Monday 7 December 2020

සුනාමිය ගැන සිනා යන කතාවක් - This is NOT what they call "Schadenfreude"...!!!

දස දහස් සංඛ්‍යාත පිරිසකට මරණය ගෙන දුන් 2004 සුනාමිය යනු කිසි ලෙසකින් සිනාවට කාරණයක් නොවේ. නමුත්, මෑතක දී සිට එක්තරා කාරණයක් නිසා දෙසැම්බර් එළැඹී සුනාමිය සිහිවෙන විට මගේ අමුතුම සිනාවක් ද නැගේ.

අමුතුම කියා කීවේ එය හාස්‍යය මුසු හිනාවක් නොව වෙනත් ආකාරයක දුකක් නිසා ඇතිවෙන හිනාවක් නිසා ය.

මෙන්න කතාව. ඔබම කියවා හිනාවට හේතුව තේරුම් ගන්න.

මීට වසර පහ හයකට පෙර, බොහෝවිට ඒ සුනාමියේ දහවෙනි සංවත්සර වසරේදී විය යුතුයි, මා මම ෆේස්බුක් එකේ පහත සටහන දුටුවෙමි.
2004 Dec 26 I am Never Forgot Day, Because That I was victim Day.I was second Born,I want to go My home (Matara) At that time I was in galle Bus station at 9.15 am. U see 1st picture ,I was sit inside at that bus ,some person was shouting "Water Coming in Sea Side". I saw Very Huge water came in bus station , After I Jumped over the Bus, After bus was arrived in Bus station, I jumped to station roof, i waited 30 second,i saw Broken roof . I jumped yellow building(3rd PIC ) through windows,At that time I remember lord Buddha.........
එය යොදා තිබුණේ මා 1992 පමණ සිට දන්නා හඳුනන, එවකට තරුණයෙකු විසිනි. ඔහු එකල සමීපතමයෙකු විය. එක හැලියේ බත් ද කා ඇත්තෙමු. ඊට අමතරව, ඔහු එක්තරා ආකාරයකට මගේ ඥාතියෙකු මෙන්ම ශිෂ්‍යයෙකු ලෙස ද සැලකිය හැකිය.

මා 1995 සිට වාසය කරන්නේ නොරටක නිසාත්, මේ පුද්ගලයා පසුගිය කාලය පුරාවටම හමුවී නැති නිසාත්, ඉහත ප්‍රකාශය දකින තුරු, මම ඔහුගේ ඒ සුනාමි අත්දැකීම ගැන දැන නො සිටියෙමි.

මා කම්පාවට පත් කළ අනෙත් කරුණ වූයේ, ඒ වැදගත් අත්දැකීම ඔහු ඉංග්ලිෂ් භාෂාවෙන් ලියන්නට ගොස් කර තිබුණු විකාරයයි.

පැරණි හිතවත්කම් නිසා, මම ඔහුට පණිවිඩයක් යවමින් මෙසේ කිව්වෙමි.
There are so many gramertical grammatical and structural errors in your post about Tsunami and its is incomprehensible.

Do you want me to correct the text and sent to you so that you can edit what has been posted?
මට ලැබුණු පිළිතුර මෙලෙස විය.
Thank you,don't worry about this.
සුනාමිය සිහිවෙන විට මට සිනා එන කාරණය මෙයයි. ඒ හිනාව දුකක් නිසා ඇති වෙන එකකි.

ඒ තමන්ට හොඳ සිතින් උපකාරයක් කිරීමට දන්නා හඳුනන අයෙකු ඉදිරිපත් වූ විට මේ පුද්ගලයා එය ප්‍රතික්‍ෂේප කළ ආකාරය දැක ඇති වූ දුක ය. එවැනි පුද්ගලයින්ට උදව් කරන්නට ගිය මා ගැන ඇතිවන දුක ය.

-රසික සූරියආරච්චි

ප/ලි:
පෙර කී සටහන අද ද එලෙසම තිබේ. එකම වෙනස නම් මේ පුද්ගලයා අද වෙනස් ෆේස්බුක් ගිණුමක් භාවිතා කිරීමයි.

12 comments:

  1. මම නම් කවුරුහරි පෙන්වා දුන්නොත් හදනව. ෆේස්බුක් වගේ එකක මොබයිල් එකෙන් කොටන කොට ඉංග්‍රීසි නෙමේ සිංහලත් වැරදෙන තැන් තියනවා. මොකද අපි ටෙක්ස්ට් ගහන්න පුඋරුදු වුනේ වචන කෙටි කරලනේ. මේ මනුස්සයාට උපදේශය භාර ගන්න තිබුන. ඒත් මිනිහට හිතෙන්න ඇති එයා ලියපු එකේ වරදක් නැහැ කියල.

