ඊයේ කාර්යාලයේ දී මගේ ඩී-කන්ස්ට්‍රක්ටඩ් ටූනා ඇන්ඩ් සැලඩ් සැන්ඩ්විචය හපන අතරේ ජංගම දුරකථනයෙන් ෆේස්බුක් දෙස බැල්මක් හෙළුෑ විට මා දුටුවේ තමන් ලංකාවේ වේලාවෙන් උදෑසන 830ට ස්වාධීන රූපවාහිනීයේ නිල්මිණි දිසානායක මෙහෙයවන පොත් පිළිබඳ වැඩසටහනට සහභාගීවෙන බව, නොකී කතා බ්ලොග්කරු, මා මිත්‍ර, හෙන්රි වර්ණකුලසූරිය විසින් සටහනක් තබා තිබෙන ආකාරයයි.
ලංකාවේ වේලාවෙන් උදෑසන 8:30 යනු සිනුවර මගේ වේලාවෙන් දහවල් 1:00 ය. ඒ මා නිතිපතා කරන්නා වූ දිවාකල ඇවිදීමේ වේලාවයි.
වහා සැන්ඩ්විචය ගිල දැමූ මම, මගේ අහවල් ජංගම දුරකථනයට හිස කුඩුච්චිය නොහොත් හෙඩ් සෙට් එක ද සවි කරගෙන කාර්යාල ගොඩනැගිල්ලෙන් නික්මී අපේ පා ගමන් මාර්ගයට වැටුණෙමි.
මුලින් මහපාරේ පදික මං තීරුවේ ද, ඉන්පසුව පැරමටා ගඟ අසබඩ ඇති පා ගමන් මගේ ද, වේගයෙන් ගමන් කරමින්, වෙනදා මෙන් අවට සිරිය නොවිඳ, මගේ ගමන් සගයා සමග ද වැඩි කතා බහක නොයෙදී, විනාඩි විසි අටක පමණ කාලයක් තිස්සේ විකාශය වුණු ඒ සල්මල් යාය නම් සඟරාමය වැඩ සටහනෙන්, වෙළඳ දැන්වීම් අතහැර ඉතිරි විනාඩි විස්සක පමණ කාලයේ සිදු කෙරුණු සම්මුඛ සාකච්ඡාව නැරඹුවෙමි.
පසුගිය සති කිහිපය තුළ, පුවත්පත් සමග ද, රූපවාහිනී නාලිකා සමග ද සම්මුඛ සාකච්ඡා පවත්වමින් හෙන්රි වර්ණකුලසූරිය මේ සැරසෙන්නේ ඔහු ගේ නවතම කෙටිකතා සංග්‍රහය ජනගත කරන්නයි. ඒ උත්සවය හෙට, එනම් 2016 අගෝස්තු හතර (4) වෙනිදා සවස 3:30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී දී පැවැත්වීමට නියමිත ය.
ස්වාධීන රූපවාහිනීයේ සිත්මල් යාය වඩසටහන වෙනුවෙන් ඉඳුනිල් දිසානායක විසින් හෙන්රි වර්ණකුලසූරිය සමග කරන්නට දෙයුණු ඒ සාකච්ඡාවේ අන්තර්ගත වූ කරුණුවලින් මා සිත් ගත් කාරණා තුනක් මෙහි සඳහන් කිරීම මගේ මේ ලිපියේ මුල් අරමුණයි.
- කලකට පෙර මා මුලින් ම ඔහු හඳුනා ගත්තේ තරුණ කවියෙකු ලෙසින් වුවද, මා ද පසුව වටහා ගත් පරිදි හෙන්රි වර්ණකුලසූරිය යනු තව දුරටත් කවියෙකු නොවේ. ඇත්තටම මා අවසාන වරට ඔහු ලියු කවියක් මුද්‍රිත මාධ්‍යයක දුටුවේ 1990 වසරේ දී පමණ ය. ඒ තරුණි පුවත් සඟරාවේ පළ වූ පැන්ෂොන් යන යුද සෙබළෙකු පිළිබඳව ලියවුණු එකකි.
මේ සාකච්ඡාවේ දී හෙන්රි වර්ණකුලසූරිය තමා තව දුරටත් කවියෙකු නොවන බව ඉඳුරාම ප්‍රකාශ කළේ ය.
- පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මට වඩා වසර දෙකකින් ජ්‍යෙෂ්ඨයෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය යනු එනිසා ම මගේ පරම්පරාවේ සමකාලීනකයෙකු ලෙස මා මෙතෙක් සිතා සිටියද එය එසේ නොවන බව මට මේ සාකච්ඡාවේ දී වැටහිණි. ඔහු පැරණි පරම්පරාවේ අයෙකි.
එසේ තීරණය කිරීමට හේතුව වන්නේ, අනෙකක් නොව, හෙන්රි වර්ණකුලසූරිය යනු කෙළින් ම තමන් ලියන දෑ යතුරු පුවරුව හරහා පරිගණකයට එක් නොකරන, ඒ වෙනුවට තවමත් පැරණි ක්‍රමයට පෑනෙන් කඩදාසි කොළවල ලියා, ඉන් පසු ඒවා අතින් සංස්කරණය කරන, අපට කලින් පරම්පරාවේ පුඟුලෙකු බවට ඔහු මේ වැඩ සටහනේ දී ප්‍රකාශ කිරීමයි!
- ඊළඟ වැදගත් කරුණ වනුයේ තමා විසින් ලියන ලද නවතම කෙටිකතා ඇතුළත් නිරුවත් ජීවිත කෙටිකතා සංග්‍රහය එළිදැක්වෙන දිනයේ, විද්වතුන් විසින් පැවැත්වෙන දේශන ඒ අදාළ ග්‍රන්ථය පිළිබඳව ගොනු නොකර, ඒ වෙනුවට තමා විසින් මීට පෙර ලියන ලද නවකතා ද්වය ගැන කතිකාවක් ගෙන ඒමට හෙන්රි වර්ණකුලසූරිය විසින් ගෙන ඇති තීරණයයි.
මා ද විශ්වාස කරන ආකාරයට, එදින එළි දැක්වෙන පොතක් පිළිබඳව කෙරෙන විශ්ලේෂණයක් ඒවන විට ඒ පොත කියවා නැති අයට එතරම් ප්‍රයෝජනයක් නැති දෙයකි. අප කළ යුත්තේ පොත එළි දක්වා එය පාඨකයින් විසින් කියවූ පසු, ඒ ගැන කතිකාවක් කිරීමයි.
මා සාමාජිකයෙකු වන ඕස්ටේර්ලියාවේ නිව් සවුත්වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය මගින් පවත්වුණ ලබන පොත් එළිදැක්වීමේ උත්සවවලට අමතරව, පසුගිය ඔක්තෝබරයේ දී අප රස විඳුම නමින් සාහිත්‍ය වැඩසටහනක් ඇරඹුවේ ද මේ කාරණය (තවත් අරමුණු) නිසා ය.
හෙන්රි වර්ණකුලසූරියගේ ස්වාධීන රූපවාහිනී සිත්මල් යාය සාකච්ඡාවේ අන්තර්ගත විය යුතු වූ නමුත් අවාසනාවට මෙන් එසේ නොවූ කරුණුවලින් මෙහි සඳහන් කළ යුතු ම වන එක් වැදගත් කාරණාවක් වේ.
ඉඳුනිල් දිසානායක හෙන්රි වර්ණකුලසූරියගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඔහුට අප සියලු දෙනා සම්බන්ධ සිංහල බ්ලොග් පිළිබඳව සඳහන් කළ හැකි වූ අවස්ථා අඩු වශයෙන් දෙකක් තිබුණි. නමුත් අපේ අවාසනාවට මෙන් ඒ අවස්ථා දෙකම ඔහුගෙන් ගිලිහී ගියේ ය.
ඉන් මුල් අවස්ථාව වූයේ හෙන්රි වර්ණකුලසූරිය විසින් මීට පෙර රචනා කළ "නොකී කතා" නම් ග්‍රන්ථය පිළිබඳව සාකච්ඡා වුණු මොහොත ය. ඒ ග්‍රන්ථයේ අන්තර්ගතය වූ ලිපි පෙළ පුවත්පත් දෙකක තීරු ලිපි ලෙස ලියවුණු ආකාරය හෙන්රි වර්ණකුලසූරිය විස්තර කළ නමුත්, තමන් තව දුරටත් "නොකී කතා" මාලාව බ්ලොගයක් ලෙස දිගටම ලියන බව පැවසීම ඔහුට අතපසු විය.
