Thursday 14 July 2016

ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum


ආචාර්ය වෑන් ෆ්‍රෝසම් මට හමුවුණේ මා තායිලන්තයේ බැංකොක් නගරයෙන් උතුරු දිසාවේ පැතුම්තානි දිස්ත්‍රික්කයේ රන්සිට් නගරය අසල පිහිටුවා ඇති ආසියානු තාක්‍ෂණික ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරන්නට ගොස් සිටි කාලයේ දී ය. රවුම් මුහුණක් ද, නළල සහ දෙකන් වැසෙන්නට සකසන ලද කිරි කෝපි පැහැති බීට්ල්ස් පන්නයේ කොණ්ඩයක් ද, තරමක් ස්ථුල සිරුරක් ද හිමි බෙල්ජියන් ජාතිකයෙකු වූ වෑන් ෆ්‍රෝසම් එවකට වයස තිස් දෙකක් පමණ වූ සාපේක්‍ෂව ඉතා තරුණ ආචාරයවරයෙකු විය.

ආර්ථික විද්‍යාව පිළිබඳ පීඑච්ඩී උපාධිධාරියෙකු වූ ආචාර්ය වෑන් ෆ්‍රෝසම්, ඔහු ගේ ප්‍රධානත ම විෂයය වූයේ ආර්ථිකමිතිය (Econometrics) වුවද, අපේ පශ්චාත් උපාධි පාඨමාලවේ මුල් වාරයේ දී අපට සම්භාවිතාව සහ සංඛ්‍යානය ඉගැන්වී ය.

මේ විෂයය සඳහා අපට නියමිත පාඨ ග්‍රන්ථය වුනේ ෂෙල්ඩන් රොස් විසින් රචිත Probabilistic Models නම් තවමත් මුද්‍රණය වන පොතකි. අප කණ්ඩායමේ සියලු දෙනා ම ඒ පොතේ ඡායා පිටපත බැගින් මුල් සතියේ ම සකසාගත්ත ද, ආචාර්ය වෑන් ෆ්‍රෝසම් ඔහු ගේ ම දේශන සටහන් සහිත මුද්‍රණය කර ස්පයිරල් බැම්මෙන් බඳින ලද පොතක් ද අපට බෙදා දුන්නේ ය.

මේ වෑන් ෆ්‍රෝසම් සටහන් පොත කියවද්දීත්, දේශන ශාලවේ දී ඔහු කොළ-ලෑල්ලේ (ඒවා කළු පැහැති කළුලෑලි නොවීය!) ලියූ වචන කියවීමේ දී ද, අපට ඇතිවුණු මූලික ගැටලුවක් වූයේ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් ඉංග්ලිෂ් වචන, අප පසුව වටහාගත් පරිදි ජර්මන් (හෝ ඩච්) ආකාරයට ලිවීමයි.

උදාහරණයක් ලෙස ඔහු coefficient of correlation යන්න ලියන්නේ coefficientofcorrelation කියා ය. එසේම, chi square test යන්න ලියන්නේ chisquaretest යැයි කියා ය.

මෙය මුලදී අපට විමතියට සහ විහිළුවට කාරණයක් වුවත්, ටික දිනකින් ම අප එයට පුරුදු වීමූ.

තම අමුතු ආකාරයේ ලිවීම ගැන කනගාටුව පළකරමින් ආචාර්යවෑන් ෆ්‍රෝසම් කියා සිටියේ, තමන්ගේ මව් භාෂාව ඩච් (Dutch) බවත්, ඊට අමතරව ප්‍රංශ, ජර්මානු සහ ඉංග්ලිෂ් භාෂාවලින් තමන් වැඩ කටයුතු කරන බවත් ය, සමහර වචන ලියන විට පෙර කී ආකාරයේ කුඩා අත්වැරදීම් වන්නේ ඒ නිසා බවත් ය.

