
ඉයන් ලින්තොට විසින් ආරම්භ කර ඇති නවතම බ්ලොග් ව්‍යාපෘතියට එකතු වීම පිණිස "සම්බෝල ප්‍රවර්ගයේ" කෙටිකතාවක් ලිවීම සඳහා වස්තු බීජ දෙක තුනක් සොයා ගැනීමට සිත පීරමින් සිටියදී, යටි හිතේ කොහේදෝ කොනක සැඟවී තිබුණු එක් සුන්දර සිදුවීමක් යළි මතකයට නැගුණි.
සම්බෝල, අච්චාරු, චට්නි, සලාද, පපඩම් සියල්ල අමතක කර ඒ වස්තු බීජය ඉතා සැකෙවින් ලියා පළ කරන්නට මට වහා සිත්විය.
මෙය කොල්ලෙකු සහ කෙල්ලක සම්බන්ධ කතාවකි.
අපේ කතා නායකතා තම ජීවිතයේ ප්‍රථම රැකියාව ඇරඹූ වයස අවුරුදු විසි තුනක පමණ තරුණයෙකි. සේවය අරඹා දෙවෙනි දිනයේ දී පමණ සම වයසේ යැයි හැඟී ගිය පියකරු තරුණියක් ඔහු නෙත ගැටුණේය. ඇය විශ්වවිද්‍යාලයක පාඨමාලවක් හදාරමින්, ඒ පාඨමාලාවට අදාළ පුහුණුවක් සඳහා මේ ආයතනයේ මාස කිහිපයක් ගත කරමින් සිටි යුවතියකි.
නිතර එකිනෙකා දුටුවේ වුව ද, ඔවුන් දෙදෙනාට කතා බහ කිරීමට වැඩි ඉඩකඩක් සේවා ස්ථානයේ දී, සේවා කාලය තුළ නොලැබුණි. කෙසේ වෙතත්, තරුණයා ඇය දුටු සැම මොහොතකම සසල සිතින් ඇය දෙස බලනු ඇය නොදකින්නට හේතුවක් නොතිබුණි.
කොටින් ම, "කුච්, කුච් හෝතා හේ" තත්වයක් ඇරඹී තිබුණි.
මාස කිහිපයක් ම ගත විය. සේවා ස්ථානයේ අන් මිතුරු මිතුරියන් සමග සිටි අවස්ථාවල, කෝල, මනලෝල බැල්මක්, වචනයක් දෙකක් හුවමාරු වූ නමුත්, සම්බෝල තියා ජම්බෝල ප්‍රවර්ගයේ කෙටිකතාවකටවත් සුදුසු කිසිවක් ඊට අමතරව සිදුවෙන බවක් නොපෙනුණි.
ඒ, ආයතනයේ අවුරුදු නිවාඩුවට පෙර දා සවස් යාමයයි.
නිවාඩුවට පෙර අවසන් කිරීමට යුවතියට සුවිශේෂී කාර්යක් පැවරී තිබුණු නිසා, ඇය සවස් යාමය තෙක් ම ආයතනයේ රැඳී සිටිනු තරුණයා දුටුවේ ය.
මද වේලාවකින් ඇය පැමිණ ඔහුගෙන් මෙලෙස ඇසුවා ය.
"රනුක, මට අද රෑ අට විතර වෙනකම් මෙතැන ඉන්න වෙනවා. ඔයා ඕෆ් වෙන්නේත් ඒ වෙලාවට නම්, මා එක්ක බෝඩිම ළඟට යන්න එන්න පුළුවන් ද? ඒ පාර ටිකක් කරුවලයි, පාරේ ලයිට් නෑ."
තරුණයා ගේ බෝඩිම පිහිටියේ ද, ඒ පැත්තේ ම, නමුත් වෙනත් අතුරු මාර්ගයකයි.
"හා හොඳයි, මං එන්නම්!" ඔහු යාන්තම් කියා ගත්තේ ය.
රාත්‍රී අටට පමණ සේවා ස්ථානයෙන් පිටත් වූ ඔවුන් දෙදෙනා, කතා බසයෙන් ම, මහා මාර්ගය තරණය කොට, කන්ද උඩට දිවෙන මාර්ගයේ මද දුරක් ගොස්, එතැනින් යුවතියගේ බෝඩිම දෙසට දිවෙන ගුරු පාරට පිවිසුනහ.
