Friday, 16 March 2018

දෙයියා යැදූ විභාගෙ ෆේල් මිතුරා - Oh, these people


පසුගිය දා මා සැලසුම් නොකරම සිදුකළ "දෙයියාගේ පිහිට ලැබෙනාකාරයේ සත පනහේ පිං අතේ වැඩක්" නිසා දිගින් දිගටම දෙයියා ගැන කතා සිහියට නැගෙන්නට පටන්ගෙන ඇත.

මේ තවත් කතාවකි.

මේ කතාව මා යතුරු ලිවීම ඇරඹුවේ එදිනම නමුත් විවිධ හේතු නිසා අවසාන සංස්කරණය කර පළ කිරීම තරමක් පමා කරන්නට සිදුවිය.

මේ කියන කාලයේ මම "පස්තාච්චි කුපාඩි" යැයි සමහරුන් විසින් හැඳින්වෙන පශ්චාත් උපාධියක් හදාරමින් සිටියෙමි. ඒ තායිලන්තයේ බැංකොක් නුවර පිහිටා ඇති ආසියානු තාක්‍ෂණික ආයතනයේ ය. කාර්මික ඉංජිනේරු විද්‍යාව සහ කළමනාකරණය (industrial engineering and management) පිළිබඳ ඉංජිනේරුපති (Master of Engineering) උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා සිටි තිස් දෙනෙකු පමණ වූ අපේ පිරිසේ ලංකාවේ මැවිසුරුවන් සිව් දෙනෙකු ද ඇතුළුව විවිධ ආසියාතික රටවලින් පැමිණි සිසුහු වූහ.

ඔවුන් අතරින් කැපී පෙනුණු අයෙකු වූයේ පකිස්ථානු ජාතික කසීම් වලීඩ් අලි ෂා ය. ඒ ආකාරයේ නම්වල පුද්ගල නාමය කුමක් ද, පෙළපත් නාමය කුමක්දැයි හඳුනා ගත නොහැකි නිසා අප පහසුවට ඔහු ඇමතූවේ අලී කියා ය.

වෘත්තියෙන් රාජ්‍ය සේවයේ නිරතු මැවිසුරවෙකු වූ අලී ලාහෝර්වාසියෙකි. ඉතාමත් විනීත ගති පැවතුම් ඇත්තෙකි. උස මහත පාංශු දේහධාරියෙකු වුව ද, කතාවෙන් ශාන්ත පුද්ගලයෙකි. හැමට උදව් කිරීමට ඉදිරිපත් වෙන්නෙකු නිසා සතියකින් පමණ අප කණ්ඩායමේ නියෝජිතයා ලෙස ද නිතරගයෙන් පත්විය.

කාර්මික ඉංජිනේරු විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳව වූ අපේ පශ්චාත් උපාධියේ මුල් වාරයේ අපට විෂයයන් හතරක් හැදෑරීමට නියමිතව තිබුණි. එයින් නිෂ්පාදන කළමනාකරණය (Production Management), මූලික ප්‍රශස්තිකරනය (Fundamentals of Optimisation) සහ ආර්ථික විද්‍යාවේ මූලධර්ම (Principles of Economics) යන විෂයයන් කෙසේ වෙතත්, ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මුල් උපාධිය ලබා තිබුණු අප සමහර දෙනෙකුට ද උත්සාහයකින් තොරව වටහා ගැනීමට අසීරු විෂයයක් වූයේ සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම (Introduction to Probability and Statistics) නම් විෂයය යි.

අලී ෂා ට නම් ඒ විෂයයේ අන්තර්ගතය "අණ්ඩර දෙමළ" හෝ "බොල්චොස්ථාන් උර්දු" වැනි විය. එයට හේතුව ලෙස ඔහු අප සමග කීවේ, ඔහු ඒ සංකල්ප මීට කලින් අසා නැති බවයි. අපේ කණ්ඩායමේ සිටි ලාංකික සිසුන් සිව් දෙනා ම හයේ පන්තියේ සිට ම පාසලේ දී සම්භාවිතාව සහ සංඛ්‍යානය පිළිබඳ මූලික සංකල්ප ඉගෙන ගෙන, පසුව මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල පාඨමාලාවලදී ඒ පිළිබඳව තවදුරටත් ඉගෙන තිබුණ ද, ලාහෝර් විශ්ව විද්‍යාලයෙන් ලබා තිබුණු අලි ෂා ගේ පාකිස්ථානු ඉංජිනේරු උපාධියට හෝ ඒ විෂයය කරුණු ඇතුළත් වී තිබී නැත.

සති හයකින් පමණ පසු පැවැත්වුණු වාර මැද පරීක්‍ෂණයේ දී, මා ද ඇතුළු සිසුන් බහුතරය සම්භාවිතාව සහ සංඛ්‍යානය පිළිබඳ මූලික සංකල්ප විෂයයයෙන් ජාම් බේරාගෙන තිබුණි. නමුත්, අලී ගේ ප්‍රතිඵලය නම් ඉතා දුක්බර එකක් විය. කොටින් ම, අවසාන විභාගයේ දී තම ප්‍රතිඵලය අතිවිශාල වශයෙන් වෙනස් කර ගැනීමට හැකි නොවුණහොත් ඔහුට පාඨමාලාව ඉදිරියට හැදෑරීමට ආයතනයෙන් ඉඩ නොදෙනු ඇති බව පෙනුණි.

අපේ හිතමිතුරාට මේ විෂයය අවබෝධ කර ගැනීමට උදව් කරනු වස්, ඉන්දියාවෙන් පැමිණ සිටි අංජනී කුමාර් ෂර්මා ද, මා ද, අලී ෂා සමග එකතුව අවසාන විභාගය සඳහා සූදානම් වීමට සිතුවෙමු.

මෙවැනි කුඩා කණ්ඩායම් අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ කුඩා කාමර පැය කිහිපයකට වෙන් කර ගත හැකිය. කලින් කතා කරගත් ආකාරයට අපි තිදෙනා එක් සවස් වරුවක මේ කාමරයකට රැස් වී විෂයය කරුණු සාකච්ඡා කරමින් අපට නියමිතව තිබුණු පාඨ ග්‍රන්ථය වූ ෂෙල්ඩන් රොස් ගේ (Introduction to Probability) පොතේ එන අභ්‍යාස කිරීම ඇරඹුවෙමු.

එක් මොහොතක තම අත් ඔරලෝසුව දෙස බැලූ අලී කලබලයකින් මෙන් නැගිට්ටේ ය. ඒ වැසිකිළියට යාම වැනි දෙයකට යැයි මට ඒ මොහොතේ සිතෙන්නට ඇත. නමුත් අලී කළේ, වහා ම ඒ කුඩා කාමරයේ එක් කොනකට ගොස් බිම දණගසා මට පෙනුණු ආකාරයට යම් කිසි වන්දනාවක් වැනි දෙයක් කිරීමට පටන් ගැනීමයි.

ඒ දසුනෙන් මා විමතියට පත් වූ බව වටහා ගත් ඉන්දියානු මිතුරා මට සෙමෙන් පවසා සිටියේ ඒ අලී යාඥා කරන බවයි. ඒ වන විට අවුරුදු විසි පහක් ඉක්මා තිබූ මගේ ජීවිතයේ මා මුල්වරට ඉස්ලාම් භක්තිකයෙකු යාඥා කරනු දුටුවේ එදා ය.

මා සිතන ආකාරයට මේ යාඥාව සඳහා විනාඩි පහක් හෝ ඊටත් වඩා කාලයක් ගත වෙන්නට ඇත.

අවසානයේ නැවතත් අප හා එක්වුණු අලී පැවසූයේ තමන් එලෙස දිනකට පස්වතාවක් දෙවියන්ට යාඥා කරන බවයි.

