අශෝක හඳගම ගේ සින්තටික් සිහින ටෙලි නාට්‍යයේ එක් දර්ශනයක (ජයලත් මනෝරත්න විසින් චරිතය නිරූපණය කරන ලද) විශ්ව විද්‍යාල දේශකයාට මත්පැන් පොදක් තොල ගෑමට ආරාධනාවක් ලැබෙයි. එය කාරුණිකව ප්‍රතික්‍ෂේප කරනු ලැබූ විට ඔහුගෙන් විමසනු ලබන්නේ "ඇයි සර් කවදාකවත් බීලා ම නැද්ද?" යනුවෙනි.
එයට පිළිතුර ලෙස දේශකයා පවසන්නේ, "අපොයි නෑ ජීවිත කාලයේ ම අරක්කු කෝටා එක කලින් ම බීලා හමාර කළා!" යනුවෙනි.
ජීවිතයෙන් අවුරුදු දාසයක් ම පූර්ණකාලීනව හෝ පශ්චාත් උපාධි පරීක්‍ෂණවල නිරතවෙන අතරතුර අර්ධකාලීනව හෝ විශ්ව විද්‍යාල දේශකයෙකු ලෙස මා සේවය කර තිබුණ ද, තවමත් කිසිදු බීමක හෝ කෑමක ජීවිත කාලයේ කෝටාව සහමුලින්ම අහවර වී නොමැත. එසේ නමුත්, විටින් විට ලැබෙන උපදේශ නිසා, එසේ ජීවිතකාලයේ කෝටාව කලින් ම අවසාන වීම වළකා හැකිතාක් දුර පවත්වා ගෙන යෑම සඳහා යම් යම් ආකාරවල සීමා කිරීම් කිරීමට මට ද සිදු වී ඇත.
වෙනදා උදෑසන,ජෑම් සහ මාජරින් හොඳින් තැවරූ පාන් පෙති හතරක් දිනපතාම නහයට යටින් අතුරුදහන් කළ ද, ඒ පුරුදු නවතා, පලතුරු, කිරි සහ යෝගට් මිශ්‍ර සුමුදු පානයකට උදේ ආහාරය සීමා කිරීමට මා තීරණය කළේ මීට වසරකට පමණ පෙර ය. ඒ විස්තරය රසිකොලොජියේ ද පළ කළෙමි.
එහි දී ජෑම්, මාජරින්වලට වඩා මට සීමා කිරීමට අවශ්‍ය වූයේ තිරිඟු පිටි සහිත පාන් කෑමයි.
කොහොමටත් තිරිඟු පිටි සහිත පාන් කෑම බටහිර ගැති වැඩක් නොවැ? කොටින් ම, ලංකාවේ සමහරු තිරිගු පිටි හඳුන්වන්නේ ද ඇමරිකන් පිටි යනුවෙනි!
සාමාන්‍යයෙන් කාර්යාල දිනවල දවල් ආහාරය ලෙස මා වසර හත අටක සිටම අනුභව කළේ ටූනා හෙවත් කෙළවල්ලන් මාළු සමග පාන් ය.
මා එසේ කළේ, කෙළවල්ලන් කෑම ජපන් ජාතිකයින් ගේ මොළය වැඩීමට හේතු වෙන බව බටහිර විරෝධීන් විසින් පවසන්නට යෙදුණු නිසා නොව, ඔමෙගා බී වැනි ශරීරයට හිතකර විටමින් ප්‍රභේදයක් එහි ඇති නිසා, නිතිපතා රතු මාළු අනුභව කරන ලෙස ලැබුණු වෙද උපදෙස් නිසා ය.
ඕස්ට්‍රේලියාවේ දී කෙළවල්ලන් කෑමට මාළු කඩෙන් ගෙනැවිත් උයා පිහා ගැනීමට අවශ්‍ය ම නොවේ. මා දිවා ආහාරය සඳහා සාමාන්‍යයෙන් ගන්නේ ටින්වල ඇසුරූ කෙළවල්ලන් ය.
මේ කුඩා මාළු ටින්, විවිධ රස සහිතව සකසා තිබුණද, මගේ සිත වැඩියෙන්ම දිනා ගත්තේ මිරිස් රසැති වර්ගයයි.
පාන් කෑම පෙති හතරේ සිට දෙකට අඩු කළ පසු, මා දිවා ආහාරය සකසා ගන්නේ මෙලෙසයි.
- පාන් පෙති දෙකක් තරමක් කර (ටෝසට්) කර ගනිමි.
- සලාද කොළ සාමාන්‍ය ප්‍රමාණයක් භාජනයකට දමා එයට සලාද මිශ්‍රණය හෙවත් ඩේරසින් ස්වල්පයක් එකතු කර ගනිමි. සෝදා පිරිසිදු කර ඇසුරු මිශ්‍ර සලාද කොළ සහ ඩේරසින් කෙළින්ම කඩෙන් මිලට ගත හැකිය.
- දැන් එයට උඩින් ටින් එකේ ඇති කෙළවල්ලන් මිශ්‍රණය එතකු කරමි.
- පාන් පෙති දෙක කුඩා කැබලිවලට කඩා සියල්ල එක මිශ්‍ර කර සලාදයක් සාදා ගනිමි.
සතියේ දින හතරක් පමණ මේ මගේ මාළු-පාන්-සලාදය කන මා අනෙත් දිනවල කරන්නේ කාර්යාලය අසල ආහාර විකුණන කඩයකින් පාන් නොමැති සලාදයක් මිලට ගෙන කෑමයි.