දෙවෙනි අතපසු වීම ඊට වඩා කනගාටුදායක එකකි.
සාකච්ඡාවේ අවසාන භාගයේ දී ඉඳුනිල් දිසානායක, ප්‍රවීන ලේඛකයෙකු ලෙස අලුත් පරම්පරාවේ ලේඛන කටයුතු ඔහු දකින්නේ කෙලෙසදැයි හෙන්රි වර්ණකුලසූරියගෙන් විමසුවා ය.
අවාසනාවට මෙන් ඒ මොහොතේ දී ද, අලුත්ම ලේඛන මාධ්‍යය වූ බ්ලොග් ගැනත්, එයින් බිහි වෙමින් පවතින අලුත් ලේඛක පරපුර ගැනත්, බ්ලුක් ගැනත් කියනු වෙනුවට මෙහිදී හෙන්රි වර්ණකුලසූරිය ගේ කටට ආවේ ඊ-බුක් නමැති සිංහල ලේඛනය ගැන සලකන විට ලොවෙත් නැති තවමත් මනස්කල්පිතයක් පමණක් වන ලේඛන ප්‍රවර්ගයක් ගැන පමණි.
අඩු වශයෙන්, හෙට අගෝස්තු හතරවෙනි දා සවස 3:30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී පැවැත්වෙන හෙන්රි වර්ණකුලසූරිය ගේ පස්වෙනි කෙටිකතා සංග්‍රහය වන "නිරුවත් ජීවිත" ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ දී වත්, විශේෂයෙන් තමන් ගේ "නොකී කතා" බ්ලොගය පිළිබඳවත්, පොදුවේ සිංහල ලේඛන කලාවේ නවතම මාධ්‍යය වන බ්ලොග්කරනය පිළිබඳවත් මා මිත්‍ර ලේඛකයා විසින් සඳහන් කරනු ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙමි.
බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් විසින් බ්ලොගින් ප්‍රවර්ධනය නොකරන්නේ නම් එය කවුරුන් විසින් කරාවි ද? අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද?
-රසිකොලොජිස්ට්
ප/ලි:
සිත්මල් යාය සම්මුඛ සාකච්ඡාව මෙතැනින් නැරඹිය හැක.
http://www.itn.lk/2016/08/02/salmal-yaya-2016-08-02/
ඔහෙලාත් ඇහැක් නම් හෙට ඒ අහ යන්න!
අපරාදෙ...
ReplyDeleteඒකනේ බ්ලොග් ලිපිවලට කමෙන්ට් කිරීම ගැනත් සඳහන් කරන්න තිබුණු අවස්ථාවක් තමයි මග හැරී ගියේ!
DeleteImportnant කියන වචනේ මොකක්ද මෙයා...?
ReplyDeleteතෑන්ක්ස් චෙෆාකි. නිවැරදි කරන්නම්.
Deleteඒ සාකච්ඡාවේ දී හෙන්රි වර්ණකුලසූරිය කියූ දෙයක් තමයි ඉංග්ලිෂ් වචනයක අකුරු වැරදීම ගැන අපි ඉතා සැලකිලිමත් වුනත්, සිංහල අක්‍ෂර වින්‍යාසය හෝ ව්‍යාකාරණ ගැන හෝ ඒ ආකාරයේ සැලකිල්ලක් නොදක්වන බව.
චෙෆාකි impotent කියලා ද හිතුවේ. තව කල් තියෙනවා!
Deleteඅපි නං ඉතින් දැන් ඒ ගානටම ඇවිත් රසික...හෙහ් හෙහ්...!
Delete//අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද?//
ReplyDeleteපාඨකයින්ගේ පැත්තෙන් බලනවා නම්, 'තොපි වෙනුවෙන් අපි'!
(මොකද කියනවා නම් අපි අපේ කාලය වැය කරගෙන බ්ලොග් කියවන නිසා!)
මා කියා ඇත්තේ මෙයයි.
