Friday 16 September 2016

හෝඩියේ පන්තියේ ගුරුවරිය එදා කළ දේ කුමක්ද? - Words can generate fear...!


මොකක්ද ටීචර් අර ළමයට කිව්වේ?

ඒ ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු විසින් මා ලියූ "බලු මිනිසා, මිනිස් බල්ලා" ලිපිය කියවා ඇසූ ප්‍රශ්නයකි. ඔහු (හෝ ඇය) ඒ අසන්නේ මගේ පෙර කී ලිපියේ ඇතුළත් වුණු රේඛා චිත්‍ර ද්වය ඇඳ පෙන්වා අදාළ ගුරුවරියට මගේ විරෝධය දක්වන්නට තරම් එදා වයස අවුරුදු පහමාරක කුඩා ළමයෙකු වූ මගේ සිත කෝපයට පත් කිරීමට තුඩු දුන් ගුරුවරිය කළ ක්‍රියාව කුමක් ද යන්නයි.

මේ ඒ ප්‍රශ්නයට පිළිතුරයි.

ඇත්තටම මගේ හෝඩියේ පන්තියේ ගුරුවරිය සිසු සිසුවියන් කිසිවෙකුට ශාරීරීකව දඬුවම් දීමක් හෝ වැනි දෙයක් එදා කළේ නැත. මගේ මතකයේ හැටියට ඇය ළමුන්ට දඬුවම් කළ අයෙකු නොවේ.

ඇය එදා කළේ තර්ජනයකි. සරලව සලකා බලන කළ කේන්තියට කී කතාවක් යැයි සමහරු බැහැර කිරීමට ඉඩ ඇතත්, වචනයේ අර්ථය ප්‍රායෝගිකව ගතහොත් නම් ඒ තර්ජනය ඉතා දරුණු එකකි.

මා කියන මේ හෝඩියේ පන්තිය යනු එකල පාසලේ පළමුවෙනි ශ්‍රේණියයි. එනම් පහළම පන්තියයි. එහි සිටි සිසුන් සියලු දෙනා ම පාහේ වයස පහේ කුඩා වුන් ය. අද ලංකාවේ ක්‍රමයට මෙය පළමු වසර යනුවෙන් හැඳින්වේ යැයි සිතමි.

මා ඊයේ රසිකොලොජි ලිපියේ ලියූ පරිදි මා උගත් ඒ කොස්සින්න ශ්‍රී ශීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ එකල සම්මත නිල ඇඳුමක් නොතිබුණි. මේ කාලයේ පාසල් යාමට අම්මා මා සැරසූවේ පොප්ලින් රෙදිවලින් නිවසේම මසන ලද, ඉලාස්ටික් දැමූ කලිසම් කොටවලිනි. මගේ උඩු කය සැරසුණේ ඒ ආකාරයේ ම අත් කොට කමිසවලිනි. මට තද රෙද්දෙන් ටේලර්ලා මසන ලද කලිසම් ද, සම්මත අච්චුවේ කමිස ද අඳින්නට ලැබුණේ තුනේ පන්තියේ දී ය.

පන්තියේ සිටි ගෑල්ළමුන් පාසලට සැරසී ආවේ සාමාන්‍ය චීත්ත ගවුමිනි. ඒවා ඒක වර්ණ වූව ද, කිසි සේත්ම, රැළි දැමූ යුනිෆෝම් නම් නොවුණි. බොහෝ ගෑල්ළමුන් ඇන්දේ ඒ දිනවල "කොට්ට උර" නමින් ප්‍රචලිත වූ මෝස්තරයේ (shift) ගවුම් කෑලි බව මගේ මතකයයි.

අර කලකට පෙර ප්‍රකට වී සිටි බණ තලන, විනය තකන පිටකොටුවේ සාදු ගේ අර්ථනිරුපනය අනුව මේ කොට්ට උර ගවුම් යනු උඩිනුත් ඒසී, යටිනුත් ඒසී නොහොත් ඩබල් ඒසී මෝස්තරයේ ගවුම් විශේෂයකි. (ඇත්තටම කෝ ඒ සාදු?)

දිනක් ප්‍රඥාවතී ගුරුවරිය අපට, චීත්ත මෝසතරයක් ඇඳීම හෝ පොත බලා අකුරු ගල්ලෑල්ලේ ලිවීම වැනි, කිසියම් කාර්යයක යෙදෙන ලෙස නියම කර පන්තියේ ඉදිරිපස අප දෙසට මුහුණ ලා පිහිටුවා තිබුණු ඇගේ ලියන මේසය අරා අසුන් ගෙන තමන් ද යම් කාර්යයක නිරත වී සිටියා ය.

