Tuesday 20 September 2016

ගුරු ගීතය, ගුරු තරුව සහ උත්ප්‍රාසය - Writing and reading


නෑ, නෑ කලබල වෙන්නෙපා, මේ කියන්නේ ගුරු ගීතය ගැන නම් නොවේ!

ගුරු ගීතය නම් නවකතාවක් ගැන ෆෙස්බුකියේ අප්පිරියා වෙන තරමටම කතාබහ වෙනවා මා අසා ඇත. එය රුසියානු නවකතාවක පරිවර්තනයක් බව ද ඒ ඒ අවස්ථාවල දී සඳහන් වුණි.
රුසියානු පරිවර්තන කෘති බර තොගයක් මා කියවා තිබුණ ද කුමක් හෝ හේතුවක් නිසා මේ ගුරු ගීතය නම් කෘතිය (වාසනාවකට මෙන්) මට මග හැරී ඇති බව මට වැටහුණි.

වසරකට කිහිපයකට පෙර ලංකාවට ගිය දිනයක විශේෂයෙන් සොයා බලා මිලට ගෙන ගුරු ගීතය පරිවර්තන කෘතියේ ලංකාවෙන් පිටපතක් ගෙනාවේ ඒ ෆෙස්බුකියේ කරච්චලය නිසා ම ය.

නමුත් ඒ පිටපත ද පොත් රාක්කයක සැඟවී ගිය අතර මේ ළඟදී රුසියානු ගුරු ගීතය කතාව අනුසාරයෙන් නේපාලය වැනි රටක සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසුතල දර්ශන සහිතව නිපදවුණු සිංහල චිත්‍රපටයක් නම් නරඹන්නට ලැබුණි.

මේ කියන්නේ ඒ ගුරු ගීතය පරිවර්තන කෘතිය ගැන නොව ගුරු තරුව නම් වේදිකා නාට්‍යය ගැන යි.

පාසලක පවත්වන්නට ගිය සාහිත්‍ය දිනයක් මුල් කරගත් ගුරු තරුව නම් ඒ වේදිකා නාට්‍යයේ විඩියෝ පිටපතක් යූ ටියුබයේ තිබී අහම්බෙන් හමු වී මම පසුගිය දා නැරඹුවෙමි. ඒ නාට්‍යය රචනා කර නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්න විසිනි.

නාට්‍යයේ ප්‍රධාන චරිතය වන සාහිත්‍ය ගුරුතුමා (එම චරිතය නිරූපණය කරන්නේ කවුද කියා අමුතුවෙන් කිව යුතු නෑ නේද?) පාසලේ සාහිත්‍යය ඉගැන්වීමේ දී මුහුණ දෙන විවිධාකාර ප්‍රශ්න පිළිබඳ මතු කරන සාකච්ඡාව තුළින් මේ නාට්‍යයෙන් සිංහල සාහිත්‍යයට ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ හිමි වී ඇති කනගාටුදායක තත්වය ඉස්මතු කර පෙන්වා දෙයි.

ගුරු තරුව නාට්‍යය යූ ටියුබයේ නරඹද්දී මට එක්වරම සිහිවුනේ මෙම නාට්‍යයේ පෙළ (එනම් නාට්‍ය පිටපත) රැගත් මුද්‍රිත පොත මා සතුව තිබෙන බවයි.

ඒ පිටපත එසේ මෙසේ පිටපතක් නොවේ.

ජයලත් මනෝරත්න විසින් ම, අත්සන් කර මට ලබා දුන් පිටපතකි.



ගුරු තරුව නාට්‍ය පෙළ සහිත ඒ මුද්‍රිත ග්‍රන්ථය මට එසේ ලැබුණේ, ඉව්ජිනී ෂ්වාර්ට් (Evgeny Shvarts) ගේ ඩ්‍රැගන් (Dragon) කෘතිය ඇසුරෙන් හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ "මකරා" නම් වේදිකා නාට්‍යයේ ජයලත් මනෝරත්න විසින් කළ නව නිෂ්පාදනය සිනුවර සහ ඕස්ට්‍රේලියාවේ රඟ දැක්වීම සඳහා සූදානමක් පැවති සමයක, මා ලංකාවට නිවාඩුවක් සඳහා ගොස් සිටියදී ප්‍රචාරක කටයුත්තකට පසුව අවශ්‍ය වෙනු ඇතැයි සිතා ජයලත් මනෝරත්න නාට්‍යවේදියා සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීම පිණිස ඔහු ගේ බොරලැස්ගමුවේ නිවසට ගිය දිනයේ දී ඔහු ගෙන් තුටු පඬුරක් ලෙස ය.

