Thursday 19 February 2015

අපායේ ඉන්ටර්වල් එක සහ තවත් කතා - Politician in Hell


ඊයේ නුගේගොඩ පැවති මහින්ද රාජපක්‍ෂවාදීන් ගේ රැස්වීමේ දී කතා කළ විමල් වීරවංශ අද ලංකාවේ තත්වය සමාන කළේ අපායේ ඉන්ටවල් එකකට ය.

ඔහු අදහස් කළේ කුමක් වුනත් එයින් ගම්‍ය වුණේ, මේ පවතින සාපේක්‍ෂව හොඳ වාතාවරණය තාවකාලික එකක් බවත්, ලඟඳීම පැන්ෂොන් ගිය යමරජු ප්‍රමුඛ අනෙකුත් යමපල්ලන් පිරිස නැවත කැඳවා පෙර තිබූ පරිදි අපායේ වැඩ කටයුතු අරඹන බවත් ය.

මේ කතාව ඇසූ මට අපාය හා සම්බන්ධ පරණ විහිළු කතාවක් සිහිවිය.

අපායට ගිය දේශපාළුවා

ලංකාවේ විසූ එක් දේශපාළුවෙක් මරණින් පසු පරලොව ගියේ ය. සාමාන්‍යයෙන් පැවසෙන්නේ පරලොවට ඇතුළත් වෙන තැන තුන්මන් හන්දියේ මහා පින්-පව් පොතක් තබා ඇති බවත්, හැම පුද්ගලයෙකුට ම එහි පිටුවක් ඇති බවත්, ඒ පිටුවේ සඳහන් වී ඇති පින්-පව්වල ආනුභාවයෙන් මිය ගිය ඇත්තා එක්කෝ අපායට හෝ නැතිනම් තෝරා යැවෙන බවත් ය.

මෙදින එහි ගිය දේශපාළුවාට අසන්නට ලැබුණේ තරමක වෙනස් කතාවකි.

"කාලෙකට පස්සෙයි ලංකාවේ උඹ තරම් ලොක්කෙක් මෙහේ ආවේ, ඒ නිසා අපි උඹට පොඩි චාන්ස් එකක් දෙනවා, අපායේයි, දිව්‍යලෝකෙයි තත්වය මුලින් ටෙස්ට් කරලා දෙකෙන් කැමති එකක් තෝරාගන්න!" ගේට්ටුවේ ලොක්කා පැවසීය.

අපේ දේශපාළුවාට ඒ යෝජනාවට එක පයින් එකඟ විය.

මුලින්ම අපායට රැගෙන යනු ලැබූ ඔහුට අපායේ මංමාවත් වර්ණවක් කොඩිවලින් සරසා තිබෙනු දක්නට ලැබුණි. තැන තැන ජනයා කමින් බොමින් ගී ගයමින් ප්‍රීතියෙන් සිටියහ. කොටින්ම අපාය කියා හඳුන්වා දුන්නාට දේශපාළුවාට එය දැනුණේ සුරලොවක් ලෙසිනි. ඔහුද පිරිස හා එක්වී සතුටෙන් දවසක් එහි ගත කළේ ය.

පසු දින අපේ දේශපාළුවාව රැගෙන යනු ලැබුවේ දිව්‍යලෝකයටයි. එහිදී ඔහු දුටුවේ සුදුවන් සිල් ඇඳුමෙන් සැරසී බණ භාවනාවෙහි යෙදෙන දෙවි දේවතාවුන් පමණි. තමාට සුපුරුදු සියළු දුසිරිතෙන් මිදී, ඒ පැය විසි හතරක කාලය දේශපාළුවා එහි ගත කළේ මහා කම්මැලිකමකින් බව අමුතුවෙන් කිව යුතු නැත.

අවසානයේ ඔහු යාමට කැමති දෙව්ලොවට ද, අපායට ද යනුවෙන් විමසනු ලදුව අපේ දේශපාළුවා අපාය තෝරා ගත්තේය.