මගේ ඇඟේ ලේ රත් වෙන්නට පටන් ගත්තේ එවිට ය.

"අලී මං උඹට පොඩි අවවාදයක් දෙන්න ද?" මම අලී ඇමතුවෙමි. "එක්කෝ උඹ ඒ විදියට දවසකට යාඥාකරන වැය කරන පැය භාගයටත් වඩා වැඩි කාලයත් ඉගෙනීමට යොදපං, නැතිනම් පස් පාරක් නොවෙයි විසි පස්පාරක් දවසකට දෙයියාට යාඥා කරලා මේ විෂයය පාස් කරලා දෙන්න කියලා ඉල්ලාපං!"

එක්කෝ තමාගේ මහත්මා ගුණය නිසා හෝ නැතිනම් තමන්ට උපකාර කරන්නට කාලය කැපකරමින් සිටින හොඳම මිතුරෙකු අමනාප කර ගැනීමට අකමැති නිසා හෝ එසේත් නැතිනම් මා කී දේ අවබෝධ වූ නිසා හෝ අලී මුවින් නොබැණ සිටියේ ය.

ඉන් පසු දිනවල ද, අපි එක්වී අධ්‍යයන කටයුතු කළෙමු. එසේ වෙතත්, ඒ අවස්ථාවල දී ඔහු යාඥා කරනු මට දක්නට ලැබුණේ නැත. මම ද ඒ ගැන නොවිමසා සිටියෙමි.
විභාගය අවසන් විය.

සතියකින් පමණ ප්‍රතිඵල නිකුත්විය.

කසීම් වලීඩ් අලි ෂා නම් පාකිස්ථානු ජාතික මැවිසුරුවා සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම නම් වූ විෂයය අසමත් වී තිබුණි.

එය අලී විසින් දෙයියා අතහැරීම නිසා සිදුවූවක් ද, එසේත් නැතිනම් දෙයියා විසින් අලී අතහැරීමක් නිසා සිදුවූවක් ද යන්න මම අද ද නොදනිමි.

ඒ කෙසේ වෙතත් අවසානයේ පශ්චාත් උපාධි ආයතනයේ නීතිවලට අනුව මා මිත්‍ර අලීට අපේ පාඨමාලාව අතහැර ආපසු පාකිස්ථානය බලා යාමට සිදුවිය.

-රසිකොලොජිස්ට්

ප/ලි:
ඔහු අපෙන් සමුගෙන යාමට පෙර දිනයක දී, අලී මට ලීවලින් තැනූ අගනා අඩිකෝදුවක් තෑගි දුන්නේ ය. එය පසුව මා ලංකාවට ද රැගෙන ආවෙමි.

ඔහු මට ඒ ත්‍යාගය දුන්නේ මා ඔහුට සිහිවටනයක් ලෙස ලංකාවෙන් ගෙන ගොස් තිබුණු කුඩා වෙස් මුහුණක් තෑගි දුන් අවස්ථාවේ දී ය.

"බොහොම ස්තුතියි, ඒත් මට මේක මා එක්ක පාකිස්ථානයට ගෙනියන්න වෙන්නේ නෑ!" අලී කීවේ ය.

"ඒ ඇයි?"

"අපිට මේ වගේ සුරුවම් ළඟ තබා ගැනීම තහනම්!" ඔහු දුක්මුසු ස්වරයක් යැයි මට සිතුණු හඬින් කීවේ ය.

අලී විභාගය අසමත් වීම පිළිබඳව මට දෙවෙනි වරටත් දුක සිතුණි!


ප/ප/ලි:
ලිපිය පළ කළ පසු සිහිවූ කරුණක්.

ඉහත ඳහන් කළ සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම නම් විෂයය අපට ඉගැන්වූයේ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් (Statistics) සහ ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් (Probablity) යන දෙදෙනා විසිනි.

ඔවුන් ගැන මා මීට පෙර ලියා ඇති ලිපි දෙකක් මෙසේ ය.

1. අසුන්දර ඉංග්ලිෂ් හෙවත් අයි සස්පෙක්ට් - I suspect I can blog well?
https://rasikalogy.blogspot.com/2016/09/i-suspect-i-can-blog-well.html


2. ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum
http://rasikalogy.blogspot.com/2016/07/dr-yves-van-frausum.html


(image: http://www.alamy.com/stock-photo/sri-lanka.html?cutout=1)

29 comments:

  1. ප/ප/ලි
    ලිපිය පළ කළ පසු සිහිවූ කරුණක්.

    ඉහත ඳහන් කළ සම්භාවිතාව සහ සංඛ්‍යාන ක්‍රම පිළිබඳ හැඳින්වීම නම් විෂයය අපට ඉගැන්වූයේ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් (Statistics) සහ ආචාර්ය ඩර්ක් වෑන් ඔයුඩියුස්ඩන් (Probablity) යන දෙදෙනා විසිනි.

    ඔවුන් ගැන මා මීට පෙර ලියා ඇති ලිපි දෙකක් මෙසේ ය.

    1. අසුන්දර ඉංග්ලිෂ් හෙවත් අයි සස්පෙක්ට් - I suspect I can blog well?
    https://rasikalogy.blogspot.com/2016/09/i-suspect-i-can-blog-well.html


    2. ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum
    http://rasikalogy.blogspot.com/2016/07/dr-yves-van-frausum.html

    ReplyDelete
  2. සමහර මිනිස්සු පව් ය. ඒ උනත් උන්ගේ කෝණයට අනුව අපි පව් ය. කොයි එක හරිදැයි දන්නේ නැතිය.

    ReplyDelete
    Replies
    1. විභාගෙ පාස්වුනා නම් ඕනෑ මගුලක්!

      Delete
  3. //ඒ වන විට අවුරුදු විසි පහක් ඉක්මා තිබූ මගේ ජීවිතයේ මා මුල්වරට ඉස්ලාම් භක්තිකයෙකු යාඥා කරනු දුටුවේ එදා ය.//
    මා පේරාදෙණියේදී මුලින්ම නැවතී සිටි හිල්ඩා ශාලාවේ මගේ කාමරයට යාබද කාමරයේ සඳළුතල කොටසේ පැත්තක් භාවිතා කෙරුණේ ඉස්ලාම් භක්තික සිසුන් හත් අට දෙනෙකුගේ යාඥා කාමරයක් ලෙසිනි.

    ReplyDelete
    Replies
    1. ආනන්දේ මගේ පන්තියේ එක මුස්ලිම් සිසුවෙකු සිටියා.

      පේරාදෙණියේ අපේ බැච් එකෙත් මුස්ලිම් සිසුන් සෑහෙන පිරිසක් හිටියා. එයින් කිහිප දෙනෙකු මගේ හොඳම මිතුරන්. නමුත් ඔවුන් යාඥා කරනවා නම් මං දැකලා නෑ. අරක්කු බොනවා නම් දැක තියෙනවා!

      Delete
  4. අස්සලාම් අලෛක්කුම් රාසික් බයියා,

    ///ඒ වන විට අවුරුදු විසි පහක් ඉක්මා තිබූ මගේ ජීවිතයේ මා මුල්වරට ඉස්ලාම් භක්තිකයෙකු යාඥා කරනු දුටුවේ එදා ය.///

    මෙහි සම්පූර්ණ වරද පකිස්ථානු ජාතික "කාස්සිම් (අල්) වාලී'ද් අලී ෂාහ්" නමැති මුග්ධ ඉස්ලාම් භක්තිකයාගේය. ඔහු විසින් ඔබ ඇතුළු සියලු මිසදිටු ක'ෆීර් පිරිසට ඉස්ලාම් දහමේ ඇති සැබෑ සත්‍ය වටහා දී ඉස්ලාම් කෙරෙහි බැතිමත් කිරීමට අපොහොසත් වීමයි.