ගුරු ගීතය පොත සැඟවී ගිය පොත් රාක්කයේ ම, ගුරු තරුව පොත ද සැඟවී තිබී මම පසුව සොයා ගතිමි.

පාඨකයෙකු ලෙස මා මුද්‍රිත සාහිතයෙන් දුරස් වී ඇති බව මට එවෙලේ හොඳින් වැටහිණි.

ඒ දුක්බර කාරණය මට වැටහීමට මූල් වූයේ ද සාහිත්‍යයේ අභාග්‍යය ගැන ම ලියවුණු ගුරු තරුව නාට්‍යය සහ එහි පෙළ රැගත් පොත නිසා වීම මෙහි ඇති උත්ප්‍රාසය දනවන කාරණයයි!

දැන් ඉතිං චිත්‍රපට සහ නාට්‍යය නරඹා ඇති නිසා මේ පොත් දෙක කියවීම තවත් කල් යනු ඇත.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ රූපවාහිනී නාලිකාවක ගුරුතරුව වේදිකා නාට්‍යය විකාශය වූ වීඩියෝවකි.



55 comments:

  1. ගුරු කියන්නේ ජ්‍යෝතිෂයේ බ්‍රහස්පති ග්‍රහයාට නේද?

    ReplyDelete
    Replies
    1. බ්‍රහස්පති යනු මිත්‍යාවක් නොවේ. එය අපේ සෞරග්‍රහ මණ්ඩලයේ එක් ග්‍රහලෝකයකි.

      සතියේ දිනයක් බ්‍රහස්පතින්දා ලෙස නම් කර ඇත්තේ බ්‍රහස්පති නොහොත් ජුපිටර් වෙනුවෙනි.

      බ්‍රහස්පතින්දා යන්නට ගුරුදින කියා ද කියනු ලැබේ.

      Delete
    2. ජුපිටර් තියෙන්නේ මීගමුවේ නේද

      Delete
    3. අඩේ අප්පා ඉස්සර තිබුනේ කුරුණාගල....

      Delete
    4. ගුරු එකට එන විට ශනී මාරු වේ

      Delete
    5. බ්‍රහස්පති මුල් කරගෙන " බ්‍රහස්පතින්දා " නම් කළා නම් Thursday ?? ඒක Jupitersday කියමුද?

      මීට
      හඳහන් ගයිඩ්.

      Delete
    6. @ Anonymous 21 September 2016 at 21:33

      ජුපිටර්ට කියන තවත් නමක් වන තෝර් කියන වචනයෙන් තමයි තර්ස්ඩේ සෑදී ඇත්තේ.

      Delete
    7. @අරූ
      ජුපිටර් තාම කුරුණෑගල තියනවා.වැල ටයිප් ෆිල්ම් තමා වැඩිහරියක් එන්නෙ.මොන කරුමෙකටද මන්දා 'බඹර වලල්ල' ෆ්ල්ම් එකත් ඕකටම නෙව ආවෙ

      Delete
    8. බඹර වළල්ල බලපු හොඳ ෆිල්ම් එකක්.

      Delete
  2. ඔව්, ජෝතිශයේදී ගුරු කියන්නේ බ්‍රහස්පති ග්‍රහයාට තමයි. පංච මහා යෝගවලින් එකක් වන "හංස / ගුරු හංස යෝගය" සඳහා ගුරු මූලික වෙනවා.

    සතර කේන්දරයෙන් තැනක හෙවත් එක, හතර, හත, දහය යන ස්ථාන වලින් එකක ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ස්වක්ෂේත්‍රව හෝ උච්චව සිටින්නේ නම් හංස යෝගය යි.
    ප්‍රිය ජනක පෙනුම, යහපත් කතා විලාශය, පැහැපත් අවයව, පෙර පින් බලය, සැප විඳීමේ වාසනාව හංස යෝගය තුළින් හිමිවෙනවා. අන්‍යයන්ගේ ගරු සැළකිලි ලබමින් දීර්ඝායුෂ භුක්ති විඳීමට හැකිවෙනවා. මොවුන් පුණ්‍ය කටයුතු, වෙනත් අධ්‍යාත්මික කටයුතු කෙරෙහි බොහෝ විට නැඹුරු වෙනවා. ශ්‍රේෂ්ඨ ගුරුවරුන්, උපදේශකයින්, නායකයින් බවට පත්වීමට අවශ්‍ය වාසනා බලය හංස යෝගය තුළින් හිමිවෙනවා. හදවතට එකඟව, ප්‍රතිපත්තිගරුකව හා යුක්තිගරුකව කටයුතු කරන ගුණය මොවුන් වෙතින් දැක ගැනීමට හැකිවෙනවා. නියම බලැති හංස යෝගය පුද්ගලයෙකු ඉහළ තලයකට පත් කරවනවා. භව භෝග සම්පත් වලින් යුක්තව සමාජයට වැඩදායක ජිවිතයක් ගත කිරීමට හංස යෝගය තුලින් ඉමහත් සහයක් සැලසෙනවා.

