
මෙන්න ඊයේ (2026 අප්‍රේල් 7, අඟහරුවාදා) යුද බිය ලැබුණු හාස්‍යජනක ආරංචියක්.
ඌ බලයට පත් වූ දා සිට, ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් තර්ජන නිකුත් කර දින කිහිපයකට පසු ඒවා ඉල්ලා අස්කර ගනිමින්, වෙනස් කරමින් සිටික හැටි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ?
මුලින් තීරු බදු සියයට සීයක් දානවා, පස්සේ විස්සට අඩු කරනවා. ටික දවසකින් හිතුණොත් සීයට පනහ කහනවා. ආයේ අඩු කරනවා.
ඉරානයට පහර දෙන්න පටන් ගත්තු දවසේ ඉඳන් කළෙත් ඕකමයි. ඉරානය සහමුලින් විනාශ කරන දවස් කීයක් නම් දුන්නා ද? හැබැයි ටික දවසකට පස්සේ ඒවා වෙනස් කළා.
ට්‍රම්පච්චිගේ මේ අසාමාන්‍ය, අක්‍රමවත් හැසිරීම විස්තර කරන්න නිව්යෝක් ෆිනෑන්ෂල් ටයිම්ස් තීරු රචක රොබට් ආම්ස්ට්‍රෝං 2025 මැයි මාසයේදී TACO (Trump Always Chickens Out : ට්‍රම්ප් හැමවිටම බයගුල්ලෙක්) යන කෙටි යෙදුම නිර්මාණය කළා.
මේ හැසිරීම හොඳින් පැහැදිලි වුණාට පස්සේ කොටස් වෙළඳපොලේ වෙළෙන්දෝ ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද තර්ජනයකින් පසු කොටස් පහත වැටෙන කොට කොටස් මිලදී ගැනීමට සහ පසුව අනිවාර්යයෙන්ම ඔහු එය ඉල්ලා අස්කර ගන්නා විට කොටස් වටිනාකම ඉහළ යන විට ලාභයකට විකිණීමට උපාය මාර්ගයක් සකස් කර තියෙනවා.
ඔවුන් මේක හඳුන්වන්නේ TACO ආචරණ උපක්‍රමය කියලා යි.
සැබෑ ලෝකයේ ටැකෝ කියන්නේ ඉරිඟු පිටිවලින් හදපු පැතලි පාන්, මස්, ළූණු සහ සල්සා සෝස් ආදියෙන් හදන සාම්ප්‍රදායික මෙක්සිකෝ ප්‍රදේශයට ආවේණික ආහාරයකටයි.
පසුගිය සතියේ අවසාන වෙළඳ දිනයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ කොටස් මිල ඉහළ ගියේ ඒ අනුව ඉල්ලුම වැඩි වූ නිසයි. ඒ නිසා, පාස්කු නිවාඩුවෙන් පස්සේ ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළ ඊයේ (2026 අප්‍රේල් 7, අඟහරුවාදා) ආරම්භවුණාම ඉල්ලුම වැඩි වෙලා කොටස් මිල 2% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගියා.
ජොලිම කාරණය නම් මේක යි, ඒ විදිහට කොටස් මිල ඉහළින් ම වුණේ ගුස්මන් වයි ගෝමස් (GYG) සමාගමේ.
ඔවුන් සැකසූ මෙක්සිකානු ආහාර විකුණන, පීට්සා හට්, මැක්ඩොනල්ඩ් වගේ සමාගමක්.
ඒ කියන්නේ Taco කඩ.
- රසික සූරියආරච්චි
(image: Meta AI)