Wednesday 20 July 2022

රහසක් නොවූ රහස් ඡන්දය - Election secrets revealed


අද, එනම් 2022 ජූලි මස 20 වැනි දින ලංකාවේ අලුත් ජනාධිපතියෙකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දය නරඹමින් සිටින විට මෙම පැරණි කතාව සිහිවිය.

මා මේ සටහන ලියා පළ කරන්නේ ඡන්ද ප්‍රතිඵල දැනගෙන නොවේ. ඊට පෙර ය.

අද ලංකාවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ඡන්දය රහස් ඡන්දයක් බව කියවේ. මා කියන්නට යන කතාව ද ඡන්දයක් ගැන ය. එසේම එය ද රහස් ඡන්දයක් විය. රහස් ඡන්දයක් යනු අප සැම දන්නා පරිදි, ඡන්දදායකයින් කුමන ඡන්ද අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළා ද යන්න ඡන්දදායකයා මිස වෙනත් අය නොදන්නා ඡන්දයකි.

මේ මා කියන ඡන්දය පැවැත්වුණේ තායිලන්තයේ බැංකොක් නුවර උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති අන්තර්ජාතික විද්‍යායතනයක් වන, එවකට පශ්චාත් උපාධි ආයතනයක් වූ, ආසියානු තාක්ෂණික ආයතනයේ ය. ඒ ආයතනයෙන් පැවැත්වෙන කාර්මික ඉංජිනේරු හෙවත් Industrial Engineering and Management පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා මම එහි ගොස් සිටියෙමි.

විවිධ රටවල් වලින් පැමිණ සිටි අපේ කණ්ඩායමේ මා ඇතුළුව ලංකාවෙන් සිසුන් සිව් දෙනෙකු ද, ඉන්දියාවෙන් තිදෙනෙකු ද, බංගලාදේශයෙන් තිදෙනෙකු ද, පකිස්තානයෙන් එක් අයෙකු ද, පිලිපීනයෙන් දෙදෙනෙකු ද, වියට්නාමයෙන් දෙදෙනෙකු ද, තායිවානයෙන් තිදෙනකු ද, බුරුමයෙන් එක් අයෙකු ද, මැලේසියාවෙන් එක් අයෙකු ද, ඉන්දුනීසියාවෙන් එක් අයෙකු ද, සහ තායිලන්තයෙන් හත් අට දෙනෙකු ද වූහ. අප සියලු දෙනාම පාහේ එහි ගොස් සිටියේ ශිෂ්‍යත්ව ලබා ය. මගේ ශිෂ්‍යත්වය ලබා දුන්නේ ජර්මානු ෆෙඩරල් ජනරජයෙනි.

අපේ දේශන ඇරඹූ මුල් සතියේ ම, එක් විෂයයක් ඉගැන්වූ ආචාර්යවරයෙකු කියා සිටියේ යම්කිසි පොතක කොටසක් අප සියලු දෙනාම කියවිය යුතු බවත්, එහි පිටපතක් පුස්තකාලයේ නොමැති නිසා ඔහු සතුව ඇති පිටපත එක් අයකුට ලබා ගෙන අන් සියලු දෙනාටම ඡායාපිටපත් ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් ය. මේ සඳහා ස්වේච්ඡාවෙන් අප අතරින් අයෙකුට ඉදිරිපත් වෙන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

පකිස්ථානයෙන් පැමිණ සිටි කසීම් අලි ෂා මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. එපමණක් නොව ඔහු එම කටයුත්ත ද ඉතාමත් කැපවීමෙන් සිදු කළේ ය.

කොහොමටත් අලි ෂා යනු ඉතාමත් ප්‍රියමනාප පුද්ගලයෙකි. ඔහු ඕනෑම අයකු හමු වූ වෙන මොහොතේ දී ම අතට අත දී ගුඩ් මෝනින්, ආෆ්ටර්නූන් යනුවෙන් ආචාර කරයි. වචනයක් දෙකක් කතා කර නැවත වෙන් වී යන විට ද ඒ ආකාරයට ම අතට අත දී ආචාර කරයි.