    ඔබතුමාගේ අනවබෝධයට හේතුව ඉස්ලාම් දහම නිසි ලෙස හදාරා නැති වීමයි. එබැවින් ඔබ ව්‍යාකූල වී ඇත. ඉස්ලාම් දහම මනාසේ උගතහොත් ඔබ ඉතා භක්තිමත් ඉස්ලාම් භක්තිකයකු වී පස්වරක් සලාත් කරන බව නිසැකය. මා ඔබට ඉස්ලාමය ගැන කියා දෙන්නම්..!

    බිස්මිල්ලාහිර් රහුමාන්-ඉර්-රහ්හීම්

    මුලින්ම අප ඉස්ලාමයේ ප්‍රධාන වගකීම් පහ ගැන සලකා බලමු...!

    ඔබ මුලින්ම ඉස්ලාම් භක්තිකයකුට හිමි ඉස්ලාමයේ ප්‍රධාන වගකීම් පහ දැන ගැනීම ඉතා වැදගත්. මේ අතුරින් මූලික හා ප්‍රධාන වගකීම නැමදුමට අත්ශ්‍රෙශ්ඨ සර්වබලධාරී අල්ලාහ් ත'ආලා හැර වෙන දෙවියෙකු නැත යනුවෙන් හා මුහම්මද් නබි (සල් අල්ලාහු අලෛහෝ සල්ලම් - එතුමාණන් සදා සමාදානයේ සැතපේවා) තුමාණන් අල්ලාහ් ත'ආලාගේ රසූල් පණිවිඩ කරුවෙකු යැයි සාක්ෂි දැරීමයි. පසුව ෂහාදා පාඨය කොන්දේසි සහිතව අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ.

    මෙම අති ශ්‍රේශ්ඨ ෂහාදා ප්‍රකාශයේ අර්ථය: (ලා ඉලාහ ඉල්ලල්ලාහ් ) අල්ලාහ් ත'ආලා හැර ලොවෙහි පවතින සියළු දෙව් දේවතාවන් අසත්‍ය බව ස්තීර ලෙස විශ්වාස කර සියළු වැඳුම් පිඳුම් අල්ලාහ්ට පමණක් ඉටු කර ඔහුගේ බල මහිමයට කිසිවක් සමාන නොකර ඔහු පාරිශුද්ධත්වයට පත් කිරීමයි.

    ඉහත ශහාදා මහින් "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" යනුවෙන් සාක්ෂි දැරීම කොන්දේසි හතකින් සමන්විත වෙයි.

    1. "අල් ඉල්ම්" හෙවත් විද්‍යාව/ ඥානය වනා අතරම මෙහි විරුද්ධ අදහස නම් අවිද්‍යාවයි.

    2. "යකීන්" නිසැකව ස්තීරව සිටීම හෙවත් අල්ලාහ් ත'ආලා කෙරෙහි පවත්නා අචල ශ්‍රද්ධාවයි, එහි විරුද්ධ අදහස සැක සිතීමයි.

    3. "අල් ඉහ්ලාස්" යනු අවංකකම වෙයි විරුද්ධ අදහස වංකභාවයයි.

    4. "අස් සිද්ක්" යනු සත්‍යවාදී භාවය වෙයි විරුද්ධ විරුද්ධ පදය අසත්‍ය බවයි.

    5. "මහබ්බහ්" ආදරය /කාරුණිකත්වය දැක්වීම වෙයි විරුද්ධ අදහස පිළිකුල් කිරීමයි.

    6. "අල් ඉන්කියාද්" කීකරු, යටහත් පහත් භාවය දැක්වීමවෙයි විරුද්ධ අදහස අකීකරු වීමයි.

    7. "අල් කබූල්" යනු පිළිගැනීම වෙයි විරුද්ධ අදහස ප්‍රතික්ෂේප කිරීමයි.

    ඉහත ෂහාදා පාඨයෙහි දෙවන කොටස වන "මුහම්මදුන් රසූලුල්ලාහ්" මුහම්මද් නබි (සල්) තුමාණන් ශ්‍රේශ්ටතම සර්වබලධාරී අල්ලාහ් ත'ආලා දෙවිඳුන්ගේ දූතයකු බව විස්තර සහිතව දන ගැනීම. එහි විස්තර පහත දැක්වේ.

    01. මුහම්මද් සල් අල්ලාහු අලෛහෝසල්ලම් තුමා ප්‍රකාශ කර ඇති සියලුම දේ 10% ක්ම පරම සත්‍ය අදහස් බව විශ්වාස කිරීම.

    2. එතුමාගේ සියලුම විධානයන්ට 100% කීකරු වීම.

    3. එතුමා තහනම් කල දෙයින් හා පිළිකුල් කල දෙයින් 100% වැළකී සිටීම. (හරාම්)

    4. අති ශ්‍රේශ්ට සර්වබලධාරී අල්ලාහ් ත'ආලා සහ ඔහුගේ රසූල් උල් අල්ලාහ් (සල් අල්ලාහු අලෛ හෝ සල්ලම්) පෙන්වා දුන් ආකාරයට දිනකට පස් වරක් සලාත් නැමදුම් කිරීම.

    ඉහත සදහන් උපදෙස් මුහම්මද් නබි (සල් අල්ලාහු අලෛහෝ සල්ලම් ) තුමාණන් අල්ලාහ්ගේ දූතයකු බවට සාක්ෂි දරන කෙනෙකු විසින් පිළිපැදිය යුතුයි.

    ඉහත විස්තර කරන ලද්දේ පස් මහ වගකීම් අතරින් පළමු සහ ප්‍රධාන වගකීමයි. දෙවනුව "සලාත්" නැමදුම් ඉටුකිරීම, තෙවනුව "සකාත්" දුගී බද්ද ප්‍රධානය කිරීම, සිව්වෙනි වගකීම රමධාන් මාසයේදී උපවාස ශීලයේ නිරත වීම, පස්වෙනි වගකීම හැකියාවක් ඇති අය ශුද්ධවූ මස්ජිදුල් හරාම් වෙත ගොස් හජ් වගකීම ඉටු කිරීමයි.

    ඉතින් රාසික් බයියා ඉස්ලාම දහම පූර්ණවශයෙන් සැබෑ භක්තියෙන් අදහන අප සැමට සලාතය (නැමදුම) ඉටු කිරීම අනිවාර්ය වගකීම් පහෙන් එකකි. මෙතුළින් අපට මෙන්ම ඕනෑම මුස්ලිම්වරයෙකුට සර්වබලධාරී අල්ලාහ් ත'ආලා දෙවිඳුන්ට ලංවිය හැකි අතර චිත්තපාරිශුද්ධියට මඟ පාදයි. මෙම සලාතය සිදු කළ යුත්තේ කෙසේද යන්න පහත විස්තර කරමි.

    ReplyDelete
  5. රාසික් බයියා, සලාතය (නැමදුම) ඉටු කිරීම මුස්ලිම්වරයෙකුට අනිවාර්ය වගකීම් පහෙන් එකකි. මෙතුළින් අපට දෙවිඳුන්ට ලංවිය හැකි අතර චිත්තපාරිශුද්ධියට මඟ පාදයි. මෙම සලාතය සිදු කළ යුත්තේ කෙසේද යන්න පහත විස්තර වී ඇත.