පන්තියේ පිටුපස පේළියක සිටි ගෑල්ලමයෙකු ඉදිරියට පැමිණ ගුරුවරියට පිටුපා නැමී, පන්තියේ ඉදිපස පේළියේ සිටි වෙනත් ළමයෙකු සමග කුමක් දෝ කරුණක් කතා කරන්නට පටන් ගත්තා ය.

අපි කුමක් හෝ අපේ කාර්යයේ නිරතව සිටියෙමු.

එක් වරම ඇසුණේ ප්‍රඥාවතී ගුරුවරිය තදින් කෑ ගසන හඬයි.

"හුහ්, ඔහොමද එන්නේ ඉස්කෝලේ? මීට පස්සේ දැක්කොත් පස්ස පැත්ත පුච්චනවා!"

සිදුවූයේ කුමක්දැයි අපට කිසිවක් එක්වරම හිතා ගත නොහැකි විය.

ඒ වන විට පන්තියේ ඉදිරියට පැමිණ ගුරුවරියට පිටුපා නැමී, පන්තියේ ඉදිපස පේළියේ සිටි වෙනත් ළමයෙකු සමග කුමක් දෝ කරුණක් කතා කරමින් සිටි මා පෙර කී ගෑල්ළමයා ඇයට හිමි පන්තියේ පිටුපස පේළියට දිව ගොස් වාඩි වූ වා ය.

අප පසුව දැනගත් පරිදි සිදුවී ඇත්තේ මෙයයි.

ඒ ගෑල්ළමයා එදින පාසලට පැමිණ ඇත්තේ යට ඇඳුමක් නොමැතිව, පෙර මා කී, කොට්ට උර මෝස්තරයේ කෙටි ගවුම පමණක් ඇඳ ගෙන ය. පන්තියේ ඉදිරියට ගොස් ගුරුවරියට පිටුපා නැමුණු පසු ඇගේ නිරුවත් පසුපස ප්‍රදේශය නිරාවරණය වී ඇත.

ප්‍රඥාවතී ගුරුවරිය ගේ තර්ජනයට හේතුව වූයේ එයයි.

පස්ස පැත්ත පුච්චනවා යන තර්ජනයේ දරුණු බව සිහි වී, ඇය ඇත්තටම එසේ කරාවි ද යනුවෙන් මා සිත තුළ බියක් සහ කෝපයක් ඇතිවන්නට ඇත.

මා "බලු මිනිසා සහ මිනිස් බල්ලා රේඛා චිත්‍ර" ඇඳ ගුරුවරියට පෙන්වා දැක්වූයේ ඒ අමානුෂික තර්ජනයට මගේ අහිංසක විරෝධයයි.

-රසිකොලොජිස්ට්

(image: https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSFgah58ta4gBfXI-juITUi1RWcZEE3sV2Do09mGy4W2Sqjlp7C)

22 comments:

  1. ටීචට ඉරිසියා හිතෙන්න ඇති එයාට ඒ වගේ පෙන්නන්න බැරිවීම ගැන එයා පුංචි කාලේදී.

    නංගී නංගී යටට ජංගියක් අඳින්න//

    උඹේ බට්ට පෙනෙයි කොල්ලෝ දකියි උඹට Huකාවී//

    කියලා සින්දුවක් අපි කොලේජ් යනකොට කියුවා.

    ReplyDelete
    Replies
    1. "බට්ට පෙනෙයි දොට්ට පනී අල්ලෙං වහගන්න" අපි කිව්වෙ එහෙමයි

      Delete
    2. ඉතුරු ටික

      ඔය තරමට මයිල් මොකද චිච්චියේ හා හා චිච්චියේ
      දිග වැඩිනම් අතුල්ලන්න බිච්චියේ හා හා බිච්චියේ

      කවුරු හරි මතක තියන එකෙක් දාපල්ලා ඉතුරු ටික.

      Delete
    3. ඕක ගයන්න වෙනෙ ජීඇස්බී රාණි පෙරේරා ගයන ඉන්දියන් කොපි සින්දුව "සැන්ගී සැන්ගී ඈත සූර්යයා දිලෙන්නා" තාලෙට නේද බන් රාජෝ & ඇනෝ බුවෝ.

      නංගී නංගී යටට ජංගියක් අඳින්න - උඹේ බට්ට පෙනෙයි දොට්ට පනී අල්ලෙං වහගන්න...

      මතක විදිහට කිව්වෙ ඔන්න ඔහොමයි. තැන්ක්ස් මතක් කොලාට.

      Delete
    4. හරියට හරි මචෝ. ඒක තමා ටියුන් එක. හැක්.

      Delete
    5. /* අපි කොලේජ් යනකොට */

      හා, හා!

      ලෝ කොලේජ් නොවෙයි නේද?