මේ එවැනි එළවළු සහ මස් මිශ්‍ර සලාදය කිහිපයකි.
මේ ප්‍රමාණයේ (extra large) සැලඩ් කෝප්පයක් ඩොලර් නමයකි.
මේවායේ අඩංගු මස් වර්ගය (පලහන ලද) කුකුළු මස් ය. අඩංගු එළවළු වර්ග අතර කේල් නම් කොළ වර්ගය, කීන්වා නම් ධාන්‍යය, සාමාන්‍ය සලාද කොළ, සුකිනි නම් කැකිරි වර්ගය යනාදිය වේ.
-රසිකොලොජිස්ට්
ප/ලි:
මේ සින්තටික් සිහිනය අරඹා දැන් වසරක් පමණ ගෙවී ගොසිනි. මා පෙර ලිපියේ ද සඳහන් කළ පරිදි, කලිසම් පහළට බැසීම නිසා ඇති වෙන ප්‍රශ්න මග හරවා ගැනීමට සෑම බඳ පටියක ම පාහේ අමතර හිලක් විදීමට සිදුවිය.
නමුත්, පසුගිය කාලය තුළ මගේ ස්කන්ධය නම් බොහෝ දුරට සංස්ථිතිව පවතී!
මෙය විස්තර කිරීමට හැකි, මට සිතාගත හැකි එකම ක්‍රමය නම්, සිරුරේ ජලය සහ මේදය අඩුවී ගොස්, ඒ වෙනුවට අස්ථි ඝනත්වය වැඩි වීමයි.
ප/ප/ලි:
ඇඟට හිතකර කෑම කන්නට බැරියෝ යැයි ඇඟ කෑ ගසන දිනවලට මම කාර්්‍යාලය අසල පිහිටි තායි බත් කඩේට ගොස් කෑම බාගයක් මිළට ගනිමි. මේ ඒ ආකාරයේ බත් පිගන් කීපයකි. ව්‍යංජන වර්ග දෙකක් සමග බත් පිඟාන ඩොලර් 7.50 කි.
ඊයේ දවල් නූඩ්ල්ස් හදන විට ඔය මිරිස් කෙලවල්ලා ටින් එකක් දැම්මානේ. රසිකගේ දවල් කෑම එක නියමයි. පලතුරු සහ ග්‍රීන් ටී එකක් නැද්ද? :)
ReplyDelete1. පලතුරු
Deletehttp://rasikalogy.blogspot.com/2015/02/limit-your-carb-intake.html
2. තේ බීම
http://rasikalogy.blogspot.com/2015/04/afternoon-tea-time.html
.
තුන් වේලටම බත් කන හරක්ට ඕවා හරි යන්නේ නෑ රසික මහත්තයෝ.. අනික ඉතින් ඕක හොයාගෙන කනවට වඩා බත් පැකට් එකක් කන එක ලාබයි..
ReplyDeleteඒක තමයි මචෝ මූ අර කියලා තියෙන්නේ හිකුනි කියලා කොළ ජාතියක් කනවා කියලා. මූ වගේ ගවයන්ට ඒවා තමා අල්ලන්නේ
Deleteඅම්මප.. මාත් කම්පනා කරේ.. කාලා මැරෙම්ද.. නැත්නම් මේ වගේ අමු කොළ කකා (නොකා) ජිවත් වෙම්ද කියල..
Deleteමිට- බත් කන හරකෙක්..
මාර පොපොෂ් ඇන්ඩ් හෙල්දි ලන්ච් එකක්නේ. මේ ලංකාවේ ජිවත්වන කට්ටිය ඉක්මනට ලක ලෑස්ති වෙන්න මෙයාකාර ඉන්ස්ටන්ට් පොෂ් ඇන්ඩ් හෙල්දි ලන්ච් එකක් හදාගෙන කන්න . මතක ඇතිව හෙල්ගා ඇන්ටිගේ බේකරි පාන් පෙති ගන්න .වැරදිලාවත් අමාරිස් අයියගේ බේකරි පාන් නම් ගන්න එපා .ඒවා එච්චර හෙල්දී නැ
Deleteඇත්තටම හෙල්ගා අක්කගෙ එව්වා ඇබොට් අයියගෙ ගමේ එව්වා තරම් රහ නෑ...
Deleteමෙව්වා පොශ් ද නැද්ද දන්නෙ නෑ... ඒ වුනාට මෙහෙම කන්න කට හුරු කරගන්න එකනම් ලේසි නෑ....
@මාතලන්,
Deleteමං කන බත් පිඟානක ඡායාරූපයක් සහිත විස්තරයක් ද ඇතුළත් කරන්නම්.
සැක්... ඒ බත් පිගන් දැක්කම එපා උනා. පොලොස් කෑල්ලක් මැල්ලුමක් බැදපු කාරල්ලෙක් නැතිව බත් එකක් වැඩක් නෑ
Deleteආන් ඒක නම් මරු ලොක්කා... මාතලන් කන්නෙත් ඔහොම තමයි.. බත් ඩිංගයි. අනික්වා ගොඩාආආආආයි.....
Deleteඊශ්‍රායලේ ඉඳිද්දි නම් සැලඩ් කෑවා ජීවිතේටම හරි යන්න.. සැලඩ් වලට ඔලිව් ඔයිල් ටිකක් එකතු කර ගත්තාම රහ වගේම තවත් ගුණයි... චොලෙස්ටරෝල් කොහේ ගියාද නෑ.. අනික ඔලිව්ස් එක කර ගත්තාමත් මරු...
