Sunday 18 September 2016

පැරණි ඡායාරුපයක් සහ සොඳුරු මතකයක් - A fading photo and a lasting memory


අල්විස් පොකුණ යනු පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය සැලසුම් කළ නිර්මාණ ශිල්පියා සිහිවෙනු පිණිස නම් කර ඇති විශ්ව විද්‍යාලයේ ඇති එක් ප්‍රසිද්ධ සලකුණකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය භූමිය හරහා දිව යන ගලහ පාරේ පිහිටා ඇති මේ අල්විස් පොකුණ අසල දී ගන්නා ලද ඡායාරූපයක් ෆේස්බුක් හි බෙදා ගෙන තිබෙනු ඊයේ දැක මගේ අතීතකාමය අවදිවිය.

ඉහත දැක්වෙන ඒ ඡායාරූපයෙන් පෙන්වන්නේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පිරිසක් විසින් තම සගයෙකුව ඒ පොකුණේ නහවන ආකාරයයි.

විශ්වවිද්‍යාල බසෙන් "පොන්ඩ් කිරීම" ලෙස හැඳින්වෙන මේ සිරිත විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ ක්‍රියාවෙයි යොදවන්නේ අලුතෙන් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් සගයෙකු සඳහා ය. විශ්වවිද්‍යාලයේ පිහිටා ඇති පැරණි ශාලා සැමෙකක ම පොකුණු පිහිටා ඇති වුව ද, නවක ප්‍රේමවන්තයා අල්විස් පොකුණ කරාම කැටුව විත් මෙලෙස "පොන්ඩ් කිරීම" සිරිත වේ. මෙය එක්තරා ආකාරයක බෞතීස්ම කිරීමක් සේ ද සැළකිය හැකි ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මා ගත කළ සිව් වසරක සහ දෙමසක කාලය තුළ මා කළ කී දේ ගැන පෙර ලිපියක ලියා ඇත්තෙමි.

http://rasikalogy.blogspot.com/2015/06/what-did-you-do-at-peradeniya-university.html

ඒ වාර්තා කෙසේ වෙතත්, මට ද පළමු වසරේ එක් දිනයක මේ අල්විස් පොකුණේ සීතල වතුරෙන් නා ගැනීම සිදු විය.

මේ ඒ සිදුවීම එදා කවි බසෙන් මා සටහන් කළ ආකාරයයි.

ඒක දිග කතාවක්

ලෝකය කුරිරුය
කටුකය රුදුරුය

නිදහස අහිමිව
සිව් අවුරුදු සිර දඬුවමක් නියමව

හැම අතම අසහනය

... ...

අල්විස් පොකුණේ වතුර සීතලය
මල් පෙති සිනිඳුය
ලෝකය සොඳුරුය෴


ඒ වගත් මෙසේ ම,

-රසිකොලොජිස්ට්

ප/ලි
මගේ අතීතාවර්ජනය එසේ වුව ද, 1988-89 භීම සමයේ දී මේ පොකුණ වටා, විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් ගේ යැයි පැවසෙන සිරුරෙන් වෙන් කරණ ලද හිස් ගෙඩි රාශියක් ද ප්‍රදර්ශනයේ තබා තිබුණු බව ද අසා ඇත්තෙමි.

27 comments:

  1. අල්විස් පොකුණේ ගෙම්බෝ ඉන්නවද රසික?

    ReplyDelete
    Replies
    1. ඇයි ඕයි රසිකට වඩා ගෙම්බෙක් තවත් කොහෙද ඉන්නේ?