එහෙනෙහිම ඔහුව අපායේ දොර හැර එහි ඇතුලත තල්ලු කර දැමුණි.

ඔහුට දක්නට ලැබුණේ දින දෙකකට පෙර දුටු සුරපුරක් බඳු වූ අපාය නොව ඇත්තටම අපායකි. මිනිසුන් දුක් විඳින කටු ඉඹුල, ලෝදිය හැලිය යනාදී සියළු දේ ක්‍රියාත්මක වෙමින් තිබුණි.

දේශපාළුවා වහාම යම පල්ලෙකුට පැමිණිලි කළේය. "මං දවස් දෙකකට කලින් මෙහේ පැය විසි හතරක ටුවර් එකක් දැම්මා. එතකොට තිබුණු අපාය නොවෙයි නේ මේ තියෙන්නේ! ඇයි මොකද වුණේ?"

"මොකුත් වුණේ නෑ, එදා උඹ මෙහේ ඇවිත් තියෙන්නේ අපේ ඉලෙක්ෂන් කැම්පේන් එක කාලෙයි. ඊයේ තමයි ඡන්දේ තිබුණේ. උඹ අපායට ඡන්දේ දුන්නු හින්දා තමයි මෙහෙට එවලා තියෙන්නේ. වෙල්කම් ටු ද හෙල්!" කියු යමපල්ලා අපේ දේශපාලකයාව ලෝදිය හැලියට තල්ලු කර දැම්මේ ය.

-රසිකොලොජිස්ට්


(image: http://www.cartoonstock.com/directory/f/from_hell.asp)

36 comments:

  1. // ඊයේ නුගේගොඩ පැවති මහින්ද රාජපක්‍ෂවාදීන් ගේ රැස්වීමේ දී කතා කළ විමල් වීරවංශ අද ලංකාවේ තත්වය සමාන කළේ අපායේ ඉන්ටවල් එකකට ය. //
    සිඩ්නි වල ඉන්න අයත් නුගේගොඩ මීටින් එකට ගියාම සෙනග හිටියේ නැහැ කියන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. මෙන්න ප්‍රශ්න , හරි දෙන්නකො පුලුවන්නම් ඔය චේද දෙකට තනි උත්තරයක්. නැත්නම් කකා අලුත් පන්තියට පාස්වෙලා දින 150 යන්නත් ඉස්සර ෆේල් .

      Delete
    2. උපුටා දක්වා ඇති ප්‍රකාශයෙන්, ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ කොහොමද?

      Delete
    3. මා නම් රැස්වීිමට ප්‍රායෝගිකව ගියේ නෑ. යූ ටියුබ් එක හරහා විනාඩි කිහිපය බැගින් නැරඹුවා මිස.

      සෙනග නම් සෑහෙන්න හිටිය බව දුටුවා.

      මා ඔය කුඩා පිටියේ නරඹා තියෙන්නේ රැස්වීම් දෙකයි. එකක්, 1988 බස් වඬැඩ වර්ජනය අස්සේ ජවිපෙ එකක්. අනික 1994 ඡන්දෙදී චන්ද්‍රිකාට සහය දෙන කලාකරුවන් ගේ එකක්. ඔය දෙවෙනි එකේ තමයි කාලෝ ෆොන්සේකා ගිනිගෙන දැවෙන ගෙයි උපමාව සහිත කාලාම සූත්‍රයේ කතාව කියනවා මං මුලින්ම ඇහැව්වේ.

      Delete
    4. ඇයිබන් මේ යහ පාලන ගොන් බ්ජ්ජෝ කට අරියෝත් කෙබෙර කෙලින්නේ,??