    ReplyDelete
    Replies
    1. මං මෑන්ව දන්නවානේ 1992 දී පමණ සිට. පොඩි උද්ධච්ච කමක් තියෙනවා.

      Delete
  2. හොඳින් දන්නා මව්බසින් නොලියා වැරදියට හෝ ඉංග්‍රීසි බසින් ලිවීමෙන් තම මව්බස ගැන ඔහුගේ ආකල්ප ද එළියට එයි.

    ReplyDelete
    Replies
    1. ඊට අමතරව වෙනත් කෙනෙකුගෙන් උපදෙසක් පිළිපදින්න තියෙන අකමැත්ත, උද්ධච්චකම.

      Delete
  3. ඉංග්‍රීසියේ වැරදි තිබ්බ එකට හිනා උනාට, මේ ඔබ ලියපු සිංහල එකෙත් වැරදි තියෙනවනේ....

    "මා ෆේස්බුක් එකේ පහත සටහන දුටුවෙමි"

    ReplyDelete
    Replies
    1. එම වරද පෙන්වා දීම ගැන ඉතා ස්තුතියි.
      වහා නිවැරදි කරන්නම්.

      කෙසේ වෙතත් ඔබ මගේ ලිපිය එක්කෝ නිවැරදිව කියවා නැත, නැතහොත් අවබෝධ කරගෙන නැත. මා ඔහුට හිනා වුනේ නැත.

      මා ඉතා පැහැදිලිව ලියා ඇත්තේ පහත දැක්වෙන පරිදි බව ඔබට නොපෙනුනේ ඇයි?

      /* සුනාමිය සිහිවෙන විට මට සිනා එන කාරණය මෙයයි. ඒ හිනාව දුකක් නිසා ඇති වෙන එකකි.

      ඒ තමන්ට හොඳ සිතින් උපකාරයක් කිරීමට දන්නා හඳුනන අයෙකු ඉදිරිපත් වූ විට මේ පුද්ගලයා එය ප්‍රතික්‍ෂේප කළ ආකාරය දැක ඇති වූ දුක ය. එවැනි පුද්ගලයින්ට උදව් කරන්නට ගිය මා ගැන ඇතිවන දුක ය. */


      Delete
    2. හරි, ඒක එහෙමයි කියමුකෝ, එතකොට ඔබතුමාගේ ඉංග්‍රීසි පණිවිඩයේ තියෙන අඩුපාඩු ගැන මොකද කියන්නේ.
      gramertical , grammatical විය යුතුයි නේද?

      Delete
    3. Anonymous 8 December 2020 at 20:36

      ඔබට දීමට වෙනත් පිළිතුරක් නොමැත.

      Delete
  4. නිහතමානි කම වෙනුවට අපි (අප) ප්‍රැක්ටිස් කරන්නෙ නිවට කම සහ උද්ධච්ච කම තමයි.

    ReplyDelete
  5. ඉංග්‍රීසි දැනීම ආභරණයක් ලෙස හිතන එක වෙනස් කරන විදියක් හොයාගන්න වෙනවා. එය මෙවලමක් විදිහට හිතනකම් මේක වෙනස් වෙන්නේ නැහැ.

    ReplyDelete
  6. මේ තරමටම වැරදි නැති වුවත් FB තව බොහෝ comments වල ඉංග්‍රීසි වැරදි තිබෙනවා. මේ සමහර අය භාෂාව හැසිරවීම ඉගෙන ගන්නා අය විය හැකියි. කොහොම වෙතත් ඔහුට ඔබ දීමට සැරසුණු උපකාරය සතුටින් පිළිගන්නට තිබුනා. මෙය තරමක හීන මානයක් විය හැකියි නේද?

    ReplyDelete
  7. Bus Coming No Colour...ගල් අස්සෙන් water coming තඹ හැලියට ටාං ටාං... වලට වඩානම් මේ ඉංග්‍රීසි හොඳයි වගේ....ඒත් මිනිස්සු බොරු උද්දච්චකමට මෙහෙම නොදන්නා දේවල් ලියන්න ගිහින් චාටර් නොවී සිටිය යුතුයි...ඔබතුමා කළ දේට සමාන​ දෙයක් මාගේ මිත්‍රයෙකුට කිරීමට ගොස් මටද මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වූවා...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.