Friday 25 March 2022

නයා ඇරීමේ උපත - Some do, some don't


නයා අරිනවා යන යෙදුම නොදන්නා අය සිටී යැයි මම නොසිතමි.

එසේ වෙතත් කෙටියෙන් කියනවා නම් එයින් අදහස් කෙරෙන්නේ පම්පෝරි ගැසීම යන්නය්. විශේෂයෙන් ම, යමෙකු තමන් ගේ වත්කම, තරාතිරම ගැන කයිවාරු ගැසීම නයා ඇරීමයි.

නයාගේ ලොකුම එකා, අප දන්නා සාහිත්‍යට අනුව, මුචලින්ද වේ. ලොකුම පම්පෝරි ගසන්නෝ ද ඒ අනුව මුචලින්දලා ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ.

"නයා ඇරීම" යන යෙදුම ජනවහරට එකතු වී ඇත්තේ ඉරිදා පුවත්පතක පළවූ හාස්‍යජනක තීරු ලිපියකින් බව කිව හැක.

මේ මා ඒ කතාව දැනගත් ආකාරයයි.

මා හතරේ පන්තියේ පමණ ඉගෙන ගන්නා කාලයේ එක් දවසක මට එවකට කොළඹ නතර වී ජීඒකිව් විභාගයට සූදානම් වෙමින් සිටි මගේ පුංචි අම්මා කෙනෙකු සමග අම්මලාගේ මහ ගෙදරට, එනම් කලවානේ, යාමට අවස්ථාවක් ලැබුණි.

ගමේ යාම යනු එකල අපට ඉතා සතුටක් ගෙන දෙන අවස්ථාවකි. නමුත් ගමන නම් අපුල ය. බස්රථවල ඩීසල් ගඳට සහ වංගු ගන්නා විට ඇතිවන හෙල්ලුම් පෙරළුම් නිසා මට නිතිපතා වමනේ යයි. නමුත්, ඒ සියල්ල අවසානයේ මා එළැඹෙන්නේ තිත්තයෝ ද, බුලත් හපයෝ ද, තවත් නම් නොදන්නා විවිධ මාළු ද පිරි ගලා යන ජල ප්‍රවාහෙයෙන් ද, කුඩැල්ලෝ සැරිසරන හරිත කඳුවැටි, රබර්වතුවලින් ද වට වූ සුන්දර ගම් පෙදෙසකටයි.

මා පුංචි අම්මා සමග පිටකොටුවේ බස් නැවතුමට යන විට එතැන එක්තරා අමුත්තෙක් අප එනතුරු බලා සිටියේ ය.

මා පසුව දැනගත් පරිදි ඒ අපේ වෙන්ඩ බාප්පා ය.

අපි රත්නපුර බසයට ගොඩ වුණෙමු. මට එක් අසුනකත්, මා පිටුපස අසුනේ වෙන්ඩ බාප්පා සහ පුංචි අම්මාත් අසුන් ගත්හ.

මොහොතකට පසු බස් රථයට ගොඩ වැදුණේ පොත් වෙළෙන්දෙකි. ඔහු අත තිබූ එක් පොතක් මිලට ගත් බාප්පා එය මා අත තැබූවේ, පොත් ගුල්ලෙක් වන මා එතැන් සිට ඔවුන් දෙදෙනාට කිසිදු ප්‍රශ්නයක් නැතුව රත්නපුරය දක්වා ගමන් ගන්නා බව දන්නා සේ ය.

චන්ද්‍ර අනගිරත්න විසින් එවකට තිබූ “රිවිරැස” නම් සති අන්ත පුවත් පතට ලියන ලද "සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්" නමැති තීරු ලිපිවල එකතුවක් වූ ඒ නවීන ගජබින්නාලංකාරය හොල්මන් නම් වූ පොත එදා මට රස සාගරයක් විය.

නයා අරින කතාව තිබුණේ ඒ පොතේ ය.

පසුකලෙක චන්ද්‍ර අනගිරත්න විසින් තමන් ලියන ලද ඒ තීරු ලිපි “නරලොව හොල්මන්” නමින් නැවත පළ කරන ලදී.

පහත පළ වෙන්නේ ඒ පොත්මාලාවේ තුන්වැන්නේ අඩංගු වූ “මුදලාලිගෙ ගෙට නයෙක් ඇවිත්” නම් උපහාසාත්මක රචනයයි.


මම ද, කලකට පෙර, මේ බ්ලොගයේ ම පොඩි පහේ නයෙකු ඇර ඇත්තෙමි. එය කියවා නැති අය සඳහා මෙන්න සබැඳියක්.
https://rasikalogy.blogspot.com/2016/09/size-depends-on-you.html

-රසික සූරියආරච්චි

(image: https://www.dinamina.lk/2020/11/05/)

13 comments:

  1. ඒකා මාර னයෙක් නෙ.

    ReplyDelete
  2. See you tomorrow..........