චොලෙස්ටරෝල්.......................? මාතලන් රෝයල් එකට නේද ගියේ?
Deleteඔව් ඇයි අප්ෂෙට්ද....?
Deleteඅනේ මෙවැනි අමන ඇනෝලා!
Deleteඅම්මප හැබෑටම මේ රාලොජි උන්නැහැ වගේ වැදගත් මහත් හොරු. හරිම පොශ් ඇන්ඩ් අම්බානක ජෙන්ටල්මෑන්ස්ලා. අම්මප මහත්තයෝ ඔබතුමාගෙ කොයි හරියෙන්ද දන්නෙ නැහැ වැදගත්? මෙහෙම කිව්වට සමාවෙන්න ඕන. හැබැයි ඇනෝලා යම්තාක් අමන නම් තමුන්නාන්සේලාද ඒ හා සමානවම අමන බව හිතට ගන්න.
Deleteඅවුරුදු තිහකට කලින් ගිය පාසලක් ගැන අදාල නැති තැන්වල අනවශ්‍ය කතා ඇඳ ගැනීමෙන් ජය ගත හැකි යැයි සිතා තම නොදන්නා කම පෙන්වීම අමනකම තමයි!
Deleteවිදින බෙල්ට් එක වෙනුවට තදකරන බෙල්ටට් එකක් ගන්න.
ReplyDeleteහොඳ වෛද්‍ය උපදෙසක්...
Deleteහවඩියක් ගන්නයි ඉන්නේ!
Deleteකොන්ඩෙත් නැති එකේ හවරියක් ගත්තොත් නරකද
Deleteවෙලාවට මගේ කෝටා ඔක්කෝම ඉතිරියි වගේ.. තාම.. නැහැ නැහැ. කොච්චර කෑම ගත්තත් ඒකේ දිරවන ප්‍රමාණය වෙනස් වෙන්නෙ නැහැ.. ඒකයි හේතුව..
ReplyDelete//එයට පිළිතුර ලෙස දේශකයා පවසන්නේ, "අපොයි නෑ ජීවිත කාලයේ ම අරක්කු කෝටා එක කලින් ම බීලා හමාර කළා!" යනුවෙනි.// මේ උඹ නෙමෙයිද බං.
Deleteකෝටා එක හැමෝගෙ ම එක සමානත් නෑ!
Deleteරසික මමත් ඔය ක්‍රමේම පාවිච්චි කරලා මාස තුනට කිලෝ 13 දැන් බස්සලා තියෙන්නේ....
ReplyDeleteඅස්ථි ඝනත්වය විතරක් නෙමෙයි... ලීන් මීට් වේට් එකත් වැඩි වෙලා බර වැඩි වෙනවා... හැබැයි ඉතින් කායවර්ධන ව්‍යායාම කරන්න ඕනි....
ඔය සැලඩ් එකෙන් බාගයක් එදා කාලා මෙල්බන් ඇවිල්ලත් රෑට කනකම් බඩ හොල්ලන්න බැරි උනා....
අද නිවාඩු දාලා නෑයෝ බලන්න ගිහින් වගේ?
Deleteකෑම ගැන මොනවා කියන්නද?
ReplyDeleteඅතේ තියෙන සතපහ ඉතිරි කරගන්න මොකක්හරි පිටි ටිකක් ගිලින එකයි කරන්නේ!!
අම්මට සිරි ලංකාවේ ලාබෙට තියෙන්නේ පිටි ගුලි ඉතරයි
Deleteතරිඳු ගේ කෝටා එක ඇති යහමෙට. තාම විසි ගානයි නේ වයස!
Deleteමේ අර සැමන් එක අමුවෙන්ම කන්න පුළුවන් ද උයන්නේ කරන්නේ නැතුව?? පාන් අඩු කරපු එක නම් හොඳයි. මම නම් අත්හැරලම දාලා තියන්නේ. නෑ නෑ ඇමරිකන් කේස් එකක් නිසා නෙවේ. දවසක් ඔය පාන් එකක් ඇතුලේ දතක් තිබිලා හම්බුන නිසා..
ReplyDeleteඒ සැමන් නොවේ, කෙළවල්ලාය. ඒවා හදා ටින් කර තිබෙන්නේ කෙලන්ම කෑමට හැකවෙන පරිදිය.
Deleteලංකාවේ ඇති මැකරල්, සාඩින් වගේ ටින් මාළුත් කෙලින්ම කන්න පුළුවන්නේ.
ලංකාවේ තියන ඒවා කෙලින්ම කෑම ශරීර සෞඛ්‍යට එච්චර හොඳ නෑ නේද?
Deleteසාමන්‍යයෙන් මාළු ටින් කරන්නට ලුනු දමා පෙර තම්බනු ලැබේ!
Deleteමා කන් කෙළවල්ලන් මාළුවලට වෙනත් විවිිධ ජාතිද එකතු කර උයා ඇත.
චීනෙ වගේ රටවල හදන ටින් මාළු ගැන කියන්න දන්නෙ නෑ. එත් ලංකාවෙ හදන ටින්මාළු කිසිම ප්‍රශ්නයක් නැතුව කෙලින්ම කෑන් එක කඩල කෑමට ගන්න පුළුවන්.
Deleteරසික,
මාළු ටින් කරන්න කලින් උයන්නෙ නෑ. මාළු ටින් එක සීල් කලාට පස්සේ ජිවානුහරණය කරද්දි තමයි කෑන් එක ඇතුලෙ තියන මාළු පිසීමකට ලක්වෙන්නෙ
ඕනෑ..