    උපුටාගැනීම - http://kulupanabandara.blogspot.com/p/blog-page_3.html

    ReplyDelete
  3. ගුරු කියන්නෙ පාටකට.

    ReplyDelete
    Replies
    1. ගුරු කියන්නේ රැකියාවකට ය.

      Delete
  4. ජෝතිශයෙදී ගුරු කියන්නේ බ්‍රහස්පති ග්‍රහයාට තමයි. පංච මහා පුරුෂ යෝග වලින් එකක් වන ගුරු හංස යෝගය හෙවත් හංස යෝගය සැදෙන්න ගුරු මුල් වෙනව.

    ReplyDelete
    Replies
    1. උච්ච ගුරු කියන්නෙ යන යන තැන පිළිගැනීමක් ලැබෙන, උසස් තැනක් ලැබෙන ග්‍රහ පිහිටීමක්...
      නීච ගුරු කියන්නෙ බොහොම භයානක දෙයක්... කෙලින්ම ඔලුවට වැටෙන්නම ගහලා තමා පස්ස බලන්නෙ...

      ගුරු නීච වුනා වගේ නෙමෙයි ගෝලයො නීච උනාම...පලාතම ගඳයි.....ගුරා හිටගෙන හුජ්ජ කරනකොට ගෝලයො දුව දුව හුජ්ජ කරනවා...

      Delete
    2. උච්ච ගුරු හොඳනම් නීච ගුරු නරකනම් තට්ට ගුරු කොහොමද?

      Delete
    3. ගුරු මුල් වූ විට පාසල් උපගුරුවරුන්ට මුල් ගුරු විය හැකිද?

      Delete
    4. හැකිය. ග්‍රාමසේවකලා ජනාධිපතිලා වන රටක් එය සිදුවනු නිසැකය.

      Delete
  5. ඒ ලින්ක් එක දාන්න ඒක බලන්න. හොඳ නාට්‍යයක් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඉස්සර කතන්දර කියලා "පොරක්" හිටියා... ලින්ක් මරුවා....

      Delete
    2. මේ ඒ නාට්‍යය රූපවාහිනී නාලිකාවක පෙන්නපු වීඩියෝ එකක්.

      https://youtu.be/_6WIzTzR1t4


      .

      Delete
  6. "ගුරු මාරුව" ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපල සලසයි.

    ReplyDelete
    Replies
    1. ගෝලයො නරකට හැදුනාම ඉතින් ගුරුවරුන්ට තමා බැනුම් අහන්න වෙන්නෙ.....

      Delete
    2. ගුරු මාරු වඩාත් නරක ප්‍රතිඵල ගෙන දෙන්නේ ගුරුවරුන් ගේ දරුවන්ට ය.

      Delete
    3. ග්‍රාමසේවක මාරුව නරක ප්‍රතිඵල ගෙන දෙන්නේ කාටද?

      Delete
    4. හොර උප්පැන්න වලින් ලමයි දාගන්න ඉන්න අයට​.

      Delete
  7. ගුරු ගීතය මා කියවූ පොතක්..නමුත එහි කිසිම රසයක් මට නැහැ..හරියට ඇඩ්වර්ටිස්මන්ට් එකක් වගේ පොතක්.. කමියුනිස්ට් ක්‍රමය වරනංවන හොද මිනිසුන් උඩ තියන පොතක්..

    ReplyDelete
    Replies
    1. දවසක කියවමි!
      නැත්තං අපරාදේ සල්ලි!!

      Delete
  8. ගුරු ගීතය පොත කියවිමට කිසිවෙකුගෙන් ඉල්ලාගෙන විත් තිබ්බත් ඒ පොත මා සම්පුර්ණයෙන් කියෙව්වේ නැහැ.පොත ඔක්කොම නොකිව්වට හැබැයි ඒ පොත ගැන ලියවෙච්චි සටහන් කියවලා පොතේ තියෙන කතාව නම් දන්නවා.

    "ගුරු තරුව" නට්‍යා තුල ජයලත් මනෝරත්න රගපාන්නේ අනුරාධපුර ප්‍ර්‍රදේශයේ පාසල් ගුරුවරයකුගේ චරිතයක්ද ?ඔහු රගපා ඇති ඒවැනි චරිතයක් ඇති වේදිකා නට්‍යක් නරඹා ඇති නමුත් ඒ "ගුරු තරුව"ද කියා මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් පාසල් ගුරුවරේ‍රකු ගේ, මා කියා ඇති පරිදි සාහිත්‍ය ගුරුවරයා ගේ.

