Sunday, 30 April 2017

විචාරක බ්ලොග්කරුවා ගේ මරණය - Some day we will all die!


මරණය කාටත් පොදු දෙයකි.

දිනකට ලෝකයේ එක් ලක්‍ෂ පනස් දහසක් තරම් විශාල සංඛ්‍යාවක් මිනිසුන් මිය යති.

නමුත් අපට දුකක් දැනෙන්නේ (තරමක් හෝ) දන්නා හඳුනන අයෙකු මිය ගිය විට පමණි.

ඊට අමතරව, හදිසි මරණ ද, වැළැක්විය හැකි හේතු නිසා සිදුවෙන අකාල මරණ ද සිතට දුක ගෙනෙයි.

"අසමි, දකිමි, සොයමි" නමින් යුතු සිංහල බ්ලොගය රචනා කළ විචාරක නම් බ්ලොග්කරුවා ගේ මරණය ඔහු ගැන දන්නා සැම දෙනෙකු ගේ මෙන් ම මගේ සිතට ද දුකක් ගෙනාවේ ය.

අද සෙනසුරාදා උදේ පාන්දර පහට පමණ සැලසුම් නොකළ ආකාරයකට අවදි වුණු වෙලේ, ජංගම දුරකථනයෙන් ෆේස්බුක් පිරික්සා බලන විට මුලින් ම ඇස ගැසුණේ දේශක යා නම් බ්ලොග්කරු විසින් තබන ලද විචාරක ගේ මරණය පිළිබඳ කෙටි සටහනකි.

ඊළඟට මා දුටුවේ ලක්මාල් කන්දේවිදාන ගේ සටහනයි.

යළි නින්දට යෑමට තැත් කළ ද එය එතරම් සාර්ථක නොවුණි. දැන් පැය විස්සකට පමණ පසුව මේ සටහන ලියන මොහොත වන විට ද, ඒ ඇතිවුණු "අයියෝ!" සිතුවිල්ල සිතේ හිරවී පවතී!

පසුගිය දිනක සිඩ්නි නගරයේ, ඔලිම්පික් ක්‍රීඩාගාරයේ දී පැවති, දහසක් පමණ දෙනා සහභාගී වූ "ඩී.එන්.ඒ. ඔෆ් අන්කන්ඩිෂනල් ලව්" නම් මැයෙන් වූ භාවනා සහ ධම්ම වැඩ සටහනක දී, එය මෙහෙය වූ අජාන් බ්‍රහ්ම් නම් බෞද්ධ භික්‍ෂුව, "ස්නූපි" නම් බලු පැටියෙකු සහ "චාලි බ්‍රවුන්" නම් කොලු පැටියෙකු ගේ ප්‍රධාන චරිත සහිත "පී-නට්ස්" නම් කාටුන් මාලාවේ ආ පහත දැක්වෙන සුප්‍රසිද්ධ කාටූනය පිළිබඳව සඳහන් කළේ ය.



"කවද හරි දවසක අපි සේරම මැරෙනවා ස්නූපී" චාලි බ්‍රවුන් ස්නූපි අමතා පවසයි.

"ඇත්ත!" ස්නූපි පිළිතුරු දෙයි "නමුත්, අනිත් කිසිම දවසක අපි මැරෙන්නේ නෑ නේ!"

මෙය සදාකාලික සර්වශුභවාදී අදහසකි.

අප සැම කළ යුත්තේ ඒ කවදා හරි දවස එනතුරු අප හමුවේ ඇති ඉතුරු දවස් සතුටෙන් ගත කිරීමයි.

අඩියෝස් අමීගෝ විචාරක!

-රසිකොලොජිස්ට්

ප/ලි:
විචාරක පිළිබඳව ලියවුණු මා කියවූ වෙනත් ලිපි:

1. 2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය
https://atampahura.blogspot.com/2017/04/2016-26-2315.html


2. විචාරක බ්ලොග්කරුවා සහ මා අතර ඇතිවුණු වලිය ගැන සටහනක් - Storm in a Teacup
http://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.html


3. මේජර් ගුණරත්න හෙවත් ආදරණීය විචා ඔබට සුභ ගමන්
http://kolambagamaya.blogspot.com/2017/04/blog-post_29.html


4. ඔබට සුබ ගමන් විචාරක මාමේ...
http://littleflowerbuds.blogspot.com/2017/04/blog-post.html