අප ඉගෙනුම අරඹා දෙවන සතියේ දී අපේ පන්ති කාමරයට පැමිණි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයකු කියා සිටියේ, ශිෂ්‍ය සංගමයේ දී අපේ කණ්ඩායම නියෝජනය කිරීම සඳහා නියෝජිතයකු පත් කරගත යුතු බවයි. ඒ සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

අපෙන් එක් අයෙකු පකිස්තානු ජාතික අලි ෂා ගේ නම යෝජනා කළ අතර ඊළඟට නැගී සිටී පිලිපීන ජාතික සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු අනිත් පිලිපීන සිසුවා ගේ නම යෝජනා කළේය.

නම් යෝජනා කිරීමක් මිස ස්ථිර කිරීමක් අවශ්‍ය වූයේ යැයි මගේ මතකයේ නැත.

දැන් දෙදෙනෙකු ඉදිරිපත් වී ඇති නිසා රහස් ඡන්දයක් පැවැත්වෙන බව ශිෂ්‍ය සංගම් නියෝජිතයා අපට දැනුම් දුන්නේ ය.

ඔහුගේ මුලිකත්වයෙන් පැවතුණු ඒ රහස් ඡන්දයේදී අප කළ යුතුව තිබුණේ කඩදාසි කැබැල්ලක අප කැමති අපේක්ෂකයාගේ නම ලියා මුලසුනේ සිටි ඔහුට ගෙනැවිත් දීමයි.

ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්වූ විට අපට දැනගන්නට ලැබුණේ අලි ෂා පන්තියේ ඡන්ද වලින් දෙකක් හැර අන් සියල්ලම ලබා ගෙන ඇති බවයි.

විකල්ප අපේක්ෂකයා වූ පිලිපීන ජාතික ශිෂ්‍යයා ලබාගෙන තිබුණේ ඡන්ද දෙකක් පමණි.

ඒ ඡන්ද දෙක කාගේද යන්න කිසිවෙකුට රහසක් නොවී ය.

එනිසා අලි ෂාට ඡන්දය දුන්නේ කව්ද යන්න ද කිසිවෙකුට රහසක් නොවී ය.

රහස් ඡන්දයක්, රහසක් නොවුණු ඡන්දයක් බවට පත් වූයේ එලෙස ය.

අද පැවැත්වෙන ලංකාවේ ජනාධිපතියා තෝරා ගැනීමේ ඡන්දයේ දී ද අනුර දිසානායකට ලැබෙන්නේ ඡන්ද තුනක් පමණක් නම් ඒ කාගේ ඡන්ද ද යන්න පිළිබඳව කිසිවෙකුට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවනු ඇත.

ඡන්ද තුනකට වඩා ලැබුණොත් එය සෑහෙන සාකච්ඡා වලට බඳුන් වෙනු ඇති අතර ලැබුණේ ඡන්ද තුනකට වඩා අඩුවෙන් නම් එය සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් වෙනු ඇත.

-රසික සූරියආරච්චි

ප/ලි: ඡන්ද ප්‍රතිඵල දැන ගත් පසු මෙම සටහන සංස්කරණය කිරීමට අදහස් කළෙමි. සටහන පළ කර් පැය දෙකක් යන්නටත් පෙර ප්‍රතිඵල නිකුත් වූ අතර කිසිදු වෙනසක් කළ යුතු නැති බව පෙනේ.

මීටත් වඩා රහස්, එසේම රහස් මේ ආකාරයට එළිදරව් නොවුණු රහස් ඡන්දයක් ගැන කතාවක් තව දින දෙක තුනකින් ලියා පළ කරමි.

ප/ප/ලි:
ආසියානු තාක්ෂණ ආයතනය හා සම්බන්ධ මා ලියා ඇති වෙනත් සටහන්.

1. ආචාර්ය වෑන් ෆ්‍රෝසම් - Dr Yves Van Frausum
https://rasikalogy.blogspot.com/2016/07/dr-yves-van-frausum.html


2. විස්කි පිදුරු රහයි ද? - What taste is Whiskey?
https://rasikalogy.blogspot.com/2016/10/what-taste-is-whiskey.html


3. "සූදානම් ශරීරේ!" - ඩිසාස්ටර් ප්‍රිපෙයාඩ්නස් යනු කුමක් ද? What the hell is Disaster Preparedness?
https://rasikalogy.blogspot.com/2017/06/what-hell-is-disaster-preparedness.html


(image: Captured for the live telecast by the Paliament of Sri Lanka)

19 comments:

  1. ඔස්ට්‍රේලියාවේ වෙන නැද්ද ලංකාව හැරදා ගියාම පස්සේ තවත් මේ දිහා බලං ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔසී වල බහුතරය ලෙස ඉන්න සුද්දෝ අපිව සත පහකටවත් ගණන්ගන්නේ නැහැනේ, ආසියාවේ හිඟන රටවලින් ආපු කාලකණ්ණි සරණාගතයෝ විදිහට තමයි අපි දිහා උන් බලන්නේ, චීන පිලිපීන් උනුත් අපිව ගණන් ගන්නේ නෑ ටිකක් හරි ඉන්දියන් පකිස්ථාන් බංගලි විතරයි කෙයාර් කරන්නේ, මෙහේ ඉතින් අපට පොර ටෝක් දෙන්නවත් කවුරුත් නෑ ඒ නිසා ලංකාවේ ඉන්න බොලා වගේ අමු මැටි ගංකබරයින්ට ලොකු ටෝක්ස් ඉශූ කරනවා, ඇයි අවුල්ද?

      Delete
    2. 😀
      ඇනෝනිමස් ළමයා වෙත,

      ළමයෝ, ඔය ළමයා ඒ ප්‍රශ්නය අසා ඇත්තේ මෝඩකම නිසා නොව නොදන්නාකම නිසා බව සිතමි.

      ඔබේ පහන් සංවේගය පිණිස කියනවා නම්, මා ලාංකික-ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙකි. එනම් රටවල් දෙකේ ම පුරවැසියෙකි. දේපල හිමියෙකි. ඡන්දදායකයෙකි.

      මට ආරාධනාවක් ලැබුණොත් ලංකාවට පැමිණ, චිට් එකකින් ජාතික ලැයිස්තුවට රිංගා මුදල් ඇමතිකම බාර ගෙන, මගේ මොළ හතෙන් වැඩ පෙන්නීමට ද හැක.
      😀

      Delete
    3. මගේ ද්විත්ව පුරවැසිකම ගැන සඳහන් පෙර ලියූ සටහනක් මෙන්න

      https://rasikalogy.blogspot.com/2015/02/killing-goose-laying-golden-eggs.html

      Delete
  2. අද මෙහෙ තිබ්බ චන්දෙනම් රහස් චන්දයක්. මම නම් කැමතියි මහින්ද, චමල්, සහ නාමල් චන්දෙ දුන්නේ කාටද කියල දැනගන්න. ඒවගේම සජබෙන් ඩලස්ට නොදුන්නෙ කවුද කියල දැනගන්න.

    ReplyDelete
    Replies
    1. පිලිපීන සිසුවාට ඡන්දය දුන් දෙදෙනා රහසක් නොවූවා සේ අනුර දිසානායකට ඡන්දය දුන් තිදෙනා රහසක් නොවේ. හෙළි වූ රහස නම්, මහින්ද රාජපක්ෂ ඡන්දය දී ඇත්තේ ඩලස් අලහප්පෙරුමට බවයි.

      Delete
  3. රසික, ඔබ ලංකාවේ පුරවැසියෙක්ද ? ඔහේ ලංකාවේ පුරවැසිභාවය නැවත මුදල් දී ලබාගත්තේ කවදා ද? එය ලබාගත්තත් අවසන් වරට චන්දයක් පාවිච්චිකර පාලකයින් තෝරන්න සහහාගිවුයේ කවර චන්දයේ දීද

    එසේ නොවන්නේනම් ලංකාවේ මහජන බදුමුදල් වලින් පිනට ඉගෙන තම පුද්ගලික වාසි තකා පොමි යන්ගේ පුරවැසියෙක් ලෙස කටයුතු කර ලාංකීය දේශපාලනය හරි හෝ වැරදි ගැන කතා කිරීමට ලිවීමට ඔබට සදාචාර අයිතියක් තිබෙනවද ?

