Monday 6 February 2017

xxන්න නිදහස - Exercising your freedom to think


ඊයේ ශ්‍රී ලංකාවේ 69 වෙනි නිදහස් සමරුව පැවැත්විණි.

සමහරුන්ට මෙය වැදගත් වූයේ 69 නිසා ය. ඒ වැට් 69 නම් විස්කි වර්ගය නිසා නොව වෙනත් 69 කි.

ෆෙස්බුක් හි කෙටි සටහනක් තබන බ්ලොග්කරු මෞර්ය රාජ් "මොනවා නැතත් හිතන්න නම් නිදහස අවශ්‍ය තරම් ඇත!" යැයි කියා තිබුණි.

"හිතුවට කමක් නෑ, ඒත් කට පියාගෙන සිටින්න" යැයි වෙනකෙකු එයට පිළිතුරු දී තිබුණි.

ලංකාවේ නිදහස් සැමරුම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ද ඊයේ පැවැත්වුණි. සාමාන්‍යයෙන් මේ උත්සවය සිනුවර පැවැත්වෙන්නේ පෙබරවාරි හතරවෙනිදා ම නොව, ඊට නුදුරුම සෙනසුරාදා දිනයේ ය. වසර ගණනාවකට පසු ඊයේ පෙබරවාරි හතර වෙනිදා සෙනසුරාදාවක් වී තිබුණි.

උත්සවය සංවිධානය කෙරුණේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුව විසින් සිඩ්නි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ සහභාගීත්වය ඇතුව සහ සංක්‍රමණික ලාංකික ජනතාව විසින් සිඩ්නි ප්‍රදේශයේ පිහිටුවාගෙන ඇති ප්‍රජා සංවිධාන කිහිපයක එකමුතුවෙනි. සිඩ්නි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ලාල් වික්‍රමතුංග ද, නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙපළක් ද උත්සවයට සහභාගී වී සිටියහ.

ඊයේ දහවල ෆේස්බුක් හරහා ලංකාවේ වාසය කරන මිතුරෙකු හා චැටක යෙදී සිට අවසානයේ "තව ස්වල්ප වේලාවකින් නිදහස් දින සැමරුමට යාමට තිබේ" යැයි මා පැවසූ විට, ඔහු, "කාගේ නිදහස ද සමරන්නේ"" යැයි පවසමින් "එදා සුද්දාගෙන් නිදහස ලැබුණේ මහ ජනතාවට නොවේ කළු සුද්දන්ට" යනා දී වශයෙන් දේශනයක් කිරීමට ඇරඹූ විට, "නෑ මං එහි යන්නේ උත්සව ශාලවේ අපේ ලේඛක සංගමය විසින් කරන සංක්‍රමණික සිංහල ලේඛකයින් විසින් ලියූ පොත් ප්‍රදර්ශනයේ රාජකාරි සඳහා ය" කියා ගැලවුණෙමි.

ඇත්තටම මා මගේ මිතුරාට කිව යුතුව තිබුණේ "මා සමරන්නේ ලංකාවෙන් ගැලවීමේ නිදහස ය" කියා ය. එසේ නම් එය සැමරිය යුත්තේ පෙබරවාරි නොව අප්‍රියෙල් මාසයේ මා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ දිනයේ ය.

නමුත්, ඇත්තට ම මා එලෙස නිදහස් වී නැති බවත්, තවමත් අපේ ජාති(ක)වාදී අයියලා ගේ බුල්ෂිට් දෙපයට පෑගෙන බවත් මම දනිමි.

මෙන්න උදාහරණයක්.

ඊයේ ෆෙස්බුක් සමූහයක තම අදහස් දක්වන මිතුරෙකු මෙලෙස පවසා තිබුණි.
යාළුවෙක් එක්ක තේකක් බොන අතරෙ පොඩි චැට් එකක් දාන ගමන් ඌ මගෙන් ඇහුවා ලංකාවෙ උන් ජාතිවාදීන් විදියට පිල් බෙදිල මරාගන්න හදන එක නවත්වන මොකද්ද කරන්න ඕන කියල.

ඉතින් මම ඌට මෙන්න මෙහෙම කිව්ව.

"මචං, ලංකාවෙ මිනිස්සු ජාතිවාදය අවුස්සන් පිල් බෙදිල මරාගන්න හදන එක නවත්තන්නනම් උන්ට තේ බොන හැටි අලුතින්ම උගන්නන්න ඕන.