"කාලෝ අයං තේ!"
ඒ, මේ සැදැහැවත්, දැහැමි, බෝ පැළයක් බඳු, තරුණයා ගේ සිත ඔහුට කොඳුරා කියූ දහම් පදයකි.
"සංජි"
"ඇයි රනුක?"
"මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි...." රනුක අප සියලු දෙනාම දන්නා කතාව කියාගෙන ගියේ ය. ඔහු එය අවසන් කළේ ද නැවතත් අප හොඳින් දන්නා "මං ඔයාට කැමතියි, ඔයා මොකද හිතන්නේ?" යැයි විමසමිනි.
සමහර විට රනුක ඒ "මෙහෙම මෙහෙමයි, මෙහෙම මෙහෙමයි" කතාව කියා ඒ ප්‍රශ්නය එලෙසින් ම, ඒ සවස් යාමයේ දී අසාවි යැයි සංජි ද අපේක්‍ෂා කළා විය හැක.
"රනුක, මං හෙට ගෙදර යනවා, ආපහු එන්නේ සතියකින් විතර අලුත් අවුරුද්දේ. ඒ ආවට පස්සේ අපි කතා කරමු!" ඇය කලින් සූදානම් වී සිටියාක් සේ කීවා ය.
"එහෙනම් ඒ අලුත් අවුරුද්ද ඔයාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා මං ප්‍රාර්ථනය කරන්නම්!" රනුක වහා පිළිතුරු දුන්නේ ය.
නිමි.
-රසිකොලොජිස්ට්
(image: https://thumb9.shutterstock.com/display_pic_with_logo/165386934/611563286/stock-photo-heart-shape-made-of-nails-for-father-s-day-anniversary-or-valentine-611563286.jpg)
ඉතින් ඒ රනුකට කොටුව පැනගන්න පුලුවන් උනාද?
ReplyDeleteකොටුවක් කියල කිව්වෙ ඌ ඒ වෙනකොටත් අර දොස්තර නෝනට පොරොන්දු වෙලානෙ හිටියෙ නේද.
බැඳල හිටියෙ නැතත් කොටුවක් නෙ
උපකල්පනය වැරදියි. එනිසා, ඒ මත පදනම්ව නගන ප්‍රශ්නය තේරුමක් නැති එකකි!
Deleteකෙල්ලට අවුරුද්ද සුබ උනානං කොල්ලට හබක් වෙනව.
ReplyDeleteඑහෙම තමයි වුනේ. හැබැයි එකේ අනිත් පැත්ත!
Deleteරනුකට අළුත් අවුරුද්දෙන් පසු සුභ වුනාද?
ReplyDeleteකෙල්ලට සුබ අලුත් අවුරුද්දක් ආවා.
Deleteරනුකට කෙල වුනා!
මෙහෙම මෙහෙමයි .... නියම කතාව.....
ReplyDelete"බ්ලා, බ්ලා, බ්ලා" කියලා ලියනවාට වැඩිය ඒක හොඳයි නේද?
Deleteරසිකලාගේ කාලෙනම් මේ කතා ඉවර වෙන්නේ ගොඩක් වෙලාවට පෝරුවෙන්. ඒත් අදකාලනෙම් ඉතින් පෝන්හබ් නැත්නම් රෙඩ්ටියුබ් වලින් තමයි.
ReplyDeleteමේ කතාව නම් එතැනින්ම ඉවර වුනා!
Deleteඒක නේ නිමි කියලා දාලා තියෙන්නේ.
ඒ වස්තු බීජයත් මරු.
ReplyDeleteජයවේවා!!!
වැඩේ කියන්නේ සම්බොලේට එක ජාතියක් නොවෙයි ජාති පහ හයක් ඕනි නේ!
Deleteඅපූරු කතාව. මෙතන රනුක කියන්නේ රසිකම නේද? :)
ReplyDeleteරනුක කියන්නේ රනුක. ඒ චරිතය කලිනුත් කතාවක ඉඳලා තියෙනවා.
Deletehttps://rasikalogy.blogspot.com/2017/05/hero-of-our-time.html
කෝ එතකොට සම්බෝලේ :)
ReplyDeleteමේ පොල්.