Deleteලංකාවෙ හදන ටින්මාළු ලංකාවෙ මාකට් එකට දානවාද? වෙළෙඳ නාම මොනවද? කිව්වට අවුලක් නෑ නේද?.. අපේ රටේ දේ නිසා.
Tess mackerel, Tess jackmackerel තමයි මම එකෙන්ම නිර්දේශ කරන ලංකාවෙ නිෂ්පාදන. හේතුව, මම ටෙස් ගැන පුද්ගලිකවම දන්නව මම එතන කොලිටි ඇෂුවරන්ස් මැනේජර් විදියට වැඩ කරපු නිසා.
Deleteකටේ තිබ්බ රඹුටන් ඇටේ ඉක්මණටම ඉවර වුණා මේක කියවලා ඉවර වෙන කොට...
ReplyDeleteහැබෑට ඔය කියන විදිහට මෙහේදි හදා ගන්න එක නෙව අමාරු...
බොහොම අමාරුවෙන් මොනවා හරි උයා ගන්නේ...
හෙහ්...
නැත්නම් ඔන්න ඔහේ,
Deleteඅකාල මරණං බැරි නම් කාලා මරණං කියලා කාලා දාන එකයි තියෙන්නේ කන්ට කැමති හැම දෙයක්ම...
හරියට මම බඩේ අමාරුව තියා ගෙන වඩේ කනවා වගේ...
මාත් සෙනසුරාදා වඩේ දෙකක් විතර කෑවා.
Deleteඔය පොෂ් ටිං කෑම නැතුවට දැං පාං පෙත්තක් එක් පොල් සම්බෝලයක් එක්ක (හොඳින් අමු මිරිස් දාපු) කනවයි කියන එකත් ලංකාවෙ සෑහෙන වටිනාකමක් තියෙන කෑමක්.
ReplyDeleteපොෂ්?
Deleteකාටවත් ඇහෙන්න කියන්න එපා!
ටින් කරපු කෙළවල්ලන් කියන්නේ මෙහේ තිබෙන ලාබම කෑමක්.
මං හිතන්නෙ ඒක කාටවත් ඇහෙන්න නැතුව ඇති.
Deleteමෙහේ හැම මනුස්සයෙකුටම පහසුවෙන් ගන්න පුලුවන් විදියට ටින් කරල එන්නෙ සීමිත ආහාර වර්ග ප්‍රමාණයක් විතරයිනෙ.
මමත් දවල්ට සැලඩ් කන්ඩ පටන් ගත්ත. ඒත් උදේ හදල දවල් වෙද්දි මෙහෙ තියන රස්නෙට කොලවල තියන ෆ්‍රෙෂ් ගතිය යනව, එතකොට කන්න අමාරුයි.
ReplyDeleteමගෙ මෙනු එක සැලඩ් එකයි, ලුණු ගොරක දාල තම්බපු හුරුල්ලො දෙන්නයි. හැබැයි හවසට කොත්තුවක් කන්න බඩගිනි වෙනව.
සැලඩ්වලට ඩේරසින් දාන්න එපා කන්න මොහොතක් පමණක් තිබෙන්න කලින්.
Deleteව්‍යංජන වර්ග දෙකක් සමග බත් පිඟාන ඩොලර් 7.50 කි.
ReplyDeleteනමුත් සුමාන 2 කකට $ 4000.00 පමණ වැටුප් රැකියාවක් කරන ඔබ වැන්නෙකුට එය සොච්චමකි. එහෙම නේද රසික
කොහොමටත් තිරිඟු පිටි සහිත පාන් කෑම නවතන්න පුළුවනි නම් හොඳයි. අනෙක රෑට බත් ගිලින එක.
Deleteමමත් අමාරුවෙන් ඔය පුරුදු දෙකම අතහරින්න පටන් ගත්තා.
හැබැයි ඉතිරි කන්න දෙයක් නැති වුණාම කන්න ඉතිරි වෙන්නෙ පාන්ම තමයි.
@ Anonymous 23 November 2015 at 19:04
Deleteහොඳ ප්‍රශ්නයක්. මේ ගැන ලිපි කිහිපයක්ම ලියන්න පුළුවනි.
මුලින්ම කිව යුත්තේ ඔබ දක්වා ඇති මුදල මගේ දළ වැටුප හෝ ආදායම් බදු ගෙවීමෙන් පසු ඉතුරුවෙන ශුද්ධ වැටුප හෝ දෙකෙන් එකකට වත් සමාන නොවෙන බවයි.
රජයේ සේවකයෙකු වන මගේ වැටුප රහසක් නොවේ. මා ඉන්නේ NSW ප්‍රාන්තයේ RMS ආයතනයේ USS-10 රැකියාවක ය.
අපේ ආදායම් බදු ගැන විස්තර මෙතැනින්.
http://rasikalogy.blogspot.com/2015/03/how-we-pay-income-tax-in-australia.html
@ Anonymous 23 November 2015 at 19:04
Deleteඔය තායි කඩේ පිඟානට බෙදා දෙන කෑම එක වනාහී උතුරු සිඩ්නි ප්‍රදේශයේ මිළට ගත හැකි මිළ අඩුම බත් පිඟානයි. ඒ ඟෙය දවාලට මිනිසුන් දුවන ගමන් බත් කන අයිල කඩයක් නිසාය.