ඔහු එතරම් සංඛ්‍යාවක් භාෂා දැන සිටීම ගැන අප පුදුමය පළ කළ විට ආචාරය වෑන් ෆ්‍රෝසම් වැඩි දුරටත් කියා සිටියේ තමන් ඉංග්ලිෂ් ඉගෙන ගත්තේ නම් පාසලේ දී වුවත්, බෙල්ජියමේ ඔහු ගේ ගම් ප්‍රදේශයේ ජීවත්වෙන ඕනෑම කුඩා දරුවෙකුට පවා පෙර කී භාෂා කිහිපයක් ම හැසිරවීමට හැකි බවයි.

මා කලින් දිනයක ලියා පළ කළ "(නොරට වෙසෙන දෙමව්පියන්) දරුවා සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කිරීම - English or Singlish" නම් ලිපියේ දී මා සඳහන් කළේ ආචාර්ය වෑන් ෆ්‍රෝසම් කියූ මේ කතාවයි.

එනම්, කුඩා කාලයේ දී දරුවෙකුට භාෂා තුන හතරක් එක සේ කතා කිරීමට ඉගෙන ගැනීම ඉතා පහසු කටයුත්තක් බවයි.

-රසිකොලොජිස්ට්

(image: https://www.linkedin.com/)

24 comments:

  1. කවුද අනේ මේ ඉන්නා කැරපොතු සුද්දා
    මගේ උතුම් රට ජාතිය ආගම කා දැමූ සුද්දා
    සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කළ සුද්දා
    පොල්පිති වලින් ගහලා පන්නමු පර සුද්දා

    අපේ මහින්ද මහතාට දැන් කරදර වැඩිය
    යහ පාලනේ බල්ලෝ පන්න පන්නා ගහයිය
    හැබැයි අපේ ගෝඨාභය මැතිඳු එන එක සහතිකය
    එදාට මුළු රටේම ජනතාවගේ හිසේ මල් පිපෙයිය

    ඕස්ට්‍රෙලියාවේ ඉන්නා ජාතිකවාදී පුත්තු
    අත නොහැර සටන මෙසේ ඉදිරියටම යායුතු
    සුද්දන් එළවා දමා පොල්පිත්තෙන් ගසා මතු
    ඕස්ට්‍රෙලියාවද ලංකාවද උන්ගෙන් නිදහස් කර ගත යුතු

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
  2. රසික පුතේ,
    අපිටනම් පුතාගෙ සම්ලප්‍රලාප අහලා ඇති වෙලා. පුතා ඇයි පාඨකයට වැඩදායී දෙයක් නොලියන්නෙ? පුතා ලංකාවෙ නිදහස් අධ්‍යාපනය ලැබුවෙක් විධියට අඩුම ගණනෙ අපේ ජාතියට, ආගමට වැඩදායී දෙයක් ලියන්න කියල කරුණාවෙන් ඉල්ලා හිටිනවා.
    මීට, කුමාර දිප්පිටිය ම(ර්සි)යා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. රශික පුතේ මේ දිප්පිටිය අංකල් ගූ හැත්තෑවක් උනානෙ.

      Delete
    2. ඔය කුමාර දිප්පිටිය නැමති තක්කඩියා ඔසීවලම ඉන්න නාකි, ලොම් හැලිච්ච අවලමෙකි. මූට කරන්න වැඩක් නැති නිසා කොම්පීතරෙන් කිසිම රහක් නැති කොමෙන්ටු කොටමින් ඉඳී. මූ දැඩි අසහනයෙන් පෙලෙන අතර ඔසී ගැටිස්සියන්ගෙ ටොයිලට්වලට එබෙන්න ගොස් පොලෝසියට අසුවී, උසාවියෙන් සමාජ සේවා කටයුතු නියම කළ මානසික අසහනකාරයෙකි.