      අපායේ ඉන්ටවල් කිව්වේ රනිලගේ යම පාලනේ ඉන්ටවල් එක දැන් හින්ද,
      කොතමල්ලි උම්බලකඩ ඉන්ටවල් දැන් හින්ද,
      10000 දීමනා ඉන්ටවල් දැන් හින්ද,
      රොබින් හුඩ් පන්නයේ අයවැය වල ඉන්ටවල් දැන් හින්ද,
      පස්සේ එන්නේ ගිස්බන් ෂෙරිෆ් ටයිප් අයවැය හින්ද,
      බටලන්දට ඉන්ටවල් දැන් හින්ද,
      ජෝන් අමරතුංගට ඉන්ටවල් දැන් හින්ද,
      පාලිත තෙවරප්පෙරුමට ඉන්ටවල් දැන් හින්ද,
      යුඑන්පියේ මැරයන්ට් ඉන්ටවල් දැන් හින්ද,
      රවී කරුනානයකට හොරා කන එකේ ඉන්ටවල් දැන් හින්ද,
      ෆෙඩරල් රාජ්‍යයේ ඉන්ටවල් දැන් හින්ද,
      කොටින්ම මෝඩ චුන් යම පාලනේ ඉන්ටවල් දැන් හින්ද

      විමල් කල සම්පුර්ණ කතාව

      විනාඩි කීපයක් බලල කෙප්ප කෙලින්න එපා මුළු කතාවම බලන්න

      Delete
    5. /* ඔහු එයින් අදහස් කළේ කුමක් වුනත් එයින් ගම්‍ය වුණේ, මේ පවතින සාපේක්‍ෂව හොඳ වාතාවරණය තාවකාලික එකක් බවත්, ලඟඳීම පැන්ෂොන් ගිය යමරජු ප්‍රමුඛ අනෙකුත් යමපල්ලන් පිරිස නැවත කැඳවා පෙර තිබූ පරිදි අපායේ වැඩ කටයුතු අරඹන බවයි! */

      Delete
  2. විමල් කිව්ව වගේ දැන් තියෙන්නෙ අපායෙ ඉන්ටවල් කාලය වෙන්න පුළුවන්, නොවෙන්නත් පුළුවන්..... හැබැයි එක දෙයක් නං සහතිකේටම කියන්න පුළුවන්. කලින් තිබුන අවීචි මහා නරකාදියට වඩා දැන් අපාය හොඳයි.

    ReplyDelete
    Replies
    1. //දැන් අපාය හොඳයි.//

      පෙරලුන පිට හොඳයි කියනවා ....

      හැබැයි රාජ් ට නං UNP ලිස්ට් එකෙන් ඉල්ලල්ල තියෙන ප්‍රමෝෂන් එක ලැබෙයි.
      බඩගොස්තරේට නේ මේ ඔක්කොම කුඩුකේඩු කං...

      අනිත් නොතේරෙන එවුන්ට නං අපාය ලැබෙයි අප්‍රේල් UNP ආණ්ඩුව ආවම.
      ඔක්කොම සහන දුන්නේ එක වරක් පමණක් ගහපු බදු වලින් නේද ?
      එන අවුරුද්දේ සහන දෙන්නේ රාජ් ගේ පොකට් එකෙන් ද ? :p

      Delete
    2. //පෙරලුන පිට හොඳයි කියනවා ....//

      ඊට වඩා නිවැරදියි, "හොඳ පිට පෙරලගත්තා" කිව්වා නම්.

      Delete
    3. යහ කියන්නෙ හොඳ නේද? හොඳ සාපේක්ශයි. සංසන්දනාත්මකයි.
      තිබුන රජ පාලනයට වඩා මේ පාලනය ටිකක් හොඳයි. ඒ අර්ථයෙන් මේක යහ පාලනයක්.

      Delete
    4. අර කණාමැදිරි බ්ලොග් එකේ කෙනෙක් අහපු ප්‍රශ්ණයකට මම දුන්න උත්තරය මෙතනට අදාල නිසා කෙලිම්ම කපලා අලවනව.