      කරෙන් දැනේ!!

      Delete
  2. ඈ මයෙ රසික පුතේ,
    උඹලත් ඒ කාලෙ ජංගියට යටින් මොනවත් ඇන්දැයි? අපේ කාලෙනං දිය ලණුවයි හිරට අමුඩෙයි. එකනෙ මයෙ පුතේ මං අදටත් මේ වයසෙදිත් වේලිච්ච දෙල්කොල හිල් වෙන්න බඩදිය බාන්නෙ. ඒ කාලේ ඔය පොඩොස්සියො යටට මොනව අන්දැයි මයෙ පුතේ ?

    මටත් අර නොසන්ඩාලයො කියන කවියක් ඇහිල තියනව.

    "මගෙ රත්තරං හෙලේනා
    ඇඳපන් ජංගි වෙලෝනා"

    ඒ කොයි ජංගි ද මයේ පුතේ ?

    - මං මේ කිරිඅප්පු මු(_)ත්ත

    ReplyDelete
  3. ඈ මයෙ රසික පුතේ,
    උඹලත් ඒ කාලෙ ජංගියට යටින් මොනවත් ඇන්දැයි? අපේ කාලෙනං දිය ලණුවයි හිරට අමුඩෙයි. එකනෙ මයෙ පුතේ මං අදටත් මේ වයසෙදිත් වේලිච්ච දෙල්කොල හිල් වෙන්න බඩදිය බාන්නෙ. ඒ කාලේ ඔය පොඩොස්සියො යටට මොනව අන්දැයි මයෙ පුතේ ?

    මටත් අර නොසන්ඩාලයො කියන කවියක් ඇහිල තියනව.

    "මගෙ රත්තරං හෙලේනා
    ඇඳපන් ජංගි වෙලෝනා"

    ඒ කොයි ජංගි ද මයේ පුතේ ?

    - මං මේ කිරිඅප්පු මු(_)ත්ත

    ReplyDelete
  4. මයෙ පුතේ,
    අර දෙ අංසෙට පුඩු තියෙන "පැණි අමුඩත්" ඒ කාලෙ තිබ්බැයි? අම්මප මං දවසක් ඕක කුඹුරට මැහි තෙල් ගහන්න නාහෙට බැඳගෙන උන විනම්බෑසියක්!

    - ආයිත් මං මේ කිරිඅප්පු මු(_)ත්ත

    ReplyDelete
    Replies
    1. කිරිඅප්පු = මාතලන්

      Delete
    2. "මාතලන්" දෙමළ චිත්‍රපටයක අනුකරණයක්ද?

      Delete
    3. ඔව්. මාතලන් කියන්නෙ ‘මංගම්මා සබදම්’ [மங்கம்மா சபதம் - (1943 திரைப்படம்)] නමැති 1943 තිරගත වූ චිත්‍රපටයේ කොපියක්.

      Delete
    4. /////මංගම්මා සබදම් නමින් දෙමළ චිත්‍රපට දෙකක් තිබෙනවා. එයින් පළමුවැන්න 1943 වර්ෂයේ තිරගත වූ ටී. ජී. රාගවංචරී අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයයි. එහි රංජන්, වසුන්දරා දේවි, එන්. එස්. ක්‍රිෂ්ණන්, ටී. ඒ. මදුරන් රඟපෑවා. දකුණු ඉන්දියානු ජනකතාවක් ඇසුරින් තැනුණු මෙම චිත්‍රපටයේ කතාව ඇසුරෙන් සිංහලෙන් මාතලන් චිත්‍රපටය නිපැයුවා. අනෙක් මංගම්මා සබදම් චිත්‍රපටය නිපද වුණේ 1985 වසරේ. එය කේ. විජයන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ කමල් හසන්, මාදවී, සත්‍යරාජ්, සුජාතා රඟපෑ අතර එය කසම් පයිඩා කර්මේ වාලේ කී නම් හින්දි චිත්‍රපටයේ අනුකරණයක්. සිංහලෙන් 'නැවත අපි එක් වෙමු' තැනුණේ එම දෙමළ චිත්‍රපටය අනුසාරයෙනි. 1943 තැනුණු මංගම්මා සබදම් චිත්‍රපටයම 1965 වසරේදී ඒ නමින්ම තෙලිඟු බසින් නිර්මාණය කෙරුණා. වී. විට්ටලාචාර්ය අධ්‍යක්ෂණය කළ එහි එන්. ටී. රාමරාවෝ, ජමුණා, වානිස් ශ්‍රී ආදීන් චරිත නිරූපණය කළා./////////

      උපුටා ගැනීම එදත් අදත් වටිනා සිනමා පුවත්පතක්වූ සරසවිය තුලින්.