    ඉතින් රාසික් බයියා සලාතය ඉටු කරන නිවැරදි ක්‍රමවේදය මෙහි පහත විස්තර කරමි:

    බිස්මිල්ලාහිර් රහුමානිර් රහ්හීම් - (සර්වබලධාරී මහා කාරුණික අල්ලාහ් ත'ආලාගේ කෘණාව සහ අවසරය ඇතිව මා ආරම්ඹ්හ කරමි )

    අල් සලාතය වෙනුවෙන් "නීයත් තියා" (සිතින් සිතා) අල් මක්කම් හි පිහිටි ශුද්ධ වූ අල් ක'බාව දෙසට හැරී සිට, පළමුවෙන්ම "අල්ලා...හු අක්බර්" කියා කිව යුතු වේ. මෙම පළමු තක්බීරයට (තක්බීර් යනු අල්ලාහු අක්බර් කියා සහ්බ්ද නගා ප‍්‍රකාශ කිරීමයි.) "තක්බීර් තහ්රීමා" යනුවෙන් කියනු ලැබේ. “ඔබ සලාතය වෙනුවෙන් පරිපූර්ණව සූදානම කොට, අල් කිඣ්බ්ලා දෙසට හැරී අල්ලාහු අක්බර් කියා කියන්න” යැයි නබි (සල් අල්ලාහු අලෛහෝ සල්ලම්) තුමාණෝ පැවසූහ.(බුහාරී : 6667, මුස්ලිම් : 663)

    ඉහත පැවසූ ලෙස "අල්ලාහු අක්බර්" කියා "තක්බීර් තහ්රීමා" පවසා දෙඅත් උරහස දක්වා(සාක්‍ෂි : බුහාරී 735, මුස්ලිම් 638) හෝ කන්දෙකේ පහළ කොටස දක්වා(සාක්‍ෂි : මුස්ලිම් 642) ඉස්සිය යුතුවේ. මෙසේ උස්සන විට අත් දෙකේ ඇඟීලි හකුලා නො ගත යුතුයි. ඇඟීලි දික් කර තබාගත යුතු වේ.

    මේ සලාතයේ ආරම්භක "දුආ" ව (දුආවුල් ඉස්තිෆ්තාහ්) සුගායනයයි

    අත් දෙක පපුව මත තබාගත් පසු පහත සඳහන දුආ වලින් එකක් සුගායනය කළ යුතුයි.

    أَللَّهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خََََطََايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ اَللَّهُمَّ نَقَِّنِيْ مِنَ الْخَطَايَا كَمَا يُنَقَّّى الْثَّوْبُ الأَْبْيَض مِنَ الدَّنَسِ اَللَّهُمَّ اغْسِلْ خَطَايَايَ بِالْمَاءِ وَالثَّّلْجِ وَالْبَرَدِ

    "අල්ලාහුම්ම බාඉද් බයිනී වබයින හතායාය කමා බාඅද්ත බයිනල් මෂ්රිකි වල් මග්රිබ්. අල්ලාහුම්ම නක්කිනී මිනල් හතායා කමා යුනක්කස් සව්බුල් අබ්යලූ මිනද් දනස්. අල්ලාහුම් මග්සිල් හතායාය බිල් මාඉ වස්සල්ජි වල් බරද්"

    මෙහි සිංහල අර්ථය : සර්වබලධාරී අතිශ්‍රේශ්ට අති පූජනීය අල්ලාහ් ත'ආලා දෙවිඳුනි, නැගෙනහිර හා බස්නාහිර අතර ඔබ විශාල දුරක් ඇති කර ඇති ආකාරයට මා හා මාගේ පාපයන් අතර දුරක් ඇති කරනු මැන ... ධවල වර්ණ වස්ත‍්‍රයක් කුණු දූලි කිලිටුවලින් සෝදා පවිත‍්‍ර කරනු ලබන්නාක් මෙන් මාගේ පාපවලින් මාවත් පවිත‍්‍ර කර දෙනු මැනව! සර්වබලධාරී අතිශ්‍රේශ්ට අති පූජනීය අල්ලාහ් ත'ආලා දෙවිඳුනි, ජලයෙන් ද පිණි කැට වලින් ද හිම කැට වලින් ද මාගේ පවි සෝදා හරිනු මැනව!(සාක්‍ෂි : බුහාරී 744)

    ReplyDelete
  6. එමෙන්ම පහත "දුආ" ව ද සුගායනය කළ හැකිය.

    وجّهت وجهي للذي فطر السماوات والأرض حنيفا وما أنا من المشركين إنّ صلاتي ونسكي ومحياي ومماتي لله ربّ العالمين لا شريك له وبذلك أمرت وأنا من المسلمين اللهم أنت الملك لا إله إلاّ أنت أنت ربيّ و أنا عبدك ظلمت نفسي واعترفت بذنبي فاغفر لي ذنوبي جميعا إنّه لا يغفر الذّنوب إلاّ أنت واهدني لأحسن الأخلاق لا يهدي لأحسنها إلأّ أنت واصرف عنّي سيّئها لا يصرف عنّي سيّئها إلاّ أنت لبيك و سعديك والخير كلّه في يديك والشّرّ ليس إليك أنا بك وإليك تباركت وتعاليت أستغفرك وأتوب إليك

    වජ්ජහ් වජ්හියලිල්ලදී’ ෆතරස් සමාවාති වල්අර්ලි හනීෆන් වමා අන මිනල් මුෂ්රිකීන්. ඉන්න සලාතී වනුසුකී වමහ්යාය වමමාතී ලිල්ලාහි රබ්බිල් ආලමීන්. ලාෂරීකලහු වබිදා’ලික උමිර්තු වඅන මිනල් මුස්ලිමීන්. අල්ලාහුම්ම අන්තල් මලිකු ලා ඉලාහ ඉල්ලා අන්ත අන්ත රබ්බී වඅන අබ්දුක ලලම්තු නෆ්සී වහ්තරෆ්තු බි ද’න්බී වහ්ෆිර්ලී සු’නූබී ජමීආ. ලා යග්ෆිරුස්’ සුනූබ ඉල්ලා අන්ත, වහ්දිනී ලිඅහ්සනිල් අහ්ලාකි යා යහ්දී ලි අහ්සනිහා ඉල්ලා අන්ත. වස්රිෆ් අන්නී සෛයිඅහා ලා යස්රිෆු අන්නී සෛයිඅහා ඉල්ලා අන්ත. ලබ්බයික ව ස:දෛක වල් හයිරු කුල්ලූහූ ෆී යදෛක වෂ්ෂර්රු ලයිස ඉලෛක අන බික වඉලෛක තබාරක්ත වතආලෛත අස්තග්ෆිරුක වඅතූබු ඉලෛක්.

