Wednesday 24 December 2014

සත්‍යප්‍රසාද් ගේ සත්‍ය ප්‍රකාශ - Political statements by Dr. I.M.S. Sathayaprasad


පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන සත්‍යප්‍රසාද් මගේ හොඳ මිතුරෙකි.

මෙය අහම්බයෙන් ඇරඹුණු අමුතුම ආකාරයේ මිතුරු කමකි.

මා ඔහුව මුලින් ම දැක හැඳින කතා බහ කළේ පුංචි බොරැල්ලේ චාරිකා ලර්නර්ස් ආයතයේ බංකුවක ඉඳගෙන මෝටර් රථයක් පැදවීමට වාරය එනතුරු බලා සිටි විනාඩි පහක පමණ කාලයක දී ය.

මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධරයෙකු වන සත්‍යප්‍රසාද් සහ මට පොදු යහළුවන් කීප දෙනෙකු ම සිටින නිසාදෝ, එදා ඒ අහඹු කෙටි හමුවීම, ඉන් වසර පහලොවකට පසු ෆේස්බුක් හරහා නැවත හමුවී හිතවත්කමක් ඇති කරගන්නට තරම් ප්‍රභල ලෙසින්, අප දෙදෙනා ගේ ම මතකයේ රැඳී තිබුණි.

ඒ මුල් හමුවීමෙන් පසු, මා ඔහු හමුවී තරමක හෝ කතා බහක යෙදී ඇත්තේ පසුගිය අප්‍රියෙල් මාසයේ එක් දිනයක දී පමණක් වුවද, ෆේස්බුක් තුලින් නම් මට ඔහුව නිතර හමුවෙයි.

දේශපාලන වශයෙන් තරමක හෝ සංවේදී මනසක් ඇති ඕනෑම අයෙකු කරන්නාත් මෙන් සත්‍යා ද, අද ලංකාවේ දේශපාලන වටපිටාව ගැන තමන් ගේ අදහස් ෆේස්බුක් ගිනුමේ සටහන් කරයි.

අද මා රසිකොලොජිය කියවන අය අතර බෙදාගන්නට සිතුවේ සත්‍යප්‍රසාද් විසින් නොබෝදා ලියන ලද ප්‍රධාන ප්‍රකාශන තුනකි.


මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 1

අද සිට මහින්ද රාජපක්ෂ ජනපති පදවියෙන් පහ කළ යුතු වන්නේ ඇයි දැයි යන්න හේතුවෙන් හේතුව සඳහන් කරන්නට මම කැමැත්තෙමි. සමහරවිට ජනපතිවරණය ආසන්න වනවිට මෙසේ අදහස් දැක්වීමට මට ඉතිරි වී ඇති එකම මාධ්‍යය වන වත් පොත ද ඒ සඳහා භාවිතා කරන්නට හැකිවේදැයි සාධාරණ සැකයක් අප බොහෝ දෙනෙකුට ඇති හෙයින් කලින් ම මගේ අදහස් දැක්වීම පටන් ගැනීම සුදුසු යැයි මම සිතමි.

මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් දැනටම දන්නා පරිදි මා රැකියාවක් ලෙස කරන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව ඉගැන්වීමයි. මේ නිසා මුලින් ම මගේ වෘත්තිය සහ රැකියාවට, එනම් සිවිල් ඉංජිනේරු වෘත්තියට සහ විශ්ව විද්‍යාල අධ්‍යයන ක්ෂෙත්‍රයට බලපාන ගැටලු කිහිපයක් ගැන කතා කරන්නට කැමැත්තෙමි.

රාජ්‍ය දේපල බලයේ සිටින දේශපාලකයන් විසින් සිය මැතිවරණ ව්‍යාපාර සඳහා යොදා ගැනීම සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් අපට තිබේ. කවදා මේ තිරිසන් සිරිත ඇරඹුණේ දැයි මා පැහැදිලිව නොදන්නා නමුත් ඒ 1970 දශකයෙන් පසුව විය යුතුයැයි සිතමි. එසේ වුවත් මෑතක් වනතුරු ඒවා හොරෙන් සිදු කරන ලද හුදෙකලා සිද්ධීන් කිහිපයකට පමණක් සීමා විය. බොහෝ විට මේවා සිදු කෙරුණේ ලංගම වැනි ආයතන වල සේවක වෘත්තීය සමිති හරහාය.