Delete/* බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් විසින් බ්ලොගින් ප්‍රවර්ධනය නොකරන්නේ නම් එය කවුරුන් විසින් කරාවි ද? අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද? */
ඒ කියන්නේ බ්ලොග් පාඨක/රචක සැවොම එකම "අපි" පිරිසක් ය කියායි.
☺
කතාව ඇත්ත - සම්පුර්ණයෙන්ම එකඟයි. මම කලේ විහිළුවක් විතරයි.
Deleteහැබැයි, දැන් බලනකොට, බ්ලොග් රචකයන් හා කියවන්නන් දෙපැත්තකට කරලා බැලුවනම්, මගේ කතාවෙත් ඇත්තක් තියනවා!
පොත් කියවූ අය අතරින් පොත් රචකයින් බිහිවෙනවා වගේ ම, බ්ලොග් කියවන අය අතරින් තමයි අලුත් බ්ලොග්කරුවන් බිහිවෙන්නේ!
Deleteඑනිසා, පාඨකයින්, රචකයින් යනුවෙන් වෙන්ව සිතීම මෙතැනදී අනවශ්‍යයි!
ඇනෝ, ///පාඨකයින්ගේ පැත්තෙන් බලනවා නම්, 'තොපි වෙනුවෙන් අපි'!
Delete(මොකද කියනවා නම් අපි අපේ කාලය වැය කරගෙන බ්ලොග් කියවන නිසා!)///
ඔබ (කියවන්නෙක් පමණයි කියල හිතනව) හිතාගෙන ඉන්නෙ කියවන්නන්ගේ කියවීම ලියන්නන්ට කරන උදව්වක් පමණයි කියලද?
යන්න ට්‍රයි කරනව. කතා තිබුනොත් හොඳයි මොකද නැත්නම් මට යන්න පුලුවන් වෙලාව වෙනකොට ඒක ඉවරවෙලා තියෙයි
ReplyDeleteකතා ඇති බවයි ආරංචිය.
Deleteමෙහෙයවීම කපිල ගමගේ. මුලසුන සුන්දර නිහතමානී ද මෙල්. දේශනය ආරියරත්න ඇතුගල.
ඇහැක් වෙතොත් යන්න උත්සහා කරනවා කොහොම හරි.
ReplyDeleteබ්ලොග් ගැන කතාකරන දවසකුත් නුදුරේදීම එන්නේ නැතා.
බලමු අද හෙන්රි මොනවා කියයි ද කියලා!
Deleteමගේ යාලුවෙක් පොත් එළිදැක්වීමකට ගිහන් මලා
ReplyDeleteමගෙ යාලුවෙක්ට මලා වගේ නින්ද ගියා..... ඇත්තටම !
Deleteඕක මොකද්ද? මගේ යාලුවෙක් කොහෙවත් නොගිහින්ම මලා!
Deleteසමහර යාලුවෝ පොත් එළිදැක්වීමේ උත්සවය ඇරඹිලා පැය බාගෙන් ෂේප් වෙලා යනවා අනුමත වෙන්න!
Deleteමගේ යාලුවෙක් පොත් එළිදැක්වීමේ උත්සවයක් ඇරඹිලා පැය බාගෙන් ෂේප් වෙලා අනුමත වෙන්න ගිහින් මළා.
Deleteකථා නායකයා ගැන අපි නොදන්නවා නෙවෙයිනේ රසික. එයා ලියන දේවල් වලින් එයා ඉන්නේ කොයිතරම් පහත් තැනකද කියලාත් පැහැදිළියි. ඇයි වඳුරන්ගෙන් ටේබල් මැනර්ස් බලාපොරොත්තු වෙන්නෙ?
ReplyDeleteකතානායකයා ගේ වරදක් නැත.
Deleteඔහු ලියන දේවල්වල වගකීම ඔහු සතු ය.
දැන් බ්ලොග් ලිව්වා වුනත් තවමත් කඩදාසිවල අතින් ලියා සංස්කරණය කරන පරණ පරම්පරාවේ ලේඛකයෙකු නිසා, බ්ලොගින් ගැන කෙලින් ම සිහියට නො ඒම පුදුමයක් නොවේ.
මා උත්සාහ කළේ ඔහුට සිහි කැඳවීමක් කරන්නයි!
අනේ රසික ඔය සැන්විච් එක වහා ගිලදමන්න එපා. පරිස්සමට කන්න. ඕක උගුරේ හිරවුනොත්.
