
හදවත පිළිබඳ අපේ දැනුම කාලයත් සමග වෙනස් වූ හැටි හැඟවෙන මෙම රචනය පිළිබඳ මගේ මුල් සැලසුමට මෙහි දක්වා ඇති දෙකොටසට අමතරව තෙවැනි කොටසක් ද ඇතුළත් විය. ඒ තරුණ සමයේ දී හදවත දැනෙන ආකාරය පිළිබඳ විස්තරයකි.
නමුත්, මේ වචන කිහිපය ගලපන්නට ද සෑහෙන කාලයක් ගත වූ නිසා මෙය මෙලෙස පළ කරන්නට සිතුවෙමි.
නොලියූ වෙන කොටස එන්නේ අගට නොව මැදට ය.
එය ලියූ දිනක මෙහි මැදට ඈඳමි.
මුලින් ගම්පෙරළිය (1944) ද, ඉන්පසුව යුගාන්තය (1948) ද ලියූ මාර්ටින් වික්‍රමසිංහ පසුව එහි මැද කොටසවන කලියුගය (1956) ලිව්වා සේ ය.
හදවතක තතු
(බයිනරි අච්චුවේ වාර්තාවකි)
කුටීරම හතරක් ය
උඩින් ඇත කර්ණිකා වම දකුණ
යටින් ඇත කෝෂිකා එම ලෙසම
උඩ යටට යා කෙරෙන කපාට ය
යටින් එළියට ඇරෙන කපාට ය
ඇරෙති වැසෙති ය ඉබේ
ලබ්-ඩබ් සෙ නද දෙමින්
අපිරිසිදු ලේ ගෙනෙන ශිරා ඇත යා වෙලා
සුපිරිසිදු ලේ ගලන ධමනි ඇත යා වෙලා
මිට මෙළවු අතක් වන්
අඹ ගෙඩිය හැඩය ගත්
හදවත ය මේ
දශක පහකට කලින්
ප්‍රාථමික පාසලේ සෞඛ්‍යය පාඩමෙන්
ඉගෙන ගත්තෙමි එලෙස
පේෂියට ලේ ගෙනෙන කුඩා නාලිකා තුළ
මී වදය සේ බැඳුණු, මැලියමින් පිරී ගිය
වයරයක දවටලා නහර අතරින් යවා
කිරීටක ධමනියේ පටලවා ප්‍රසාරිත
ලෝහ දැල් සිලින්ඩර හතරකින් සමන්විත
පපු කුහරයේ දිවෙන මැමරි ධමනිය රැගෙන
තැනින් තැන බැඳ කෙරුණු
පංචමය අතුරු මං නිසා නොනැවති ගැහෙන
ඒ නමුත්
කොයියම්ම මොහොතක දි
වැඩවරයි දෝ කියා නොදන්නා
හදවතය මේ
සොළොස් වසකට කලින්
නිවෙස් බද නගරයේ රෝහලේ ඇඳක දී
ඉගෙන ගත්තෙමි එලෙස
-රසික සූරියආරච්චි
(image: (c) Pushpa Suriyaarachchi
හදවත ගැන යථාවාදී කතාවක්
ReplyDeleteමැද කොටස ද ලිවිය යුතු ය!
Deleteහදවතක් තියෙන එක
ReplyDeleteවිතරක්ම තේරුණත්
අම්මපා හොඳටෝම
ඇති නේද වස්තුවේ?
හදක් තිබුනට මදි ය
Deleteතෙතක් එහි නැතේ නම්
සිතක් තිබුණට මදි ය
පෙමක් ඇති නොවේ නම්
අදත් පෙර දින සේම
ක්‍ෂණිකවම ගෙවේ නම්
හෙටක් තිබුණට කුමට
වැඩක් සිදු නොවේ නම්
Great poem!
ReplyDelete