Friday 3 February 2017

තම නිර්මාණ සම්මාන සඳහා ඉදිරිපත් කීරීමෙන් ලේඛකයින් තත්වයෙන් බාල වෙනවා ද? - There is nothing demeaning about self nominating your creative work for awards!


පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තිබෙන්නා වූ සහ මත්තටත් තවත් ලියනට හිතේ ඇඳී ඇතිවාට සැක නැති මා මිත්‍ර අර්ධකාලීන ගත්කතුවරයෙකු මෙන්ම, "නීල චන්ද්‍ර" බ්ලොග්කරුවෙකු නිසා දෝ රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සහ පොත් එළිදැක්වීම් වැනි වැදගත් අවස්ථාවල දී ඒ තොප්පිය හිස ලෑම අමතක කරන සහෘද බ්ලොග්කරුවෙකු ද වන හෙන්රි වර්ණකුලසූරිය සහ මා අතර මෑත දවසක දී ෆේස්බුක් හි ඇති වූ කතාබහක් නිසා මේ ලිපිය ලිවීමට සිත්විය.

අපේ ඒ කතාබහට මූලාශ්‍රය සැපයූවේ 2016 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු ග්‍රන්ථ සඳහා රාජ්‍ය සම්මාන පිරිනැමීමට සලකා බැලීම සඳහා, ඒ අදාළ කෘතිවලින් පිටපත් දෙක බැගින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස පොත් ප්‍රකාශකයින්ගෙන් මෙන් ම ලේඛකයින්ගෙන් ද කෙරුණු ඉල්ලීමක් සහිත පුවතකි.

මෙතෙක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සඳහා සලකා බැලීම සිදු කෙරුණේ, අයිඑස්බී අංකයක් ලබාගෙන මුද්‍රණය කළ පසුව එයින් රාජ්‍ය ලේඛණාගාරයට පිටපත් යැවූ ග්‍රන්ථ බව පොත් හතක් අටක් ලියා දා නැති අපි ද දනිමු. එසේ සලකා බැලෙන ග්‍රන්ථ ලයිස්තුව දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර තිබෙනු ද මා දැක ඇත.

පෙර කී පුවතට අනුව මෙවර මෙසේ ප්‍රකාශකයින්ගෙන් සහ ලේඛකයින්ගෙන් පසුගිය වසරේ ප්‍රකාශයට පත්කරන ලද ග්‍රන්ථ පිටපත් ලබා දෙන ලෙසින් ඉල්ලීමක් කර ඇත්තේ සමීක්‍ෂණ ක්‍රියාවලිය වඩාත් විධිමත් සහ කාර්යක්‍ෂම කිරීමේ අරමුණෙනි.

මා දැක ඇත්තේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ මූලාශ්‍ර පුවත් නිවේදනය නොව, ඒ ගැන ලියවුණු පුවත් වාර්තාවක් පමණක් නිසා, තවමත් අපැහැදිලි කරුණක් නම්, මෙවර සම්මාන සඳහා ඔවුන් සලකා බලන්නේ මේ ඉල්ලීමට අනුව ලැබෙන ග්‍රන්ථ පමණක් ද, නැතහොත් වෙනදා අනුගමනය කළ ක්‍රියා මාර්ගය අනුව තව දුරටත්, ජාතික ලේඛණාගාරයට පිටපත් එවා ඇති පොත් ලයිස්තුව ද ඇතුළත් කරගන්නේද යන්නයි.

කෙසේ වෙතත්, වෙනදා සමීක්‍ෂණයට පොත් පිටපත් ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවට වැයවුණු මුදල (හෝ ඉන් කොටසක් හෝ) ඔවුන්ට මෙවර ඉතිරි කර ගැනීමට ලැබෙන බව නම් පෙනේ.

මේ කරුණ අරභයා හෙන්රි වර්ණකුලසූරිය සහ මා අතර ඇතිවුණු අදහස් හුවමාරුවේ තිබුණු විවාදාත්මක කරුණ වූයේ ලේඛකයින් සම්මාන ඉල්ලා පාලකයින් පස්සෙන් යා යුතුව ඇතැයි ඔහු මෙය අර්ථ දැක්වීම ය. මෙසේ සම්මාන සඳහා අයැදුම් කිරීම යනු ලේඛකයින් විසින් කළ නොයුතු සහ එසේ කළහොත් ලේඛකයින් පීචං වෙනවා ය (වචන මගේ ය) වැනි අදහසක් ද හෙන්රි වර්ණකුලසූරියගෙන් ප්‍රකාශ වී තිබුණි.

ෆෙස්බුක් ක්‍රියාකාරිකයෙකු වන මනෝරම වීරසිංහ ද, ඒ හා සමාන අදහස් මෙහි දී ප්‍රකාශ කර තිබුණි.

මේ ගැන මා එහි දී දැක්වූ (සහ අදාළ වෙනත්) අදහස් මෙසේ ය.