      Delete
    2. මැදමුලනේ මුර්ගයා විසින් මෙම උත්සවය පැවැත්වෙන අවස්තාවේදී ගෙම්බන් සමග එක් වී මෙයට පැමිනි ඉන්දීය නලු නිලියන් බිය කොට මරාදැමීමේ දරුනු කුමන්ත්‍රණයක නියලී සිටියේ කාටත් හොර රහසේය එයට හේතුව තමන්ට ජනාධිපතිවරනයේදී උදව් කර සල්මන් හා ජැක්ලින්ට මේ උත්සවය සදහා ආරාදනා නොකිරීම නිසාය..ඉන්දීය නලු නිලියන් මරා දමා පවතින රජය හා හිරු ටීවී ආයතනය ජාත්‍යන්තර ඉදිරියේ අපරාධයකරුවන් බවට පත් කිරීම මුර්ගයාගෙ අරමුණ විය මීට පෙර සින්හල රැප් ඇසූ ඉන්දීය ජාතිකයන් කොල බොක්ක පිපිරී මිය ගිය බව මුර්ගයාට දැන්ගන්න ලැබුනි .මුර්ගයා කාටත් රහසින් හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝර්ඩ්ස් සදහා kaizer ගේ සින්හල රැප් ගීතයක් ඇතුලත් කරේ මේ අරමුණ ඇතිවය නමුත් අවාසනාවන්ත ලෙස kaizer සිර ගත වීම නිසා මුර්ගයාගේ සැලසුම් අසාර්ථක විය තවද තක්ශල සදරුවන්, kg දිනුශ්ක හා වේ* කල්ලිය සිටියේ විදේශ ගතව නිසා ඔවුන්ද ගෙන්වා ගත නොහැකි විය. නමුත් ඉන් නොසලුන මුර්ගයා සින්හල රැපට බෙහෙවින් සමාන නාදයකින් ගෙම්බන් සබ්ද කරන නිසා නෙලුම් පොකුණට ගෙම්බන් රංචුවක් මුදා හරින ලදී නමුත් රන්ජන් මැතිදුන්ගේ දුර දක්නා නුවන නිසා මෙවරද මුර්ගයාගේ අති බිහිසුණු සැලසුමක් වියර්ත විය රන්ජන් මැතිදුන්ගේ උපදෙස් අනුව කනේ පුලුන් කැබලි ගසා ගත් ඉන්දීය නලු නිලියන් තම ජීවිතය බේරා ගත්තේ ආශ්චර්යයකිනි.....රන්ජන් මැතිදුන් ගැන ආඩම්බරයි

      Delete
    3. නිර්නාමික පාඨකයිනි,

      පාඨක ප්‍රතිචාර වාරණය පිළිබඳ රසිකගේ ඇති ලිහිල් ප්‍රතිපත්තියෙන් අයථා ප්‍රයෝජන නොගත්නා සේ කරුණාවෙන් ඉල්ලා සිටිමි.

      Delete
    4. Anonymous18 September 2016 at 19:46,
      it is somewhat classic?

      Delete
    5. //පාඨක ප්‍රතිචාර වාරණය පිළිබඳ රසිකගේ ඇති ලිහිල් ප්‍රතිපත්තියෙන් අයථා ප්‍රයෝජන නොගත්නා සේ කරුණාවෙන් ඉල්ලා සිටිමි.//

      වාරණේ කොළොත් ඉතින් මොනාද මේ ලියපු හෑලි බලන්නේ? ඕනෙනම් රසිකගෙ පිට කහන හතර පස් දෙනෙක් එවි. ඉතින් එතකොට බ්ලොග ලියනවට වැඩිය හොඳයි බුකියේ ගෲප් චැටක් දා ගත්තනම්. කට්ටිය වැඩිපුර එන්නෙ මේ ඇනෝලගේ ගොං ආතල් බලන්නම තමයි ඉතිං !

      Delete
    6. @Anonymous 18 September 2016 at 17:51

      අල්විස් පොකුණේ ගෙම්බන් එකල සිටි නොසිටි බව හෝ දැන් තත්වය හෝ නොදනිමි!

      Delete
  2. ඔය කියන විදිහට තමුන්නැහැටත් ඔය පොකුණෙන් නාන්න උනේ “කෑල්ලක් සෙට්වෙලා“ වෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. නාන්න නම් ඉතිං සබන් කෑල්ලක් තමයි ඕනෑ!