      Delete
    3. සරම ගැලවුණා නේද දිප්පිටිය සීයගෙ !! අයියෝ මෙහෙමත් ලැජ්ජාවක්. අවුරුදු 25 කට අධික කාලයක් ඔස්ට්‍රේලියාවේ දිවි ගෙවන අපේ චූටි මාමාගෙන් (ඒ කිව්වෙ අම්මෙග බාලම මල්ලි ) අහල බලන්න ඕනෙ සීයගෙ වැඩි විස්තර.

      Delete
  3. කුඩා දරුවෙක් භාෂා එකකට වැඩිය උගනී නම් එම දරුවාට speech delay එකක් ඇති විය හැක . මෙය නොරට වෙසෙන බොහෝ දෙමව්පියනට ප්‍රශ්න ඇති කරයි. අනික, එක භාෂාවක්වත් ගැඹුරින් අවබෝධකර නොගනී. මේ නිසා දරුවාගේ vocabulary එක සීමාසහිත වෙයි. මෙය පාසැලේ අනිත් වැඩ කටයුතුවලටත් බලපායි. මෙවැනි දරුවන් පාසැලේ අනික් දරුවන්ට වඩා පසුපසින් සිටී. නමුත් මෙය හැම දරුවාටම බල නොපායි. මොකද සමහර දරුවන්ගේ IQ එක වැඩි නිසා එම දරුවන් භාෂා කීපයක් වුවත් චතුරව හසුරුවයි.

    භාෂා කීපයක් ඉගෙන ගැනීම හොඳයි, නමුත් එක් භාෂාවක් මව් බස ලෙස ප්‍රගුණ කළ යුතුයි. නැතහොත් එක් හාෂාවක්වත් හරියට බැරිවෙයි. හරියට යනු ඉංග්‍රීසි භාෂාවේ නම් IELTS විභාගයේ සියලුම අංශයෙන් band 8ට වැඩියෙන් ලබා ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. bullshit... a Native English user get band 9. like all invigilators...

      Delete
    2. අනේ බූරු ඇනෝ (Anonymous14 July 2016 at 15:54), උඹ සිංහලෙන් ඉගෙන ගෙන සිංහල භාෂාවට 100%ක් ගන්න පුළුවන් වුණාද ? අනික ලංකාවෙ සිංහල කී දෙනාටද සිංහලවලට "A" ගන්න පුළුවන් ? උඹ වගේ ගොන් හරකෙක්? Native English Speaker කෙනෙක් නොවෙච්ච අපේ රසික පුතා ඔය ඔක්කොටොම 9 ගානෙ ගත්ත.

      Delete
    3. මා IELTS සඳහා ගත්තේ බෑන්ඩ් 8 ය. එක අංශයකට 8.5 තිබුණා මතකයි.

      මා IELTS කළ වසරේ TWE (Test of Written English) නම් අංශයක් ද තිබුණි.

      Delete
  4. රසික පුතාට භාශාවන් කීයක් පුළුවන්ද?

    මට නම් භාශාවන් හයක් පුළුවන්.

    1. මිශ්‍ර සිංහල
    2. හුදු හෙළ
    3. සංස්කෘත
    4. පාළි
    5. රුහුණේ සිංහල
    6. ඉංග්‍රීසි (English)

    Kumara Dippitiya Esqr,
    Honorable Secretary,
    Young Mens Buddhist Association,
    Kothalawelapura,
    Ratmalana,
    Sri Lanka

    ReplyDelete
    Replies
    1. ඕයි දිප්පිටිය,
      රුහුණෙ සිංහල ? අපි නම් අහලා තියෙන්නෙ රුහුණෙ මී කිරි කියල. තමුසෙ හෙන අසහනකාරයෙක්, ගැටිස්සියන්ගෙ ටොයිලට්වලට එබිල කිච වෙලා කියන්නෙ ඇත්තද ? අනික ඕයි මේ නහින දෙහින කාලෙ බණක් දහමක් කරගෙන පැත්තකට වෙලා ඉන්නවකො, රශික පුතාගෙ බ්ලොග් එක පුරා පහරන්නෙ නැතුව.