අප වැනි සාමාන්‍ය වැසියන්ට-
  • උප්පැන්න සහතිකයට අයැදුම් කළ යුතුය. උපත ලබා තිබුණු පමණින් සහතිකයක් ඉබේ පහළ නොවේ.
  • පාසල් අධ්‍යාපනය ඇරඹීමට අයැදුම් කළ යුතුය. නැති නම් සැමදා නිවසට වී සිටීමට සිදුවෙනු ඇත.
  • ශිෂ්‍යත්ව විභාගයට, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට අයැදුම් කළ යුතුය. පාසල් ගිය පමණින් ඒවා ඉබේ සිදු නොවේ.
  • උසස් පෙළ සමත් වීම ප්‍රමාණවත් නැත. විශ්වවිද්‍යාලයට යැමට අයැදුම් කළ යුතුය.
  • විවිධ ශිෂ්‍යත්ව සඳහා සහ අධ්‍යාපනය අවසානයේ රැකියා සඳහා ද අයැදුම් කළ යුතු ය.
  • අයැදුම් නොකර කිසිවක් ලැබෙන්නේ නම් ඒ ඉතා කලාතුරකින් සුවිශේෂී තත්වයන් යටතේ ය. ඒ සඳහා වුව ද, වෙනත් අයෙකු ඒ සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කර තිබිය යුතු වේ.
ඒ අප වැනි සාමාන්‍ය පුරවැසියන් සම්බන්ධයෙනි.

කලාකරුවන් ගැන සලකා බලමු.
  • සිනමා නිර්මාණයක් ලංකාවේ ප්‍රදර්ශනය සඳහා අයැදුම් කළ යුතුය.
  • එසේම සිනමා නිර්මාණ දේශීය/විදේශීය චිත්‍රපට උලෙළකට ඉදිරිපත් කිරීමට අයැදුම් කළ යුතුය.
  • රාජ්‍ය නාට්‍ය උලෙළට හෝ තරුණ නාට්‍ය උලෙළට නාට්‍යයක් ඉදිරිපත් කිරීමට අයැදුම් කළ යුතුය.
  • ඩී.ආර්. විජේවර්ධන, දයාවංශ ජයකොඩි, ගොඩගේ යනාදී නවකථා අත්පිටපත් තරගවලට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට අයැදුම් කළ යුතු ය.
ඉතිං, රාජ්‍ය සාහිත්‍ය උලෙළේ සම්මාන සඳහා සලකා බැලීමට තමන් ගේ කෘතියක් ඉදිරිපත් කිරීමේ ඇති වරද කුමක් ද?

එයින් ලේඛකයාට සිදුවෙන අවමානය කුමක් ද?

මා යම් දවසක වැරදීමකින් හෝ නවකථාවක් රචනා කළහොත් එය ඕනෑම සම්මාන උත්සවයක් සඳහා ඉදිරිපත් කිරීමට නොපැකිළෙමි.

තමන් කිසිදා සාහිත්‍ය සම්මාන පසුපස නොයන බව හෙන්රි වර්ණකුලසූරිය ගිය වසරේ ප්‍රකාශ කර තිබුණි. නමුත්, ස්වර්ණ පුස්තක සම්මානය වැන්නක් තමන්ට ලැබුණොත් එය ප්‍රතික්‍ෂේප නොකරන බව ඔහු මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කීවේ ය.

ගිය වසරේ ඔහු ලියූ "ඳඩ කඳවුර" නවකතාව රාජ්‍ය සම්මාන සඳහා ඉදිරිපත් කිරීම හෙන්රි විසින් නොකරනු ඇතැයි සිතමි. නමුත්, එය ඔහු කළ යුතු දෙයක් නොවේ. ඒ "ඳඩ කඳවුර" යනු කතෘ ප්‍රකාශනයක් නොවන බැවිනි. එය සුරස (ෆාස්ට් පබ්ලිෂින්) ප්‍රකාශක ගේ වගකීමයි.

එසේ ම, තමන් ගේ නොකී කතා බ්ලොගය නෙළුම් යාය සම්මාන සඳහා සලකා නොබලන ලෙස ද ඔහු ඉල්ලා තිබුණි.

ඇත්තටම නෙළුම් යාය සම්මාන සඳහා විවිධ තේමාවල බ්ලොග් ලිපි යෝජනා කිරීමට මේ කාලයයි. මෙහි දී, පාඨකයින් විසින් තමන් කැමති බ්ලොග් ලිපි සම්මාන සඳහා යෝජනා කරන විට, ලේඛකයින්ට ද තමන් ලියූ ලිපි ඉදිරිපත් කිරීම කළ හැකි විය යුතු ය.

ඒ සඳහා ළඟදී ම ආරම්භයක් දීමට මම අපේක්‍ෂා කරමි.

-රසිකොලොජිස්ට්

ප/ලි

මෙන්න තවත් ජාතික මට්ටමේ සම්මාන උත්සවයක්. මේකටත් අයැදුම් කරන්න වෙනවා. ෆොටෝග්‍රැෆර්ස්ලා ගේ තත්වය අඩුවෙයි ද?


(imageL http://nokieekatha.blogspot.com.au/2015/09/blog-post.html)

40 comments:

  1. කොච්චර දැගලුවත් රසිකට මේ පාර නං ලෑලි කෑල්ලක් (ඇහ්. ඒක වසන්තම්ගේ) නං දෙන්නෑමයි.. හැක්

    නොකීගේ කතාව සමග යම් එකගතාවයක් මටත් තියෙනවා. වෙනස තියෙන්නේ මං ඉතිං පොත් පත් ලියන එකක්යැ.. හැක්

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් ජාතික මට්ටමේ සම්මාන උත්සවයක්. මේකටත් අයැදුම් කරන්න වෙනවා. ෆොටෝග්‍රැෆර්ස්ලා ගේ තත්වය අඩුවෙයි ද?

      https://www.facebook.com/rukshila.wettamuni/posts/10202652084178684

      ?

