Thursday 8 December 2022

අනිච්චාවත සංඛාරා හෙවත් සුදු සාරියේ ශෝකය - Living according to social norms


ජීවිතය අනියතයි, මරණය නියතයි කියනවනේ. අපි පොඩි කාලේ අපේ සීයලා ආච්චිලා මැරුණා. ඊ ළඟට වැඩිහිටි ඥාතියෝ අවසන් ගමන යන්න පටන් ගත්තා. ඉඳලා හිටලා කවුරු හරි පෝලිමෙන් පිට නොපැන්නෙමත් නෑ.

කොච්චර දුක වුණත්, දවසක අපේ දෙමව්පියන්ට විතරක් නෙමේ, අපේ දරුවන් ගේ දෙමව්පියන්ටත් ඔය ගමන යන්න වෙනවා.

ඉස්සර මං කල් මරපු වැඩපොළේ කාන්තා පක්‍ෂයේ -බවලත්- උදවිය තමන් ගේ අම්ම හරි, තාත්ත හරි වගේ පවුලේ කෙනෙක් මිය ගිහින් නිවාඩුවෙන් පස්සේ වැඩට එන්නේ සුදු සාරියක් හරි සුදුපාට ස්කර්ට්-බ්ලවුස් සෙට එකක් හරි ඇඳගෙන.

එදා ඉඳං සතියක් දෙකක් විතර ඔන්න සුදු සාරි අඳිනවා.

ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගන්නවා. එහෙම නැතිනම්, පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සුදුපාට ස්කර්ට්-බ්ලවුස්.

තවත් සතියක් දෙකක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට එහෙම නැතිනම් සුදුපාට ස්කර්ට්-බ්ලවුස්වලට බහිනවා.

තවත් සතියක් දෙකක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට ඇඳුම්වලට බහිනවා. සුද නැහැ. පාට. හැබැයි ලා.

අන්තිමේ දී දන්නෙම නැතුව මෙන්න සුපුරුදු පරිදි "පාට, පාට, මල් වැටිච්ච සාරි, බ්ලවුස්, ස්කර්ට්" අඳින්න පටන් ගන්නවා.

අන්න එතකොට එතනින් ශෝක කාලය අවසානයි කියලා අපි දැනගන්න ඕනෑ.

ඔන්න අපේ වැඩපොළේ අපිට වඩා සීනියර් පොරක් හිටියා, හොඳ කොල්ලා. පොර බැඳලා හිටියේ අපේ එකවුන්ට්ස් සෙක්ෂන් එකේ රූබර අංශයක්. දෙන්න ළඟ ඇනෙක්සියක තමයි නතරවෙලා හිටියේ.

ඉතිං පොරගේ අම්මා මිය ගියා. ගම දුර පළාතක. අපේ කීප දෙනෙක්ම මළ ගෙදරත් ගියා.

සතියක් විතර ගියාට පස්සේ ඔන්න ජෝඩුවම වැඩට ආවා. මට දෙන්න හමුවුණා වැඩපොළේ ගේට්ටුව ළඟදී.

අපේ පොර වෙනදා ඇඳල ඉන්නවා දැකල පුරුදු හොඳ නිල් පාට එමරල්ඩ් බ්‍රෑන්ඩ් කමිසෙකුයි, දුඹුරු කලිසමකුයි ඇඳල හිටියේ.

ඒකටත් එක්ක වයිෆරේ.

සුදුම සුදු සාරියකුයි, හැට්ටෙකුයි විතරක් නෙමේ සුදු පාට කාන්තා සපත්තුත් දාලයි හිටියේ.

අම්ම මැරිච්ච පොර වෙනද ඇන්ද ඇඳුම් සෙට් එකම ඇඳගෙන වැඩට ආවට, නැන්දම්ම ගේ මරණයේ ශෝකයට ලේලි සති දෙක තුනක් විතර සුදු සාරි ඇන්දා.

ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගත්තා.

තවත් සති දෙක තුනක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට බැස්සා.

තවත් සති දෙක තුනක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට සාරි ඇඳීම ඇරඹුවා. සුද නැහැ. පාට. හැබැයි ලා.

අන්තිමේ දී සුපුරුදු පරිදි "පාට, පාට, මල් වැටිච්ච සාරි" අඳින්න පටන් ගත්තා.

මං හිතන්නේ ඒ විදියට ශෝක කාලය අවසානය සනිටුහන් වුණේ තුන් මාසේ දානෙන් පස්සෙයි.

අන්න නැන්දම්මලාට, ලේලිලා ගේ ආදරේ.

ඒකටත් එක්ක පුතාලා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ කතාව ලියා පළ වෙනත් තැනක කළේ මීට අවුරුදු දොළහකට කලින්. අද උදේ ආපහු මතක් වුණා.

