Showing posts with label හේමාල් ජයවික්‍රම. Show all posts
Showing posts with label හේමාල් ජයවික්‍රම. Show all posts

Friday, 23 August 2019

සමකාමී බඹරෙකුට ගැයෙන ගීයක් - A song about a gay bumble bee


මා විසින් 2006 දී පද රචනා කෙරුණු මේ ගීතය මුලින්ම සංගීතය මුසු වී ගායනා කෙරුණේ ඊට වසර හතරකට පසුව ය. එය මා මිත්‍ර හේමාල් ජයවික්‍රමගේ මුල්ම ස්වීය ගීතය විය.

පසුව 2019 මාර්තු මාසයේ දී නිකුත්වුණු "සදා ඔබෙයි මා" නම් හේමාල්ගේ ගී එකතු සංයුක්ත තැටියට මේ ගීතය ද අඩංගු විය.

මුලින් ම ගීය අසමු.



මෙන්න පදමාලාව.

රෝස මලේ නුඹ නාඬන්නේ
රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?
කුමටද දුක් වන්නේ?

නයන පිනන රුවිනි සපිරි රුසිරූ
නිබඳ සුවඳ දසත විහිදි මියුරූ
මලෙක විලස නුඹ සඳෙකි සරා සොඳුරූ
කිමද රොනට නොම ඇදෙන කරුණ බඹරූ

රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා
වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?
කුමටද දුක් වන්නේ?

සොඳින සිරුර සුවඳ දියර නහවා
සිනිඳු සළුව කිඳුරු ලෙසින පොරවා
බඹර තුඩග රස විඳින බඹරු පතලා
කුමන පලද නුඹ මෙලෙස කඳුළු සලලා


ගායනය- හේමාල් ජයවික්‍රම
තනුව- සිසිල් ෆොන්සේකා
සංගීත සංයෝජනය- විශාරද ඉන්දු ප්‍රේමතිලක
පදවැල- රසික සූරියආරච්චි

(image: Hemal Jayawickrama)