Deleteතව කොච්චර නම් ජාති ඕනැද සම්බෝලයක් හදන්න?
සම්බෝලේට අඩු වැඩිය සමඟ හමුවෙමු.. ;)
ReplyDeleteඋම්බලකඩ හිඟයි. අජිනමොටෝ අගුණයි!
Deleteඅද ටීවී එකේ පොඩි උන්ගේ කතාවක [ගිගල් ඇන්ඩ් හූට්] ගියා සුරංගනා කතාවක් කියවන කෑල්ලක්. [ජිමි ගිගල් උගේ බකමූනන්ට කියෙව්වේ]. මටත් ඇහුනා මෙහෙ එක්කෙනෙක් බලන නිසා. මෙන්න කතාව
ReplyDelete"ඔන්න ඒකමත් එක රටක මාර හැන්ඩ්සම් ශක්තිමත් නිර්භීත කුමාරයෙක් හිටියා.
එයා එයාගේ ලස්සන සුදු අශ්වයා පිටේ නැගලා සන්නාහයෙන් සන්නද්ධ වෙලා ටොප් සීක්රට් මිෂන් එකකට ගියා.
නිමි"
මිෂන් එක ටොප් සීක්රට් නිසා කතාව එච්චරයි.
------------
ඔය ප්රෝපොසල් ගැනනම් අතුරු කතා එමටයි.
දැන් අර නෙත් එකේ ගිය වීඩියෝවේ කොලුවා කරන රංගනය දිහා මම බලන්නේ මම ඌ නම් වගේ අදහසකින්. ඉතින් මට ඒකෙ ලොකුම ටෙන්ස් මොහොත තමා ඌ අර මුද්ද හොයන වෙලාව. මොකද මම ඕක කලානම් ඉතිරි ඔක්කොම වෙද්දී මට ඔය මුද්ද කාමරේ අමතක වෙනවා ආයේ දෙකක් නෑ. අත්දැකීමෙන් කියන්නේ. කෝමද ඒම උනානම්.... මම ඒ වෙලාව බැලුවේ ලොකු බයකින්.
ඒ වගේම මම ඔය වගේ දෙයක් කොරන්න සැලසුම් කළානම් ඊට කලින් කෙල්ල එක්ක කොහේ හරි වෙනද යන තැනකට ගිහින් හිමීට කියල බලනවා. "මේ දැන් මේක සැහෙන කාලයක් ගියානේ. බැඳලා දාන්නත් කාලේ හරි නෙහ්" වගේ එකක්. මොකද දෙනෝ දාහක් ඉස්සරා බෑ කියෝ ගන්න එක වගේ නෙවිනේ එහෙම ප්‍රයිවෙට් එකේ බේරගන්න එක. එතන යස් ආවනම් තමා මෙතන කරන්නේ. දැන් ඔය සොට්ටේයා එකක් උනත් ලිව්වම මුලින් ටෙස්ට් සිස්ටම් දානවනේ ලයිව් දාන්න කලින්.
බදවේ හූ නෝස් අරුත් සමහර විට කලින් අහල එක්ක එන්න ඇත්තේ.
ඒ උනාට මේක මොන සර්ප්‍රයිස් ද අප්පා ලංකාවේ කසාද සිද්ද වෙන ප්රෝපොසල් අනුව. මං කියන්නේ කුලය වගේ වැඩක් නැති එව්වයි, ජොබ් එක වගේ තාවකාලික එව්වයි කීපයක් බාහිර සාධක බලල කෙල්ලයි කොල්ලයි පළමු වෙනියටම මීට් වෙන දවසෙම ඉලත්තට්ටුව පැත්තකින් තියල විල් යු මැරී මී කියන එක සිංහලෙන් අහන එකේ සර්ප්‍රයිස් එක ඕකේ ලොවෙත් නැහැ. ඒ අතින් අරූ හෙන වංචනිකයෙක්. කෝමත් අවු ගානක් ඇදගෙන ගිය සම්බන්ධෙ බැඳලා නේ කෙළවර වෙන්න ඉඩ තියෙන්නේ. ඒ වගේ ලව් ප්රෝපොසල් වගේද මේ සර්ප්‍රයිස් ප්රෝපොසල් ම ප්රෝපොසල්.