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂෙත්‍රයට සමීපව මා කටයුතු කර ඇති දශක තුනකට ආසන්න කාලය තුළ කිසිවිටෙක ඉංජිනේරුවන් වෙත පාලනාධිකාරය විසින් එළිපිට මැතිවරණ කටයුතු වල නිරත වන ලෙස නියෝග කර තිබෙන බවක් මා අසා නැත. මෑතක දී අන්තර්ජාලය හරහා සංසරණය වූ එක් වීඩියෝවක දැක් වුණු මාර්ග සංවර්ධන අධිකාරයේ සේවකයකු පෝස්ටර් අලවමින් සිටින දර්ශනය මා දුටුමුත් එය කිසියම් දේශපාලන හිතවාදී සේවකයකු ගේ ක්‍රියාවක් පමණක් විය යුතු යැයි මම සිතා සිටියෙමි. එහෙත් අද මට දැනගන්නට ලැබුණු පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු විධායක ඉංජිනේරුවන් වෙත පෝස්ටර් 60,000 බැගින් යවා ඒවා ඇලවීමට නියෝග කර තිබෙන බවත් තවමත් වෘත්තීය සදාචාරයක් ඉතිරිවී ඇති අධිකාරියේ ඉංජිනේරු වෘත්තීය සමිතිය ඒ ගැන මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කර තිබෙන බවත් තමාගේ වෘත්තියට අදාළ නොවන කටයුතු වලින් බැහැර වන ලෙස ස්වකීය සාමාජිකත්වයට දන්වා තිබෙන බවත් දැනගතිමි. (මේ ලිපියේ පිටපතක් මා සතුව තිබෙන නමුත් එය මේ සමග දැක්වීමට ඉදිරිපත් නොවෙමි.)

ජේ ආර් ගේ සිට චන්ද්‍රිකා දක්වා කිසිම ජනපති වරයකු විසින් නොකළ පරිදි නිර්ලජ්ජිත ලෙස රාජ්‍ය සේවයට ඇඟිලි ගැසීමට සහ රාජ්‍ය දේපල පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීමට මහින්ද රාජපක්ෂ විසින් ක්‍රියා කර ඇත්තේ මේ ආකාරයෙනි. මේ කරුණ පමණක් වුව ඔහුගේ අපේක්ෂකත්වය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කිරීමට මට සෑහේ.

දශක සතකට ආසන්න කාලයකට පෙර මෙරට ජනතාව දිනාගත් නිදහස් අධ්‍යාපන අයිතිය නොවන්නට අද මා'තින් මේ ලිපිය නොලියැවෙන්නට බොහෝ ඉඩ තිබිණ. ගතවූ කාලය තුළ මෙරට ජනතාව තුළ ඉහළ විශ්වාසයක් තැබුණු රාජ්‍ය ආයතන අතර අධිකරණය, මැතිවරණ දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව ආදිය සමග විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ද විය. සරසවි පිවිසුම නම් දේශපාලන අතපෙවීම් වලින් නිදහස් තැනෙකැ'යි අපි සිතා සිටියෙමු. මින් පෙර පැවැති කිසිම රජයක් සරසවි පිවිසුම් තෝරාගැනීමේ ක්‍රියාවලියට අත පෙවීමට බිය විය.

මෑතකදී නාමල් රාජපක්ෂ විසින් එක් අපේක්ෂිකාවකට 'සානුකම්පික ලෙස සලකා' විශ්ව විද්‍යාල පිවිසුමට වරම් ලබා දෙන ලෙස ඉල්ලා උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ අනුමැතිය ඇතිව කෙරුණු ඉල්ලීමකට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් රුහුණු විශ්ව විද්‍යාලයයට යැවුණු ලිපියක් අපට දැක ගන්නට ලැබිණි. සරසවි අයදුම් කරුවන්ගේ 'සානුකම්පික ඉල්ලීම්' සලකා බැලීමට විනිවිද පෙනෙන ක්‍රමවේදයක් කොමිසමට තිබේ. ඒ ගැන නාමල් රාජපක්ෂ හෝ වෙන කිසියම්ම අයෙකුගේ රෙකමදාරුවක් අවශ්‍ය නොවේ. මේ රටේ රාජ්‍ය සේවයේ සාමාන්‍ය විනය සහ සදාචාරය මේ තරමට පිරිහුණු කාලයක් තවත් නම් නොවීය.

ජීවිතයේ ඉතිරි ටික කාලයත් මෙරටම ගතකරන්නට ඉටාගෙන සිටින අපට මේ රට සදාචාරයෙන් සහ විනයෙන් යුතු තැනක් කරන්නට දැඩි උවමනාවක් ඇත. දූෂණයෙන්, බලය අනිසි ලෙස යෙදවීමෙන් පිරුණු මේ ගමන නවත්වන්නේ නැතිව එය කළ නොහැකිය. අලුතෙන් එන රජයක් හදා ගන්නට පෙර මේ ජනධිපතිවරයා ගෙදර යැවිය යුතුය. අනෙක් පාර්ශ්වයන් ගැන වග කියන්නේ කෙසේද යන්න මම පසුව පැහැදිලි කරන්නට කැමැත්තෙමි.

මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.


මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 2

මීට කීප දිනකට පෙර පුරවැසි බලය වෙනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායක අදහස් දැක්වූ කෙටි වීඩියෝ පටය ඔබ බොහෝදෙනෙක් දකින්නට ඇත. එහිදී ඔහු සඳහන් කල මෑතකදී පාසල් සිසුන් රැසක් ඉදිරියේ 'ධවල භීෂණ' රඟ දැක් වූ අවස්ථාවක ඇති වූ සිද්ධිය මගේ හිත කීරි ගස්සන්ට සමත් විය. යුද ජයග්‍රහණ, අති විශාල යටිතල පහසුකම් සංවර්ධනය ආදියේ අවසන ජාතියක් හැටියට අප අත් පත් කරගෙන ඇති සමාජමය දියුණුව මේ උදාහරණයෙන් හොඳ හැටි නිරූපණය කෙරේ. උඩින් හුදු ජාති වාත්සල්‍යය සේ හැඟවෙන, එ නමුත් එහි සෙවනැල්ලට මුවා වී ඉස්මතු කෙරෙන, එකෙක් පාගා අනෙකා ඉස්මතුවීමේ මහ ජාතියේ අධිපති වාදය (සහ ඊට සුළු ජාතියේ ප්‍රතිචාරය) ද, සදාචාර වර්ධනය වෙනුවට අන්ධ ලෙස ආගම් ඇදහීමද ආදී වශයෙන් තමන් විසින් තමන් ම රවටා ගැනීමේ පුහු ආකල්ප ද නිසා අද අප නතරවී ඇති තැන මෙතැනයි.

මෙහි කූට ප්‍රාප්තිය නම් තමාට, තම ඇමති මණ්ඩලයට හෝ තම රජයට කිසියම්ම හෝ විනයක් ඇතැයි තමන් කරන කියන දෙයින් පෙන්නුම් නොකරණ පර්සි මහේන්ද්‍ර ජනාධිපතිවරයා මෑතක දී තම මැතිවරණ වේදිකාවක දී ජනතාවට විනයක් ඇතිව වැඩ කළ යුතු බවට, ඇඳුම් ද ඇඳගෙනම, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට යෙදීමයි.

දූෂණය, බලය අනිසි ලෙස යෙදවීම, අනිසි පක්ෂපාතිත්වය ආදිය සිදු වූ පලමු ආණ්ඩුව පර්සි මහේන්ද්‍ර රජය නොවේ. එහෙත් මෙතරම් විවෘතව, නිදහසේ, මේ සා විසල් පරිමාණයෙන්, මේ සිදුවනු අපි මීට පෙර දැක නැත්තෙමු. මෙතෙක් කල් බොහෝ විට ඒවා සීමා වූයේ මූල්‍යමය වංචා සහ හිත මිතුරන්ට කෙරුණු පක්ෂග්‍රාහී අනුග්‍රහය දැක්වීම් වලට පමණි. එහෙත් අවකල් ක්‍රියාවන් ලෙස සමාජයේ සම්මත ස්ත්‍රී දූෂණ, මිනී මැරීම්, මත් ද්‍රව්‍ය ජාවාරම් ආදිය රජයේ මැති ඇමතින් විසින් කරනු ලැබීමත් පාලනාධිකාරය විසින් ඒවා නෑසූ කන් ව සිටීමට අමතරව සමහර අවස්ථාවන්හි දී ඒවා සාධාරණීකරණය කිරීමත් පොලිසිය සහ අධිකරණය විසින් ඒ සම්බන්ධ පැමිණිළි විභාග කිරීම ප්‍රමාද කිරීම, අතපසු කිරීම හා මුළුමනින් ම අත් හැර දැමීමත් නම් පසු ගිය දශකය තුළ ඇතිවූ ප්‍රවණතාවයන් ය.

මේ නිසා බලය ඇත්තෙකුට අපරාධ කිරීම සාමාන්‍ය දෙයකැ'යි ද, (යුද්ධය දිනූ නිසා හෝ 'දේශප්‍රේමී' රජයට සහයෝගය දක්වන නිසා) එසේ කිරීමට ඔවුනට අයිතියක් ඇතැ'යි ද කිසියම් අපරාධකරුවකුට බලය ඇති පුද්ගලයකු ලවා තමාට ඇති චෝදනා අහෝසි කරවා ගත හැකැ'යි ද, එවන් අපරාධ අබියස නීතිගරුක රට වැසියකුට කළ හැක්කේ මුනිවත රැකීම පමණකැ'යිද කියා සිතන සමාජයක් අද ඇතිවී ඇත. මෙය විශේෂිත තත්ත්වයක් නොව සාමාන්‍යය බවත් අපට ඒත්තු ගන්වා තිබේ. මෙවන් සමාජයක් අපවෙත උරුම කර දීමේ තනි වගකීම භාරගත යුත්තේ මර්වින් සිල්වාගේ මැර ක්‍රියා, සාරුවා සුනිල් ගේ ස්ත්‍රී දූෂණ, උසාවියෙන් වරෙන්තු ලබා සිටින සුධර්මන් රදලියගොඩ අත් අඩංගුවට පත් නොවී අරලිය ගහ මන්දිරයේ රැස්වීම් වලට සහභාගි වීම ආදිය කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන ඉවසා බලා සිටින පර්සි මහේන්ද්‍ර නම් තනි පුද්ගලයාය.