13 comments:

  1. රසිකගේ අම්මා මැරුණම නිවන් සැප ලැබේවා කියලා දැන්වීම් ගැහුවේ ඇයි? නාකි උන්දා නිවන් නොයයි කියලා සැක හිතුනද? අනික බෝර්ඩ් ගැහුවා කියලා නිවන් යනවද? අනික් උන් කරන දේ තමුනුත් කරන්නේ ඇයි? ඕකට විරුද්ධ වෙන්න තිබ්බනේ. වෙන උන් ඔහොම කරද්දී ඒවා විවේචනය කරන මිනිහා තමුන්ගේ අම්මා මලාමත් එහෙම තමයි කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ පින්තුරය රසික ෂෙයාර් කර ඇති නිසා මම ප්‍රශ්නේ ඇහුවේ.
      මේවා ගැහුවා කියලා නිවන් යනවද? ෆේස්බුක් එකේ ෂෙයාර් කළා කියලා? කොහෙද නිවන තියෙන්නේ? අමන කම නිසා කරන වැඩ.

      නිවන් සැප ලැබේවා

      Delete
    2. කලින් පිළිතුරු ලියද්දී දීර්ඝව ලියන්න වෙලාවක් තිබුණේ නැත.

      මා ලින්ක් කළ සටහන අවසානයේ මෙලෙස ලියා තිබුණා ඔබ දකින්නට ඇති යැයි සිතමි.

      "දැන් ඇත්තේ ඇගේ පණ නැති සිරුර පමණයි. එය ද සඳුදා හවස් වෙන විට අළු බවට පත්වෙනවා."

      දැන් මෙන්න ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු.

      1. රසිකගේ අම්මා මැරුණම නිවන් සැප ලැබේවා කියලා දැන්වීම් ගැහුවේ ඇයි?

      එය මා මුද්‍රණය කළ දැන්වීමක් නොවේ. අම්මාගේ අභාවය ගැන ආරංචිය ලැබී පැය විස්සකින් පමණ මා ලංකාවට ගිය විට දුටු දෙයකි.

      අනෙක නිවන් යෑම අම්මාගේ ප්‍රාර්ථනය ද වූවා විය හැක. ඇය මගේ අම්මා මිස මා ඇගේ හෝ මගේ සොහොයුරාගේ හෝ අදහස්වල නිසි බලධරයා ද නොවේ.

      2. නාකි උන්දා නිවන් නොයයි කියලා සැක හිතුනද?

      අදාල නැත.

      3. අනික බෝර්ඩ් ගැහුවා කියලා නිවන් යනවද?

      නිවන් කියා දෙයක් නැති කොට නිවන් යන්නේ කොහොමද හලෝ?

      4. අනික් උන් කරන දේ තමුනුත් කරන්නේ ඇයි?

      පළමුවෙනි පිළිතුර කියවන්න.

      5. ඕකට විරුද්ධ වෙන්න තිබ්බනේ.

      ඇයි? කොහොමද?

      6. වෙන උන් ඔහොම කරද්දී ඒවා විවේචනය කරන මිනිහා තමුන්ගේ අම්මා මලාමත් එහෙම තමයි කරන්නේ.

      දැන් නම් ඔබේ අමන කම තේරෙනවා. මං කවදද කවුරුන් හෝ නිවන් යෑමට ප්‍රාර්ථනා කිරීම ගැන විරුද්ධ වුණේ? මොකටද එහෙම කරන්නේ?

      Delete
    3. දෙවන වර අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු.

      7. මේවා ගැහුවා කියලා නිවන් යනවද?

      තුන්වන පිළිතුර කියවන්න.

      8. ෆේස්බුක් එකේ ෂෙයාර් කළා කියලා?

      එය ෂෙයා කළේ අවමගුල් උත්සවය සහ ආදාහනය ගැන විස්තර ඇති නිසා ය.

      9. කොහෙද නිවන තියෙන්නේ? අමන කම නිසා කරන වැඩ.

      නිවන යනු නැත යන්නයි. එනිසා එවැන්නක් නැත.

      Delete
    4. Nibbana is not just 'nothingness'. You have to study a lot

      Delete
  2. රසික වයිෆ්ට අඳින්න සුදු සාරියක් ගත්තද?

    ReplyDelete
    Replies
    1. අඳිනවා නම්, මං ආපහු යන කාලේ වෙනකොට ඕනෑ තිත් වැටුණු සාරි

      Delete
  3. ඕවත් ප්‍රස්නද

    ReplyDelete

  4. සදහට ඉන්න හදනා අය මැරෙනකොට
    සිනහ පහළ වෙනවා මගෙ බලුකමට
    මැරෙන බව දැනන් හිටි අය මැරෙනකොට
    නම් දුක හිතෙනවා, යන ගැන ඉක්මනට

    ReplyDelete
    Replies
    1. ඔබේ දුරකතන ඇමතුමට ස්තුතියි නි.දි.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.