Thursday 29 December 2016

මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද? - Nice sheep's clothes


ලතා වල්පොල ගේ ප්‍රසිද්ධ ගීයක් රැප් කරන ගායකයෙකු ගේ වීඩියෝවක් දැන් දින කිහිපයකට පෙර ඇරඹී තවමත් ගලා යන මගේ මේ නිවාඩු සමයේ දී මට නරඹන්නට ඉඩ ලැබුණි.

එය නරඹන අතරේ මට නම් සිතුණේ මෙලෙස ය.

මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද?

එසේ සිතෙන්නට එකම හේතුව මේ ගායකයා සින්දුවේ රැප් කොටසේ දී කියන කතා මිස අන් කිසිවක් නොවේ. රට, ජාතිය වැනි දේ පිළිබඳව ලොකු ටෝක්ස් දෙන්නන් ගේ යටි අරමුණු පිළිබඳ ආනුභූතික සාක්‍ෂි එමට ය.

ඔබට වෙනත් අයුරකින් සිතෙන්නට ඉඩ ඇත.

සමහර විට මේ ගායකයා ගේ එවැනි දුෂ්ට චේතනා නැතිවා වෙන්නට ඇත.

කෙසේ වෙතත් නරඹා කැමැත්තක් සිතා ගන්න.

මෙන්න වීඩියෝවට පාර.



උදාවෙන 2017 වසරේ ඔබට ජයෙන් ජයවේවා යැයි පතමි!

-රසිකොලොජිස්ට්

(image: http://www.businessinsider.com/science-reveals-the-most-confusing-emoji-2016-4/?r=AU&IR=T)

37 comments:

  1. චාල්ස් යන විදිය අපේ නැති උනු සෝම වගෙයි!

    ReplyDelete
  2. මාගේ අදහස ඔහු දක්ෂ දඩයක්කරුවෙකු බවය. ඔහුගේ උගුලේ වැටී ඇම කන්නවුන් ඔහුටම හුරේ දැමීමෙන් ඔහුගේ දක්ෂ බව මනාව පිළිබිඹු වේ.

    ReplyDelete
    Replies
    1. පොර හොඳයි නේද දේශපාලු කරන්න?

      Delete
  3. මට නම් හිතෙන්නේ man ගේ සැගවුණු අරමුණක් නෑ. මිනිහා කරන්නේ මේ දවස් වල facebook එකේ හොදට market කරන්න පුළුවන් දෙයක් විකුණලා තමන්ගේ bussiness එක ගොඩ දාගන්න එක

    ReplyDelete
    Replies
    1. මේ රැප් සින්දු අහන්න මිනිස්සු සල්ලි දීලා යනවාද?

      Delete
  4. මාතෘකාව - හා හා හරි හාවා

    ලංකාවෙ රැප් සීන් එකේ ඉන්න ඩෑල් -

    " හා හා හරි හාවා හුට්ටො අපි නෑ පදිරි තොගෙ කන් දෙකට, පනින්න හිතුවා නම් හා චණ්ඩි, කරල යවන්නෙ තනිකර නොණ්ඩි, අපි එළවලු කොටුවෙ දළු කොළ කනකොට තෝ හා තාත්තගෙ ඇටෙත් නෑ හුට්ටො, පනිනව නම් පැනල බලපන් කැ*යො මේ බෝඩරේට, කපල ඔබනව තොගෙ නැට්ට බෝලෙට ග්‍රෙනේඩ් එකක් හයි කරල තොගෙම කටේ උට්ටෝ.....කෝ හාවා කෝ හාවා කෝ හාවා.... සද්ද වහන් පැනපන් හුට්ටො පනින දේසෙකට, පැනලා සැපේ ඉඳපන් උට්ටෝ....අම්මට.....දැක මගෙ පඹය බියවෙන්නෙ නෑ උට්ටො....පඹය නෙමෙයි උඹෙ අම්මටවත් අපි බය නෑ....සද්ද එපා හා නිගා.....අපි දෙන්නෙ ඩිෂුම් ඩිෂුම්....."

