Thursday 31 October 2019

කාන්තා සනීපාරක්‍ෂක තුවා කතිකාව සහ බයියන් - Slaves have no use of their brain


මේ සටහන ලියවෙන්නේ ඊයේ පෙරේදා සිට කරළියට පැමිණ ඇති කාන්තා සනීපාරක්‍ෂක තුවා සංවාදය ගැන ය.

පසුබිම් කරුණු අමුතුවෙන් විස්තර කළ යුතු නැත. නමුත් කරුණු කිහිපයක් පමණක් සඳහන් කරමි.

ලංකාවේ ඇති පසුගාමී ආකල්ප නිසා කාන්තාවන් තමන්ගේ මාසික ශුද්ධිය හෙවත් ඔසප් ලෙසින් හැඳින්වෙන කාලය තුළ කෙතරම් අපහසුතාවයකට පත්වෙන්නේ දැයි හොඳින් ම දන්නේ කාන්තාවන් ම ය. ඔසප් සමයේ යෝනියෙන් පිටවන රුධිරය සනීපාරක්‍ෂිතව ඉවත් කර ගැනීම සඳහා දැනට පවතින හොඳම ක්‍රමය නම් සනීපාරක්‍ෂක තුවා භාවිතයයි. නිෂ්පාදන වියදම සහ රජයෙන් පනවා ඇති අධික වෙළඳ බදු නිසා රටේ තරුණ ජනගහනයෙන් අඩකටත් වඩා පාවිච්චි කළ යුතු මේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයේ ලංකාවේ සිල්ලර මිල ඉතා ඉහළ අගයක පවතී.

සනීපාරක්‍ෂක තුවා සඳහා පනවා ඇති අධික බදු අඩු කරන ලෙස පසුගිය දිනවල ලංකාවේ විශාල ව්‍යාපාරයක් පැවති නමුදු, එයින් අත්කරගත් ජයග්‍රහණයක් නැත. මූලිකවම මිල අධික වීම සහ වෙනත් සමාජමය කාරණා නිසා, තරුණ කාන්තා ජනගහනයෙන් මේ සනීපාරක්‍ෂක තුවා භාවිතා කරන්නේ 30% පමණ අඩු පිරිසක් බව කියවේ. එනම්, 70% පිරිසක් තම ඔසප් සමයේ අපහසුවට පත්වෙති. ගම්බඳ දිළිඳු තරුණ සිසුවියන් සමහරු පාසල් ද නොයති.

මෙතෙක් කල්, ඡන්ද වේදිකාවේ දී විවිධාකාරයේ විහිළු සපයමින් සිටි යූඇම්පී අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස, මේ ප්‍රශ්නය කරලළියට ගෙන එමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කළේ ය.

එහි සාර්ථකත්වය මැනිය හැකි හොඳම ක්‍රමය නම්, බයියන් එයට කුලප්පු වූ ආකාරයයි. නිකම්ම නිකං ගොං බයියන් පමණක් නොවේ, හොඳට දැන උගත් වුවත් වහල් බයිකම ඊට වඩා වැදගත් කොට සලකන අය ද මේ ආකාරයට කුලප්පු වී ඇත.

මට බයියන් ගැන ඇතිවන්නේ ඉතා දුකකි.

මෙන්න මා දන්නා හඳුනන උග්‍ර ගෝටාවාදී බයියෙකු ෆෙස්බුක් හි මේ ගැන තැබූ සටහනක්.
එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉඳලා සාජිත් පෑඩ් නොමිලේ දෙනව කිව්වම කාන්තා විමුක්තිය ලැබුණා වගේ උත්කර්ෂයට නංවන අයගෙන් අහන්නෙ.
කඩේකට ගිහිං කටක් ඇරල පෑඩ් පැකට්ටෙකක් ඉල්ලන්න පැකිළෙන කාන්තාවො ඉන්නෙ. දැන් පෑඩ් ගෙදරට තැපෑලෙන් එවනවද ? පාරෙ අනවුන්ස් කරන් මොබයිල් සර්විස් එකක් යනවද ? සමූපකාරෙන් සලාක ක්‍රමේට දෙනවද ? නැත්තං බොත්තමක් ඔබල ගන්න පාර අයිනෙ පෑඩ් ඩිස්ට්‍රිබියුෂන් මැෂින් හයි කරනවද?
බෙදන වැඩපිළිවෙළ මොකක්ද?
මෙන්න මා ඔහුට දුන් පිළිතුර
මිතුර, සමාජය වෙනස් විය යුතුයි. මෙය තව දුරටත් ලැජ්ජාවට දෙයක් නොවිය යුතුයි. සනීපාරක්ෂක තුවායක් ගැනීම ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවක් ගැනීම හා සමාන සරල කාරණයක් විය යුතුයි.
මේක අපි සැම දෙනා ගේ උපතට ද සම්බන්ධ කාරණයක්.
පුතාණෝගේ මේ ප්‍රකාශය අති වැදගත් වන්නේ එනිසා යි.
වල්පල් එපා.
කුහක කම නැති අයට ඒ කාරණය වැටහෙනවා.
මේ සමාජ ප්‍රශ්නය සාකච්ඡාවට ගෙන ඒම ගැන සජිත් ප්‍රේමදාසට සියලුම කාන්තාවන්ගේ ස්තුතිය හිමිවිය යුතු යැයි සිතමි.