ReplyDeleteඑතකොට අපි කොහොමද රසිකගේ රචනා කියවන්නේ.
අර 'මලා ඇනෝ'ට මාරු චෑන්ස් එක. ඌ ලියයි මම දන්නා එක්කෙනෙක් සැන්විච් එක උගුරේ හිරවෙලා මලා කියලා.
සැන්විච් එකක් නොව ඩී-කන්ස්ට්‍රක්ටඩ් ටූනා ඇන්ඩ් සැලඩ් සැන්විච් එකකි!
Deletehttp://rasikalogy.blogspot.com/2015/11/eat-like-king.html
හෙට යනවා. අවස්තාවක් ආවොත් ප්‍රශ්න කරන්නම්.
ReplyDeleteබලාගෙනයි.
Deleteමෙන්න එදා "හෙන්රි සර්" ඔහේට කළ තරවටුවක්.
"නොකී කතා" බ්ලොග් එකටත් කෙළිය එහෙනං...අහුවෙද්ද ඔය කල්‍යාණ මිත්‍රයා :: http://nokieekatha.blogspot.com/2016/03/blog-post_30.html
අපිත් ආසයි ටූන සැන්ඩ්විච් කාල ලන්ච් වෝක් එකක් දාන්න.දෙනවකො අපිටත් චාන්ස් එකක් සිනුවර සිරිය විඳින්ට.
ReplyDeleteමෙරටට සංචාරකයෙකු ලෙස ද, සංක්‍රමණිකයෙකු ලෙස ද පැමිණිය හැක.
Deleteමෙන්න විස්තර.
https://www.border.gov.au/Trav
/උත්සවයේ දී වත්, විශේෂයෙන් තමන් ගේ "නොකී කතා" බ්ලොගය පිළිබඳවත්, පොදුවේ සිංහල ලේඛන කලාවේ නවතම මාධ්‍යය වන බ්ලොග්කරනය පිළිබඳවත් මා මිත්‍ර ලේඛකයා විසින් සඳහන් කරනු ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙමි./
ReplyDeleteඅන්න රසික ඉතා හොඳ යෝජනාවක්. මේ බ්ලොග් එක හඳුන්නා දීලා විතරක් මදි, ඒ බ්ලොග් එකේ පළවූ පහත දැක්වෙන ආකාරයේ විශිෂ්ඨ සාහිත්‍ය නිර්මාණ ගැනත් පාඨකයෝ දැන ගනීවි. මේ තමයි ඔහු අපේ රටේ පහළ වෙච්චි විශිෂ්ඨ වියතුන් දෙදෙනෙකුට උපහාර පුදන හැටි.
එදිරිවීර සරච්චන්ද්‍ර පිටරට ගිය තැන...
සිරිගුණයා අයිලින්ගේ කාමරයට පැන...
දෙන්ඩ පටන් ගති..දෙන්ඩ පටන් ගති
දණ බිම ඇණ ගෙන....
අති උත්තම ශුක්‍ර ධාතු සාරිය හැම තැන...
මෙන්න ලින්ක් එකත්.
කජුගහ මුදුණේ ටකේ බඳින්නේ.....
මේ වගේ විශිෂ්ඨ බ්ලොග් රචකයෝ තමයි රසිකලා පැරාලා ප්‍රමෝට් කරන්නේ. ඇත්තටම මේ පුද්ගලයා බ්ලොග් එකේ ලියලා තියෙන සමහර දේවල් දැකලා මට නම් විශාල කණගාටුවක් ඇතිවුණා. රසිකලා පැරාලා ඒවාට කැමතිද මම දන්නෙ නෑ. මට නම් ඒ බ්ලොග් එකක නෙවෙයි ගඳ ගහන වැසිකිලියක්.
මේ කමෙන්ටුව ව්‍යංගයෙන් හෙන්රිට ප්‍රචාරයක් දීමක් ද කියා හිතෙනවා.
Deleteඒ කවිය හෙන්රි ලියූ එකක් නොවේ. විශ්වවවිද්‍යාල සාහිත්‍යයේ කොටසක්. එහි විවිධ පදමාලා තියෙනවා.