    ReplyDelete
  3. ඔය නයි කතාවම පරණ බොහෝ ඒවා අයින් කරලා ලැප්ටොප්, මොබයිල් ෆෝන්, මයික්‍රෝ වේව්, වොෂින් මැෂින් වගේ දේවල් අලුතෙන් දාලා නයා අරින අය තවමත් ඉන්නවා.

    ReplyDelete
  4. මුදලාලිට මඟ ඇරිලා කොබෝ නයා
    ඇති යන්තම් ඔයින් ගියා!

    ReplyDelete
    Replies
    1. නඩුකාරයෙකුට ජෝඩු කරලා තියෙන දුව විතරයි ගමේ ගෙදර ඉඳලා තියෙනේ!

      Delete
  5. මේ මල උලව් කියවන්න බලු බල්ලෙක් වත් එන්නේ නැති හැටි....

    ReplyDelete
  6. පෙරඹරින් නැගෙන හිරු අවරදිග සයුරේ ගිලී සැඟවී යයි.යලිත් ඒ හිරුම පෙරදිගින් නැග එන්නේ අලුත් දවසක් අරගෙනමය.ටක් ටික් ටක් ඔරලෝසුවේ තත්පර කටුව නිවී සැනසිල්ලේ කාලයත් සමඟ රවුමේ යයි.එයට අනුරූපව ජීවිතයද ගමනේ යයි. විටෙක සෙමින් ගලන ගඟක් වන එය විටෙක මහා මාරුතයක් වේ.සෘතු හතර මෙන් ජීවිතයද වෙනස්වෙන මුත් එය නියමිත රටාවකට සිදු නොවන බැවින් ජීවිතයට උපමා කල හැකි යමක මෙකොව තුල නැත. වෙනත් ලොවක තිබෙන්නටද හැකියාවක් නැත. එය ජීවිතයටම අනන්‍ය වූවක් වන අතර ජීවත් වෙනවනම් ජීවිතය සමඟ සිටිය යුතුය. එයට මුහුණ දිය යුතුය. ලෙඩ රෝග යනු ජීවිත සෘතු අතර ගිම්හානයයි. එයට පැමිණි විට දුෂ්කර කාලයෙන් පසු යලි දළු ලන්නට හැකිවාක් මෙන්ම යලි දළු නොඑන්නටද ඉඩ තිබේ. ගිම්හානයට මැදි වූ ගසක් පරිදිමය.

    ReplyDelete
  7. ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට අවශ්‍ය
    අපිට අවශ්‍ය , මට අවශ්‍ය

    ගෑස්, තෙල්, පිටි, සීනි,හාල් අත්‍යාවශ්‍ය භාණ්ඩ පෝලිමේ ඉන්නෙ නැතුව, හිඟයකින් තොරව සාධාරණ මිලකට ලබාගන්න.

    හැබැයි පෝලිමේ ඉන්න අපිව විකුණගෙන කන උන්ට අවශ්‍ය උන්ගේ දෙකයි පණහේ ජඩමාධ්‍යවලට වීව්ස්, රේටින්ග්ස්

    මේක මාර අවුලක් ,රූපවාහිනී කාරයෝ හිතන්නෙත් මේව තමා නිවුස් කියල.රට පත්වෙලාතියෙන අනතුර දැකල ජනතාව ඊට මුහුණ දෙන්න පෙළගස්වන්න ඕන වෙලාවක රට ගිනිතියනව. තැන්තැන්වල උද්ඝෝෂණ ,ආරවුල් පහරදීම් අනිමින් අනුබල සපයනව අනෙක් අයට.

    විපක්ෂයේ විවිධ කල්ලි කණ්ඩායම් වලට ඕන මොන ජාතියෙන් හරි ආණ්ඩු පෙරලන්න ඊට පස්සෙ පුටුවේ වාඩි වී ඔහේ උඩ බලාගෙන සැපේ ඉන්න විතරයි, මේ කිසිම ප්‍රශ්නයක් සඳහා හරි හමන් උත්තර නෑ මේක අපි හදපු එකක් නෙවෙයි රාජපක්ෂ කල්ලියේ හොරකම් නිසා වුණා කියලා බෙරිහන් දිදී තව දුරටත් අවුල් කරාවි 2015-19 කාලේ ආපහු ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි එච්චරම තමයි ��

    ආණ්ඩුවට ඕනි මොකක්ද කියලා දෙයියොත් දන්නේ නෑ ඒත් පේන විදියට නම් ලංකාවේ මේ දවස් වල තියෙන රාජපක්ෂලාගේ ආණ්ඩුවට ඕන මේ ක්රමය පල්වෙන්ට ඇරල මේක විකුනන්ට ... බඩගින්නට කෑ ගහන මිනිස්සුන්ට මේක විකුණන එක ගානක්වත් නෑ එතකොට ... ඔච්චරයි.

    ReplyDelete
  8. දැන ගන්නට ඇති සැටියට මෙය මුලින් ම වාර්‍තාගත කර ඇත්තේ බුද්ධඝෝෂ ස්වාමීන්වහන්සේ විසිනි. ඒ අනුව නයා ඇරීමේ කථාව සියවස් ගණනාවක් ඈතට දිව යයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.