Thursday 24 August 2017

කොහොමද ඉතිං තොරතුරු? - Goss 'bout me!


කොහොමද ඉතිං තොරතුරු?

හොඳයි වරදක් නෑ. රුකියාවේ නම් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් වුණා. ඒවා එක් අතකට ධනාත්මක වෙනස්කම් කියන්න පුළුවනි, නමුත්, ඒ සාපේක්‍ෂකව බැලුවාමයි. ඇත්තට ම නම් කතාව කෙටියෙන් කියන්න පුූළුවන් බැක් ටු ද ෆියුචර් කියලා.

ඒ වුණත්, අගෝස්තු මුල් සතියේ ඉඳලා උදේ ම වැඩට ගිහින් හවස් වෙලා එන්න පටන් ගත්තා. ඒ නිසා ම දෝ, වෙනදා වගේ දුම්රියේ දී පරිගණකය දිග හැරගෙන බ්ලොග් ලිපි ලියන්න හිතුණේ නෑ. ඒ වෙනුවට එක්කෝ කල්පනාවේ ගිලෙමින්, නැතිනම් ජංගම දුරකථනයෙන් මොනවා හරි කියවමින් කාලය ගත කළා.

ඒ අතරතුර, සති අන්තවල දින දෙක තුනක් ම, මගේ තවත් විනෝදාංශයක් වෙන නාට්‍යය කලාව හා සම්බන්ධ කටයුතුවලට ගත කරන්නට සිදුවුණා.

ඒ නාට්‍ය විස්තර පසුව ලියන්නම්.

කාලයක් තිස්සේ නොකඩවා කළ ලිවීම ගැන කියනවා නම්, මෙතැන සඳහන් කළ යුතු එකම වැදගත් සිදුවීම තමයි, මීට මාස දෙක තුනකට කලින් සිදුවුණු සිත තිගැස්සූ එක්තරා සුන්දර අත්දැකීමක් ගැන අමුතුම ආකාරයක ආකෘතියකින් කවියක් මා අතින් ලියවීම. ඊට කලින් මං ලියපු "අවසාන රෝසමල" ගැන කවියට වඩා මං මේ අලුත් කවියට කැමතියි. පසුව දවසක පළ කරන්නම්.

ඒ වෙනුවට මෙන්න පොඩි වාර්තාමය පද්‍ය පේළියක්. මේක නම්, අද උදේ කෝච්චියට නැග්ග ගමන් ලියවුණු එකක්.

කොහොමද ඉතිං තොරතුරු?

එකාකාරී ලෙසින්
ගෙවී ගිය ජීවිතය
නොසිතු ලෙස, ක්‍ෂණයකින් නොපිට පෙරළිලා ඇත
කුසීතව, අලස ලෙස
දිවි ගෙවූ කාලයට
විරාමය තබන්නට නිමේෂය පැමිණ ඇත

ලොකු උපන් දිනට පෙර කරන්නට සිතා සිටි
පොඩි වුණත් සිතට ලොකු ව්‍යාපෘති රාශියකි
එයින් දෙක තුනක්වත් හොඳින් නිම කර ගන්න
මෙවර හෝ හැකි වුණොත් එය කදිම තෑග්ගකි

ඒ වුණත්,

සැම දිනම සිදුවෙනා විලසින් ම
විදුලි දුම්රිය ගමන අවසනට එළැඹුණා
වසා පරිගණකය දුකෙන්
ගමන් මල්ලට දමා නික්මෙන්න සිදුවුණා
කාලයක් පට්ට ගැසු
පරණ ආකෘතියෙන් ම
මේ කවත් ලියන්නට සිදුවුණා!


-රසිකොලොජිස්ට්

(image: Captured at Kingswood Railway Station, NSW, Australia)

10 comments:

  1. රසික මැදිවියේ සිට මහළු වියට පැමිණ බව සිතේ.

    ReplyDelete
    Replies
    1. ඔය තරුණ විය, මැදි විය, මහළු විය කියන ඒවා වෙන් කරන්න කාල රේඛාවේ මායිම් සළකුණු නෑ.

      ඇත්තටම මට මැදිවිය පහුවුණා කියා හිතුණේ මීට වසට එකොළහකට කලින්.

      1. https://rasikalogy.blogspot.com/2016/02/decade-old-memory.html

      2. https://rasikalogy.blogspot.com/2016/07/fading-away.html

      !!!

      Delete
  2. තාම වොයිස් ටයිපින්ද???

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි වැඩවලට වොයිස් ටයිපින් තමයි!

      Delete
  3. රසික මේ ඔයාමද?
    තාම ඉන්නවද අප අතර
    හිතුවේ ඔබ හැරගියා කියා
    හදිසියේ වියෝවී

    ReplyDelete
    Replies
    1. නුහුගුණේ හැදුණාම
      සිත විකල් වුණු විටදි
      මහ දවාලේ වුනත්
      මනස්ගාතෙන් හීන පෙනෙනවා
      ඔය වාගෙ කාරණා හිතෙනවා
      ඉසකුඩිච්චිය දමා
      බේත් ඔරුවක බහා
      ඔබේ ඔය ලෙඩේ ගොඩ
      දමන්නට හැකි වේ ය සිතෙනවා
      ඉකමනින් සුවය මම පතනවා!