වැරදීමකින් හෝ සජිත් ප්‍රේමදාස කරළියට ගෙනා කාන්තා සනීපාරක්‍ෂක තුවා පිළිබඳව කලබල වී ඇති බයියන් මෙන්ම බැයියන් ද, කියන එක කතාවක් නම්, මුලින් රට දියුණු කළ යුතුය, ඉන් පසු සනීපාරක්‍ෂක තුවා මිලට ගැනීමට සැම දෙනාටම හැකිවෙනු ඇත කියා ය.

එවුන් නොකියා කියන්නේ තව අවුරුදු හැත්තෑවකින් පමණ රට දියුණු වෙනතුරු ලංකාවේ දුප්පත් තරුණියන්, කාන්තාවන් ආවර්ත දරිද්‍රතාවයෙන් දුක් විඳිය යුතු බවය.

ඔවුන් නොදන්නා අනෙක් කාරණය නම්, දියුණු රටවල පවා මේ ආවර්ත දරිද්‍රතාව හෙවත් පවතින බවයි.

මේ ඕස්ටේ‍ර්ලියාවේ (2019) තත්වයයි.
https://probonoaustralia.com.au/news/2019/08/supermarket-giant-vows-to-end-period-poverty-in-australia/

මේ එංගලන්තයේ (2019) තත්වයයි.
https://www.independent.co.uk/life-style/period-poverty-taskforce-government-plan-uk-procter-gamble-penny-mordaunt-a8930721.html

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න ඉන්දියාවේ පෑඩ්මෑන් ලෙස විරුදාවලිය ලද අරුණාචලම් මුරුගානන්දන් විසින් කළ කතාවක් අසා 2013 දී ලියවුණු සටහනක්. එහි එම වැදගත් කතාවේ වීඩියෝව ද ඇත.

කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms?
https://kathandara.blogspot.com/2013/08/whats-common-between-buying-sanitary.html


ප/ප/ලි:
සනීපාරක්‍ෂක තුවා පහසුවෙන් ලබා ගත හැකි වීමෙන් ම මේ ප්‍රශ්නය අවසාන වන්නේ නැත. රට පුරා පාවිච්චි කළ තුවා ඉවත් කිරීමේ නිසි ක්‍රමවේදයක් ද සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතු ය.

(image: No one knows who made this poster!)

23 comments:

  1. please post this post to Biyyan. This happend in England see the link
    https://www.bbc.co.uk/news/education-47940009

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මා මේ ප්‍රවෘත්තිය ලිපියට ඇතුලත් කළා. ඒ සමගම ෆෙස්බුක් හි බෙදා හැරියා

      Delete
  2. Pad Man නමින් හින්දි ෆිල්ම් එකකුත් හැදුණා, සත්‍ය කතාව පදනම් කරගෙන.

    ReplyDelete
    Replies
    1. ඔව් අද රාත්‍රී ITN චැනලයේ පෙන්වන බව ආරංචියි!

      Delete
  3. මට හිතෙන්නෙ වැරදීමකින් හරි සජිත්ගෙ කැම්පේන් එක හරිම තැනක් අල්ලලා තියෙනවා. ඒ තමයි පෑඩ් එක. සජිත් ඒ මාතෘකාව සමාජගත කිරීම හරහා ගෝටා අපේක්ෂාවෙ තියෙන බරපතලම අවුල් ටික එලියට එනවා. දැඩි පුරුෂ මූලිකබව, ලිංගික කාරණාවලට දක්වන බය සහ කුහකකම, කාන්තාවන් කෙරෙහි එල්ලවෙන පීඩනකාරී දෘෂ්ටිය, විවෘතබවට දක්වන බය, ග‍්‍රාම්‍යත්වය, පසුගාමීත්වය, කවර් වෙලා තිබුන මේ හැම එකක්ම එක පෑඩ් එකකින් එලියට ගලන්න ගන්නවා. ගෝටා කියන දැඩි පිරිමියා පරදින්නෙ වෙන කිසි දෙයක් හින්ද නෙමෙයි. ගෑනු යටට අඳින පෑඩ් එකක් හින්ද.

    ReplyDelete
    Replies
    1. මම කලින්ම තීරණය කරලා තිබ්බේ මිරිටරි ගෝඨාට විරුද්ධව මගේ ජන්දය දෙන්න.එතන මගේ තෝරා ගැනීම වෙලා තිබ්බේ අ.කු.දි.නමුත් දැන් මේ පෑඩ් කතාව නිසා මගේ මනාපය මේ ගමන සජිත්ට.

      Delete
    2. Anonymous 1 November 2019 at 02:53

      මෙය චින්තන ධර්මදාස ගේ අදහසකි.
      https://www.facebook.com/photo.php?fbid=10157483937225185

      !