    කසුන් කල්හාර -

    " හා හා හරී හාවා..... පිණුම් මෞලයක දූරකයෙන් පිහිනා ... අවසානයේ....ඒ...ඒ....ඒ ....ඒ ... ශුද්‍ර අංගුලිකාවක වෙස් ගෙන....පැන පැන ආ....ආ....වා.....රාත්‍රියේ......මේ එළවළු කොටුවක මගේ ශෘංගාර සිහිනයේ.....ඒ.....ඒ......ඒ.......දළු කොළ කා.....ප්‍රපංචයක සතපවා.....පැන ගියා.....ආ....කොයිබද හාවා......?....සස ජාතකේ.....ශක්‍ර දේවතා සංධ්වනියෙන්......සැලෙන හදවතට වැදුණු......ආලෝක පුංජයක්......හා.....ආ....ආ.....ආ...වා.....ස්වයං ජාත හාවුන් නෑ.....පෘතුවියේ....."

    ඩෙත් මෙට්ල් සීන් එකේ ඉන්න ඩෑල් -

    "ග්‍රෝ....ඕ.....ඕ....ඕ.....ඕ......ර්.....ක්‍රා....ආ......ආ............හී......යා.......ආ..........හා....හා.....හරී.......හා.............වා...........රා......ආ.........ආ.......ආ.........( ඩ්‍රාං ) ......පෑ...........න........පෑ..............න............ආ...........වා................ සාතන් උගේ බෙල්ල කඩා...............කෑ.......ඈ..........වා............ලේ බිලි දී.........ආ.....ත්......මය........බිලි ගත්තා..........රා...........ආ...........කොහිද හාවා........යක්ෂයා.........ආ..........ආ..........සමග ...... ලේ වියරු වී............ග්‍රෝ........."

    බස් සින්දු කාරයන් -

    "....සුදු හිම හා හා හරි හාවියේ.....දරා ගන්න බෑ මේ ආදරේ.....උඹ පැන ගිය දා පටන් මා වින්ද දුක් වේදනා......එළවලු කොටුවේ දළු කොළ කනව නම් කළින් කියන්නට තිබුණා.......දැක මගේ පඹයා, මා දෑසේ වේදනා......වෙන දෑසකට නම් දෙන්න එපා සුදු වස්තුව හාවා......මා දෑසේ කඳුළු වලින් ඔබ ප්ලේන්ටි බොනවද හාවා......අපි දෙන්නා මේ මාවතේ මුමුණපු පෙම් කථා උඹට මතකද, නැත්තන් පැන ගිය දා සිට විඳවන්නේ මගේ අහිංසක හදවත විතරද.........ඔය සුදු පා පනින ඉසව්වේ මල් පිපේවා කියා මම අසරණව පතනවා.......ඉවසන්නම් හාවෝ ඔබේ නාමයෙන්.....ආයෙත් වරක් මේ දෑසින් කඳුළු වැක්කෙරෙනවා.....මා වෛර කරන්නේ නෑ උඹ එළවළු කොටුවේ දළු කොළ කෑවා කියා.....සිපගත් කන් දෙකට වෛර කරන්නේ මොන හිතකින්ද........අද මාව පඹ‍යෙක් වාගේ පෙනුනාට.....මා හට දී වේදනා ....නගුටත් අරන් ගියා.....ඉවසන්න බෑ...දළු කොළ මතක් වෙලා....."

    ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම -

    "( ටක්ක ටකිඳ, ටක්ක ටකිඳ, ඩිෂ්ටං ටං, ටක්ක ටකිඳ ) ... අහ අහ ජිගි ජිගි ජං.....නන නාන නාන නා......හා හරි හාවා දළු කොළ කෑවා......මගෙ දෑස ආදරෙන් පිරී ගියා.......( ටරක ටකස්, ටරක ටකස්, ටික්ක ටිකිඳ ටික්ක ටිකිඳ ) ..... හිතවත් කම් ඔහේ තියා.....ඌ දළු කොළ ටික කාලා පැන ගියා.......කෝ මල්ලිලා සද්දයක් දෙන්ඩ......හෝ....ඕ......ඕ.....ඕ..... හා හා හා...... කියන්න....මම හා හා කියන කොට ඕගොල්ල හරි හාවා කියන්න .... රායිට්........හා....හා..... ( "හරි හාවා" ) නියමායි......."