      Delete
    2. පෝස්ටුවේ අරමුණ කරා පළමු කමෙන්ටුවේ සිටම.. අපිත් කොච්චර හරි කියල හිතන් හිටියත් සමහර දේවල් වෙනස් කරනවා තත්වය පැහැදිලි උනාම. සමහරක් නං මොනවා කියලවත් වෙනස් කරන්න බෑ.. තමන් කියපු දේ විතරමයි දන්නේ.. හැක්

      Delete
  2. අයිසෙ රසික,

    බ්ලොග් ලොව කුප්‍රකට දත්දොස්තර කේ. කලුආරච්චි කියල තක්කඩි හාදයෙකුත් (ඌට නෙලුම්යායෙන් සම්මාන නොලැබෙන තරහට) මොකද්ද ජාතික පොහොට්ටු සම්මාන කියල ජාතික මට්ටමේ සම්මාන විගඩමක් තියන්න ප්ලෑන් කරනවලු. සම්මාන ගන්න දැන්ම ඇප්ලිකේසන් දාන්න වෙයි. මොකෝ කියන්නෙ අපි හොයල බලමුද?

    හැබැයි ඉතින් උන්ගේ ඒකාබද්ද මලබද්දෙ ඉන්න දේශපාලක කල්ලියෙන් තමයි ප්‍රධාන අමුත්තා ගෙන්නන්නෙ. දුෂිත නොවන දේශපාලුවෙකු අද කාලයේ සොය ගැනීමට වඩා කළුනික සොයා ගැනීම ලේසියිනෙ ඉතිං. නමුත් ලංකාවේ ඉන්න දුෂිත දේශපාලුවන් අතරින් ඒකාබද්දෙ ඉන්න ජී.එල්, චමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, පියල් නිශාන්ත, නිරෝෂන් ප්‍රේමරත්න යනු අඩු දූෂීත දර්ශකයක් ඇති, ජනමාධ්‍යවල හෝ විපක්‍ෂ මාධ්‍යවල හෝ යම් චෝදනාවක් තිබෙනු මා දැක නැති මොවුන්ගෙන් සම්මාන ලැබීම වඩාත් සුදුසුයි. . කතානායක ධූරය අතිශය පක්ෂග්‍රාහීව කරන බවට චෝදනා ලද කරු ජයසූරිය තරම්වත් දූශන චෝදනා නැති අහිංසක්යින් ඔවුන්.

    නැතිනම් කරු ජයසූරිය හා සමාන මහිංද රාජපස්ස සිට විමල් වීරවංස දක්වා උන් උනත් සුදුසුයි. එමෙන්ම 2020 නෙලුම්යාය සම්මාන උලෙල ජනපති (ඇතැමුන් සිතන පරිදි එවිට ජනාධිපති ගෝඨා වියහැකියි, මේක ඉතින් ඉල්ලංකාවනේ) ප්‍රධානත්වයෙන් තිබ්බොත් එවකට ජනපති ධූරය දරන ඕඅනෑම ගස් බල්ලෙක්ගේ අතින් සම්මාන ගන්නට ඔබ කැමතියි නේ. (පර්සි මහේන්ද්‍ර හෝ බූරුවංස වැනි ජඩයෙක් වුවත් මෙම තනතුරේ එවිට සිටිය හැකියි මොකෝ මේක ඉතින් ඉල්ලංකන ලංකාව නිසා).

    මා වඩාත්සතුටුවන්නේ ඔබ පොල්බූරු විකටවංස අතින් සම්මාන ගන්න දාටයි, පට්ට හිලේරියස් වෙයි එතකොට.

    ReplyDelete
    Replies
    1. //දුෂිත නොවන දේශපාලුවෙකු//

      ඕකුන් ගෙන්නන එක අපුලයි. මා හිතං උන්නෙ ලියන දේවල් වල විදිහට බ්ලොග් කාරයො වඩාත් ස්වාධීනයි කියලයි. අපතයින් ඉස්සරහ නැමෙන්නෙ නෑ කියලයි. දේසපාලුවො පොරවල් කියල උංගෙන් සම්මාන ගත්තම හරි ලොකුයි කියල හිතෙනව නං අපේ මොකෝ. අපි සම්මාන ගන්න එන එකක් යැ.

      අනෙක් සම්මාන උත්සව ගැන කියල සඳහන් නිසාමයි කියන්නෙ. උය හැම එකක්ම බිස්නස් එකකට සම්බන්ධයි. බිස්නස්කාරයන්‍රට දේශපාලුවන්ගෙන් තොර පැවැත්මක් නෑ.

      අපි එහෙමද...මේක බිස්නස් එකක් නොවෙන්නාසේම අපිට ස්වාධීන පැවැත්මක් නැද්ද ?

      මේ සිස්ටම් එක ඇතුළෙ පුද්ගල සාධක හොයන එක තේරුමක් නෑ. හොරා කෑවත් එකයි, හොරා කනව නොදැක්ක වගේ හොරු එක්ක ලැග්ගත් එකයි.

      Delete
    2. වෙනත් තැන්වල පළ වූ අදහස් තරමක් වෙනස් කර ද, එලෙසින් ම ද, මෙහි පළ කළ නිර්ණාමිකයින් දෙදෙනාට මගේ ස්තුතිය හිමිවේ.