    කියක් හෝ හොයාගන්න සිංහලෙන් පොතක් දෙකක් බ්ලොගක් ලීවා කියන ඔබ ,අප ඔබව දකින්නේ මොකක් වශුයෙන් කියා සිතනවාද

    සොච්චමක් ලංකාවට එවූ පලියට ලාංකීය ජනතාව ජීවත්වෙන්නේ අප එවන සොච්චමෙන් බව කට මෑත දොඩවන්නේ නැතිව හැකි ඉක්මනින් අප රටින් තොලොන්චි වෙලා යනවාද
    අපේ රටේ ඇතිවී ඇති ඕනෑම අවුලක් ලාංකීය සර්වජනචන්දය හිමි සහ පාවිච්චි කරන ජනතාවගේ කැමැත්තට ඉඩ දී විසඳා ගැනීමට ඉඩදී , ලක් වැසියන්ට බක තපස් අනුසාසනා නොකර

    ඔබ නැවත ලංකාවට සංචාරයකට හෝ නැවත නොපමිනියා කියා හෝ සොච්චමක්‌ නොඑවා සිටියා කියා කිසිම ලන්කිකක් ඔබ වැන්නවුන් ළඟ දනින් වැටි සිටින්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රශ්න මේ කතාව ගැන නොව වෙනත් ඇරියස් එකක් පිරවීමට තැත් කිරීමකි.

      මම ද්විත්ව පුරවැසියෙක් මි. එනම්, උපන්දා සිට අද දක්වා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන අතර ඕස්ට්‍රේලියාව සංක්‍රමණය කර වසර දෙකහමාරකට පමණ පසු ඕස්ට්‍රේලියානු පුරවැසිකම ද ලබා ගත්තෙමි.
      https://rasikalogy.blogspot.com/2015/02/killing-goose-laying-golden-eggs.html

      මා ලංකාවට පැමිණ සිටින කාලවකවානුවල දී පැවති ඡන්දවල දී මගේ පුරඇසි අයිතිය පාවිච්චි කර ඇත.

      ඔබ පවසා ඇති අනෙකුත් පිස්සු කතා සඳහා කාලය නාස්ති නොකරමි.


      Delete
    2. අවසන්වරට ශ්‍රී ලංකාවේ මැතිවරණයකදී චන්දය ප්‍රකාශ කරේ කවදාද?

      Delete
    3. 'මගේ පුරඇසි අයිතිය පාවිච්චි කර ඇත'

      රසික, ඔබ ඉහත සඳහන් කර ඇති ලෙසම 'පුරඇසි' අයිතිය පාවිච්චි කර ඇති බව පෙනේ. පුරවැසි යන වදන පවා නිවැරදි ලෙස සටහන් කිරීමට නොදන්නා ඔබ වැනි අඳබාලයන් සමග කවර කතාද.

      Delete
    4. @ Anonymous23 July 2022 at 01:06

      මා ලංකාවට පැමිණි හැම වාරයක දී ම, ලංකාවේ ඡන්දයක් පැවැත්වුණි නම්, ඡන්දය දී ඇත. ඡන්දය දීම සඳහා ම කියා "ඩයස් මී" ආකාරයෙන් ලංකාවට පැමිණ නැත.

      සංක්‍රමණය කළ දින සිට මේ දක්වා 17 වරක් ලංකාවට ගොස් ඇත.


      Delete
    5. @ Anonymous23 July 2022 at 01:10

      අඳබාලයින් සොයා ගැනීමේ අපූරු ක්‍රමයකි. ඉතා ස්තුතියි.

      ආපසු කමෙන්ට් කරන්නේ නැති වෙයි නේද? පව්!!!

      Delete
  4. ඔබ ද්විත්ව් පුරවැසියෙකු වුවද එය ද ඔබගේ වාසියම තකා ශ්‍රීලංකා රජයට මුදල් ගෙවා ලබාගත්තෙකි.එසේ නැතිව ඔබ තවමත් ලාංකීය පුරවැසිබාවය තබාගෙන සිටිනම් ,මේ රටේ අහේනිය ගැන ඔබ කරන දෙයක්ද නැත. අවම වශයෙන් රට මෙහෙයවන මහජන නියෝජිතයන් තෝරන මහජන චන්දකටවත් සහබාගි වී නැත.එසේනම් කවර කතාද

    ඔබවැන්නන් තම හුදක් වාසියතකා සංක්‍රමියකු වී ලාංකීය අහේනිය ගැන කතා කිරීම විහිළුවකි

    ReplyDelete
    Replies
    1. අමන මිනිස,

      මා උපතේ සිට අද දක්වා ම, එක දිනක් හෝ අඩු නැතුව ශ්‍රී ලාංකික පුරවැසියෙක් මි. ඊට අමතරව 1998 ජනවාරියේ සිට ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් ද වෙමි.