    ReplyDelete
    Replies
    1. Anonymous29 December 2016 at 18:38

      මේක කොපි කරපු තැනත් දැම්මනම් නේද හොඳ

      Delete
    2. වචන පේලියක් ගූගල් කළා ම මෙන්න හම්බ වුණා තැන!

      https://www.facebook.com/permalink.php?story_fbid=392298314435729&id=100009666914687

      Delete
  5. නන්දා මාලිනි -

    " යදම් දමා වැට කඩුළු යෙදූ.....එළවලු කොරටුව පුපුරා, ගුගුරා විසිරී යන සේ......නැගී සිටිය හාවා......දළු කොළ කෑමට අයිතිය නැති දෙරණේ......අඳෝනාව ගෙන වැටට උඩින් පැන ගියා.......නමක් ගමක් නැති හාවා........"

    ජිප්සීස් ( සුනිල් ) -

    ආ.......ඕ......දෙන්න දෙන්න හාවාට දෙන්න.....කෝ හාවා....හාවට බෑ.......ඕ......මම අම්බානට බය උනා එදා......ඌ වැටට උඩින් පැන ගියා සදා......මම කිව්ව ඌට බං.....පනින්නෙපා කියල දැන්.......කෝ කිව්වට ඇහුවේ නෑ හාවා........හාවා එපා.......බුදු නෝනෙ මට හා මස් එපා..... කෝ දෙන්න හාවට, උස්සල දෙන්න......"

    රෝහණ බැද්දගේ / බන්දුල විජේවීර -

    " හහා......ඔන්න බොළ ඔය හාවා......මේ පැත්තෙන් යන්න ආවා......අපේ කරුමෙ තමා සීයේ......මූ දළු කොළ ටික කෑවා......හැබැයි බෑණො ඉතින් ඌත් යමක් කන්න එපායෑ.......අපිට පිනක් උනා කියලා අපි සතුටු වෙමු බොළං .... හහා....."

    ආත්මා ලියනගේ -

    "හා.....................වා....................ආ.........පැන පැන ආවාහ්..............කා.......................................ලා....................ආඅ............දළු කොළ කෑවා.......එළවලු.....කෑවා.....රහසේ...."

    කොරීන් අල්මේදා -

    " අම්මට්ට හුඩු දෙන්න දෙන්න මල්ලිලා....කැරකිලා දෙන්න අපිට......මේ හාවො නැතත් කොරටුවකට - දළු කොළ ටික නොකෑවාට - එළවලු ටික තාම තියෙනවා........"

    ලහිරු පෙරේරා -

    "හාවා ආවා පැන පැන, කන්න දුන්න දළු කොළ ටික, දෙන්න ඕන රට පකිරිඤ්ඤං.....මම ඌත් එක්ක නිව්යෝර්ක් වල කඩල බැදලා විකුණනකොට, වෙල්ලවැහුම් සහ ඉස්පඤ්ඤං.....ඊට පස්සෙ රටකජු ටික වටේ දාලා බෙලිමල් ටික, අලින්ට රණවරා පොවනවා.......එහෙම නැතත් අඟහරුවල, දෙවනි පාර බැටින් කරපු, සනත් වගේ ගෙදරට එනවා......කොයිල් ස්ප්‍රිං එකක් අරගෙන - රොබින් හුඩ්ගෙ දුන්න හදල - විද්දා ත්‍රිකුණාමලේටම........එතන තේක්ක තඩි ගස් හිටවලා - බෙන්ස් කාර් අරන් දාලා - ගෙදර ගියා බයිසිකලේ මං....."

    අසංග ප්‍රියමන්ත පිරීස් -

    "මෙදී පොටී මගි කොරටුවි දළු කොළි ටිකි නෑ වගී....අනී පුතී මටි නම් දැන් හතිළිස් ඇඳිරියි වගී......හාවික් විත් දළු කෑවිට තරහක් නෑ මී හිතේ......කැටපෝලිටි ගල් නොදැම්මි උගෙ බඩිගින්නයි අගී......//.....ඉස්දුදියි.....ජයින් ජයිම වීවා"......

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකට වඩා කමෙන්ට් එක දිගයි. නියමයි ඈ.

      Delete
    2. උණ්ඩියා මලයාගේ ස්ටේටසයක් කොපි කරලා ද ????

      Delete
  6. රසිකටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි!
    මේ එන අවුරුද්දේ වඩාත් අර්ථවත් පෝස්ටුද බලාපොරොත්තු වෙමු (එවැනි එක ඇරියස් එකක් ගැන රසිකට දැනටම පුද්ගලිකව දන්වා ඇත) :)

    ReplyDelete
    Replies
    1. ජයවේවා!