      Delete
  3. රසිකයාණෙනි,

    මේ පේරාදනි සරසවිය ලක ගහ නිමවුමෙහි (ගෘහ නිර්මාණ ශිල්පයෙහි) අවජාත පලයක් ලෙස දකිමි.මා කමා කල මැනවි. මෙහි පුද්ගල පහරදීමක් නොවේමය.

    මා මතක නිවැරදිනම් ලියැවි පෙර පුවත අනුව මෙහි මුල් තැන ගත් ගහ නිමැවුම්කරු (architect) වනුයේ සිරිමත් පැට්‍රිකයානන්ය (Sir Patrick Abercrombie).

    අල්විස සිරිමතුන් හේ නිමැවුම් සහයක සගගයකු යැයි සිතමි. කෙසේ වුව මා ඔබ සරසවියේ ගහ නිමැවුම දකිනුයේ සිරිලක ගහ නිමවුම් පුරවතෙහි සිදුවූ නොමනා සසඟකින් උපන් අවජාත දරුවෙකු ලෙසය.

    අඩිතාලම අනුරපුර යුගයේ සිට කැණිමඩල නුවර යුගය දක්වා දිවෙන තර්ක රිසි නොවෙන මෙවන් ගහ නිමවුමක් මෙතක් නොවීය.

    එමෙන්ම "අලවිස සුළු පොකුණ" වට හෙබි දහසයට නොඅඩු තුරුණු මානවික මානවිකාවන් ගේ සිරස් කැල ගැන ඉන් පෙර රක්ත විප්ලවය පිලිබඳ එවකටද සැක සංකා පහල කල අප එවකට ඔබ සරසවියෙහි කණිටු ලිවි අදියුරු නාගහවත්තයාන් ගැනද දැනුවත්ය. ඔබ කියන හිස් "අලවිස සුළු පොකුණ" වට පහල වූයේ නාගහවත්තයාන් ගිනි දඬු බලෙන් දිවංගත කිරීමේ අනුහසින් බව ඔබ නොදන්නා හැඩය.

    සගය, මේ බසින් මේ ලියනුයේ තොප හා තවත් මානවකයකු සමග මේ දිනෙහි වන ගැටුමට සබැඳිවීමට ඇති නොකැමැත්ත හේතුවෙනි. මේ සබැඳි ගතයුතු නොවෙන අදහස් මැකීම මනාය.































    ReplyDelete
    Replies
    1. විශ්වවිද්‍යාලයේ දී මගේ වාසය වැඩි වශයෙන් තිබුණේ මහවැලියෙන් අනෙත් පස නිසා මේ පොකුණ පිළිබඳව ලොකු මතකයක් නෑ. නමුත් එය අවලස්සනයැයි මා නම් කියන්නේ නැ.

      ඇත්තටම මට නම් අක්බාරය සහ නවකලාගාරය හැර එකල තිබුණු හැම ගොඩනැගිල්ලම පියකරුයි!

      Delete
    2. රසිකය ,

      මම Anonymous19 September 2016 at 02:51 වෙමි. මා අදහසට නිසි පිළිතුරු නොලදිමි.

      මා විමසනුයේ සිරිමත් පැට්‍රිකයානන් (Sir Patrick Abercrombie) සහ අලවිසුහු තැනු සරසවියෙහි ලකුණු හෙළ ලකුණු හා කෙසේ සමවෙද යන්නය. ඉංජිනේරු රසික මුක බැඳුමකය. සැබවින්ම මුඛ පූට්ටුවකි.

      රසිකය, තෙපි ඇති දේ විමසන "ප්‍රගල්භ ප්‍රාශ්නියකකු" ලෙස දුහුනන් විසින් සලකනු ලැබූ කලක් විය. එකල දැන් අහවරය.

      මේ වත්මන සිරි සඟබෝ සොයුරු සහ හේ ගෙල නොඉල්වූ කනිටු සොයුරු රජ පැමිණවීම් වස් කෙරෙන නොවක් තැතකි. ඒ වන්නාමය !!!