මෙන්න ඒ අසල ඇති වෙනත් තායි හෝටලයම කෑම මිල දර්ශකය.
http://www.thaiprasert.com.au/menu.html
භාණ්ඩයක මිල තීරණය වෙන්නේ සේවක පඩි සහ දීමනාද සහිතවය. පඩි වැඩිනම් බඩුවල මිළ ද, සේවා ගාස්තු ද, රජයේ බදු ද වැඩිවිය යුතුයි.
Deleteපඩි වැඩිකර ජීවන තත්වය උසස් කළ නොහැක්කේ ඒ නිසාය.
මේ රටේ අවම වැටුප ඇමරිකා එක්සත් ජනපදයට සාපේක්‍ෂව ඉතා හොඳ අගයකි. මෙන්න විස්තර.
What is the current national minimum wage?
Rasika Suriyaarachchi
DeleteBusiness Systems Manager, Asset Management Planning, Roads and Maritime Services
රසික ඔය රක්ෂාව ළමයකුට දෙන්න
එන්න ඩි ඩබල් 18 ස්පීඩ් සෙමි ටේලර් ට්‍රක් එකක් එලවන්න ඉන්ටස්ටේට් ලොජස්ටික් ට්‍රාන්ස් පොර්ට් ගෘප් එකකට එතකට අඩුම ගානේ සුමානදෙකකට $ 3500.00 දළ වැටුපක් ගන්න පුළුවන්
අඩු පඩියක් ලැබෙන, බර වැඩ ඇති, රැකියාවකට මා යා යුත්තේ ඇයි?
Deleteඅයියෝ ඩේටා!
ඩේටා කොම්පැනියෙන් එක අවුලක් නැ. ඩි ඩබල් 18 ස්පීඩ් සෙමි ටේලර් ට්‍රක් එකක් එලවන්න එක කාර් තරම් වත් අමාරු නැ. ඇයි රැකියාව ඩයිවර් කියලා කියන්න ලජ්ජාද ලංකාවේ කට්ටියට
Deleteමගේ දළ වැටුප හෝ ආදායම් බදු ගෙවීමෙන් පසු ඉතුරුවෙන ශුද්ධ වැටුප හෝ දෙකෙන් එකකට වත් සමාන නොවෙන බවයි. එකියන්නේ $ 4000.00 වඩා වැඩියි කියන එකද
අනේ මන්දා එහෙනම් $ 7.50 වගේ මෙච්චර සොච්චමක් ගැන මොන කතාද ?
Guys it's not that easy as you think. Learning to drive a semi truck properly requires lots of training and experience, but if you're curious about the basics of shifting one, you can get a primer on the steps that you'll need to practice if you want to drive the big rigs. Learn how the gear shifter workers, how to shift between gears, and some tips for knowing when to shift.
DeleteFist thing you have to do is to understand how the gear shift differs from a normal vehicle's shifter. If you're familiar with a manual transmission, the basic principles of the Eaton-Fuller Transmission shifter–the style used in many commercial trucks today–is similar, but more complex. Basically, it's oriented like a five-speed, but with a total of four different ratios at each position, which you toggle by a combination of switches and positions. This results in a total combination of 18 different speeds.
The shift knob has two switches controlling air-actuated gears. One is the range switch, which needs to be set on "Low" for gears Lo-4, and the other is the high/low splitter, which is used to toggle between the low and high setting at each gear. Your index finger operates the range switch, which allows you to flip between high and low at each gear position with your thumb.
Then learn the gear shift pattern. Most gear shifts have a diagram displaying the shifting pattern, which will help to clue you into the organization of the gears. The low gears are usually differentiated from the high gears by color, and reverse is indicated by an "R."
Gears 1-4 should all be straightforward, but then to shift into fifth gear, you shift back to the first position, and the pattern repeats. First gear is in the same position as fifth, second in the same as sixth, and so on.
Remember, at each position, you also have a total of four different speeds, though only two will be accessible, depending on where you shift from. In first gear, you've got 1L and 1H, as well as 5L and 5H.
You need to practice the gear pattern of the semi while the truck is stopped. This allows you to become familiar with the gear pattern so you can shift up and down without looking. This will help you keep your eyes safely on the road while driving.
Grip the gear shift so that your index finger is available to work the range switch, and the middle and thumb can work the high/low splitter. If you don't have experience operating the clutch and driving a manual transmission vehicle, shifting a semi truck is going to have a much larger learning curve. Operating the gear shifter by itself is challenging enough, so you need to be very comfortable operating the clutch on a regular vehicle before you attempt to drive a semi. Practice on a regular car first.
ඩී-ඩබල් ගැන නොදනිමි. ඒවා ඇත්තේ ඔහෙලාගේ පලාතේ විය යුතුයි.
Deleteබී ඩබල් ද, ඒබී ත්‍රිපල් සහ වෙනත් රෝඩ් ටේර්න් වර්ග ද, පීබීඑස් වෙහිකල් ද ගැන තරමක් දනිමි!
This is how you could move; first of all you should start the truck. Hold the clutch pedal to the floor, as you would do start a normal manual transmission vehicle. This stops the transmission gears from turning, which allows the shifter to slide into gear. Select “LoL” by moving the shifter into the Lo-gear position, usually left and back. Check to make sure the range switch is in the low position (down), and the splitter is also on "L" and you'll be ready to start the vehicle.
DeleteThen, push down the accelerator and slowly release the clutch. As you might guess when the vehicle's got 18 different speeds, getting the truck into Lo gear on Low setting will get you going about one mile per hour, if that. Once you've slid into it, release the clutch and you'll probably be ready to shift into Lo-H. To shift into Lo-H, you'll change the splitter to High gear to shift into high. You need to depress the clutch slightly, but not all the way to floor, then let it out to shift into Lo-H.