      පුකේ ලයිට් මොකාට උනත් ඔන්න මං නං අයිති;

      ගීද මෝපෙසාං ලියූ මහල්ලා සහ මුහුද කියැවූ,

      ඩලස්ට වගේම ලංකාවෙ මජර දේශපාලනය තිත්තවෙලා ඇමරිකාවෙ පුරවැසි බව ගත්තු

      ඔලිම්පික් මෙඩල් ගහපු එකාව දාල හරි ගමේ අවුරුදු උස්සවේ දිනාගන්න ට්‍රයි කරන විමලගෙ සෙට් එකටට එකතු වෙච්චි,

      අවුරුදු 20ක් තිස්සෙ ගිලල ගිලලත් මදිවෙච්චි රෝහිත, සරණ සෙට් එකට සපෝට් කරන,

      සූඩානෙ, කොංගෝවෙ වෙච්චි දේ දැක් දැකත් චීනෙ එක්ක ඩීල් දාල හොඳට ජරාව කාල නරකට පාරවල් හදන්න ගත්තු,

      උඩු රැවුල සහ ගුරු සාටකේ දාපු උත්තම පුරිස ගනයට.

      ප/ලි

      ඇයි අවුල්ද? අපාය කියන්නෙ එහෙම ඒව වෙච්චි තැනක් නෙමෙයිද?

      Delete
    5. ඌරන්ට මොන සවුක්කිය ද කීවලු නේ! ගු ගොඩටමයි හිත යන්නේ!!

      Delete
  3. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැත..
    මමත් ලියන්න ඉන්නේ දේශපාළණ විස්ලේසොනයක්..
    මේ දවසවල පොඩ්ඩක් බිසි..
    මාතලන්ගේ පෞද්ගලික වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටනකට අවතීර්න වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. මොනා හරි ගේමකටනම් විසිල් එකක් ගහපන්...අපි සඩ් ගාලා එතන හරිය...
      කෝකටත් ඉවසිල්ලෙන් ඕක බේරගන්....
      හැමෝටම එක විදියට බෙදලත් බෑ මචං..
      ඕල් ද බෙස්ට් එනිවේ...

      Delete
    2. ///මාතලන්ගේ පෞද්ගලික වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටනකට අවතීර්න වෙලා ඉන්නේ..///

      මේකනම් ෂුවර් එකටම ගෙදර ගෑණි එක්ක දා ගත්තු කේස් එකක් වෙන්න ඕනේ.
      උඹ අහල නැද්ද ගෙදර ගිනි පිටට දෙන්න එපා කියන කතාව. ඉහ නිකට පැහිච්ච උඹලටත් මේවා කියල දෙන්න උනානේ අපිට... ;-)

      Delete
    3. මාතයියා අපිත් බහිනවා ඔන ගේමකට...
      විසිල් එකක් ගෑහැහැව්වනම් අපි එතන..

      Delete
    4. @ mathalan ඇයි ලංකා පුත්‍ර බැංකුවේ දෙවෙනි මැනේජර් කම ඉල්ලා සිටීමද? කැහැපුවට ඒ මදිනේ අනේ?

      Delete
    5. මාතලන්,

      පුද්ගලික අයිතිවාසිකම් ද, වෘත්තීය අයිතිවාසිකම් ද?

      වෘත්තීය අයිතිවාසිකම් නම් ඒ වෘත්තියේ යෙදෙන සියළු දෙනාටම අදාල විය යුතුයි.

      කෙසේ වෙතත්, ජයවේවා!

      Delete
  4. බුහ් හහ් හා...............
    උඩ රාජ් අය්ය කියල තියෙන දේ නං සැටිපිකේට් ඇත්ත ඈ

    ReplyDelete
  5. විමලසේන කියන විදිහට මහින්ද කියන්නෙ යම රජතුමා අපිට අවුරුදු 2 කට කලින්ම ඉන්ටවල් දුන්න.

