Thursday, 21 November 2019

මොරටුව කටුබැද්දේ ලව් කතා අසා තිබේ ද? - History is being made


යොවුන් වියේ පාසල් අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලට යෑමට පෙරුම් පුරන සමයේ මගේ එකම සිහිනය වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යෑමටයි.

එයට එකම හේතුව වූයේ ඒ වන විට මා කියවා තිබුණු විවිධ නවකතා ආදී සාහිත්‍ය නිර්මාණවලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳව මගේ සිතේ මවා තිබුණු අති සුන්දර හැඟීම බව අමුතුවෙන් කිව යුතු නැත. සෑබෑ ඇසින් දැක නොතිබුණ ද, හන්තාන කඳුවැටිය, මහවැලි ගඟ, ආදරවන්තයින්ගේ පටුමග, නෙක පැහැ මල් වැල් පිරි ගස්, සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය වැනි පරම සාරාත්මක පේරාදෙණි සංකේතවලින් තොර විශ්වවිද්‍යාල ජීවිතයක් ගැන මට එදා සිතා ගත නොහැකි විය.

යුවතියක හා පෙමින් බැඳීමට ඊට වඩා සුදුසු වෙනත් පරිසරයක් වේද?

රිඩ් මාවත ගැනත්, මැයි මල් ගැනත්, ග්‍රහලෝකාගාර ගැනත්, කොලේජ් හවුස් ගැනත් එහෙන් මෙහෙන් සාහිත්‍ය නිර්මාණවල සඳහන් වී තිබෙනු දැක තිබුණ ද, ගණිතය ධාරාවේ සිසුවෙකු ලෙස ඉංජිනේරවෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටි මා හට තිබුණු විකල්ප වූයේ එක්කෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි, එසේ නැති නම් කටුබැද්ද නමින් අප හැඳින්වූ මොරටුව විශ්වවිද්‍යාලයයි.

නමුත්, මොරටුව විශ්වවිද්‍යාලය යනු එකල ද කිසිසේත්ම කලා නිර්මාණවල සඳහන් වූ, සෞන්දර්යාත්මක වදනින් විස්තර කෙරුණු විශ්වවිද්‍යාලයක් නොවීය. අද මේ දක්වාම ද මොරටුව යන නම ඇසෙන විට මට සිහිවෙන්නේ (මාළු) පිළී ගඳ හෝ (බොල්ගොඩ) මඩ ගඳ පමණි. එය මා අපහාසයට කියන දෙයක් නම් නොවේ. අවංකවම, මොරටුව විශ්වවිද්‍යාලය ආශ්‍රිතව ලියවුණු සුන්දර වදනින් යුතු කලා කෘති මා දැක නැත.

මා උසස් පෙළ උගත් කාලය වනාහී, කොළඹ පාසල්වලින් උසස් පෙළ සමත්ව ඉංජිනේරු විද්‍යාව හදාරන්නට වරම් ලබ සිසු සිසුවියන් බුරුතු පිටින් පේරාදෙණිය වෙනුවට කටුබැද්ද තෝරා ගන්නට පටන් ගෙන තිබුණු කාලයයි. එනිසා, මගේ පේරාදෙණිය තේරීම උඩුගම් බලා පීනීමක් බඳු විය.

පාසලේ අපේ පන්තිවලින් මා හැර පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට යන්නට කැමැත්තෙන් සිටියේ එකම එක් සිසුවෙකු පමණි. එයට හේතුව, ඔහුගේ වැඩිමහල් සොයුරා ඒවන විට තම ඉංජිනේරු පාඨමාලව අවසන් කරමින් සිටි අතර, සොහොයුරිය විද්‍යා පීඨයේ ඉගෙනුම ලබමින් සිටි නිසා මිස, මා මෙන් තකතීරු සෞන්දර්යාත්මක පෙම් සිහින දකිමින් සිටි නිසා නොවේ!

සුන්දර පෙම් සිහින කෙසේ වෙතත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලට යෑමට ඉල්ලුම් කිරීමට මා පැකිලීමට එක් හේතුවක් විය. එය අපේ පවුලේ ආර්ථික තත්වයයි.

ඒ වන විශ්‍රාමිකයෙකු වූ මගේ පියාට මට පේරාදෙණියේ ජීවත්වීමට වියදම් කිරීමට හැකියාවක් තිබේයැයි මට නොසිතුණි. මොරටුව තෝරා ගත්තේ නම්, පිළියන්දල නැන්දලාගේ නිවසේ සිට, සාපේක්‍ෂව අඩු වියදමකින්, ඉගෙනුම පහසුවෙන් කළ හැකිව තිබුණි.

"උඹ පේරාදෙණි පලයං, මං කොහොම හරි වියදම් කරන්නම්!" මගේ ආදරණීය පියා කීවේ ය.

මම පේරාදෙණියේ ගියෙමි!

මේ කරුණු සියල්ල මගේ සිහියට ආවේ ළඟඳී නැරඹු ටෙලිවිෂන් මාලා නාටකයට එක් කතාංගයක තිබුණු දෙබසක් නිසා ය.