Double-clutch to shift into first gear, low setting. Depress the clutch again slightly (not to the floor) when the RPMs reach first-gear range, and switch the splitter back to "L," then pull the gear shift into the neutral position and release the clutch. Depress the clutch again, all the way, and push the gear shift into first, as you release the clutch.
This is called double-clutching, and it's necessary because you can't split between low and high on the splitter while you're in neutral, meaning that you have to toggle from "H" back to "L," then shift into neutral, then operate the clutch again to get it into first. It's a lot of work.
Continue this pattern through the first half of the gears. After you shift into 1-L you can flip the high/low switch up into the high position, continuing to accelerate and continuing this basic pattern through the upper gears. Repeat the previous steps through 1-H, 2-L, 2-H, 3-L, 3-H, 4-L, and 4-H. To make the half steps, continue pushing the splitter button, releasing the accelerator, pushing in, and releasing the clutch. Switch over to fifth gear when you're ready. With the splitter switch in “L," flip up the range selector to 5-H, which will allow you to avoid grinding gears when you switch back into the first position. This is absolutely essential. Switch the range, then double-clutch-shift back to where 1 was before, and it will be fifth gear. Continue shifting through the higher gears. The basic principles now repeats itself. Continue shifting and toggling between "L" and "H," shifting up through 5-H, 6-L, 6-H, 7-L, 7-H, 8-L, and, finally, 8-H.
Learn more from this;
Deletehttps://www.youtube.com/watch?v=XPu5H-c6_Ps
Ian Watson Driving School (Brisbane)
http://www.ianwatsonsdrivingschool.com/heavy-rigid/
Rasika, my apologies. I had a printing mistake with the D double and B double. You are correct, it is B double. ST Truck driver explains it perfectly for beginners as like you. If you want to hear learn how to drive trucks, that video is also perfect and exactly correct. But after few months experience,and skill you don't need to press the clutch every time to change the gears. Please watch these videos carefully and see how the driver changes gears without using the clutch to press down
Deleteplease watch
https://www.youtube.com/watch?v=KKVl7ceirV4
I got my B doubles crash box[ HR open] license in the early 90s through the Australian national driving school.
This comment has been removed by the author.
ReplyDeleteපිට පිට දෙවරක් කෑම සීමා කිරීම ගැන පෝස්ට් දැමීම නිසා , මට නං හිතෙන්නේ රසික බඩ අඩු වීම ගැන සතුටු වුවද, නැති වූ පාන් සැප ගැන දුක්වන බවයි.
ReplyDeleteමං දන්න පූසෙක් හිටියා. හොඳ මහත-දෙහත සතා. පාන් බාගයක් දුන්නාම හිමි හෙමින් සීරැවට ගිලිනවා, අපි කිව්වෙ පාන් බාස් කියලා. මේ සාවියෙ පාන් වර්ග ගොඩක් තියනවා. මට නම් හොඳම ඉතාලි, නැත්නම් පෘතුගීසි පාන් වර්ග. ඉඩෝරෙට අඩිය ඉරි තලපු වේලිච්ච වැවක් වගේ පිට කබොල්ලක් තියන පාන් ජාතියක් තියනවා, ක්‍රස්ටි බ්‍රෙඩ් වගේ නමක් තියෙන. ආන්න ජන්සන් :)
දැන් ඉතිං රසික කියයි" ඉතිං මට පාන්ද?" කියලා :)
දැන් ඉන කීයද 30 ද? සතියේ දිනවල දුප්පත් ආහාර වේලක් ගෙන සති අන්තයේ බුරිය උල්වෙනකම් කන ක්‍රමයක් ගැන කියෙව්වා මතකයි. ඒක දොස්තර ඇට්කින් ගේ ක්‍රමයද, නැත්නම් පැෂන් මොඩ්ල්ස්ලා අනුගමනය කරන ක්‍රමයද කොහෙද? කොහොමත් බත් හෝ පාන් (පිෂ්ඨය) අඩුකරන එක හොඳයි.
- බත්කන බස්සෙක්-
ඊයේ තිබුණේ වෛද්‍ය උපදේශය ගැනකි. උදේ පාන් කෑම අඩුකීරීම ගැන කතා කළේ මීට මාස කිහිපයකට කලිනි. මේ තුන්වෙනි ලිපියයි!
Deleteබත්- මේ දිනවලට වැඩිපුර රතුබත්. ගෙදර තමයි, කඩවල රතුබත් නැත!
ඔය චිලී ටූනා එක ඇතුලෙ තියෙන මිරිස් කරලත් පැණිරසයි නෙව.අලේ මංදා.... ඔහොම කන එකට පෝස්ට් දාල මදි.තෑග්ගකුත් දෙන්න වටිනවා නෙව.කෑවා කියලා දැනෙන්න එපැයි...
ReplyDelete-බත් කන ගස්ලබ්බෙක්-
ජයවේවා..!!
මිරිස් කරල සැරය. සමහරදාට මට දාඩිය ද දමයි!