    ReplyDelete
  6. අනේ ඒ මල පෙරේත යකාට වඩා යක්කු හොඳයි.ඔව්වා සෝඩා බෝතල් රැස්වීම්.මහින්දවාදීන්ට පොඩි ආතල් එකක් ගන්න හොඳයි.

    ReplyDelete
  7. උඹල මෙතන බයිලා ගහනවා. අන්න අරෙහෙ ගහපු ටැක්ස් වැඩ කරනවා.

    කීල්ස් සහ ෆුඩ් සිටි වලින් 6% ක බද්දක් ගහනවා කියලා උන් දැන් කෙලින්ම ඒ 6% බෝතල් වලට එකතු කරලා ගාන වැඩි කරලා. බාර් එකට වෙනම ගහපු බද්දත් කොටස් වලට බෙදලා බෝතල් වලට එකතු කලාලු.
    කලවම් නැති අරක්කු බොන්න තිබ්බ තැනටත් කෙළඋනා.

    මම වෙනදට 1400 ගානකට ගත්තු බෝතලේ ගිය සතිය වගේ වෙද්දී 1560 ක් උනා.
    ඊයේ බලද්දී ඒක 1670 ක් වෙලා.

    200 ට තිබ්බ ලොකු බියර් ටින් එක කලින් සතියෙ 210 ක් උනා. ඊයේ වෙද්දී ඒක 225 ක් වෙලා.

    අර 6% අනිත් බඩු වලට එකතු කලේ නැහැ කියල උන් කියනවා. ප්‍රායෝගිකව එහෙම වෙන්න බැහැ. මොන විදිහකින් හරි ඒක අපිටම තමයි ගෙවන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මචං බදු නැති බඩු තියෙනවා....ඕනිම නං හලාවත පැත්තේ ජොයින්ට් එකේ කෝර්ඩිනේට්ස් එවන්නං...

      Delete
    2. ඔි..යෙස්..බ්‍රෑන්ඩ් එක එහමම ඉතුරැයි..

      Delete
  8. මේ සෙනගත් අර සිලෝන් ටකරං බස් වලින් ගෙනාපු අයද (බත් පාර්සලයයි වතුර බෝතලයයි දීලා) නැත්නම් අතින් කයිට් සෙට් එකක්ද?

    ReplyDelete
  9. සාමාන්‍යයෙන් කෙනෙකුගේ මගුලට නොගියත්, මළගමට පිරිසක් එකතු වෙනවා , කෙනෙකු හදිසි අනතුරකින් මියගියොත් ඊටත් වඩා සෙනගක් එකතු වෙනවා , මොකද බලාපොරොත්තු නොවූ දෙයක් නිසා , මහින්ද මියයාමත් හදිසියේ බලාපොරොත්තු නොවූ වෙලාවක සිදු වුනේ , ඉතින් ඒ මළගමට , නැතිනම් පින්කමට සෙනගක් එකතු වීම ලොකු දෙයක් නොවේ , තුන්මාසේ දානේ දුන්නම සේරම ඉවරයි .අප්‍රේල් 9දා තුන් මාසේ දානේ දුන්නම හැමෝටම මතක නැති වෙනවා .

    ReplyDelete
    Replies
    1. මෙන්න ටිකක් හැලිලෝ...

      Replies

      AnonymousFebruary 19, 2015 at 7:32 AM
      මැරුණේ තොපේ අප්පනේ. ඒ මලෙත් දැන් උඹල නිදි වදින්න හදන හුඇන්පී කාරයෝ අතින්මයි කියල දැන් තොපිට අමතකද

      ජෙප්පෝ ගෙන්නයි උඹල වගේ මැටි මෝල්ලු දෙතුන් සීයක් මිටිමකට.
      ඊට එහා දෙයක් අර ඇස්ගෙඩි බොල්ලට කරන්න බැහැ.
      මමත් මුලින් ජන්දෙ දුන්නා ඕකුන්ට.
      පස්සේ බැලුවම උන්ට මෙලෝ වැඩක්බැහැ.
      ඕකුන් වඩා සුදුසු හැමදාම විපක්ෂේ ඉඳගෙන අනිත් උන්ව විවේචනය කරන එක විතරයි.
      වැව් 1000 ක් හාරන්න බාරගෙන කෙලෝගත්තා මතක නැද්ද.