    මෙහි සිංහල අර්ථය :-

    “සම කරන්නෙකු නොවී, අවනත වූවෙකු ලෙස අහස් හා පොළොවෙහි මැවුම්කරුවානන් වෙත මාගේ මුහුණ හැරෙවු වෙමි. මාගේ සලාතයත්, (අනිකුත්) මාගේ වැඳුම් පිඳුම් මාගේ ජීවිතය හා මාගේ මරණය (යන සියල්ල) සකල ලෝකයම මවා පාලනය කරන්නා වූ අල්ලාහ්ටම හිමිය. ඔහුට සමාන වෙන කිසිවෙක් (හෝ කිසිවක්) නොමැත. මා අණ කරණු ලැබ ඇත්තේ මෙසේය. මම අවනත වන්නන්ගෙන් කෙනෙකු වෙමි. දෙවියනී! පාලකයා ඔබයි. ඔබ හැර වෙනත් දෙවිකෙනෙකු නොමැත. ඔබයි මාගේ අධිපති. මම ඔබගේ වහලා වෙමි. මම මටම අපරාධ කර ගත්තෙමි. මම මාගේ වැරදි පිළත්තෙමි. එබැවින් මාගේ සියළු පාප ක්‍ෂමා කරනු මැනව! ඔබට හැර වෙන කිසිවෙකුටත් පව් ක්‍ෂමා කළ නොහැකි ය. මා හට යහගුණ වෙත මගපෙන්වනු මැනව! ඔබට හැර වෙන කිසිවෙකුටත් යහගුණ වෙත මග පෙන්විය නොහැකි ය. මගෙන් අයහපත් ගතිගුණ ඉවත් කරනු මැනව! ඔබට හැර වෙන කිසිවෙකුටත් එය (එම අයහපත් ගතිගුණ) මගෙන් ඉවත් කළ නොහැකිය. මෙන්න! මම පැමිණියෙමි. යහපත් සියල්ල ඔබ අතෙහිය. අයහපත ඔබට හිමි නොවේ. මම ඔබගෙන් උපකාර පතමි. ඔබ වෙත හැරෙන්නෙමි. ඔබ භාග්‍යවන්තයා ය. උත්තම ය ය. ඔබෙන්ම ක්‍ෂමාව අයදිමි. ඔබ වෙතම හැරෙන්නෙමි.” (සාක්‍ෂි : නාසඊ 887, මුස්ලිම් : 1290)

    (සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික තබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහ ගයිරුක යන දුආව ඇතැමුන් පාරායනය කරති. නමුත් මෙම දුආව නබි (සල් අල්ලාහු අලෛහ්වෝ සල්ලම්) තුමාණන් පාරායනසය කළ බවට කිසිඳු සහීහ් වූ හදීසයක් නොමැත.)

    ReplyDelete
  7. "ෆාතිහා සූරා" ව සුගායනය කිරීම

    ඉහත සඳහන් "දුආවුල් ඉස්තිෆ්තාහ්" දෙකෙන් එකක් පාරායනය කිරීමෙන් පසු "සූරතුල් ෆාතිහා" නැමැති පාරිශුද්ධ කුර්ආනයේ පළමු පරිච්ඡේදය සුගායනය කළ යුතුයි. සූරතුල් ෆාතිහාව සුගායනය නොකරන පුද්ගයාට සලාතය නොමැතැයි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කළහ.(සාක්‍ෂි : බුහාරී : 756, මුස්ලිම් : 651)

    "සූරතුග් ෆාතිහා" ව සුගායනය කිරීමට පෙර "අඌZදු බිල්ලාහි මිනෂ්ෂෛතාන් නිර්රජීම්" أعوذ بِاللّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ (එළවන ලද ෂෛතාන්ගේ උවදුරින් ආරක්‍ෂාව පතමි) යන්න සුගායනය කළ යුතු වේ. "අල් කුර්ආන"ය සුගායනය කරන විට ෂෛතාන්ගේ උවදුරින් ආරක්‍ෂාව පතන මෙන් අල්ලාහ් අපට අණ කර ඇත. (අල් කුර්ආන් 16:98) මෙසේ අඌzදු සුගායනය කළ යුත්තේ පළමු "රකඅත"යේ පමණයි.

    අඌzදු සුගායනය කිරීමෙන් පසු "බිස්ම්ල්ලාහ්ර්රහ්මානිර්රහීම්" යන්න පාරායනය කළ යුතුයි. මෙය සූරතුල් ෆාතිහාවේම වාක්‍යයක් නිසා සෑම "රකඅත"යකදීම මෙය සුගායනය කළ යුතු වේ.

    සූරතුල් ෆාතිහාව

    بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِي1.الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ. الرَّحْمـنِ الرَّحِيمِ.3(مَـالِكِ يَوْمِ الدِّينِ.4(إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ.5(اهدِنَــــا الصِّرَاطَ المُستَقِيمَ.6

    صِرَاطَ الَّذِينَ أَنعَمتَ عَلَيهِمْ غَيرِ المَغضُوبِ عَلَيهِمْ وَلاَ الضَّالِّينَ.7

    බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්. අර්රහ්මානිර් රහීම්. මාලිකි යව්මිද්දීන්. ඊයා(ක්)ක න:බුදු වඊයා(ක්)ක නස්තඊන්. ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්. සිරාතල්ලසී‘න අන්අම්ත අලෛහිම් ගයිරිල් ම:ලූබි අලෛහිම් වලල්ලාල්ලීන්.

    අර්ථය : “අසීමිත කරුණාවන්ත අපරමිත දයාවන්ත අල්ලාහ්ගේ නාමයෙන්… සියළු ප‍්‍රසංශ සකල විශ්වයම (මවා) පාලනය කරන්නා වූ අල්ලාහ්ට ය.(ඔහු) අසීමිත කරුණාවන්තයා ය. අපරමිත දයාවන්තයා ය.(ඔහු) ප‍්‍රතිඵළ දෙන දිනයේ අධිපති ය. (එබැවින්) අපි ඔබවම නමදිමු , ඔබෙන්ම උදව් පතමු. අපට යහමග පෙනවනු මැනව! එය ඔබ කාහට ආශිර්වාද කළේද, ඔවුන්ගේ මාර්ගය යි. ඔවුහු (ඔබගෙන්) කෝපයට භාජනය නොවූ අයයි. තවද මග නොවරදවාගත් අයයි.”

    ශබ්ද නගා බිස්මිල්ලාහ් සුගායනය කිරීම

    "අzසර්" හා "ලූහර්" ජමාත් (සමූහ) සලත්වලත් තනියෙන් සලාතය ඉටුකරන විටත් සුගායනය කිරීම් සියල්ල සිදුකරනුයේ නිශ්ශබ්දවයි. "ඉෂා, මග්රිබ්, සුබහ්, ජුම්ආ, ඊද්" වැනි සලාත් ජමාත් (සමූහ) වශයෙන් ඉටුකරන විට පළමු රකඅත් දෙකේ දී සූරතුල් ෆාතිහාව සහ අනික් සූරාව ඉමාම් විසින් ශබ්ද නගා සුගායනය කළ යුතුයි. මෙසේ සුගායනය කරන අවස්ථාවේදී බිස්මිල්ලාහිර්රහ්මානිර්රහීම් යන්න ඇතැම් දේවස්ථාන වල ශබ්ද නගා සුගායනය කරනු ලබන අතර තවත් දේවස්ථාන වල නිශ්ශබ්දව සුගායනය කිරීම ද දැකිය හැකිය. මේ සම්බන්ධ හදීස් පරිශීලනය කිරීමේදී, මේ දෙආකාරයටම සාක්‍ෂි හදීස්වල දැකිය හැකිය. බොහෝ අවස්ථාවල නබි (සල්) තුමාණෝ නිශශබ්දව බිස්මිල් සුගායනය කර ඇති ( සාක්‍ෂි : බුහාරී 743, මුස්ලිම් : 669) අතර ඇතැම් අවස්ථාවල ශබ්ද නගා පාරායනය කිරීමටද සාක්‍ෂි (හාකිම් 1/357) හදීස් වල දැකිය හැක. එබැවින් මේ ආකාර දෙකෙන් කුමන ආකාරය පිළිපැද්දත් එහි වරදක් නොමැත.

