
බයි ලොජික් අනුව සලකන විට බුදු දහමට අපහාස වේ යැයි චෝදනා ලැබිය හැකි ආකාරයේ තවත් කවියක් මා ලියා තිබේ. ඇත්තට ම මෙය විශ්වවිද්‍යාල සමයේ මා ලියූ, දින දෙකකට පෙර රසිකොලොජියේ පළ කළ කවියේ කොපියකි.
මෙය ලියූවේ 2005 වර්ෂයේ බව මගේ මතකයයි. මේ කවියට ඒ දිනවල සිනුවර සංවිධානය වුණු "සාහිත්‍ය චින්තා" නම් තරගයේ දී සම්මානයක් ද හිමිවිය.
වැඩි අටුවා ටීකා ටිප්පණි පසුවට තබා මෙන්න ඒ කවිය.
අභිනිෂ්ක්‍රමණය
දුක දනිමි
සීනුවට අවදිවී
සීතලේ ඇඳ පැළඳ
දුම්රියට දුව යෑම දුකක් මැයි
කළු කෝපි උගුරකින්
ගිල දමා පාන් පෙති
පරිගණක තිරය මත ගල් ගැසී
සංසාර චක්කරේ පැද යාම
දුකක් මැයි
දුකට හේතුව දනිමි
කොමසාරු මැදුර ළඟ
පෝලිමේ තෙරපිලා
වීසාව අයැදීම හේතුව ය
විරැකියාවේ බරින් පීඩිතව
ජනසවිය එපා වී දුර්මුඛව
පලා නොම ගොස් විසුම හේතුව ය
දුක නැසුම මම දනිමි
මේ මහා තරගයෙන්
බේරිලා පලා ගොස්
නිදන්නට හැකි වුණොත් දුක නැති ය
උපන් ගම රට වෙතට
යළි ගොසින්
ඉඳින්නට හැකි වුණොත්
දුක නැති ය
දුක නසන මග දනිමි
දරුවනගෙ ඉගෙනීම ඉවර වී...
ගේ උගස් ගිණුම අවසාන වී...
පනස් පහ උදා වී...
... ... ...
පැහැදිලිය වතුර් සත්‍යය
අපැහැදිලිය අභිනිෂ්ක්‍රමණය
ඉහත කොන්දේසි සමහර ඒවා දැන් සැපිරී ඇත. තව ඉතිරිව ඇත්තේ එකකි!
මරුවන් සරණයි!!
නිහොන් සැප ලැබේවා!!!
-රසිකොලොජිස්ට්
(image: http://mawbima.lk/print20180101MB20181230.php?id=19032)
මේ උන්නසේටත් චෝදනාවක් ආවා මතකයි අර ඇඹිලිපිටියේ පොලිසිය සාදයකට කඩා පැනලා සිදුවුනු සිදුවීමකදී මියගිය එක්දරු පියාගේ මරණයට සැක පොලිස් නිලධාරින් රකින බවට.
ReplyDeleteමං නං මේ සාදුව දන්නේ නෑ. හෙළ උරුමියෙක් ද?
Deleteපුරාවිද්‍යා සාදුට පස්සේ මේ උන්නසේ තමයි හෙළ උරුමේ නායකයා වුනේ.පාර්ලිමේන්තුවේත් හිටියා.
Deleteඕමල්පේ හාමුදුරුවෝ රෝසි එක්කත් තරහයි. කොළඹ නගර ශාලාවේ තිබුන බුදු පිළිමයක් එතැනින් අයින් කරලා කියා කවුරුහරි දීපු ලණුවක් කාලා පහුගිය දවස්වල රෝසි එක්කත් ඇර ගත්තා. කාලාම සුත්‍රය, විමංසක සුත්‍රය වගේ බුද්ධ දේශනාවට ඉහළ පිළිගැනීමක් තියෙන දේ අතහැරලා දේශපාලන සුත්‍ර කරේ එල්ලගත්තාම වෙනදේ ඕක තමයි.