      කට විතරයි, ඕකුන්ට වැඩක් කරන්න මොලේ නැහැ.
      තොටත් සමහර විට එහෙම වෙන්න ඇති.


      AnonymousFebruary 19, 2015 at 8:32 AM
      මේ මහින්දවාදියගේ රචනා විලාසයෙන්ම පෙනෙනවා , කොපමණ දුරට අනාත වෙලාද කියලා , දැන් කප්පන් ගන්න , අවස්තාවක් නැතිව ඇති .


      AnonymousFebruary 19, 2015 at 8:42 AM
      AnonymousFebruary 19, 2015 at 8:32 AM

      අප්‍රේල් වෙනේකම් හිටු කව්ද අනාථ වුනේ කියල පෙන්නන


      AnonymousFebruary 19, 2015 at 9:21 AM
      ඇනෝ @ AnonymousFebruary 19, 2015 at 8:32 AM
      එතකොට ඔහේ කියන්නේ ජෙප්පෝ වෙනුවෙන් කුළියට මළ ගෙවල් ගැන කතා කරපු ඇනෝ(AnonymousFebruary 19, 2015 at 5:13 AM) කතා කලේ උණ විකාරෙන්ද.
      ආපහු ඇනෝ ඇවිත් මහින්දවාදීන් ගැන කතා කරන තමුන් 88-89 දී ජෙප්පෝ මිනිස් ජිවිත වලින් සහ මිනිස්සුන්ගේ සල්ලි, රත්තරන් බඩු කොල්ලකාපු ඒවා දන්නේ නැති හුජ්ජ කොල්ලෙක්ද.
      කප්පන් ගැන කතා කරන්නේ කොහේ තිබ්බ කප්පමක්ද. හීනෙන් කියවනවද.
      එහෙම නැත්නම් උඹ ඉන්නේ අංගොඩද, පිස්සු කියවන්නේ.


      AnonymousFebruary 19, 2015 at 9:25 AM
      ජවිපෙත් ඔතනම චදෙට පස්සෙ රැස්වීමක් තිබුනා. බස් එකෙ යන ගමන් මම අහම්බෙන් දැක්කා රැස්වීම තියෙනවා. මිනිස්සු 100ක් ඉන්න ඇති. ජවිපෙට එදා වගෙ බිම්මට්ටමෙ හයියක් නෑ. හයිය තියෙන්නෙ නාගරික එජාපෙ උන් අතර විතරයි. ඒකත් ෆෙස්බුක් එකෙ ලයික් එකක් දාලා චන්දෙ දෙයි රනිල්ට.


      AnonymousFebruary 19, 2015 at 9:36 AM
      AnonymousFebruary 19, 2015 at 9:25 AM ඇනෝ,
      පට්ට කතාව මචං. මමත් වාහනේ යන ගමන් ඔය කියපු මිටීම දැක්කා. උඹ කිව්වමයි මතක් උනේ.

      Delete
  10. දිව බොරු කියන්නේ නෑලු.. විමල් ට සිරිසේන ගොයිය, සිරිසේන මහත්තයා වෙලා ඔබ තුමා වෙනව දැක්ක්මනම් හිකෙන් පුනා..