      දේශපාලුවන් නැති ජාතික මට්ටමේ උත්සව නම් ඇත්තේ ම නැති සේ ය. ස්වර්ණ පුස්තක, සරසවිය, රයිගම, සුමති වැනි රාජ්‍ය සම්මාන නොවන උත්සවවලටත් දේශපාලුවන් එනවා නේද?

      නමින් දේශපාලුවන් වුණත්, පොදුවේ ඔවුන් අපේ ම ඡන්දයෙන් තේරී වූ ජනතා නියෝජිතයින් සහ විෂය භාර ඇමතියන් ලෙස සිතා පිළිකුළ අඩු කර ගැනීමට සිතා බලමු!

      Delete
  3. //සමහරු අනේ මම දැම්මේ නෑ..මේ වෙන අය ගිහින් දාලනේ වගේ කතාකියනවා//

    ඒ ෆේස්බුක් සංවාදය තුල මනෝරම දක්වා තිබෙන ඉහත මා උපුටා ගත ඒ අදහස යම් පමණකින් ඇත්ත.සමහරුන් සම්මාන බලාපොරොත්තු වෙනවා.නමුත් ඉල්ලුම්කරලා ලබා ගත්තු බව කියන්න මැලි වෙනවා.සම්මානවගේ දේවල් ඉල්ලං ගන්න යෑම හොඳ දෙයක් නොවේ කියලයි මගෙත් අදහස.එහෙම සම්මාන ඉල්ලං බලාපොරොත්තු වෙන අය ඒ වෙනුවෙන් අල්ලස් වුනත් දෙන්න බැරි නැහැ.ඇතැම් විට අර ජනප්‍රිය නළුවා තෝරනකොට තමන්ම කුපං දාගන්නවා වගේ.සාධරණ විනිශ්චය මණ්ඩලයකින් සම්මාන ලැබීම ගැටළුවක් නොවේ.ගැටලුව ඇති වෙන්නේ සම්මාන වෙනුවෙන් ඉල්ලුම් කරන ය ඒ සම්මානය තමන් වෙතම ලැබිය යුතුය කියා බලාපොරොත්තු වෙන නිසා ඒ තුලින් ඇති කරන ගැටලුවයි.

    ReplyDelete
    Replies
    1. තමා හොඳ නිර්මාණයක් කළා කියා සිතීමේ වරදක් නෑ. ඒක තමන් හොඳින් විභාගයක් ලිව්වාය කියා සිතීමට සමානයි.

      ඒ සමගම, ලේඛකයින් ද මිනිසුන් බව සහ සම්මාන පිරිනමන ආයතනද බෝ ගස් නොවන බවත් අමුතුවෙන් කිව යුතු නෑ නේද?

      Delete
  4. අනේ කකා, මෙච්චර ඉක පුරා ගෙන දඟලන්න ඕනැ නෑ, කකාට මේ සැරෙත් නෙළුම් යායේ බ්ලොග් සම්මානයක් තියෙනවා. කකාට නොදී අපි කාට දෙන්ඩද හා?

    ReplyDelete
  5. රසිකට නිවැරැදි කිරීම් කිහිපයක්:
    //පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තිබෙන්නා වූ සහ මත්තටත් තවත් ලියනට හිතේ ඇඳී ඇතිවාට සැක නැති//
    අවසානයට ලියූ "නිරුවත් ජීවිත" කෙටිකතා පොතත් එක්ක ගත් විට පොත් 15 ක් ග්‍රන්ථාරූඪ කොට ඇත. 16 වන පොත ලෙස නවකතාවක් ලිවීමට අර අඳිමි.

    //ගිය වසරේ ඔහු ලියූ "ඳඩ කඳවුර" නවකතාව රාජ්‍ය සම්මාන සඳහා ඉදිරිපත් කිරීම හෙන්රි විසින් නොකරනු ඇතැයි සිතමි//


    "දඩ කඳවුර" ප්‍රකාශයට පත් කළේ ගිය වසරේ නොව 2015 දී නිසා අදාළ නොවේ.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      වත්මන් ලෝකයේ සෑම දෙයක්ම පාහේ මුදල් මත තීරණය වීමට පටන්ගෙන තිබේ. අතීතයේ නම් සම්මාන වැනිදෑ ලබාදුන්නේ ගෞරවයක්/ දක්ෂතා ඇගයීමක්/ දිරිමත් කිරීමක් වශයෙනි. නමුත් දැන් ඒ සියල්ල පරයා සම්මානෝත්සව යනු ව්‍යාපාර බවට පත්වී තිබේ. දූෂිත රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය සම්මාන උත්සව (විශේෂයෙන් විනිශ්චය මණ්ඩල) ද දූශිත හොර ගුහාවල් බවට සැකයක් නැත. ඔබ උරණ නොවන්නේ නම් බ්ලොග් සම්මාන උළෙල ගැනත් කිවයුත්තේ මේ ටිකමය. ප්‍රසිද්ධ පාසල් ලඟ ගැවසෙමින් දරු දැරියන් හට මත්ද්‍රව්‍ය හුරු කිරීමේ යෙදෙනා කූට ව්‍යාපාරිකයෝ සිටිති. වැඩි තේරුමක් නැති දරු දැරියෝ මෙවන් කූට මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් ගේ බලල් අත් වලට අසුවෙති. බොහෝ සම්මාන උත්සව වල සම්මාන දීම් හරහා කරන්නේද එවැනිම ක්‍රියාවකි. වංචා දූෂණ සහ අනෙකුත් මජර වැඩ කර අධිකරනයේ ඇස් වලට වැලි ගසමින් ලංකාවෙන් පිට වී ඉන්නා අන්තර්ජාතික පොලිසියේ රතු වරෙන්තු ලැබූ කෙනෙකු ගේ වෙබ් අඩවියක නෙලුම් යාය බ්ලොග් සම්මාන උලෙල එල්ලා නිල බලයෙන් එම පුද්ගලයා කතෘ ය කියා නෙලුම් යාය සම්මාන විනිෂ්චය කිරීමට සලස්වා සිංහල බ්ලොග් ලෝකයම ගඳ ගස්වූ බව ඔඅබට මතක ඇති. ඇතම් සටකපට තක්කඩියන්ගේ සහ ඔහුගේ දේෂපාලන වුවමනා සහ න්‍යාය පත්‍ර අනුව මෙම කුප්‍රකට දැඩි ලෙස විවේචනයට පාත්‍ර වූ සම්මාන උලෙල ක්‍රියාත්මක වන බව දැන් අපට පැහැදිලිය.