මේ කතාවේ එක් චරිතයක් නගර සංවර්ධන / ඉඳිකිරීම් වැනි විෂයයක් භාර ප්‍රබල ඇමතියෙකි. එසේම ඔහු මුදල් දූෂණ සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ, ඒ සඳහා පාතාලයේ මැරයන් සමග ද ගනුදෙනු කරන ජඩයෙකි.

ඔහුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන යම්කිසි අදහසක් ප්‍රේක්‍ෂකයාට ලැබුණේ එම මාලා නාටකයේ 71 වෙනි කතාංගයේ අවසානයේ දී ය.

මෙන්න ඒ කොටස.


කටුබැද්දේ පිහිටි මොරටුව විශ්වවිද්‍යාලය ගැන කුමන හෝ කලා නිර්මාණයක සඳහන් වුණු ප්‍රථම අවස්ථාව මෙය යැයි මම සිතමි.

එසේ වුව ද, මෙම දෙබස් කොට, නාට්‍යයක හෝ නවකතාවක හෝ දුටුවද එදා තියා අදවත් මා පේරාදෙණිය වෙනුවට කටුබැද්ද තෝරා ගැනීමට පෙළඹේ යැයි මම කිසිසේත් ම නොසිතමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
පෙර කී පරිදි මම පේරාදෙණියේ ගියෙමි. මා එහි දී කළ කී දෑ ගැන කෙටියෙන් විස්තරයක් පහත සටහනේ ඇතුළත් ය.

පේරාදෙනියේ දී මා කළ දේ ඔබ නොදනී - What did you do at Peradeniya University?
https://rasikalogy.blogspot.com/2015/06/what-did-you-do-at-peradeniya-university.html



(image: https://i.pinimg.com/originals/84/7a/89/847a89d6b8dff2d5fd4b7ea682984e90.jpg)

18 comments:

  1. කතාව චම්පිකය ගැනද ?

    ReplyDelete
    Replies
    1. එහෙම සංසන්දනය කිරීම කිසිසේත් ම තේරුමක් නෑ.

      ඒ කොයි හැටි වුණත්, කටුබැද්දේ විවිධ පාඨමාලා හැදෑරූ අයගෙන් අඩු වශයෙන් සිව් දෙනෙක් ලංකාවේ ඇමතිලා වී තිබෙනවා.

      Delete
  2. කටුබැද්ද වි .වි . පැරණි technical නේද ?

    ReplyDelete
    Replies
    1. පේරාදෙණියේ තියෙන ඉංජිනේරු පීඨයත් මුලින් ඇරඹුණේ මරානේ ටෙක්නිකල් කොලේජ් පරිශ්‍රයේ තමයි.

      Delete
  3. රසික සෑර් ලංකාවේ ඉගෙනගෙන ඉංජිනේරු විද්‍යාව උපාධියකුත් ලැබුවා, මිසී පේරාදෙණියේ වෛද්‍ විද්‍යා උපාධියකුත් ලැබුවා.කලෙකට උඩදී ඕස්ට්‍රේලියාවට ගිහිං එහෙ රස්සාවකුත් කරමින් එම රටට ප්‍රාන්තයට නගරයට බදු එහෙම ගෙවමින් සතුටින් සිටිනවා. හරිනේ. පිට් නේ.

    මට මෙතන තමන්ගේ අමනකම වටහා ගෙන නොමැති අමනයෙක් නං පෙනෙන්නේ නෑ. හැබැයි යම් පුද්ගලයෙක් හෝ රටක් ආයෝජනයක් කරන්නේ තමාට හෝ තම රටට ප්‍රතිලාභයක් බලාගෙන මිසක් අල්ලපු ගෙදර පවුලට ප්‍රතිලාභයක් පිණිස නෙවේ නේ. රසික සෑර්ට බලෙන් university යන්ඩ කිව්වේ නෑනේ, එයා ගියේ නැත්තන් වෙන කෙනෙක් යාවිනේ. නෝ ප්‍රස් ඇටෝල් බේබි .

    තමන්ගේ වැඩේ කරගෙන ශේප් එකේ මාරුවෙලාගිය කපටියෙක් නං මෙතන ඉන්නවද පිංවතුනි? කොහොමත්ම නෑ .
    කිසිම විදියකින් මේවා පුද්ගලික වාසි සොයන අවස්ථාවාදීන්ගේ වැඩ නෙවේ මං නං හිතන්නේ.

    රට ගැන සිතන දේශප්‍රේමියෙක් කියල හිතාගෙන රිමෝට් කොන්ට්රෝල් උපදෙස් දෙන්ඩ නං හපන් කවුරුවත් මෙතන ඉන්නවද . සද්දේ සිරා වැඩ සීරෝ.

    අනේ සෑර් , සෑර්ට කරුණාවෙන් කියන්නේ මේ දැන් ඉස්ප්‍රින් කාලෙනේ, වැඩිපුර පිනි බාන්ඩ එලියට පහලියට යන්ඩ එපා සෑර්,

    ReplyDelete
    Replies
    1. මල්ලේ පොල් විතරක් නොවෙයි, තවත් මොනවාද තියෙනවා නේද?