      යූ ටියුබයේ සම්පූර්ණ නාට්‍යයම ඇත.

      Delete
  9. 1990 අග භාගයේ ලංකාවට ආපු වෙලාවක ගුරුතරුව මංගල දර්ශනය ලුම්බිනියේදි බැලුවා. මනෝගේ වේදිකා නාට්‍යවලින් මා කැමතිම එකක්. අද බොහෝ ප්‍රසිද්ධ නළුවන් එදා මේ නාට්‍යයේ රඟපෑවා. ශ්‍රීනාත් මද්දුමගේත් යම් චරිතයක් රඟපෑවා. ගෞරවනීය රංගදරයෙක්වූ සුමින්ද සිරිසේන තමයි මුල් ගුරුවරයා. දිළිඳු පාසල් දරුවාගේ චරිතය ඉතා සංවේදි අයුරින් සරත් චන්ද්‍රසිරි රඟපෑවා. ඒ චරිතය ඇහැට කඳුළු එකතුකරා. ලාල් කුලරත්න, සම්පත් තෙන්නකූන්, රත්නා ලාලනි, දයාදේව එදිරිසිංහ,ප්‍රියන්ත සෙනෙවිරත්න,ජගත් බෙනරගම තවම ඒ චරිතත් එක්කම මතකයේ තියෙනවා.ගුරුතරුවේ රඟපෑ සියලුම දෙනා මනෝගේ ඇසුරේ ඉදිරියටම ගිය නාට්‍ය කලාවට ගරු කරන්නන් වීම සතුටක්. කිහිප වතාවක්ම නැරඹූ නාට්‍යයක්. සාහිත්‍ය, කලා විචාරයන්ගේ යෙදෙන අය සහ කැමති අය නරඹන්න වටිනවා. ආපහු කවදාක වේදිකාවේ නැරඹිය හැකි දැයි හිතාගන්නවත් බැහැ.

    ReplyDelete
    Replies
    1. අරූ ඔබ ගීත සහ නාට්‍ය පිළිබඳව දැඩි උනන්දුවක් ඇති රසිකයෙකු බව විචාරක බ්ලොගයේ ඔබ ලියූ සටහන්වලින් තේරුනා.

      යලි බ්ලොගය ලියන්නේ නම් හොඳයි නේද? තාම අවුල් නෑ නේද?

      Delete
    2. යලි බ්ලොගය ලියන්නේ නම් හොඳයි නේද? තාම අවුල් නෑ නේද? X 2 :(

      Delete
  10. ගුරුගීතය ගැන කතන්දර අමතක කරල, පොතත් තියන එකේ කියෙව්ව නං තමයි හොඳ! ගුරුගීතය කියවන්න මාක්ස්වාදියෙක් වෙන්න ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. පැන්ෂොන් ගිය පසු කියවමි!

      Delete
  11. රසික පුතේ,

    පහුගිය දවස් ටිකේම ලියන්න උණේ නැති එකට සමා වෙන්ඩ ඕනැ. අපේ ගෙදර පොඩි පින්කමක් තිබුණා පුතේ... වැඩ! වැඩ! වැඩ! ඉවරයක් නෑ.

    අපි ගෙදර පොඩියට පූජා කුටියක් හදලා අතිශ්‍රේෂ්ඨ කමල් ගුණරත්න රණවිරු තුමා විසින් විරචිත 'රණ මඟ ඔස්සේ නන්දිකඩාල්' පොත් වහන්සේ වැඩම කළා කියමුකෝ. මට නම් ඕනෑම වුණේ නැදුම්ගමුවේ රාජා වගේ හස්තිරාජයෙක් පිට වැඩමවන්නයි. නමුත් සිංහල බෞද්ධ උරුමයන් වනසන මේ යහපාලන ආණ්ඩුව අපට හස්තිරාජයෙක් වත් ඉතුරු කරලා නෑ පුතේ. නැදුම්ගමුවේ රාජා තියා දැලි රාජාවත් හිටියෙ නෑ පුතේ. අන්තිමට ත්‍රී වීලර් රාජයෙක් මත පොත් වහන්සේ වැඩමවන්න සිද්ද වුණා.

    දැන් අපි මේ පොත් වහන්සේට උදේ හවා ශබ්ද පූජා පවත්වමින් බොහෝම ආදරයෙන් රැක බලා ගන්නවා.