    ReplyDelete
  8. ඔබගේ මාතෘකාව දුටූ විගස මාගේ පාසැල් දිවියේ විද්‍යා ගුරුතුමා වන සම්සුදීන් (මෙතුමා 2004 සුනාමි ව්‍යසනයෙන් මියයන ලදී) මැතිතුමා වරක් පන්ති කාමරයේ දී පැවසූ වදනක් මාගේ සිහියට නැඟුණි. ඒ ‘බලන්න අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඒ අනුව ‘මලාඉකාවරුන් (දේවදූතයන්)’ වයසට යන්නේ නැති බව ඔප්පු වෙනවා නේද?’ යයි පැවසීමයි. එදා පටන් මේ විෂය විශේෂයෙන් සාපේක්ෂතාවාදය පිලිබදව කිසියම් උනන්දුවක් මා තුල තිබුණත් මේ දක්වා එය ගැඹුරු ගවේෂණයන්ට ලක් කරන්න තරම් ජීවිතයේ අවස්ථාවක් නොවීය. නමුත් ඉහත මාතෘකාව සමඟ මේ සංකීර්ණ විෂය පිලිබදව කිසියම් අධ්‍යනයක නිරත වියයුතු යන අදහස උනන්දුව මා තුල දැන් මතුව ඇත.

    ලෝක බුද්ධිමතුන් අදටත් මවිත කරවන විටෙක ඔවුන් සංකීර්ණ පටලැවිලිවලට හසුකරවන ‘සාපේක්ෂතාවාදය’ මා මෙහි පේලි දෙකකින් නොඑසේ නම්, මෙවැනි ලිපියකින් පැහැදිලි කරන්න හදනවා යයි ඔබ වැරදි වැටහීමක් ඇති කර ගතයුතු නැත. මා පෙර සදහන් කලාසේ මෙය සංකීර්ණ විෂයක්. එහි සියළු අනු කොටස් පවා සංකීර්ණයි. විශේෂයෙන් විෂය දැනුම නොමැති පිරිස් පවා නරඹන මෙම බ්ලොග් අඩවිය තුල එවැනි විෂයක් කථා කිරීමේ දී එය ඉතා සරලව කථා කිරීම ද අත්‍යවශ්‍යය එවිට එය තවත් දුෂ්කර වේ.

    කෙසේ වෙතත් මෙතැන් සිට පියවරින් පියවර නිව්ටන් නියමය, සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම්වාදය වැනි කරුණූ අනුමාතෘකා පෙළක් ඔස්සේ හැකිතාක් සරලව හා ඉස්ලාම් දහම හා සංසන්ධනාත්මකව කථා කිරීමට අදහස් කරමි. එහි පලමු පියවර ලෙස මේ සියළු විෂයන්ට මූලික මාන දෙකක් වන ‘දුර’ හා ‘වේගය’ මෙන්ම එහි මිනුම් ඒකකය වන ‘ආලෝක වර්ෂය’ හා එයට පදනම් වූ ‘ආලෝකයේ වේගය’ යනු කුමක්ද? යන්න විද්‍යාත්මක ඇසින් ද එසේම ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න ආගමික ඇසින් ද සංසන්ධනාත්මකව විමසා බලමු.

    නූතන ලෝකයේ දුරක් මැනීම සදහා කිලෝමීටර් (km), මීටර් (m), සෙන්ටිමීටර් (cm), මිලිමීටර් (mm)… වැනි මිනුම් ඒකක භාවිතා කරනවා ඔබ හොදින් දන්නා කාරණයකි. නමුත් විශ්වය, ක්ෂීරපථය, තරු… අතර දුර පිලිබදව කථා කරවිට ඉහත මිනුම් ඒකක ඒ සදහා වලංගු නොවේ. එහිදී යොදාගන්නා මිනුම් ඒකකය වන්නේ ‘ආලෝක වර්ෂ’ යන්නයි. මේ ‘ආලෝක වර්ෂ’ යනු කුමක්ද? යන්න සරලව හදුන්වන්නේ නම්,

    ආලෝකයක් වර්ෂයක් තුල ගමන් කරන දුර ‘ආලෝක වර්ෂ’ ලෙස හැදින්වේ. මෙය කිලෝමීටර් 9,461,000,000,000 (ක්ම්) ක් ලෙස ආසන්න වශයෙන් නූතන භෞතික විද්‍යාව ගණනය කොට ඇත.

    මේ අනුව ආලෝකය ගමන් කිරීම සදහා ද කාලයක් අවශ්‍ය බව මින් පැහැදිලි වන අතර සූර්‍යයාගේ ආලෝකය පෘථිවිය වෙත ලඟාවීමට ආසන්න වශයෙන් විනාඩි 08 ක පමණ කාලයක් ගත වේ. මෙලෙස කෙටි කාලයක් තුල අධික දුරක් පසුකර යාම සදහා ආලෝකයට අධික වේගයක් පැවතිය යුතු බව දැනටමක් ඔබ තුල අදහසක් මතු වී තිබෙන්නට පුළුවන. ඒ පිලිබදව ද කෙටි අවධානයක් යොමු කරන්නේ නම්, එය ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර් 300,000 (300,000ක්ම්/ස්)ක් ලෙස විද්‍යාඥයින් ගණනය කොට ඇත. ඒ අනුව මෙම විෂය ඉදිරියට කථා කිරීමේ දී එහි මිනුම් ඒකක ලෙස ලොව සම්මත ඒකකය වන ‘ආලෝක වර්ෂ’ මඟින් කථා කිරීම සිදුවේ. ඊට ප්‍රථම මෙම ‘ආලෝක වර්ෂ’ නම් මිනුම් ඒකකය සදහා පදනම් කරගත් ‘ආලෝකයේ වේගය’ පිලිබදව අතීතයේ පටන් පැවතී මතවාදවල විකාශනය හා එය ඉස්ලාම් දහමේ ඉගෙන්වීම හා කොතරම් දුරකට සමනකමක් දක්වනවා යන්න මෙහි විමසා බලමු. එනම්,

    ‘ආලෝකවේ වේගය’ සදහා වූ වර්ථමාන ගණනය කිරීම සම්මත කරගන්නා ලද්දේ 1983 දීය. ඒ තත්පරයට කිලෝමීටර් 299,792.458 (km/s) ලෙසය. නමුත් ඊට පෙර කාලවලද මෙම ‘ආලෝක වර්ෂයේ’ සංඛ්‍යාත්මක අගය පිලිබදව විවිධ විග්‍රාහ ලොව තුල ඉදිරිපත් වී ඇත. (වැඩි විස්තර සදහා විකිපීඩියා හි speed of light යන ලිපිය කියවන්න) විෂය පිලිබදව උනන්දුවක් දක්වන පිරිසගේ දැනගැනීම පිණිස එවැනි කිහිපයක් පවසනවා නම්,

    1667 දී නූතන විද්‍යාවේ පියා වන ගැලීලියෝ ගැලීලි පවසා ඇත්තේ 3.3 km/s ලෙසය
    1676 දී 214,000 km/s
    1726 දී 301,000 km/s
    1849 දී 315,000 km/s
    1862 දී 298,000 +-500 km/s
    1879 දී 299,910 +-50 km/s
    1907 දී 299,788 +-30 km/s
    1926 දී 299,796 +-4 km/s
    1947 දී 299,792 +-3 km/s
    1958 දී 299,792.5 +-0.1 km/s
    1973 දී 299,792.4574 +-0.001 km/s
    1983 දී 299,792.458 km/s

    ඉහත දත්ත අනුව ‘ආලෝකයේ වේගය’ නම් මිනුම් ඒකකයේ විකාශනය ඔබට දැන් පැහැදිලි වියයුතුය. 1983 දී නිශ්චය කරන ලද එම ඒකක‍ය පිලිබදව වූ පලමු මතවාදය 1667 දී ප්‍රකාශ වන අතර එවකට ප්‍රකාශ වූ අගය හා වර්ථමානයේ ඒකමතිකව සම්මත කරන ලද අගය අතර කොතරම් විශාල පරස්පරතාවයක් තිබෙනවා ද? යන්න මා මෙහි අමුතුවෙන් පැහැදිලි කලයුතු නැත.

