක් කෙනාට පොතත් අරන් පංතිය ඉස්සරහට එන්න කීව්වා, හෝම් වර්ක් එක කරලා නැති පොත් පංතියට උඩින් පා කරලා යැව්වා, එකම පොතයි ඉතුරුවුනේ, ඒ ඒ ගුරාගේ ගෙදරට අල්ලපු ගෙදර දැරිවිගේ පොත, එයා හොම් වර්ක් එක කරලා තිබ්බාද දන්නේ නෑ නැතත් ඒ දැරිවිගේ තාත්තා ඒ ගුරාව වුනත් පා කරලා යවන්න පසුබට වෙන කෙනෙක් නම් නෙවෙයි. ලැබොටරියාගෙන් පස්සේ අපේ ඉස්කොලෙට වෙනත් ඉංග්‍රිසි ගුරුවරයෙක් ආවේ නැති නිසා ආයේ ඉස්කොලෙන් එක ඉංග්‍රීසි වචනයක්වත් ඉගෙන ගන්න ලැබුනේ නෑ. ඊට හරියටම අවුරුදු 5කට පස්සේ ඒ ගුරාව මට හමුවුනා, මම මාස 8 කෙටි ගුරුකමක් කරන්න ගිය ඉස්කෝලේදී, අපි දෙදෙනාම එකම පංතිවලට ඉගැන්නුවා වගේම පාසැල් ගියේ ආවෙත් එකට ඒ අපි දෙන්නම එකම ගමේ හින්දා, ඒත් ඒ වෙනකොට 8 පන්තියේදී පොත් පාකළ ලැබොරටරියා මූ වග මට තාවකාලිකව අමතක වෙලයි තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. /* ලැබොටරියාගෙන් පස්සේ අපේ ඉස්කොලෙට වෙනත් ඉංග්‍රිසි ගුරුවරයෙක් ආවේ නැති නිසා ආයේ ඉස්කොලෙන් එක ඉංග්‍රීසි වචනයක්වත් ඉගෙන ගන්න ලැබුනේ නෑ. */

      එතකොට සාමාන්‍ය පෙල විභාගය කළේ තනිකරම ටියුෂන්වලින් ද?

      Delete
    2. අහලා දෙකක් කිව්වේ නැත්ද?පව්නේ අනිත ළමයි ?

      Delete
  4. නණ ලළ භේදේ, ඉස්කෝලේ යන කාලේ වහ වගේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සුබස කියා තරමක් හොඳ සේවාවක් තියෙනවා යුනිකෝඩ් වචන සඳහා නම්!

      http://subasa.ambitiouslemon.com/spellerweb.py

      Delete
  5. බමුණුසිංහ ටීචර්ට කවදාවත් වැරදිලා නැද්ද ඉගැන්වීම් කරනකොට.

    ReplyDelete
    Replies
    1. වැරදුනා ද කියලා අපි කොහොමෙයි දන්නේ, ඒ කාලේ මගේ වසය අවුරුදු දහයක්වත් නෑ නේ.

      කෙසේ වෙතත් බමුණුසිංහ ටීචර් තමයි ඒ පාසලේ දී මට හමුවුණු ගුරුවරියන් පස් දෙනාගෙන් හොඳම ගුරුවරිය!

      පසුව දවසක ලියන්නම් ඇය ගැන.

      Delete
  6. මගේ සීයා සිංහල ගුරුවරයෙක් - වරක් සීයා උගැන්වූ පංතියේ ළමයෙක් "ගොනා තන කයි" ලිව්වාලු - සීයාගේ පිළිතුර වී ඇත්තේ "තන කනවා නම් ඌ ගොනෙක්ම තමා" යන්නයි

    ReplyDelete
    Replies
    1. මේ කතාව අහලා ඇතිනේ.

      ගොනා තණ කයි වාක්‍යය බහු වචනයට හරවන්න කියා ගුරුවරයා කීවාම ඇම්ඩන් ගොන්නු තන දෙකම කති කියලා ලිව්වාලු!