      Delete
  5. ඔව් කුඩා දරුවන්ට භාෂා ලෙහෙසියෙන් ඉගෙන ගන්න හැකි වෙන්න පුළුවන්. හැබැයි රසික මේ වගේ බ්ලැන්කට් උපදේශ නොමග යවන සුළු විය හැකියි. ඉහත කොමෙන්ටුවක ලියා ඇති පරිදි දරුවන්ගේ IQ වෙනස් වීමට අමතරව, සමහර ත්ත්වත් තව තැනක උපදවන්න බැහැ. උදාහරණයකට, රසිකගේ ගෘහයේ තියන තත්වයන්, වෙනත් ගෘහයක නොතිබෙන්න තියන ඉඩකඩ අමතක කරන්න එපා.

    ගෙදර සමහර භාෂා පාවිච්චි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කිරීම මහා ආඩම්බරයෙන් කියන සංක්‍රමණික දෙමාපියන් ඉන්නවා. මට නම් සිනහයි. අපත් දරුවන්ට සීමාවන් සමහර වෙලාවට දමනවා. නමුත් ඔවුනට නිදහසේ ඉන්න පුළුවන් හොඳම තැන අපේ ගෙදරයි.

    ReplyDelete
    Replies
    1. අප කළ යුත්තේ දරුවන්ට සිංහල භාෂාව ඉගෙනීමට පහසුකම සපයා දීමයි. එය ඉගෙන ගැනීම ඔවුන්ගේ කාර්යයක්.

      අප ඉන්නේ ඕස්ටේ‍ර්ලියාවේ කියා දරුවන් සමග සිංහලෙන් කතා නොකර සිටීම විකාරයක් නොවේද? එසේ නම්, පාසල්වල චීන, ජපන්, ඉතාලි, ප්‍රංශ යනාදී විවිධ භාෂා උසස් පෙළ දක්වාම උගන්වන්නේ ඇයි කියා වටහා නොගැනීමයි ප්‍රශ්නය.

      අපේ සමහර අයියලා හිතන්නේ සිංහල ඉගෙනීම සහ කතා කිරීම අවමානයක් ලෙසයි.

      Delete
  6. දෙමල බාසාව කතාකරන්න හැකියාව නුවරඑළිය බදුල්ල දිහා දෙමල අය එක්ක මිශ්‍ර වෙලා ඉන්න සිංහල දරුවන්ට ඉබේම එනවා..ඒ පැතිවල දෙමල අය සිංහලත් සිංහලඅ ය දෙමලත් කතා කරනවා බොහොම ලේසියෙන්.. මා සිතන්නේ එය මිශ්‍ර වී සෙල්ලම් කිරීම ආදියෙන් එන දෙයක්..

    ReplyDelete
    Replies
    1. අපේ කාලේ පේරාදෙනියට යාපනය වැනි ප්‍රදේශවලින් ආ සිසුන් පවා ටික කලකින් ම එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය සිංහල ඉගෙන ගන්නවා. සමහරු හොඳින් කතා කරන්න පවා පුරුදු වෙනවා.

      මේ දහඅට පැන්න අය. අවශ්‍යතාවය නිසා ඉගෙන ගැනීමයි!

      Delete
  7. රසික පුතාගේ බ්ලොග් එකේ දැන් කොල්ලයි බල්ලයි හැමෝම ඕනැ එකයි එපා එකයි හැම එකම කමෙන්ට් කරන්න පටන් ගෙන. ඇත්තටම යහ පාලනේ යටතේ රටේ වෙන දේම තමයි මේ බ්ලොග් එකේ වෙන්නෙත්. හැම එකාම හිතන්න පටන් අරන් තමන් මහ රජ්ජුරුවෝ කියලා. මහින්ද මැතිඳු ගෝඨාභය මැතිඳු ඉන්න කාලෙ නම් ඕවා වුනේ නැහැ. ඒ කාලෙ හැමෝම දැනගෙන හිටියා තමන් හිටපු තැන. ඒ නිසා විනයක් තිබුණා. දැන් එහෙම විනයක් නැහැ. අපට ආයෙත් ඒ වගේ විනයක් ඕනැ. මේ බ්ලොග් එක වගේම රට රැක ගන්නත් අපට ගෝඨාභය මැතිඳු ඕනෑ ඒ නිසයි.