      Delete
  5. කිරිඅප්පු මුත්ත අද පෝය දවසෙ පන්සලට ගිහින් පිනක් දහමක් කර ගත්ත නම් නරකයැ මෙතන අපට පව් නොදී...?

    ReplyDelete
    Replies
    1. මම ඔය හිංගල බවුද්ද කාලකණ්ණි පට්ට ගෝත්‍රික අමු ජාතිවාදී කහකඩ බල්ලන්ගෙ බණ නාහන නියම රැඩිකල් අනාගමික කියුට් මුත්තෙක් හරිය. ඇයි අවුල් ද?

      - මං මේ කිරිඅප්පු මු(_)ත්ත

      Delete
    2. හපොයි හපොයි ! රසික පුතේ මං තමයි නියම කිරිඅප්පු මු(_)ත්ත.

      මං නං ඉඳහිට බණ පොඩ්ඩක් අහන්නෙ නැතුව නෙමෙයි. ඉඳහිට සිල් එහෙමත් සමාදන් වෙනව. සිල් ගන්න දවසට කලින් දවසෙ හවහ, අත වැඩියෙන් දුරුමිරිස් දාල දඩමසක් වේලෙන්න උයල තමයි පහුවදා පාන්දරින්ම නාල කියල සිල් ගන්න යන්නෙ.

      හැබැයි හවහ වෙද්දදි සිල් පවාරන කොරනව. ගෙදෙට්ට ඇවිත් ඇඟපත හෝදගෙන පලතුරු වඩියකින් මංම පෙරාගත්ත මසුරං වගේ බාගෙකුයි බීඩි මිටියකුයි ටේස් එකට මස් පීරිසියකුයි අරං ගේ පහල වැව ගාව මී ගහ යටට ගිගින් දරුම කාරණා මෙනෙහි කොර කොර සුට්ට සුට්ට බාගෙ අවසන් කොරන්න පටන් ගන්නව.

      ක්‍රමක් කරමයෙන් වැව් හුළඟ එක්ක මු(_)ත්ත මල් පදම කුමාර පදම පහුකොරල කුමාර පදමට ආවම ගෙදර යනව. අපේ උන්දෑ පලන්ගානට දඩමසුයි අනික් වෑංජනයි එක්කකොත ගහල බෙදල තියෙන බත් ඩිංග කාල බුලත් විටක් කාල ආයිත් බුදුන් සිහිකොරල දෙය්යන්ට වගේම මහින්ද මහත්තයටත් පිං දීල කුදහනව. පාන්දරින් නැගිටලා වත්තෙ පිටියේ වැඩපොළ තියනවනෙ.

      අපි බයියොනෙ මයෙ පුතේ. බයියො කවදත් පොළොවේ පය ගහල ඉන්න උන් නොවැ? ඇත්තටම පුරාණේ ඉඳන් උන් තමා රටට දෙයියො උනේ.

      ඔය ටොයියො කියන්නෙ මොක්කුන්ද මයේ පුතේ? මං දන්නා තරමින් ටොයියො කියල ජාතියක් නෑ.

      ඉන්නෙ පොයියො. ඒ හින්ද මයෙ පුතේ මින් පහු ටොයියො වෙනුවට පොයියො කියල ලියාපල්ල.

      - මං මේ කිරිඅප්පු මු(_)ත්ත

      Delete
  6. ආයෙ බොරු කිව්වොත් කට පූච්චනවා..!!
    උස්සල පොලොවෙ ගහනවා..!!
    කන පලනවා..!!
    කළුවර කාමරේට දානවා..!!
    පස්ස රත්වෙන්න දෙකක් දෙනවා..!!
    වගේම එකක්
    පස්ස පුච්චනවා..!!
    ගස්ලබ්බගෙ ඉස්කෝලෙ කොල්ලො විතරක් උන්නත් ලංකට් අඳින්න පුරුදු කරන්න ටීචර් ලාට ඔය වගේ අහිංසක බය කිරිලි කරන්න උනා මතකයි.
    පොඩි රසික වචනාර්ථය සිරා අරගෙන බය වෙන්න ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලංකට් ඇන්දේ නැත්නන් බිජ්ජ කපලා බිලින් අච්චාරු දානවා කියලා බය කොලේ.

      Delete
    2. පොඩි ළමයින්ට එවැනි තර්ජන කිරීම අතිශය කෲර යි.

      Delete
  7. ප්‍රඥාවතී ගුරුවරිය mmmmmmm

    ReplyDelete
  8. අපේ පාසලේ සිටි ගුරුවරියන් ගේ තවත් ඒ මොඩලයේ නම් දෙකක් මෙසේ ය.

    සීලවතී
    හේමාවතී

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.