      Delete
    2. රසික,
      එළදෙනට සතරකි. කාන්තාවට දෙකකි. මේ මොනවාද?

      Delete
    3. ගොනා කයි. මිනිහාත් කයි. මේ මොනවාද?

      Delete
    4. එළදෙනට සතරකි. කාන්තාවට දෙකකි = කකුල්

      Delete
    5. ගොනා කයි. මිනිහාත් කයි = තම්පලා

      Delete
    6. පිළිතුරු නිවැරදිය.
      - Anonymous30 September 2016 at 14:31

      Delete
  7. Q: How do you get ten English teachers to agree on the best teaching method?
    A: Shoot nine of them.

    ReplyDelete
    Replies
    1. එක මතයක් දරන ඉකොනොමිස්ට්ලාත් දෙන්නෙකු හොයා ගන්න බෑ ය කියනවා නේ!

      Delete
  8. අයියෝ, මා කියවන බ්ලොග් ලයිස්තුවට මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ඒ විජට් එක සම්පුර්ණයෙන් ඉවත් කරගත්තද?? වැරදිලා අර පෝස්ට් එක කල් දාන කොට ඒක අයින් කරාද දන්නෑ වෙරි පිට.. කෝම උනත් ලොකු අපරාදයක් ඒක අපි වගේ අයට...

      Delete
    2. මං ඇල්ලුවේවත් නෑ ලේඅවුට් එක. මොකක් වුණාද මන්දා?

      දැන් වැඩේ තරමක් ගොඩ දා ගත්තා!

      Delete
  9. ඉරකි තිතකි
    මොකක්ද රසික ප්‍රශ්නේ?

    ReplyDelete
    Replies
    1. පාස්වර්ඩ් එක වෙනස් කරන්න වෙයිද?
      ;-)

      Delete
  10. මම බ්ලොග් අප්ඩේට් බලාගන්නෙ රසිකලොජියෙන් සහ රාජ්ගෙන් දැන් මාරකේස් එක​.

    ReplyDelete
    Replies
    1. දැන් වැඩේ තරමක් ගොඩ දා ගත්තා!

      තවම අසම්පූර්ණයි.

      Delete
    2. අවුල මොකද්ද?

      Delete
  11. ඉංග්‍රීසි සර්ලා ගැන පට්ට අත්දැකීම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කෝ බ්ලොග්?

      දැන් පෙම් කවි විතරද?

      Delete
  12. ඕක මොකද්ද අපට අටේ පන්තියෙදි අවුරුද්දටම ඉගැන්නුවෙ සින්දුවක් විතරයි.

    ReplyDelete
  13. ලංකාවේ ගොඩක් පාසල් වල තත්වය ඕකයි

    ReplyDelete
    Replies
    1. All schools are equal but some schools are more equal than others!

      Delete
  14. අලුත්ම පොත,
    ඇනෝ කෙසෙල් ගහට හොටෙන් කොටන මග - මහාචාර්ය මාතලන්

    ReplyDelete
  15. රසික මොකේ මේ හීන් නූලෙන් ගහන පෝස්ට් දාන්නේ.
    මාතලන්ට කීපයක් දාල ඌව අවුස්සලා නැති කරලා දැම්මා . දැන් පැරාව අල්ලගන්න හදනවද?
    ඕව කැත වැඩ.

    ReplyDelete
  16. දැං ත්තතේ වෙනස්. ඊ පහට ඉගැන්විය යුතුයි. ටීචින්ග් ලර්නින්ග් ප්‍රෝසෙස්. ඉංගිරීසි ලෙසන් එක තනි කරම ප්‍රැකක්ටිකල් එකක්. ඩික්ටේෂන් නෑ. සීඒටී කැට්ලා දැන් නෑ. දැං ක ඇ ට - කැට්...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.