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
    Replies
    1. උඹත් හරියට අර මැක්කගෙ කතාව වගේනෙ බන්, කොහෙන් හරි ගිහින් අන්තිමට ඉවරවෙන්නෙ රාජපක්ෂලට පශ්චාත්භාගෙ දීල. උඹගෙ ඔය ගෝඨා කරපු හරිය මදෑ මේ රටට, තව ටිකක් හිටියනම් මේ රටේ ඉතිරිවෙන්නෙ මරා මාධ්‍ය විතරමයි. අනිත් ඔක්කොම උන් සුදු වෑන් එකෙන් අතුරුදහන්, බොඩියවත් හොයා ගන්න බෑ.

      Delete
    2. උඹලට මහින්ද මහතතයාගෙ අගේ තේරෙන්න නෑ පුතේ. උඹල මරි මෝඩයි. දැන් බලපන් ප්‍රංශෙ බෝම්බ පුපුරන්නෙ මහින්ද මහත්තයා වගේ නායකයෙක් නොහිටපු නිසා නේද? වලේ කිස් කරන්නෙ මහින්ද මහත්තයා නැති නිසා නේද? මහින්ද මහත්තයා ඉන්න කාලෙ වලේ කිස් කළාද?

      අපේ කොරියාවෙ ඉන්න රුචිර ජාතිකවාදී පුතා කතා කරලා අද උදේ අහනවා "අප්පච්චි ලොරිය කිමි දෙකක් නිරුපද්‍රිතව ගියේ කොහොමද?" කියලා. මං කිව්ව යකෝ මහින්ද මහත්තයා නොහිටි හින්දා කියලා. උන්නැහැ හිටිය නම් යයි ලොරිය කිලෝ මීටර් දෙකක්ම.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    3. @ Anonymous 15 July 2016 at 15:36

      ඇනෝ, ඔබටත් සිංහල ඉගැන්විය යුතුයි වගේ. කුමාර දිප්පිටිය ගේ උපහාසය ඇත්තටම තේරෙන්නේ නැද්ද?

      Delete
    4. මීවනපලානෙ ජයා ම ද මංදා මේ දිප්පිටිය ඩෑල් එකත්. :D

      Delete
  8. රසික,කවුරුත් කිව්වාට ඒ දේ එහෙමයි කියලා අපිට කියන්න බැහැනේ නේද.. විශේෂයෙන් ඒ ඒ අංශ වල ප්‍රවීනයන් නොවන අය..ඔබ එක් එක් රටවල එක එක සමාජ නියැදි අරගෙන පර්යේශන කරලා එයින් ලබා ගත් ප්‍රතිඵලයක් අන් අය හා බෙදා ගන්නව නම් වඩා සුදුසුයි..නැති නම් නොදන්නා බොහෝ පිරිස් නොමඟ යා හැකියි.. අමතක කරන්න එපා දැන් ලොකේ හැමතැනම ඉතාම සිඝ්‍රයෙන් Autism Specteum Disorder නම් තත්වය වැඩි වෙනව.. මේ තත්වයෙදි භාශා කීපයක් තියා එකක්වත් කතා කල නොහැකි සහ භාශාවක අරුතවත් නොතේරෙන තත්වයන් වැඩි වෙමින් පවතිනවා.. ඒ නිසා වෙනත් අංශයක කෙනෙක් කියු පලියට ප්‍රකාශ අපි ඉදිරිපත් කරන්න ගියොත් එය කියවන්නන් නොමඟ යැවීමක් වේවි..