කොටින්ම සුහදත්වය ඇතිකරගන්න තේ කෝප්පෙකට තියන පවර් එක ගැන උන්ට කියල දෙන්න ඕන. සිංහල,දෙමළ,මුස්ලිම්,බර්ගර් උන් එකට එකතු වෙලා තේ බොන සංස්කෘතියක් රටේ ඇති කරන්න ඕන. උන්ට තේකක් බොන ගමන් එකිනෙකා හඳුන ගන්න, අවබෝධ කරගන්න,අනෙකා තේරුම් ගන්න අවස්ථාව සලසලා දෙන්න ඕන. ඔය හිත්වල තියන කහට කැපිල යන්නත් එක්ක ඉඟුරු කෑල්ලක් එකතු කරගත්තත් වරදක් නෑ.
ඒ සමගම ඔහු ඒ අදහස ඇතුළත් පහත චිත්‍රය පළ කර තිබුණි.


මෙවැනි දේ දැකීම ඊනියා ජාතිකවාදී බයියන්ට "නයාට අඳුකොළ" මෙන් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉහත චිත්‍ර සටහන දැක මට මුලින් ම සිහිවුනේ කලකට පෙර ටැබූසබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවා විසින් ලංකා ජාතික කොඩිය ජාතිවාදීන් විසින් දකින අයුරු පෙන්වමින් ඉදිරිපත් කර තිබුණු පහත චිත්‍රයයි.

සිංහයා තේ සාදන චිත්‍රය දැක කුපිත වූ ඊනියා ජාතිකවාදීන් විසින් ජාතික කොඩියට අපහාස කර ඇති බවට ලොකු ගාලගෝට්ටියක් කරද්දී ඇති වූ අදහස් හුවමාරුවේ දී වෙනත් මිතුරෙකු විසින් පහත දැක්වෙන රූප සටහන් ඉදිරිපත් කර තිබුණි.

නරඹා සතුටුවෙන්න.


(https://www.facebook.com/photo.php?fbid=10154203730717703&set=p.10154203730717703&type=3&theater)


(https://static1.squarespace.com/static/567c18b105f8e2f75c69a9eb/t/567dc63bd82d5e8736669835/1451091809819/Skiz's+original+logo.jpg)


(http://www.shawfundraising.com/wp-content/uploads/2016/01/shaw_widget3.png)


(http://www.währungsrechner.org/images/flags/lk.png)


http://images.clipshrine.com/wheel/medium-Flag-of-Sri-Lanka-0-106534.png


(https://thumb9.shutterstock.com/display_pic_with_logo/1425809/203317378/stock-vector-swimsuit-lettering-seascape-sun-inscription-summer-landscape-painted-on-a-bathing-suit-203317378.jpg)

ඔබටත් සියලු බැමිවලින් නිදහස ලැබේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
xxන්න නිදහස යනු හිතන්න නිදහස ය.

හිත වෙනුවට xx යෙදුවේ මට ඒ සඳහා නිදහස ඇති බැවිනි. වැරදි වැටහීම් ඇති වූවා නම් කනගාටුවෙමි!

ප/ප/ලි:
ජාතික කොඩිය ගැන මේ ජාතික චින්තනවාදීන් සහ ජාතිවාදීන් මෙතරම් කළබළ වෙන්නේ ඇයි කියා දන්නවා ද?

ඔවුන් තම මානසික නිරුවත වසා ගන්නේ මේ රෙද්දෙනි. එනිසා කිසිවෙකු ඒ රෙද්ද කඩනවාට උං කැමති නැත!

25 comments:

  1. ලංකාවේ මිනිසුන්ට නිදහස ඇත්තේ කටකතා, ඕපාදුප, කියන්නටත් ගොතන්නටත්, අනුන්ට හිනාවෙන්නටත්ය.. අඩුතරමින් නිදහසේ තේ තියා ඔවුන් හුස්මක් වත් ගන්නවා ද යන්න සැකසහිතය.. :)

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙකු ගේ සිත්වල බිය සැක ඇත. මේ තත්වයට සෑහෙන්න වගකිව යුත්තේ පාසල් අධ්‍යාපනයේ ඇති වැරදි බව සිතමි. පෞරුෂ වර්ධනය කිරීමේ විශාල අවශ්‍යතාවක් ඇත.

      මේ මානසිකත්වයෙන් ඉන්නා අය බ්ලොග් ලොවේ ද ඉඳහිට හමුවේ. මා බ්ලොග්වල තබන ප්‍රතිචාර කියවා ඒවායින් ඒ ඒ බ්ලොග් ලියූ අයට මා වරදක් කළා යැයි සිතන අය ද සිටින බව ළඟදී දැන ගතිමි.