Deleteදවසක් මම දිවා ආහාරයට ටූනා කනවා දැක්ක පරිසර හිතකාමී මිතුරියක් අවවාද කලේ ඒ වෙනුවට වෙන මාළු වර්ගයක් ආදේශ කරගන්නා ලෙසයි...මට මතක හැටියට එයාගේ තර්කය වුනේ ටූනා කියන්නේ බොහොමයක් සාගර ජීවින්ගේ ආහාර දාමයේ පුරුකක් නිසා වැඩියෙන් ටූනා ඇල්ලීමට අනුබල දීමේන් සාගර ජීවීන් රැසකගේ ජීවිත අවදානමට ලක්වෙනවා වගේ කතාවක්...
ReplyDeleteටූනා කෑන් එකේ පියන ඇරගන්න වෙහෙසෙමින් හිටි හින්දා මට විස්තර අහගන්න බැරිවුනා.. :D
මෙහේ නම් තියෙන්නේ ඇදලා ඉරලා ගන්න ජාතියේ පියන් තියෙන ටින්
Deleteඔව්... ඒවා අරිද්දි මටනම් තුන් ආකාරයකින් ප්‍රවේසම් වෙන්න ඕනේ...
Delete1. ඇඟේ ඉහිරෙන්නේ නැති වෙන්න
2. මේසේ ඉහිරෙන්නේ නැති වෙන්න
3. අතේ ගෑවෙන්නේ නැති වෙන්න...
මේවනවිට සංරක්ෂණය කලයුතුයි නම්කර ඇත්තේ බිග් අයි ටූනා නොහොත් ඇස් ගෙඩියන් විතරයි. කොහොම උනත් උන්ගේ මසේ මේදය වැඩි නිසා කෑන් කරන්න ගන්නෙනෑ. 100%ක් ම කෑන් කරන්න ගන්නෙ යෙලෝ ෆින් ටූනා විතරයි. උන්ව දඩයම් කිරීම ආහාර දාමවල පැවැත්මට හානියක් නෙමෙයි.
Delete//ජීවිතයෙන් අවුරුදු දාසයක් ම පූර්ණකාලීනව හෝ පශ්චාත් උපාධි පරීක්‍ෂණවල නිරතවෙන අතරතුර අර්ධකාලීනව හෝ විශ්ව විද්‍යාල දේශකයෙකු ලෙස මා සේවය කර තිබුණ ද, තවමත් කිසිදු බීමක හෝ කෑමක ජීවිත කාලයේ කෝටාව සහමුලින්ම අහවර වී නොමැත.//
ReplyDeleteඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙන බවද?
//රසික ගේ ඩී-කන්ස්ට්‍රක්ටඩ් සැන්ඩ්විච්//
මමත් ගොඩක් වෙලාවට කන්නේ ඔය ජාති ටිකේම මිශ්‍රණයක්. කෘටන් වෙනුවට පාන් කෑලි කඩල දාගන්න එක හොඳ අදහසක්.
//නමුත්, පසුගිය කාලය තුළ මගේ ස්කන්ධය නම් බොහෝ දුරට සංස්ථිතිව පවතී!//
මුළු බර අඩු නොවුනත් වේස්ට්ලයින් එකේ මේදය අඩුකර ගැනීම ශරීර සෞඛ්‍යයට විශාල බලපෑමක් (හොඳ අතට) කරයි.
//ජීවිතකාලයේ කෝටාව කලින් ම අවසාන වීම වළකා හැකිතාක් දුර පවත්වා ගෙන යෑම සඳහා යම් යම් ආකාරවල සීමා කිරීම් කිරීමට//
මේ කෝටාව පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල ලෙස වෙනස් වේ. අවාසනාවට මටනම් අපේ පවුලේ ඉතිහාසය අනුව ඇත්තේ අඩු කෝටා එකකි. ඒ නිසා 'කෝටාව කලින් ම අවසාන වීම වළකා හැකිතාක් දුර පවත්වා ගෙන යෑම සඳහා' වැඩිපුර කැපකිරීමක් කිරීමට සිදුවේ.
දේශක රැකියාව සහ කෝටා සහසම්බන්ධය n=1 (මනෝරත්න ගේ චරිතය) ට සත්‍ය වේ.
Deleteකාබ්ස් අඩු කරන එක හොඳටම හොඳයි. මාත් ටුනා කන්න ආස උනත් දැන් සාගර දුෂණය නිසා උන්ගේ රසදිය තැන්පත් වෙන ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ නිසා නිතර ටුනා කන්න එපා කියල කියනවා නේද?
ReplyDeleteහැම කෑමකටම හොඳ සහ නරක දෙකම අඩු වැඩි වශයෙන් ඇත.
Deleteමා ටූනා ග්‍රෑම් 95 ක ටින් එකක් (දියර හැර ග්‍රෑම් 70 ක් විය යුතුයි) කන්නේ සතියක වේල් විසි එකකින් හතරකට පමණි. නිවසේ දී කන්නේ මාළු නම් සැමන්ය. ඒත් වැඩිපුර රූට කන්නේ මස් වර්ගයි.
රසදිය ඇතුළු බැර ලෝහ එකතුවීම සිද්ද වෙන්නේ දිගු ජිවිත කාලයක් හිමිවෙන ස්වෝඩ් ෆිෂ් (සප්පරා), මාලින් (කොප්පරා) වැනි මාළුන්ගේ විතරයි. සාපේක්ෂව ඉතා කෙටි ජීවන කාලයක් හිමි කෙලවල්ලන්ගේ බැරලෝහ එකතුවීමක් සිදුවෙන්නෙ නැහැ සහ එහෙම එකතු උනත් වෙන්නේ මිනිස් සිරුරට අහිතකර 1ppm (මාළු කොටස් මිලියනයකට බැරලෝහ කොටස් එකක්) කියන ප්‍රමාණයටත් ඉතා අඩුවෙන්.