    //An estimated one in 100 people has autism; that’s almost 230,000 Australians. Autism affects almost four times as many boys than girls.//

    https://www.autismspectrum.org.au/content/what-autism

    ReplyDelete
    Replies
    1. ඒ වගේම රසික අපි සාමාන්‍යයෙන් දන්නේ දකින්නේ අප අතර ගැවසෙන කතා කල හැකි අය ගැන. එත් තිරයෙන් පිටුපස ඉතා විශාල ප්‍රමානයක් සිටිය හැකියි කතාව ප්‍රශ්නයක් වෙන..මගෙ පොඩි කාලේ ගත උනෙත් විවිධ බාශා කතා කරන්න අය ඉන්න පරිසරයක ..මමත් දැක්කා සමහර දරුවන් ඉතාම පහසුවෙන් බාශා දෙක තුන කතා කරනවා එකට මුසු වෙලා ජීවත් වෙන.. එත් රසික ලොකු වෙනකොට මම තේරුන් ගත්තා අපේ පන්ති වල ඉන්න ලමයිගෙන් ගොඩක් අයට අදහස් ගලපලා කතා කිරිමේ අපහසුතා ඇති බව.. එවැනි අය මුලුගැන්වෙනවා මිසක් ඕනකමින් බැලුවෙ නැත්නම් පෙන්නෙ නැ රසික. ඔබ කියන කෙනා අඩු වයසින් තරඟකාරි අධ්‍යාපනයෙ නියැලුනු කෙනෙක්.. එවැනි කෙනෙකුට මෙවැනි අපහසුතා ඇති බහුතරයක් මඟ හැරිමට ඇති ඉඩ කඩ වඩාත් වැඩි වෙලාව මදි කම නිසා, සමාජ ඇසූරට වඩා වැඩි කාලයක් පොත පත හා ගත කරන්න සිදු වෙන නිසා. මොකද පොත පතට හැඟිම් දැනිම් නැහැනෙ රසික..(no two way communication ) ඔබ කියන කෙනත් ආපහු තමන් හිටපු තැනට ගිහින් නිසි පරිදි සමාජයට බැහලා ඇසුරු කරල ලඟින් බැලුවොත් සමහරවිට අර මඟ ඇරුනු අය හම්බ වේවී මම හිතන්නේ...

      Delete
    2. හීන් දකින කෙල්ලෙ,
      අනේ උඹයි මමයි දන්න Autism Specteum Disorder, අනිත් එක ඔය සුද්දන්ගෙ මනස්ගාතා කතා මෙතන ලියන්න එපා. අපේ රසික පුතා තමයි ඕවා දන්නෙ. ඒ නිසා මෙතන පල් හෑලි ලියන්න එපා.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    3. @ නිම්නයක තනි වී හීන දකින්නී
      මා කියා ඇත්තේ වැන් ෆ්‍රෝසම් ගැණ පමණක් නොවේ. ඔහු ගේ ගම් පළාතේ සාමාන්‍ය තත්වය ලෙස ඔහු අපට කී දෙයයි.

      යුරෝපයේ මා ගිය රටවල දී මා දුටුවා බොහෝ දෙනෙකුට භාෂා දෙකක්වත් කතා කළ හැකි බව.

      ළමා ගනණයෙන් සුළු ප්‍රතිශතයකට විවිධ දුබලතා තිබීම මෙහිදී අදාල වෙන්නේ නෑ. මා කියන්නේ සැමට භාෂා කිහිපයක් බලෙන් පෙවීමක් ගැන නොවෙයි. හැමෝටම ගණිතය එකවගේ හැකිවෙන්නේ නෑ. භාෂාත් එලෙසම විය හැකියි.

      ඔබ ඔබේ දරුවා සමග සිංහලෙන් කතාවක් ඇත්තේම නැද්ද? එසේ නම්, එසේ සිංහලෙන් කතා නොකරන්නේ ඇයි?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.