අද වන විට මේ 'සදාචාර සංවර්ධනයේ' ඵල පාර්ලිමේන්තුව, පලාත් සභා, ප්‍රාදේශීය සභා විනිවිද පොදු මහජනතාවගේ සාමාන්‍ය ජීවිතය තෙක් විහිදී ඇත. ධර්මසිරිගේ නාට්‍යය අතරමැද 'රිදුණද?' කියා අසන පාසැල් දරුවා බිහිවන්නේ මෙසේ පාදඩ කරණය, පාහරකරණය කරනු ලැබූ සමාජයෙනි. ඒ පාප කර්මයේ පළමු වග උත්තරකරුවා වන්නේ පර්සි මහේන්ද්‍රයි. විනය යනු සමාජයක ඉහළ තැනින් පටන් ගෙන ආදර්ශයෙන් පහළ ස්ථර වෙත පැතිරවිය යුත්තකි. අද සිදුවන්නේ ජනපති කකුළුවා හරහට යන ගමන් සමාජය කෙළින් යවන්නට තැත් කිරීමයි. එද සමාජයට ඇති ආදරයකින් නොව සිය කටයුතු පහසු කර ගැනීමට පමණක් ම බව වටහා නොගන්නට තරම් අපි බයියන් නොවෙමු.

ජීවිතයේ ඉතිරි ටික කාලයත් මෙරටම ගතකරන්නට ඉටාගෙන සිටින අපට මේ රට සදාචාරයෙන් සහ විනයෙන් යුතු තැනක් කරන්නට දැඩි උවමනාවක් ඇත. ඔඩු දුවන පිළිලයක් සේ, අඬු විහිදාගත් බූවල්ලකු සේ, මුළු මහත් සමාජ දේහය වසාගෙන ඉහළ සිට පහළට පැතිර පවත්නා අවිනීත බව, නොමිනිස් බව හා සදාචාරයෙන් තොර බව මුලිනු'පුටා නොදමාඑය කළ නොහැකිය. අලුතෙන් එන රජයක් හදා ගන්නට පෙර මේ ජනධිපතිවරයා ගෙදර යැවිය යුතුය. අනෙක් පාර්ශ්වයන් ගැන වග කියන්නේ කෙසේද යන්න මම පසුව පැහැදිලි කරන්නට කැමැත්තෙමි.

මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.


මා මහින්ද රාජපක්ෂ පලවා හරින්නට කැප වන්නේ ඇයි? - 3

මේ දිනවල දේශපාලන වේදිකාවෙන් පොදු අපේක්ෂක මෛත්‍රී ගේ අතීත දූෂණ, වංචා සහ බලය අනිසි ලෙස යෙදවීම් ගැන අසන්නට ලැබේ. ඒ එක්කම මෙය පුද්ගලයින් දෙදෙනෙකු අතර සටනක් බවට ඌණනය වී තිබෙනු ද දකින්නට ලැබේ.

අද මෙරට ඇතිවී තිබෙන සමාජමය ගරාවැටීම, නීතිය පිළිබඳ සමාජයේ විශ්වාසය බිඳීයාම, රාජ්‍ය දේපළ ගසා කෑම සාමාන්‍ය කරණය වීම ආදිය පාලකයාගේ පුද්ගල ස්වභාවයට පමණක් ලඝු කිරීමක් කිසියම්ම හෝ සමාජාවබෝධයක් ඇත්තෙකුගෙන් මම බලාපොරොත්තු නොවෙමි. පශ්චාත් 77 යුගයේ දී ජනාධිපති වරයා යන තනි පුද්ගලයා මත පිරිනමනු ලැබූ අධික බල සංකේන්ද්‍රණය විසින් බලය අයුතු ලෙස යෙදවීම වෙත ආකර්ශකයක් (temptation) සැපයුණා. මෙය ජේ. ආර්. ගෙන් පසුව අඩු වැඩි වශයෙන් එක් එක් ජනපති වරයා/ වරිය විසින් අවභාවිත වුවත්, කෘත්‍රිම ලෙස ඇති කරගත් 2/3 ව්‍යවස්ථාදායක බලයත් සමග, අධිකරණයත් තම අණසක යටතේ පවත්වාගෙන, ව්‍යවස්ථාවෙන් ජනපති වරයා වෙත පමුණුවා තිබුණු වාර ගණනේ සීමාවත් ඉවත්කර ගෙන මේ බල සංකේන්ද්‍රණය අතිශය අනර්ථකාරී මට්ටමකට ගෙන ආවේ රාජපක්ෂ විසිනුයි. මෙහිදී පුද්ගල සාධක බල නොපාන බව නොවේ මා කියන්නේ, මෙකී බලය අවභාවිතාව රාජපක්ෂගේ ම වරදක් නොවන බවයි. එනම්, රාජපක්ෂ හෝ මෛත්‍රිපාල යන පුද්ගලයින් දෙදෙනාගේ ගුණ දොස් විවේචනය නිශ්ඵල බවයි.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා මතු වන්නේ මේ සන්දර්භය තුළයි. මෙතැන දී අවධානය යොමු වන්නේ රාජපක්ෂ නම් පුද්ගලයා නොව රාජපක්ෂ නියෝජනය කරන ක්‍රමය වෙනස් කිරීමයි. රාජපක්ෂ විසින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුවීම බලාපොරොත්තු විය නොහැකි වන්නේ ඔහුගේ වත්මන් පැවතීම තීරණය වන්නේත් ඒ සාධක මත නිසායි. මෙහිදී පොදු අපේක්ෂකයාගේ පුද්ගල සාධක ඉස්මතු කරගෙන ඉදිරියට එන්නේ ඔහුට වැඩි ඡන්ද ප්‍රමාණයක් ආකර්ශණය කර ගැනීමේ ශක්‍ය තාවයි. එහිදී පොදු විපක්ෂයේ තේරීම වන මෛත්‍රීපාල නිවැරදි තේරීමක් බව මා සිතනවා.