      හෙන්රි, ශ්‍රී ලන්කා අධිකරනයෙන් වහන් වී සිටිනා වංචනික ජාවාරම්කරුවෙක් ඇතුළු දේශපාලන න්‍යාපත්‍රවලට වැඩ කල තක්කඩියන් බ්ලොග් සම්මාන වල විනිස්චය මන්ඩලේට ගැනීම හරියට බල්ලගේ ගුද මාර්ගයේ බැඳ මී වදයක් නොවන්නේද? මෙයත් එබඳුම කරුණකි. සම්මාන වලට ඉල්ලුම්පත්‍ර දා රෙජිස්ටර් වී (පසුකාලීනව මුදල් ගෙවා රිසිට් ගැනීඑමට සිදු වනු නිසැකය ) ඉල්ලුම් කරන්නන්ගෙන් පමණක් සම්මාන තෝරනු ඇත. මීට අමත්‍රව අත යටින් විනිශ්චය මණ්ඩලවලට සන්තෝශම් දීම සම්මතයක් වනු ඇත. එබැවින් මා නම් කියන්නේ සම්මාන වලට ඇප්ලිකේශන් පුරවා ඉල්ලුම්පත්තර දැමීම වෙනුවට අයීස්බීඑන්/ පුස්තකාල මණ්ඩලය වැන්නක රෙජිස්ටර් වීමක් වැනි දෙයක් මූලාශ්‍ර කරගෙන සම්මානලාභීන්ගේ ඉල්ලීමකින් තොරව රාජ්‍ය සම්මාන උත්සව (පමණක්වත්) පැවැත්විය යුතු බවයි. මෙවැනි තක්කඩි ක්‍රියා ආරම්භයේදීම ව්‍යර්ථ කල යුතුය. නැත්නම් ඉදිරියේදී පොරොවෙන්වත් නොකැපිය හැකිවනු නිසැකය.

      Delete
    2. @ හෙන්රි
      "පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තිබෙන්නා වූ සහ මත්තටත් තවත් ලියනට හිතේ ඇඳී..." යන්න සෝමරත්න දිසානායක ගේ මී පුර වැසියෝ වේදිකා නාට්‍යයේ එන ගීතයක කොටසක් බව ඔබ දන්නවා නේ!

      ඔව්, මට පසුවයි දඩ කඳවුර 2015 බව සිහිවුනේ.

      මට මතකයි අපි අර ස්වර්ණ පුස්තකයට ඒ පොත යවන්න එපා කියා ෆාස්ට් පබ්ලිෂින්ට කීවා ද නැද්ද කියා කතා වුණු හැටි!

      https://rasikalogy.blogspot.com/2016/07/here-i-come.html?showComment=1468405516138#c756247117909238573

      !

      Delete
  6. ඔය ඡායාරූප සම්මාන උළෙල තරඟකාරී උළෙලක් බව සඳහන් කොට ඇත. එසේ ඉල්ලුම්පත් නොකැඳවා ගෙදර තියෙන ඡායාරූප මොනවාදැයි දැනගන්න විදිහක්ද නැත.
    එහෙත් ලංකාව තුළ සිනමා හා සාහිත්‍ය සම්මාන දීමේදී අදාළ වසරේ ප්‍රදර්ශනය වූ හා පළවූ කෘති ලේඛණයක් ලබා ගෙන සම්මාන දීමේ පැවැති ක්‍රමවේදය හදිසියේ වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නැතිවා සේම රසිකම කියන පරිදි (යහපාලනය යටතේ?)ලේඛකයා පීචං කොට දැමීමේ මුල් පියවර වන්නටද බැරි නැත. ලබන වර රාජ්‍ය සිනමා සම්මාන උළෙල සඳහා චිත්‍රපටකරුවන්ට ඉල්ලුම් කරන්නට කියන තුරු කටවසා ඉඳිමුද ?