    ReplyDelete
  11. ඇත්තටම මේ ටික දෙනාට වුවමනාවක් තියනවද (විමල් වාසු උදය ඇතුලු මුලිකත්වය ගත් අය) මහින්ද අගමැති කරන්න? එහම නැත්නම් කවුරැන් හෝ ඒ අයව මෙහෙයවනද?
    අන්තිම මොහතේ මහින්ද කිව්වොත් මම ආය ක්‍රියාකාරි දේශපාලනයට එන්නෙ නෑ කියලා මේ රැලියට ගිය අයගේ දේශපාලන අනාගතය කුමක් වෙයිද?

    සංවාදය සදහා විවෘතයි.

    ReplyDelete
  12. විධායක බලය ජනාධිපතිගෙන් ඉවත්කරන සංසෝධනය දැන්ම ගෙනෙන එක නුවනට හුරු නැත. එසේ ගෙනාවත් එය අහෝසිවන දිනය වත්මන් ජනපතිගේ ධුරකාලයෙන් පසු බලාත්මක වෙනලෙස වගන්තියක් ඇතිකල යුතුය. නැත්නම් මහින්ද පාර්ලිමේන්තුවට තේරීපත්වී දුශිතයන් ආරක්‍ෂාකරන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම වැලැක්විය නොහැක.

    ReplyDelete
  13. ඔය රැස්වීමේ සංවිධායකයන්ගෙන් අහන ප්‍රශ්න 10 ක් තිබුනා. අන්න ඒ ප්‍රශ්න 10 ඔය රැස්වීමට ගිය සම (සෑම) හරක්ගෙන්ම අහන්න ඕනේ. මෙන්න මෙතන තියනවා ප්‍රශ්න දහය.

    http://www.w3lanka.com/2015/02/blog-post_53.html

    ReplyDelete
    Replies
    1. මතක ඇතුව කොමෙන්ට් ටිකත් කියවන්න හොදේ

      Delete
  14. අප්‍රේල් වෙනකොට දැන් ඔලුවෙන් හිටගනිල්ලා කියයිද?

    ReplyDelete
  15. අපායයි ඉන්ටවල් ඒකයි ගැන කිව්වාම කතාවක් මතක් උනා.. ඔය විදියටම අපායේ දඬුවම තෝරාගන්න දුන්නලු ආපු බුවාට. අපි කියමුකෝ මිනිහ වීරවන්සම කියල. ඔන්න දැන් වීරවංස යනවලු ලේසි දඬුවමක් තෝරාගන්න. ලෝදිය හැලිය, කටු ඉඹුල ෆුල් අමාරුයිනේ. ඔහොම බලාගෙන යනකොට දකිනවලු මිනිස්සු සෙට් එකක් අසූචි වලක දණක් එරෙනකල් බැහැගෙන ඉන්නවා. යමපල්ලෙකුත් ඉන්නවලු ගොඩට වෙලා. වීරවංස පටස් ගාල කිව්වලු මේක තෝරගන්නවා කියල. හා හා එහෙනං බැහැපන් කියල දැන් වීරවංසවත් බැස්සුවලු. විනාඩි 5ක් යන්න හම්බුන් නෑ යමපල්ල කියනවලු " හා හා , ඉන්ටවල් ඉවරයි දැන් ඉතිං ඔලුවෙන් හිටගනිල්ල" කියල.

    ReplyDelete
  16. සියළු දෙනාටම ස්තුතියි.

    මේ උපහාස කතාවෙන් අපට කියන්නේ අපායේ ඉන්ටවල් එක යනු ඇත්තටම මැතිවරණ ප්‍රචාරක කාලය බවයි. ඡන්දේ අවසාන වී ආණ්ඩු පිහිටවූ පසු ඒ මවා පෑ ලෝකය බිඳ වැටෙන්නට පටන් ගනී.

    ReplyDelete
  17. චන්දෙ තියල මාස එකහමාරකට පස්සෙ පැරදිච්ච අපේක්ෂකයට තියන ජනබලය ගැන කතා කරන එතේ තේරුම මොකක්ද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.