ඊළඟට වැදගත් වන්නේ මෛත්‍රීපාල හරහා මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ගන්නේ කෙසේද යන්නයි.

මෛත්‍රීපාල උපදින්නේ ම පොදු වැඩසටහන තුළිනි. ඔහු පොදු වැඩ සටහනේ නිර්මිතයක් මිස පොදු වැඩ සටහන ඔහුගේ නිර්මිතයක් නොවේ. මෛත්‍රීපාල දිනුවොත් ඔහුට අවශ්‍ය වන පාර්ලිමේන්තු බලය එක් කර ගැනීමට මේ වැඩ සටහන මෙහෙයවන අනෙක් පක්ෂ වල සහය අවශ්‍යය. මෛත්‍රීපාල ගේ ඡන්ද ව්‍යාපාරයේ මූලිකම ඉල්ලීම ව්‍යවස්ථා වෙනසම නිසා එයින් පළා යාමට කිසිවකුට නොහැකිය. දින සියය වැඩ සටහන යනු ඉතා කෙටි කාලීන සහ නිශ්චිත අරමුණු කිහිපයක් සහිත වැඩ සටහනකි. එහි ප්‍රගතිය ජනතාවට මාස තුනක් තුළ දැකිය හැකිය. ඒ අනුව ඒ එක්කම එන මහමැතිවරණයට පෙර දින සියය වැඩ සටහනේ සාධනීය ප්‍රතිඵලයක් නැතිව ඔවුනට මහ මැතිවරණයට මුහුණ දිය නොහැකිය. මේ අනුව මේ යෝජනාව තුළ ජනතාවට සැපයෙන ආරක්ෂාවක්, සහතික කිරීමක් ඇත. කෙසේ වුවත් ඇතිවන තත්ත්වය දැනට වඩා ජනතා හිතවාදී බව පැහැදිලිය.

මෛත්‍රීපාල ගේ දූෂණ, වංචා ලෙස මේ දක්වා තිබෙන්නේ වෙස්ට්මිනිස්ටර් යුගයේ දකින්නට ලැබුණු වංචාය. (මෙය නිවැරදි බවක් මින් අදහස් නොකෙරේ). මේ එකක්වත් අඩු ගණනේ රාජපක්ෂ මුලින් තේරී පත් වුණු අවධියේ ඔහුට විරුද්ධව තිබුණු 'හෙල්පින් හම්බන්තොට' තරම් වත් ඒවා නොවේ.

මෙරට දේශපාලනය තුළ (හෝ වෙනත් කිසියම්ම රටක දේශපාලකයින් අතර) දූෂණයෙන් තොර දේශපාලකයින් සිටියේ හෝ සිටින්නේ නැත. මේ තත්ත්වය තුළ අප විසින් 'අඩු නරක' තෝරා ගැනීම හැර වෙන විකල්පයක් නැත. මිනිසුන් සුදු හෝ කළු ලෙස විග්‍රහ කිරීමේ ක්‍රමය කෙතරම් අප්‍රායෝගිකද යන්න අප දැන ගත යුතුය. අපට සංසන්දනය කළ යුතුව ඇත්තේ අළු මිනිසුන් ය. එ නිසා මෙවර ජනපතිවරණයේ සැබෑ අරමුණ වන්නේ මෛත්‍රී නම් වූ මිනිසා බලයට ගෙන ඒම නොව මහින්ද රාජපක්ෂ විසින් නියෝජනය කරණු ලබන විෂම පාලන ක්‍රමය වෙනස් කිරීමයි. එය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ පරාජය කොට විපක්ෂයේ පොදු වැඩ සටහන ජයග්‍රහණය කරවීමෙන් පමණි.

මෙවර ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පැරදවීමට මට කළ හැකි සියලු දේ මම කරමි.