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      වත්මන් ලෝකයේ සෑම දෙයක්ම පාහේ මුදල් මත තීරණය වීමට පටන්ගෙන තිබේ. අතීතයේ නම් සම්මාන වැනිදෑ ලබාදුන්නේ ගෞරවයක්/ දක්ෂතා ඇගයීමක්/ දිරිමත් කිරීමක් වශයෙනි. නමුත් දැන් ඒ සියල්ල පරයා සම්මානෝත්සව යනු ව්‍යාපාර බවට පත්වී තිබේ. දූෂිත රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය සම්මාන උත්සව (විශේෂයෙන් විනිශ්චය මණ්ඩල) ද දූශිත හොර ගුහාවල් බවට සැකයක් නැත. ඔබ උරණ නොවන්නේ නම් බ්ලොග් සම්මාන උළෙල ගැනත් කිවයුත්තේ මේ ටිකමය. ප්‍රසිද්ධ පාසල් ලඟ ගැවසෙමින් දරු දැරියන් හට මත්ද්‍රව්‍ය හුරු කිරීමේ යෙදෙනා කූට ව්‍යාපාරිකයෝ සිටිති. වැඩි තේරුමක් නැති දරු දැරියෝ මෙවන් කූට මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් ගේ බලල් අත් වලට අසුවෙති. බොහෝ සම්මාන උත්සව වල සම්මාන දීම් හරහා කරන්නේද එවැනිම ක්‍රියාවකි. වංචා දූෂණ සහ අනෙකුත් මජර වැඩ කර අධිකරනයේ ඇස් වලට වැලි ගසමින් ලංකාවෙන් පිට වී ඉන්නා අන්තර්ජාතික පොලිසියේ රතු වරෙන්තු ලැබූ කෙනෙකු ගේ වෙබ් අඩවියක නෙලුම් යාය බ්ලොග් සම්මාන උලෙල එල්ලා නිල බලයෙන් එම පුද්ගලයා කතෘ ය කියා නෙලුම් යාය සම්මාන විනිෂ්චය කිරීමට සලස්වා සිංහල බ්ලොග් ලෝකයම ගඳ ගස්වූ බව ඔඅබට මතක ඇති. ඇතම් සටකපට තක්කඩියන්ගේ සහ ඔහුගේ දේෂපාලන වුවමනා සහ න්‍යාය පත්‍ර අනුව මෙම කුප්‍රකට දැඩි ලෙස විවේචනයට පාත්‍ර වූ සම්මාන උලෙල ක්‍රියාත්මක වන බව දැන් අපට පැහැදිලිය.

      හෙන්රි, ශ්‍රී ලන්කා අධිකරනයෙන් වහන් වී සිටිනා වංචනික ජාවාරම්කරුවෙක් ඇතුළු දේශපාලන න්‍යාපත්‍රවලට වැඩ කල තක්කඩියන් බ්ලොග් සම්මාන වල විනිස්චය මන්ඩලේට ගැනීම හරියට බල්ලගේ ගුද මාර්ගයේ බැඳ මී වදයක් නොවන්නේද? මෙයත් එබඳුම කරුණකි. සම්මාන වලට ඉල්ලුම්පත්‍ර දා රෙජිස්ටර් වී (පසුකාලීනව මුදල් ගෙවා රිසිට් ගැනීඑමට සිදු වනු නිසැකය ) ඉල්ලුම් කරන්නන්ගෙන් පමණක් සම්මාන තෝරනු ඇත. මීට අමත්‍රව අත යටින් විනිශ්චය මණ්ඩලවලට සන්තෝශම් දීම සම්මතයක් වනු ඇත. එබැවින් මා නම් කියන්නේ සම්මාන වලට ඇප්ලිකේශන් පුරවා ඉල්ලුම්පත්තර දැමීම වෙනුවට අයීස්බීඑන්/ පුස්තකාල මණ්ඩලය වැන්නක රෙජිස්ටර් වීමක් වැනි දෙයක් මූලාශ්‍ර කරගෙන සම්මානලාභීන්ගේ ඉල්ලීමකින් තොරව රාජ්‍ය සම්මාන උත්සව (පමණක්වත්) පැවැත්විය යුතු බවයි. මෙවැනි තක්කඩි ක්‍රියා ආරම්භයේදීම ව්‍යර්ථ කල යුතුය. නැත්නම් ඉදිරියේදී පොරොවෙන්වත් නොකැපිය හැකිවනු නිසැකය.

      Delete
  7. ඇප්ලිකේශන් දාල සම්මානයක් දීම/ගැනීම අවුලක් නෑ. ඇප්ලිකේශන් නොදා සමමාන දීම/ගැනීම විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. නිර්මාපකයා ඇප්ලිකේශන් නොදැම්මද, ඕනෑම සම්මානයක් සඳහා යෝජනා ස්ථිරත්වයක් අවශ්‍ය වේ!

      Delete
  8. අපි නෙලුම්‍ යායට නාම යෝජනා එවන්න කියුවේ බ්ලිග් මඟ හැරීමට ඇති හැකියාව අවම කරගන්න.. ප්‍රකට සිංහල බ්ලොග් සින්ඩිකෙටර වල තියෙන සියලුම බ්ලොග් පාහේ අපි කොහොමත් සලකලා බලනවා. උදාහරණයකට දැන් රසිකලොජියේ පෝස්ට් වෙනම ඉදිරිපත් කලත් නැතත් අපි සළකා බලනවා.. නමුත් අලුත් අලුත් බ්ලොග් හොයල කියවලා ඒ ගැන අවදානයෙන් ඉන්න කෙනෙක් විදියට රසිකට පුලුවන් අපිට තව හොඳ බ්ලොග් පෝස්ට් අපිට නම් කරන්න. මේක මං හිතන්නේ වෙන කිසිම සම්මාන උලෙළක නැති ට්‍රෙන්ඩ් එකක්..
    මේ ටික ඇත්තටම ලියුවේ රසිකට නෙවෙයි මේ ගැන විචිකිච්චාවෙන් ඉන්න අනෙත් අයට.