හෙන්රි නොකී කතා බ්ලොගයේ ලියා ඇති දෙයින් මා අකමැති ලිපියක් ඇත්නම් ඒ නවකවදය ගැන ලියූ ලිපිය පමණයි.
http://nokieekatha.blogspot.com/2016/05/blog-post_24.html?showComment=1464535617567#c5821756382355074513
!!!
කලක් තිස්සේ පවතින මෙවැනි හිස්වචන ද හිස් ක්‍රියාවන්ද තවදුරටත් විශ්විද්‍යාල සාහිත්‍යය හෝ විශ්විද්‍යාල උපසංකෘතිය නොවිය යුතු බව සිතමි.
Deleteඅපේ විශ්විද්‍යාල වල තිබු සාර්ථකත්වයද බොහෝ සෙයින් නැති කර, ඒවා රට වැඩදායක නොවන විද්‍යාර්ථයින් බොහෝ පිරිසක් බිහි කරන තැනක් බවට පත්කළ, තිබුන තැනෙන් පහලට වැට්ටු ශිෂ්‍ය පරම්පරාවකින් දායාද කර තවම තැන් තැන් වල පවතින මෙවැනි අශිෂ්ඨ සාහිත්‍ය මෙන්ම අශිෂ්ඨ ක්‍රියාවන් දැන්වත් අතුගා නොදැමුවහොත් අපේ විශ්විද්‍යාල කිසිදිනක ලෝකයේ ඉහලට එනු ඇතැයි සිතිය නොහැකිය.
සමාජයට ඉදිරියෙන් සිටිය යුතු විශ්විද්‍යාල සිසුන් දැන් සිටින්නේ සමාජයට බොහෝ පිටුපසින් බව පෙනේ.
කෙන්,
Deleteබොහොම වටිනා අදහස් ටිකක්. හැබැයි අර පරිසර කට්ටිය, ඛණිජ තෙල් පාවිච්චි කරන්න එපා, ගස් කපන්න එපා කියනවා වගේ. විකල්ප මොකුත් නෑ, බලශක්තියටවත්, ලී වලින් හදන දේවල් වලටවත්.
1.කලක් තිස්සේ පවතින ......
මහත්තයෝ කියන්නකෝ විය යුතු සාහිත්‍ය ගැන විස්තරයකුත්
2. අපේ විශ්විද්‍යාල වල ....
ඕවා අතුගා දැමුවොත් කොහොමද විශ්ව විද්‍යාල ඉහලට එන්නේ කියලත් ටිකක් පැහැදිලි කරන්නකෝ
3. සමාජයට ඉදිරියෙන් ...
ඇයි විශ්විද්‍යාල සිසුන් පමණක්, මුළු සමාජයම නොවෙයිද?
විශ්වවිද්‍යාල ප්‍රජාව රටේ මට්ටමට වඩා උසස් කිරීමට නම් කළ යුත්තේ, විභාගවලින් ගන්නා ලකුණු මට්ටම මත නොව වෙනත් ක්‍රමවේදයකට (IQ, EQ, EI??) විශ්වවිද්‍යාලවලට සිසුන් බදවා ගැනීමයි.
Deleteමක් නිසාද යත්, විභාගයකින් ගන්නා ලකුණු මට්ටම යනු විෂයය දැනුම පිළිබඳ (තාවකාලික) නිර්ණායකයක් පමණක් බැවිණි.
එම කවිය ඔහු ලියූ එකක් නොවන බව දන්නවා. ඒ තරම් වත් නිර්මාණ ශක්තියක් ඔය පුද්ගලයාට නැති බව ප්‍රකට කාරණයක්. නමුත් මේ වගේ දේවල් ප්‍රවර්ධනය කිරීමෙන් හා ඒවා සහිත ඊනියා සරසවි උප සංස්කෘතියක් පිළිගැනීමෙන් හා අනුමත කිරීමෙන් ඔහු ඉන්න තැන හෙළිවෙනවා නේද රසික?
ReplyDeleteඉහත කෙන්කියුෂාට යමක් එක් කරන්නේ නම් ලංකාවෙ විශ්ව විද්‍යාල වල සමහර සිසුන් විශ්ව විද්‍යාලෙ ඉන්න කොට විතරක් නෙවෙයි, එයින් බැහැරවෙලා වසර තිහක් තිස් පහක් ගිය තැනත් ඉන්නෙ සමාජයට වඩා බොහෝ පසුපසින්.
විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නේ විෂයය දැනුම මනින තාවකාලික නිර්ණායකයක් වෙන විභාග ලකුණු මතයි. එනිසා ඒ තේරෙන පිරිස සමාජයට වඩා හැඟ අතින්ම ඉහළ පිරිසක් ය කියා බලාපොරොත්තු වීම වැරදියි.
Deleteඒ සමගම විශ්ව විද්‍යාලවල උගන්වන්නේ ද විෂයය කරුණු පමණි.
QED
හොඳ චාන්ස් එකක් මිස්කරල.
ReplyDeleteඑකක් නොවේ දෙකක්. දෙතැනකදීම බ්ලොග් ගැන සඳහන් කරන්න ඉඩ තිබුණා!
Deleteමා දකින ආකාරයට බ්ලොග්කරණයද අප රටේ සංචාරක ව්‍යාපාරය මෙනි. අප රටට සංචාරකයින් ගෙන්වාගැනීමට, ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ආයතන කිහිපයක්ම ඇත.නමුත් බොහෝ සංචාරකයින් අප රටට එන්නේ කලින් පැමිණි අයෙකු විසින් අප රට පිළිබඳව ලබාදුන් තොරතුරැ මත පදනම් වෙමිනි. පැමිණි පසු අප රටේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අයගේ සැළකීම මත නැවත පැමිණීම තීරණය වේ. ප්‍රවර්ධනය යහපත්ය. නමුත් මාද බ්ලොග් එක්ක් ලිවීමට පෙළඹුනේ හැලපේ, මාතලන්, අටමා, පහන්යායේ සයුරී වැනි අය විසින් ලබාදුන් අවංක සහයෝගය නිසාය. ඊට පෙර ප්‍රසිද්ධ බ්ලොග්කරැවන් කිහිප දෙනෙකුගෙන් මේ පිලිබඳව උදව් ඉල්ලා සිටියද පලක් නොවීය.
ReplyDeleteපොත් නොකියවා පොත් ලියන්නට පෙළඹෙන්නේ නැතුවා සේ ම, බ්ලොග් නොකියවා, බ්ලොග් ලියන්නට පෙළඹෙන්නෝ ද නැත!
Delete//බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් විසින් බ්ලොගින් ප්‍රවර්ධනය නොකරන්නේ නම් එය කවුරුන් විසින් කරාවි ද? අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද?//
ReplyDeleteඔබ හරි,
ඔහුට විශාල අමතක වීමක් වෙලා වගේ...
පනහ පැන්නාම අමතක වෙනවා නේන්නම්!
Deleteසිංහල ඊබුක්ස් වලට වඩා තැනක් නම් බ්ලොග් වලට තියෙනවා කියන එක මමත් පිළිගන්නවා. හෙන්රි අයියා නෙළුම් යායට පවා ආව එකේ මේක අතපසු වීම පුදුමයි.
ReplyDeleteතමන් ගේ බ්ලොග් එක ගැන සඳහන් කළා නම් ඒ ඇති.
Deleteමා පසුගිය දෙසැම්බරයේ ලියා පළ කළ පොතේ කතෘගේ වෙනත් නිර්මාණ පිටුවේ මගේ සියලුම බ්ලොග් කටයුතු ගැන සඳහන් කළා!
https://rasikalogy.blogspot.com/2015/12/efacmemories-my-four-years-at-peradeniya.html
.
හෙන්රි මහතාට නෙලුම් යායේ ත්‍යාග දීමට ආරාධනා කල වියතුන් මේ ගැන අසාවි යයි බලා පොරොත්තු වෙනව. රසික ඔයාල කාලයක් වැඩේ ගෙන ගියා . මාතලන් ලා ඇතුළු බොහෝ අයත් මෙතන ඉන්නවා. අපි බ්ලොග් වැඩේ ඇදගෙන යමු. කියවන ජනතාව තමා දහිරිය දෙන්නේ. තෑගි දෙන්න ඕනේ එයාලට .
ReplyDeleteවියතුන් නම් එහි ගොස් සිටි බව ෆොටෝවලින් දැක්කා!
