
ලංකාවේ සාහිත්‍ය මාසය නිසා සිංහල සාහිත්‍යකාමීහු පිබිදෙමින් සිටිති. මකුළු දැල් බැඳෙමින් තිබුණු මගේ රසිකොලොජි බ්ලොගය ද නැවත පණ ගැහුණේ මේ සාහිත්‍ය මාසය නිසාම ය.
මේ දිනවල සමාජජාලාවල පැතිර යන උණුසුම් පුවතක් නම් පොත් ප්‍රකාශකයින්ගේ සංගමය නම් සංවිධානය මගින් තමන්ගේ ප්‍රකාශන සඳහා ලබාදෙන උපරිම වට්ටම සියයට විස්සක් බව තීරණය කර එය ක්‍රියාත්මක කිරීම සහ එම සංගමයේ සාමාජිකයින් නොවන විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා පොත් විකුණන වෙළඳුන්ට ද 20% ට වඩා වට්ටම් පාරිභෝගිකයින්ට ලබා දීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමයි.
පොත් ප්‍රකාශකයින් තමන් විසින් ප්‍රකාශනය කරන පොත් සඳහා සිල්ලර මිල නියම කරන්නේ තමන්ම බැවිනුත් සඳහා වට්ටම් ලබා දෙන නොදෙන බව සහ වට්ටම් ප්‍රමාණය තීරණය කරන්නේ ද තමන් ද බැවිනුත් මේ වට්ටම් යනු කෘතිම දෙයක් බව පැහැදිලිය.
එසේම, මගේ අදහස නම් වැඩි වට්ටමක් යනු ප්‍රෝඩාවක් බවයි එනම් සෑම පොතකම මිල රුපියල් දහදාහකට නියම කළහොත් ඔවුනට පාරිභෝගිකයින්ට 95% ක වට්ටමක් දිය හැක.
කෙසේ වෙතත්, පොත් ප්‍රකාශන සංගමයේ සාමාජිකයින් විසින් මේ ක්‍රියාත්මකවන්නේ කතිපයාධිකාරයක (oligopoly) ආකාරයට බවත් එය පාරිභෝගික ආරක්ෂක පනත සහ වෙළඳ නීතිවලට අනුව තරඟකාරී-විරෝධී (anti-competitive) නීති විරෝධී කටයුත්තක් බවත් නිසැකවම කිව හැක. එපමණක් නොව ඔවුන් විසින් තමන් නියම කරන මිලට භාණ්ඩ විකුණන ලෙස පොත් ප්‍රකාශකයින් නොවන වෙනත් වෙළඳුන්ට කරන බලපෑම ද නීති විරෝධී එකක් වේ
මගේ යෝජනාව නම් පාරිභෝගිකයින් ලෙස අප මේ පිළිබඳව සාධාරණ වෙළඳ කොමිසමට සහ වෙනත් පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් පෙනී වෙනුවෙන් පෙනී සිටින ආයතනවලට පැමිණිලි කළ යුතු බවයි.
එසේම ධනවාදී වෙළෙඳපොළ නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් ඒකාධිකාරීත්වය (monopoly) ද්වි අධිකාරීත්වය (duopoly) සහ පෙර සඳහන් කළ කතිපයාධිකාරීත්වය (oligopoly) නොමැතිව වෙළෙන්දන් අතර හොඳ තරගයක් තිබිය යුතු වන අතර ඒ සමගම පාරිභෝගිකයින් සහේතුක (rational) ආකාරයට තීරණ ගත යුතුයි. ඒ සඳහා ඔවුන්ට වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව තොරතුරු නිසි පරිදි ලැබී තිබිය යුතුයි.
සාධාරණ වෙළෙඳ කොමිසම සහ තවත් රජයේ ආයතන පිහිටා තිබෙන්නේ මේ සියලු කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ය.
මෙහිදී ඉතාම වැදගත් කාරණය වන්නේ මා පෙර සඳහන් කළ පරිදි පාරිභෝගිකයින් විසින් සහේතුකව තීරණ ගැනීමයි. යම්කිසි වෙළෙන්දෙකු හෝ වෙළද සංගමයක් විසින් පාරිභෝගිකයින්ට නොමනා අන්දමින් සලකන විට ඔවුන් තවදුරටත් වෙළඳාම කරනවද යන්න පිළිබඳව පාරිභෝගිකයින්ට විශාල බලපෑමක් කළ හැකියි.
පොත් ප්‍රකාශන සංගමයේ කතිපයාධිකාරී ක්‍රියාකාරීත්වය ගැනත් වෙනත් වෙළඳුන්ට කරන බලපෑම් පිළිබඳව පාරිභෝගිකයින් වශයෙන් අප සාධාරණ වෙළඳ කොමිසමට පැමිණිලි කළ යුතු යයි මම නැවතත් යෝජනා කරමි.
ලංකාවේ සේවය කළ සමයේ පාරිභෝගිකයින් විසින් කරනු ලැබූ එවැනි නීති විරෝධී ක්‍රියා පිළිබඳව ඔවුන් විසින් නිසි පරීක්ෂණ පැවැත්වූ බව ඒ සමහර කටයුතු වලට උපදේශකයෙකු ලෙස සහභාගි වූ මම හොඳින් දනිමි.
-රසිකොලොජිස්ට්
(image: https://blog.ipleaders.in/anti-competitive-agreements/)