    ReplyDelete
    Replies

    1. /* ඒ සඳහා ළඟදී ම ආරම්භයක් දීමට මම අපේක්‍ෂා කරමි. */

      Delete
  9. රසික නම් ඇප්ලයි කරලා නෙවෙයි සම්මානෙ ගූ ගොඩක දාලා කටින් ලෙවකාලා ගන්න කිව්වත් ඒකත් ගන්න මනුස්සයා!

    ReplyDelete
    Replies
    1. සටටැඹීකම හුරු ඔබට නම් එය ඉතා පහසුවේවි!

      Delete
    2. ඇත්තක් කිව්වාම කියපු එකාව සමච්චලයට භාජනය කිරීම තමා වෘත්තීය බ්ලොග් කලාව කියන්නෙ.

      Delete
  10. සම්මාන දෙන්නේ බ්ලොග් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති උදවිය. මම නම් කිසිම එකකට ඉල්ලන්නේ නෑ..එතනින් අදහස් වෙන් නෑ අනික් අය ඉල්ලීඹ හෝ නොඉල්ලීම හොද හෝ නරකයි කියලා..
    ඒත් මට ඕකෙන් ලැබෙන මැටි පදක්කම හරි මොක හරි ගෙදර ගිහින් එල්ලුවාම ඒ ම‍ොකද්ද කියලා අහන හැම එකාටම ඕක මුල සිට අගට කියලා දෙන්න වෙනවා..අනික ලියල තියෙන වල් කතා බැලුවාම උන් හූල්ලනවා.. ඊට වඩා හොදයි ඔන්නොහෝ ලැබෙන කමෙනට් එකකින් දෙක්කින් සැනහිලා නිකං ඉන්න එක..

    ReplyDelete
    Replies
    1. Well said. But all these shit happended coz this award ceremony organized by shitheaded political goons. They invited highly corrupted politicians.

      I wish a better award ceremony will be there in the future without stupid political interference.

      Delete
    2. /* අනික ලියල තියෙන වල් කතා බැලුවාම උන් හූල්ලනවා.. */

      සයිබර් ලේඛකයින් ගේ දැවෙන ප්‍රශ්නයක්!

      Delete
  11. සම්මාන ඉල්ලගන්නත් පුලුවන්. සම්මාන ඇඟේ ගහන්නත් පුලුවන්. දෙන්න කියන්නත් පුලුවන්. එපා කියන්නත් පුලුවන්. මම වෘත්තිය ලියන්නෙක් නෙමේ. ඒ ලෙවල් එකේ ලියන්න දන්නෙත් නැහැ. ඒ කොහොම වුනත් මම නම් ඉන්නේ "මම එපා කියනවා" කැටගරියේ. කවුරු ගත්තත්, කවුරු දුන්නත් මට අදාල නැහැ. ඒක මගේ පෞද්ගලික අදහසයි.

    ReplyDelete
    Replies
    1. Well said Aruna Perera. අවාසනාවකට අද ඉන්න සම්මාන පෙරේතයින්ට ඔබට ඇති මේ දැක්ම නෑ. බල්ලන් වගේ පොරකාලා හරි පාදඩ දේශපාලකයෙක් ඉස්සරහ දනින් වැටිලා හරි සම්මානයක්ම තමයි ඕනෑ.

      Delete
    2. මේ ලිපිය පොත් ගැනයි.

      ඔව්, අවශ්‍ය කෙනෙකුට පොත් ලියා පදිංචි නොකර, ලේඛනාගාරයට පිටපත් නොයවා ඉන්නත් පුළුවනි!

      Delete
    3. රසික, සෑම පොතක්ම මුද්‍රණකරුවා විසින් රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි කළ යුතුයි. එය නීතිමය අවශ්‍යතාවක්.

      Delete
  12. සිරා (සිනුවර රසික) අපි මෙහෙම හිතමු;

    අප වැනි සාමාන්‍ය වැසියන්ට-
    //උප්පැන්න සහතිකයට අයැදුම් කළ යුතුය. උපත ලබා තිබුණු පමණින් සහතිකයක් ඉබේ පහළ නොවේ//
    උත්තරය, ඔව් ඉබේ පහළ නොවේ, ඉල්ලුම් කල යුතුයි.
    ඔබ නැවත ඔබේ (හෝ වෙනත් අයෙකුගේ) උප්පැන්න සහතිකයක් රැගෙන බැලුවොත් ඔබටත් පෙනේවි එහි කොපමණ අතිරේක දත්ත අඩන්ගුද කියලා.
    රෝහලක ඉපදුනානම් ඔවුන්ළඟ ඇත්තේ මවගේ විස්තර, දරුවාගේ ස්ත්‍රී/ පුරුෂ භාවය හා උපන් දිනය පමණයි. අඩුම ගන්නේ දරුවාගේ නමවත් නැහැ. නිවසේදී ඉපදුනානං කොහෙවත් ඇති දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්යාලයක් එම උපත ගැන දැන ගන්නේ කෙසේද?
    පොත ISBN ලියාපදිංචි කිරීමේදී ඔය විස්තර සේරෝම දෙන්න වෙනවා. එවිට ඔවුන්ට අවශ්‍ය ලැයිස්තුව සැදෙනවා.