ReplyDeleteහාමුදුරුවන්ට නමස්කාර කරන ගමන්ම රෝසි ලුණුඇඹුල් ඇතුවම උත්තර දුන්නා."මගේ තාත්තත් මගේ සැමියාත් යන දෙදෙනාම බෞද්ධයෝ. මා එහෙම වැඩ කරලත් නෑ. කරන්නෙත් නෑ".
මං නං කියන්නෙ රාජ්‍යය සහ ආගම වෙන් විය යුතු බවයි. රාජ්‍ය ආයතන වලට ජනාධිපති යගේ අගමැතිගේ ඇමතියා ගේ ෆොටෝ වගේම ලොවෙත් නැති ඈගම් ශාස්තෘවරුන්ගේ photo ද අවශ්‍ය නැත.
Deleteකොයි සැමියද දන්නෙ නෑ. උඹලට මතකද මේකි ඒකාලෙ මේකිම ලොතරැයියක් ඇදලා ඇඳට නැග්ගෙ එක එකත් එක්ක.යකෝ හැම අහුමුල්ලටම බුදු පිළිම එපා තමයි. ඒත් මෙච්චර කල් තිබුනු ඒවා මොන අමාරුවටද වෙනස් කරන්න යන්නෙ.ඉස්සෙල්ලා අලුතින් පිහිටුවෙන ඒවා නවත්වලයි පරන ඒවා ගලවන්න ට්‍රයි කරන්න ඌනෙ. මේකි එලදෙනක් බං.
Deleteපකරන්දෙණියේ ගෙදර අම්මගේ තාත්තගේ පොටෝ බිත්තියේ ගහල තිබුනනේ ඒ කාලේ.
Deleteබෞද්ධ තොරතුරු කේන්ද්‍රය කියල එකකින් ලු ගේම අදින්නේ. මේ විස්තරත් එතෙන්ට යවන්නම්. එතකොට රසිකලොජියට බඩු හරි :)
ReplyDeleteබඩු බනිස්
Deleteඅබ සරණයි කියන එක හොඳද? ඒ නමින් නාට්‍යයක් ආවට කමක් නැද්ද?
ReplyDeleteඅබ සරණයි කියන්නේ හරකුන් ගේ ලෙඩවලට කරන කෙමකට කියන නම කියා දැනමුත්තෙකු කියනවා දැක්කා.
Deleteඔය කොයි කවියත් දාන්නේ 2020 වෙනකං විතරනේ , ගෝටා ආවම දෙන්නං ජම්බු
ReplyDeleteකලින් කවි පෙළත් කියවූවා. මෙයටත් කිව යුත්තේ එම කොමෙන්ටුවේ දේවල්මයි.
ReplyDeleteඅප හත අට පන්තිවල ඉගෙන ගන්නා කාලයේ පාලි විෂයයක් ලෙස ඉගෙනගත්තා. පාලි ඉගැන්වූ ගරුතර ස්වාමින් වහන්සේ අපට පන්තියේදී පාලි භාෂාවෙන් වාක්‍ය හැදීමට කියනවා. අපගේ සගයෙක් විහිලුවට, දෙවරකට ඉගෙනගත් වචන දෙකක් යොදා 'දේවෝ භුස්සති' (දෙවියා බුරයි) යන අර්ථය ඇති වාක්‍යයක් හැදුවා. ස්වාමින් වහන්සේ ඒ වාක්‍යය ව්‍යාකරණ අනුව හරි බව පැවසුවා. ඒ උනත් 'දේවෝ' යන ගෞරවාන්විත ආඛ්‍යාත පදයට 'භුස්සති' යන ක්‍රියා පදය නොගැලපෙන බව බොහෝ සාමකාමී ලෙස පැහැදිලි කර දුන්නා.
ඔබේ බ්ලොග් එකේ බොහොමයක් ලිපි කියෙව්වා . ඔබේ ලිපි විවිධ විෂයන් හරහා අපි එදිනෙදා නොදකින නොඅසන පැති වලට ගෙන යනවා . සිංහල බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය ගොඩක් වටිනවා . හැකිනම් මගේ අහස් ගව්වෙන් එහා ලෝකය බොහෝ දෙනෙකුට ලං කරන්න උදව් කරන්න .
ReplyDeleteමොකෝ නැත්තේ සද්ද ,
ReplyDelete