    අපේ රට ශ්‍රේෂ්ඨ දුටුගැමුණු (දෙටුගැමුණු) මහරජතුමාටත්, අති ශ්‍රේෂ්ඨ අනගාරික ධර්මපාල උතුමාණන් වහන්සේටත්, අති පුජ්‍ය ගංගොඩවිල සෝමාභිධාන හිමියන්ට පසුව පහළ වූ ශේෂ්ඨතම පුද්ගලයා තමයි පුතේ අතිශ්‍රේෂ්ඨ කමල් ගුණරත්න රණවිරු තුමා.

    මේ උතුමන්ට සාමාන්‍යයෙන් දෙන්න ඕනෑ සම්මත නම්බු නාමයක් පවා නොදෙමින් අපේ රටේ කසිකබල් යූ. එන්. පී. කාර දේශ්ද්‍රෝහී එල්. ටී.ටී. ඊ. කාරයින් නිකම්ම නිකම් නම් වලින් කතා කිරීම ගැන අපේ කොරියාවේ ඉන්න රුචිර ජාතිකවාදී පුතාටත් මළ පැනලා තියෙන්නෙ.

    මේ සියළු කුසල කටයුතු වලින් ලබා ගත්තා වූ පින පුතාටත් පවුලේ සැමටත් මෙහි කමෙන්ට් කරන අනෙක් ජාතිකවාදී පුතාලාටත් අනුමෝදන් වේවා!

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. ඇයි දිප්පිටිට අංකල් ගෝටා අමතක ද?

      Delete
  12. දිප්පිටිය මාම "වනයක තරුව" පොත කියෝල නැතෙයි ?

    ReplyDelete
  13. සාමාන්‍යයෙන් මම වීඩියෝ බලන්න වැඩිය කාලය යොදවන්නේ නැහැ. අකුරින් ඇති දෙයක් වේගයෙන් කියවා පුරුද්දක් තිබුණත් වීඩියෝ එකකට එහි නියමිත කාලයම වැය වන නිසා. මේකට පැය දෙකක් ගිය එක පාඩුවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. /වීඩියෝ එකකට එහි නියමිත කාලයම වැය වන නිසා./

      අනේ අන්කල් දන්නෙ නැත්නම් කාගෙන් හරි අහ ගන්නකො වීඩියෝ එකක් 2X, 4X, 8X බලන්නෙ කොහොමද කියලා...

      Delete
    2. නාට්‍යයක් fast forward කරලා බලලා වැඩක් නෑනේ දරුවෝ.

      Delete
    3. ඉකොනොමැට්ටා-
      ඔබ වේදිකා නාට්‍යය නැරඹීම ප්‍රිය කරන බව ටික දිනකට කලින් ලියූ ලිපියකින් වැටහුණා.

      මේ නාට්‍යයේ කතාවට අමතරව සෑහෙන්න වැදගත් සාහිත්‍යමය තොරතුරු අඩංගු වෙනවා. මා මනෝරත්න ගේ සුදු රෙදි හොරු නාට්‍යයත් නැරඹුවා. එයත් සාහිත්‍ය රස ගුලාවක්.

      Delete
  14. මං හිතන්නේ සියලු රියැලිටි ෂෝ ලංකාවේ පටන් ගන්න ඇත්තේ ගුරු තරුවෙන් පස්සේ..

    කනගාටුයි. සාහිත්‍ය මාසයේදි මුද්‍රිත පොත් අමතක කරන එකට.. හැක්.. ජය

    මම ගුරුගීතය කියවා තිබෙනවා. නමුත් එහි යම් උත්තේජනයක් තියෙනවා.. වාසනාව හෝ අවසානාව ගැන මං දන්නෑ. නමුත් මට ඒක එච්චර ඇලුලුවේ නැහැ

    ReplyDelete
    Replies
    1. /* මං හිතන්නේ සියලු රියැලිටි ෂෝ ලංකාවේ පටන් ගන්න ඇත්තේ ගුරු තරුවෙන් පස්සේ. */

      පොඩ්ඩක් ටියුබ් ලයිට් වුනා මට ඒ කතාව!

      එළ!