    //පාසල් අධ්‍යාපනය ඇරඹීමට අයැදුම් කළ යුතුය. නැති නම් සැමදා නිවසට වී සිටීමට සිදුවෙනු ඇත.//
    උත්තරය, ඔව් නැති නම් සැමදා නිවසට වී සිටීමට සිදුවෙනු ඇත.
    ලංකාවේ ඔය විස්තර පරිගණක ගත කර ඇති නම් ළමයා පාසලට දැමීමට ඇති බව දැන්වීමට හැකියි, නමුත් එය manually කරන්න ගියහොත් කොපමණ කාලයක් ගතවේද යන්න ඔබට තේරෙනවා ඇතයි සිතමි.

    //ශිෂ්‍යත්ව විභාගයට, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට අයැදුම් කළ යුතුය. පාසල් ගිය පමණින් ඒවා ඉබේ සිදු නොවේ.
    උසස් පෙළ සමත් වීම ප්‍රමාණවත් නැත. විශ්වවිද්‍යාලයට යැමට අයැදුම් කළ යුතුය.//
    උත්තරය, ඔව්.ඒවා ඉබේ සිදු නොවේ.
    පළමුවන දෙකට වැඩ මේක වෙනස්. මෙහිදී පාසලට ලැබෙන සුදුස්සන්ගේ ලැයිස්තුවේ නම ඇතිනම් පමණක්, අයදුම්කරු කැමතිනම් අයදුම් පත්‍රය යැවීමට හැකියි.

    විවිධ ශිෂ්‍යත්ව සඳහා සහ අධ්‍යාපනය අවසානයේ රැකියා සඳහා ද අයැදුම් කළ යුතු ය.//
    උත්තරය, ඔව්.
    ඒ එම ශිෂ්‍යත්ව/ රැකියා සඳහා සුදුසුකම් සපුරා ඒවාට කැමැත්තෙන් සිටින අයගේ ලැයිස්තුවක් නැති නිසයි.


    ඔබ සිටිනා රටේ වාහනයේ ලියාපදිංචිය/ රක්ෂණය/ රියදුරු බලපත්‍රය අලුත් කර ගන්නට බොහෝවිට ඔබට කල්තියා ලිපියක් ලැබෙනවා ඇති.

    ඒ වගේම තමයි ලියාපදිංචි වී ඇති පොත් වලින් (ඔතන පොත් ලක්ෂයක් වත් තිබෙනවද?) තෝරාගැනීමකට නැවත අයදුම්පත් යැවීමේ ඕනෑකමක් නෑ.
    පොත් ISBN ලියාපදිංචි නොකර තියෙනවනම් එක වෙනම කතාවක්.



    ReplyDelete
    Replies
    1. ISBN අවශ්‍ය නැහැ. සෑම පොතක්ම මුද්‍රණකරුවා විසින් රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි කළ යුතුයි. එය නීතිමය අවශ්‍යතාවක්. ඒ නිසා සිය ගණනක පොත් සංඛ්‍යාවක නාම ලේඛනය ලබා ගැනීම සරල කටයුත්තක්.

      Delete
    2. හිතේ අදහස් තිබුණු පළියට පොත් ලියන්න ම අවශ්‍යත් නෑ.

      ලියූ පොත් පළ කරන්නත් අවශ්‍ය ම නෑ.

      අවශ්‍ය කෙනෙකුට පොත් ලියා පදිංචි නොකර ඉන්න හැකියි.

      ලේඛනාගාරයට පිටපත් නොයවා ඉන්නත් පුළුවනි!

      Delete
  13. හෙන්රි වර්ණකුලසූරිය තමන් කීර්ති වර්ණකුලසූරියගේ මල්ලි බව හොඳින් ඔප්පු කර ඇත.

    ReplyDelete
    Replies
    1. DNA පරීක්ෂණයක් තියල තමයි තාත්තව හොයාගන්න වෙන්නෙ.

      Delete
    2. තව කවුද කෙනෙකුත් තැනක ඔහොම රැවටිලා තිබුණා.

      වෙන්නප්පුව පැත්තේ ඉන්නා අයගෙන් භාගයක් ම වර්ණකුලසූරිය ප්‍රනාන්දු තමයි!

      Delete
  14. Nidahas adyapanaya wenuwen diwi demu!!

    Meka balanna.

    http://4s7sw.blogspot.com/2017/02/blog-post.html?m=1

    ReplyDelete
    Replies
    1. නොදැන සිටි අපූරු බ්ලොග් එකක් හඳුන්වා දුන්නාට තුති.

      Delete
    2. හෙන්රි දැන සිටියේ නැත්ද? මේත් හිටපු නේවිකාරයෙකු ගේ බ්ලොග් නේ. ඉලංගකොන් එක්ක වැඩ කළ අයෙක්!

      Delete
    3. මම අවුරුදු 5 නෙ උන්නෙ. ඊට පෙර අයින් වූ කෙනෙක් විය හැකියි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.