සත්‍යා ගේ ඉදිරි ප්‍රකාශන කියවන්නට කැමති අය සඳහා ඔහුගේ වත්පොත් පිටුව මෙන්න.
https://www.facebook.com/ims.sathyaprasad

-රසිකොලොජිස්ට්

(image: http://www.imagesbuddy.com/man-is-by-nature-a-political-animal/)

35 comments:

  1. නුගත් එදා වේල ටුවර්ස් මෝඩ යක්කුන්ට ඔය පොයින්ට්ස් තුනෙන් එකක් වත් වැඩක් නෑ. උදා ඕනේ නම් බ්ලොග් ලෝකර්ධයෙන්ම ගන්න පුලුහන්

    ReplyDelete
    Replies
    1. මාරයා, මැශින් බිජ්ජා, ණය හොරා වගේ උන් වෙන්න ඇති. ඇයි මිරිස් හොරා

      Delete
    2. ඇයි මාතලන් ?

      Delete
    3. ඇයි මකසියා.

      Delete
    4. ඔබත් මමත් අපි හැමෝම තම තම නැණ පමණින් තමයි තේරුම් අරගෙන තීරණ ගන්නේ.

      අප හැමවිටම කළ යුත්තේ සත්‍යප්‍රසාද් මෙන් අන් අයට අපේ අදහස පහදා දීමට තැත් කිරීමයි.

      Delete
    5. මේක කියෙව්වාම අපේ මාරයියා ගැන ඇත්තටම දුක හිතුණා. ඉහළ අධ්‍යාපනයක් ලබීමට අපේ මාරයියාට අවස්ථාවක් නොලැබීම කොයි තරම් අවාසනාවක්ද? අධ්‍යාපනයක් ලැබුවා නම් අපේ මාරයියාත් මේ වගේම කරුණු කාරණා තේරුම් ගන්න තිබුණා. දැන් ඒ මොකුත් නැතුව මහින්ද මාමාට රෙදි නැතුව කඩේ යමින් ඉන්නවා.

      Delete
  2. උගත් අයට වැටහෙන මේ දේවල අපේ රටෙ නූගත් වැඩි පිරිසට තේරුම් ගන්න බැරි එක රටේ කරුමයක්..අපේ රටේ තවමත් වැඩිපුර ඉන්නෙ බත් පැකට් එකට, උදලු තලේට, කතිර ගහන මිනිස්සු..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට සාක්‍ෂරතාවය වැඩියි නේ, ඒ මදෑ!

      Delete
  3. ඇත්ත වශයෙන්ම මහින්ද පරාජය කල යුතුයි , ඔහු රටපාලනය කරන්නේ ඔහුගේම හිතුමතයට මිසක් කිසිම නීතියක් නැත . මේ අවස්ථාවේ මෛත්‍රී දිනවා මේ නොගැලෙපන ව්‍යවස්ථාව වෙනස් කල යුතුමය , අපේ රටේ යහපත් , බුද්ධිමත් , කෙනෙකුට ජීවත් වන්නටම බැරිය , මේ පිරිස රට හැර වෙනත් රටවල පදිංචියට යන්නේ එම රටවල පවතින නීතිගරුක බව ,සැම දෙනාටම එකසේ සැලකීම , තරාතිරමක් නොසැලකීම වැනි ගුණාංග නිසාය , නැතිනම් ඔවුන්ට අපේ රටේද සාපේක්ෂව සැපවත් ජීවිතයක් ගතකල හැකිය .

    ReplyDelete
  4. ඇසේ දමාගත් කන්නාඩියෙ පාටින් ලොව දාර්ශනාය වේ. කොතරම් උගතෙක් වුවත් කන්නාඩියෙන් වියුක්තව ලෝකය දැකිය නොහැකි නම් ඔහු මොඩයකි.
    මෙතන ඈත්තේ 3 පමණි මහින්දට මනාපය නොදීමට තවත් හේතු මට නම් තිබේ. එසේම සිරිසේන උන්නැහෙට මනාපය නොදීමට ඊටත් වාඩා හේතු හේතු මට නම් තිබේ. කෙසේ වෙතත් සිරිසේන උන්නැහේ ජනාදිපති වීම මහින්දට නැවත තනතුර ලැබීමට වඩා රටට විනාශයාක් බැවින් මම මහින්දට චන්දය දෙමි. චන්දය මහින්දට දීමට අකමැති වුවත් ඔහුටම දෙන්නේ සිරිසේන උන්නැහේ පරාජය කල යුතු බැවිනි

    ReplyDelete
    Replies
    1. තම තම නැණ පමණින් තමයි කවුරු කවුරුත් වැඩ කරන්නේ!