      Delete
  15. ඇත්තටම රසික.......මෙතන මේ කලා නිර්මාණයක් ගැන කතාවෙන නිසා මේ ටිකත් කියන්න හිතුනා. අද අපේ රටේ හැම දේකටම සම්මාණ දෙනවනේ. ඒත් මේ රංගන ක්ශේත්‍රයට...මේ තරම් කුසලතා පිරි නව ශිල්පීන් බිහිකරන්නට, ඔවුන්ට හැදෑරීමක් දෙන්නට අති විශාල සේවයක් කිරීම වෙනුවෙන් සාලමන් ෆොන්සේකා, ගාමිනි හත්තොටුවේගම, සෝමලතා සුබසිංහ වගේ අයට කිසිම ඇගයීමක් ලැබුනේ නැහැ. ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, ජයලාල් රෝහන වගේ අයට පරපුරක් බිහිකිරීම වෙනුවෙන් ,,ඔව් යකෝ මුන් යමක් කරානේ කියලා කටක් අරින්න, ඔවුන්ව දිරිමත් කරන්න එකෙක් නැහැ. කෞශල්‍ය ප්‍රනාන්දුලට වත් කවදා හරි ලැබෙයිද දන්නේ නැහැ. තව බොහෝ අය ඉන්නවා. මම කියන්නේ මේ අයගේ රඟපෑම් ගැන නොවේ. ඔවුන් විසින් හැඩකෙරූ සහ ඔප මට්ටම් කෙරූ කොටසක් ඉතිරිකරන්නට දැක්වූ අමිළ දායක්ත්වය ගැන. ඇඬෙනවා දොරේ..මේ අදහස්, තමන්ගේ අදහස් හැටියට හරි පෙන්නලා, බලධාරීන්ට යොමු කරන්න කෙනෙක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ජයන්ත චන්ද්‍රසිරිව එහෙම අමතක කලානොවේ. අතපසුවීමක් වුනා. ඒකයි මං කිව්වේ තව බොහෝ අය ඉන්නවා කියලා.

      Delete
    2. කවුරුහරි පොඩි උදව්වක් කරන්න...මම ෆේස්බුක් වගේ ඒවගේ නැහැ. කාටහරි පුලුවන්නම් මේ කමෙන්ට් එක බොහෝ ඇස් ගැටෙන තැන්වල දාලා මේක ලොකු ලොකු කලා රිටාලාගේ බොක්කට කාවද්දන සංවාදයක් හදන්න. එහෙම වුනොත් ඒක බ්ලොග්ස්වලටත් ගේන්න. මම දන්නේ සහ ඉන්නේ බ්ලොග්ස්වල විතරයි. හීනි අහිංසක ඉල්ලීමක්. ඔය කලාකරුවෝ කිසිවෙක් මගේ ඥාතීන් හෝ මිතුරන් නොවන බවත් දන්වා සිටිමි!!

      Delete
    3. අරූ,

      ඔබ හොඳ කලා රසිකයෙකු බව මට විචාරක ගේ ලිපිවල මෑත සටහන්වලින් තේරුණා.

      ඔබ මෙහි අදහස් කරන්නේ කලාවේ ප්‍රවර්ධනයට කරන සේවයට මනෝරත්න වැනි අයට උපහාර/සම්මාන දීමක් ගැන ද? හැම කලා ක්‍ෂේත්‍රක් සඳහාම රජයේ එවැනි වැඩ පිළිවෙලක් තියෙනවා. ඊළඟට කලාශූරී වගේ නම්බු නාමත් දෙනවා.

      මේ කලාකරුවන්ගෙන් ඇසුවොත් කියාවි ජනතා සම්මානය තමයි වැදගත් ම කියලා.

      අප අතර ඕස්ටේ‍ර්ලියාවේ වෙසෙන ධනංජය කරුණාරත්න නම් නාට්‍යවේදියා වෙනත් සන්ධර්බයක දී පවසන්නේ කලාකරුවා සමාජයට ඉදිරිපත් කරන්නේ එක්තරා වෙළඳ භාණ්ඩයක් බවත්, එය ප්‍රශස්ත මට්ටමෙන් කිරීම යනු කලාව බවත් වගේ අදහසක්.

      මෙන්න ඔහු ගේ සම්පූර්ණ ප්‍රකාශය.

      ".......කලාකරුවා ගැන මේ නිර්වචනය එක්ක මම එකඟ නෑ. මේ කලාකරුවා ගැන පරණ ප්‍රසිද්ධ කතාවයි. කලාව කියන්නේ මිනිසාගේ අනිත් සියලුම ක්‍රියාකාරකම් වලට වඩා උත්තරීතර පූජනීය ක්‍රියාකාරකමක් යන පරණ අස්තානයේ ඉඳන් තමයි මේ අදහස එන්නේ.

      කලාකරුවා යනු මූල්‍ය හෝ සංඛල්පීය ධනයක් හෝ විවිධ ප්‍රතිලාභ උදෙසා කලා නිෂ්පාදන කරන කෙනායි. එය තවත් නිෂ්පාදන මාදිලියක් විතරයි.

      කලාකරුවාට පමණක් නොව ක්‍රීඩකයාටද,, ගුරුවරයාටද වෛද්‍යවරයාටද මේ සියලුම දෙනාට තම වෘතියට අදාලව හෝ අනදාලව යහපත් මිනිසකු ලෙස සමාජ සුභසිධ්දිය තකා හැසිරිය හැකිය. එය වෙනම කතාවක්.