Deleteරතු මාලු ටූනා කෑම පොඩ්ඩක් අඩු කලා මගේ කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩි උනු නිසා,ඒත් ආයෙත් නෝමල් කර ගත්තා අමාරුවෙන්,,
ReplyDeleteටූනා අපිට නම් ගොඩක්ම එන්නෙ ඔලීව් ඔයිල් වල අසුරපු ටින්
හදවත් රෝගවලට මාළු තෙල් හොඳය කියති.
Deleteරසික අදමයි දැක්කේ පාන් කෑලි කඩලා සලාද එකට දානවා. හෙට ලන්ච් එකට ට්‍රයි කරන්න පුළුවන්. හැබැයි ඔය චිලි ටුනා එක මෙහෙ නැහැ. රසික සෑහෙන්න හොඳ healthy diet එකක් ගන්නේ. ගෙදරින් කෑම ගෙනිච්චේ නැත්නම් ඉතින් මම කන ඒවා ගැන ලියන්න ලැජ්ජයි. කොලෙස්ටරෝල් පිරිලා.
ReplyDeleteපාන් තරමක් ටෝස්ට් කර දාන්න. සුප්වලට croutons දැම්මා වගේය!
Deleteබලාගෙන රසික, ටින් කෑම වල BPA තියෙන්න පුළුවන්.
ReplyDeleteඒ ගැන සොයා බලා වැඩ කරන ආයතනයක් තියෙනවා.
Deletehttp://www.foodstandards.gov.au/consumer/chemicals/bpa/Pages/default.aspx
ඔච්චර දඟලන්න ඕනද පාන් කන්න. පරිප්පු හොද්දක් නැත්නම් පොල්සම්බලක් තිබුනොත් අපිට ඇති. පාන් කියන්නේ මගේ නම් ප්‍රධාන වෙල් අතර ගන්නා කෑමක්
ReplyDeleteදිගටම පරිප්පු කනු මැනවි!
Deleteරසික,
ReplyDeleteඉතා හොද ආහාරවේලක්, පසුගිය කාලයේ කලිසන් කීපයක් මට තද විමේදී තමයි වැටහුනේ ආහාර පාලනය කලයුතු බව, දැනට මාසයක් පමණ ආහාර වෙල් 1 ට සීමාවූ මට සතුටින් පැවසිය හැක්කේ නැවත පරණ කලිසන් ඇදීමට හැකිවීමයි. දැන් වෙල් 2 ට සිමා කරන අතර බත් ඉතා කුඩා ප්‍රමාණයකුත් එළවලු වැඩියෙනුත් ආහාරයට ගනිමි. මටනම් මහත අඩුකර ගතහැකි එකම විදිය ආහාර පාලනයයි.
මගේ අරමුණ තියෙන ඇඟ අඩු කර ගැනීම නොවේ.
Delete//ජීවිතයෙන් අවුරුදු දාසයක් ම පූර්ණකාලීනව හෝ පශ්චාත් උපාධි පරීක්‍ෂණවල නිරතවෙන අතරතුර අර්ධකාලීනව හෝ විශ්ව විද්‍යාල දේශකයෙකු ලෙස මා සේවය කර .. //
ReplyDeleteඒ කියන්නෙ කැලණිය විශ්ව විද්‍යාලයට පොල්ල තියල පැන්නට පස්සෙ වෙනත් විශ්ව විද්‍යාලයක හරිහමං ජොබ් එකක් කලේම නැද්ද ?
අපිට මෙහේ වෙළදපොලේ මිල ගන්න එක්ක ගත්තාම කැලරි අඩුවෙන් කොලස්ටරෝල අඩුවෙන් ආහාර ගන්න එක සැර වියදම් වැඩක්..ඒක දරන්න අමාරුයි..
ReplyDeleteඉතිං මම පොඩි තීරණයක් ගත්තා මාසෙට දවස් හතරක් වීකන්ඩ් වල ගෙදර ගිහින් අපේ පොල් කෑල්ලෙ වැඩ ටිකක් මහන්සිවෙල කරන්න.... මේ මාසෙ දවස් හතරක පොල් පෝර ටික දාගත්තා.. දැන් අපේ ජනාදිපති තුමා ග්ලයිපොසේට් ඇතුලු ප්‍රබල වල් නාශක තහනම් කරල නිසා මට ඕවර් ටයිම් එකට වැඩි ගානක් යනවා වල් නාශක ගන්න.. ඒ නිස ඕවර් ටයිම් ටික ලමේක්ට කරගන්න කියලා ගෙදර ගිහින් වල් ටික උදලු ගාන්න පුලුවනි..
සතියකට පැය දාසයක් විතර බොහොම මහන්සිවෙන වැඩපල වල නිරත වෙනෝ නම් ඇගටත් සනීපයක් දැනෙනවා.. සමහර විට දොස්තර උපදෙස් අනුව යම් යම් ගැටලු ඇති..ඒත් අපේ පැත්තෙ එලෝලු වවන ගොයි මහත්වරු අතර බෝ නොවන රෝග බොහොම අඩුයි... අපි කොළඹට වෙල කකා බිබී ඉදලා තා අවුරුදු පහ හයකින් බේත් වලට ලොකු ගානක් යට කරනවාට වඩා මාසෙට දවස් 4-5ක් ගෙදර ගිහින් මහන්සිවෙල වැඩක් පලක් කරන එක හොදා කියල මට හිතුනා..