      Delete
  5. මහින්දට දිනන්නම ඕනැනම් එයාට පොදු අපේක්ෂකය වෙලා එන්න තිබුනා. මිනිස්සු මාස ගාණක් තිස්සෙ පොදු අපේක්ෂකයෙක් හොය හොයා හිටියෙ. මහින්දට තිබුන අගමැතිට ඇක්ටින් දීල කෙළින්ම විපක්ෂය සහ ජනතාව සමග අත්වැල් බැඳගන්න. එයා කුම්මැහිකමට ඒක කළේ නෑ.

    ReplyDelete
    Replies
    1. නැත්නම් මහින්දට තිබුණා දෙකටම ඉදිරිපත් වෙන්න.
      දැනටමත් හැම එකක්ම තනියම බදාගෙන කරගෙන යන්නෙ.

      Delete
    2. මේ වගේම එළ කතාවක් තමයි අර මහින්ද ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන කියන "අනේ මේ මිනිහා මීට කලින් ඉදිරිපත් වෙලා දිනුවා නම් රට කොච්චර හොඳ එකක් වෙන්න තිබුණාද" කියන කෑල්ල!

      Delete
  6. 2010 පෙර යුද්ධයෙන් පීඩාවිඳිමින් වෙනත් රටකට සංක්‍රමණය වීමට හැකියාව තිබියදී මෙරටේම සිටියෙ රටට සේවයක් කිරීමටම සිතාගෙන නොවුවත් වෘත්තීය ගරුත්වය ආරක්‍ෂාරකගෙන නොනැසී රැකියාව කරගෙන යුද්ධය නිමවනතෙක් ලංකාවේම සිටීම මා ලැබු ජයග්‍රහනයක් ලෙස සැලකුවෙමි. එබැවින් 2010 මා මහින්ද ට චන්දය දුන්නේ අතිශය බලාපොරොත්තු සහගතවයි. එහෙත් පසුගිය වසර පහ තුල මාගේ සියලු සිහින බිඳ වැටුනි . හෙන්චයියන්ට තැනදී අත්දැකීම් ඇති වෘත්තියයන් කපාදමා කරගෙනයන දැවැන්ත මුදල් නාස්තිය සහ දුශනය තවත් නොඉවසමි. ඉවසුවා ඇති. -----වෘත්තීයවේදියෙක්---

    ReplyDelete
  7. The great Black Sinhalese had shown the true character of Sinhalese (that is why we are still suffering like this). What we need to think today is not between Mahainda and Mithree. We want to think on the potential danger at the end of Mahinda's next term. The only way to stop that is what you could not see!

    ReplyDelete
    Replies
    1. Mithree have more potential danger than Mahainda. Therefore at current situation we must select Mahainda. == චන්දය මහින්දට දීමට අකමැති වුවත් ඔහුටම දෙන්නේ සිරිසේන උන්නැහේ පරාජය කල යුතු බැවිනි

      Delete
    2. //එහෙමත් කතාවක් තියෙනවාද? ඒ කියන්නේ ඒ තර්කෙ අනුව සිරිසේන උන්නැහේ ආවාට කමක් නැහැ.//

      ohe me kathwwa upshanthage blog eke haluwe katinda pukenda?

      Delete
    3. //ඒ තර්කෙ// කියන්නේ එතන කතාකරපු තර්කය අනුව පමණයි. සියලු තර්ක යොදා බලන කල එසේ වෙන්නේ නැහැ. පොදු අපේක්ෂකට චන්දෙ දෙන්නේ ඔබ වගේ යමක් තර්කානුකුලව විශ්ලේෂණය කල නොහැකි සම හරක් පමණයි

      Delete
    4. දුෂිතයෙකුට සහයෝගය දක්වන්නේ ද දූෂිතයෙක් ම ය.

      Delete
    5. අනේ පුක කලු සිංහලයෝ ලංකාවෙ ජනගහණය මිලියන 500 වෙන කාලේ මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රතිශතය වැඩි වෙනවා කියපු උඹටද විශ්ලේශණාත්මක හැකියාව තියෙන්නේ? මට පුකෙනුත් හිනා යනවා ඕයි.

      Delete
  8. රසික අයියෙ (අයියෙ කිව්වට කමක් නෑනෙ?), ඔබලාගෙ අදහස් අපි හැකි පමණින් ජනතාව අතරට ගෙනියනවා. ඔබ පමණක් නොව හැම කෙනෙක්ගෙම වැදගත් අදහස් එහෙම ගෙනියනවා පුලුවන් තරමින්. මම කැමතියි සාමාන්‍ය ජනතාවට මල ඇණයක් වුණු මහජන රැස්වීම්/රැලි නැතිව අපේක්ෂකයො රූපවාහිනිය (ජා.රූ./ස්වා.රූ විතරක් නෙමේ) වගේ මාධ්‍ය වලින් සහ කුඩයක් ඉහලගෙන පොකට් මීටින් තියන තත්ත්වයට එනවනම්. අපි කවද හරි ඒ තත්ත්වයට ආවොත් කවුරු නැතත් මම ඔබේ පැරණිම රසිකයෙක් විදිහට ඔබට මැසේජ් එකක් දාන්නම් “රසිකයියේ, ඔන්න අපිත් හරි“ කියලා. එතෙක් අපි “වැරදියි“.