5. සුභ ගමන් විචාරකතුමනි.. !!!
http://kalahitha.blogspot.com/2017/04/blog-post.html


6. විචාරක මලා
http://ansathudinapotha.blogspot.com/2017/04/blog-post_74.html


7. විචා...සුබ ගමන් එහෙනම්
https://vibheeshana2.blogspot.com/2017/04/blog-post_30.html


8. Three Of A Kind…Remembrances of Ilandariya, Oba and Wicha…...
http://ranrandil.blogspot.com/2017/04/504-three-of-kindremembrances-of.html


9. ළයාදර හිතවත ඔබට සුබ ගමන්
https://sugv.wordpress.com/2017/04/29/ළයාදර හිතවත ඔබට සුබ ගමන්/

38 comments:

  1. දිනය අවසන් වෙලා
    රාත්‍රිය උදා වෙලා
    බ්ලොග් ලෝකය
    සෝ සයුරක ගිල්වා
    විචාරක සමු අරන්

    වෙනදා දැණුම බෙදූ
    අසමි දකිමි සොයමි
    බ්ලොග් එක නිහඞයි
    අවසාන සටහන ලියා
    විචාරක සමු අරන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      මා විචාරක ගැන දෙවෙනි ලිපියකුත් ලිවීමට අදහස් කරනවා.

      Delete
  2. ඔබ බොහෝදෙනෙක් තරම් ඔහුගෙ මරණයෙන් මම කම්පනය නොවුණෙ ඔහුව පෞද්ගලිකව ආශ්‍රය කරන්න වාසනාවක් නොලැබුණු හින්ද.
    හැබැයි ඔහු වටිනා මනුස්සයෙක් බ්ව පැහැදිළියි

    ReplyDelete
    Replies
    1. අපට දුකක් දැනෙන්නේ (තරමක් හෝ) දන්නා හඳුනන අයෙකු මිය ගිය විට පමණි.

      ඊට අමතරව, හදිසි මරණ ද, වැළැක්විය හැකි හේතු නිසා සිදුවෙන අකාල මරණ ද සිතට දුක ගෙනෙයි.

      Delete
  3. ඔය පොටෝ එකේ අනිත් පැත්තේ ඉන්නේ මම

    ReplyDelete
    Replies
    1. මෙය මරණය ගැන කෙරෙන සඳහනක් නිසා, මා සහ විචාරක හැර අන් අයගේ මුහුණු නොපෙන්වීමට කටයුතු කළෙමි!

      Delete
  4. මම විචාරකගේ ලිපි සියල්ලම වාගේ කියවල තියෙනවා. නමුත් ඔහුව පුද්ගලිකව හඳුනන්නේ නැහැ. ඔහුව හඳුනන්නේ ඔහුගේ ලිපි තුලින් සුන්දර මිනිසකු වශයෙන් පමණයි.

    ReplyDelete
    Replies
    1. මා සමගත් අදහස් ගැටුමක් ඇති වී පසුව එය සුන්දරව නිරාකරණය වුණා!

      http://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.html

      Delete
  5. මා උපතින්ම අබාධිත අයෙක්. ඒ නිසා ගොඩක් වෙලාවට නිවසේම කාලය ගතකල මම ලෝකය ගැන ගොඩක් දේවල් දැනගත්තේ විචාරක මහතාගේ බ්ලොග් එකෙන්. එතුමා අසනීප වෙලා ඉන්නවා කියලා දැන ගත්තම පස්සේ මම එතුමාට ඊමේල් කරා. එතුමාගේ දුරකථන අංකයත් දුන්නා. ඒත් උපතින්ම ගොළු මට කතා කරන්න බැහැනි. මම එස්එම්එස් කලා.

    මගේ පියා මම කුඩා කලම මිය ගියා. ඒ ගැන විස්තර මම විචාරකතුමාට කිව්වම එතුමා කිව්වා මගේ මියගිය පියා කොහේ හරි ඉදන් මට අවශ්‍ය දැනුම ලබා දෙන්න විචාරක මහතාව මෙහෙයවනවා වෙන්නත් පුළුවන්, ඒ නිසා එයා බ්ලොග් එක ලියනවා වෙන්නත් පුළුවන් කියලා.

