
ඕස්ට්‍රේලියන් ෆෙඩරල් ඡන්දයේ ප්‍රතිඵල එනතුරු සිටින කාලයේ දී සිහියට ආ පැරණි සිතුවිල්ලක් අනුව මා ලියූ දිගු ලිපියක මුල් කොටස "මගේ දෙයියා සහ උඹේ දෙයියා" ලෙසින් කඩා පළ කළෙමි. එහි දෙබලකින් විහිදෙන එක් අත්තක පුරුක "ගංගොඩවිල සෝම සහ දෙයියෝ" නමින් පසුව පළ විය.
ඒ අත්තේ රිකිලි කිහිපය අද පළ කරන්නට සිටිය ද, එය මදක් කල් දැමීමට සිදු වේ.
ඒ වෙනුවට මෙන්න පොඩි තරගයක්.
මේ පහත පෙනෙන්නේ මේ සතියේ දින දෙකක මගේ දිවා ආහාරයයි. මේ ආහාර ගැන ලිපියක් මා කලින් දිනක රසිකොලොජියේ පළ කර ඇති අතර, මේ ඡායාරූප ද ෆේස්බුක් හි දින දෙකකට කලින් පළ කළෙමි.
මේ ඡායාරූප දෙකේ ඇති වෙනස්කම් මොනවා ද?


මෙය මගේ අත බලා මා මැරෙන දිනය ගැන කියන්නැයි මා කළ අභියෝගය තරම් දරුණු එකක් නොවෙතැයි සිතමි.
සති අන්තයේ පොඩි විවේකයක් ගන්නෙමි. ඒ ගැන කලකට ඉහත නාඳුනන පාඨකයෙකු විසින් අනාවැකියක් ද පවසා තිබුණි.
ජයවේවා!
-රසිකොලොජිස්ට්
ප/ලි:
මා පෙර දිනක ලෝවැඩ සඟරාවෙන් සහ ධම්මපදයෙන් කවි කිහිපයක් උපුටා දැක්වුයෙමි. මෙන්න තවත් හොඳ කවියක්.
සියපත සුවඳ ම ය
කුඩ මසු පිළී ගඳ ම ය
දෙකට එක දිය ම ය
හොඳට නරකට දෙකට කට ම ය
(image: http://www.newhealthadvisor.com/)