    Continue

    ReplyDelete
  9. මේ පිළිබඳ ඉස්ලාමීය ඉගෙන්වීම කුමක්ද?

    නූතන විද්‍යාවේ පියා ලෙස හදුන්වන ගැලීලියෝ ගැලීලි විසින් මීට වසර 351 කට පෙර ‘ආලෝකයේ වේගය’ සම්බන්ධයෙන් කල ප්‍රකාශය සම්පූර්ණයෙන් වැරදි සහගත නම්, මීට වසර 1,400 කට පෙර කාන්තාරයක එඬරෙකු ලෙස හා වෙළෙන්දෙකු ලෙස විසූ නූගත් ‘මුහම්මද්’ මේ විෂය පිලිබදව කථා කොට ඇත්නම් එහි කොතරම් පරස්පරතාවයන් පැවතිය යුතුද?

    මුස්ලීම් නොවන බොහෝ පිරිස් තර්ක කරනවා සේ ‘ඉස්ලාම් දහම දිව්‍යමය අනාවර්ණයක් නොවී මුහම්මද් (සල්) තුමාගේ මනක්කල්පිතයක්’ නම් ද, එහි මෙම විෂය කථා කොට ඇත්නම් ද එම දුර්වලතාවය අඩුවක් නැතුව එහි දැකගත හැකිවිය යුතුය. එසේනම් ‘ඉස්ලාම් දහම’ මේ පිලිබදව කථා කරන්නේද? යන්නත් එසේ කථා කරන්නේ නම්, එම කරුණූ කොතරම් දුරකට නිවරුදි ද යන්නත් මෙතැන් සිට විමසා බලමු.

    ඉස්ලාම් දහම දිව්‍යමය අණාවර්ණයක් යන්න මුස්ලීම්වරුන් වන අපගේ දැඩි විශ්වාසයයි. එම දිව්‍යමය අණාවර්ණය ‘කුර්ආන්’ හා ‘හදීස්’ ලෙස ආකාර දෙකක් වේ. (මේ පිලිබදව දීර්ඝ ලෙස මෙම අඩවිය තුල කරුණු සාකච්චා‍ කොට ඇත) එම දිව්‍යමය අනාවර්ණ අතුරින් ‘ශුද්ධ වූ කුර්ආනය හෙවත් දිව්‍යවදන්’ අන්තර්ගත පුස්තකයෙන් එහි 32 වන ‘අසසජදා’ නම් පරිච්චේදයේ මුල් වාක්‍ය කිහිපයක් ඔබේ විමසුමට ප්‍රථමයෙන් තබන්නට කැමැත්තෙමි. එනම්,

    අලිෆ්. ලාම්. මීම්., (නබියේ! ඔබ කෙරෙහි) පහළ කරන ලද මෙම ධර්මය ලෝකවාසීන්ගේ දෙවියන් වෙතින්ම පැමිණියේය යන්නෙහි කිසිම සැකයක් නැත. (අපගේ නබි) ‘මෙය (තමන් විසින්ම) මනක්කල්පිත කර ගත්තේය’ යයි (ඔබ ගැන) ඔවුන් පවසන්නෙහුද? එසේ නොව! මෙය ඔබගේ දෙවියන්, (ඔබට) පහළ කරන ලද සත්‍ය (ධර්මය) වන්නේය. ඔබ පෙර (මේ දක්වා) කිසිම දූතයෙකු නොපැමිණි (මෙම අරාබි) ජනතාව ඍජු මාර්ගයෙහි යවනු පිණිස, ඔබ ඔවුන්ට අවවාද කරනු සඳහාම (මෙම ධර්මය පහළ කරනු ලැබ ඇත්තේය).

    ශුද්ධ වූ අල් කුර්ආනය 32-1 සිට 3 දක්වා

    ඉහත වාක්‍ය 03 හොදින් නිරීක්ෂණය කලේනම්, වර්ථමානයේ ඉස්ලාමයට එරෙහිව තර්ක ගොඩනඟන පිරිසට අල්ලාහ් (දෙවි) පිලිතුරු දෙන ආකාරයට ප්‍රකාශ වන බවක් පැහැදිලිව දැකගත හැක. ඉස්ලාම් දහම පිලිබදව සැකයෙන් කථා කරන පිරිස මෙන්ම මෙය මුහම්මද් (සල්) තුමාණන්ගේ මනකල්පිතයක් යයි පවසන පිරිසට ඉස්ලාම් දහම ඉහත ආකාරයට අවවාද කොට අනතුරුව 32-5 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) සුවිශේෂි කාරණයක් අනාවර්ණය කරයි. එනම්,

    අහසේ සිට භූමිය දක්වා ඇති සෑම කාරණාවක්ම ඔහුම පිළිවෙලකට කරන්නේය. (සෑම දැයකම අවසානයද) ඔබ අදහස් කරන (ඔබගේ) ගණනයට අනුව වසර දහසකට සම වන එක් දිනකදී ඔහු වෙතම යනු ඇත.

    ශුද්ධ වූ අල් කුර්ආනය 32-5

    ඉහත වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) මේ විශ්වයේ සියළු කාරණාවන් පිළිවෙලකට ඉටු කරන බවත්, සියල්ල අවසන් වී වසර 1000 කට සම වන එක් දිනකදී ඔහු වෙත සියල්ල යන බවත් ඉහත වාක්‍යයෙන් පවසයි. මෙහි ‘වසර 1000 කට සම වන දිනයක්’ පිලිබදව ශුද්ධ වූ කුර්ආනය පවසයි. මෙයම ශුද්ධ වූ කුර්ආනයේ 22-47 වාක්‍යයෙන් අල්ලාහ් (දෙවි) මෙසේ පවසයි.

    ඔවූහු දඬුවම ඉක්මන් කරන ලෙස නුඹගෙන් ඉල්ලා සිටිති.අල්ලාහ් කිසි විටෙක තමන්ගේ ප්‍රතිඥාව (ඉටු කිරීමට) පසුබට නොවන්නේමය. නුඹගේ රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ දවසක්, නුඹලා ගණන් කරන අවුරුදු දහසක් බඳුය.

    ශුද්ධ වූ කුර්ආනය 22-47

    ඉහත 32-5 හා 22-47 වාක්‍යය අනුව අල්ලාහ් (දෙවි) හමුවේ දිනයක් යන්න පෘථිවි අවුරුදු 1000කට සමාන යන්න පැහැදිලිය. මෙතැනදී ප්‍රධාන වශයෙන් පැහැදිලි කරගතයුතු කාරණා දෙකක් ඇත. එනම්,

    පලමු කාරණය – ‘දිනය’ යන්න සාපේක්ෂ කාරණයකි. හිරුට සාපේක්ෂව පෘථිවි දිනය පැය 24 වුවත් විශ්වයේ සෑම තැනකටම දිනක පැය ගණන 24 නොවේ. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක සැලකුවත් එහි දිනක පැය ගණන එකින් එකට වෙනස් වේ. නිදසුනක් ලෙස කිහිපයක් පවසනවා නම්,

    බුධ ග්‍රහයාගේ දිනක පැය ගණන 58.6ක් වේ.
    සිකුරු ග්‍රහයාගේ දිනක පැය ගණන 243ක් වේ.
    බ්‍රහස්පති ග්‍රහයාගේ දිනක පැය ගණන 9.9ක් වේ.

    මේ අනුව පැහැදිලි වන්නේ ‘දිනය’ යන්න එක් එක් ග්‍රහ වස්තුවට සාපේක්ෂ කාරණයක් යන්නයි. ඒ අනුව විශ්වයේ කොතැනක හෝ පෘථිවි වසර 1,000 කට සමාන දිනයක් තිබෙන ග්‍රහ වස්තුවක් තිබෙනවා යයි විශ්වාස කිරීම කිසිසේත් මනක්කල්පිතයක් නම් විය නොහැකි බව මෙහි ප්‍රථමයෙන් අවබෝධ කරගත යුතුවේ. .