Deleteමා කියා ඇත්තේ හෙන්රි තමන්ගේ සාහිත්‍ය වැඩ ගැන සඳහන් කරනවිට, තමන් ගේ බ්ලොග්/ය ගැනත් සඳහන් කළ යුතුව තිබුණු බවයි!
බ්ලොග් ප්‍රොමෝට් කරන්න හොඳම විදිහක් තමයි බ්ලොග් සම්මාන උළෙල. සමහරු බ්ලොග් කියල දෙයක් තියෙනව කියලත් දැනගත්තෙ ඒකෙන්.
ReplyDeleteදේශපාලුවො ගාවගන්නෙ නැතිව කලාංගයක් විදිහට බ්ලොග් ප්‍රොමෝට් කරනව නම් අපි එතැන.
ප්‍රධාන ධාරාවෙ වැඩ අස්සෙ බ්ලොග් ප්‍රොමෝට් කරන්න කියන රසිකගෙ යෝජනාව මම දකින්නෙ රුපියල් අස්සෙ අලුක්කාල් ගහනව වගේ වැඩක් විදිහටයි.
ඊයෙ මගෙ පොත් උත්සවය වෙලාවෙ රසිකත් හොඳින් හඳුනන මගෙ මිතුරු ඉංජිනේරු මහාචාර්‍යවරයෙකුට බ්ලොග් ලෝකයේ පෙරළිකාරයෙකු වුණ සා- රස තුමාව හඳුන්වල දුන්න. බ්ලොග් කියවන්නෙ නැද්ද කියල ඇහුවම මහාචාර්‍යවරය කිව්වෙ අපෝ ඕවට මට වෙලාවක් නෑ කියලයි.
නිකං කිංඩියට වගේද මංදා.
හෙන්රි මා කියා ඇත්තේ පොත් උත්සව සහ ඒ සම්බන්ධ රුපියල් කටයුතුවලදී බ්ලොග් නමැති අළුක්කාල් ගහන්න යෑමක් ගැන නොවෙයි.
Delete1. ඔබේ ලේඛන කටයුතු ගැන කීමේ දී, ඔබේ නොකී කතා බ්ලොගය ගැන සඳහන් කළ යුතුව තිබුණා කීම සහ
2. අලුත් පරපුරේ සිංහල ලේඛන කටයුතු ගැන කීමේ දී, බ්ලොග් ගැන සඳහන් කළ යුතුව තිබුණා කීමයි.
මා පසුගිය දෙසැම්බරයේ ලියා පළ කළ eFacMemories පොතේ කතෘගේ වෙනත් නිර්මාණ පිටුවේ මගේ සියලුම බ්ලොග් කටයුතු ගැන සඳහන් කළා!
https://rasikalogy.blogspot.com/2015/12/efacmemories-my-four-years-at-peradeniya.html
ඔබේ පොතේ නොකී කතා බ්ලොගයේ ලිපිනය සඳහන් නොවේ නම් එය ඉතා කණගාටුවට කරුණක්.
ඔබට තමන් බ්ලොගයක් ලියන බව කීම ලජ්ජාවට කරුණක් යැයි මා සිතන්නේ නෑ. නමුත් ඔබ සමහර විට පරණ පරම්පරාවේ (තවමත් කඩදාසිවල පැනෙන් ලියන) අයෙකු නිසා එසේ සිතෙනවාත් විය හැකියි.
ʘ‿ʘ
තාම ඊයේ උත්සවයේ ඡායාරූප සියල්ලම දැක නැති නිසා ඔය කියන ඉංජිනේරු මහාචාර්යයා කවුද කියා මා දන්නේ නෑ. නමුත් එවැනි පරණ පරම්පරාවේ අය බ්ලොග් නොකියවීම මට නම් ලොකු ප්‍රශ්නයක් නොවෙයි.
Deleteමහාචාර්ය කීවේ ඇතුගල ගැන ද? පොර මා සිටි කාලයේ කැලණියේ සිටි නමුත් අප මුණ ගැසී නෑ.
Deleteනැතිනම් සුමනසිරි ගැන ද? සුමනසිරි ගේ රැකියාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය.
http://www.ou.ac.lk/home/index.php/faculties-institutes/engineering-technology/mechanical/academic-staff-mechanical
This comment has been removed by the author.
ReplyDelete