      Delete
    2. අනුන්ගෙ විතරක් නෙවෙයි තමන්ගෙම බ්ලොග් එකෙත් ඇනෝ කමෙන්ට් දා ගන්න (මාතලන් ඔප්පු කොට ඇත), අනෙක් බ්ලොග් රචකයින්ට විරුද්දව දුරකථනයෙන් රට රට වලට කතා කරලා ගිනි තියන ඔයාමද දැන් පෞරුෂ වර්ධනය ගැන කතා කරන්නෙ රසික?

      Delete
    3. @ Anonymous 8 February 2017 at 14:07

      ඔබේ අණුවනකම ගැන මට අනුකම්පාවක් ඇති විය. මා ජීවිතේට නොකළ දෙයක් කිසිවෙකු ඔප්පු කර පෙන්වන්නේ කෙසේ ද?

      ඔය අසනීප තත්වය ඉක්මනින් සුව වේවා යැයි ඉත සිතින් පතමි!

      Delete
  2. බ්ලොග් වල නම් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ ** **න්න දීල තියෙන නිදහස..
    .
    .
    .
    .
    ** **න්න කියුවේ 'ඇනෝ ලියන්න' කියන එක.. වැරදි දේවල් හිතුවට මට කරන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. එළ!

      මා නම් ඒ නිදහස කිසි දිනෙක පාවිච්චි කර නැත. කරන්නට අදහසක් ද නැත!

      Delete
  3. ලංකාවේ හි*න්න නිදහස තියෙනවාද?

    මා හිතන්නේ මේ ඉතාම මූලික නිදහස වත් අපට නැති බවයි. හිතන්න නිකම්ම බැරි වෙන්න පුළුවන්. ඊට උත්තේජකයක් ලෙස තේ කෝප්පයක්, අරක්කු වීදුරුවක්, ගන්ජා උගුරක් අවශ්‍ය විය හැකියි. තේ කෝප්පය කෙසේ වෙතත් අරක්කු පාර්ශිකවත් ගන්ජා සම්පූර්ණයෙනුත් පාලනය වෙනවා.

    ඒ මදිවාට අපි හිතන කොට පන්සලේ සංඝයා හෝ පල්ලියේ මවුලවියා ශබ්ද දූෂණය කරමින් අපේ සිතීමට බාධා කරනවා.

    ලංකාවේ හු*න්න නිදහස තියෙනවාද?

    අනේ නැහැ. පර්ස් එකේ කොන්ඩෝම් එකක් දාගෙන ගියත් අත් අඩංගුවට ගන්න රටක් මේක! කපල් එකකට නිදහස මේ කාර්යය කරන්න රූම් එකක් ගන්න බැහැ බයක් සැකක් නැතුව. මොන රටක්ද අප්පා මේ?

    ReplyDelete
    Replies
    1. සැටිපිකෙට් ඇත්ත. ඇනෝ උඹේ කටේ මසුරන් දාන්න වටිනවා මේ කතාවට.

      Delete
    2. මං හිතුවේ රට හැම තැනම දිවා ගුහා තියෙනවා කියායි!

      Delete
  4. මගේ පැතුම සංශෝධන සහිතයි; හිරිහැර දෙන බැමි ලෙහේවා! ආරක්ෂාවක් දෙන බැමි ශක්තිමත් වේවා!!

    ReplyDelete
    Replies
    1. නිදහස යනු අනුන්ට හිරිහැර නොවන දේ සඳහා නිදහස ය. ආරක්‍ෂාව දෙන බැමි යනු අනුන්ට හිරිහැර වීම වැලැක්වෙන ඒවා ය!

      Delete
  5. "සමහරුන්ට මෙය වැදගත් වූයේ 69 නිසා ය. ඒ වැට් 69 නම් විස්කි වර්ගය නිසා නොව වෙනත් 69 කි."

    ඔය 69 (sixty nine) වර්ග වලට වඩා තවත් 69 (sixty nine) වර්ගයක් ඇත. ඒ 69 (sixty nine) වර්ගය සහජීවනය පෙන්නුම් කරයි.

    නෙලුම් යාය යනු ඒ 69 (sixty nine) වර්ගයට කදිම උදාහරණයකි.

    ReplyDelete
    Replies
    1. සැටිපිකෙට් ඇත්ත. ඇනෝ උඹේ කටේ මසුරන් දාන්න වටිනවා මේ කතාවට.

      Delete
    2. ඩුප්ලිකේට් කමෙන්ට් ඇනෝලාට ස්තුතියි!