      ඒ ගැන ලියන්න වීම ද පරණ පවක් තමයි!!

      Delete
  7. නියමයි....බිස්නස් එක නියමයි.

    ReplyDelete
    Replies
    1. සර්ප තෙල් වෙළෙන්දෙක් වගේ නේද?

      Delete
  8. දත් හයිය කාලෙට මස් ටිකක් කන එක , අඹ වාරෙට අඹ ටිකක් විකුණන එක තමා මෙතනත් වෙන්නෙ.හැබැයි ඉතිං පිළිම වගේ වන්දනා නොකර ගත යුත්තක් තියේ නම් අරගෙන ඉතුරුව විසික්ක කරාම කම්මුතුයිනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.

      නමුත් හිතුනු කතාව නොලියා බෑනේ!

      "මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද?"

      Delete
  9. අපේ බ්ලොග් ලෝකෙත් ඉන්නෙ දන්නා නොදන්නා ඕනෑම දෙයක් ගැන සෝඩා බෝතල් න්‍යායෙන් පොර ටෝක් දෙන මෝඩ මදාවි. චීත්ත කෑල්ලක් හලන ඕනිම ගූ බෙට්ටක් ප්‍රමෝට් කරන උන් ආගන්ගොඩ බ්ලොග දැක්කෙ නෑ වගේ ඉන්නව.මොකද කණයෝ බයයි ලුල්ලු බහිනවට.ඔව්වට තමා ප්‍රොෆෙෂනල් ජෙලසි කියන්නෙ .

    ReplyDelete
    Replies
    1. මං නං දැක්කා, ඔය දකුණු පැත්තේ ඇති ලින්ක් එකක්.
      https://aagangoda.wordpress.com/

      Delete
  10. ඔබටත් සුභ නව වසරක් වේවා...........

    ReplyDelete
  11. රසික, උදාවෙන 2017 වසරේ ඔබටත් පවුලේ සියලුම දෙනාටත් ජයෙන් ජයවේවා යැයි පතමි!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සිය පවුලටත් 2018 වසරට සුභ පැතුම්
      (මෙන්න කලින් ම!)

      Delete
  12. මට නම් ඒක පට්ට...
    වරදක් නම් පෙනෙන්නේ නෑ...

    ReplyDelete
  13. //ජනිතවූ හැම මෙම පොලොවේ..
    නිති ආඩම්බර විය යුතුවේ...
    දෑ කුල බේදේ ආගම්වාදේ..
    හැරදා එකමුතුවී...සමගිව පේලි සැදී// මෙතන නම් වැරැද්දක් කියන්න බැහැ. කොහෙද රැප් කරන්නේ?

    ReplyDelete
    Replies
    1. සංගීතයට ගායනා කිරීමේ විනාඩි කීපය හැර් අනිත් සේරම බයිලා රැප් තමයි.

      Delete
  14. ඇයි, රැප් කරන එක නීති විරෝධීද ?
    මෝඩයෝ උඹලාට පෙනෙන්නේ උගේ රැප් එක විතරමද ? පොඩ්ඩක් අහලා බලාපල්ලා මොනවා ගැනද ඌ කතා කරන්නේ කියලා. ඊට පස්සේ විවේචනය කරපල්ලා.

    ReplyDelete
    Replies
    1. ලිපිය කියෙව්වේ නැද්ද, නැතිනම් අන්තර්ගතය තේරුම් ගැනීමට ශක්තියක් නැද්ද?

      මෙහි රැප් කිරීම ගැන කිසි දොසක් කියා නැත. මා මේ සටහන ලිව්වේ ගායකයා රැප් කරන දේ හොඳින් අසා ඒ ගැනම තමයි.

      මෙන්න නැවතත්-

      "එය නරඹන අතරේ මට නම් සිතුණේ මෙලෙස ය.

      මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද?

      එසේ සිතෙන්නට එකම හේතුව මේ ගායකයා සින්දුවේ රැප් කොටසේ දී කියන කතා මිස අන් කිසිවක් නොවේ. රට, ජාතිය වැනි දේ පිළිබඳව ලොකු ටෝක්ස් දෙන්නන් ගේ යටි අරමුණු පිළිබඳ ආනුභූතික සාක්‍ෂි එමට ය."