      ඒ නිෂ්පාදකයා සමාජය සමඟ හැසිරෙන්නේ කෙසේද කියන පුද්ගලික චර්යා රටාව ඒ නිෂ්පාදන ක්‍රියාවලිය හෝ වෘතිය නිර්වචනය කිරීමට යොදාගත නොහැකියි.

      උදා හොඳ වෙද්‍යවරයා අවශ්‍යෙයන්ම හොඳ මිනිසකු යැයි කිව නොහැක. කලාකරුවා අපට පෙන්වන( එසේ පෙන්වන්නේනම්) සමාජ වගකීම සම්බන්ධයෙන් කොයිතරම් අවංකද යන කාරණය ප්‍රශ්ණ කළ හැකිය.නමුත් එතනදී කලාකරවා කෙතරම් බොරුකාරයෙක් වුවද ඒ නිසා කලාකරුවෙක් නොවේ යැයි කිව නොහැකියි.

      එසේම කලා කෘතියෙන් කතාකරන පරදි අවශ්‍යනම් කලාකුරුවෙකුට ප්‍රතිපත්තිගරුකව ජීවත්විය හැකි අතර සාපේක්ෂ වශයෙන් එවැන්නන්ද සිටන අතර එහෙත් ඒ ප්‍රතිපත්තිගරුකබව වෘතිය නිර්වචනය කිරීමට යොදාගත නොහැකියි. ලෝකයේ විශිෂ්ඨ යැයි කියන කලා කෘති නිර්මාණය කළවුන් බහුතරය බොරුකාරයෝය, හොරු, තක්කඩියන්, අවස්තාවාදීන්, ස්ත්‍රී දූෂකයින් හා සූරාකන්නන් බවට ඕනෑ තරම් සාධක ඇත.

      බොහෝවිට කලාකෘතිය නිර්මාණය වන්නේත් ඒ කී සංකීර්ණතා හා පොරබැඳීමේ ඵලයක් ලෙසටම විනා පිවිතුරු මිනිසකුගෙන් නොවේ. එවිට අපි කෘතිය හොඳනම් එය ඊට හිමි තැන තබා වෙනම අගයන අතර එය කළ මිනිසා සමාජ අසාධාරණව ක්‍රියාකරන්නේනම් එයද කිසිඳු අනුකම්පාවතින් තොරව විවේචනයට හෝ දඬුවමට ලක්කරන්නෙමු.

      හොඳ කලා කෘති කළ මිනිසා හොඳ මිනිසකු නොවීම ගැන කනස්සල්ලට පත් නොවීමට තරම් අපි යතාර්තය ගැඹුරින් අවබෝධ කරගෙන සිටින්නෙමු. "

      ධනංජය එසේ කීවේ "ලූෂන් බුලත්සිංහල ගේ කලාකරුවා යනු කවුරුන්ද නිර්වචනයට" පිළිතුරු ලෙසයි

      Delete
    4. අරුණ වැරදියි.. එහෙනං ආචාර්ය ගාමිණි හත්තෙටුවේගම උනේ කෝමද? මනෝටත් එහෙමයි.. නමුත් ඒ ලැබෙන සම්මාන, පට්ටං වලින් කලාවවත් ඒ මනුස්සයවත් ගොඩ දානන් බෑ.. හත්ත වගේ කෙනෙක් කිසි දෙයක් නොසලකා හිට අයෙක් නිසා අවුලක් නැහැ. නමුත් සමස්ථයක් විදියට කලාව වෙනුවෙන් ජීවිතය පරදුවට තියල අනිත් අය පාරට බස්සනන්න බෑනේ.. ප්‍රැක්ටිකල් වෙන්ටෝනේ.. කලාකරුවාට තැනක් ඇත. නමුත් හිතන තරම් තැනක් නෙමෙයි.. දැං බලහං විජේ නන්දසිරි මැරුන වෙලාවේ මහ බයියා ඉදං පිස්සු නේ කියෙව්වේ. හරි කියවීමක් නැහැ ඒත් සැලකිල්ල තියෙනවා.. අදටත් සිරසේ මහ දවස් නන්නේ ඉන්න නාට්ටි යනවා පොඩි උන් හිනා වෙනවා..