    Continue

    ReplyDelete
  10. දිනකට කිහිප සැරයක් නිති නමා බෙලී
    දෙවියට වඳිනවා නැහැ මල් සමග රැළි
    මතකෙට නැගෙයි මගෙ මිතුරෙක් කරපු කෙළී
    කොහොමට ඔබත් හිටියද සමගින්ම අලී......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පේරාදෙණියේ අපේ බැච් එකෙත් මුස්ලිම් සිසුන් සෑහෙන පිරිසක් හිටියා. එයින් කිහිප දෙනෙකු මගේ හොඳම මිතුරන්. නමුත් ඔවුන් යාඥා කරනවා නම් මං දැකලා නෑ. අරක්කු බොනවා නම් දැක තියෙනවා!

      Delete
  11. දිනකට කිහිප සැරයක් නිති නමා බෙලී
    දෙවියට වඳිනවා නැහැ මල් සමග රැළි
    මතකෙට නැගෙයි මගෙ මිතුරෙක් කරපු කෙළී
    කොහොමට ඔබත් හිටියද සමගින්ම අලී......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පස් හය වතාවක් දිනකට නොව පැයට
      කළමුත් යාඥා නොදියුණු දරු ලෙසට
      ජයගත හැකි නොවුණි සංඛ්‍යානය ඔහුට
      ආපසු ගිය අලි ෂා තම මව් රටට

      Delete
  12. මැවිසුරුවන් ???? meaning ?

    ReplyDelete
    Replies
    1. ජාලය පිරික්සීමේ දී පහත දැක්වෙන වසර හතක් පැරණි ලිපියක් හමුවිය!

      http://kathandara.blogspot.com.au/2011/03/blog-post_17.html

      Delete
  13. Probability & Stat මගේ ප්‍රියතම විෂයක්. උසස් පෙළ විතරක් නෙමෙයි පරිගණක විද්‍යා උපාධියේදීත් අපිටත් ඒ අනිවාර්ය විෂය තිබුණා.
    කෙසේ නමුත් ඒ වගේ core විෂයන් දැන් දැන් ඕස්ට්‍රේලියාවෙ උපාධි වලත් (ඔව් පරිගණක විද්‍යා/මෘදුකාංග ඉංජිනේරු උපාධි වලත්!) අනිවාර්ය නොවන trend එකක් වී තිබීම කණගාටුවක්.

    ඔය වගේ 'අපිට x කරන්න තහනම්' කියන යහළුවන් ඉදිරියේ 'කරොත් මොකද්ද වෙන්නේ?' කියා නොඅසා ඉන්නේ බොහොම අමාරුවෙන්. සමහරු ට ඒ දේ කරන්න ලොකු ආසාවක් තියෙන බවකුත් පෙනෙනවා!

    මම දැක්ක හැටියට ඔය වගේ 'තහනම්' තියෙන විවිධ ආගම්/සංස්කෘති වල සමහර වෙලාවට මිනිස්සු ඒ දේවල් නොකර ඉන්නේ ආගමික භක්තිය නිසාම නෙමෙයි. ඒ ආගමික/සංස්කෘතික සංස්ථා වල තියෙන ලොකු මාෆියා බලයට බයෙන්.

    ReplyDelete
    Replies
    1. නිරෝගේ කමෙන්ටුවේ මුල් කොටස ගැන මං කියන්න ගියේ අපට ඒ දිනවල වැඩි චොයිස් එකක් තිබුණේ නෑ ය කියන සත්‍යයයි. ගණිතය තෝරා ගත්තාම, විෂයයන් හතර අනිවාර්යයි, පිසික්ස්, කෙමිස්ට්‍රි, ඇප්ලයිඩ් සහ පියෝ. ඒ වුණාට මගේ පුතා (සිඩ්නිවල) ගණිතය එක්ක ඉතිහාසය සහ ආගම කරනවා, විද්‍යා විෂයයන් අනිවාර්ය නෑ. ගණිතයත් අනිවාර්ය සරල කොටස් විතරයි. සංඛ්‍යානය / සම්භාවිතාව ඉගෙන නොගෙන විශ්වවිද්‍යාලයට යන්න හැකියි ඉංජිනියරින්වලට පවා!

      දැන්, චොයිස් එකක් තිබීම ද හොඳ, නැති වීම ද? අනවශ්‍ය පරිදි තෝරා ගැනීමට ඉඩ තිබීම එච්චර හොඳ නැතිය කියා හිතෙනවා නේද?

      කමෙන්ටුවේ දෙවන කොටසේ කතාවේ කියවෙන්නේ කිසිම චොයිස් එකක් නොදී නිතී මාලාවක දරුණු ලෙස හිර කර තබන අවස්ථාවක් ගැනයි. එවිටයි තේරෙන්නේ සංඛ්‍යානය ගැන නොදන්නවා වුණත්, තේරීමක් කළ හැකි වීම කෙතරම් අගේ ද කියා!

      Delete
    2. සවුදි අරාබියේ මේ දිනවල කෙරෙන වෙනස් කම් අනුව වාහන එළවීමට අවසර ලැබී ඉගෙන ගන්නා කාන්තාවන්ගේ මූණූවල ඇති සතුට දැක්කා නේද?

      https://static01.nyt.com/images/2018/03/06/world/06saudidriving1/merlin_135047898_b1aaac8c-82c4-4a08-a0e9-a4b79c16c380-superJumbo.jpg

      Delete
    3. ඔව් choice එක ගැන පැති දෙකක්!

      Stat වගේම ඒවගේ තව විෂයන් core විෂයක් නොවීම නිසා ළමයින්ට පරිගණක විද්‍යාවේ අඩිතාලම දාගන්න අමාරුයි කියලයි මට පෙනිලා තියෙන්නේ. නිකම් technology විතරක් උගන්නන්න ලේසියි - ඉගෙන ගන්නත් ලෙසයි. ඒ උනාට ඒක හරිම short term සීනි බෝලයක්. ළමයට තේරෙන්නේ නැහැ ඇයි අපි යමක් එහෙම කරන්නේ කියලා. technology වේගෙන් වෙනස් වෙනවනේ. ඉතින් ළමය කැම්පස් එකෙන් out වෙනකොට ඉගෙන ගත්ත technology වෙනස් වෙලා. එහෙම වෙනස් නොවුනත් රස්සාවට ගිහාම එන ගැටළු තනිවම විසඳන්න තේරෙන්නේ නැහැ - මොකද technology එකේ ඇතුළේ වැඩ කරන විදිය ගැන දැනුමක් නැහැ වගේම ඒක ඉගෙන ගන්නත් තේරෙන්නේ නැහැ!
      හරියට ගෙදරක foundation හරියට නොදා ලස්සනට තීන්ත ගානවා වගේ! ළමයින්ට හරි ලේසියි. ඒත් අන්තිමට අනාථයි.

      කැම්පස් එන ළමයට ලොකු තේරුමක් නැහැ එයාට මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වෙන්න ඕන කරන skills මොනවාද කියන එක. හැම දෙයක්ම හැම වෙලාවෙම කැමති කැමති විදියට කරන්න ගියාමත් අවුල් නේ...

      Delete
  14. 👆 කව්ද ඇනෝව මෙතන ඇවිත් බයිල කියව.

    ReplyDelete
  15. අර ඇනොට ඉස්‍ටුති වත් කියන්න..ඔයගෙ පොස්ට් එකට මාර වටිනාකමක් දිලා..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.