      Delete
  15. "රට, ජාතිය වැනි දේ පිළිබඳව ලොකු ටෝක්ස් දෙන්නන් ගේ යටි අරමුණු පිළිබඳ ආනුභූතික සාක්‍ෂි එමට ය". මේකද උඹේ පොදු සාධකය? චාර්ල්ස්ට විතරක් නෙවෙයි, බුදු හාමුදුරුවන්ට විරුද්ධවත් උඹට ඔය තර්කයම ගෙනෙන්න පුළුවන්. උඹට තේරෙන්නෙ නැත්ද ඕක තර්කයක් නෙවෙයි, generalize කරපු මෝඩ නිගමනයක් විතරයි කියලා. මචං, උඹ ලොකයටම වයිර කරනවා.

    ReplyDelete
    Replies
    1. බුදු සාදු කොහෙද බං රට ජාතිය ගැන බණ කිව්වේ.

      මචං මං කියන්නේ-
      විජේවීර
      ප්‍රභාකරන්
      හිට්ලර්
      වගේ උං ගැනයි.

      ඒත් මේ චාල්ස් ගැන මං මතු කර ඇත්තේ ප්‍රශ්නයක් පමණයි.

      මෙන්න නැවතත්:

      1. මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද?

      2. ඔබට වෙනත් අයුරකින් සිතෙන්නට ඉඩ ඇත.

      3. සමහර විට මේ ගායකයා ගේ එවැනි දුෂ්ට චේතනා නැතිවා වෙන්නට ඇත.

      4. කෙසේ වෙතත් නරඹා කැමැත්තක් සිතා ගන්න.

      මචං ලෝකේ කිසි එකෙකු සමග මගේ කිසිදු වෛරයක් නැත!

      උඹ සමගත් නැත.

      Delete
    2. මචං, උඹ මගේ වචනයක් අල්ල ගෙන තර්කයෙන් දිනන්න හදනවා මිසක් ප්‍රධාන කරුණ මගහරිනවා. උඹ දිනුම ගනිං. මට ඕන කලේ උඹේ වැරැද්ද පෙන්නලා දෙන්න විතරයි. පිළිගන්න නොගන්න එක උඹේ වැඩක්.
      Head Line එකෙන් සහ මුල් ඡේදයෙන් උඹ චාර්ල්ස්ට පහර දෙනවා. පහළ Foot note එක උඹේ Face saving formula එක. මම එහෙම කිව්වේ නැහැනේ, මෙහෙමත් කිව්වනේ කියන්න පුළුවන්, ඒත් damage එක කරලා ඉවරයි. එක ආගමක කෙනෙක් තවත් ආගමක හොඳ කියනවා උඹ කී තැනක දැකලා තියෙනවද ? සෝභිත හාමුදුරුවෝ වගේ අයත් ගරු කරන අන් ආගමක පූජකයෝ කීදෙනෙක් උඹ දැකලා තියෙනවද? උඹ වැඩිදුර නොසොයා අපහාස කලේ ඒ වගේ දුලබ පුද්ගලයෙකුට.

      “පාලකයෝ මේ රටේ සම්පත් කොල්ලා කනවා, සියලු තීරණ ගන්නේ තමන්ගේ පන්තියේ පංගුව වැඩිකරගන්න මිසක් රට ගැනවත් ජනතාව ගැනවත් හිතලා නෙවෙයි. චන්දෙකින් මේක වෙනස් කරන්න බැහැ. එකම ක්‍රමය සන්නද්ධව පහර දී පාලන බලය අතට ගැනීම” විජේවීර කිව්වා.

      “සිංහල පාලකයෝ කවදාවත් අපිට සාධාරණ අයිතිවාසිකම් දෙන්නේ නැහැ. එකම විසඳුම සන්නද්ධ වී වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමයි” ප්‍රභාකරන් කීවා.

      “ජර්මන් සොල්දාදුවන් ලක්ෂයකට වඩා මිය ගිය පළමු ලෝක යුද්ධයට ධනවත් යුදෙව් පාලක පන්තිය වගකිවයුතුයි. ඔවුන් ලෝකයට පිළිලයක්. ඔවුන් විනාශ කලයුතුයි” හිට්ලර් කීවා.