      Delete
  4. මගේ සහෝදරයා උසස්පෙළ ජිව විද්‍යා අංශයෙන් හදාරා දිස්ත්‍රීක්කයේ ප්‍රථමයා, එම වසර ශ්‍රී ලංකාවේ මුල්ම 10 දෙනා අතර සිටිනා. ඔහුගේ කැමැත්ත තිබුනෙත් වෛද්‍ය විද්‍යා අංශයෙන් ලංකාවේ සිසුන්ගේ මුල්ම තේරීම වන කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය නෙමෙයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය. මා ඔහුගෙන් ඇසු විට ඔහු කිවේ බිල්ඩින් ගොඩක් මැද්දේ ඇති කොළඹ වෛද්‍ය පීඨයට වඩා ඔහු රුචිකත්වයක් දක්වන්නේ රසික සදහන් කරනා අන්දමටම සාරාත්මක සංකේත සහිත පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යාමට බවයි. ඒ අනුව ඔහු එහි අධ්‍යාපනය ලැබුවා වසර 2000 කාලයේ පමණ. සහෝදරයා නිසා මාත් ඔහුගේ කාමරයේ නතරව සිට තිබෙනවා විවිද අවස්තා වලදී නුවර ගියාම. එම විශ්ව විද්‍යාලයීය සුන්දර පරිසරය නම් මාගේ සිත්ගත් බව කියා යුතුය.

    ReplyDelete
    Replies
    1. සතුටුයි එය අසන්නට ලැබීම ගැන.

      හැබැයි කොළඹ ඉගෙන ගත් අයෙකුට නම් නුවර යෑම යනු උඩුගඅ බලා පීනීමක් ම තමයි. ඔබේ ගම්පලාතට වඩා ළඟ නුවර නේද? නැතිනම් කොළඹ ද?

      Delete
    2. පේරාදෙණියට වඩා ලගයි කොළඹ වෛද්‍ය පීඨය. වඩාත්ම ලග රාගම පීඨය. ඉන්පසු ජපුර.

      Delete
  5. මේ වීඩියෝ වෙ උනත් සුන්දර හැඟීමක් එන්නෙ නෑ. ගඟක් ළඟ උණ පදුරක් පල්ලෙ මදුරු කකා ඉන්න පෙම්වතුන් යුවලක්....

    ReplyDelete
    Replies
    1. මදුරුවන් ගැන කොටස යොදා ඇත්තේ මේ පුද්ගලයා දැන් මිනීමරන්නෙකු නිසායි. හැබැයි කොහෙමටත් මොරටුව පිළියන්දල කියන්නේ මදුරු විමානේ!

      Delete
  6. Andrew කුමරුගේ ලව් කතා
    චෝදනා දරුණුය ඉතා
    රජ පවුලෙ යහපත පතා
    ඉවත් කෙරුවලු
    "රජ වැඩ" වලින්
    රැජිනගෙ පුතා

    සොහොන් කොත් චෝදනා
    කල්ගත වෙමින් ඇදුනා
    සති ගනන් ගෙවුනා
    වීය ජනපති පුතුන් සොඳිනා

    උසාවිය ඇරුනා
    මෝසමක් ලැබුනා
    විනිසුරෝ හමුඋනා
    තීන්දුව මුක්තියට ලැබුනා

    රටවල් දෙකම එක
    පොදුරජ මඬුල්ලේ
    එකම සම්ප්‍රදාය ලු
    වෙස්මිනිස්ටරේ

    නීතිය නැවේනම් මේ ලෙස
    නිරන්තරේ
    "නීති ගරුක රට" යාවිද
    වනන්තරේ





    ReplyDelete
    Replies
    1. කටේ නරිවාදං
      රෙද්ද පල්ලෙන් බේරේ

      විනය ගරුක රට
      අම්මගෙ රෙද්ද!

      Delete
    2. මැතිදුණි ඔබගේ අම්මගේ රෙද්දට කුමක් වීද, එය අස්ථානගත වී නම් නව රෙද්දක් මිලදී ගනු මැනවි.
      අම්මාගේ රෙද්ද, අම්මාගේ රෙද්ද කියමින් ඒ අසරණ කාන්තාව නිරුවතින් තැබීම නොහොබිනා කමකි.

      Delete
  7. බොරු කතා ඕනැන්නේනෑ. කටුබැද්දේ ගොහිං බඩු කෑල්ලක් සැට් කරගන්න බැරිවෙයි කියල බයක් නේ තිබුනේ.
    ඕකනේ ඇත්ත.

    ReplyDelete
    Replies
    1. /* යුවතියක හා පෙමින් බැඳීමට ඊට වඩා සුදුසු වෙනත් පරිසරයක් වේද? */

      Delete
  8. ඒ පැත්ත ලස්සනයි

    ReplyDelete
  9. හන්තානට පායපු සද අපට නැත
    කොලබ වගේ හැඩ පොෂ් බඩු අපට නැත
    ජපුර වගේ හයට එකක් අපට නැත
    බිලා ගත්ත ආතල් නම් එමට ඇත

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.