      ඔබට ඉක්මන් සුවය පතමි.

      Delete
    2. ඕස්ට්‍රේලියානු පුරවැසිකම ගත් විට ශ්‍රී ලංකික පුරවැසිකම නැවත ලබාගත යුතුයි නේද? ඒ අතර තුරේ ඔබට ශ්‍රී ලංකික පුරවැසිකම නැහැ.

      Delete
    3. @ Anonymous23 July 2022 at 23:49

      ඔබ නොදන්නා දේ ඇති බව පෙනේ. එහි වරදක් නැත. අපි ඕනෑම කරුණක් ඉගෙන ගන්නා දින තෙක් ඒ ගැන කිසිත් නොදන්නෙමු.

      ඔබේ දැනුවත් වීම පිණිස:

      යම් දිනක ඔබ වෙනත් රටකට සංක්‍රමණය කර එහි පුර්වැසිකම ගන්නේ නම්, ඊට පෙර අදාල පරිදි අයැදුම් කර ඒ සඳහා නිසි අවසරය, එනම්, වෙනත් රටක පුරවැසිකම ලබාගත් පසුවත් තව දුරටත් ලාංකික පුරවැසිකම පවත්වා ගැනීමට අවසරය, ලබා ගන්න.

      මෙසේ කිරීමට නම් ඔබ අලුතෙන් පුරවැසිකම ලබා ගන්නා රට එවැනි ද්විත්ව පුරවැසිකමට ඉඩ දෙන රටක් විය යුතුය.

      ඕස්ට්‍රේලියාව මෙන්ම ඇඑජ ද එවැනි රටවල් බව මගේ සහ ගෝටාගේ උදාහරණ නිසා ඔබට පෙනී යා යුතුයි.

      Delete
  5. රහස් චන්ද කියන්නේ රහස් චන්ද නෙමේ දැන්නම්. ඇමෙරිකාවේ චන්ද මැෂිම් වලිනුත් හොර කරන්ව් අකියල කියනවනේ

    ReplyDelete
  6. මමත් රට යන්න තමා හදන්නේ. හැබැයි අද හෙට රට යන්න පුළුවන් තත්වයක් නැහැ. සමහර විට යන්නත් බැරි වෙයි. අනික දියුණු රටකට පැනගන්න ඕනිය කියන මේනියා එකත් මට නැහැ. Living cost වැඩි කරගෙන මොකටද නිකන් කෙළවගන්නේ? හැබැයි ගියොත් අනිවා ලංකාව දිහා බලාගෙන ආයේ බත් කටක් වත් කන්නෙ නැහැ, අම්ම තාත්ත බලන්න ආවොත් මිසක!

    කොටින්ම ලංකාවේ ගන්කබර සිංහලු වැඩිය නැති, embassy එකක් වත් නැති රටක පාඩුවේ ඉන්න තරමට හොඳයි! නැතිනම් එතනත් ගන්කබර සිංහලුන්ගේ social gathering වලට ගිහින් පුක දීගෙන ඉන්නනෙ වෙන්නෙ! වේස සිංහල ගස්බල්ලොන්ගෙන් උදව් අරගෙන උන්ගෙ කුණු කතා අහන් ඉන්නවට වඩා හොඳයි, රටක language එක ඉගෙනගෙන ඒ රටේ local community එකත් එක්ක ඉන්න එක. කොන් වුනත් ලොකු දුකක් නැහැ, ඒක කොහොමත් උන්ගෙ රටනේ! අපේ රටේ කියලත් වෙනසක් නැහැනෙ!

    කොහොමත් රට හදන්න පුක දීගෙන පෝස්ට් දාන ගොඩ දෙනෙක් පන්ති භේදයක් නැතුව ඉන්නව දියුණු රටවල, මගේ අදහසේ හැටියට නම්. උන්ට වඩා middle east වලට ගිහින් ආගම වෙනස් කරගන්න එවුනුයි, වේස ජොබ් කරන එවුනුයි නම්බුකාරයි. මොකද, උන් දන්නව ඔය රට ජාතිය ආගමට කරන්න පුළුවන් බක්කක් නැහැ කියල

    ReplyDelete
    Replies
    1. ඔබේ මතය ඔබේ ය.

      කිසිවක් නොදැන මෙලෙස කීමේ වරදක් නොදකිමි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.