      මේ තුන් දෙනාම කියපු කතා බොරු නොවෙයි. ඒ සඳහා ආනුභූතික සාක්ෂි එමටයි. ප්‍රශ්ණය ඔවුන් එක් දෙයක් හැමටම සාධාරණිකරණය කිරීම සහ ඔවුන් තෝරාගත් විසඳුම මහා විනාශයකින් කෙලවර වීමයි.

      මේ තුන් දෙනාගේම ක්‍රියාමාර්ග අන්තවාදී බවට තර්කයක් නැහැ. ඒත් විජේවීර එක ගොඩකට දැම්මේ “සියලු පාලකයින්”. ප්‍රභාකරන් එක ගොඩකට දැම්මේ “සියලු සිංහලයින්”. හිට්ලර් එක ගොඩකට දැම්මේ “සියලු යුදෙව්වන්”. අපේ රසිකොලෝජිස්ට් මහත්තයා ඊටත් එහා ගිහින් එකගොඩකට දාන්නේ “සියලු රට, ජාතිය වැනි දේ පිළිබඳව ලොකු ටෝක්ස් දෙන්නන්”. දැන් කවුද වැඩියෙන් අන්තවාදී ?

      මේ අනුව, කිසිම කෙනෙකුට රට ජාතිය ගැන කතා කරන්න බැහැ. මොකද රසිකොලෝජිස්ට් මහත්තයා ලඟ ආනුභුතික සාක්ෂි තියෙනවනේ ඒ ඔක්කොමලගේ යටි අරමුණු පිළිබඳව. දැන්වත් තේරෙනවද මම කියන්න හදන දේ? උඹ ඉන්නේ කොයි තරම් අන්තයකද?

      “දෙමළු ඔක්කෝම කොටි”
      “මුස්‌ලිම් රට වලින් එන හැමෝම ත්‍රස්තවාදීන්”
      “මැක්සිකොවෙන් එන ඔක්කෝම කරදර කාරයෝ”

      මේ වගේ කතා වලටත් ආනුභූතික සාක්ෂි තියනවා ඕන තරම්, අර රට ජාතිය ගැන කතාවට වගේම. මේ හැම එකකම තියෙන්නේ එකම චින්තන රටාව. යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සම්බන්ධ සිද්ධියක් හෝ සමාන සිද්ධි කීපයක් ගෙන එය සියළු දෙනාට පැතිරවීම. මේක තමයි ජාතිවාදයේ මුල. උඹ කියයි උඹ ජාතිවාදියෙක් නෙවෙයි කියලා. මම පිලිගන්නවා ජාතිය සම්බන්ධයෙන්, ඒත් අනිත් දේවල් සම්බන්ධයෙන් උඹ ඊට බොහෝම කිට්ටුයි.

      මම මේ ටික ලියුවේ, තරහකට වත් තර්ක කරන්න වත් නෙවෙයි. මේ වගේ තර්ක උඹ වගේ මිනිහෙකුට නොගැළපෙන නිසා. කෙනෙකුට හේතු ඇතිව, හෝ නැතිව පහර දෙන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒවාට cheers දාන්නත් ඕනතරම් followers ලා ඉඳීවී. ඒත් ලියන්න හැකියාව තියෙන උඹ වගේ එකෙක්, මේ වගේ negative අදහස් සමාජගත කරන එක අභාග්‍යයක්. තව පියවරක් ඉදිරියට ගිහින් සමාජයට සුභාවාදී , ධනාත්මක පණිවුඩයක් දිය හැකි යමක් උඹෙන් ලියවෙනවා දැකීමයි මගේ ප්‍රාර්ථනය.

      Delete
  16. මේ රැප් ගායකයා ලෝක අණ්ඩපාලයෙක් ද? මොකා වුනත් කමක් නෑ. හැමදේකමින්ම/කොහෙන් හරි යමක් අරගෙන (හැමතැනින්ම හොද ටික ගන්න--අනෙක් ටික අතඅරින්න) තම තමාගේ ජීවිතය සාර්ථක කරගන්න.තව ටිකක් විස්තර කරන්න හිතුන. බෞද්ධ දර්ශනය/බුද්ධාගම--කතෝලික/ක්‍රිස්තියානි--අලුත්/පරන කුරානය (අලුත් එක නම් වැඩක් නෑ) හෝ ඕනම තැනකින්/රටකින් හොද විතරක් ගන්න. එක එකා හිතන විදිය අපිට වෙනස් කරන්න බෑ. අපිට හිතා ගන්නවත් බෑ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.