    මගේ සහෝදරයා තමයි මට විචාරක මහතාගේ බ්ලොගය ගැන මුලින්ම කිව්වේ. එයාත් මෙතුමාගේ වියෝව ගැන දුකින් ඉන්නේ. මටයි සහෝදරයටයි පියෙක් වගේ තමයි විචාරක මහතා උපදස් දුන්නේ.

    මගේ සහෝදරයා මුලින්ම විචාරක මහතාගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එක සහ ඒකට එතුමා ලබාදුන් පිළිතුර පහලින් තියෙනවා. ඒ මගින් තමයි මමත් විචාරක මහතාව හදුනා ගත්තේ.
    .....

    AnonymousJune 9, 2015 at 1:02 PM

    මම වෛද්‍ය අධ්‍යාපනය හදාරන අයෙක්. නිවාඩු පාඩු වෙලාවට ඇවිත් මේ බ්ලොග් අඩවිය බලනවා. ආරක්ෂක අංශ ගැන දැනගෙන නොහිටි කාරනා ගොඩක් මේ බ්ලොග් අඩවිය බලලා දැනගත්තා. ඒ වගේම මෙම බ්ලොග් අඩවියේ රචකයා වන විචාරකතුමා සෑම විටම ඉතා පැහැදිලිව, ඕනෑම කෙනෙකුට වැටහෙන පරිදි ලිපි සම්පාදනය කර තිබෙනවා. ඔබතුමාට ඒ හැකියාව ලැබී ඇත්තේ උසස් හමුදා පුහුණුව නිසා වෙන්නට ඕනි.

    මගේ පියා සේවය කෙරුවේ ගුවන් හමුදා නිලධාරියෙක් ලෙස. කොළොන්නාව තෙල් ටැංකි වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මගේ පියා මිය ගියා. එතකොට මම පාසලේ බාලාංශ පන්ති වල හිටියේ. මගේ පියා අද සිටියා නම් ඔබතුමා වගේම ගුවන් හමුදාවේ තොරතුරු ඔහු කියා දේවි.

    Reply
    Replies

    විචාරක - WicharakaJune 9, 2015 at 1:21 PM

    ඔබ මගේ දරුවකුගේ වයසේ ඉන්න කෙනෙක් බව පෙනෙනවා. මගෙත් එක දියණියක් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී දැන් ඉන්ටර්න් පත්වීමක් ලබා කොළඹට ආසන්න රෝහලක සේවය කරනවා. ඔබටත් වෛද්‍ය වරයකු ලෙස රටට සේවය කරන්න වාසනාව උදාවේවා කියා ප්‍රාර්ථනය කරනවා.

    පියාගේ වියෝව ඔබට මහත් වේදනාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එය ජීවිතය පුරාම දැනෙයි. දැන් කලයුත්තේ ඉදිරිය ගැන සිතා වැඩ කිරීමයි. ඇත්තෙන්ම ඔබ එහෙම වැඩ කිරීම නිසා තමයි අද ඔය තත්වයට ඇවිත් ඉන්නේ. පියා වෙනුවෙන් කළහැකි සෑම පින්කමක්ම ඔබ කරනු ඇතැයි සිතනවා. මා ඔබේ පියා යයි සිතන්න. කවුද දන්නේ ඔහු කොහේ හො සිට මේවා ලියන්න මාව පොළඹවනවාද කියා. කැමතිනම් ඔබේ සිතේ තියන දේවල් මට ලියන්න wmjgslsr@gmail.com

    මේ අඩවිය ඇගයීම ගැන ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබේ මේ විස්තරය මෙලෙස ලියා තැබීම පිළිබඳ ස්තුතියි. ඔහු බොහෝ දෙනෙකුට විවිධාකරයෙන් උදව් කර ඇති බව පැහැදිළියි.

      Delete
  6. බ්ලොග් ලොව ලොකු කුඩා කාටත් එකසේ සැලකුව චරිතයක්.
    ඔහුගේ නික්මයාම ඉක්මන් වැඩී කියලයි මට හිතෙන්නෙ.
    ඔහුට සුබ ගමන්.

    ReplyDelete
    Replies
    1. ආවොත් යන්න වෙනවා.

      යන දවස කලින් දන්නවා නම් තරමක් ෂේප්. නමුත් බොහෝ දෙනෙකු එය දැන ගන්නේ නෑ.