      Delete
    5. දේශා මම කතාකරන්නේ "කලාකරුවා" සංකල්පයේ ඉඳන් නෙමේ. එහෙම කලානලා කාරයෝ ඕන තරම් ඉන්නවා. උන් වැඩී වෙලා තියෙන්නේ. මනෝලා, ආචාර්ය වුනේ දැඩි කැපවීමෙන් ලැබු උසස් අධ්‍යාපනය තුලින්. ඒක වෙන කතාවක්. මම මේ කියන්නේ විශේෂිත කාරනයක්. මේ කියනා අය නාට්‍ය ගුරුවරු ලෙස කරනා කාරියයි මම මේ කියන්නේ. එහෙම නැත්නම් ඔයිට වඩා දක්ෂ නාට්‍යකරුවෝ ලංකාවෙ හිටියා සහ ඉන්නවා. නාට්‍ය හදන එකයි, අලුත් පරපුරක් එලියට ගන්න ඔවුන් හුරු කරන එකයි දෙකක්. රජය මැදිහත්වී හෝ තවත් පරපුරකට විධිමත්ව මේ ශාස්ත්‍රය පුරුදු පුහුණු කරගෙන යාමට ඔවුන් දිරිමත් කලයුතුයි. මට කියන්න කොහෙද එක නාට්‍ය පාසලක් තියෙන්නේ කියලා. මහේන්ද්‍රලා අතින් කයිට් කරගෙන ඇදන් ගියා වැඩමුලු, ආයතන දැන් අත හැරලා. අදටත් හොඳ ඇක්ටින් කියලා කටපුරා කියන්න පුලුවන් එව්වෝ ඉන්නේ ඔය අය තුලින් ආපු අය විතරයි. මම කියන්නේ "නාට්ටි කාරයින්ට" තෙලින්, මලින්, සුවඳින් පූජා තියලා කිරෙන් නාවන්න නෙමේ. ක්‍රමවත් මැදිහත්වීමක් කරන්න ඕන කියන එක. නාට්ටි හදන්න නෙමේ නාට්ටිකාරයෝ හදන්න.

      මේ තව පැත්තක්. රිහසල් එකක් කරන්න තැනක් නැහැ. පන්සල්වලයි, ඉස්කෝලවලයි, අතනයි, මෙතනයි ඒ ටික වෙන්නේ. දැන් දැන් ඉස්කෝලත් ගන්න අමාරුයිලු. හරි හමන් ශාලාවල් නැහැ. "නාට්ටි කාරායා" තෙල්බෙහෙත් කාරයා ලෙවල් එකට වැටිලා තියෙන්නේ. මම කියන්නේ නාට්ටි මුදලාලිලා ගැන නෙමේ. බොරුනම් නාට්ටි ෆීල්ඩ් එකේ ඉන්න එවුන්ගෙන් අහලා බලපන්.

      Delete
    6. තෑන්හ්ස් රසික.....මම දේශාට දාපු රිප්ලයි එක පොඩ්ඩක් කියවන්න. පුලුවන් වෙලාවක රන්වන් එෆ් එම් එකේ යන පාරදිගේ, මතක පද කියන ප්‍රෝග්‍රැම්ස් අහන්න. යුටියුබ් එකෙත් තියෙනවා ඒ ඔක්කොම. ඇහුවට පාඩු නැහැ.

      Delete
  16. පොඩි පැටිය කාලෙම ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය කීපයක්ම වේදිකාවෙදිම රසවිඳින්න අවස්ථාවක් ලැබුනා ගස්ලබු පියාගේ නාට්‍ය උණ ඒ දවස් වල උච්ඡ වීම නිසාම.මනෝරත්නයන් කොතරම් දක්ශදැයි කියන්නෙ මේ නාට්‍ය ජවනිකා ගෙදරදි අක්කයි මමයි රඟ දක්වන්න පවා පෙළඹුනා.නැරඹිය යුතුම මට්ටමේ නිර්මාණයක් 'ගුරුතරුව'.
    ගුරුගීතය තවත් එක රසවිඳිය හැකි පොතක්.බුකියේ හොටු ගෑම් නිසා අපුල වනවා යන්නත් ඇත්ත කතාවක්.නමුත් ඊට ආසන්නව කටු කන නමුත් පක්ශ දේශපාලන ඉලක්ක නොමැති අයවලුන් මා දැක තිබෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  17. ගුරුතරුව මම බැලුවේ පේරාදෙණියේ වලේ .. නියමෙට ඇඟටම වැදෙන්න තිබුනා. අර පොඩි හාමුදුරුවෝ ඉන්න ටෙලියේ "හොල්මනට " රඟපාන නළුවා කල දඩබ්බර කොල්ලගේ චරිතය තමයි මට නියමෙට වැදුනේ..

    ReplyDelete
    Replies
    1. සරත් චන්ද්‍රසිරි..

      Delete
    2. තැන්ක්යූ අරුණ එල බුවා.. මිනිහා..

      Delete
    3. සරත් හොඳ නළුවෙක්. රස්සාව නළුකම නිසා එන ඕනම චරිතයක් කරන්න වෙලා ඇති දැන්. දොස් කියන්න බැහැ ඒ නිසා.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.