      Delete
  6. ලෝකෙ බලවත් රටවල ජාතික කොඩියේ මෝස්තරෙන් (Union Jack, Stars & Stripes) අන්ඩර්වෙයාර් ඕනෙ තරම් ඒ රටවල විකුණනවා අඳිනවා. ඒවා ගැන ප්‍රශ්නයක් නෑ. http://www.unionjackwear.co.uk/ladies-fashion-c3/union-jack-ladies-underwear-c93

    රටවල් දුබල වෙන්න වෙන්න ජාතික කොඩියේ අභිමානයක් ගැන කතා කිරීම වැඩිද?

    ReplyDelete
    Replies
    1. ලංකා කොඩිය ගැන වලියට එන්නන් ද හදන්නේ ද කොඩියෙන් තමන් ගේ නිරුවත වසා ගැනීමට තමයි!

      Delete
  7. හිතුවට කමක් නෑ, ඒත් කට පියාගෙන සිටින්න - ඩොනල්ඩ් ට්‍රම්ප්
    ලනක්වට නිදහස ලැබිල කියල තවම මිනිස්සු දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. පාසල් අධ්‍යාපනයෙන් වනසන පෞරුෂය වර්ධනය කිරීමේ ජාතික වැඩ පිළිවෙළක් අවශ්‍යව ඇත!

      Delete
  8. පැරා,
    බලපන් මචං අද පොඩි වැඩකට අපේ office එකේ හතරදෙනෙක් එක්ක උදේම නුවර ගිහින් දවල් එන ගමන් කන්න වරකපොළ හරියෙ තිබුණු ලොකුවට පෙනුම තිබුණු joint එකක කන්න නැවැත්තුව.
    අනේ බන් ඇතුලට ගියාම customers ල කීපදෙනෙක් ඇර ඉතිරියෙ මැස්සෝ ඇහිරෙනවා. මචං අපේ ඩ්‍රයිවරයා එක විදියක පොරක්. ඌ teaching ඉඳල pension එක හදාගෙන දැන් අපි ගාව driving.මම වගේම ඌත් බ්ලොග් බලනව.
    හෝටලේ ඇතුලට ගිහිං වටපිට බලල එක පාරටම මහ හයියෙන් කිව්වේ නැතැයි "බලන්නකො සර්, හරියට පැරාගේ W3lanka වගේනෙ කියල.
    මට මචං පොලව පලාගෙන යන්න හිතුන. අපේ අනික් සෙට් එක කෑමට පෙර ගානට මගදී සෙට් වෙලා තිබුණු නිසා උන්ට meter වුනේ නැහැ.
    ඉතුරු කෑල්ල අමතක උනා. මචං එතන කෑම අන්තිමයි. කාල එලියට එද්දී ඩ්‍රයිවරය ආයි කියාපි.
    “මං කිව්වේ සර්, හරියට පැරාගේ W3lanka වගේමනෙ මෙලෝ රහක් නෑ” කියල.
    පොඩ්ඩක් මේ ගැන හිතපන් පැරා.

    ReplyDelete
    Replies
    1. පැරාට වඩා සාරස ගේ ඇති ‍හොඳ කුමක්ද ? 

      Delete
  9. එලෙස නිදහස් වී නැති බවත්, තවමත් අපේ ජාති(ක)වාදී අයියලා ගේ බුල්ෂිට් දෙපයට පෑගෙන බවත් මම දනිමි. ////////++++++++

    ReplyDelete
  10. බටහිර රටවල ජාතික කොඩියෙන් අන්ඩවෙයා අඳිනවා විය හැකි වුවත් ඔවුන්ට ර‍ටේ කොඩිය නිකම්ම රෙදි කෑල්ලක් ලෙස සලකනවා විය නොහැකියි. එහෙම හිතනවා ‍නම් ඇමරිකාවේ ඉන්නේ ලෝකයේ ඉන්නා අන්තම ජාතිවාදීන් විය යුතුය

    ReplyDelete
  11. තිරිසන් සතෙක් ජාතික කොඩියට දාගෙන ආචාර කරන තවත් රටවල් තියෙනවද රසික..?

    අර නිදහසේ කතාව ගැන චැට් කළ ඔබේ මිතුරා ඇසූ ප්‍රශ්නය මාත් අහනවා කියල ලියා ගන්න.

    ReplyDelete
    Replies
    1. සතුන් කොඩියේ ඇති තවත් රටවල් ලොව තිබේ! ඉන් ලංකාවට ලඟම රට නම් සාක් කලාපයේ ඇති භූතානයයි!
      http://www.beaglesandbargains.com/country-flags-feature-animals/

      Delete
    2. ඒ චැට් කළ මිතුරාව ඔබට තල දර්පනයක් ඉදිරියට ගොස් දැක බලා ගත හැකි ය.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.