      එකල තෙපි "වාලධිය" "පසු අඩෙහි = පශ්තාත් භාගයෙහි" නොරුවා හිඳිනු දැක්මට කැමැත්තෙමි.


      Delete
  4. බොහොම සන්තෝසයි රසික.

    එක නෙමෙයි,
    ඒ කාලේ තිබ්බා කියන උප සංස්කෘතිය දැන් තියෙන උප සංස්කෘතිය මද? නැත්තන් ඊට වඩා වෙනස් ද?

    ReplyDelete
    Replies
    1. සංස්කෘතියක් යනු වෙනස් වෙන එකකි. එක තැන තියෙන්නක් නොවේ. උදාහරණයක් ලෙස අද අප සිංහල සංස්කෘතිය කියා සළකන සමහර දේ මීට වසර සියයකට පෙර තිබී නැත.

      විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ගත් කළ බොහෝ දෙනා එහි රැදෙන්නේ වසර තුන හතරක් පමණක් වැනි මිනිස් ජීවිතයක් හා සාපේක්‍ෂව ඉතා අඩු කාලයක් නිසා, විශ්වවිද්‍යාල (උප) සංස්කෘතිය ඉතා වේගයෙන් වෙනස් වන්නක් බව කිව හැක.

      මෙහදදී සංස්කෘතිය යනුවෙන් අදහස් කෙරෙන්නේ

      Delete
  5. රසිකයාණෙනි,

    "අලවිස සුළු පොකුණ"ටැ පේරාදෙණි විදුහරුන් රෑ කලැ සුළු දිය හෙළනැ බැව් අසා ඇත්තෙමු. තොපැ ඊට හෙළැ විටැ සීතක් දැනෙන්ටැ ඇත්තේ උන්ගේ සුළු දියැ වියැ හැක්කේයැ. ගඳක් නොදැනුනේද පිය සබඳ?

    ReplyDelete
    Replies
    1. මොනැ ගඳෙක්දැ පියැ සබඳැ,

      රසිකැයාණන්ගේ පිපාසා සංසිඳුවෝනම් එමැ සුළුදියැ පොකුණැ මිසැ අන් කවැරැක් දැ? උහු සුළුදිය රසටැ අමැ මෙන් පියෙයැ.

      Delete
    2. මා දන්නා තරමින් මේ පොකුණු එකම වතුර සැමදා පල්වෙන වතුර කඩිති නොවේ. මනා ජල සම්පාදනයෙන් යුතු වූවකි.

      Delete
    3. මොනැ ජලැසම්පාදනැයෙක්ද රසිකැ_යාණනි? අපැ දන්නා පරිද්දෙන් නම් පේරාදෙණි විදුහුරුවන් මෙන්මැ එමැ පොකුණු දැ සදා එකතැනැ පල් වෙනැ ඇල්ගී ඈ නෙකැ අපුලැ රුකෙන් පිරිපුන් දුගඳැ හමනැ මඩ ගොහොරු යැ. ඔබැ වැනි මඩෙහි ලගිනැ මඩ කරියනටැ එබඳු බිබත් (භීභත්ස්‍ය) රසැ මවනැ කැතැ කුණු පොකුණු අම මී බැව් දනිමි යැ. එබැවින් එසේ සිතුවෙම් යැ. අපටැ වැරැදී නම් කමා කරන්නැයි ඉල්ලම් යැ.

      (අපැ කළේ සුළු විසුළුවැකැයි ඔබටැ වැටැහැන්නැටැතියැ සිතම් යැ. ඔබැ සිත් රිදුම් නම් නැවැතැ කමන්නැයි කියැමි යැ.) :D

      Delete
  6. බැලූ බැල්මට විද්‍යාර්ථින් නොව උසස් පෙළ සිසුවන් වැනි පෙනුමක් ඇත - පාසැල් නිල ඇඳුම වැනි ඇදුම් නිසා විය හැක

    ReplyDelete
    Replies
    1. මෙය දිගු කලකට පෙර ගන්නා ලද ඡායාරුපයකි.