    ReplyDelete
    Replies
    1. එක්කෝ රසික නැති නම් රසිකොලෙජිස්ට් කියා මා අමතන්න.

      එකිනෙකා සමානයෝ නොවී හොඳ සමාජයක් සෑදිය නොහැකිය.

      Delete
  9. Herd mentality/instincts කියන ලෙඩේ හුඟක් ශ්‍රී ලාංකිකයින් අතර තාම උග්‍ර ලෙස පවතිනවා. මං හිතන්නෙ සීඝ්‍රයෙන් පැතිරෙනවා.
    නිදහස් සිතීම හා විශ්ලේශන හැකියාව කියන බේත් තාම අහන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මිනිසා කොහොමටත් සමාජශීලී සත්වයෙක්. ප්‍රජාතන්ත්‍රවාදයේ එක් පදනමක් එයයි. නමුත් නායකයින් සමානයින් ලෙස සලකන්නට බැරි නම් ප්‍රජාතන්ත්‍රවාදයෙන් වන්නේ අවැඩක්.

      Delete
  10. ලන්කාවෙ අපි වෙනස්ලුනෙ. හුඟ දෙනෙක් කැමතියි ජාත්යන්තර කුමන්ත්‍රන වලට එරෙහිව ලොක්කට චන්දෙ දෙන්න.

    ReplyDelete
    Replies
    1. මෝඩකමට බේත් නෑ කියනවානේ!

      Delete
  11. මට දෙමළ යාලුවෙක් හිටිය මිනිහට පඩයක් ගියාම සැන් කුප්පියක් බින්ද වගේ පලාතම සුවඳයි මොකද ඒක දෙමළ පඩයක්නේ
    ඒ වගේම දෙමෙල්ලු කියන්නේ දෙවිවරු උන්ගේ වාක්‍ය දේවවාක්‍ය අපි ‍ඒවා සාධුකාර දී පිලිගත යුතුයි
    මට එක ප්‍රශ්ණයක් තියෙනවා ඔය පුද්ගලයා ඉස්සර මහින්දට චන්දෙ දුන්න කෙනෙක්ද නැත්නම් හැමදාම මහින්දගේ වැරදිම හොයපු කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. @jagath pathirana
      ++++++++++++++++++

      Delete
    2. මොකක්ද මේ දෙමල කතාව?
      සත්‍යප්‍රසාද් ඡන්දේ දුන්නේ කාටද කියන එක ඔහු ගෙන් අසා දැන ගන්න! අදාල විස්තර උඩ ඇත.

      Delete
  12. මහත්මයා, ඔය දෙමළ මිනිස්සු කියන්නේ සිංහලයන්ගේ වැරදි හොයමින් සිංහලයන්ට අපහාස කිරීමෙන් "අස්වාභාවික ලිංගික සතුටක්" ලබන පිරිසක් ඔයාගේ යාලුවත් එහෙම අස්වාභාවික බුවෙක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මා මහත්තයෙකු වීම කෙසේ වෙතත් ඔබ නම් අති ජාතිවාදියෙකු බව පෙනේ.

      ඉඳිගහ මඩිත්තගේ සතින්ද්‍ර සත්‍යප්‍රසාද් නම් මගේ මිතුරාට දෙමල ජාතිකයෙකු යැයි කීම සරල වැරදි උපකල්පනයක් යැයි මදකට අමතක කරමු.

      දෙමල ජාතිකයින් ගැන ඔබ කර ඇති ප්‍රකාශය නම් අතිශය බියකරු එකකි.

      දැන් ඔබ සිහලයෙක් නිසා, ඔබ මේ කර ඇති අති ජාතිවාදී ප්‍රකාශය සෑම සිංහල ජාතිකයෙකුටම සාධාරණීකරණය කර ඔබ මෙයින් ලබන්නට ඇතැයි යම් අයෙකුට උපකල්පනය කළ හැකි "අස්වාභාවික ලිංගික සතුටක්" වෙතොත් එය මූලුූ සිංහල ජනතාව ගැනම චෝදනාවක් ලෙස ඉදිරිපත් කළ හැකිද?

      මේ පවින් මිදී, ඔබට ලබන ආත්මයේ දී වත් හොඳ ජීවිතයක් ලැබේවා යැයි පතමි!

      Delete
    2. ඔයා කියන පුද්ගලයා නමේ හැටියට සිංහල ජාතිකයෙක් වියයුතුයි මොකද ලංකාවේ දෙමළ ජන වාර්ගිකයෝ තමුන්ගේ ලමයින්ට හොම නම් දාන්නේ නෑ. එතකොට ඔවුන් සිංහලයන් වගේ වෙයටි කියලා බයට. එම අතපසුවීම හැර අනෙක් කරුණු එහෙමමයි
      ඔහොම තමයි මනුස්සයන්ට වැරදීම් වෙනවා

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.