      Delete
    3. @ Manoj 1 November 2019 at 15:43

      ඔබේ කැමැත්තක්

      Delete
    4. ඒ කියන්නේ චින්තන ධර්මදාස ද මගේ බ්ලොග් එකේ ඇවිල්ල මේ කොමෙන්ට් එක දැම්මේ. නැත්නම් කව්කවුරු හරි කොපි කරල දානවද - දැවෙන ප්‍රශ්න

      Delete
    5. Ajith Dharma
      අනුන් ලියූ දේ මේ අකාරයට පළ කරන අය සිටිති. සමහරු පුවත්පත් ලිපි වචනයක් දෙකක් වෙනස් කර අදාල මාතෘකාවට සකසා ප්‍රතිචාර ලෙස පළ කරති!

      Delete
  4. වැදගත්ම දේ තමයි මේ වගේ කරනා ගැන කතා කරන එක taboo subject එකක් කියලා නොහිතා කතා කරන්න මිනිස්සු පෙළඹීම.

    ReplyDelete
  5. මේක අපි කතා කරපු එක හොඳයි. මම යුඇන්පී නෙමේ කාටවත් චන්දෙ දල නැහැ ලනකේ. 84 ගියා ගියාමයි නිසා. සජිත්ව පාසලේදී දැක තිබෙනවා යාලුවෝ පිරිවරන් යනවා. කැමති චරිතයක් නම් නෙමේ. නමුත් මේ කතාවේදී සමහරුන් ගේ හැසිරීම අන්තිමයි. මම ලිව්වෙත් ඒ නිසා. මට රසිකට සියාම පොතක් දෙන්න බැරිවුනා. නැත්නම් ඒ කටහ්ව කියවල් තියනවනම් මතක ඇති පැඩ් කතාව.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ ලියල තියෙන්නේ :)

      Delete
    2. වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වල ඇරෙන්න අනිත් බ්ලොග් අඩවි වල ටයිප් කරන වචනේ පෙනෙන්නේ නැහැ (ගූගල්). (මේක තමා ලිව්වේ)
      //
      මේක අපි කතා කරපු එක හොඳයි. මම යුඇන්පී නෙමේ කාටවත් චන්දෙ දාල නැහැ ලංකාවේ.' 84 ගියා ගියාමයි නිසා. සජිත්ව පාසලේදී දැක තිබෙනවා යාලුවෝ පිරිවරන් යනවා. කැමති චරිතයක් නම් නෙමේ. නමුත් මේ කතාවේදී සමහරුන් ගේ හැසිරීම අන්තිමයි. මම ලිව්වෙත් ඒ නිසා. මට රසිකට සියාම පොතක් දෙන්න බැරිවුනා. නැත්නම් ඒ කතාව බ්ලොග් එකේ කියවල තියනවනම් මතක ඇති පෑඩ් කතාව.

      Delete
    3. සියාමා තබා තාම ඔබේ රුසියානු කතාවේ මා නොකියවූ අවසන් කොටස් කියවන්නටත් බැරිවුණා!

      Delete
  6. ඕවා පාවිච්චි කරා වගේම ක්‍රමවත්ව බැහැර කරන ක්‍රමයක් ගැනත් අපි හොයාගන්න ඕනේ. රසික මේ ගැන කලින් ලිපියෙත් සඳහන් කරලා තිබ්බා.

    මාස කීපයකට කලින් ලංකාවට ගියපු වෙලාවේ දැකපු, බොහොම අනුකම්පා හිතෙන සිදුවීමක් දැකලා තමයි මට මේක තේරුනේ.

    ReplyDelete
    Replies
    1. ඒක පාවිච්චි කළ සැනිටරි පෑඩ්ස්වලට පමණක් නොව, සාමාන්‍යයෙන් කුණු සම්බන්ධයෙන් ද ඇති ප්‍රශ්නයයි. ඊට අමතර මානයක් ඇති බව සත්‍යයකි.

      Delete
    2. මෙන්න මා ලියූ කුණු කතා කිහිපයක්.

      කුණු-කතා

      Delete
  7. සජිත් නොදැනුවත්ව කරලියට ගෙනාපු පෑඩ් කතාවෙන් ඔහුට වාසියක් වෙන බව ඇත්ත. ඒත් ඕක කෙරෙන්නෙත් නෑ ඔය කතාවෙන් කාන්තාවට වෙන වාසියකුත් නෑ. අනික ගොන් කතා සීයක් කියල එක නොහිතා කියපු කතාවක් හින්ද ඔහුට චන්දෙ දෙන්න හිතන එක යහපාලනයට චන්දෙ දීම තරම්ම මෝඩකමක්

    ReplyDelete
    Replies
    1. ඡන්දය දීම නොදීම එක් එක් අයගේ කැමැත්ත නේ.
      මා මේ ලිපියෙන් කියන්නේ මේ පොදු ප්‍රශ්නය, සමාජ භාධක මගහැර කරළියට ඒමේ ඇති වැදගත්කමයි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.