      Delete
    2. එකම සත්‍ය දහම ඉස්ලාම් දහමයි. විද්‍යාත්මක ක්‍රමවලින් සත්‍ය සෙවිය නොහැක. සත්‍ය සහ මිත්‍යාව සොයා ගත යුත්තේ කුරානයට අනුව යි. කුරානය පිළිනොගන්නා අය මිත්‍යා දුෂ්ඨිකයන් ය.
      ලෝකයේ විද්‍යාව සොයා ගෙන ඇති දේ, මහ මුහුදේ ඇති ජලයෙන් අංශු මාත්‍ර යක් බදු ය. සියලුම දේ දන්නා අල්ලා ගේ දැනුම මහ මුහුදු වැනිය. මහ මුහුද අත්හැර, එහි අංශු මාත්‍ර යක් වැනි දැනුම ඇති විද්‍යාවෙන් ලෝකය දෙස බැලීම මුලාවකි.
      විද්‍යා වෙන් ගුවන් යානා සෑදීමට බොහෝ කලකට පෙර, මොහොමඩ් පියාඹන අශ්වයෙකුගේ පිට නැගී දිව්‍ය ලෝකයට ගියේ ය. කුරානයේ ලිය වී ඇති මේ සත්‍ය විද්‍යාවෙන් ප්‍රශ්න කරන්නන් මෝඩයන් ය. විද්‍යාවට අනුව සියල්ලම බලන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ කර අවසාන නිගමන වලට පැමිණීමෙනි. කුරානයේ ඇති සත්‍ය විද්‍යාත්මක ක්‍රම වලින් සෙවිය නොහැක. ලෝකයේ ඇත්තේ එක දෙවිකෙනෙක් පමණි. ඒ අල්ලා ය.
      දෙවියන් විශ්වාස කරන්නාට විද්‍යාත්මක ක්‍රම වැඩක් නැත. 'කුරානය' කියවීමෙන් සත්‍ය සෙවිය හැක. කුරානයේ ඇති කිසිවක් බොරු විය නොහැක. බුද්ධිය අඩු මිනිසුන්ට දෙවියන් වහන්සේගේ මහා දැනුම අසලටවත් පැමිණිය නොහැක. විද්‍යාව ඉගෙන ගෙන ඒ අනුව ආගමික දේ සත්‍ය ද අසත්‍ය ද කියා තීරණය කළ නොහැක. විද්‍යාව අනුව ආගම ප්‍රශ්නකර, ආගම අත්හරින්නන් සැබෑම මිත්‍යා දුෂ්ටිකයන් ය.
      ඔවුන් සමාජයේ කෙතරම් හොදින් ජීවත් වුනත් වැඩක් නැත. පල්ලි යන්නේ නැති නම්, දෙවියන් විශ්වාස කරන්නේ නැති නම් ඔවුන් ඉන්නේ මිත්‍යාවෙහි ය.
      විද්‍යා වෙහි ඇති සියල්ල බොරු නොවේ. විද්‍යවේ යම් යම් සත්‍ය දේ ද ඇත. එහෙත් ආගමට අභියෝග වන විද්‍යාවෙන් උගන්වන දෑ බොරු ය. 'පරිනාමවාදය' එවැනි මහා බොරුවකි.
      කුරානයේ ඇති සත්‍ය ය ට අභියෝග කරන විද්‍යාත්මක කරුණු බොරු ය. විද්‍යාව ඉගෙන ගත යුතු ය. එහෙත් කුරානයේ ඇති දහමට අභියෝග වන දේ විද්‍යාව ඔස්සේ සොයා ගන්නා විට ඒවා ප්‍රතික්ෂේප කළ යුතු ය. එවිට විශ්වාස කළ යුත්තේ. කුරානයේ ඇති දහම පමණි.
      විද්‍යාව වෙනස් වන දෙයකි, වෙනස් වන දේවල් බොරුය.. ඉස්ලාම් දහම වෙනස් නොවේ. එය සත්‍ය ය.
      විද්‍යාව බොරු ය. කුරානය සත්‍ය ය. සත්‍ය සෙවිය යුත්තේ කුරානයෙනි. කුරානයේ ඇති සියල්ල සත්‍ය ය.
      අල්ලා හු අක්බාර් !!

      Delete
    3. සුභ ගමන් රසික!

      සසර වසන තුරු
      නිවන් දකින තුරු
      පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට
      හේතු වාසනා වේවා
      හේතු වාසනා....

      Delete
  4. // රුකියාවේ නම් පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් වුණා// රැ

    ReplyDelete
  5. අපට වඩා කාලය වේගවත් උනාම හැමදේම මතකයක් බවටත් බලාපොරොත්තුවක් බවටත් පත්වෙනවා
    විචාරක දියණිය

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.