      Delete
  7. සුභ ගමන් මගේ ජේෂ්ඨ සගයාට.. වෛරස් උණෙන් දවස් තුනක් ඉඳල හෙම්බත්වෙලා ඉන්නේ.. හෙටවත් නැගිට ගන්න බැරි උනොත් ඔහුට අවසන් වතාවට සමුදෙන්න බැරිවෙනවා ..

    ReplyDelete
    Replies
    1. මෙතැනට අදාල නිසා මේ කරුණ කියන්නම්.

      මෙවර අප්‍රියෙල් මාසයේ මැද මට වෛරසයක් වැළදී දවස් තුනක් තිස්සේ ඉතා දුක් වින්දා. පෙර වසරවල දී මේ ආකාරයේ වෛරස් ආසාදන හැඳුණු විට මෙතරම් වේදනාවක් නොතිබුණු බවත්, වසරෙන් වසර දරා ගැනීමේ හැකියාව අඩු වෙන බවත් මට දැනුණා.

      ඒ සමගම ම අවබෝධ වුනේ, මෙලෙස දරා ගැනීමේ හැකියාව එන්න එන්න ම අඩු වී, වේදනාව එන්න එන්න ම වැඩි වී එක් වසරක මේ ආකාරයේ ආසාදනයක් සෑදණු විට එය අවසාන ආසාදනය වෙන බවයි!

      Delete
  8. නිවන් සුව ලැබේවා ... !!

    ReplyDelete
    Replies
    1. සමහරු සුබ ගමන් කියනවා, සමහරු නිවන් සුව පතනවා. මං අද ලියූ ලිපියේ ලිව්වේ, දවසක එහේ දී හමුවෙමු කියායි.

      http://rasikalogy.blogspot.com/2017/05/storm-in-teacup.html

      Delete
  9. මා ඔහු පෞද්ගලිකව දන්නේ නැති වුවත් බ්ලොග් ලෝකයේ කිහිප වරක් අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමි. ඇත්තටම මෙය දැනගත් මොහොතේ දුක්බර හැඟුමක් සිතට දැනුණි. තවම ඒ හැඟීම එසේමය. ඔහුට නිවන් සුව අත්වේවා කියා පතමි.

    ReplyDelete
    Replies
    1. මට නම් දෙවරක් ම හමු වී කෙටියෙන් හෝ කතා බහ කර තිබේ.

      එවිට දුක වැඩිය!

      Delete
  10. විචාරක Wicharaka
    08/01/2015 at 13:21
    තමන්ගේ අම්මා පාසල් ගුරුවරියක් වීම දරුවකුට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක්. දෙමව්පියන් ගුරුවරුන් වීම ඊටත් වඩා වරප්‍රසාදයක්. මම ඒ වරප්‍රසාදය ලැබුවා. අපි ඉස්කෝලේ යන කාලේ හෝඩිය, පළවෙනිය, දෙක, යන පන්ති වලදී මගේ පන්තිභාර ගුරුතුමිය වුනේ මගේ අම්මා. 7,8, පන්ති වලදී තාත්තා.

    මම දෙකේ පන්තියෙදී ඇන්ද බැලුන් කාරයා නමැති චිත්‍රය මට අවුරුදු 40 ක් වනතුරු අම්මා ළඟ තිබුණා.

    අපිව මිනිස්සු කරපු ඔබෙත් මගෙත් කාගේත් අම්මලා තාත්තලාට බුදුබව අත්වේවා!

    Reply
    raigam
    08/01/2015 at 22:19
    ඕකනේ කියන්නේ විචාරක, ලෝකේ කොතරම් හමුදා නිලධාරීන් ඉන්නවද, කොතරම් විශ්‍රාමලත් හමුදා නිලධාරීන් ඉන්නවද? මෙයින් කි දෙනාද බ්ලොග් ලියන්නේ? එයම ලොකු කතාවක් කියනවා.

    ඉහතින් තියෙන්නේ විචාරක මගේ බ්ලොගයේ දැමුව කොමෙන්ටුවක් හා එයට මා දුන් පිළිතුර!

    විචාරකට නිවන් සුව පතමි!

    ReplyDelete
    Replies
    1. සේවයෙන් ඉවත් වූ හමුදාකාරයෝ කිහිප දෙනෙකුම බ්ලොග් ලියති.