      අපේ කාලයේ අගෝස්තුවේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාලයට යාමට ලැබුණේ ඊළඟ වසරේ ඔක්තෝබරයේ වූ නමුත්, ඊට පෙර අප්‍රියෙල් විභාගයෙන් ඔක්තෝබරයේ විශ්වවිද්‍යාලයට යන කාලයක් ද තිබී ඇත.

      ඒ නැති වුණත්, පාසල සහ විශ්වවිද්‍යාලය අතර ඇත්තේ වසර එකහමාරක වෙනසකි.

      මුල් සති කිහිපයේ නවකවද සමය තුළ සුදු ඇඳීමට නීතියක් අපේ කාලයේ තිබුණි. ඒ සඳහා පාසල් කාලයේ ඇඳි සුදු ඇඳුම් ද අප ලඟ සුරැකිව තිබුණි.

      මේ පළමු වසරේ සිසුවෙකු හිච් වූ අවස්ථාවක් බව නිගමනය කළ හැක.

      Delete
  7. මේ විකාර හින්ද මාතලන් ගැන කතා කරන්න අමතක වෙනව.

    ReplyDelete
    Replies
    1. නිර්නාමික පාඨකයිනි,

      පාඨක ප්‍රතිචාර වාරණය පිළිබඳ රසිකගේ ඇති ලිහිල් ප්‍රතිපත්තියෙන් අයථා ප්‍රයෝජන නොගත්නා සේ කරුණාවෙන් ඉල්ලා සිටිමි.

      Delete
  8. ඇත්ත තමයි, මේ විකාර හින්ද මාතලන් ගැන කතා කරන්න අමතක වෙනව නේන්නම්.
    - මීට රජ මගුල් කන හබන් කුකුලන්ගේ සංගමයේ කාරක සභික

    Reply

    ReplyDelete
    Replies
    1. නිර්නාමික පාඨකයිනි,

      පාඨක ප්‍රතිචාර වාරණය පිළිබඳ රසිකගේ ඇති ලිහිල් ප්‍රතිපත්තියෙන් අයථා ප්‍රයෝජන නොගත්නා සේ කරුණාවෙන් ඉල්ලා සිටිමි.

      Delete
  9. අල්විස් පොකුණ ගැන අහල තියෙන්නෙ ඒක වටේ ශිෂ්‍යයන්ගේ ඔළු තියපු කතාව නිසයි.
    'පානීය තත්වයේ නොවන ජලපොකුණකින් තමාගේ කැමැත්තකින් තොරව බලය යොදා නැහැවීම සහ මානව අයිතිවාසිකම් + කුහකත්වය' වගේ මාතෘකාවකින් කොමෙන්ට් එකක් නැති උනේ මොකදෑ කියලයි ගස්ලබ්බ මේ කම්පනා කොරන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  10. Anonymous19 September 2016 at 02:51 හෙවත් හෙළුවෙන් වනන සුමිතුරානෙනි,

    මේ නිමයුම නොමනා සසඟකින් උපන් අවජාත දරුවෙකු ලෙස නොසිතන්න.
    සිරි ලක මෙවැනි මනරම් කඳුකර පෙදෙසකට උචිත ලෙස සිත්කළු බුහුතාන (Bhutan) ගහ නිමවුව අනුව සිදුකල දෙයක් ලෙසම මෙය දකින්න.
    මෙවැනි තවත් සරසවියක් මා දන්නා තරමට ඇත්තේ ටෙක්සාස් ජනපදයේ ඇල් පාසෝ නුවර පිහිටි සරසවියයි.
    පියකරු මහවැලිය මේ සරසවියට අබරණක් වන්නේ කෙලෙසද රමණීය රියෝ ග්‍රාන්දේ මහා නදිය ඇල් පාසෝහි සරසවිය සරසයි.
    (ඔබ පවසන 'අලවිස' යන්න හෙළ හවුලේ 'අලවුඉස' ලෙස ම අසා තිබෙනවා.)
    ඔබට ජය වේවා!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.