      1. විචාරක (අසමි දකිමි සොයමි)
      2. හෙන්රි වර්ණකුලසූරිය (නොකී කතා)
      3. කළ්‍යාණ මිත්‍ර (කලා හිත)
      4. සරත් විමලසූරිය (මං කොයි වගේ ද?)
      5. වැව් ඉස්මත්ත
      6. රුවන් ජයතුංග (ට්‍රාන්සිල්වේනියා)
      7. ඉලංගකෝන් (ඉලංගකෝන් ගේ විවරණය)
      8. තවත් අයෙකු සිටී (විස්තර මතකට නො ඒ!)

      මේ අනුව බලන කළ, හමුදාකරුවන් නොවන සිවිල් ජනතාව අතරින් බ්ලොග් ලියන ප්‍රතිශතයට වඩා හමුදා සේවයෙන් ඉවත් වූ අයෙගෙන් බ්ලොග් ලියන ප්‍රතිශතය වැඩි යැයි මට සිතේ!

      Delete
  11. MISS YOU WICHA............!

    ReplyDelete
    Replies
    1. හී විල් බී මිස්ඩ් ඉන් ද සිංහල බ්ලොග්ස්පියර්!

      Delete
  12. The bald Sherlock Holmes of Sydney with Wicharaka lol

    ReplyDelete
  13. අන්තිමට් මට කතාකරද්දි ඔහු අසනීප වීමට ආසන්නව ඉන්න ඇති. කුරුණෑගල තියන්න කියපු පොත ගන්න කියන්න ඔහුව සම්භන්ද කරගන්න ඊට පස්සෙ බැරිඋනා . සුභ ගමන් විචාරක ....
    මින්පසු සාත්තර නොකියමි.

    ReplyDelete
    Replies
    1. විචා මැරෙනවා කියලා තමුන් කිව්වා කියලා සාක්කි ඇතුව ඔප්පු කරන්න පුළුවන්ද?

      Delete
    2. කම්මල, ඔබ කියන්නේ ඔබ විචාරක දැන්ම ම විය නොයන බව කියා, එය එසේ වූ නිසා, යළිත් සාස්තර නොකියන්නට තීරණය කළ බව නේද?

      Delete
    3. රසික , ඉරහද පත්තරේ එවුන් අනාවැකි කියල් කීපාරක් ඇන ගත්තද ? ඔය තාම පත්තරේ තියෙන්නෙ

      Delete
  14. විචාරක මහතාට සුභ ගමන්, බ්ලොග් ලෝකයෙ සැකයක් මතුවෙලා තියෙනවා, රොබට් කියන්නෙ විචාරක හදපු ෆේක් ප්‍රෝෆයිලක් කියලා...

    ReplyDelete
    Replies
    1. ඔය ටික තමන්ගේ ප්‍රොෆයිල් එකෙන් ඇවිත් කියන්න බැරිද?

      Delete
    2. රොබට් යනු මා විසින් හදනු ලැබූ ෆේක් ප්‍රොෆයිලයක් බවත් කවුදෝ දවසක කියා තිබුණා!

      Delete
  15. ලිපි තුළින් පමණක් දුටු විචාරක නික්මයාමෙන් අප තුළ ඇති කළ කම්පාව සුළුපටු නෑ

    ReplyDelete
    Replies
    1. දිනකට ලක්‍ෂ එකහමාරක් මිනිසුන් මිය යනවා. නමුත් දුක දැනෙන්නේ අප දන්නා කියන අය ගැන විතරයි.

      ඒක මිනිස් ස්වභාවය.

      Delete
  16. Replies
    1. මතු දිනයක අපට හමුවේවි, එහෙ දී!

      Delete
  17. එතුමා අසනීපයෙන් පසුවෙන බවත් ඔහුගේ රෝගී තත්වය මෙයැයි ඉවාන් අයිය විස්තර කියද්දී ඔහුගේ මරණයට පෙර පටන් 'අනේ දෙයියනේ" කියලා හිතෙන්න ගත්තා. ගිය අවුරුද්දේ බ්ලොග් සම්මාන උළෙලේදී මං එක්ක ලගින්ම හිටියා, ගොඩක් දුකයි නිවන්සුව ඔබ තුමාට

    ReplyDelete
    Replies
    1. ඔබ දුන් තැග්ගක් ගැන ලියූ විනෝදාත්මක ලිපිය තවමත් මතකයි!

      Delete
  18. ඔය පින්තුරය මට මතකයි. රසික වෙනත් පොස්ට් එකකත් දමා තිබුන. සුභ ගමන් විචාරක තුමා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.